Posted by : Tharuka Niroshan
Friday, November 27, 2020
Awe 2018
ගූගල් පරීශිලක දර්ශකය 92%
IMDB 7.8/10
දූරං ගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා.
" දුර ගමන් යන, හුදෙකලාව හැසිරෙන, සිරුර නැමති ගුහාවේ වාසය කරන, සිත යමෙක් සංවරය කරයි ද, ඔවුුහු මාර බන්ධනයෙන් මිදෙනවා"
"ඔබත් මමත් නොසිටි කාලයක් හෝ අප නොනැසී පවතින කාලයක් නොතිබුණි"
පුංචි දරුවෙක් මවු කුසෙන් එලියට ඇවිත් ලොකය දකින්න පුරුදු උන දවසේ ඉදන් ඒ දරුවාගේ මනස විවිද අරමුණු එක්ක ගැටෙනවා.පුංචි ළමයි මල් වගේ මේ පුංචි මල් වලට දෙමාපියන් ගුරුවරුන් පාට එකතු කරනකොට තවත් කෙනෙක් මේ මල් පිපෙන්න කලින් තලලා පොඩි කරලා දානවා. අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් ආපු දවසේ ඉදන් ඒ අම්මා තරහව පාලනය කරලා සිතිවිලි හොදින් තියා ගන්න උත්සහ කරනවා.එකට හෙතුව වෙන්නේ ඇයගේ කුසේ ඉන්න දරුවා ගුණ යහපත් දරුවෙක් වෙන්න ඕන නිසා කියලා මට හිතෙනවා.පුංචි දරුවෙක්ට කුඩා කාලයේ දරා ගන්න පුළුවන් දේවල් වගේම බැරි දෙවලුත් තියෙනවා.පුංචි කාලේ ළමයෙක්ට හොදින් අකුරු ඉගෙනීමට කියලා දුන්නොත් එයා හොදින් එක ඉගෙන ගන්නවා.ඒ වගෙම මේ පුංචි දරුවාට කුඩා කාලෙම මනසට නරක විදියට බලපෑම් කරොත් ඒ හානිය මේ දරුවාගේ මුලු ජිවිත කාලෙටම තියෙනවා.ඒ නිසාම ඒ දරුවා සාමාජයට පිලිලක් වෙන කෙනෙක් විදියට හැසිරෙන්න පටන් ගන්නවා.ගහක් උනත් ඇදෙට යනවානම් එක මුල් කාලෙම හදන්න ඕන.ලොකු වෙලා හදන්න ගියොත් ඒ ගහ කපලා ඉවත් කරන්න වෙනවා.ඉතින් ඇයි අද මම මේ දෙවල් කතා කරන්නේ කියලා ඔයාට හිතෙනවා ඇති.අද මම කතා කරන්න යන්නේ මනස ගැන කතා කරන ලස්සන නිර්මාණයක් ගැන.
කාලි කියන්නේ ගොඩක් ලස්සන ඒ වගෙම ගුණ ගරුක කෙල්ලෙක් ජිවතයේ විවිද අවස්තාවල එකතු උන ලස්සන හා දුක් බර හා අසුන්දර මතකයන් නිසා ඇයගේ ජිවිතය වෙනස් වෙනවා.ඒ වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ කතාව පුරාවටම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය තුලින් මානසික සෞඛ්‍ය ගැන කතා කරන අතර මේ කතාවේ ප්‍රදාන චරිතය රගපාන කාලී එම්පිඩී යන මානසික රෝගියෙන් පෙලෙනවා.එහිදී මතකය නැති විම වැනි සංසිද්දී සිදු වෙනවා.
චිත්‍රපටය ආරම්භ කරන දර්ශන ඉතාමත් හොදින් චිත්‍රපටය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා.කාලී රෝස මලක පෙති ගලව ගලව ඉවත් කරනවා.බලන කෙනෙක්ට මෙය සාමාන්‍ය දෙයක් වගේ හිතුනත් එයින් ලොකු පණිවිඩයක් නිර්මාණ කරුවා අපට ලබා දීලා තියෙනවා.අපි රෝස මලක් කෙනෙක්ට දෙන්නේ ආදරය බලාපොරොත්තු වෙන් ඉතින් සාමාන්‍ය ජන ජිවිතේ ඕනම කෙනෙක් දන්නවා රෝස මල කියන්නේ ආදරයේ සංකේතය කියලා.මේ රෝස මලේ පෙති අයින් කරනවා කියන එකෙන් තෙරුම් යන්නේ ඇය ආදරයෙන් හෝ ආදරය කරන අයගෙන් වෙන් වෙලා කියන අදහසයි.එය ඉතාමත් හොද සංකලනයක් විදියට මම දකිනවා.
ඒ සමගම චිත්‍රපටය ගීතයක් සමග එකතු කරලා තියෙනවා.ඒ ගීතයෙන් චිත්‍රපටය තුළ කියවෙන දේ හරියට කියලා තියෙනවා.ඒ රූප රාමු එක්ක සසදනකොට එක කෙනෙක්ට මුලින්ම තෙරුම් ගන්න බැරි වෙනවා කියලා මට හිතෙනවා.ඒ නිසාම ඒ අදහස මම මෙතනදී සදහන් කරන්න යන්නේ නැ.එක ඔයාලට අනිත් චරිතත් එක්ක කතා කරනකොට ගොඩක් හොදට තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
මේ කතාව එකිනෙකට වෙනස් කතා පහකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ.පළවෙනි කොටසේදී අම්මා තාත්තා දුව සතුටින් ඉන්නවා.එතකොට ඇය තමන්ගේ දෙමාපියන්ට තමන් ආදරය කරන කෙනා හදුන්වලා දෙන්න තමයි හිතන් ඉන්නේ.එත් ගැටලුව තමයි ඇය ආදරය කරන්නේ තවත් කෙල්ලෙක්ට ඒ කියන්නේ මේ දෙන්නා සමලිංගික අය. අන්න එතනදී නිර්මාණ කරුවා ඉතාමත් ලස්සන විදියට මේ මනසේ හැසිරීම ගැන කතා කරනවා.ඇය බදින්න යන ක්රිෂ්ණාවේලී ඇයි සමලිංගික උනේ එකට හෙතුව මනස නේද ? මනසේ ඇති වෙන ආශාව මේකට හොදින් බලපාලා තියෙනවා කියලා නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.ඒ මනසේ ආශාව නිසාම ඇගේ ශරීරයත් ඒ විදියට වෙනස් වෙන්න ගන්නවා.මේ තමයි මනසේ හැසිරීම කියලා ඉතාමත් හොදින් අපට පැහැදිලි වෙනවා.එතකොට අම්මා තාත්තාට මේ කෙල්ලව ඕන කියන රාධා ඇයි මෙකට කැමති වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් එනවා.එකටත් බලපානේ මනසම නේද ? ඇයගේ අතීතයේ ඇය බොහෝ අවස්තාවල පිරිමි අයගේ අපයෝජනයට ලක් වෙලා තියෙනවා.එතකොට ඇයට පිරිමි කෙරෙහි අප්‍රසාදයක් වගෙම කළකිරිමක් ඇති වෙනවා.ඒ සියල්ල මනසෙන් සිද්දවෙන දෙවල් මේ දෙවල් කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ ඉට විරුද්ධ දේ කිරිමෙන් කියලා නිර්මාණය තුලින් අපට පෙන්නවලා දෙනවා.මනසේ ස්භාවය සැබෑවින්ම එලෙසයි කියලා ඔයාලට උනත් තෙරෙනවා ඇති කියලා මට හිතෙනවා.එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒ කියන්නේ අපේ මනසේ තියෙන්නේ නරකම පමණයි ද ? එහී හොදක් නැද්ද කියලා.එකටත් මේ අවස්තාවෙම නිර්මාණ කරුවා උත්තරයක් දීලා තියෙනවා.මේ සමලිංගික විවාහය උනොත් දරුවො නැ එතකොට දරුවෙක් හදා ගන්න එයාලා ආස කරනවා.එතනදී කාමුහික මනසට වඩා මානුෂික මනස අපට ලස්සනට පෙනී යනවා.ඒ අනුව එක් දර්ශනයකින් මනසේ කාමුහික පැත්ත නිර්මාණ කරුවා අපට පෙන්වලා දීලා තියෙනවා .
එතකොට භීම කියන්නේ සූපවේදයට ආස කෙනෙක්. ඔහුට පුළුවන් වෙනවා මාලුවෙක් එක්ක වගෙම ගහක් එක්ක පවා කතා කරන්න.එතනදී කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද එතනදී මනස ගැන කතා කරන්නේ කියලා.මනස බොහෝ විට දියුණු කරන්න පුළුවන් නම් අපිට පුළුවන් සත්තු එක්ක පවා කතා කරන්න ඒ කියන්නේ මේ මනසින් අපි හරියට වැඩ ගන්නේ නැ කියන එකයි.සාමාන්‍ය විදියට හිතුවොත් මේ කොකියාට කිසිම වැඩක් බැ එත් අවසානයේ සියලු වැඩ ඔහු ඉගෙන ගන්නවා.එකට උපදෙස් දෙන්නේ ගහක් වගෙම මාළුවෙක් එත් ඉගෙන ගන්නෙ තමන්.ඒ අවස්තාවට මනස පිහිට වෙන්නේ මනසේ ඇති උනන්දුව නිසා කියලා නිර්මාණ කරුවා අපට පෙනවලා දීලා තියෙනවා.ඒ සමගම මනසේ දෙවන අදියර ගැන නිර්මාණ කරුවා ඉතා හොදින් කතා කරනවා. එතනදී උනන්දුව හා කැපවිම තියෙනවා නම් මේ මනසින් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා අපිට නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.
ශිව කියන්නේ විද්‍යාවට ආස කෙනෙක්.ඔහු ඉතාමත් හොදින් කාල යන්ත්‍රයක් නිපදවිමට උත්සහ ගන්නවා.එහිදී ඔහු වෙනස් විදියකට තමයි එය සිද්ද කරන්නේ. එතනදී ඔහුගේ දක්ශතාවයට වඩා අරමුණක් ගැන නිර්මාණ තුලින් අපට පෙන්වලා දෙනවා.ඒ සමග එය වලක්වන කාන්තාවක් ඇයගේ මේ වැඩෙට බාදා කරනවා.ඒ දර්ශන වලින් නිර්මාණ කරුවා ඉතාමත් හොද පණිවිඩයක් දෙන්න උත්සහගෙන තියෙනවා.මේ මනසට කොච්චර දුරක් උනත් ගමන් කරන්න පුළුවන් එත් කාලය හරහා ගතට ගමන් කරන්න බැ කියන අදහස නිර්මාණ කරුවා අපට දෙන්න උත්සහ කරනවා.එහෙනම් අප කරන සියලු දෙයක්ම ඒ කාලයට අනූරුපව සිතා කළ යුතුයි කියලා අපට අපූරු විදියට පැහැදිලි කරලා දිලා තියෙනවා.ඒ වගෙම මනසට භාෂාවක් නැ ඕනම භාෂාවක් තෙරුම් ගන්න පුළුවන් වෙනවා කියලා අපට සූක්ෂම සාදක යොදාගෙන නිර්මාණය තුලින් පෙන්වලා දෙනවා.
ඉලගට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙන්නේ මනසේ කුඩා කළ ස්භාවය විස්තර කර දිමටයි.කුඩා දරුවෙක් යොදාගෙන එය සිදු කරනවා. කුඩා කළ දරුවෙක්ගේ මුරංඩු කම, අකීකරු කම,දගකාර කම ඉතාමත් හොදින් පෙන්වලා දීලා තියෙනවා.ඒ නිසා මේ නිර්මාණය ඉතාමත් හොදින් ගලාගෙන යනවා කියලා මට හිතෙනවා.ඒ අතරම මැජික් ශිල්පියා මගින් නිර්මාණ කරුවා ඉතාමත් හොදින් මනසේ උදාසීන කම පෙන්වලා දිලා තියෙනවා.මේ උද්දච්ච කම නිසාම ඔහු තාමාම පරදින ආකාරයෙන් එය අපට හොදට පෙනී යනවා.
අවසානයට මනස දුර්වල කරන විදිය මීරාගේ චරිතයෙන් පෙන්නුම් කරනවා.ඇය ඉතාමත් ගිජු විදියට කුඩු වලට පුරුදු වෙලා. ඒ නිසා ඇය බිය වෙන විදිය, අපූරුවට පෙන්වලා දිලා තියෙනවා.මනසේ සැබෑ ලෙසම සාමාන්‍ය බිය ව්මක් තියෙනවා නමුත් අපේ මනසට අනවශ්‍ය බලපෑම් කරපුවාම මනස පිස්සු මට්ටමට පැමිනෙනවා.මෙය ඉතාමත් හොදින් මේ නිර්මාණ කරුවා පෙනවලා දීලා තියෙනවා.ඒ කොටස් සිත් ඇද ගන්නා විදියට නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා ඉතාමත් වෙහෙසක් අරන් තියෙනවා කියලා. අපට පෙනී යනවා.
මේ සියල්ල සිදු වෙන්නේ තැන් පහකදී.එත් එක සිදුවිමක් එක්ක අපට පැහැදිලි වෙනවා.මේ සියල්ල එක තැනක උනා කියලා.එහෙනම් ඒ තැන තමයී කලිගේ මනස.මේ මනස ආදරය කරලා, පොෂණය කරලා,ගරු කරලා, අවසානයේ නික්මෙන්න වෙනවා කියලා.මේ කතාවෙදී අපට ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් නැ මේ කාලිගේ ජිවිතේ අවස්තාව කිහිපයක් කියලා.නමුත් එකත් වරදක් විදියට මම දකින්නේ නැ.මොකද එහෙම උනත් වක්‍රව කියවෙන්නේ මනස ගැන විම නිසායි. චිත්‍රපටය තුල ලිංගීක අපයොජනය, මානසික රෝග, සියදිවි නසා ගැනීම,සමලිංගික සම්බන්ධතා,ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය, ගැන ඉතාමත් හොදින් පෙන්නුම් කරනවා.ඒ වගෙම මේ චිත්‍රපටය තුල ආදරය ත්‍රාසය හා කුතුහලය යන සියල්ලම අඩංගු වෙලා තියෙනවා. සීමාවෙන් එපිටට හිතන්න ආස කෙනෙක් නම් මේ නිර්මාණය ගොඩක් හොදට දැනෙයි කියලා මට හිතෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසන්ත් වර්මා විසින් වන අතර ප්‍රදාන නලු නිලියන් අතර කාජල් ඇග්රවාල්, නිත්‍යා, රෙජිනා, රෝහීණි රංගනයෙන් දායක වෙලා තියෙනවා.මෙය මනෝවෛද්යත්මක ගණයට අයත් චිත්‍රපටයක් වන අතර බොහෝ සිද්දී තෙරුම් ගැනීමට ලොකු කාලයක් ගත වෙනවා.මේ චිත්‍රපටය නානී විසින් නිශ්පාදනය කළ අතර, නානි මෙහිදී මාළුවෙකුට හඩ කැවිම ඉතාමත් අලංකාර ලෙස සිදු කරලා තියෙනවා.මේ චිත්‍රපටය 2018 පෙබරවාරි 16 දින නිකුත් කළ අතර චිත්‍රපටයේ කතාව සදහා හොලිවුඩ් චිත්‍රපටයක් වන Identity යොදාගෙන තියෙනවා.චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත කිහිපයකින් අලංකාර වන අතර චිත්‍රපට මිනිත්තු 110 පුරාවට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.ඒ වගෙම චිත්‍රපටය ආදායම් වර්තා පවා පිහිටුවෙලා තියෙනවා.
66 වන ජාතික සම්මාන උළලෙදී සම්මාන දෙකකින් පවා මේ චිත්‍රපටය පිදුම් ලබලා තියෙනවා.සමලිංගිකත්වය ගැන කතා කරන නිසා චිත්‍රපටය විකාශන කාලයේදී යම් යම් වාරණ පැමිණි අතර පසුව එවා විසදා ගැනීමට නිර්මාණය කරුවන්ට හැකිවෙලා තියෙනවා.
සමස්තයක් විදියට ගත්තාම ඉතාමත් සාර්ථක වගෙම ලොකු පණිවිඩයක් සමාජයට දෙන්න පුළුවන් චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය අපට හදුන්වලා දෙන්න පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
0 comments