• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Miss India 2020


    IMDB : 3.4/10


    ගූගල් පරීශිලක දර්ශකය : 76%



    " ජීවිතේ අපි කරන මොන වැඩේ වුනත් කොච්චර මහන්සී වෙනවාද කියන එක වැදගත් නැ 
    කොච්චර සතුටින් ඉන්නවාද කියන එකයී වැදගත් "


    යතාර්ථය පදනමක් වු කල්හී සිනමාව එය කෙසෙනම් ජය ගනී ද?


    මෙය සැබෑවින්ම මේ වසරේ හොද නිර්මාණයක් වීමට තිබුනී. නමුත් එය එසේ නොවිම කනගාටුවට කරුණකී. එයින් මා අදහස් කරන්නේ මේ නිර්මාණය  නැරඹීම පළක් නොවේ යන්න නෙවෙයි. මා උත්සහ ගන්නේ නිර්මාණය පිළිබඳ  මගේ කෝනයෙන් බලා අදහසක් ඉදිරිපත් කිරිමටයි.

    ආරම්භය ගන්නේම සාර්ථක වූ කාන්තාවක් ඇගේ කතාව කියන්න පටන් ගන්නා තැනෙනී. එහෙම ආරම්භයක් ගැනීම ඉතාමත් අපූරුයි කියා මට සිතේ.

    කතාව  එතනින් ගලාගෙන යන්නේ ඇයගේ බාල කාලටය. බාල කාලේ ඇය අරමුණක් නැති ජීවිතයක් ගත කරන බවට නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි. ඕනම දරුවෙක් කුඩා කාලයේ තමන්ගේ සීයට ආදරය කරයී. 

    එය එතරම් විශේෂ දෙයක් නොවෙයි. නමුත් ඇය තම සීයාගේ වටිනාකම ලොකෙම දැන ගත යුතුයැයි සිතයි.සැබෑ  ලෙස කුඩා දරුවන් එසේය. සමහර විට එය විහිළුවක් ලෙසද අපට සිතිය හැකිය. නමුත් මෙහී පුදුම කරුනනම් ඇය තම අරමුණ හදා ගන්නේ සියා මාර්ගයෙන් වීමයි. එය එසේ වීම තුලින් නීර්මාණයේ ආරම්භය ඉතාමත් ප්‍රායෝගීක ලෙස සිදු කර ඇත.

    අරම්භයෙදී අරමුණක් නැතිව සිටි ඇය අරමුණක් හදා ගැනීමත්  ඒ තුලින් තමාගේ ජීවිතය තමාට ආවේණික ලෙස ජීවිත් වෙන බව සිතා ගැනීමත් මගින් ඇය කුඩා කළ සිට එඩීතර කෙනෙක් බවට කදිම නිදසුනකී.

    ඒ සමගම කතාව ඇගේ තරුණ වයස හා එකතු වෙයි. එය අපූරුයි. ඒ සමග ඇගේ පියා අසනීප විම කතාවේ හරයට ඉතාමත් තදින් බලපෑම්  කර ඇත. එය මුලදී නරඹන කෙනෙක් හට පුදුමයක් ගෙන දෙන කරුනක් උවත්. මොහොතක් කල්පනාකාරීව නිර්මාණය නැරඹීම කලහොත් එය ඔබටත් වැටහෙනු ඇත. 

    ගෙදර තාත්තාගේ බර ඔහුගේ අතින් ගීලීහෙනකොට ඒ වගකීම අයියා හා නංගී මත පැටවිම පුදුමයට කරුනක් නොවේ. ඒ සිදුවිම සමග සීයා ඇයට දෙන අවවාදය ඉතාමත් පුදුම සහගතයි.සැබෑ ලෙස  එය ජීවිතයකට තදින් බලපායී.

    " ජීවිතේ අපි කරන මොන වැඩේ වුනත් කොච්චර මහන්සී වෙනවාද කියන එක වැදගත් නැ 
    කොච්චර සතුටින් ඉන්නවාද කියන එකයී වැදගත් "

    මේ සියලු කරදර සමග පවුලේ එක් දුවක් බලෙන් විවාහයක් කර ගැනීම  තුලින් නිර්මාණය කරවා නිසකව පණිවිඩයක් ලබා දෙයි. එය හුදෙක් නරඹන්නාගේ සංකල්පමය අදහස් මත තීරණය කිරිමට සිදුවේ. මටනම් හැගෙන්නේ එය ප්‍රායෝගීක තත්ත්වයක් කියායී.

    සියල්ල සිදූවී ඇත. කරදර වැඩි විට සියලු අය පුරුදු වී සිටින්නේ දෙවියන් යෙදීමය. එය ටිකක් වෙනස් විදියකින් මෙහීදී නිර්මාණ කරුවා ඉදිරිපත් කර ඇත. එපනක් නොවේ එහී ප්‍රතිඵල තිබේ යන්න ඔහු නොකියා අපට රූප රාමු වලින් ඉදිරිපත් කර ඇත. එය කදිම සංකලනයකී.

    සියල්ල සිදුවී අවසානයේ ලැබූණු එකම අවස්තාව ඔවුන් ප්‍රයොජනයට ගනී. ඒ අනිව සියල්ල අත හැර ඇමරිකාවට යයි. ඇමරිකාවට ගොස් තම හිනය වූ වියාපාර  ඇය කෙසේ ජය ගනී ද යන්න වටා මේ කතාව දිව යයි.

    කතාව තුලින් විර්‍ය සහිත කාන්තාවක් නිරුපණය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත. නමුත් එය සාර්ථක නොවිම කනගාටුවට කරුණකී. චිත්‍රපටයක් නිරතුරුවම ප්‍රායෝගීක විය යුතු නැත. නමුත්  හැකි සැම විටම එය ප්‍රායෝගීක තත්ත්වයට අනූකුල විය යුතුය. නමුත් මෙය එසේ නොවේ. 

    රාත්‍රී සමාජ ශාලවකදී ඇයට එක් පිරිමි පුද්ගලයෙක් හමු වේ. එය අහම්බෙන සිදු නොවන දෙයක් උවත් ඒ නිසා ඇයට රාත්‍රී ආහාර වෙලකට පවා යාමට සිදු වේ. එය සැබෑවින්ම පුදුමයට කරුණකී. ඇය ඇමරිකාවට ඇවිත්  ගත වන්නේ ඉතා කුඩා කාලයකී.  මෙය දර්ශන තළ වලදී ඉතා අලංකාර උවත් ප්‍රායෝගීකව ගත් කළ අනුවන දෙයකි. සැබෑ ලෙසම නිර්මාණ කරුවා උත්සහ කරේ ඇයගේ විරත්වය පෙන්ව්මටනම් එය මට පෙනියන්නේ මොඩ කමක් ලෙසටය.

    සියල්ල සිදු වී කතාව මැදදී  මේ තාව කාලික ආගන්තුකයා කතාවෙන් ඉවත් කරයි. මේ අතර සිදු විම කතාවේ තෙමාවට කිනම් පණිවිඩයක් ලබා දිමට උත්සහ කරාද යන්න මට තවමත් ප්‍රශ්නයකී. ආදරයට වඩා හීනේ අරමුණ  වැදගත් යන පණිවිඩය  දිමනම් එය එතරම් කාලයක් වැය කර කිරිම අපරාධයක් ලෙස මා දකි. 

    සැබෑවින්ම කතාවේ මුලික තෙමාවට පැමිනෙන්නේ පළවෙනි හොරාවෙන් පසුවය. එහිදී ඇය තම අරමුණ වෙනුවෙන් අම්මා තාත්තා පවා හැර යයි. අනතුරුව ඇය උත්සහයන් කිහිපයක් ගෙන තම සාර්ථකත්වය ආරම්භ කරද , එය සාර්ථක නොවේ.එය ප්‍රායෝගීක තත්වයකි. නමුත් එයින් පසු ඇය ඇමරිකාවේ කොපි වියාපාරයේ අයිති කාරයා හමු විමට යයි. එය බුද්දිමත් තීරණයකි. නමුත් හාස්‍යජනක කරුන වන්නේ ඇය ඔහුට වක්‍රව අභියෝග කිරිමයි. 

    ඒ තුලින් නිර්මාණ කරුවා පෙන්වා දී ඇත්තේ ඇයගේ උත්සහය උවත් එය තනිකරම අනුවණ දෙයකි. කෙසේ හෝ උත්සහය අත හැර නොගෙන තේ උත්සවයක් පවා ඇය සංවිදානය කරයි. එය අනර්ගයී කියා පැවසිය හැකිය. දියුණු වන අයෙකුගේ උපාය ශීලි මනස ඒ දර්ශන වලින් මනාව පෙනුම් කරයි.

    එතන සිට ප්‍රායෝගීක තත්වයන් වලට මුහුණ දී ගෙන දියුණුව සදා ගැනීම මනාලෙස නිර්මාණ කරුවා පෙන්වා දෙයි.නමුත් ඒ දියුණුව සිද්ද වෙන්නේ මාස දෙකකිනී.

    මාස දෙකකින් ඇමරිකාවේ ප්‍රදාන වෙලද සංනාමය විම කෙතරම් ප්‍රායෝගීක  ද, එපමණක් නොව ඉංදියන් තේ එකක් ඇමරිකාවේ නිර්මාණය කරනකොට අවශ්‍ය අමුද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද? ඒ පිලිබදව නිර්මාණ කරුවා කතා කර නැත. මේ තත්වයන් ඔහුට මේ කතාව තුළ කතා කිරිමට හැකියාව  තිබුනත් එය කතා නොකිරීම පුදුම සහගත කරුණකී.

    එතනින් පසු ශිව කුමාර් හා ඇය අතර ඇති වෙන සංසිද්ධිය  ගැන නිර්මාණ කරුවා කතා කරයි. එය සැබෑ  ලෙසම සිදු විය හැකි දෙයකි. නමුත් එක් අවස්තාවක ශිව කුමාර් තමාට ලැබූ  අවස්තාවකින් ප්‍රයොජනයට ගෙන ඇයට අභියොගයක් සිදු කරයි. 

    එතනින් ඇය පහලට වැටේ. එය වියාපාර වල සාමාන්‍ය තත්වයකී. එය ඔනාම අයෙක්ට් විය හැකිය. අනතුරුව සාමාන්‍ය සිදු විම් කිහිපයක් මගින් කතාව ගලාගෙන යයි. 

    ඇයගේ සාර්ථකත්වය අවසානයත් සමග ඔබට තීරණය කළ හැකිය. 

    කීරීතී සුරේෂ් ගේ හා ජගපති බාබුගේ අද්විතීය රංගනයේන් හැඩ වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නරේන්ද්‍ර නාත් විසින් වන අතර කතාව රචනා කරන ලද්දේ ද ඔහු විසින්‍මය.

    මිනිත්තු 136 පුරාවට එක ලෙස රස විදිය හැකි මේ නිර්මාණය 2020 නොවැබ්වර්  04 වන දින නෙට්ෆ්ලික්ස් හරාහා තෙලෙගූ ,මළයාලම් , දමිළ භාෂා වලින් නිකුත් කරන ලදී.  මෙය කීරීතී සූරේෂ්ගේ 20 වෙනි චිත්‍රපටය වන අතර 2020 අප්‍රේල් 17 නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන් සිටියත් පවතින කොරොනා තත්වය නිසා එය කල් දැමිමට සිදු විය.

    චිත්‍රපටය මහෙෂ් එස් කොනේරු විසින් නිෂ්පාදනය කර ඇති අතර ගීත හතරකින් චිත්‍රපටය  රසවත් වෙයි. එහී ගීත තුනක් කලයාන් චක්‍රවර්තී විසින් පද රචනය කර ඇති අතර අනිත් ගීතය නිරාජා කොනා විසින් පද රචනය කර ඇත.

    චිත්‍රපටයේ "කොත්තගා කොත්තගා" ගීතය ශ්‍රීයා ගොෂාල් ගායනා කිරිමත් විශේෂ කරුණකී. සියලුම ගීත සදහා විනාඩි 15 ආසන්න කාලයක් වෙන් කර තිබීමත් දර්ශන තල ඉතාමත් ලංකාර ලෙස යොදා ගැනීමත් විශේෂ කරුණකී. චිත්‍රපටයේ පළවෙනි ගීතය 2020 පෙබරවාරි 07 නිකුත් කරිමට හැකි වී තිබුණී.

    ගූගල් පරීශිලක දර්ශකය 76% ලාබාගෙන ඇති මෙම චිත්‍රපටයේ IMDB  අගය 3.4/10 පමණ ලබාගෙන ඇත.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan