• Diya


    Diya 2018

    ගූගල් පරීශිලක දර්ශකය 82%


    IMDB 5.7/10


    පිරිමි කෙනෙක් වරදක් කරොත් නාවලා ගෙට ගන්න පුළුවන්.එත් කෙල්ලෙක් වරදක් කරොත් එක එයාගේ මුලු ජිවත කාලෙටම බලපානවා.
    ගබ්සාවත් අන්න ඒ වගේ




    අම්මාගේ කිරි සුවදත්, තාත්තා කෙනෙක්ගේ ආදරයත් එකතු වෙලා මේ ලොකෙට ගැහුණු දරුවෙක් බිහි වෙනවා.ඇය ඉපදුන දවසේ ඉදන් සතුටින් වගේම හුරතලෙත් එක්ක ජිවත් වෙනවා.ඒ හුරතලය සතුට ඔක්කම වෙනස් වෙනවා.ඇය වැඩි වියට පත් උන දවසේ ඉදන්. ජිවතයේ ගැණු කෙනෙක්ට උරුම දුක එදා ඉදන් ඇය විදින්න පටන් ගන්නවා.එය වචනෙකින් මෙහෙමයි කියලා විස්තර කරන්න බැ. ඒ සියලු දුක් විදින ඇය එක් දවසක තමන් පණ වගේ ආදරය කරපු අම්මා තාත්තා දාලා පතිනියක් විදියට තවත් කුටුම්භයක් ලස්සන කරන්න පිය මනිනවා.තමන්ගේ සැමියාගේ ලේ වලින් රූවින් ගුණෙන් පිරුන දරුවෙක් මේ ලොකෙට දෙන්න ඇය පළවෙනි පියවර තියන්නේ එතනින්.එදා ඉදන් පුරා දස මාසයක් යනකන් දරු ගැබක් දාරගෙම අනන්ත අප්‍රමාණ දුකක් විද දරා ගන්නවා.එක දවසක් එනවා ඒදාට මේ ලොකේ කෙනෙක් විදින්න පුළුවන් උපරිම දුක ඇය විදිනවා.ඒ දුක පිරිමි කෙනෙක්ගේ අත් දෙකයි කකුල් දෙකයි. එක පාර වෙන් කරනවාට සමානයි කියලා මම අහලා තියෙනවා.ඒ සා වේදනාවක් වින්ද ඇයගේ වේදනාව දරු පැටියාගේ මුණ දැක්ක ගමන් නැති වෙලා යනවා. තමන්ගේ ලේ කිරට හරවලා ඒ කිරි වලින් මේ පුංචි දරුවා පොෂණය කරනවා.ඒතනින් නවතින් නැති ව සමහර කාන්තාවන් දරුවන් දෙන්නා තුන් දෙනා පවා බිහි කරනවා..කාන්තාවක් නම් මවක් වෙනදා ඇය මිහිපිට ජීවමාන දෙවි කෙනෙක් කියලයි මට හිතෙන්නේ..ආදරය කරන ඕනම කෙනෙක් කාමය එක්ක ආදරය විදින්න ආස කරනවා.එක නොකීවත් එහෙමම තමයි කියලා ඔයාලා දන්නවා ඇති.විවාහයෙන් පස්සේ එහෙම  හැසිරුනොත් එකෙන් එන ප්‍රතිඵලය මුලු සමාජයක් පිළිගන්නවා.එත් එතනින් මෙහාට කෙනෙක් එහෙම උනොත් ඇය මේ සමාජයේ විදින්න පුළුවන් උපරිම නව නින්දා විදිනවා. ඉතින් මම හිතනවා අද අපි කතා කරන්න යන්නේ මොන වගේ චිත්‍රපටයක් ගැනද කියලා ඔයාට හොද අවබෝධයක් එන්න ඇති කියලා.


    තුල්සී කියන්නේ පෙනුමෙන් ඉතාමත් ලස්සන කෙල්ලෙක් මේ ලස්සනම නිසා ඇගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු ගොන්නක් එකතු කරගෙන ක්‍රිෂ්ණා එනවා.දෙන්නාම තාම පොඩි වයසේ ආදරයට කොහෙද වයසක්, ඉතින් මේ ආදරය ටික ටික දළු දාලා වැඩෙනකොට දෙන්නාගෙම හැගිම් දෙන්නටම හොරෙන් පිට වෙනවා.තුල්සී කිසිම දවසක හීනෙන් නොහිතපු විදියට ඇය ගැබිණියක් වෙනවා.එත් පවුලේ අයගේ කීම මත ඇයට සිද්ද වෙනවා මේ දරුවාව අයින් කරන්න ඉතින් මේ වටා තමා අද කතාව ගලාගෙන යන්නේ.


    චිත්‍රපටයේ ආරම්භක දර්ශන තුලින්ම කතාව තෙරුම් ඇතිව පහදා දිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.මෙහිදී වයස 19 දී දෙදෙනා අතින් සිදු වරද පිලිබද කතා කරනවා.නමුත් මට ඇති ගැටලුව මේ සදහා ඇයි ප්‍රදාන නළු නිලියන් දෙදෙනාම ගත්තේ කියන එකයි.ඔවුන් 19 දී හා 24 දී එකම පෙනුමෙන් යුක්ත වෙනවා.එය සැබෑ  ලෙසම පුදුමයක්.සමහර විට ඒ සදහා අවුරුදු 19 වයසේ දෙපලක් යොදා ගත්තානම් ළමා අයිතිවාසිකම් ගැටලු එන්න තිබුනා යෑයි ඔවුන් සිතන්නට ඇති.නමුත් මෙය ඉට වඩා වෙනස් උවානම් හොදයි යන්න මගේ අදහසයි.නමුත් එයින් කතාවේ හරයට කිසිම බලපෑම්ක් වෙලා නැ කියලා කියන්න පුළුවන්.


    චිත්‍රපටයේ දෙවන දර්ශන  යොමු වෙන්නෙ දෙදෙනා වසර පහකින් පසු විවාහ වෙන ආකාරය නිරූපණය කිරිමටයි.එය සරළ විදියට ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් එයින් පසු දෙදෙනා හනිමුන් එකට දුර රටකට යන සිදුවිමත් එක්ක  චිත්‍රපටයේ එක් පැතිකඩක් කතා කරනවා කියලා මට හිතෙනවා. තුල්සී අවුරුදු 19 මවක් වෙලා දරුවා ඉවත් කර ගන්නවා.එත් ඇයට වසර පහක් යනකන් එය අමතක කරන්න බැරි වෙනවා.මටනම් හිතෙන්නේ එක තමයි මවු සෙනෙහස කියලා.තමන්ගේ ලේ විකූර්තී වෙලා ඇගේ පිළිකාවක් ඇති උනා වගේ වේදනාවක් ඇයගේ හිතේ ඇති වෙලා තියෙනවා කියලා නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.ඇගේ මානසික මට්ටම කායික මට්ටම සියල්ල ඒ දර්ශන වලින් ඉතාමත් අලංකාර ලෙස පෙන්වලා දීලා තියෙනවා.


    මේ නිර්මාණය යතාර්ථය හා කල්පිතය අතර දොලනය වෙන විදියට තමයි කරලා තියෙන්නේ.මේ වෙලාවේ දියා හිටියානම් මවගේ තුරුල්ලේ කෙතරම් සතුටින් ඉන්නවාද කියන එක නිර්මාණය කරුවා ඉතාමත් සූක්ෂම විදියට අපට පෙන්වලා දෙනවා.ඇය ඇදගෙන සිටින ඇදුම සුදු පැහැයට හුරු නිසා මෙය ආත්මයක් විදියට අපට ඉගියකින් ලබා දෙනවා.කුඩා දරුවෙක් මවකට දෙන ආදරය මෙතරම්ම සුන්දරයි ද? මවකගෙන් දරුවෙක් වෙන් කිරිම මෙතරම් අසීරුයි ද? පහත් ද ? කියලා නිර්මාණ කරුවා නිතරම අපෙන් ප්‍රශ්න කරනවා.


    මේ අතර තුර ක්‍රිෂ්ණාගේ පියා හදිස්සී අනතුරකින් මිය යනවා.එම දර්ශන නරඹන කෙනෙක් හට සාමාන්‍ය මිය යෑමක් විදියට පෙනුනත් එහී ඇති සංකීර්ණ වගේම සියුම් ග්‍රහණය කර ගැනීම් ඉතාමත් ආකර්ෂණීයයි කියලා මට හිතෙනවා. ඔහුගේ පියා ජලය හිස් ටැංකියකට වැටිලා පසුව තමයි මිය යන්නේ.ඒ සිදුවිම මවක් හා දරුවෙක් අතර තිය සම්බන්ධය එක්ක පොඩ්ඩක් හිතුවොත් ලස්සන අර්ත කතනයක් දෙන්න පුළුවන් වේවී කියලා මට හිතෙනවා..


    මේ ටැංකිය තමයි දරුවා පිලිසිද ගන්න ගර්භාෂය, එතකොට එක වතුරත් එක්ක එකතු උනාම ළමයා වැඩෙන වතුර බැග් එක ( කුඩා දරුවන් මවගේ කුසේ වැඩෙනකොට ජල බැගයකට සමාන විදියට සීටී ) එතකොට මේ ටැංකියේ දොර තමයි අම්මාගෙත් ළමයාගෙත් බැදිම එකතු කරන පෙකිනි වැළ ඒ සම්බන්ධතා ඔක්කම අයින් කරලා ළමයාගේ හුස්ම හිර කරලා කුසේදිම මරළා දානවා.එක ඉතාමත් ලස්සන විදියට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.


    ඒ සිදුවිමත් එක්ක පළවෙනි අඩ හොරාව ගෙවිලා යනවා.දෙවන අඩ හොරාව පුරාවටම මේ ගබ්සාවට සම්බන්ධ සියලු දෙනා මිය යන ආකාරය නිර්මාණය තුලින් අපට බලාගන්න පුළුවන් වෙනවා.එත් එක්කම තුල්සී මේ සියල්ල සිදු කරන්නේ දීයා කියලා හොයා ගන්නවා.ඒ වගෙම මිය යන සියලු දෙනා මිය යන්නේ හුස්ම හිරවිම නිසා.එතකොට හිතන්න්කෝ ගබ්සාවේ දී මේ පුංච් දරුවාට කෙතරම් වේදනාවක් දැනෙන්න ඇති ද කියලා. මේ සියල්ල තෙරුම් ගත් පසු තුල්සී  දියාට කතා කරනාවා.ඒ වෙලවේ පුංචි දියාගේ හඩින් කියවෙන වචන නිසා එය නරඹන ඕනම කෙනෙක්ට සංවේදීතාවයක් එකතු කරනවා කියලා මට හිතෙනවා.


    පළවෙනි හොරාව අවසන් වෙනකොට ඉතිරි වෙන්නේ ක්‍රිෂ්ණා විතරයි.ඇය මේ උපදින්න හිටිය දරුවාගේ පියා.නමුත් දියා ඔහු සමගද කෙන්තියෙන් සිටිනවා කියලා නිර්මාණ කරුවා පෙන්වා දෙනවා.ඒ තුලින් ඔහු අපට මවක් හා දරුවෙක් අතර තියෙන රසායනික බැදිම තවත් හොදින් පෙන්වලා දෙනවා. දෙවන අඩ හොරාව පුරාවටම බිරිදක් තම සැමියාට සළකන විදිය ගැන, ඒ වගෙම බිරිදකගේ වගකීම් ගැන ඉතා හොදින් කතා කරනවා.දරුවා හා සැමියා යන දෙකෙන් එකක් තොරා ගැනීමට ඇයට සිදු වෙන විට ඇය තම සැමියා වෙනුවෙන් ජිවිතය කැප කරනවා.ඒ තුලින් නිර්මාණ කරුවා ගැහැණියකගේ තියෙන උදාරත්වය තව තවත් හොදින් පෙන්වාලා දී තියෙනවා කියලා මට හිතෙනවා. අවසානයේ ඇගේ කැපවිම මතම සියල්ල සිදු විම නිසා මේ නිර්මාණය ඉතාමත් සාර්ථක උනා කියලා මට හිතෙනවා.


    චිත්‍රපටය එතරම් ත්‍රාසය එකතු උන චිත්‍රපටයක් නෙවෙයි කියලා මට හිතෙනවා.චිත්‍රපටයට යොදාගත් තාක්ෂණය ඉතාමත් හොද මට්ටමක් තිබුනා කියන්න පුළුවන්.නමුත් මේ කතාව මිට වඩා කුතුහලයක් එන විදියට නිර්මාණය කරානම් අපිට මිට වඩා මේ චිත්‍රපටය දැනෙන තිබුනා කියලා මට හිතෙනවා. මේ සිදුවිම සැබෑ  ජිවිතයේ බොහෝ දෙනා අතින් සිදු වෙනවා.එය ඉංදියාවට විතරක් නෙවෙයි අපේ පුංව්‍ රටටත් පොදු දෙයක්.ගොඩක්  ගබ්සාවක් කරනකොට අනේ ජීවයක් නැ නේ කියලා හිතලා කරනවා.එත් ඒ මේ ලොකෙට එන්න හිටිය මල් කැකුළක්. ගබ්සාව හරී ද වැරදි ද කියලා.ඔයාට මේ කතාව බලලා තිරණය කරන්න ආරාධනා කරනවා.


    මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒ.එල්.විජේ විසින් වන අතර ‍රංගනයෙන් දායක වන්නේ සායි පල්ලවි, නාගා ෂෝරියා යන අයයි.චිත්‍රපටය 2018 අප්‍රේල් 27 දින තිර ගත කරන්නට යෙදුනා.චිත්‍රපටය  ඉතාමත් ලස්සන ගීත පහකින් අලංකාර වන අතර ඒ සදහා මුලු චිත්‍රපටයෙන් විනාඩි 17 කාලයක් වෙන් කරලා තියෙනවා.



    0 comments

  • Tholi Prema

    Tholi prema 2018

     ගූගල් පරීශිලක දර්ශකය 94%

     IMDB 7.3/10

    සදක් කොහොමද  බැබලෙනේ ඉර නැත්නම්, මමත් කොහොමද හිනහෙන්නේ නුඹ නැති නම්

    මටනම් හිතෙන්නේ ජීවිතයේ ලස්සනම වගේම සුන්දරම හැගීම ආදරය කියලා.ඒ ආදරය අපේ මනසට එකතු උනාම අපි අපිටත් හොරෙන් ජිවතය විදිනවා.ආදරය කොච්චර සුන්දරයි ද කියලා  මම හිතන්නේ මේ ලොකේ ඉන්න කාටවත්ම වචනෙන් කියන්න නම් බැරිව ඇති.හීමිදිරි උදයක මම කියනවා ඔයාට ලස්සන ගමනක් යන්න කියලා.ලස්සන උඩ කන්දකට නැගලා තෙරෙක් නොපෙනෙන ඈතක් දිහා බලාගෙන අත් දෙක ඈත් කරගෙන සුළගේ පහස විදිනකොට මනසට එන සැහැල්ලුව කොච්චරනම් මීහිරී ද? ලා හිරු කිරණ අපේ ඇගට වදිනකොට කුරුලෝ කීච් බීචි ගාලා ගීත කියනකොට මනසට එන සැහැල්ලුව ඔයා මොහොතක් ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න.ඔයාගේ හිත සතුටින් පිරිලා කියලා මම හිතනවා.ජිවතයේ කවදා හරී අහම්බෙන් හම්බෙලා.එක පාරට දැකපු ඒ ඇස් දෙක් අදටත් ඔයාගේ මනසේ ඇදිලා ඇති.එයා එක්ක දුර ගමනක් යන්න කියලා හිතාගෙන ආදරය අහපු වෙලාවේ.ඔයාට එයා කැමති උනාම මේ ලොකෙම දිනුවා වගේ සතුටක් එන්න ඇති.පළවෙනි ආදරය ඒ තරම් ඔයාගේ හිතට දැනෙන්න ඇති.ඒ වෙලාව මොහොත ටිකක් මතක් කරගන්න.ඔයා ඒ සතුටට මොනාදා නොකලේ ජිවතයම පිරිළා වගේ නේද? ආදරය කියන්නේ බෙහෙතක් වගේ අපේ මනසට.ඉතින් ඒ ලස්සන ආදරය අපි සිනමාව එක්ක එකතු වෙලා බලමු මොහොතකට.

    ආදිත්‍ය කියන්නේ හොදට සල්ලී තියන ගොඩක් විනොදයෙන් කාලය ගත කරන කොල්ලෙක්.ජිවතයේ සතුට වැඩ් කමට හැම දේම ගැන සරළව හිතන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ගොඩක් සතුටින් ඉන්න ආදිත්‍යගේ ජීවිතයට වර්ශා ලං වෙනවා.  එයාලාගේ ජිවිතය ආදරය එක්ක කොච්චර සතුටින් ගලාගෙන යනවාද කියලා ඔයාට මේ ලස්සන කතාව තුලින් බලා ගන්න පුළුවන් වෙනවා. 

    කතාව පටන් ගන්නකොටම නිර්මාණය තුලින් අපිට ආදිත්‍යව හදුන්වලා දෙනවා.ඔහුගේ සතුටින් පිරුණ ජිවිතය ඉතාමත් ලස්සන ගීතයකින් පෙන්නුම් කරන නිසාම කොහෙද අපිට කතා අපේ මනසට දැනෙනවා.එය එතරම් සුන්දරයි කියලා මට හිතෙනවා. ඒ සතුට අපෙන් එක මොහොතකටවත් උදුරා ගන්න නිර්මාණ කරුවා උත්සහ නොගෙනම ආදිත්‍යගෙයි වර්ශාගෙයි හමුවිම එකතු කරනවා.

    ආදරය කරන ඕනම දෙන්නෙක්ගේ හමුවිම කොච්චියක සිදු වෙනවානම් කලාව එය ඉතාමත් ලස්සන ඇසකින් බලනවා කියලා මට හිතෙනවා.වර්ශා ඉතාමත් රූ සපුවක් තියෙන සුන්දර කාන්තවක් ඇයගේ පෙනුම පලමු වරට දුටු විට ඔයාගේ මනසට නැගෙන්නේ Harry potter  චිත්‍රපටයේ එමා වොට්සන්ව ඒ ඇය පැළදගෙන සිටින කන්නාඩි දෙක නිසා කියලා ඔයාට තෙරුම් ගන්න පුළුවන් වෙයි.

    ආදරයේ කුතුහලය මනසේ රදාවාගෙන ඉන්නකොට ආදිත්‍යට එය වර්ෂාට කියන්න අවස්තාවක් හදලා දෙනවා.ඕනම ආදරය කරන කොල්ලෙක් තමන්ගේ පෙම්වතිය ඉදිරියේ විරයෙක් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා මට හිතෙනවා.ඒ පුංචි සංකල්පය සිනාමාවට ලස්සනට එකතු කරන්න නිර්මාණ කරුවා උත්සහ අරන් තියෙනවා.චිත්‍රපටයේ එන ලස්සනම දර්ශනය තමයි වර්ෂා එක්ක ආදිත්‍ය  රේල්වේ ස්ටේෂන් එකේ තනිවෙන දර්ශනය.එය කෙතරම් සුන්දරයි ද කියනවානම්.මෙය බලන ලංකාවේ කෙනෙක්ට පේරාදෙණිය සරසවි ප්‍රේමය පවා මතකෙට එනවා කියලා මට හිතෙනවා.එහිදි මේ ආදරය ආත්ම ගත ආදරයක් විදියට කියන්න නිර්මාණය  කරුවා උත්සහ අරන් තියෙනවා.පරිසරය පවා මේ දෙන්නගේ ආදරයට එකතු උනා කියලා ඉතාමත් සංවර වගේම සුන්දර දර්ශන වලින් නිර්මාණ කරුවා පෙන්වලා දිලා තියෙනවා. මේ හැම සුන්දර සිදුවිමක් එක්කම පළවෙනි අඩහොරාව ගලාගෙන යනවා අපිටත් නොදනීම.

    ආදරය නැමති නිල් මානෙල් මල දෙදෙනාගෙම හිත්වල ඇති උනත් එය දළු දාන්න බලන් ඉන්නකොට කෙටි කාලෙකට දෙන්නා වෙන් වෙනවා.ඒය තරම්ක් වේදනාකාරී හැගීමක් හිතට එන දර්ශනයක් උනත් එය ඉලග දර්ශන එක්ක එකතු කරලා ගත්තාම හැගීම් ඉතාමත් හොදට ස්පර්ශ කරන දර්ශනයක් කියලා මට හිතෙනවා.

    ජිවතයේ තවත් සූන්දරම ප්‍රේමය තියෙන්නේ සරසවිය ඇතුලේ කියලා මට හිතෙනවා.ඉලග අඩ හොරාවම වෙන් වන්නේ දෙන්නාගේ සරසවි ප්‍රේමය විදිමටයි.ඒ දර්ශන නරඹන ඔබට පේරාදෙණිය සරසවිය මණසට එනවා නොවනුමානයි.සරසවිය ඇතුලේ ඉගනීම කරන ගමන් ආදරය කරන දර්ශන ඉතා සංයමයකින් නිර්මාණය කරලා තියෙනවා.කෙල්ලෙක් ආදරය කරනකොට කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙවල් සියල්ල ලස්සනට ඒ දර්ශන තලවලදි කතා කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ආදරය නැමති නිල් මානෙල් මළ අද හදවත් වල පිපිලා එය උච්චතම  අවස්තාව ආවාම ඔවුන්ගේ ගතින් පවා එකතු වෙලා ආදරයේ පහස විදින්න බලනවා.

    ආදරයේදී කාන්තාන් හැගීම් සංවර ලෙස සගවාගෙන සිටියත් ඔවුන් ආදරය ඉදිරියේ හැගිම් මතු කරොත් එය පාලයනයෙන් තොර වෙනවා.සැබෑ ලෙසම කෙල්ලෙක් තමන් ආදරය කරන කෙනාට තුරුල් වෙලා එයා තුලින් අලුත් ලොකයක් දකින්න ආස කරනවා.ඒ නිසාම ආදරයේදී කෙල්ලෝ හරී ලොබයි කියලා  මට හිතෙනවා.මේ සංසිද්ධිය සියල්ල එකට එකතු කරලා ඉතා ලස්සනට එම කොටස් චිත්‍රපටයට එකතු කරලා තියෙනවා.

    ලස්සන ගලාගෙන ආව ආදරයට බාදාවක් එන්නේ ඒත් එක්ක ඒත් එක්ක දෙන්නාගේ වෙන් විම නරඹන ඔබගේ නෙතට කදුලු එක් කරනාවා ඇති කියලා මට හිතෙනවා.ආදරය වේදනාව  දරාගෙන කාලයක් ගත වෙනවා.එත් හදවත් වල රිදුම කෙතරම් තියෙන්න ඇති ද මටනම් එය සිතාගන්නටවත් නොහැකියි.ආදරය කරනකොට සතුට වගෙම ආදරයෙන් වෙන් වෙන්කොටත් එය මහා දුකක් කියලා කියන්න පුළුවන්.

    මේ වෙලාවේ ඒ සිදුවිම් එක්ක එකතු වෙන ලස්සන ගීයක කොටසක් මගේ මතකයට එනවා.එය මම එකතු කරන්නම් එතකොට ඒ දෙදෙනා ආදරය වෙන් උනාම විදපු වේදනාව තවත් ලස්සනට පෙන්වලා දෙන්න පුළුවන් වේවී.

    උණුසුමක් රැඳි පලල් උරයට

    වෙලී සැතපී නිදන යුගයක

    නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම්

    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන

    කඳුළු නෑ එහෙනම්

    සමහර දෙවල් කාලය විසදයි කියලා අපි කාලයට බාර දෙනවා.එත් ඒ කාලයම අපිටත් හොරෙන් අපෙන් දෙවල් උතුරාගෙන යනවා.එතනින් එහාට කතාව ගලාගෙන යන්නේ ඉතාමත් වේදානාකාරී විදියට.ආදරය කරන කෙනෙක් සදහටම නැති උනොත් එයා මේ ලොකේ නැ කියලා කාලයක් අරගෙන හිත හදා ගන්න පුළුවන්.එත් එයා ජිවත් වෙලා ඉන්නකොට තමන් ලග ඉන්නවා දැක දැක කතා නොකර ඉන්නවානම් ඒ හැගිම කෙල්ලෙක් කොහොම විදින්නද ? ආදරයට ආදරය කරපු කෙනෙක්ට එය එතරම් ලෙසී දෙයක් කියලා මම හිතන්නේ නැ.ජිවිතේ සමහර වෙලාවට ආදරය කරනකොට අපි ආදරය කරන කෙනා වෙනුවෙන්  ඉවසන්න වෙනවා.ගොඩක් අය හිතන්නේ එක දුර්වල කමක් කියලා.එත් සමහර වෙන් විම් උනාම එවා දාරා ගන්නවාට වඩා ගොඩක් අය හිතන්නේ එදා මම එයා එක්ක ටිකක් කතා කරානම් අද අපි සතුටින් නේද කියලා.චිත්‍රපටයේ අවසාන විනාඩි 45 පුරාවටම කතා කරන්නේ ඔය ගැන.ඒ කොටස් සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍ය දෙයක් උනත් ආදරය නිසා පැරදුන කෙනෙක්ට හදවතටම දැනෙන කොටස් වෙයි කියලා මම හිතනවා.මේ වෙලාවේ ඒ සිදුවිම් එක්ක එකතු වෙන ලස්සන ගීයක කොටසක් මගේ මතකයට එනවා.එය මම එකතු කරන්නම් එතකොට ඒ වර්ෂා ආදරය වෙන් උනාම විදපු වේදනාව තවත් ලස්සනට පෙන්වලා දෙන්න පුළුවන් වේවී.

    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ

    කියාගන්නට බැරිව සිරවුණු

    එකම එක දිග පුංචි පැතුමක්

    තවම පතනවා මං

    තවම පතනවා මං

    මේ ලොකේ කොච්චර ආදරය කරත් හොදව අව්‍යාජ ආදරය තියෙන්නේ අම්මාගේ. දරුවෙක්ට අම්මෙක්ට තරම් මේ ලොකේ වෙන කිසිම කෙනෙක්ට තෙරුම් ගන්න බැ.තමන්ගේ දරුවා රජ මැදුරක හිටියත් දුප්පත් පැලක හිටියත් අම්මාගෙ ආදරය වෙනසක් වෙන්නේ නැ අවසාන දර්ශනය විදියට අරගෙන තියෙන්නේ ඒ හෙතු පාටය කියලා මට හිතෙනවා.අම්මා පුතාව තෙරුම් අරගෙන සියල්ල කියලා දීලා ජිවතයේ ආදරය වෙනුවෙන් ඉස්සරහට යවනවා.ඒ කොටස එකතු කිරිම නිසා කතාවට තවත් ලස්සන අරතයක් එකතු උනා කියලා මම හිතනවා.

    චිත්‍රපටය පුරාවට නිර්මාණය  කරුවා උත්සහගෙන තියෙන්නේ එකම තෙමාවක් ඔස්සේ පමනක් කතා කිරිමට නිසා මෙය ඉතාමත් සාර්ථක උනා කියලා මට හිතෙනවා.මේ ආදරය කරන දෙන්නට කතාව පුරාවටම දිවෙන හතුරන් නැති නිසාත් මෙ දෙදෙනා සමකාලීන තරුණයන් නිසාත් මේ කතාව අපගේ හදවතට කොඩක් කා වදිනවා.මෙහි එන ගොඩක් දර්ශන ඉතාමත් ප්‍රායෝගීක විම මේ චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් කියලා හිතනවා.

    මේ චිත්‍රපටය  අධ්‍යක්ෂණය කරන ලද්දේ වෙන්කී ඇට්ලූරී විසින් වන අතර කතාවද එතුමා විසින්ම ලියලා තියෙනවා.මේ චිත්‍රපටය ප්‍රදාන නලුවා හා නිලිය අතර වැඩි වෙලාවක් දොලනය වෙන විදියට නිර්මාණය කරලා තියෙනවා.මේ කතාවේ ප්‍රදාන නලු නිලියන් විදියට වරුන් හා රාෂී කන්නා රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය  2018 පෙබරවාරි 10 නිකුත් කරලා තියෙනවා. මේ චිත්‍රපටය  2018 වසරේදිම බෙංගාලි භාෂාවෙන්ද නිකුත් උනා.

    මේ චිත්‍රපටය  ගීත හයකින් පරීපූර්ණ වෙන අතර මේ සම්පුර්ණ ගීත වෙනුවෙන් විනාඩි 25 කාලයක් වෙන කරලා තියෙනවා.චිත්‍රපටයේ  " ඇලසානී වරි" ගීතය ශ්‍රීයා ගෝෂාල් ගේ හඩින් ගායනා කිරිම නිසා චිත්‍රපටයට තවත් ආලොකයක් එකතු කරලා තියෙනවා.

    ඒ වගෙම මේ චිත්‍රපටය සදහා සම්මානද ලැබිලා තියෙනවා.

    2019 වසරේ zee cine Awards සම්මාන උළලේ හොදම ආරම්භක අධ්‍යක්ෂක, වසරේ විනොදාස්වාද සපයන්නා ( ගැහැණු), හොදම සංගීත අධ්‍යක්ෂණය යන සම්මාන ත්‍රීත්වයම දිනාගෙන තියෙනවා.

    ඒ වගෙම එම වසරේම දකුණු ඉංදියානු ජාතියන්තර සම්මාන උලලේදී , හොදම අධ්‍යක්ෂණය , හොදම සිනමාකරු , හා හොදම ගායිකාව යන සම්මාන සදහා නිර්දේශ වෙලා තියෙනවා.

    ආදායම් වර්තා තබමින් තිරගත උන මේ චිත්‍රපටය අදටත් බොහෝ දෙනාගේ හිතේ රැදී  නිර්මාණයක් විදියට මට හිතෙනවා.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan