Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
Master 2021
ගූගල් පරීශිලක දර්ශකය 90%
IMDB 8.0/10
මහාචාර්ය වරයාගේ ආගමනය.
මේ ලොකයට අප බිහිවු දා සිට අපගේ ජිවිතයේ වෙන සිදුවිම් සියල්ල සිදු වන්නේ අප හැදි වැඩී සිටින පරිසරයත් එක්ක වේ. ලෝකයේ කිසිම කෙනෙක් හොද හෝ නරක ලෙස උපත නොලබන අතර ඔවුන් කුඩා කාලයේ ජිවිතයට උකහා ගත් අත්දැකීම් එක්ක ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තීරණය වෙයි.මේ ලොකේ වටිනාම සම්පත දරුවන් ය. ඔවුන්ව රැක ගැනීම අප සියළුම දෙනාගේ යුතුකමක් ලෙස අප දනිමු.කුඩා කාලයේ දරුවෙකු වෙත සිදුවන දූෂණයක් නිසා එම දරුවාගේ මුළු ජිවිතයම වෙනස් මගකට එළබිය හැකිය.කෙනෙක් දුෂණය කීයු කල්හී එය කායීකව සිදුවන දෙයක් ලෙස සලකයි.නමුත් මානසිකව උවද දරුවන් දූෂණය විය හැකිය. මහා ගසක් උවත් වර්ධනය වන්නේ පුංචි පැළයකීනී.එලෙසම දරුණු මිනි මරුවෙක් නිර්මාණය වන්නේද පුංචි පුංචි වැරදි නිසාමය.දරුවෙක් වරදක් කළ විට ඔවුන්ට එය පහාදා දිය යුතුය.නමුත් ඒ වරද නිතරම කරන්නේ නම් එය දඩුවම් දී හෝ පහදා දිය යුතුය.
අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ සමාජයේ අදුරු පැතිකඩක් ගැන කතා කරන චිත්‍රපටයක් ගැන වන අතර මේ නිර්මාණය මේ දිනවල සිනමාහල් වල තිරගතවන බව ඔබ දන්නා කරුණකී.චිත්‍රපටයේ කතාව සම්පුර්ණ විදියට ඉදිරිපත් කිරිමට මා මෙහීදී උත්සහ නොගන්නා අතර තුලනාත්මකව චිත්‍රපටයේ ගුණ අගුණ ගැන කතා කිරිමට බලාපොරොත්තු වේ.යම් අයෙක්ට මෙය කියවිම නිසා චිත්‍රපටය බැලිම අපහසු වේ යෑයි සිතේනම් මෙය කියවන් නැති ව සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු තරුණ අපරාධය කරුවන් පුනරුත්ථාපන කරන කදවුරකට ගොස් එහී සිට පිරිස යහමගට ගන්නා අයුරු මේ කතාව පුරාවටම ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.
තරුණයින් සැමවිටම විප්ලවාකාරී වේ. සාමාන්‍ය ජිවිතෙදී වයස අවුරුදු 16/29 අතර කාලය යොවුන් වියට හා තරුණ විය වෙනුවෙන් වෙන් කෙරේ.මේ කාලයේදී බොහෝ අය ජිවිතයෙදී විවිද අත්දැකීම් එකතු කර ගනී.එවා අතර ඇබ්බැහි වීම ප්රමුඛ තැනක් ගන්නා බව ඔබත් මමත් දන්නා කරුණකී.එමෙන්ම මේ කාලෙයේ අදික ලෙස පීඩනයන්ට ලක් වීම නිසා ඔවුන් නිතතින්ම අපරාධ කරුවන් බවට පත් වේ. මේ සංසිද්ධිය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා නිර්මාණය තුලට ගෙන ඇති අතර එම නිසා චිත්‍රපටයේ ආරම්භය ඉතාමත් සාර්ථක වී ඇත.මෙහීදී තරුණ දරුවාට විදිමට සිදුවෙන කුරීරු වද හිංසා හා එම නිසා ඔහුගේ මනස වෙනස් වෙන ආකාරය ඉතාමත් හොදින් පෙන්වා දී ඇත.ඒ තුලින් තරුණ අපරාධය කරුවෙක් නිර්මාණය කරන නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර ලෙස විජේ සේතුපතිව තිරය මතට හදුන්වා දීම සිදු කර ඇත.
ගුණ දහම් මැකි යන සමාජයක මුදලට සියල්ල තීරණය කරන බව අප දන්නා කරුණකී.එය නිර්මාණ කරුවා අපට සත් සුදක් සේ පහදා දී ඇත.එනම් මේ ලොකේ විශ්වාසය යන සාදකයද මුදලට විකීනී ඇත.එසේනම් අප මුදල් මත තබාගෙන ජිවිතයේ සියළු දේ තීරණය කළ යුතුද ? ආරම්භයේදිම නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සීටී.ආරම්භය සමග ඉතාමත් ඉහල රසිකත්වයක් ගෙන ආව නිර්මාණ කරුවා දෙවන දර්ශන සමග එනම් චිත්‍රපටයේ ප්‍රදාන නළුවා වන විජේව හදුන්වා දිමට තිරය උපයෝගී කර ගනී.
එහීදී ජේ.ඩී නැත්නම් විජේව හදුන්වා දිමට නිර්මාණ කරුවා ඉතාමත් අදික කාලයක් යොදාගෙන ඇත.එය විජේගේ රසිකයන් හට ඉතාමත් හොද දර්ශන තලයක් උවත් බොහෝ විචාරකයන් පවසා ඇත්තේ අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක් ලෙසය. එහීදී අලංකාර ගීත වගෙම සටන් ජවනීකා යොදා ගැනීම තුලින් ජේ.ඩ් ගේ ඇති ශක්තිය හා ඔහුට විශ්ව විද්‍යාලය තුල ඇති කැමත්ත ඉතා හොදින් පෙන්නුම් කර ඇත.නමුත් එවනී සුළු කරුණු දෙකක් සදහා මෙතරම් කාලයක් වැය කිරිම එතරම් සුදුසු නොවේ යන්න මාගේ අදහසයි.එය අනිකුත් දර්ශනයන්ට ඉතාමත් තදින්ම බලපෑම් කර ඇත.
එතනින් පසුව ඇති සියළුම දර්ශනයන් සිදු වන්නේ විශ්ව විද්‍යාලය පාදක කරගෙනය.ඒ වන විට සිනමා සිත්තමේ පළවෙනි හොරාවම ගත වී ඇත. ඒ දර්ශන සියල්ලෙන්ම කතා කරන්නේ ජේ.ඩී ගැන වීම තවත් විශේෂත්වයකී. එහීදී භාවානී ( විජේ සේතුපතිට ) වෙන් වී ඇත්තේ ඉතාමත් කෙටී කාලයකී. වගකීම් විරහිත බව අදික බේබදු කම ඉතා හොදින් විජේගේ චිරිතය තුලින් අපට දැක ගැනීමට හැකියාව ලැබේ.මෙහීදී එදා මෙදා තුල අප දුටු විජේට වඩා යම් තරමක් වෙනස් ආකාරයෙන් ඔහුව දැක ගැනීමට ලැබීම විශේෂ කරුණකී.
චිත්‍රපටයේ English භාෂාවට හුරු වචන වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා චිත්‍රපටයට වෙනස් ආරක රසයක් ලබා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.විජේගේ චිරිතය තුලින් වෙනදා දකින ගැම්ම මුල් අවදියේදී නැති අතර එය චිත්‍රපටයේ තෙමාවට බාදාවක් වී නැත. මෙහීදී අධික බිමත් මහාචාර්ය වරයෙක් ලෙස ඔහුගේ චිරිතය තුල කතාවේ දෙවන භාගයට ඉතා හොද ආරම්භයක් ලබා දෙයි.
චිත්‍රපටයේ දෙවන භාගය තුලින් කතා වන්නේ භවානී හා විජේ අතර සටන සමගය.නමුත් එහීදී චිත්‍රපටය පුරාවටම පුනුරුත්ථාපනයවන ළමුන් යහමගට ගන්න දරණ උත්සහය ගැන කතා කරයි. චිත්‍රපටය හොරා දෙකක්ම වෙන් වන්නේ ඒ සදහාය.
චිත්‍රපටය විජේ රංගනයෙන් දායක උන පෙර සිනමාපට තරම් සාර්ථක නෝවී ඇති බවයි මගේ අදහස.නමුත් විජේගේ රසිකයන් හටනම් මෙය ඉතා හොද චිත්‍රපටයක් වී ඇත.චිත්‍රපටය පුරාවටම චරිත වලට බෙදී ගිය ආකාරය සාර්ථක නොවේ. විජේසෙතුපතිගේන් නිසි අකාරව චිත්‍රපටය පුරාවටම ප්‍රයොජනයන් ගෙන නැත.එමෙන්ම අර්ජුන් දාස්ගෙන් අප මිට වඩා දෙයක් බලාපොරොත්තු උවත් එයට ඔහුට ලැබී ඇති අවස්තාව බොහෝ අඩුය. තවද මලවිකාගේ චිරිතය චිත්‍රපටය පුරාවටම බොහෝ විට දැක ගැනීමට නොලබුනී.එම නිසා චිත්‍රපටය පුරාවටම චිරතයන් බෙදී යාම අතින් යම් අඩුපාඩුවක් වී ඇති බව මාගේ අදහසයි.
චිත්‍රපටය පුරාවටම විජේව හයිලයිට් කිටිමට බොහෝ උත්සහයන් ගෙන ඇත.පසුබිමෙන් පවා තලපති විජේ යන නම ප්‍රකාශ කරයි.ඇත්තටම එය චිත්‍රපටයක් තුල විය යුතුද? යමෙක් සිතයි මම මෙසේ පවසන්නේ තරහින් කියා නමුත් එය එසේ නොවේ මමද විජේගේ රසිකයෙකී.චිත්‍රපටය බොහෝ දර්ශන වලින් තුප්පක්කී චිත්‍රපටයට සිහියට එයි.
චිත්‍රපටයේ කතා තේමාව ඉතාමත් පැහැදිලි ලෙස කතා කරන්නේ දෙවන භාගයේය. දෙවන භාගය ඉතාමත් සංවේදී දර්ශනයන්ගෙන් යුක්තය. ඒ තුලින් භවානීගේ ඇති කූරත්වය ඉතාමත් හොදින් පෙන්නුම් කිරිමට උත්සහගෙන ඇත. චිත්‍රපටය සමහර දර්ශන ඉතාමත් පුදුමාකාර වෙයි.
" එක් අවස්තාවකදී ජේ.ඩී. මෙසය උඩා නිදාගෙන සිටින විට කුඩා ළමුන් දෙදෙනෙක් ඇවිත් ලියුමක් සාක්කුට දාමා යයි.එහීදී දරුවන් දෙදෙනා ජේ.ඩී ට කතා කරත් ඔහු අවදී නොවේ.නමුත් ඒ සැනින් වදින සීනුවට අවදී වෙයි "
එයනම් පුදුමාකාර දර්ශනයකී. එම දර්ශනය ඉට වඩා තාත්වික ලෙස ඉදිරිපත් කරානම් චිත්‍රපටයට තවත් රසයක් එකතු වීමට තිබුනා යන්න මාගේ අදහසයි.
ළමා මෙහෙකාර සේවය , ළමා ජාවරම් පුනුරුත්ථාපනය මේ සියල්ලම ඉතාමත් හොදට මිට වඩා කතා කිරිමට තිබුනී.නමුත් එය එසේ නොවිම කණගාටුවට කරුණකී.චිත්‍රපටය ආසාර්තක නොවන අතර එය පෙර විජේගේ චිත්‍රපට තරම් සාර්ථක නෝවී ඇතයි මගේ අදහසයි.
තිර රචනය හා කතාව හා සංගීතය මිට වඩා තරමක් වෙනස් උවානම් මිට වඩා සාර්ථක නිර්මාණයක් අපට නැරඹීමට හැකියාව තිබුනී.
චිත්‍රපටය ලොකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන අතර විජේ, විජේ සේතුපති මලවිකා රංගනයෙන් දායක වේ.චිත්‍රපටය මේ දින වල තිර ගත වන අතර විනාඩි 180 පුරා අපට කතාව නැරඹීය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments