• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Anjaan 2014


    ගූගල් පරීශිලක දර්ශකය 87%


    IMDB 5/10



    හතුරන් ලගවත්
    දොහින් ඉන්න හොද නැ 


    හොද යාලුවෙක් නැති ජීවිතය ශාක්ෂියක් නැති මරණය වගේ.


    අපේ ජීවිතයේ අපි හැමොටම හොද යාලුවෙක් ඉන්නවා කියලා මම දන්නවා. සමහර විට ඔයාගේ අම්මා තාත්තාට වඩා ඔයා ගැන දන්නේ ඒ යාලුවා වෙන්න පුළුවන්. අපි ජීවිතේ කරන හොර වැඩ ඔක්කම දන්නේ ඒ යාලුවා. ජීවිතේ උඹ වැටුණු දවසට උබට නැගීටින්න හයිය දෙන්නේ උබේ යාලුවා. සමහර විට ඔයාගේ හොදම යාලුවා පාසල් යන කාලේ ඉදන් ඉන්න ඇති කොහොම උනත් ජීවිතය හොද යාලුවෙක් කියන්නේ ආභරණයක් වගේ. ඔයාට හිතෙනවා ඇති මම ඇයි අද මේ යාලුවෝ ගැන කතා කරන්නේ කියලා.එකට ලොකු හෙතුවක් තියෙනවා.මොකද අද මම කතා කරන චිත්‍රපටයට කාතා තෙමාව වෙන්නේ හොදම යාලුවා හා යාලුවෝ නමින් ඉන්න හතුරන්  ගැන. මට මේ කතාව කියනකොට ලස්සන ගීතයක් මතක් උනා. ඒ ගිතය එක්ක අපි අද කතාව බලමු.

    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනිදැල් නොවෙමු

    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    නපුරු හීනය නොවෙමු

    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන
    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    මේ කතාව පටන් ගන්නේ  ක්‍රිෂ්ණා තමාගේ සහොදරයාව හොයන්න මුම්බායි නගරයට එමත් සමගය. තමාගේ සහොදරයා ඉන්නේ කොහෙද කියලා හොයන්න හිතවතුන්ගෙන් පවා උදවු උපකාරය ඉල්ලා ගන්න  ක්‍රිෂ්ණාට සිද්ද වෙනවා. නමුත්  වැඩ් කාලයක් ගතවෙන්න කලින් මේ ක්‍රිෂ්ණා කියන්නේ රාජු බායි ගේ සහොදරයා නෙවෙයි කියලා දැන ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ ක්‍රියාදාම චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය ගලාගෙන යනවා.

    චිත්‍රපටය ආරම්භය ගන්නේ කොමඩි නලුවෙක් වෙන සූරීගෙන් එය ඉතාමත් අපූරුයි චිත්‍රපටය ආරම්භයේදිම නරඹන්නාගේ මනස සතුටින් පුරවන්න නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා කිවොත් මම නිවරදී කියලා හිතනවා. ඒ සමගම කතාවට ක්‍රිෂ්ණා  එකතු වෙනවා.ක්‍රිෂ්ණාගේ දේහ ලක්ෂණ ගැන කතා කළ යුතු වෙනවා. ඔහු එක් කකුළක් ආභාද කෙනෙක් , ඒ වගෙම කන්නාඩි දෙකක් පළදින පිලිවලට අදින කෙනෙක් විදියට තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. තවද වම් අතේ බැග් එකක් තියාගෙන ඉන්න නිසා සැබෑ  ලෙසම අසරණ කෙනෙක් කියලා නිර්මාණ කරුවා පෙන්වා දී තිබෙනවා. එය ඉතාමත් ප්‍රායෝගීක  ආකාරයෙන් නිර්මාණය කිරිම තුළින් රාජු බායිගේ මල්ලී දුර්වල කෙනෙක් කියලා ආරම්භයෙදී නරඹන ඔනාම කෙනෙක්ට තෙරුම් යනවා. නමුත් ඔහුගේ හැසීරීම් දිහා බලපුවාම තෙරෙන්නේ ඔහු ඉතාමත් උපායශීලි අයෙක් කියලයි.

    එක් අවස්තාවකදී කුඩා දරුවෙක් ඔහුගේ දකුණු අතේ තිබුන බැග් එක අරන් දුවනවා.එය නරඹන කෙනෙක්ට සරළ දෙයක් විදියට පෙනුනත් එයින් ක්‍රිෂ්ණා කෙතරම් ශාරීරීකව දුර්වල කෙනෙක් ද කියලා නිර්මාණ කරුවා තව දුරටත් අපට පෙන්වා දෙනවා. ඒ විනාඩි කිහිපය මන්දගාමී උනත් චිත්‍රපටය ට හොද ආරම්භයක් අරන් දීලා තියෙනවා.ඒ සමගම කතාවේ ප්‍රදාන වීරයා රාජු බායි හදුන් වා දෙනවා.එය නිර්මාණ කරුවා ගීතයක් සමගම සිදු කිරිම මගින් චිත්‍රපටය  නරඹන්නාට එන ගැම්ම ලබා දී තිබෙනවා. රාජුබායිගේ දේහ ලක්ෂණ  ගැන කතා කළ යුතු වෙනවා.වම් කනේ කරාඹුවක් දාපු මෙන්ම කොන්ඩේ හැඩට කපපු කෙනෙක් තවද දිග මාලයක් හා කට ඇතුලේ තුට් පික් එකක් රදවා ගත් අයෙක් විදියට තමයි අපිට දැක ගැනීමට  හැකි වෙන්නේ. ඒ සමගම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය සමන්තාව කතාවට එකතු කරන අතර චිත්‍රපටය  එතන් සිට ආදරය කතාවක් විදියට ගලාගෙන යයි.  

    සැබෑ  ලෙසම මැරයෙක්ට ආදරය කිරිම සාමාන්‍ය දෙයක් නොවේ.ඔහුගේ චරිතය හොද හෝ නරක විමට ඇති අවස්තාව  වැඩිය ඒ කිසිවක් ගැන නොහිතා සමන්තා ඔහුට ආදරය කිරිම කතාවට අලංකාරයක් ගෙන දෙනවා.එමෙන්ම ඇය පොලිස් නිලදාරීයෙක්ගේ දුවෙක් වීම නිසා වෙනත් පණිවිඩයක් දිමටත් නිර්මාණ කරුවා උනන්දු වී තියෙනවා කිවොත් මම හරී කියලා හිතෙනවා. චිත්‍රපටය පළවෙනි  පැයකට ආසන්න කාලයක් සමන්තාගේ කොමල රංගනය සමග ආදරණීය විදියට ගලාගෙන යයි. චිත්‍රපටය  සැබෑ  ලෙසම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.එය හැගවිමට නිර්මාණ කරුවා ඉතා හොද උපක්‍රමයක් ලෙස කොකෙක් මාලුවෙක් අල්ලා ගන්නා දර්ශනයක් පෙන්විම් සිදු කරනවා.එය නරඹන කෙනෙක් හට එතරම් දෙයක් නොවුවත් එයීන් චිත්‍රපටයට දෙන පණිවිඩය ඉතාමත් අනර්ගයි කියලා කියන්න පුළුවන්.

    එතන් පටන් රාජුබායිගේ හොදම යාලුවා මිය යනකන් චිත්‍රපටය ක්‍රියාදාම හා ආදරය මිතුරු කම එකතු කරගෙන ගලාගෙන යනවා. චිත්‍රපටය පළවෙනි භාගය එලෙස ගත වෙනවා. චිත්‍රපටයෙ දෙවන භාගය ආරම්භ වෙන්නේ ක්‍රිෂ්ණාගෙන් එතනින් අනතුරුව ක්‍රිෂ්ණා තම නුවන හසුරුවමින් හතුරන් පරාජය කරන ආකාරය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙනවා.එතනින් පසු කතාවේ අවසානය දක්වා සමන්තාගේ දෙබස් ඇතුලත් උවත් එය සැලකිය යුතු කාලයක් පවතින්නේ නැ    එය මගහරවා ගැනීම සදහා නිර්මාණ කරුවා සමන්තාගේ රංගනයෙන් යෙදෙන ගීත ඇතුලත් කර තිබෙනවා.එය ඉතාමත් අපූරු සංකලනයක් කියලා කියන්න පුළුවන්.

    මේ කතාවේ රාජුබායිගේ හොදම යාලුවා ඒ කියන්නේ චන්දු බායි විදියට රංගනයෙන් දායක වෙන්නේ Vidyut Jammwal  වන අතර ඔහු බොහො විට රංගනයෙන් දායක වී ඇත්තේ හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටය  තුළ ඔහුගේ සටන් විලාශයන් ඉතා තීව්‍රර ලෙස පෙන්නුම් කරනවා. චන්දු බායි සටනට ඉතා දක්ෂ කෙනෙක් ලෙස නිර්මාණ කරුවා පෙනවා දිමට යොදා ගන්නවු උපක්‍රමය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු වෙනවා.ඒ කාසියක් කරකවා එය බිම වැටෙන්න පෙර සියලු හතුරන් විනාශ කිරිමයි. එතරම් ශක්තිමත් කෙනෙක් උවත් විනාශ කිරිමට යාලුවාගේ ද්‍රොහී කමට පුළුවන් බව නිර්මාණ කරුවා පුන පුනා චිත්‍රපටය තුලින් අපට පෙනවා දෙනවා.චිත්‍රපටයේ මුල් භාගයේ මෙන්ම අවසන් භාගයේදිද චන්දු බායිගේ රංගනයන් අපිට දැක ගැනීමට  හැකි වෙනවා.ඒ මගින් ඔහු කෙරෙයි රාජු බායිගේ ඇති පක්ෂපාතිත්වය තවත් හොදින් පෙන්නුම් කරනවා.

    ඒ වගෙම මේ චිත්‍රපටය විවිද කොන ඔස්සේ ගමන් කරන නිසා ඔයාලට කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් වෙනවා.චිත්‍රපටය  තමාගේ ජීවිතයට වඩා යාලුවා වටිනවා කියලා ඔප්පු කරන්න ගත්ත උත්සහයක් කීවොත් මම නිවරදී කියලා හිතනවා.ඇත්තටම් එය ඉතාමත් සාර්ථක විදියට සිදු කරලා තියෙනවා. චිත්‍රපටය  සැම විටම ගමන් කරන්නේ හොඩුවාවන් සමගය. එක හොඩුවාක් සොයා ගත් පසු තව හොඩුවාවක් හම්බෙන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.චිත්‍රපටයේ අවසානය දක්වාම ක්‍රියාදාම එලෙසම පවත්වා ගැනීම සදහා නිර්මාණ කරුවා උපායක් ලෙස පළමු භාගය දෙවන භාගයට පුරෝකතනය විදියට ඉදිරිපත් කරළා තියෙනවා. 

    චිත්‍රපටය එන් ලින්ගුසාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ප්‍රදාන චරිත ලෙස රංගනයෙන් දායක වෙන්නේ සූර්‍යා සමන්තා හා Vidyut Jammwal වේ. ඉට අමතර සෙසු චරිත අතරට මනොජ් හා Dalip Tahil එකතු වෙනවා. මේ චිත්‍රපටයේ රූ ගත කීරිම 2013 නොවැම්බර්  මාසයේ 20 වෙනි දින ආරම්භ උන අතර එය 2014 ජුනී මාසයේ නිම කරන්න හැකියාව ලැබිලා තියෙනවා.මෙම චිත්‍රපටය බෙදා හැරිම සිදු කරන ලද්දේ යූටිවි මොෂ්න් පික්චර් ආයතනයයි. මේ චිත්‍රපටය  2018 වසරේ කැප්ටන් කාන් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද අතර එය බංග්ලාදේශයේ නිල නොවන ලෙස තමයි සිදු කරලා තියෙන්නේ.

    චිත්‍රපටයේ රූගත කිරිම් වලද විශේෂතා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ සූර්‍යා හා මලවිකා එකතු වෙලා " Red Dagon 6K Digital camera " එකතු කරගෙන රූගත කිරිම් කරලා තියෙනවා.මේ කැමරාවකින් රූගත කරපු ලොකේ පළවෙනි චිත්‍රපටය මෙක කියලා කියන්න පුළුවන්. මෙම චිත්‍රපටය රූගත කිරිම් කරන අතර තුර සූර්‍යා අනතුරකට පවා ලක් වි තියෙනවා. ඒ අනතුරෙන් සූර්‍යාගේ කකුලේ කුඩා අස්ති බිදිමක්ද සිදු වෙලා තියෙනවා.චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත පහකින් වර්ණවත් වෙලා තියෙනවා.

    චිත්‍රපටය  මිනිත්තු 170 පුරාවට ඔයාලට රස විදින්න පුළුවන් චිත්‍රපටය තිරගත කරලා තියෙන්නේ 2014 අගොස්තු 14 වෙනිදා.ඒ වගෙම මේ චිත්‍රපටයට බොක්ස් ඔෆ්ස් ආදායම් වාර්තා තියන්න පවා හැකි වෙලා තියෙනවා. සූර්‍යාගේ ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය අපිට හදුන්වා දෙන්න පුළුවන් වෙනවා.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan