Posted by : Tharuka Niroshan
Friday, November 27, 2020
Soorarai pottru 2020
ගූගල් පරීශිලක දර්ශකය 97%
IMDB 9.4/10
"කෙනෙක් දුප්පතව ඉපදෙනවානම් එක එයාගේ වරදක් නෙවෙයි. එත් දුප්පතව මිය යනවානම් එක එයාගේ වරදක්"
අපි මේ හැමොම ජීවිතේ හීන දකිනවා.සමහර අය ඒ හීන තමන් වෙනුවෙන් දකිනකොට තවත් අය දකින්නේ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන්.හීන දකින්න ඕනම කෙනෙක්ට පුළුවන් උනත් එවා ජය ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සකට විතරයි.ඉතින් අද කතාවෙන් කතා කරන්නේ තමන්ගේ තාත්තා වෙනුවෙන්, තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හීන දකින කෙනක් ගැනයි.
නෙදුමාරන් රාජ්න්ගම් මදුරෙයි වල පුංචි ගමක ජිවත් වෙනවා. ඉතින් මේ නෙදුමාරන් ගේ තාත්තා සාමාන්‍ය ගමේ ගුරුවරයෙක් විදියට තමයි සේවය කරන්නේ.මේ නෙදුමාරන්ට ලොකු හීනයක් තියෙනවා. එයාට ඕන කරන්නේ අඩු වරප්‍රසාද තියන අයට අඩු වියදමකින් ගමන් කරන්න පුළුවන් ගුවන් සෙවක් ආරම්භ කරන්න.ඉතින් යාලුවනේ ඔයාලා දන්නවා නේ ඕනම දියුණු වෙන කෙනෙක් පිටිපස්සේ හතුරෙක් ඉන්නවා කියලා මේ කතාවෙත් ඉන්නවා.එයා තමයි පරේෂ් ගෝස්වාම්.මෙයා කොහොම හරී නෙදුමාරන්ගේ හීනය වලක්වන්න උත්සහ කරනවා. ඒ බාදක එක්ක නෙදුමාරන් තමන්ගේ හීනය කෙසේනම් ජය ගනීද කියලා ඔයාලාට මේ කතාව පුරාවට බලා ගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ ගුවන් යානයක් පාලනයෙන් තොර විම නිසා හදිස්සි ගොඩ බැස්සවීමක් සමගය. එම දර්ශනය ඉතා විශිෂ්ඨ ලෙස නිර්මාණය කරලා තියෙනවා.ගුවන් යානය නියමුවන්ගේ හැසිරිම, මාරන්ගේ හැසිරිම ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.හදිස්සි ගොඩ බැස්ස වීම සිදු කරන්නේ හමුදා කදවුරක ගුවන් පතයකට වෙන නිසා. අනිවාර්යයෙන් හමුදාව ආරක්ෂක පියවර ගන්නවා කියලා ඔයාලා දන්නවා.ඒ සියල්ල ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ සමගම කතාවේ වීරයා හදුන්වාදීම මගින් රසිකයාව චිත්‍රපටය තුලට අල්ලා ගැනීමට සමත් වෙලා තියෙනවා. එම දර්ශනයේදී සූර්යාගේ වීරත්වය හා කැපවිම හොදින් පෙන්නුම් කරලා තියෙනවා.
චිත්‍රපටයේ දෙවන දර්ශනය තුලින්ම ප්‍රදාන නිලිය හදුන්වා දී තියෙනවා. ඇය කොයි වගේ කෙනෙක් ද , ඇගේ වීරත්වය හා කෙලින් තීරණය ගැනීමේ හැකියාව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.මේ සියල්ල සමග ගීතයක් එකතු කිරිම මගින් චිත්‍රපටයට අමතර ජවයක් ලබා දී තිබෙනවා.මේ කතාවේ ප්‍රදාන නිලිය තුලින් ළාමක කෙනෙක් දකින්න හම්බෙන්නේ නැති නිසාම කතාවට එය මනා පිටුවහලක් වෙනවා.මම ඔයාලට කීවා ඒ සමග සිංදුවක් තියෙනවා කියලා. ඒ සිංදුව සමග සූර්යා දක්වන නර්තනය එකතුව ගත්තාම ඔයාට මතක් වෙනවා දණුෂ් රංගනයෙන් දායක උන Anegan චිත්‍රපටය.එහී එක් සිංදුවකට දණුෂ් රංගනයෙන් යෙදෙන්නෙත් මේ ආකාරයටමයි. ඒ රංගනය ඉතාමත් අපූරු වන අතර ඉතාමත් ජව සම්පන්නයි කියලා කියන්න පුළුවන්.
චිත්‍රපටයේ තුන්වන දර්ශන තුලින් ගොඩක් නිර්මාණ කරුවා කතා කරන්නේ මරන් ජිවත් වෙන දුප්පත් පරිසර, ඒ වගෙම පවුලේ අසරණකම් ගැන විම විශේෂ කරුණක් ලෙස මම දකිනවා.කෙනෙක්ගේ අසරණ කමක් ගැන කතා කරනකොට කෙනෙක්ගේ ඇසට කදුලක් එක්ක එන්නේ අනුකම්පාවක්.එත් නිර්මාණ කරුවා එසේ නොවන්නට ඉතාමත් හොදින් ගැලපීම් කරලා තියෙනවා.එක නිසා චිත්‍රපටය පටන් ගත්ත වෙලාවේ ඉදන් ආව ජවය ඒ විදියටම පවත්වාගන්න හැකියාව ලැබෙනවා.
ඉලගට මාරන්ගේ කතාව දිව යන්නේ හමුදා කදවුරත් එක්ක වෙනවා.හමුදාවක තියෙන වගකීම,කැපකිරිම, සමග උත්සහ ගැන නිර්මාණ කරුවා පෙන්වා දිමට උත්සහගෙන තියෙනවා.හමුදා කදවුරේ ඇතුලද දර්ශන ඇතුලත් කර ඇති නිසා නරඹන ඔබට එය තවත් ලස්සන අත්දැකීම්ක් එකතු කරනාවාට සැකයක් නැ. ඇත්තටම් මේ කතාවේ අපර්ණා එන්නේ මාරන්ව කසාද බදින්න.ඉතින් මොහු ඉතා ශක්තිමත් කෙනෙක් නිසා ඇයටද ඒ ශක්තිය තිබිය යුතුයි කියලා නිර්මාණ කරුවා නිතරම සිතා තියෙනවා.ඒ නිසා එක් සිංදුවක් තුලින් ඇගේ ශක්තිය පෙන්නුම් කරලා චිත්‍රපටයේ පළවෙනි පැය භාගය තුලින් හොද ආරම්භයක් ලබා ගන්නවා.
චිත්‍රපටයේ ඉන් අනතුරුව මාරන් තම උත්සහය වෙනුවෙන් ගන්නා ක්‍රියාකාරකම් ගැන කතා වෙනවා. සැබෑ ලෙසම කුඩා කෙනෙක් ඉහල තැනකට යෑමේදී විදින්නට සිදුවෙන අපහසුතා, ඒ වගේ ගැරහීම්, දරා ගැනීම්, සියල්ල ගැනම නිර්මාණ කරුවා කතා වෙනවා.බොහො සාර්ථක වූ මිනිසුන් තවත් අයෙක්ට සාර්ථක විමට උදවු උපකාර කරන්නේ නැත.ඔවුන් ඉතා මාන්නයකින් සිටින බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.චිත්‍රපටයේ හරයට බලපාන පරේෂ් ගෝස්වාම් කතාවට හදුන්වා දිමේදි නිර්මාණ කරුවා යොදා ගත් උපක්‍රමය මගින් ඔහුගේ ඇති මාන්නයත්, මාරන්ගේ ඇති නිහතමානීකමත් හොදින් පෙනවා දී තියෙනවා. " සැම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැණියක් සිටිනවා" මේ සිද්දාන්තය නිර්මාණ කරුවා මේ කතාවේදිත් උපයොගී කරගෙන තියෙනවා ඒ අනුව දෙවන පැය භාගය වෙන විට ඔවුන්ගේ විවාහය පවා සිද්ද වෙනවා.චිත්‍රපටයේ මුලින් ආව ජවය මදක් අඩු කර, පොඩි කුතුහල ගතියක් එක්ක තමයි දෙවන අඩ හොරාව ගත වෙන්නේ,
ජිවතයේ අපි ආස හීන දකින්න අපිට අනිවාර්යයෙන් හෙතුවක් තියෙනවා. ඉතින් මේ කතාවේ මාරන් දකින හීනයට හෙතුව කතා කරනවා. ඒ අවස්තාව ඉතාමත් සංවේදී විදියට තමයි නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙන්නේ.එය නරඹන ඕනම කෙනෙක් චිත්‍රපටය මොහොතකට නවතා කදුළු පිස දැමිමට පෙළබෙනවා.එය එතරම් සංවේදී කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ මේ දක්වා නරඹන්නා තුළ තිබු ජවය නැති වි එය දුකක් බවට පත් වෙලා තියෙනවා.එය නැවත සුපුරුදු ජවයට ගැනීමට නිර්මාණ කරුවා හොද උත්සහයක් අරන් තියෙනවා . කෙට් ජවය සහිත නැටුමක් එකතු කරලා චිත්‍රපටයට නැවත ජවය ලබා දීලා තියෙනවා. මේ කොටස් බලනකොට Anegan චිත්‍රපටයේ කොටස් මාගේ මතකයට නැගෙනවා.
මාරන් කියන්නේ පවුලක් බලාගෙන තම හීනයට යන කෙනෙක් එතකොට මේ හීනය දවසින් දෙකින් ඉටු කර ගන්න බැ.හීනය වෙනුවෙන් හැම දෙම ආතාරීනත් බැ. ඒ සියල්ලම එක්ක ඉලගට නිර්මාණ කරුවා කතා කරන්නේ මාරන්ගේ පවුල ගැන. සාමාන්‍ය සාර්ථකත්වයට යන ගමනකදී කාලය වෙන් කර පවුල ගැන පමණක් කතා කරොත් චිත්‍රපටයේ අනවශ්‍ය කාලය කා දැමිමක් වෙනවා.එක මග හරින්න නිර්මාණය කරුවා ලස්සන උපක්‍රමයක් යොදලා තියෙනවා.
මාරන් තමන්ගේ හිනය වෙනුවෙන් ගත් එක් උත්සහයක් සාර්ථක වෙනවා.නමුත් එහී ප්‍රතිඵලය ගන්න කලින් උත්සහය අසාර්ථක වෙනවා. ඒ එක්ක ඔහු මානසිකව ඇද වැටීම, බලාපොරොත්තු සුන් විම සියල්ල සමග පවුලෙන් එන චොදනා ගැන කතා කරනවා. ඒ සමගම ඇගේ බිරිද ගැබ්ගෙම කියලා මාරන් දැන ගන්නවා. මේ සිදුවිම් ටිකේ නිර්මාණ කරුවා නරඹන අපගේ හැගීම් එක්ක ලස්සන සෙල්ලමක් කරලා තියෙනවා.මුලින්ම වේදනාව ඉට පස්සේ තරහාව ,ආදරය එක්ක එන සෙනෙහස මේ සියල්ල ඉතා කෙටි කාලෙකින් අපට දිම මේ නිර්මාණය සාර්ථක විමට ගොඩක් බලපාලා තියෙනවා.
මාරන්ගේ සියලු බලාපොරොත්තු බිදී ඇති අවස්තාවක් ඔහුට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන්නේ පුංචි කුරුල්ලෙක්.ඒ දර්ශන ඉතාමත් සියුම් ලෙස නිර්මාණය කිරිම සදහා නිර්මාණය කරුවා උත්සහගෙන තියෙනවා.ඒ අදහස මුලින්ම තමන්ගේ බිරිදට කීම මගින් ඔවුන් තුළ එකිනෙකා කෙරෙහී ඇති පක්ෂපාතිත්වය ගැන නිර්මාණ කරුවා කතා කරලා තියෙනවා.චිත්‍රපටය නරඹන ඔබව නැවත ආරම්භයේ තිබ්බ ජවය එකතු කරන්න ලස්සන ගීතයක් එකතු කරලා තියන නිසා එතන් සිට දෙවන හොරාව අවසන් වෙන තුරු ඉතාමත් ජවයෙන් මේ චිත්‍රපටය බලන්න පුළුවන් වෙනවා.
මේ හිනය ඇත්තටම කොච්චර වටිනවාද කියලා නිර්මාණ කරුවා අවස්තා දෙකකදී මානුෂිය ආකාරයෙනුත් මූලමය ආකාරණයෙනුත් කතා කරලා තියෙනවා.එම නිසා චිත්‍රපටයට අමතර වටිනාකමක් ලබා දී තියෙනවා.එමෙන්ම අඩුවියදමකින් කරන නිසා මහජනයාගේ විශ්වාස කොයි මට්ටමකට තියෙන්න ඔනාද කියලා පවා නිර්මාණ කරුවා කතා කිරිම මේ කතාවට මහත් ආලොකයක් ලෙස කියන්න පුළුවන්.සමස්තයක් විදියට ගත්තාම ඉතාමත් සංයමයකින් නිර්මාණය කරපු චිත්‍රපටයක් කිවොත් මම නිවරදී. චිත්‍රපටය පුරවට කිසිම කම්මැලිකමක් හෝ ඒකාකාරී බවක් අඩංගු නොවන නිසා එක දිගට නරඹන්න පුළුවන් වෙනවා.
සූර්යාගෙ 24 චිත්‍රපටයෙන් පසු ඔහුගේ රංගනයන් හොදින් බලා ගැනීමට මේ චිත්‍රපටය මගින් හැකියාව ලැබී තියෙනවා.එමෙන්ම පියාගෙන් ලද ගුණ සමග ඔහු ඉතා හොද කෙනෙක් බවට නිර්මාණ කරුවා අපට පෙන්වා දෙනවා.
මාරන් තාත්තා බලන්න එනකොට ගුවන් තොටුපලෙන් සල්ලී නැතිව ඉල්ලා ගන්නා ආකාරයත්, ඒ වගේම බිරිදගෙන් බැගපත් ලෙස සල්ලී ඉල්ලන ආකාරයත් ඉහත කී කාරනයට හොද උදාහරණයක් කියලා කියන්න පුළුවන්.
ඒ වගේම මාරන් හා ඔහුගේ බිරිද අතර ඇති රාසායනික බැදිමත් ඉතාමත් අනර්ගයී කියලා කියන්න පුළුවන්.දෙදෙනාව දකින්නේ ඉහලට යෑම ගැන හින වෙයි.එමෙන්ම ඇය කිසි විටකත් තමන්ගේ සැමියා වන මාරන් ව අවතක්සේරුවට ලක් නොකිරිමට වග බලා ගනී. එක් අවස්තාවක සිදුවිමක් නිසා ඇය මෙසේ පවසයි" සැම විටම තම බිරිද බලාගත යුත්තේ පිරිමියාද? "මෙමගින් ඉහත කී දෙය ඔයාලට තවත් හොදට පැහැදිලි වෙනවා.
චිත්‍රපටයේ තවත් තැනක අඩුවරප්පසාද ලත් කුළයන් ගැන කතා කරනවා.එමගින් චිත්‍රපටයේ හැම පැත්තම ස්පර්ශ කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.මාරන් තමාගේ තාත්තාගෙන් අඩුවරප්පසාද ගැන කතා කරන විට පෙත්සම් නිසා පියට බැන වදී. කතාව අවසන් වන විට පවා එම කොටස ආවර්ජනය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.
චිත්‍රපටයේ හතුරා ලෙස සිටින පරේෂ්ගේ චරිතය දකින විට මාගේ මතකයට එන්නේ බීගිල් චිත්‍රපටයේ හතුරාට සිටි ජැකී වෙයි. ආරම්භයේ සිටම නිර්මාණ කරුවා අපට පෙන්වා දෙන්නේ දණපති පංතියේ අය හා එම නිළදාරිනී නිසා විශාල සිහින දකින අය තලා පෙලා දමන ආකාරයයි.නමුත් ඒ සියල්ල නුවනින් ඉවසාගත් විට සාර්ථක විය හැක බව නිර්මාණ කරුවා පෙනවා දී තියෙනවා.
සූදා කොන්ගරාගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය සදාහා ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නේ සූර්යා , පරේෂ් රාවල් හා මොහාන් බාබු යන අයයි. කතාව විජේ කුමාර් විසින් ලියන ලදී. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වෙලා තියෙනවා. ජී.ආර් ගෝපිනාත් ගේ කතාවක් ඇසුරෙන් තමයි මෙක නිර්මාණය වෙලා තියෙන්නේ. චිත්‍රපටය 2019 අප්‍රේල් මාසයේ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර එය 2019 සැප්තැම්බර් අවසන් වෙලා තියෙනවා.මදුරෙයි , චෙන්නායි හා චන්දිගාර් වල චිත්‍රපටය රූගත කරලා තියෙනවා. චිත්‍රපටය ගීත 09 යකින් අලංකාර වෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජී.වී. ප්‍රකාශ් කුමාර් විසින් වන අතර ගීත සියල්ල ඉතාමත් ජවයකින් යුක්ත වෙනවා.
පවතින කොරොනා රෝගී තත්වය නිසා චිත්‍රපටය 2020 නොවැම්බර් 11 දින ඇමසන් ප්රායිම් හරාහා විකාශනය කළා.ඉංදියාවේ මෙනම ලංකාවේ අයගෙද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක වන මේ චිත්‍රපටය ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
0 comments