• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Stand up 2019


    ගූගල් පරීශිලක දර්ශකය  87%


    IMDB  5.9/10



    මේ චිත්‍රපටය මළයාලම් සිනමාවේ බිහිවු විශිෂ්ඨම නිර්මාණය නොවෙන්න පුළුවන් එත්, ගිය වසරේ මලයාලම් සිනමාවේ කාන්තා හිංසනය ගැන බිහිවු සාර්ථකම චිත්‍රපටය කියන්න පුළුවන්.


    මම ඔයාගෙන් අහනවා මේ ලොකේ සුන්දරම නිමවුම මොකක්ද කියලා.ඔයා එක එක දෙවල් කියයි.මම කියනවා මේ ලොකේ සුන්දරම නිමවුම තමයි කාන්තාව. ඇගේ කුස තමයි මේ ලොකේ තියෙන උණුසුම්ම තැන.ඇය නැත්නම් අද මේක ලියන මමවත් මෙක කියවන ඔබවත් නැ. කෙල්ලෙක්ට ආදරය දුන්නොත් එයා අපිට තව ජීවිතයක් දෙනවා.යශෝදරා වගේ මහා උත්තමියන් බිහිවෙන්නෙත් කාන්තාවක් නිසා.මේ ජීවිතයේ අපිට වැරදුන වෙලාවට අපි ලග හිටියේ අපේ අම්මා. ඇයත් කාන්තාවක්. අපි කොච්චර කාන්තාවන්ට ගරුත්වය ගැන  කතා කරත් සමහර වෙලාවලදී ගැහැණු තරම් හිතින් විදවන කොටසක් නැති ව ඇති.කොල්ලෙක්ට යන්න හිතෙන ඕනම තැනක යන්න පුළුවන්.එත් කෙල්ලෙක්ට එහෙම බැ මොකද කෙල්ලොන්ට අල්ලා ගන්න ගොඩක් උම්මත්තකයෝ බලාගෙන ඉන්නවා.කොල්ලෙක්ට ජිවිතය වැරදුනොත් එක එක දෙයක් විතරයි.එත් කෙල්ලෙක්ට ජිවිතය වැරදුනොත් එක මුලු ජිවිත කාලයටම බලපානවා.කෙල්ලෙක් තමන්ගේ හදවතේ තියෙන ආදරය , සෙනෙහස කොල්ලෙක් එක්ක බෙදාගෙන මුලු ජිවිත කාලෙම එයා එක්ක ඉන්න ඇගිලි ගනිනවා.ඒත් ඒ අතරින් සමහරක් කොල්ලෝ ඒ කෙල්ලගේ ජීවිතය විනාශ කරලා යන්න යනවා.එදා ඉදන් ඒ කෙල්ල විදවනවා.මේ සප්ත මහා සාගරය තරම්.ඉතින් අද ඇයි මම මේ වගේ දෙවල් කතා කරන්නේ කියලා ඔයා හිතනවා ඇති.එකට උත්තරය ඔයාට මේ කතාව කියවාගෙන යනකොට හම්බෙයි කියලා මම හිතනවා.

    දියා කියන්නේ ගොඩක් විනොදයෙන් ජිවත් වෙන කෙල්ලෙක්.කෙල්ලෙක් උනාට එයාට ආසායි කොල්ලෝ වගේ ඇවිදලා කරලා සතුටින් ඉන්න.දියාගේ ජිවිතය පවා ගොඩක් සරළව වගෙම අස්සනට තමයි ගලාගෙන යන්නේ.ඒ අතරේ දියාගෙ හදවතටත් ආදරය එකතු වෙනවා.මෙච්චර කාලයක් තනියෙන්ම හිටිය අමල් මෙයාගේ ජිවතය ආදරයෙන් පුරවන්න එකතු වෙනවා.මෙහෙම කාලයක් ගත වෙනවා.දවසක් එක රාත්‍රීයක දියා ගොඩක් ලොකු අනතුරකට ලක් වෙලා රෝහල් ගත වෙනවා.මෙච්චර සතුටින් කාලය ගත කරපු දියාට එක පාරටම මොකද උනේ කියලා තමයි මේ කතාව තුලින් ගලාගෙන යන්නේ.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ කීර්තී කියලා ගැණු ළමයෙක් කතාවක් ඉදිරිපත් කිරිමට පටන් ගන්නවත් එක්කයි.මේ කතාව ඉතාමත් සිත් ඇද ගන්නා විදියට ඉදිරිපත් කිරිම නිසා නරඹන අපවත් ඒ තුලින් චිත්‍රපටයට ඇද ගනු ලබනවා. කීරීතී ගේ කතාව මගින් චිත්‍රපටයේ ප්‍රාදාන චරිත නරඹන අපට හදුන්වා දෙන්න නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා. මේ මොහොතේ ඉතාමත් සතුටු සිතින් සිටින අපව දෙවන දර්ශනය තුලින් යම් තරමක් නොසන්සුන් කරවනවා.එක පාරටම තරුණ  පිරිමි දෙන්නෙක් කෙනෙක්ව රෝහලට එක්ක එනවා.

    ඒ කවුද?

    ඇයි එක්ක ආවේ කියලා නිර්මාණය කරුවා අපට කිසිම තොරතුරක් මුලදි ලබා දෙන්නේ නැ. එත් සමග නැවත කිර්තිගේ කතාව එක්ක චිත්‍රපටය ගලාගෙන යනවා. පලවෙනි විනාඩි විස්සකට ආසන්න කාලයක් පුරාවටම කතාවේ චරිත හදුන්වා දෙමින් ඔවුන්ගේ ආකල්ප සිතුම් පැතුම් හා මේ චරිත අතර ඇති සම්බන්දකම් ගැන කතා කරනවා.ඒ සමග චිත්‍රපටයට ඉතාමත් හොද වගෙම පැහැදිලි  ආරම්භයක් ලබාගෙන තියෙනවා. ඉන් පසු රෝහල් ගත කළ රෝගියා හා කිර්තිගේ කතාව අතර දොලනයක් පෙන්නුම් කරනවා.එය අතීත කතාවක් හා වර්තමාන කතාවක් අතර ගැලපිමක් විදියට තමයි නිර්මාණ කරුවා අපට පෙන්වා දෙන්නේ. මේ වෙනකොට නරඹන කෙනා හට කුතුහලය නිර්මාණය තුලින් ලබා දීලා තියෙනවා.එය හැගීම් වලට හරවමින් ඩියා හා අමර් අතර ලස්සන ආදර කතාවක් නිර්මාණ කරාලා දෙනවා.

    මේ සම්පුර්ණ ආදරය කතාව ස්භාවික මලයාලම් පරිසයත් එක්ක එකතු කරගෙන කෙටි ගීතයක් තුලින් පමනක් ඉදිරිපත් කිරිම නිසා එය නරඹන අපගේ හදවතටම කා වදිනවා.ඉතාමත් උසස් මට්ටමේ රූප රචනයක් අඩංගු වන ආකාරයට නිර්මාණය කරලා තියෙන කොටස් නිසා ඔවුන්ගේ  ආදරය අප ද විදිනවා කියලා මට හිතෙනවා. ඒ වගෙම එක් අවස්තාවක් එකතු කළ රූප රචනා ගීතය තුළ නැවත වරක් එකතු නොකර සිටිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.ජිවතයේ සමහර කෙනෙක් විනොදය සදහා චාරිකා යෑමට  ආසා කරන අතර එහිදි අපට මුහුන දෙන්න සිදුවන සිදුවිම් ද මේ ගීතයට එකතු කරලා තියෙනවා.

    ඒ හිතේ තිබ්බ සුන්දර  හැගිම යටපත් කරමින් රොහලට ගෙනා රෝගියා වෙනින් කවුරුත් නොව දිය බවට නිර්මාණ කරුවා අපට හදුන්වා දෙනවා.සිහිය නොමැති කම නිසා ඇයගෙන් කිසිම දෙයක් දැන ගැනීමට  නොහැකි වෙනවා. ඒ සමග මේ සිද්දිය ගැන සේවිමට පොලිසියට බාර දෙනවා.එතන් පටන් පළවෙනි හොරාව අවසන් වෙන තුරුම මේ කතාව තරමක් රහස් පරීක්ෂක කතාවක් විදියට තමයි ගලාගෙන යන්නේ.එය ඉතාමත් රසවත් වගේම සිත් ඇද ගන්නා සුළු විදියට නිර්මාණය කරලා තියෙනවා. පළවෙනි හොරාව අවසන් වෙනකොට අපට මේ කතාවේ මුලික අරමුණ  ගැන නිර්මාණ කරුවා පහදී අවසන් වෙනවා.

    ඒ සමගම දීයාට සිහිය එනවා.ඇය බරපතල ලෙස ලිංගික හිංසනයට භාජනය වෙලා කියලා නිර්මාණ කරුවා ඉතාමත් සංවේදී දර්ශන එකතු කරමින් පෙන්වා දෙනවා.එම අවස්තාවේ දියාගේ යෝනී විවරයට යම් කිසි උපකරණයක් යොදා ඇගේ යෝනීය පිළිබද පරික්ෂණයක් කරනවා.එහිදී ඇය වේදනා විදින ආකාරය ඉතා සියමු ලෙස නිර්මාණය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා.එය බලන ඕනම කෙනෙක්ට නෙතට කදුලක් එකතු කරනවා  කෙසේ හෝ කාලයත් එක්ක දීයා කායිකව සනීප වෙලා ගෙදර එනවා.එත් ඇය මනසින් ගොඩක් දුරවල තැනක තමයි ඉන්නේ.මනසේ ඇති වෙන වේදනවා නිර්මාණ කරුවා එක් ගීතයක් තුලින් සාර්ථක ලෙස ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඒ සියුම් තැන් ටිකක් මම ඔයාලා එක්ක බෙදා ගන්නම්.

    ඇයට ටොයිලට් යන්න බැ වේදනාව, නිදා ගන්න බැ සිදු උන දෙවල් මතකයට නැගෙනවා, කන්න බැ  ජීවිතයේ අප්පිරියා වෙලා, මේ ඔක්කටම විසදුම මරණයනම් එය තොරා ගත්තත් එයටද හිත දෙන්නේ නැ.ඒ වෙදනාව දුක අඩලා අඩලා නවතිනවානම් නවත්වනවා. එත් බැ  මොනවා කරන්නද? මොනවා හිතන්නද? ඇයට තෙරෙන්නේ නැ  

    සියල්ල සිදු වී හමාර වූ විට ඇය සියල්ල පොලිස් ඉහල නිලදාරීයෙක් ඉදිරියේ පවසනවා.එම දර්ශන තුලින් ඇය එහිදී මානසිකව නිළදාරියා ඉදිරියේ අපහසුතාවයට පත් වන ආකාරය ඉතාමත් හොදින් බලා ගැනීමට  හැකියාවක් ලැබෙනවා.එපමනක් නොවේ ඇය පලමු වරට දූෂණය වීමිදී ඇයට දැනෙන ලිංගීක වේදනාව ඉතාමත් සියුම්ව හා විශිෂ්ඨ ලෙස නිර්මාණය කරලා තියෙනවා.එම නිසා බොහො විට මෙය තාත්වික සිදුවිමක් විදියට අපිට බලාගන්න පුළුවන්.නමුත් කිසිම නිරුවත් දර්ශනයක් ඇතුලත් කර නොතිබිමත් විශේෂ ලක්ෂණක් කියලා කියන්න පුළුවන්.( කාන්තා හිංසනය දඩුවම්  ලැබිය හැකි වරදකි.)

    මේ සියල්ල අවසානයේ ඇය ජීවිතය ජය ගන්නවා.ඇය සියලු ප්‍රශ්න විසදා ගන්නවා.මෙය සමස්ත කාන්තාව පරපුරටම පණිවිඩයක් දිමට සමත් ඌ සාර්ථක චිත්‍රපටයක් විදියට කියන්න පුළුවන්.

    චිත්‍රපටයේ කෙලින්ම අපට පණිවිඩ ලබා දෙන සිදු විම් කිහිපයක්ම තියෙනවා.

    මේ සියලු සිදු විම් සිදු වෙනකොට කීරීතී තනිවම දියා වෙනුවෙන් සටන් කරනවා.ඒ තුලින් කාන්තාවක්ගේ හැගිම් හා කාන්තාවකගේ යුක්තිය වෙනුවෙන් තවත් කාන්තාවක් සිටින බවට නිර්මාණ කරුවා අපට පෙන්වා දෙනවා.

    එනෙනම දියා ලගින් ඇසුරු කළ සූජිත් දියාට සහය දෙනවා.ඒ තුලින් සමාජයේ සියලුම පිරිම් අයහපත් අය නොවන බවට පෙන්වා දී තියෙනවා.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ විදු වින්සන්ට් විසින් වන අතර ප්‍රදාන චරිත විදියට රජීෂා විජයන්, නිමීෂා සජයන් හා මදතිල් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය මිනිත්තු 118 පුරාවට නරඹන පුළුවන් වෙනවා.චිත්‍රපටය  2019 දෙසැම්බර් 13 වන නිකුත් කළ අතර මේ චිත්‍රපටය ඉතාමත් ලස්සන මළයාලම් ගීත කිහිපයකින් අලංකාර වෙනවා.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan