• Posted by : Tharuka Niroshan Sunday, January 31, 2021

    Bhoomi 2021 


    ගූගල් පරීශිලක දර්ශකය 91%


     IMDB 5.2/10





    අපේ කම වෙනුවෙන් නැගී සිටි තරුණයා.


    පුංචි කාලේ අපි බඩිගිනි උනාම අම්මා ගාවට ගිහින් කන්න දෙයක් ඉල්ලනකොට ගෙදර තියෙන මොනවාම හරී දෙයක් දීලා අපේ කුස පුරවනවා. ඉස්සර අපේ ආච්චීලා සීයලා අවුරුදු සීයක් ජිවත් උනා.අපි කට කතාවටත් කියනවා සියක් ආයු ලැබේවා කියලා. අපේ තාත්තා උදෙන්ම නැගිටලා උදෑල්ල කරේ තියාගෙන ගියේ වෙලට.එදා ගම මුලික කරගෙන ජිවත් උන අප කෙතරම් සතුටින් ජිවත් උනාද? අපි අල බතල කාලා ගොඩක් ශක්තිමත් මිනිසුන් විදියට ජිවත් උනා. එත් ඒ සියල්ල අද වෙනස් වෙලා.මිනිසුන් යන්ත්‍ර වලට හුරු වෙලා උදේ ඉදන් හවස් වෙනකන් මුදල් වෙනුවෙන් ජිවතය කැප කරනවා.එදා දිනයකට පිළිකා රොහලට එක් රෝගීයෙක් එනකොට අද දවසට රෝගීන් සීයක් දෙසීයක් එන තැනට පත් වෙලා.මෙවාට වග කියන්න ඕන අපිම නේද ? ලොකය වෙනස් විය යුතුයි.එය කිසිම තරකයක් නැ නමුත් ඒ වෙනස් වීම තුල මිනිසා මිනිසාගෙම විනාශය සාදා ගන්නේ නම් ඒ දියුණුව කෙතරම් සාර්ථක එක වේද? එදා අපි ආදරය කරපු ගම අද කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා. ගංගා හීදී ගිහින් ගොඩක් සතුන් වද වී ගිහින් මේවාට වග කිය යුත්තේ කවුරුන් ද අපට සිතිමට කාලය එලබී ඇත.

    පාරම්පරික ගොවියාගේ ගොවිකම විනාශ වීමට ප්‍රදාන ලෙස බලපෑම් සිදු කර ඇත්තේ බහු ජාතික සමාගම් ය. බහු ජාතික සමාගම් නිසා දේශීය දේ නැති වී යන ආකාරය ඉතා හොදින් නිර්මාණය පුරාවටම අපට බලා ගත හැකිය.

    චිත්‍රපටය ආරම්භ වන්නේ පෘථිවියෙන් එපිට ජීවය සොයන කෙනෙක්ගේ කතාවක් සමගය.එය ඉතාමත් වෙනස්ම ආකාරය ආරම්භයක් ගෙන ඇත.එහීදී නිර්මාණ කරුවා නූතනයේ මිනිසාගේ දියුණුවත් සමග ජීවිත වලට අනාගතයෙදී බලපාන වාසස්ථාන ගැටළුව ගැන ඉතා හොදින් කතා කර ඇත.එය විද්‍යාව පිළිබද ඉගෙන ගැනීමට  කැමති බොහෝ දෙනෙක් හට සිත්ගන්නා සුළු වනවාට සැකයක් නැත. එම නිසා ආරම්භයෙදීම කතාවේ තේමාවට යම් බලපෑම්ක් සිදු කර ඇති බවට අපට පැවසිය හැකිය. එමෙන්ම අප අගහරු ග්‍රහයා මත ජීවයක් ඇති කිරිමට උත්සහ ගනි.එය සිදු කිරිම යහපත් කරුණකී.නමුත් මෙසේ අප නොදන්න ග්‍රහලොකයක ජීවක් ඇති කිරිමට පෙර අප ජිවත් වන මේ ලොකයේ ජීවයේ සුරක්ෂිතතාවය තීරණය කර ඇත්ද යන්න පිළිබඳ නිර්මාණ කරුවා මුලදිම අපෙන් ප්‍රශ්න කර සීටී.
    ගැමි සුන්දරත්වය මෙන්ම ගැමි මිනිසුන් තුල ඇති සරළ බව නිර්මාණ තුලට එකතු කර ගන්නා නිර්මාණ කරුවා. ඔවුන්ගේ ජිවිත වල සරළ බව නිසා ඇති වන සතුට අපට ගීතයකින් පෙන්වා දී ඇත. 

    කතාවේ ප්‍රදාන නළුවා තිරය මතට හදුන්වා දිමත් සමග ඉතා කෙටි කාලයක් තුල නිලියවත් හදුන්වා දිමට සමත් වන නිර්මාණ කරුවා.දෙදෙනා අතර ඇති අන්තර් සම්බන්ධය ඉතාමත් ලස්සන  ආකරයෙන් ගලපා සීටී.එම නිසා චිත්‍රපටය  තුල අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක් සිදු නොකිරිම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉතා තදින්ම බලපෑම් කර ඇත.

    පුංචි කාලේ අපේ තාත්තා  ගොවි තැන් කරලා අපිට උගන්නනා අපිව ලොකු මහත් කරා. උදෙන්ම උදෑල්ල අරගෙන තාත්තා වෙලට යනකොට අම්මා තමයි ඇඹුල උයලා තාත්තා වගෙම අපිව පොෂණය කරේ. හරි ලස්සනට ඒ කාලේ ගලාගෙන ආවා. මේ සිදුවිම එක්ක මට අපේ සිංහල සාහිත්‍යයේ එන ලස්සන ගීතයක කොටසක් මතකයට එනවා.

      " අන්දර යායේ වැවු තාවල්ලේ

        සක්මන් කරනා අප්පච්චී

        දොලේ දියයි මට, කෙතේ නිලයි

       ගහ වැලේ මලයි මට අප්පච්චී "

    එදා ගොවියාට සමාජයේ තිබුන තැන  අද වෙනකොට අයින් වෙලා ගිහින්.ගොවියන්ට වගා කරන්න වතුර නැති වෙනකොට , වගා කරපු වගාවන් විනාශ වෙලා යනකොට, රටටම ණය වෙලා රටටම බත දෙන්න හදනකොට, මේ ගොවියාගේ ජිවිතය කෙතරම් දුක්ඛිත වෙනවා ඇත්ද? ගෙදර දුව පුතා බඩිගින්නේ ඉන්නකොට , දුවට පුතාට පාසල් යන්න පොත පත අරන් දෙන්න කාසි නැති වෙනකොට, සමාජය ගරු කරපු ගොවියා ණය කාරයින් නිසා බැනුම් අහනකොට ඒ ජීවිත කෙතරම් අසරණ වෙනවාද? ඉංදියාවේ වගෙම අපේ රටෙත් මෙක ප්‍රශ්නයක් වෙලා. තුන් වෙලක් බත් කන මිනිසුන් වන අපි කවදාවත් පිගානට බත් ටික එන්නේ කොහොමද කියලා හිතුවා ද? නැ නේද ? මේ සිදුවිම ඉතා හොදින් නිර්මාණ කරුවා ග්‍රහණය කරගෙන ඇති අතර එම කොටස් ඉතාමත් සූක්ෂම ආකරයෙන් ඉදිරිපත් කරිමට සමත් වී ඇත.

      " පලනි ඔයා මට ගොඩක් ගරු කරා

        අහල පහල අයට ඇහුනොත් මට ලැජ්ජයි

        ටිකක් හෙමින් කතා කරන්න

        මගේ සල්ලී දෙන්න බැරි නම් මම මොකටද හෙමින් කතා  කරන්නේ " 

    මේ ලොකේ මිනිසුන්ගේ ජිවයට හෙතුව ස්භාව දර්මයයි.එය මත මේ ලොකය සියලු දේ පාලනය වේ.වැස්ස, නියගය සියල්ල ඒමත පාලනය වේ.නමුත් යම් තැනක එය එසේ නොවේනම් එයට හෙතුව මිනිසා නොවේද? එදා සාර්ථක වු ගොවියා අද අසාර්ථක වේනම් එයට හෙතුව මිනිසා නොවෙද? සල්ලී වෙනුවෙන් කුඩා කුඩා ආශාවල් වෙනුවෙන් ස්භාවික දෙවල් විනාශ කිරිමේ ප්‍රතිඵල විදිමට සිදුවන්නේ අනාගත මිනිසාටම නොවෙද? සියළු දේ එසේ වීමෙදී මේ සිදුවන අසාධාරණයන් කාට කියන්නද? කෝ විලට ගොස් දෙවියන්ට කියන්න ද? කීමට හැක්කේ පොලිසියට හා දේශපාලකයන්ට පමණයි. නමුත් ඔවුන් ද? ඒ සියල්ල අසන්නේ නැත්නම් කුමක් කරන්න ද? මේ සියල්ල මනා ලෙස කතා කරන නිර්මාණ කරුවා කෙතරම් ප්‍රශ්න ආවාත් ගොවියා තුල ගොවි තැනට ඇති ආදරය ඉතා හොදින් ස්මතු කර පෙන්වයි.

       " මම ගොවි තැනට දෙවියෙකුට වගේ වන්දනා කරනවා "

    මේ ලොකේ ඕනම ප්‍රශ්නයකට විසදුමක් කොහේ හෝ ඇත.මේ ප්‍රශ්නයටත් එය පොදු දර්මතාවයකී.ප්‍රශ්නය හදුනා ගැනීම, ප්‍රශ්නය විසදිමට උපක්‍රම යොදා ගැනීම යන සියල්ල ඉතා හොදින් නිර්මාණය තුල කතා කරයි.එහීදි මේ ප්‍රශ්න වලට විසදුම් නූතන තාක්ෂණය  උපයෝගී කරගෙන සිදු කරන ආකරය ඉතා හොදින් පහදා දී ඇත.එනම් කිසි විටක නිර්මාණ කරුවා තාක්ෂණය නරකයි යන අදහසක් අපට ලබා නොදේ.ඔහු පවසා සිටින්නේ තාක්ෂණය  උවත් නිවරදී අකාරයෙන් භාවිතා කරන්නේ නම් එය යහපත් වන බවය.එහීදී චිත්‍රපටයේ ආරම්භය හා මේ කොටස් සම්බන්ධ කෙරේ. මේ කතාව තුල ප්‍රදාන නළුවා විද්‍යාවට සම්බන්ධ චරිතයක්  ( NASA ) සිදු කරයි.එය උකහා ගනිමින් ඉතා හොදින් නූතන ගොවි තැන  හා තාක්ෂණය  ගැන කතා කරයි.එයනම් ඉතාමත් හොද සංයොජනයකී.

    අප රට වගෙම ඉංදියාව තුලත් නිදහස් අධයාපනයට මූලික තැනක් ලබා දේ. කුඩා දරුවෙක් පළමු වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වාම ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාබ ලබා ගනී. නමුත් එයින් බොහෝ පිරිසක් රටට සේවය නොකරයි.මෙය රටකට යහපත් දෙයක් නොවේ.රටක ඉපදුන සියළු දෙනා තමාගේ රටට තාමාගේ මවට මෙන් ආදරය කළ යුතුය. එහීදී නිර්මාණය තුලින් දෙශානුරාගය, දේශාභිමානය ගැන ඉතා හොද දෙබස් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර එය තම ඉපදුන රටට ආදරය නොකර බොහෝ දෙනෙක්ට කනේ පහරක් වනු ඇත.

       " මම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වැඩ කරනකොට..
      
         මගේ රට අභ්‍යාවකාශයේ ඉදන් බලන්න පැය 92 ගත වුනා

         මගේ රට අභ්‍යාවකාශයේ ඉදන් ලස්සනයි

         නමුත් ඒ ලස්සන තිබුනේ දුර ඉදන් විතරයි

         මම ලගට ගියාම ඒ දෙවල් තෙරුනා

         මගේ රට වැරදි  පැත්තකට යන්නේ කියලා "

    රටක ජීවනාලිය ලෙස අප හදුන් වන්නේ තරුණ ප්‍රජාවය.ඔවුන් ඉතාමත් ශක්තිමත්‍ වන අතර නිතතින්ම අභියෝග බාර ගැනීමට  කැමතිය. නායකත්ව කුසලතා හා දැනුමෙන් පොෂණය වන තරුණ පරපුර යහ මගට ගෙන නිවරදිව රටේ දියුණුවට යොදා ගන්නා ආකාරය නිර්මාණ කරුවා ඉතා හොදින් ඉදිරිපත් කර ඇත.ලොකයේ පැවත්මට වග කියන ජීවින් කොටසක් ලෙස අප මී මැස්සන් හදුන්වා දෙන්නෙමු.ඔවුන් නොමැතිව මිනිස් පරපුරකට ජිවත් විය හැක්කේ වසර හතරකට අඩු කාලයක්‍ ය.ගොවි තැනක් සාර්ථක විමටනම් අනිවාර්යයෙන් සතුන්ගේ උදවු අවශ්‍ය වේ.නමුත් එය කෙසේ යොදා ගන්නෙද යන්න ඉතා වැදගත් වේ මේ සියල්ල ඉතා හොදින් දර්ශන තලය තුල කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වේ.තවද මේ නිර්මාණය සිදු කිරිමට පෙර බොහෝ මූලාශ්‍ර පරීශිලනය කර තොරතුරු ගෙන ඇති බවට අපට තෙරුම් ගත හැකිය. 

    චිත්‍රපටය තුල සියුම් කොටස් පවා ඉතා හොදින් පෙන්නුම් කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.

     " එක් අවස්තාවකගේ ගොවියන් හතර දෙනෙකුගේ ඇස් අන්ද වේ. ඔවුන් හතර දෙනා පසු කුඩා දර්ශනයකදී කළු කණ්නාඩි පැලදගෙන සිටින සීටී " 

    තවද මේ චිත්‍රපටයේ සමහර දර්ශන තල එක්ක 2019 වසරේ මහේෂ්බාබු රංගනයෙන් දායක උන Maharshi චිත්‍රපටයේ දර්ශන සමාන විම නිසා.මෙය නරඹන විට එය සිහියට නැගීම සාමාන්‍ය කරුණකී. චිත්‍රපටය කාල පරාස තුනක් තුල කතාවේ ප්‍රදාන තෙමා තුනක් කතා කිරිමට උත්සහගෙන ඇති අතර, පළවෙනි කොටසේදී ප්‍රශ්නය හදුනා ගැනීමත්, දෙවන කොටසේදී සාදාරණ විසදුම් ලබා දිමත් තෙවන කොටසෙදී අභියෝග වලට සාර්ථකව මුහුන දිමත් ලෙස එය බෙදී යයි.

    ලොක වෙලද පොල මෙන්ම රටවල් වල වෙලද පොලද පාලනය කරන ප්‍රදානීයා වන්නේ බහුජාතික සමාගම් ය. බහු ජාතික සමාගම් නිසා බොහෝ විට දේශිය දේට ඇති වන ඉල්ලුම අඩු වී යයි.අප බහු ජාතික සමාගමක් අභිබවා යෑමට  උත්සහ ගත්තහොත් බොහෝ විට කරදර රාශියකට මුහුන දිමට සිදුවේ. ඒ පිළිබඳ පුළුල් ලෙස ගවේෂණ කර ඇති නිර්මාණය කරුවා චිත්‍රපටය තුලින් බහුජාතික සමාගම් හදුන්වා දීම, ඔවුන්ගේ ප්‍රභලතාව ගැන කතා කිරිම වගෙම දුරවලතා  ගැන කතා කිරිමටද අමතක නොකරයි.ඒ වගෙම ඒ අවස්තාවන් උපයොගී කරගෙන මිනිසාගේ දුර්වලතා ද කතා කිරිම විශේෂත්වයකී.

      " තරගය, ආගම , භාෂාව, කුළය !

        එයාලාගේ රැකියාවට වඩා වැඩිය "

    ආදී මිනිසා ඉතා හොද වාරී තාක්ෂණයක් සමග එන ගොවි තැනකට හුරු වී තිබුණු බව අප දන්නා කරුණකී.අද ගං වතුරක් අදික නියගයක් ආ විට බොහෝ පිරිස් සිටින්නේ කුසගින්නේය. සමහර විට දෙපල පවා විකුණා ආහාර සොයා ගනී.නමුත් එදා සමාජයෙත් මෙවනී ආපදා සිදු විය.ඒ අතරින් මිනිසුන් කුස ගින්නේ මිය ගිය අවස්තා අඩුය.ඒ සදහා ඔවුන් ඉතා හොද උපක්‍රම යොදා ගත්තේය. අද අපි කතා කරනවා තාක්ෂණය අතින් ලොකය දියුණු බවට නමුත් ඒ දියුණුවට වඩා එදා තාක්ෂණය කෙතරම් ඉහලින් තිබී ඇත්ද යන්න ඉතා හොදින් නිර්මාණ තුල කතා කරන අතර අවස්තා සම්බන්ධය මනා කොට ගොඩ නගා ඇති නිසා එය ඉතා හොදින් අපට පැහැදිලි  වේ.

       " මේ කොවිල් වල ඉන්නේ දෙවියන් විතරක් නෙවෙයි 

         මිනිසුන්ට ප්‍රයොජනවත් විද්‍යාවක් ද තියෙනවා 

         ඒ දවස් වල රජවරු
      
         පන්සල් හදනකොට උස කුළුණු ඉදි කළා

         එවාගේ බීජ තැන්පත් කරා

        ස්භාවික විපත් නිසා ගම්මාන විනාශ උනත්

          කෘෂිකාර්මාන්තය විනාශ උනේ නැ "

    චිත්‍රපටය සියළු අංගයන්ගෙන් පරීපූර්ණ වන අතර කිසිම අවස්තාවක් කාලය කා දැමිමක් සිදු නොකිරිම චිත්‍රපටය තුල මා දකින විශේෂ ලක්ෂණයකී.චිත්‍රපටය පුරා කිසිදු මවා පැම් නොමැති අතර සියල්ල ප්‍රායෝගීක තත්වයන් වලට අනූරුපව නිර්මාණය කර ඇත.චිත්‍රපටය ගීත සියල්ල අලංකාර ලෙස නිර්මාණය කර ඇති අතර එහී විශෙෂත්වය වන්නේ ගීත තුලින්ද චිත්‍රපටයේ ප්‍රදාන තෙමාවට බලපෑම් එල්ල කර තිබීමයි.චිත්‍රපටය සටන් ජවනිකා මෙන්ම මානව වාදී අදහස් වලින් පරීපුර්ණ කිරිමට සමත් වන නිර්මාණ කරුවා දේශාභිමානය වර්දනය කිරිමට නිතර  ඉංදියානු ජාතික ගීයේ කොටස් පසුබිමෙන් වාදනය කරයි. 

    චිත්‍රපටය තිදෙනෙක් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ප්‍රදාන නළු නිලියන් ලෙස නිදී අගර්වාල් රංගනයෙන් දායක වේ.චිත්‍රපටය ගීත හතරකින් යුක්ත වන අතර ඒ සදහා චිත්‍රපටයේ කාලයෙන් විනාඩි 20 ක ප්‍රමාණයක් යොදාගෙන ඇත. චිත්‍රපටය 2021 ජනවාරි 14 වන දින අන්තර්ජාලයට නිකුත් කරන ලදී.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan