• My Santa 2019

    My Santa 2019


    ගූගල් පරීශිලක දර්ශකය 91%


    IMDB 5.5/10





    මගේ ආදරණීය සැන්ටා 🎅


    සීතල පොද වැටෙන වෙලාවක පුංචි ගම්මානයක් මැදින් යන බස් එකක ජනේලේ කෙලවරට වෙලා ලස්සන සිංදුවක් අහන ගමන් යන්න තියෙනවා නම් එක කෙතරම් මනසට ඔසුවක් ද? ඒ හැගීම මොහොතක් ඇස් වහලා වින්දොත් ඔයාලටත් දැනේවී. මලයාලම් සිනමාවත් අන්න ඒ වගේ. මළයාලම් සිනමාවට ලස්සන හදවතක් තියෙනවා.ඒ හදවත ලස්සනට ආදරය අපේ හදවතට එකතු කරනවා. මලයාලම් සිනමාවට පුළුවන් හරී පුංචි දෙයක් උනත් ගොඩක් ලොකු කරලා ලස්සනක් දෙන්න. අපි මලයාලම් සිනමාව ගැන කතා කරනකොට ගැමි පරිසරය වගෙම වැස්සට මූලික තැනක් දෙනවා.ඒ අතර තවත් අය මලයාලම් සිනමාව හදුන්වන්නේ රා පොදක් කට ගාගෙන ගැමි පරිසරය එක්ක ජිවත් වෙන මිනිසුන් ඉන්න සිනමාවක් විදියට. එත් ඇත්ත මලයාලම් සිනමාව ඉට වඩා ගොඩක් වෙනස් කියලා මට හිතෙනවා.

    පුංචි ළමයි මල් වගේ.එයාලාගේ සිතුම් පැතුම් හරිම අහිංසකයි. සමනළයින් ඈත අහසට අත් තටු ගහගෙන පියාබාගෙන යනකොට එයාලා දන්නේ නැ මේ අහස ගොඩක් නපුරුයි කියලා.අන්න ඒ වගේ තමායි මේ පුංචි ළමයිනුත් එයාලාට ගොඩක් දුර පියාඹන්න පුළුවන් එත් මේ අහස හරියට අදුරාගත්තොත්. පුංචි කාලේ අපේ කකුලක් පුටුවක වැදුනොත් අපි හයියෙන් අඩනවා නේද යාලුවනේ.ඇයි ඒ අපිට රිදුන හින්දා එතකොට අපේ අම්මා බනින්නේ පුටුවට

    " ඉන්නකෝ මගේ පුතාට රිද්දුවාට මම පුටුවට ගහන්නම් "

    එදා එකෙන් අපි ගොඩක් සතුටු උනා එත් අපි ලොකු වෙනකොට තෙරුම් ගත්තා එදා ඇත්තටම අපේ අම්මා කරේ අපිව රවට්ටලා ඇගේ ආදරය සෙනෙහස පෙන්නපු එක කියලා. අන්න එකයි පුංචි ළමයි මල් වගේ කියන්නේ ඒ තරම් එයාලාගේ හිත් සියුම්.

    අයිසා කියන්නේ පුංචි දුවක්. අම්මාගේ තාත්තාගේ ආදරය පුංචි කාලෙම ඇගේ ජිවිතයෙන් දෙවියෝ උදුරා ගන්නවා.එත් එයාගේ ජිවිතයේ සතුටින් තියන්න ඇගේ සීයා ගොඩක් මහන්සි වෙනවා.කොච්චර උනත් අම්මා තාත්තාගේ සෙනෙහසට සමාන කරන්න මේ ලොකේ වෙන කිසිම සෙනෙහසකට බැ එක මේ පුංචි දුවටත් හොදටම තේරෙනවා.පුංචි හිතට දැනෙන වේදනවා සීයා එක්ක කියනකොට සීයා ඇගේ ජීවිතයට පුංචි බොරුවක් කියනවා.. ඇත්තටම ඒ ආදරණීය බොරුව නිසා මේ පුංචි දුවගේ ජිවතය කොච්චර වෙනස් වෙයි ද කියලා හරිම ආදරණීය විදියට මේ චිත්‍රපටය පුරාවටම අපිට බලාගන්න පුළුවන්.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ මේ පුංචි දුව දකින් හිනයකින්. මතකයි ද මම කීවා මේ පුංචි දුවට එයාගේ සීයා පුංචි බොරුවක් කීවා කියලා ඒ කීව බොරුව මොකක්ද කියලා මේ කතාව පටන් ගන්නකොටම අපිට නිර්මාණ කරුවා පෙන්වා දීලා තියෙනවා. චිත්‍රපටය පුංචි දුවකගේ කොමළ වගෙම ආදරණීය වැඩ එක්ක ලස්සන වෙන හින්දාම කිසිම වෙලාවක අපේ මුනේ ආදරණීය හීනාවනම් නැති වෙන්නේ නැ

    පුංචි දුවෙක් තුලින් අපි අලුත් ලොකයකට ගෙනියන නිර්මාණ කරුවා ඉතාමත් සංයමයකින් අනිකුත් චරිතත් නිර්මාණ තුලට එකතු කිරිමට සමත් වෙලා තියෙනවා. එහිදී මළයාලම් ජන සමාජයේ ලස්සන අංග වගෙම සුන්දර ගීත එකතු කිරිම නිසා එහි රසය තවත් වැඩ් වෙලා තියෙනවා.

    කතාවේ පදනම මේ වෙනකොට ඉතාමත් ලස්සනට නිර්මාණ කරුවා ගොඩ නගා අවසන් කරලා තියෙනවා.එතනින් පස්සේ අපිට පුංචි ළමයිගේ ජිවිතේ ලස්සන අවස්තා කිහිපයක්ම බලාගන්න හැකියාව ලැබෙනවා. සීයාගේ ආදරය , හොදම යාලුවාගේ සෙනෙහස, ගුරුවරුන්ගේ ආදරය කරුණාව එක්ක ගලාගෙන යන නිර්මාණය පළවෙනි අඩ හොරාව ගත වෙනකොට නරඹන අපව ආදරයෙන් තෙත බරිත කිරිමට සමත් වෙනවා.

    තමන්ගේ අම්මා නැති උනාම තාත්තාගේ සෙනෙහසත් දෙවියෝ අරන් ගියාම ඒ සෙනෙහස ආයේ අරන් එන්න නත්තල් සීයාට පුළුවන් කියලා සීයා කියනකොට මේ පුංචි දුවට තියන එක විසදුම නත්තල් සීයට කතා කරන්න නේද ? ඇය කරන්නෙත් ඒ දේමයි. ඇය දෙවියන්ට ලියුම් ලියනවා. ගිහින්  පාසලේ තැපැල්  පෙට්ටියට දානවා. දවසක් ඇත්තටම එයාට ලස්සන  තැග්ගක් එක්ක දෙවියෝ උත්තරයක් එවනවා. ඇගේ හිතේ ඇති උන සතුට ලස්සන ගීතයක් එක්ක නිර්මාණ කරුවා අපට ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේ අපිවත් ඒ පුංචි ළමයාගේ ලොකයේ තනි කරනවා.එකයි මම කීවේ මලයාලම් සිනමාවට පුළුවන් හරී අපූරුවට පුංචි පුංචි දෙවල් හරී ලස්සනට ලොකු කරලා පෙන්නන කියලා.

    රයියර රයියර රයි යයියේ

    රයියර රයියර රයි යයියේ

    රයියර රයියර රයි යයියේ

    රයියර රයි යයියේ..

    දගකාර කොල්ලො

    මල් වගේ ඇස් තියෙන කෙල්ලේ

    ඔය සෙල්ලම නවත්තලා

    ඔයාලත් මාත් එක්ක එකතුවෙන්නකෝ

    පුංචි තරු වලින්

    ලොකු  තරු හැඩේට රටා හදල

    ලස්සනට ආලෝකමත් කරල එල්ලමුද 

    අනේ වේගයෙන්

    ගතවෙන්නෙ නෑනේ කාලය

    දෑස මග බලන් ඉන්නේ

    ඒ කාලය පැමිණෙනකම්

    රතු ලෝගුවකුත් පැලදගෙන

    වටේම මීදුම පතුරවාගෙන

    සීතල මාසය පැමිණෙනවා කියල

    කලින්ම අපිට දැනුම්දෙනවා

    හිම වරුසාවක් වැටෙයිදෝ

    සීතල මීදුම පැතිරෙයිදෝ

    නත්තල ගැන කතා සියල්ලම

    සීතලේ ගැහෙන්නේ නැතිව කියන්න පුලුවන්ද?

    නිර්මාණය තුල මේ මළයාලම් ගීතය තුලින් ඉතාමත් අපූරු විදියට නත්තලේ අසිරිය අපට පෙනවලා දීලා තියෙනවා.

    ඔයාලා දන්නවා ද මේ ලොකේ තියන උතුම්ම රැකියාවක් තමය ගුරුවරයෙක් විම කියන්නේ.ගුරුවරයෙක් කියන්නේ ඇත්තටම පොතේ තියන දේ උගන්නන එක නෙවෙයි.එතනින් එහාට ගිහින් ළමන්ගේ ජීවිතය කියවිම කියලා හරී අපූරුවට නිර්මාණ කරුවා අපට නිර්මාණය තුලින් පෙන්වලා දිලා තියෙනවා. 

    නත්තල් කැරොල් ගීත වගෙම නත්තලේ අසිරිය ගම් වල අය එකට එකතුව සමරණ ආකාරය ගැන ඉතාමත් උසස් අකාරයෙන් නිර්මාණ තුල කතා කරන අතර ඒ දර්ශන වලදී ඉතා අලංකාර  කැරොල් ගීත වගෙම දර්ශන තළ යොදා ගැනීම නිසා එය නරඹන අපට ඉතාමත් ලස්සන දර්ශනයක් විදියට දැක ගැනීමට  හැකයාව ලැබෙනවා.

    වැඩි හිටියන් විදියට අපි දන්නවා නත්තල් සීයා කෙනෙක් නැ කියලා.එත් එහෙම කෙනෙක් එක පාර මේ පුංචි දුවගේ ජිවිතයට ආවොත් එයා මොනවා කරයි ද? ආස ආස දේ ඉල්ලයි නේද ? 

    පුංචි ළමයි එහෙමනේ. එතනින් එහාට ගොඩක් ලස්සනට නත්තල් සීයා එක්ක මේ පුංචි දුවගේ කතාව ගලාගෙන යනවා.ලස්සන ගීත වගෙම නත්තලේ සැබෑ  අරුතයන් ගැන නිර්මාණය කරුවා විවිද මානයන් ඔස්සේ අපිට පණිවිඩය ලබා දිමට සමත් විම නිර්මාණයක් ලෙස මෙය සාර්ථක විමට බෙහෙවින් බලපෑම් කර ඇති බවයි මාගේ අදහස. එතනින් එහාට කතාවට ආවේනික සටන් ජවනිකා වගෙම කැමරාකණ දක්ෂතාත් මේ කොටස් වලදී දැක ගැනීමට  හැකියාව ලැබෙනවා.එපමනක් නොව වේශනිරූපනය අතින් මළයාලම් සිනමාවත් ඉහලින් සිටින බවට ඔබට මේ හොරාව නැරබිමේදී තෙරුම් ගත හැකි වේවී.

    කතාවේ සම්පුර්ණ හරය ලබා දෙන්නේ අවසාන අඩ හොරාවෙන් කිවොත් මම නිවරදී. අපි හිතන්නේ ළමයින්ගේ මනස හරි පුංචි බොලදයි කියලා.එත් ඔයා දන්නවාද? පුංච් ළමයෙක්ගේ හිනාව හරිම අවිහිංසකයි.එයාලා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් ඕනම සීමාවකට යනවා.සමහර විට වැඩ් හිටි අපිටවත් ඒ දේ කරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා.මේ කතාවේ එක තැනකදී මේ පුංචි දුවගේ යාලුවා ( අන්නා ) හරී අපූරු දෙබසක් කියනවා.එක ඇයි කීවේ කියන එක මම ඔයාලට කියන්නේ නැ  

    තාත්තා 

    අන්නා දුව මොනවා ඉල්ලුවත් කරනවා නේද ?

    මොකට සැක කරනවාද?

    මගේ දුව වෙනුවෙන් , ඕනම දෙයක් කරනවා...

    පොරොන්දු වෙනවා ද?

    මගේ තාත්තා එහෙනම් නත්තල් සීය වෙනවා ද?

    තාත්තා නත්තල් සීයා වගේ ඇදගෙන, අයිසා ළගට යන්න ඕනා....

    එයාට නත්තලේ ප්‍රාතීහාර්‍ය පෙන්නන ඕනා...

    නත්තලේ සැබෑ  අයිති කාරයින් පුංචි ළමයි.එත් පුංචි ළමයින්ගේ සීහින හා අවංක හිනාව වැඩිහිටි අපි කවදා තෙරුම් ගන්නද?

    ඉතාමත් අලංකාර මළයාලම් ගීත කිහිපයකින් අලංකාර වන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ සුජිත් විසින් වන අතර දිලිප් රංගනයෙන් දායක වන  මෙම නිර්මාණය 2019 දෙසැම්බර්  මාසයේ නිකුත් උනා. විනාඩි 153 ක් පුරාවට ආදරය සමග අසීමිත දරු සෙනෙහස එකතු කරගෙන බලන්න පුළුවන් නිර්මාණයක් විදියට අපිට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.


    0 comments

  • Eeswaran 2021

    Eeswaran 2021


    ගූගල් පරීශිලක දර්ශකය 70%


     IMDB 4.4/10




    ආදරය එකතු උන පුංචි පවුල


    පුංචි කාලේ අපේ අම්මා බත් ටික අනලා අපිට කවනකොට තාත්තා තමයි හරි ආදරයෙන් අපිව උස් මහත් කරේ. අද අපි පුංචි පවුල රත්තරං කියනකොට ඉස්සර අම්මා තාත්තාට දරුවෝ හතර පස් දෙනෙක්වත් හිටියා. ඒ දරුවො අතර හරී අපූරු විදියට ආදරය ගොඩ නැගෙනකොට එකෙන් ලෝකෙට සහොදර කමේ අර්තය විදහා පාන්න සමත් උනා. ලොකය හරී අපූරුයි ඒ අපුරු ලොකය ජිවිතයේ උපන්දා සිට බලන්න පටන් ගත්තාත් මැරෙන තුරාවට අපිට එක බලලා ඉවර කරන්න බැරි වේවී. ඒ ලස්සන ලොකේ ලස්සනම නවාතැන තමයි පවුල. සල්ලී වෙනුවෙන් උසස් අද්‍යාපනය වෙනුවෙන් අපි පවුලෙන් දුරස් වෙනකොට අම්මා තාත්තා තනි වෙන්නේ කියා ගන්න බැරි දුකක් හිත යට හිරකරගෙන බව ඔබත් මමත් දන්නා කරුණකී. 

    පවුලක ඇති ආදරය වගෙම සෙනෙහස ඉතාමත් අපූරු විදියට චිත්‍රපටය පුරාවටම අපිට බලාගන්න හැකි වෙනවා.

    නිර්මාණය ආරම්භ වන්නේ ගැමි පරිසරයට මුලික තැනක් ලබා දෙමින්.එහිදී ගැමි පරිසරය සමග එන ගැමිගෙදර අලංකාරය ඉතා හොදින් නිර්මාණය තුලින් අපට බලා ගැනීමට  හැකි වෙනවා.තවද ගැමි පරිසරයේ ජිවත් වන පවුලක ඇති සමගිය වගෙම අම්මා තාත්තා සමග දරුවන් උස් මහත් වන ආකාරය ඉතා කෙටි දර්ශනයක් උපයෝගී කරගෙන පෙන්වා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.

    මේ ලොකේ විද්‍යාව හා අවිද්‍යාව අතර දොලනය බොහෝ විට මිනිසා තෙරුම් ගන්නේ නැත.සමහරු විද්‍යාව නිසා අව්ද්‍යාව බැහැර කරයි.ඒ අතර අවිද්‍යාව නිසා විද්‍යාව බැහැර කරන අයද අප අතර නැති වාම නොවේ. විසි එක්වන සියවසේ සිටින අපට වඩා දහනවවෙනි සියවසේ සිටිය බොහෝ පිරිස් තදින්ම අවිද්‍යාව විශ්වාස කළ බව අප දන්නා කරුණකී.එහිදී ජොත්ශයට හම්බෙන්නේ මුලික තැනකි.නූතනයේ මිනිසා එයද තමාගේ මුදට හා වාසියට යොදා ගැනීම නිසා හැල්ලුවට ලක් වී ඇත.නමුදු අතීතයේ එහී සත්‍යතාවයක් තිබු බව නිර්මාණය කරුවා නිර්මාණය තුලින් පෙන්වා දෙන අතර එය තහවුරු කිරිමට විවිද නිර්මාණය තල පෙන්නවා දිමට ඔහු සමත් වේ. එහිදී අවිද්‍යාව පිළි නොගන්නා කෙනෙක් හා පිළි ගන්නා කෙනෙක් අතර සම්බන්ධයද ඉතා හොදින් පෙන්නුම් කර ඇත. එම දර්ශනයත් සමග තිරය අතීතයේ සිට වර්තමානයට යොමු කිරන අතර එහිදී පෙරිය සාමිගේ වෙනස් විම ඉතා හොදින් පෙන්නුම් කර ඇත.එය චිත්‍රපටය තුල ඉතාමත් සියුම් වගෙම විශිෂ්ඨ දර්ශනයක් ලෙස එය මා දකී.

    පිරිමි දරුවන් හතර පස් දෙනෙක් සිටින පවුලක් ශක්තිය මෙතකයි කියා නිම කිරිමට නොහැකිය.පිරිමි බොහෝ සෙයින් දෙමාපියන්ට ආදරය කරුණාව දක්වයි.නමුත් මේ සියල්ල එක් අවස්තාවකදි වෙනස් වන අතර එහීදී බොහෝ පිරිම්න්ට දෙමාපියන් හෝ බිරිද යන දෙදෙනාගෙන් එක් අයෙකු තොරා ගැනීමට  සිදු වේ. බිරිදක් නිතරම සිතන්නේ තමාගේ පවුල යහපත් අයුරින් පවත්වා ගැනීමටය.එය වරදක් නොවේ නමුත් එතනින් එහා ගොස් සමහර සිද්දී නිසා පවුල් වල සහොදරයින් පවා මේ බිරිද නිසා වෙන් වේ.කුඩා කළ සිට ආදරය සෙනෙහස සමග සහොදරයන් ලෙස ජිවත් වු ඔවුන් සිය බිරිද නිසා වෙන් වීම හා ගැටළු ඇති කර ගැනීම කෙතරම් සුදුසුද යන්න නිර්මාණය කරුවා අපෙන් ප්‍රශ්න කර සිටී.

    චිත්‍රපටයක ප්‍රදාන නළුවා හදුන්වා දිමට බොහෝ විට චිත්‍රපටයේ දාවන කාලයෙන්  සැලකිය යුතු කාලයක් වෙන් කරයි.මේ කතාව තුලත් එය එසේම කර ඇති අතර එහීදී ඔහුගේ තේජස වගෙම බලය කළ හැකි දේ යන සියල්ල ගැන හදුන්වා දිමක් සිදු කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. එහීදී මුලික දර්ශන වලට එය සම්බන්ධ කිරිම නිසා එය එතරම් කාලය කා දැමිමක් ලෙස අපට වටහා ගැනීමට  නොහැකි  වේ.  නමුත් එතරම් කාලයක් ප්‍රදාන නිළිය හදුන්වා දිමට යොදා නොගනිමත් සැලකිය යුතු කරුණකී.

    කොරොනා වසංගතය සමග පවුල කියන සංකල්පයට ඉතා හොද තැනක් ලැබූණු බව අප හොදින් දන්නා කරුණකී. දරුවන් සමග දෙමාපියන්ටත් මුනුපුරන් හට ආච්චී සියා සමග කාලය ගත කිරිමටත් අවස්තාව හම්බවිම මේ කාලයේදී ඉතා හොදින් සිදු විය.ඒය නිර්මාණය තුලින් ඉතා හොදින් පෙන්නුම් කිරිමට නිර්මාණය කරුවා සමත් වන අතර මෙය මා සිනමාවේ එක් ජීවී ලක්ෂණයක් ලෙස හදුවන්නෙමු.සිනමාව කලාවකට එහා ගිය පණිවිඩයක් ලබා දිමේ මාද්‍යක් ලෙස අපට හදුනා ගත හැකිය.එහීදී මේ වන විට ලොකයටම බලපා ඇති කොරොනා අවදානම හා එයින් අත්මිදෙන්නට අප කළ යුතු දේ ගැන ඉතා හොදින් පෙන්නුම් කිරිමත් ඒ මගින් චිත්‍රපටයේ ප්‍රදාන තෙමාවට බාදාවක් නොවිමත් නිසා මෙය සිනමාවේ ජිවි ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.

    මේ ලොකේ කිසිම කෙනෙක්ට තෙරුම් ගත නොහැකි එකම කෙනා ගැහැණියයි. ඇය සිතන පතන විදිය අපට කිසිදා වටහා ගත නොහැකිය. පවුලක සමගිය ඉතා වටින බව ඇය ඉතා හොදින් දන්නා කරුණකී.එක් ගැහැණියක් කිසි විටක තමාගේ සැමියා වෙනත් කාන්තාවකට ලබා නොදේ.එසේ සිදු විමක් සිදු උවහොත් බොහෝ විට සිදු වන්නේ ලේ හැලිමකී.නමුත් එවනි සිදු විමක් කාන්තාවන් දෙදෙනා කතා බහ කර විසදා ගන්නා ආකාරය ඉතා අපූරු ලෙස තිරය තුලින් බලා ගැනීමට  අපිට හැකිය. එහීදී එක් පිරිමියෙකුගේ අමානුෂික ගති ගුණත් කාන්තාවකගේ මානුෂික ගති ගුණත් ඉතා අපුරු අකාරයෙන් නිර්මාණ කරුවා අපට පෙනවා දී ඇත.

      " දෙවියන් ඉදිරියේ පාර්වතීව මම කසාද බැන්දා

        මාගේ ආදි සිවන් ඉපදුනා

        පාපාතිට නොදැන...

        පවුල් කැවා.." 

    චිත්‍රපටය  තුල ආරම්භය හා මද්‍ය කොටස් ඉතා අපූරු විදියට ගලාගෙන යන අතර එම කොටස් වලින් කිසිම සිනමාවේ මවා පැම් අපට දැක ගත නොහැකිය. නමුත් එතනින් අවසාන කොටස තුලින් අපට දැක ගැනිමට හැක්කේ තනිකරම සිනමා මවා පැම්‍ ය. ඉංදියානු සිනමාව ගත් විට බොහෝ දෙනා ප්‍රායෝගීක තත්ත්වයන්ට අනූරුප නොවන බව පවසා සිටී. නමුත් සිනමා නිර්මාණයක් 100% ප්‍රායෝගීක අන්දමින් නිර්මාණය කළ නොහැකි බව අප දන්නා කරුණකී.නමුත් මෙය ඉට වඩා වෙනස් ය. මෙහීදී  ඊශ්වරම් නාගයින් අල්ලා ගන්නා අතර අල්ලා ගන්නා අකාරය හා ඒ සදහා ඔහු යොදා ගන්න උපක්‍රම ඉතාමත් හොදින් නිර්මාණය කර ඇත.

    නමුත් එක් අවස්තාවකදී නාගයින් ළමයින් ලගට පැමිනෙන අතර එහීදී ළමයින් සදහා ගල් විමට පවසා නාගයින් අල්ලා ගනී. මේ නිර්මාණය රස විදින්නේ තිරයකින් උවත් නාගයෙන් දැකිමෙදී බියක් ඇති වේ. එය එසේනම් අවුරුදු 13/14 ළමුන්ට ඇති වන බිය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත.නමුත් පුදුමයට කරුණනම් ළමුන්ගේ පාදය ලගට නයින් පැමිණියත් සන්සුන්  ව සිටිමයි.චිත්‍රපටය තුල දුර්වලම දර්ශනයක් ලෙස මම මෙය දකිමී. 

    එය එසේ වන විට අවසානයේ ඊශ්වරම්  හට නයින් දෙදෙනෙක් දෂ්ඨ කරයි. නයින් දෙදෙනෙක්ගේ විශ ඉතා උග්‍ර වේ.එවනි අවස්තාවක ඔහු සටන් කිරිම කෙතරම් ප්‍රයෝගික ද? එවනි දර්ශන යොදා ගැනීම චිත්‍රපටයේ ආරම්භය තුලින් ඇති වු සාර්ථකත්වය බිද දැමිමක් නොවේද? එමෙන්ම චිත්‍රපටයේ අවසාන සටන පවා මනා ලෙස නිර්මාණය නොවී තිබිම කණගාටුවට  කරුණකී. 

    දෙමාපියන්ගේ වටිනාම සම්පත දරුවන්‍ ය. දරුවන්ගේ දියුණුව හා සතුට වෙනුවෙන් දෙමාපියන් නොකර දෙයක් නැත.නමුත් දරුවන් එයා බොහෝ අවස්තාවල තෙරුම් ගන්නේ නැති විම නිසා බොහෝ ගැටළු ඇති වේ. දෙමාපියන්ගේ දෙවල් විකුණා කැමට වඩා තමන්ගේ දෙවල් වලින් දියුණු විම ඉතා හොද බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.එහිදී පවුලක එකිනෙකා අතර ඇති වන හිත් අමනාපකම් වලට සමාව දිම තුලින් පවුල කෙතරම් ලස්සනට පවත්වා ගත හැකිවේද යන්න අප සිතා බැලිය යුතුය.චිත්‍රපටය ආරම්භයේදී විද්‍යාව හා අවිද්‍යාව අතර ඇති අන්තර් සම්බන්දය විදහා පාන අතර අවසානයේ මිනිසාගේ විශ්වාසයට වඩා මිනිසාගේ ශක්තිය බලවත් බව පෙන්විමට නිර්මාණය කරුවා සමත් වේ.

    සමස්තයක් ලෙස ගත් කල සාර්ථක නිර්මාණය ලෙස මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.චිත්‍රපටය තුල ඉතාමත් අලංකාර ගීත කිහිපයක් අඩංගු වන අතර නිදීගේ සරළ හා චාම් රංගනයක් මේ නිර්මාණය තුලින් අපට දැක බලා ගැනීමට  හැකිය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුසෙන්තිරන් විසින් වන අතර සංගීතය එස් තමන් විසින් සිදු කරයි.2021 ජනවාරි 14 තිරගත වුන මෙම නිර්මාණය විනාඩි 120 කාලයක් ඉතා ආශාවෙන් පවුලේ සැමට එකතු වී රස විදිය හැකිය.


    0 comments

  • Sagaa 2019

    Sagaa 2019


    ගූගල් පරීශිලක දර්ශකය 94%


     IMDB 6.0/10





    ආදරය මිත්‍රත්වය සමග කුරීරු පළිගැනීම.


    මුහුදු වෙරළක් ගාවට ගිහින් ඈත සිතිජය බලාගෙන ඉන්න. තෙරක් නොපෙනෙන අහස දිහා බලාගෙන මනස සැහැල්ලු  කර ගන්න තියෙනවා නම් කෙතරම් වාසනාවක් ද? එත් මේ ලොකේ සුදරත්වය දකින්න වාසනාව නැති ගොඩක් අය අපි අතර ජිවත් වෙනවා. ආතිමීය වරදකටද ? සංසාරීක වරදකට ඔවුන් අන්ධ උනා ද කියලා අපි කතා කරනවාට වඩා ඒ ජිවිත ලොකයේ ලස්සන දකින්න කෙතර්ම් මහන්සියක් වෙනවාද යන්න අපි සිතිය යුතුයි. අන්ධ කෙනෙක් ලොකයේ සුන්දරත්ව දකින්න වීදියක් විදියක් ගානේ ඇවිදගෙන යනකොට එයාට හයියක් වෙන්න සැරාටිය ලග ඉන්නවා. නිශ්චලව දෙයකට හදවතක් නැති උවත් චංචල ඔහුගේ හදවතට ආලොකයක් දෙන්න සැරාටිය කෙතරම් චම්ත්කාර උත්සහයක් ගනී ද? ඒ බැදිම අන්ධ අය අතර ඇති වෙනකොට සමහර ඇස් පෙන්නෙන අයද ලොකය එක්ක ගත කරන්නේ අන්ධයන් වගේ විම කෙතරම් කනගාටුවට කරුණක් ද? මේ ජිවිතයේ අපි කෙතරම් සාර්ථක උවත් ලොකය ලස්සන  දැක්කත් ඒ පිටිපස්සේ ඉන්න එකම එක බලවේගයක් සිටී.ඒ අපේ හොදම යාලුවා. අන්ධ කෙනාට සැරාටිය වගේ අපිටත් හොද යාලුවෙක් කියන්නේ ජිවිතයට ආලොකයක්. යාලුකමක වටිනා කම මෙතකයි කියලා අපිට කියලා නිම කරන්න බැ 

    මිතුරු කම හා සමාජ අසාධාරණය ගැන ඉතාමත් පුළුල් විදියට මේ නිර්මාණය තුලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.

    චිත්‍රපටය  ආරම්භ වන්නේ ඉතාමත් කූරීරු දර්ශනයක් සමග වීම නිසා ආරම්භයේදිම අපට කුතුහලය එකතු කරන්න නිර්මාණය කරුවා සමත් වෙනවා. මේ ලොකේ ගැහැණියකට අප ආදර ලබා දුන්නොත් ඇය අපට පවුලක් දෙනවා.එකයි යතාර්ථය. නමුත් එය එසේ නොවී කාන්තාවන් දුෂණ කරමින් ඇගේ නිරුවත් තුලින් සතුටු විමට තරම් මිනිසා පහත් විම කෙතරම් අවාසනාවක් ද? මේ කුඩා දර්ශනය චිත්‍රපටය තුල ඇති සාර්ථකම දර්ශනයක් ලෙස අපට පෙන්වා දිය හැකිය. ගැහැණියක් පළමු ලිංගික එකතු විමෙදී ඇගේ කන්‍යා බාවය නැතිවී යන අතර එම නිසා ඇයගෙන් කුඩාවට රුධිර වහනය වේ. එහිදී ඇගේ මනස තුල ඇති වන්නේ පිළිකුල් සහගත හැගිමකට වඩා ආදරය සමග එන ලිංගික රසයකි.නමුත් දුෂණයකදි එය එසේ නොවේ ඇගේ බිය ,පිළිකුල් සහගත බව සිතේ ඇති වේ.දුෂණය කරන කෙනා උවද සිත් ගන්නේ ඇයට රිදවිමෙනි.මේ සියළු සදක කුඩා දර්ශනයක් උපයොගී කරගෙන පෙන්නුම් කරයි. එම දර්ශන තුලදී කන්තාවකගේ පිරිසිදු කම හා සමාජයේ කාන්තාවකට ඇති ආරක්ෂාව ගැන ද පෙන්නුම් කරන නිසා මෙය ඉතා විශිෂ්ඨ ආරම්භක දර්ශනයක් ලෙස මම දකිමි.

    දෙවන දර්ශන තුල සිනමාවේ කතා කරුවන් හදුන් වා දිමට නිර්මාණය කරුවා සමත් වන අතර එහීදී සමාජයේ තවත් අදුරු පැතිකඩක් ගැන කතා කිරිමට උත්කෘෂ්ට වෙයි. සාමාජයට ආනාතයින් බිහි වන්නේ කුමන අරමුණකින්ද යන්න අප මෙතනදී කතා නොකළ යුතුයි. නමුත් ඔවුන්ව බලා ගන්නේ ලිංගික විපර්‍යාසයකට ලක් වු කාන්තාවක් විසින් විම සැලකිය යුතු කරුණකී. සාමජයක ලිංගික විපර්‍යාසයකට ලක් වු අයෙක්ට සලකන්නේ ගණිකාවකට එහා ගිය තැනක සිටය. නමුත් මොහොතක් අප අවදාරණය කර ගත යුතු දෙයක් ඇත. සමාජයට දරුවෙක් බිහි විමටනම් මවක් පියෙක් සිටිය යුතුය.ඔවුන් දරුවන් බිහි කර ඔවුන්ට ලොකයක් නොතනා ආනාතයින් කර යන්නේ නම් ඔවුන්ව බලා ගන්නා ලිංගික විපර්‍යාසයකට ලක් වු කාන්තාවන් කෙතර්ම් ශේෂ්ඪ  ද? මේ පිලිබද අපට සිතා බැලිය යුතු බව නිර්මාණ කරුවා අපට දෙවන දර්ශනය තුලින් පවසා සිටී.

    අපට මේ ලොකේ මවත් පියත් අහිමි නම් අපිව ආදරයෙන් බලා හදා ගන්නා ඇයත් අහිමි වුවහොත් ඔවුන්ගේ ජිවිතය කෙඹදු වෙයි ද? ඒ අහිමි විම තුල ඇත්තේ එක් මිනි මරුවෙක්ගේ ඝාතනයක් නම් දරුවන් විදියට නීතිය ඔවුන්ගේ පැත්තට සාදාරණක් ඉටු කරයි ද? . ඔවුන් උපන්දා සිට අනාතයින්ය.අඩුම උප්පත්තිය තහවුරු කරන්න ලියවිල්ලක් වත් ඔවුන් තුල නැත.එසේනම් ඔවුන්ට නීතිය පිහිට පතනවා වෙනුවට කරන්නේ ඝාතකයාව ඝාතනය කිරිමය.එය අපට මතු පිටින් බලා සාදාරණි කරනය කළ නොහැකිය.

    අප සතුන් සුරකින තැන් බොහොමයක් දැක ඇත්තෙමු. එහිදි සතුන් මුලු ජිවිත කාලෙම ගත කරන්නේ කුඩුවක් තුලය. අප එය සාදාරණී කරනය කිරිමට යොදා ගන්නේ ඔවුන් සංරක්ෂණය කරනවා යන්නයි. නමුත් එය ඔවුන්ගේ නිදහස උල්ලංඝනය කිරිමකි. අප දිනක් කුඩුවක් තුලට දමා සිටියොත් එහී අත්දැකීම කෙබදු විය හැකිද? මෙයත් එසේය. සිර ගෙදරත් එසේමය.සිර ගෙදරක් තුලින් සිදු කරන්නේ මිනිසුන්ව යහ මගට ගෙන සමාජයට යහපත් අයවලුන් ලෙස ඉදිරිපත් කිරිමයි.නමුත් එය සිදු විම පොත පතට සිමා විය යුතු නොවේ. එය නිර්මාණය කරුවා ඉතා හොදින් හදුනාගෙන ඇති අතර නිර්මාණය තුල එයා ඉතා හොදින් පෙන්නුම් කිරිමට සමත් වේ.මිනිසා බලය නායකත්වය වෙනුවෙන් ගහ මරා ගන්නේ සමාජයේ ඉදිරියේ කුමක් බලාපොරොත්තු වෙන්ද? එය සිර මැදිරියක උවත් වෙනස් නොවේ. බලය වෙනුවෙන් ඔවුන් සටන් කරයි මෙය විය යුතු දෙයක් ද? නිර්මාණය කරුවා අපෙන් ප්‍රශ්න කර සිටි.

    මේ ලොකේ සැබෑ  ආදරය කරපු බොහෝ දෙනෙක් සිටින්නේ සිර ගෙදරය නැති නම් පිස්සන් කොටුවෙය. ආදරය වෙනුවෙන් පිරිමි වගෙම ගැහැණු  අයත් නොයෙක් ආකාරයේ කැප කිරිමි සිදු කරයි. එය දෙදෙනාම සිදු කරන විට ඒ ආදරය සුන්දර වේ. නමුත් එය එක් අයෙකු පමනක් කරන්නේ නම් සිදු වන්නේ අනවශ්‍ය මහන්සියක් පමනී. ආදරය කරන කෙනා සතුටු කිරිමට අප මහත් උත්සහයන් ගනී.ආදරයට වයසක් වගෙම කුළයක් නොමැත. ආදරය වෙනුවෙන් කෙනෙක් පුංචි හොරකමක් කළහොත් එයට දඩුවම කෙතරම් විශාල එකක් විය යුතුද? මෙය ඉතා හොදින් නිර්මාණය තුල කතා කරයි.මේ නිර්මාණය සාර්ථක විමට බලපාන බොහෝ කරුණු වලින් එයත් එකකි. අප දන්නා තරමින් මිනි මරපු අයෙක්ට දඩුවම ජිවිත කාලයම සිර ගෙදර හෝ මරනීය දංඩනයයි.නමුත් එය වසර දෙකහමාරකට සිමා විම තුල ගැටළුවක් නොමැත.එය එසේ විමෙදී තමන්ගේ ආදරය වෙනුවෙන් පුංචි සොරකමක් සිදු කරපු අයෙක්ට වසර දෙකක සිර දඩුවමක් දිම කෙතරම් කාලොචිත ද? එය එසේ සාදාරණ නම් එයත් මිනි මැරුමකට සාදාරණ වේද? මෙය අප සිතිය යුතු කාරණයකී.

    එතන් සිට අහිමි විම් දරා ගැනිම් එක්ක නිර්මාණය ඉදිරියට ගලාගෙන යන අතර එහීදී සිර මැදිරිය තුල දර්ශන වලට ඉතාමත් ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.තවද නිර්මාණය තුල ආනත දරුවන් කුඩා කාලයේ විදින දුක් ප්‍රතිනිර්මාණය කිරිමට සමත් වෙන අතර එය එක් ගීතයකින් පෙන්නුම් කිරිම තුල සාර්ථකත්වයට පැමිණි  ඇති බවට අපට පෙන්වා දිය හැකිය. ඉතා කෙටි කාලයකින් පුළුල් පරාසයක් ආවරණය කිරිම නිර්මාණයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑම් කර ඇත.

    සිරගෙදර ඇති කටුක බව සංගිතය සමග මුසු කරමින් නිර්මාණය තුල ඉදිරිපත් කරන නිර්මාණ කරුවා දෙවන බාගයෙදී කතාව සිර මැදිරියෙන් පිටතට ගෙන එමට සමත් වන අතර එහිදී කතාවේ ප්‍රදාන තෙමාව වන මිතුරු කම ගැන කතා කිරිමට එය උපයොගී කර ගනී. ලොකයේ අදටත් බොහෝ මිල මුදල් ඇති අය තරුණ ගැහැනු  ළමයින්ට ප්‍රය කරයි. එය සමාජය ඉදිරියේ අප කතා නොකරන නමුත් සත්‍ය කරුණකි. මෙසේ රාත්‍රීයේදී ගොදුරක් වන තරුණ ගැහැණියක් බෙරා ගැනීම සිදු වේ. එහීදී ද සමාජයේ උගත් හා නුගත් අතර ඇති වන පරතරය ඉතා හොදින් නිර්මාණය කිරිමට සමත් වන නිර්මාණය කරුවා එය උපයොගී කරගෙන ඉතාමත් ලස්සන ආදර කතාවක් ඉදිරිපත් කරයි.

    ආදරය ඇති විමට වයසක් බලපාන්නේ නැත එය කුමන වයසක කුමන කෙනෙක් කෙරෙහී උවද ඇති විය හැකිය. ආදරයේදී ගෞරවය  සමග ඇති වන ආදරය ඉතාමත් ශේෂ්ඪ ලෙස මම දකිමි. එය ඉතා හොදින් නිර්මාණය තුල කතා වේ. මෙහිදී වැඩි හිටි ගැහැණියක් තරුන ලා බාල පිරිමි ළමයෙක් කෙරෙහී ඇති වන ආදරයක් වන අතර ඇගේ සිතේ එම මොහොතේ ඇති වන  හැගිම ඉතා ලස්සනට ගිතයක් තුලින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. එහිදී යොදාගත් දර්ශන තල හා ඇදුම් නිසා ඇයගේ සිතේ ඇති උන හැගිම නිවරදී ලෙසම විද්‍යාමාන වේ.

    කතාව අවසානයේදී ආදරය හා මිතුරු කම අතර ඇති සම්බන්ධය ගැන ඉතා හොදින් කතා වේ. ජිවිතයේ අපිට ජිවන සහකාරියක් හම්බවු විට බොහො විට කරන්නේ ලගම සිටි මිතුරන් අමත කිරිමය. නැතහොත් ඔවුන්ගෙන් දුරස් විමය. නමුත් ආදර ඉදිරියේ කිසිම විට මිතුරු කම අමතක කළ යුතු නොවේ. මන්ද ආදරය නැති වි ගිය විට පවා මිතුරා අප ලග සිටින නිසාය. මේ සම්බන්දය ඉතා හොදින් කතාව තුල පෙන්නුම් කරයි.

      " මම උඹට කොච්චර  ගැහුවත් උඹ මට කියන්නේ නැද්ද? "
     
      නගරයක් නගරයක් ගානේ හොයලා තමයි අපි මුව අල්ලා ගත්තේ

      අනිත් එවුන් අල්ලා ගන්න උදවු වෙයි කියලා 

       එත් කිසිම බයක් නැතිව මු අපිත් එක්ක සෙල්ලම් කරනවා.

       මගේ ආදරය මට ගොඩක් වටිනවා සර්
     
       උඹ දැනටමත් එකීව දැක්කා  කියපන් සත්‍යා කොහෙද කියලා 

       එත් ඉටත් වඩා මගේ මිත්‍රත්වය වටිනවා සර්

    කතාවේ ඉතාමත් හොද තෙමාවක් පුරාවට ගලාගෙන යන ලෙස නිර්මාණය කර තිබිම මෙහි විශේෂත්වයයි. එපමනක් නොව සමාජයේ  අදුරු පැතිකඩයන් සියල්ල ගැන ඉතා හොදින් කතා කරන මේ නිර්මාණය කිසිම විටක අලස වන දර්ශන වලින් සමන්විත නොවේ. අප මිතුරන් ලෙස සලකන්නේ පිරිමි පිරිමි, ගැහැණු ගැහැනු  අතර ඇති වන මිතුරු කම්ය. නමුත් මිතුරු කම් ඇති විමට වයසක් වගෙම ස්ත්‍රී පුරුෂ බවක් අදාල නොවේ. එය නිර්මාණය අවසානයේ ඉතා හොදින් අපට පසක් වේ. අප බොහෝ විට තිරණ ගන්නේ කෙනෙක්ගේ බාහිර සාදක පිළිබඳ තීරණය කිරිමෙනි නමුත් ඇත්තටම ඔවුන්ගේ ජිවිත කාතාව පිළිබඳ ඇසුවොත් අපට සමහර විට අපවම අමතක වේවී. ඉංදියාවේ බොහෝ සිනමා සිත්තම් තුල අනාතයින් ගැන කතා කරන අතර ඉංදියාවේ මෙතරම් ආනාතයින් බිහි විම කෙතරම් සෝචනිය තත්වයක් ද? සිතිමට කරුණු බොහොමයක් ඉතිරි කර නිර්මාණයක් ලෙස අවසානයේ අපට මේ නිර්මාණය පෙන්වා දිය හැකිය.

    චිත්‍රපටය මුර්ගේෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සරත් ශක්ති, අයිරා හා කිශෝර් මෙහි ප්‍රදාන චරිත වලට රංගනයෙන් දායක වේ.විනාඩි 122 පුරාවට ගලා යන මේ නිර්මාණය  2019 වසරේ තිර ගත විය. චිත්‍රපටය සම්පුර්ණ කාලයෙන් විනාඩි 25 ක්ම ගිත සදහා වෙන් කර ඇති අතර එය නිර්මාණය තෙමාව පුළුල් ලෙස විදහා පැමට මහගු සේවයක් ඉටු කර ඇත.


    0 comments

  • Pithamagan 2003

    Pithamagan 2003 


    ගූගල් පරීශිලක දර්ශකය  96%


    IMDB 8.4/10





    සොහෝන් පල්ලා කියා දුන් ජිවිතයේ යතාර්ථය 


    ජිවිතේට පුංචි ප්‍රශ්නයක් ආව ගමන් හිතනවා මේ ලොකේ ඉන්න අවාසනාවන්තම කෙනා තමන් කියලා.එත් මොහොතක් හිතන්න ඔයා රාත්‍රී නින්දට ගිහින් උදේ ඇහෙරෙනකොට ඔයාට පුළුවන් නම් කිසිම වේදනාවක් නැතිව ඇදෙන් බහින්න ඔයා තරම් මේ ලොකේ වාසනාවන්ත කෙනෙක් නැ.ඔයා දන්නවාද මේ ලොකේ ඉන්නවා තුන් වෙල තියා එක වේලක්වත් හරියට කන්න නැතිව දුක් විදින අපි වගෙම අහිංසක මිනිසුන්. මේ ලොකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ විදියට ඉපදෙන්නෙවත් සර්ව සම්පුර්ණ විදියට ජිවත් වෙන්නෙවත් නැ. අපි උදේ හවා හිතනවා මට හොද කාර් එකක් තිබ්බානම් , මට හොද ගෙයක් තිබ්බානම් මම ගොඩක් සතුටින් ඉන්නවා කියලා.එත් ඔය හැම දේම තියන හිතේ සතුට නැති කර ගත්ත ගොඩක් අය අපි අතර ඉන්නවා. දෙවියන්ගේ ලස්සනම නිමවුම තමයි කාන්තාව. ඇයගේ රූ සිරියට සමාන කරන්න මේ ලොකේ කිසිම මලක් තාම පිපිලා නැ. අපි ආදරය කරලා මේ ලොකෙට අලුත් ජීවයක් අරගෙන එනකොට ඒ පුංචි ජිවයේ අයිතියට අම්මා තාත්තා කියලා මේ ආදරණීය දෙන්නා නම් දෙකක් දෙනවා.සමහර විට මේ ලිපිය කියවන ඔයාට අම්මා තාත්තා දෙන්නම ඉන්න පුළුවන් , තවත් විදියකට අම්මා විතරක් තාත්තා විතරක් ඉන්න පුළුවන්.එත් මේ ලොකේ ඉන්නවා අම්මා තාත්තා කියන නම විතරක් අහපු කිසිම දවසක ඒ ආදරය විදලා නැති අපි වගෙම මිනිසත් බාවය ලබපු දරුවෝ.අපි එයාලට නමට කියන්නේ අනාතයෝ කියලා.මේ ආනාත ජිවිත වලට ආලොකයක් දෙන්න කිසිදා කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනත් ඒ ජිවිත වලින් සල්ලී හොයන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වීම කණගාටුවට කරුණක්.

    සොහොන් පල්ලෙක්ගේ ජීවිතය වටා ඉතා අලංකාරවත් විදියට මේ කතාව ගලාගෙන යනවා.

    මම ඉස්සෙලා කීවා මේ ලොකේ ලස්සනම නිර්මාණය තමයි කාන්තාව කියලා.වයස අවුරුදු 16 පහු වෙනකොට ඇගේ ලස්සන තව තවත් වැඩ් වෙනකොට ඈගේ රූප සම්පත්තිය මදාර පරසතු මල් පවා පරදනවා. එත් මේ ලස්සන රූප සම්පත්තිය සියල්ල ඈ කැප කරනවා තමන්ගේ දරුවෝ වෙනුවෙන්.එදා ලස්සනට තිබ්බ ඇග අද දරුවෝ වෙනුවෙන්  කැප වෙනකොට ඒ අම්මා කිසිම දවසක රූපය ගැන හිතලා දරුවෝ අත ඇරීයේ නැ. මුළු මහත් ශරීරයේ ඇට ලේ මස් දාර පුරා විහීදී යන අප්‍රාමාණ දරු සෙනෙහස මෙතකයි කියා පැවසීමට මේ ලොකේ කිසිම අම්මා කෙනෙක් හට නොහැකි. 

    ජිවතයේ අපි මවු කුසකින් මෙලොව එලිය දකින දවසෙම අපේ මරණයත් ලියා ගන්නවා. මරණය වෙනුවෙන් මිනිසුන් අඩා වැලපෙනකොට උපත වෙනුවෙන්  සිනහා කදුළු පුරවනවා. චිත්‍රපටයේ ආරම්භය ගන්නේ මේ සංසිද්දියත් සමග වීම නිසා එය නරඹන අපව මොහොතකට කතාව තුළ අතරමං කරවනවා. එක් පසකින් සිය ජිවිතයේ අවසන් ගමන් යන මිනියක් කර ගහ ගත්ත පිරිසක් යනකොට.තවත් පසකින් ලොකෙට අලුත් ජිවයක් දෙන්න මවු කුසක් දරා ගත්ත ආදරණිය අම්මා කෙනෙක් යනවා.චිත්‍රපටය  තුල ඇති විශිෂ්ඨම දර්ශනය ලෙස මෙය අපට හදුන්වා දිය හැකියි.ජිවිතයේ අනියත බව ඉතාමත් හොදින් පෙන්නුම් කරන්න ඒ දර්ශනය සමත් වී ඇත.

    අපි බොහෝ වෙලාවට ඉංදියානු සිනමාව ගැන කතා කරනකොට කියන්නේ ඉංදියාවේ සිනමාව තුල අන්තර්ගත වෙන්නේ ගුරුත්වයෙන් තොර දර්ශන කියලා.නමුත් ඉංදියානු සිනමාව මනාව රස විදින කෙනෙක් හටනම් එය ම්ත්‍යාවක් විදියට මම දකිනවා.  දමිළ සිනමාව බොහෝ විට තාත්වික ආකාරයෙන් ඉදිරිපත් කරන්න නිර්මාණය  කරුවා සමත් වේ.

    දරුවෙක් ලොකයට බිහී විමට විළිරුජාව මවකට ඇති වෙනකොට පිරිමී එතනින් අයින් වෙනවා.මවු කුසකින් දරුවෙක් ලොකෙට එළියට ගන්නේ තවත් ගැහැණියක්  එකයි සමාජයේ තත්වය.නමුත් කිරී දරුවෙකු ඉදිරියේ ඕනම පිරිම් කෙනෙක්ගේ හදවතේ ඇති වෙන අප්‍රමාන දරු සෙනෙහස හරී අපූරු විදියට නිර්මාණ කරුවා තිරය තුලට ඇතුලත් කිරිමට සමත් වෙනවා. දරුවෙක් ඉපදෙන්නේ පිරිසිදු  තැනක එත් කනත්තක ඉපදෙන දරුවාගේ පෙකනිය මවගෙන් වෙන් වී ලේ ගලන ආකරය ඉතාමත් තාත්වික දර්ශනයක් වන අතර මවු පදවිය ලැබූ  සියළු දෙනාට එය නෙතට කදුළක් එකතු කිරිමට සමත් වේ.

    අපි පුංචි කාලේ ඔයාට මතකනම් අපේ අම්මා කියලා දෙනවා හරී අපූරුවට ගිරවු දෙන්නාගේ කතාව.ඒ කතාවේ හොද ගිරවෙක් උනේ එයා හැදි වැඩුන පරිසරයත් එක්ක.ජීවිතයේ උපත කනත්තක වෙලා එයා මුළු ජිවිතයම ගත කරන්නේ කන්ත්තෙනම් ඒ අමිහිරි අත්දැකීමක ඔහුට කෙසේ දැනෙනවා ඇත්ද? අමු සොහොනක කුණු වෙන මළ කුණු වලින්, දෙතිස් කුණප වලින් අසූචි වැගිරෙනකොට, අනියත් මළ මිනි බදාගෙන මහා හයියෙන් මිනිසුන් විලාප තියනකොට, වත් පොහොසත් කම් අතින් කීර්තිමත් අය දැවී අළු වී ගොස් ඇට කොටු විතරක් ඉතිරි වෙනකොට, ආදරය සෙනෙසහ කිසිදා නොළබන දරුවෙක්ට මෙය කෙසේ නම් දැනේවිද ? එය ජීවමාන සංසිද්ධියක් ලෙසම නිර්මාණය කරුවා අපට පෙන්වා දී ඇත.

       " ඔබේ වෙලාව පැමිණ තිබේ
        
         තිනි වු කෙනෙක් ලෙස පොලවට එන්න හිතුනා දෝ

        දුප්පත් කම හෝ ධනවත් කම වෙනසක් කරයි දෝ 

        මරණය විතරයි පැමිණ ඔබ සොයන්නේ "

    අපි අද කතා කරන්නේ දම්ළ සිනමාවේ බිහිවු  සම්මානනීය කතාවක් ගැන. මේ සංසිද්දියදී කුඩා ළමයෙක්ගේ සිට වික්‍රම්  වැඩ්හිටි අයෙක් වන තෙක් රංගනයෙන් ඉතාමත් පොහොසත්. කෙනෙක්ට දෙබසක් දීලා එක කැමරාව ඉදිරියේ පැවසීම රංගනය නොවන බව ඉතා හොදින් මේ දර්ශන වලින් අපට පැහැදිලි වෙනවා. 

    අපි සමාජයේ මිනිසුන් වර්ග කරනවා.ජාතිය, කුළය , ආගම වෙනුවෙන් මිනිසුන් මිනිසුන්වම පාගා දමනවා. එහෙම යුගයක සොහොනක මිනි පුච්චන කෙනෙක්ව කෙතරම් පහත් තත්වයට දමා ඇත්ද? ඔහුට අපි වගේ කුස ගීණී දැනෙනවා ඇති. එයත් ආස ඇති මිනිසුන්ගේ ආදරය විදින්න.එක හරි අපුරු විදියට තිරය මතට ගන්න නිර්මාණ කරුවා සමත් වෙනවා.කෙනෙක් ඉපදෙන තැන  අනුව එයාගේ ඉරණම තීරණය කරනවානම් මේ පුංචි දරුවා පොහොසත් පවුලක ඉපදුනානම් මේ ඉරණම වෙනස් විමට තිබුනා නේද ? එසේනම් මිනිසුන් විදියට අප කෙතරම් පහත් ද? නිර්මාණය කරුවා අපෙන් මුලදිම ප්‍රශ්න කර සිටී.

    මේ සම්පුර්ණ කතාව ගලාගෙන යන්නේ ප්‍රදාන නළුවන් දෙදෙනෙක් හා එක් ප්‍රදාන නිළියක් සමග.එවිට නිර්මාණ කරුවා ඉතාමත් හොදින් තිරය පාලනය කළ යුතු වෙනවා.දර්ශන බෙදී යාම අතින් එක් අයෙකුටවත් අසාදාරණයක් නොවෙන්න විදියට එය ඔහු සැලසුම් කළ යුතු වේ. මෙය නිර්මාණය කරුවා ඉතා හොදින් තෙරුම් ගෙන වික්‍රම් ,සූර්‍යා හා ලයිලා අතර දර්ශන තල මනා ලෙස සංයොජනය කර ඇත. මේ කතාව තුල වික්‍රම්ගේ අත්වීතිය රංගනයක් අප දකිනවා.ඒ රංගනයට නොදවෙනි රංගනයක් සූර්‍යා තුලත් අප දකිනවා. 

    අපි හැමොම කවදා හරී මිය යන බව දන්නා කරුණක්.නමුත් එසේ උවත් මරණය සිහියේ තබාගෙම ඉන්න ටිකේ බොහො පිරිසිදු අකාරයෙන් සතුටින් ජිවත් විය යුතු බව සූර්‍යාගේ චරිතය තුලින් නිර්මාණය කරුවා අපට ඉතා හොදින් පහදා දෙනවා. මෙය කෙනෙක් හට තවත් විදියකින් තෙරුම් ගත හැකියි. සූර්‍යාගේ චරිතය තුලින් සතුට දැක වික්‍රම්ගේ චරිතය තුලින් දුක දැක්කොත් මේ කතාවෙ කියවෙන්නේ ජිවිතයේ යාතාර්තය නොවේද යන්න අපට හොදින් අවබොද කර ගත හැකියි.

    පළවෙනි අඩහොරාව කතාව ගලාගෙන යනකොට අපිට හොදින්  පැහැදිලි  කරලා දෙනවා මේ කතාව තුලින් ජිව්තයේ යතාර්ථය  ගැන කතා කරනවා කියලා. එහීදී මිනිසාගේ හැගිම් ගැන වගෙම මිනිසුගේ පහත් ගති ගැනත් ඉතා හොදින් නිර්මාණ කරුවා අපට පෙන්වා දී තිබේ. මේ චිත්‍රපටය රූගත කරන කාල වකවානුව තුල අදට වඩා හොදින් ලොකයේ වහල් සංස්කෘතික් තිබුනා කියලා අපිට ඉතාහාසය තුලිනුත් සාදක හොයා ගත හැකිය.එය ඉතා හොදින් අපට නිර්මාණ කරුවා පෙන්වා දී ඇති අතර එහීදී දොලාව වැනි ප්‍රවාහන ක්‍රම පෙන්නුම් කිරිම තුල කතාවට නව ජිවක් ලබා දිමට සමත් වී ඇත.

    මේ ලොකේ හොද මිනිසුන් වත් නරක මිනිසුන්වත් නොමැත. ඇත්තේ කාලයට අනූරුපව වෙනස් වන චරිතයන් පමනී.සල්ලී වෙනුවෙන් අසරණ කම වෙනුවෙන් මිනිසුන් බොහෝ නීති විරෝධී කටයුතු සිදු කරන අතර එය එසේ විම නිසා සිර ගත කිරිම් වලට පවා භාජනය විමට ඔවුනට සිදුවේ. කෙනෙක් සිරගත වු විට ඔහුගේ යහපත් මානසිකත්වයන් සැදිම පොලිසියේ වගකීම වේ. පොලිසිය  සිරකරුවන් දිහා මානුෂික  හැගිම් තුලින් බලමින් ඔවුන් තෙරුම් ගෙන ඔවුන්ට පිහිට විම සැබෑ ලෙසම සිදු විය යුතුය.නමුත් එය සිදු නොවන විට සමාජයට බිහි වන්නේ තවත් නපුරු පුද්ගලයකී.එය තිරය තුලට යොදා ගනිමින් මනා වු සටන් ශිල්ප සමගින් සූර්‍යා හා වික්‍රම් තිරය තුළදි මුන ගැස්සවිමට නිර්මාණය කරුවා සමත් වේ.

    එහීදී සමාජයේ බොහෝ අදුරු පැතිකඩ ගැන කතා කරන නිර්මාණ කරුවා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර  ගැනත් යම් තාක් දුරට කතා කරයි.

          " මෙයාව සාත්තුවරයෙක් කරලා 

           මේ සාත්තුවරයා නිකන් ඉදලා නැ 

           මෙයා දේශිය විදේශීය කාන්තාවන්‍ට හිරිහැර කරලා

           එක විතරක් කරලා නිකන් හිටියේ නැ 

           10 වසරේ ශිෂ්‍යවක් 

            ගිහින් තියෙනවා එයාගේ විභාගයට ආශිර්වාද ගන්න කියලා

            එයාටත් හිරිහැර කරලා "

    හැමොටම මේ ලොකේ දැනෙන එකම හැගිම ආදරය.අපි කෙනෙක්ට ආදරය කරනකොට එයා අපිට ආදරය නොකරත් මුලු ලොකයක් අපිට ආදරය කරයි. ආදරය තුලදි හොදම දේ තෙරුම් ගැනීමයි.අපි ආදරය  ගැන කතා කරනකොට ආදරය කියන්නේ කෙල්ලෙක් හා කොල්ලෙක් අතර ඇති වෙන දෙයක් විතරක්ම නොවේ.යහපත් මිතුරු කමත් හොදම ආදරයක්.ලොකේ වරදින් හරී ඒ ඒ අයගේ වරදින් හරි ආනාතයන් විදියට මේ ලොකෙට බිහි වුනත් සමහර ගුණ දහම් මිනිසත් කම ගැන කතා කරන අප තුලට වඩා ඔවුන් තුල ඇත. සියල්ලෝම මිනිසුන්ය ඔවුන්ට ජිවත් විමේ අයිතියක් ඇත.නමුත් එය අහිමි කිරිමට කිසිවෙකුට බැරිය.ආදරය සෙනෙහස මිතුරු කම සමගින් චිත්‍රපටය එතන් සිට ඉතාමත් අපූරු විදියට ගලාගෙන යනවා. ඒ සියළු කොටස් වල දර්ශන හරිම තාත්වික විදියට නිර්මාණය වෙලා ඇති අතර තිර අතර සංයොජනය ඉතාමත් සියුම් ලෙස නිර්මාණය තුලින් අපට බලා ගත හැකිය.

    මේ අපි කතා කරන්නේ ජිවිතයේ යතාර්ථය  ගැන‍ය. අපි හැමොම මැරෙන මිනිසුන්. සොහොනක හිටිය සොහොන් පල්ලා දුටුවෙත් ඒ දේ. එත් ඒ මරණයට කිසිම කෙනෙක් හට අයිතියක් කියන්නට බැහැ එය ස්භාවිකවම සිදු විය යුතුය.වෙනදා කරෙන් අත දාගෙන ගිය යාළුවා සදහටම නැති වෙනකොට ඒ වෙදනාව ලොකයට කියන්න තරම් හයියක් නැති වෙනකොට ඒ වෙදනාව විදින ආකාරය ඉතාමත් අලංකාර ලෙස වගෙම තාත්වික ලෙස වික්‍රම්ගේ චිරිතය තුලින් උකහා ගන්න නිර්මාණය කරුවා සමත් වී ඇත. 

      " මගේ මවද මා දමා මරණය වෙත ගියා 

       මා හදා ගත්තු කෙනාත් මා දමා යන්න ගියා 

       නමුත් උබ 

       ඇයි උබ මැරිලා මට කදුළු හලන්න සැලස්සුවේ

    චිත්‍රපටය බොහෝ අංශවලින් ශක්තිමත් වන අතර මෙකප් අතින් එය ඉතාමත් සාර්ථකත්වයක් ලබාගෙන ඇත.සූර්‍යාගේ මරණය සමග මිනිය සැදිමෙදී නිර්මාණය කරුවා ඉතා කුඩා දෙවල් වලට පවා ඉතා හොද සැලකිල්ලක් ලබා දී ඇත.තවද එම දර්ශනය තුලදී මිනියක් ඇති විට ඒ සමග අවට පරිසරයේ සතුන්ගේ හැසිරීම ඉතාමත් ක්‍රමානුකූලව තිරය මතට ගෙන එමට සමත් වී තිබේ. චිත්‍රපටය නළු නිලියන්ගෙන් පිටු පස තිරය තුල යම් යම් එකතු කිරිම් කිරිමේදී ඒ සියල්ලටම ස්භාවිකත්වය එකතු කර තිබිම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉතා හොදින් බලපෑම් එල්ල කර ඇත.

    වික්‍රම්ගේ  විශිෂ්ඨ ලෙස රංගනයෙන් දායක වී ඇති අතර. ඔහුගේ චරිතය තුල ඇත්තේ බොහෝ අඩු දෙබස් ගනනකී.සියළු දර්ශනයන් ඔහුගේ භාවයන්ට හා ඉරියවු වලට මුළික තැන  ලබා දෙමින් සිදු කර ඇති අතර සටන් ජවනිකා වලදී බොහෝ විට කොටියෙක් පහර දෙන ආකාරයට ඉදිරිපත් කිරිමට නිර්මාණය කරුවා උත්සහ ගෙන තිබීම විශේෂත්වයකී. වික්‍රම්ගේ ඇවිදිමේ දර්ශනයන් වලදි ඔහු බොහෝ විට සොම්බී ආකාරයෙන් ඇවිදිම් සිදු කරන අතර එය සිදු වන්නේ ඔහු හැදි වැඩි සිටි පරිසරය නිසා බව ඉතා හොදින් පැහැදිලි  වේ. චිත්‍රපටය පුරාවටම වික්‍රම් ඇස් මගින් අදහස් ප්‍රකාශ කරන අතර සමහර අවස්තාවන් වල එය සතුට හා දුක ගම්ම්‍ය කිරිමටද උපකාර කරගෙන ඇත.

    වික්‍රම්ට නොදවෙනි රංගනයක් සූර්‍යා ඉදිරිපත් කරන අතර ඒ තුලින් සූර්‍යාගේ රංගනයද ඉතා හොදින් බලා ගත හැකිය. ඔහුගේ චරිතය බොහෝ විට භාවයන්ට වඩා වචනයට මුලික තැනක් ලබා දෙන ලෙස සිදු කර ඇත. සූර්‍යාගේ මරණය ඉතා හොදින් විද්‍යාමාන කිරිමට නිර්මාණය කරුව සමත් වේ.

    චිත්‍රපටයේ ලයිලා අවස්තාවන් දෙකක් නිරූපණය කරන අතර ඇගේ චිරිතය තුල සාමාන්‍ය කෙල්ලෙක්  දැක ගැනීමට හැකි වේ.නමුත් එය එසේ වන්නේ චිත්‍රපටයේ පලවෙනි හොරා දෙක පමනි.එතන් සිට ඇය ජීවමාන පඨාචාරවක් ලෙස තිරය තුලදී අපට දැක ගැනීමට  හැකි වේ.රංගනයෙන් වගෙම වේශනිරූපනය අතින්ද චිත්‍රපටය  සදහා ඇය ඉතාමත් හොද දායක්තවයක් ලබා දී ඇත.

    චිත්‍රපටය සදහා බොහෝ සම්මානද හිමී වී ඇත.

     ජාතික චිත්‍රපට සම්මාන 2003

    ජයග්‍රහණය - හොඳම නළුවාට රිදී නෙළුම් සම්මානය  - වික්‍රම්

    ෆිල්ම් ෆෙයාර් සම්මාන දකුණ

    දිනා - ෆිල්ම් ෆෙයාර් හොඳම චිත්‍රපට සම්මානය (දෙමළ)

    ජය - ෆිල්ම් ෆෙයාර් හොඳම අධ්යක්ෂ සම්මානය  - බල

    දිනුවා - ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා  - වික්‍රම්

    දිනුවා - ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය  - ලයිලා

    ජයග්‍රහණය - ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නළුවාට හිමි සම්මානය  - සූරිය

    ජය - ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නිළිය  - සංගීතා

    තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන

    ජයග්‍රහණය - හොඳම නළුවා  - වික්‍රම්

    දිනුවා - හොඳම නිළිය  - ලයිලා

    ජයග්‍රහණය - හොඳම සහය නිළිය  - සංගීතා

    සිනමා සම්මාන

    ජයග්‍රහණය - දකුණු ඉන්දියාවේ හොඳම නළුවා - වික්‍රම් 

    චිත්‍රපටයේ ප්‍රදාන කතා තෙමාව වෙලා තියෙන්නේ ජයකාන්තන්ගේ Nandhavanathil oru andi කියන කතාවේ සොහොන් පල්ලෙකුගේ චරිතාපදානයයි.චිත්‍රපටයේ සාර්ථකත්වය මතම එය 2007 දී කන්නඩ භාෂාවෙන් Anatharu ලෙස නිර්මාණය විය. මෙය හිංදී භාෂාවෙන් ද නිර්මාණය කිරිමට උත්සහ ගත්තද යම් යම් හෙතු මත එය සිදු නොවීය.අලංකාර ගීත රාශියකින් සමන්විත වන මෙම චිත්‍රපටය බාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර. වික්‍රම් , සූර්‍යා , ලයිලා රංගනයෙන් දායක වේ. චිත්‍රපටය 2003 ඔක්තෝබර් නිකුත් කර ඇති අතර විනාඩි 158 පුරාවට ඉතාමත් හොදින් මේ නිර්මාණය රස විදිමට හැකියාව ඇත.

    ඔබ දමිළ සිනමා රසිකයෙක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මෙවනි උසස් නිර්මාණ රස විදින්න.සිනමා රසිකත්වය භාෂාවක් මත තීරණය නොවන අතර එය ඔබ රස විදින උසස් නිර්මාණ මතම තීරණය වේ.


    0 comments

  • Bhoomi 2021

    Bhoomi 2021 


    ගූගල් පරීශිලක දර්ශකය 91%


     IMDB 5.2/10





    අපේ කම වෙනුවෙන් නැගී සිටි තරුණයා.


    පුංචි කාලේ අපි බඩිගිනි උනාම අම්මා ගාවට ගිහින් කන්න දෙයක් ඉල්ලනකොට ගෙදර තියෙන මොනවාම හරී දෙයක් දීලා අපේ කුස පුරවනවා. ඉස්සර අපේ ආච්චීලා සීයලා අවුරුදු සීයක් ජිවත් උනා.අපි කට කතාවටත් කියනවා සියක් ආයු ලැබේවා කියලා. අපේ තාත්තා උදෙන්ම නැගිටලා උදෑල්ල කරේ තියාගෙන ගියේ වෙලට.එදා ගම මුලික කරගෙන ජිවත් උන අප කෙතරම් සතුටින් ජිවත් උනාද? අපි අල බතල කාලා ගොඩක් ශක්තිමත් මිනිසුන් විදියට ජිවත් උනා. එත් ඒ සියල්ල අද වෙනස් වෙලා.මිනිසුන් යන්ත්‍ර වලට හුරු වෙලා උදේ ඉදන් හවස් වෙනකන් මුදල් වෙනුවෙන් ජිවතය කැප කරනවා.එදා දිනයකට පිළිකා රොහලට එක් රෝගීයෙක් එනකොට අද දවසට රෝගීන් සීයක් දෙසීයක් එන තැනට පත් වෙලා.මෙවාට වග කියන්න ඕන අපිම නේද ? ලොකය වෙනස් විය යුතුයි.එය කිසිම තරකයක් නැ නමුත් ඒ වෙනස් වීම තුල මිනිසා මිනිසාගෙම විනාශය සාදා ගන්නේ නම් ඒ දියුණුව කෙතරම් සාර්ථක එක වේද? එදා අපි ආදරය කරපු ගම අද කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා. ගංගා හීදී ගිහින් ගොඩක් සතුන් වද වී ගිහින් මේවාට වග කිය යුත්තේ කවුරුන් ද අපට සිතිමට කාලය එලබී ඇත.

    පාරම්පරික ගොවියාගේ ගොවිකම විනාශ වීමට ප්‍රදාන ලෙස බලපෑම් සිදු කර ඇත්තේ බහු ජාතික සමාගම් ය. බහු ජාතික සමාගම් නිසා දේශීය දේ නැති වී යන ආකාරය ඉතා හොදින් නිර්මාණය පුරාවටම අපට බලා ගත හැකිය.

    චිත්‍රපටය ආරම්භ වන්නේ පෘථිවියෙන් එපිට ජීවය සොයන කෙනෙක්ගේ කතාවක් සමගය.එය ඉතාමත් වෙනස්ම ආකාරය ආරම්භයක් ගෙන ඇත.එහීදී නිර්මාණ කරුවා නූතනයේ මිනිසාගේ දියුණුවත් සමග ජීවිත වලට අනාගතයෙදී බලපාන වාසස්ථාන ගැටළුව ගැන ඉතා හොදින් කතා කර ඇත.එය විද්‍යාව පිළිබද ඉගෙන ගැනීමට  කැමති බොහෝ දෙනෙක් හට සිත්ගන්නා සුළු වනවාට සැකයක් නැත. එම නිසා ආරම්භයෙදීම කතාවේ තේමාවට යම් බලපෑම්ක් සිදු කර ඇති බවට අපට පැවසිය හැකිය. එමෙන්ම අප අගහරු ග්‍රහයා මත ජීවයක් ඇති කිරිමට උත්සහ ගනි.එය සිදු කිරිම යහපත් කරුණකී.නමුත් මෙසේ අප නොදන්න ග්‍රහලොකයක ජීවක් ඇති කිරිමට පෙර අප ජිවත් වන මේ ලොකයේ ජීවයේ සුරක්ෂිතතාවය තීරණය කර ඇත්ද යන්න පිළිබඳ නිර්මාණ කරුවා මුලදිම අපෙන් ප්‍රශ්න කර සීටී.
    ගැමි සුන්දරත්වය මෙන්ම ගැමි මිනිසුන් තුල ඇති සරළ බව නිර්මාණ තුලට එකතු කර ගන්නා නිර්මාණ කරුවා. ඔවුන්ගේ ජිවිත වල සරළ බව නිසා ඇති වන සතුට අපට ගීතයකින් පෙන්වා දී ඇත. 

    කතාවේ ප්‍රදාන නළුවා තිරය මතට හදුන්වා දිමත් සමග ඉතා කෙටි කාලයක් තුල නිලියවත් හදුන්වා දිමට සමත් වන නිර්මාණ කරුවා.දෙදෙනා අතර ඇති අන්තර් සම්බන්ධය ඉතාමත් ලස්සන  ආකරයෙන් ගලපා සීටී.එම නිසා චිත්‍රපටය  තුල අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක් සිදු නොකිරිම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉතා තදින්ම බලපෑම් කර ඇත.

    පුංචි කාලේ අපේ තාත්තා  ගොවි තැන් කරලා අපිට උගන්නනා අපිව ලොකු මහත් කරා. උදෙන්ම උදෑල්ල අරගෙන තාත්තා වෙලට යනකොට අම්මා තමයි ඇඹුල උයලා තාත්තා වගෙම අපිව පොෂණය කරේ. හරි ලස්සනට ඒ කාලේ ගලාගෙන ආවා. මේ සිදුවිම එක්ක මට අපේ සිංහල සාහිත්‍යයේ එන ලස්සන ගීතයක කොටසක් මතකයට එනවා.

      " අන්දර යායේ වැවු තාවල්ලේ

        සක්මන් කරනා අප්පච්චී

        දොලේ දියයි මට, කෙතේ නිලයි

       ගහ වැලේ මලයි මට අප්පච්චී "

    එදා ගොවියාට සමාජයේ තිබුන තැන  අද වෙනකොට අයින් වෙලා ගිහින්.ගොවියන්ට වගා කරන්න වතුර නැති වෙනකොට , වගා කරපු වගාවන් විනාශ වෙලා යනකොට, රටටම ණය වෙලා රටටම බත දෙන්න හදනකොට, මේ ගොවියාගේ ජිවිතය කෙතරම් දුක්ඛිත වෙනවා ඇත්ද? ගෙදර දුව පුතා බඩිගින්නේ ඉන්නකොට , දුවට පුතාට පාසල් යන්න පොත පත අරන් දෙන්න කාසි නැති වෙනකොට, සමාජය ගරු කරපු ගොවියා ණය කාරයින් නිසා බැනුම් අහනකොට ඒ ජීවිත කෙතරම් අසරණ වෙනවාද? ඉංදියාවේ වගෙම අපේ රටෙත් මෙක ප්‍රශ්නයක් වෙලා. තුන් වෙලක් බත් කන මිනිසුන් වන අපි කවදාවත් පිගානට බත් ටික එන්නේ කොහොමද කියලා හිතුවා ද? නැ නේද ? මේ සිදුවිම ඉතා හොදින් නිර්මාණ කරුවා ග්‍රහණය කරගෙන ඇති අතර එම කොටස් ඉතාමත් සූක්ෂම ආකරයෙන් ඉදිරිපත් කරිමට සමත් වී ඇත.

      " පලනි ඔයා මට ගොඩක් ගරු කරා

        අහල පහල අයට ඇහුනොත් මට ලැජ්ජයි

        ටිකක් හෙමින් කතා කරන්න

        මගේ සල්ලී දෙන්න බැරි නම් මම මොකටද හෙමින් කතා  කරන්නේ " 

    මේ ලොකේ මිනිසුන්ගේ ජිවයට හෙතුව ස්භාව දර්මයයි.එය මත මේ ලොකය සියලු දේ පාලනය වේ.වැස්ස, නියගය සියල්ල ඒමත පාලනය වේ.නමුත් යම් තැනක එය එසේ නොවේනම් එයට හෙතුව මිනිසා නොවේද? එදා සාර්ථක වු ගොවියා අද අසාර්ථක වේනම් එයට හෙතුව මිනිසා නොවෙද? සල්ලී වෙනුවෙන් කුඩා කුඩා ආශාවල් වෙනුවෙන් ස්භාවික දෙවල් විනාශ කිරිමේ ප්‍රතිඵල විදිමට සිදුවන්නේ අනාගත මිනිසාටම නොවෙද? සියළු දේ එසේ වීමෙදී මේ සිදුවන අසාධාරණයන් කාට කියන්නද? කෝ විලට ගොස් දෙවියන්ට කියන්න ද? කීමට හැක්කේ පොලිසියට හා දේශපාලකයන්ට පමණයි. නමුත් ඔවුන් ද? ඒ සියල්ල අසන්නේ නැත්නම් කුමක් කරන්න ද? මේ සියල්ල මනා ලෙස කතා කරන නිර්මාණ කරුවා කෙතරම් ප්‍රශ්න ආවාත් ගොවියා තුල ගොවි තැනට ඇති ආදරය ඉතා හොදින් ස්මතු කර පෙන්වයි.

       " මම ගොවි තැනට දෙවියෙකුට වගේ වන්දනා කරනවා "

    මේ ලොකේ ඕනම ප්‍රශ්නයකට විසදුමක් කොහේ හෝ ඇත.මේ ප්‍රශ්නයටත් එය පොදු දර්මතාවයකී.ප්‍රශ්නය හදුනා ගැනීම, ප්‍රශ්නය විසදිමට උපක්‍රම යොදා ගැනීම යන සියල්ල ඉතා හොදින් නිර්මාණය තුල කතා කරයි.එහීදි මේ ප්‍රශ්න වලට විසදුම් නූතන තාක්ෂණය  උපයෝගී කරගෙන සිදු කරන ආකරය ඉතා හොදින් පහදා දී ඇත.එනම් කිසි විටක නිර්මාණ කරුවා තාක්ෂණය නරකයි යන අදහසක් අපට ලබා නොදේ.ඔහු පවසා සිටින්නේ තාක්ෂණය  උවත් නිවරදී අකාරයෙන් භාවිතා කරන්නේ නම් එය යහපත් වන බවය.එහීදී චිත්‍රපටයේ ආරම්භය හා මේ කොටස් සම්බන්ධ කෙරේ. මේ කතාව තුල ප්‍රදාන නළුවා විද්‍යාවට සම්බන්ධ චරිතයක්  ( NASA ) සිදු කරයි.එය උකහා ගනිමින් ඉතා හොදින් නූතන ගොවි තැන  හා තාක්ෂණය  ගැන කතා කරයි.එයනම් ඉතාමත් හොද සංයොජනයකී.

    අප රට වගෙම ඉංදියාව තුලත් නිදහස් අධයාපනයට මූලික තැනක් ලබා දේ. කුඩා දරුවෙක් පළමු වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වාම ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාබ ලබා ගනී. නමුත් එයින් බොහෝ පිරිසක් රටට සේවය නොකරයි.මෙය රටකට යහපත් දෙයක් නොවේ.රටක ඉපදුන සියළු දෙනා තමාගේ රටට තාමාගේ මවට මෙන් ආදරය කළ යුතුය. එහීදී නිර්මාණය තුලින් දෙශානුරාගය, දේශාභිමානය ගැන ඉතා හොද දෙබස් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර එය තම ඉපදුන රටට ආදරය නොකර බොහෝ දෙනෙක්ට කනේ පහරක් වනු ඇත.

       " මම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වැඩ කරනකොට..
      
         මගේ රට අභ්‍යාවකාශයේ ඉදන් බලන්න පැය 92 ගත වුනා

         මගේ රට අභ්‍යාවකාශයේ ඉදන් ලස්සනයි

         නමුත් ඒ ලස්සන තිබුනේ දුර ඉදන් විතරයි

         මම ලගට ගියාම ඒ දෙවල් තෙරුනා

         මගේ රට වැරදි  පැත්තකට යන්නේ කියලා "

    රටක ජීවනාලිය ලෙස අප හදුන් වන්නේ තරුණ ප්‍රජාවය.ඔවුන් ඉතාමත් ශක්තිමත්‍ වන අතර නිතතින්ම අභියෝග බාර ගැනීමට  කැමතිය. නායකත්ව කුසලතා හා දැනුමෙන් පොෂණය වන තරුණ පරපුර යහ මගට ගෙන නිවරදිව රටේ දියුණුවට යොදා ගන්නා ආකාරය නිර්මාණ කරුවා ඉතා හොදින් ඉදිරිපත් කර ඇත.ලොකයේ පැවත්මට වග කියන ජීවින් කොටසක් ලෙස අප මී මැස්සන් හදුන්වා දෙන්නෙමු.ඔවුන් නොමැතිව මිනිස් පරපුරකට ජිවත් විය හැක්කේ වසර හතරකට අඩු කාලයක්‍ ය.ගොවි තැනක් සාර්ථක විමටනම් අනිවාර්යයෙන් සතුන්ගේ උදවු අවශ්‍ය වේ.නමුත් එය කෙසේ යොදා ගන්නෙද යන්න ඉතා වැදගත් වේ මේ සියල්ල ඉතා හොදින් දර්ශන තලය තුල කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වේ.තවද මේ නිර්මාණය සිදු කිරිමට පෙර බොහෝ මූලාශ්‍ර පරීශිලනය කර තොරතුරු ගෙන ඇති බවට අපට තෙරුම් ගත හැකිය. 

    චිත්‍රපටය තුල සියුම් කොටස් පවා ඉතා හොදින් පෙන්නුම් කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.

     " එක් අවස්තාවකගේ ගොවියන් හතර දෙනෙකුගේ ඇස් අන්ද වේ. ඔවුන් හතර දෙනා පසු කුඩා දර්ශනයකදී කළු කණ්නාඩි පැලදගෙන සිටින සීටී " 

    තවද මේ චිත්‍රපටයේ සමහර දර්ශන තල එක්ක 2019 වසරේ මහේෂ්බාබු රංගනයෙන් දායක උන Maharshi චිත්‍රපටයේ දර්ශන සමාන විම නිසා.මෙය නරඹන විට එය සිහියට නැගීම සාමාන්‍ය කරුණකී. චිත්‍රපටය කාල පරාස තුනක් තුල කතාවේ ප්‍රදාන තෙමා තුනක් කතා කිරිමට උත්සහගෙන ඇති අතර, පළවෙනි කොටසේදී ප්‍රශ්නය හදුනා ගැනීමත්, දෙවන කොටසේදී සාදාරණ විසදුම් ලබා දිමත් තෙවන කොටසෙදී අභියෝග වලට සාර්ථකව මුහුන දිමත් ලෙස එය බෙදී යයි.

    ලොක වෙලද පොල මෙන්ම රටවල් වල වෙලද පොලද පාලනය කරන ප්‍රදානීයා වන්නේ බහුජාතික සමාගම් ය. බහු ජාතික සමාගම් නිසා බොහෝ විට දේශිය දේට ඇති වන ඉල්ලුම අඩු වී යයි.අප බහු ජාතික සමාගමක් අභිබවා යෑමට  උත්සහ ගත්තහොත් බොහෝ විට කරදර රාශියකට මුහුන දිමට සිදුවේ. ඒ පිළිබඳ පුළුල් ලෙස ගවේෂණ කර ඇති නිර්මාණය කරුවා චිත්‍රපටය තුලින් බහුජාතික සමාගම් හදුන්වා දීම, ඔවුන්ගේ ප්‍රභලතාව ගැන කතා කිරිම වගෙම දුරවලතා  ගැන කතා කිරිමටද අමතක නොකරයි.ඒ වගෙම ඒ අවස්තාවන් උපයොගී කරගෙන මිනිසාගේ දුර්වලතා ද කතා කිරිම විශේෂත්වයකී.

      " තරගය, ආගම , භාෂාව, කුළය !

        එයාලාගේ රැකියාවට වඩා වැඩිය "

    ආදී මිනිසා ඉතා හොද වාරී තාක්ෂණයක් සමග එන ගොවි තැනකට හුරු වී තිබුණු බව අප දන්නා කරුණකී.අද ගං වතුරක් අදික නියගයක් ආ විට බොහෝ පිරිස් සිටින්නේ කුසගින්නේය. සමහර විට දෙපල පවා විකුණා ආහාර සොයා ගනී.නමුත් එදා සමාජයෙත් මෙවනී ආපදා සිදු විය.ඒ අතරින් මිනිසුන් කුස ගින්නේ මිය ගිය අවස්තා අඩුය.ඒ සදහා ඔවුන් ඉතා හොද උපක්‍රම යොදා ගත්තේය. අද අපි කතා කරනවා තාක්ෂණය අතින් ලොකය දියුණු බවට නමුත් ඒ දියුණුවට වඩා එදා තාක්ෂණය කෙතරම් ඉහලින් තිබී ඇත්ද යන්න ඉතා හොදින් නිර්මාණ තුල කතා කරන අතර අවස්තා සම්බන්ධය මනා කොට ගොඩ නගා ඇති නිසා එය ඉතා හොදින් අපට පැහැදිලි  වේ.

       " මේ කොවිල් වල ඉන්නේ දෙවියන් විතරක් නෙවෙයි 

         මිනිසුන්ට ප්‍රයොජනවත් විද්‍යාවක් ද තියෙනවා 

         ඒ දවස් වල රජවරු
      
         පන්සල් හදනකොට උස කුළුණු ඉදි කළා

         එවාගේ බීජ තැන්පත් කරා

        ස්භාවික විපත් නිසා ගම්මාන විනාශ උනත්

          කෘෂිකාර්මාන්තය විනාශ උනේ නැ "

    චිත්‍රපටය සියළු අංගයන්ගෙන් පරීපූර්ණ වන අතර කිසිම අවස්තාවක් කාලය කා දැමිමක් සිදු නොකිරිම චිත්‍රපටය තුල මා දකින විශේෂ ලක්ෂණයකී.චිත්‍රපටය පුරා කිසිදු මවා පැම් නොමැති අතර සියල්ල ප්‍රායෝගීක තත්වයන් වලට අනූරුපව නිර්මාණය කර ඇත.චිත්‍රපටය ගීත සියල්ල අලංකාර ලෙස නිර්මාණය කර ඇති අතර එහී විශෙෂත්වය වන්නේ ගීත තුලින්ද චිත්‍රපටයේ ප්‍රදාන තෙමාවට බලපෑම් එල්ල කර තිබීමයි.චිත්‍රපටය සටන් ජවනිකා මෙන්ම මානව වාදී අදහස් වලින් පරීපුර්ණ කිරිමට සමත් වන නිර්මාණ කරුවා දේශාභිමානය වර්දනය කිරිමට නිතර  ඉංදියානු ජාතික ගීයේ කොටස් පසුබිමෙන් වාදනය කරයි. 

    චිත්‍රපටය තිදෙනෙක් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ප්‍රදාන නළු නිලියන් ලෙස නිදී අගර්වාල් රංගනයෙන් දායක වේ.චිත්‍රපටය ගීත හතරකින් යුක්ත වන අතර ඒ සදහා චිත්‍රපටයේ කාලයෙන් විනාඩි 20 ක ප්‍රමාණයක් යොදාගෙන ඇත. චිත්‍රපටය 2021 ජනවාරි 14 වන දින අන්තර්ජාලයට නිකුත් කරන ලදී.


    0 comments

  • Master 2021

    Master 2021


    ගූගල් පරීශිලක දර්ශකය 90%


    IMDB 8.0/10





    මහාචාර්ය වරයාගේ ආගමනය.


    මේ ලොකයට අප බිහිවු දා සිට අපගේ ජිවිතයේ වෙන සිදුවිම් සියල්ල සිදු වන්නේ අප හැදි වැඩී සිටින පරිසරයත් එක්ක වේ. ලෝකයේ කිසිම කෙනෙක් හොද හෝ නරක ලෙස උපත නොලබන අතර ඔවුන් කුඩා කාලයේ ජිවිතයට උකහා ගත් අත්දැකීම්  එක්ක ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තීරණය වෙයි.මේ ලොකේ වටිනාම සම්පත දරුවන් ය. ඔවුන්ව රැක ගැනීම අප සියළුම දෙනාගේ යුතුකමක් ලෙස අප දනිමු.කුඩා කාලයේ දරුවෙකු වෙත සිදුවන දූෂණයක් නිසා එම දරුවාගේ මුළු ජිවිතයම වෙනස් මගකට එළබිය හැකිය.කෙනෙක් දුෂණය කීයු කල්හී එය කායීකව සිදුවන දෙයක් ලෙස සලකයි.නමුත් මානසිකව උවද දරුවන් දූෂණය විය හැකිය. මහා ගසක් උවත් වර්ධනය වන්නේ පුංචි  පැළයකීනී.එලෙසම දරුණු මිනි මරුවෙක් නිර්මාණය වන්නේද පුංචි පුංචි  වැරදි නිසාමය.දරුවෙක් වරදක් කළ විට ඔවුන්ට එය පහාදා දිය යුතුය.නමුත් ඒ වරද නිතරම කරන්නේ නම් එය දඩුවම් දී හෝ පහදා දිය යුතුය. 

    අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ සමාජයේ අදුරු පැතිකඩක් ගැන  කතා කරන චිත්‍රපටයක් ගැන වන අතර මේ නිර්මාණය  මේ දිනවල සිනමාහල් වල තිරගතවන බව ඔබ දන්නා කරුණකී.චිත්‍රපටයේ කතාව සම්පුර්ණ විදියට ඉදිරිපත් කිරිමට මා මෙහීදී උත්සහ නොගන්නා අතර තුලනාත්මකව චිත්‍රපටයේ ගුණ අගුණ ගැන කතා කිරිමට බලාපොරොත්තු වේ.යම් අයෙක්ට මෙය කියවිම නිසා චිත්‍රපටය බැලිම අපහසු වේ යෑයි සිතේනම් මෙය කියවන් නැති  ව සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

    විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු තරුණ අපරාධය කරුවන් පුනරුත්ථාපන කරන කදවුරකට ගොස් එහී සිට පිරිස යහමගට ගන්නා අයුරු මේ කතාව පුරාවටම ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. 

    තරුණයින් සැමවිටම විප්ලවාකාරී වේ. සාමාන්‍ය ජිවිතෙදී වයස අවුරුදු 16/29 අතර කාලය යොවුන් වියට හා තරුණ විය වෙනුවෙන්  වෙන් කෙරේ.මේ කාලයේදී බොහෝ අය ජිවිතයෙදී විවිද අත්දැකීම් එකතු කර ගනී.එවා අතර ඇබ්බැහි වීම ප්‍රමුඛ  තැනක් ගන්නා බව ඔබත් මමත් දන්නා කරුණකී.එමෙන්ම මේ කාලෙයේ අදික ලෙස පීඩනයන්ට ලක් වීම නිසා ඔවුන් නිතතින්ම අපරාධ කරුවන් බවට පත් වේ. මේ සංසිද්ධිය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා නිර්මාණය තුලට ගෙන ඇති අතර එම නිසා චිත්‍රපටයේ ආරම්භය ඉතාමත් සාර්ථක වී ඇත.මෙහීදී තරුණ දරුවාට විදිමට සිදුවෙන කුරීරු වද හිංසා හා එම නිසා ඔහුගේ මනස වෙනස් වෙන ආකාරය ඉතාමත් හොදින් පෙන්වා දී ඇත.ඒ තුලින් තරුණ අපරාධය කරුවෙක් නිර්මාණය කරන නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර ලෙස විජේ සේතුපතිව තිරය මතට හදුන්වා දීම සිදු කර ඇත.

    ගුණ දහම් මැකි යන සමාජයක මුදලට සියල්ල තීරණය කරන බව අප දන්නා කරුණකී.එය නිර්මාණ කරුවා අපට සත් සුදක් සේ පහදා දී ඇත.එනම් මේ ලොකේ විශ්වාසය යන සාදකයද මුදලට විකීනී ඇත.එසේනම් අප මුදල් මත තබාගෙන ජිවිතයේ සියළු දේ තීරණය කළ යුතුද ? ආරම්භයේදිම නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සීටී.ආරම්භය සමග ඉතාමත් ඉහල රසිකත්වයක් ගෙන ආව නිර්මාණ කරුවා දෙවන දර්ශන සමග එනම් චිත්‍රපටයේ ප්‍රදාන නළුවා වන විජේව හදුන්වා දිමට තිරය උපයෝගී කර ගනී.

    එහීදී  ජේ.ඩී නැත්නම් විජේව හදුන්වා දිමට නිර්මාණ කරුවා ඉතාමත් අදික කාලයක් යොදාගෙන ඇත.එය විජේගේ රසිකයන් හට ඉතාමත් හොද දර්ශන තලයක් උවත් බොහෝ විචාරකයන් පවසා ඇත්තේ අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක් ලෙසය. එහීදී අලංකාර ගීත වගෙම සටන් ජවනීකා යොදා ගැනීම තුලින් ජේ.ඩ් ගේ ඇති ශක්තිය හා ඔහුට විශ්ව විද්‍යාලය තුල ඇති කැමත්ත ඉතා හොදින් පෙන්නුම් කර ඇත.නමුත් එවනී සුළු කරුණු දෙකක් සදහා මෙතරම් කාලයක් වැය කිරිම එතරම් සුදුසු නොවේ යන්න මාගේ අදහසයි.එය අනිකුත් දර්ශනයන්ට ඉතාමත් තදින්ම බලපෑම් කර ඇත.

    එතනින් පසුව ඇති සියළුම දර්ශනයන් සිදු වන්නේ විශ්ව විද්‍යාලය පාදක කරගෙනය.ඒ වන විට සිනමා සිත්තමේ පළවෙනි හොරාවම ගත වී ඇත. ඒ දර්ශන සියල්ලෙන්ම කතා කරන්නේ ජේ.ඩී ගැන වීම තවත් විශේෂත්වයකී. එහීදී භාවානී ( විජේ සේතුපතිට ) වෙන් වී ඇත්තේ ඉතාමත් කෙටී කාලයකී. වගකීම් විරහිත බව අදික බේබදු කම ඉතා හොදින් විජේගේ චිරිතය තුලින් අපට දැක ගැනීමට  හැකියාව ලැබේ.මෙහීදී එදා මෙදා තුල අප දුටු විජේට වඩා යම් තරමක් වෙනස් ආකාරයෙන් ඔහුව දැක ගැනීමට  ලැබීම විශේෂ කරුණකී.

     චිත්‍රපටයේ  English  භාෂාවට හුරු වචන  වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා චිත්‍රපටයට වෙනස් ආරක රසයක් ලබා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.විජේගේ චිරිතය තුලින් වෙනදා දකින ගැම්ම මුල් අවදියේදී නැති අතර එය චිත්‍රපටයේ තෙමාවට බාදාවක් වී නැත. මෙහීදී අධික බිමත් මහාචාර්ය වරයෙක් ලෙස ඔහුගේ චිරිතය තුල කතාවේ දෙවන භාගයට ඉතා හොද ආරම්භයක් ලබා දෙයි.

    චිත්‍රපටයේ දෙවන භාගය තුලින් කතා වන්නේ භවානී හා විජේ අතර සටන සමගය.නමුත් එහීදී චිත්‍රපටය පුරාවටම පුනුරුත්ථාපනයවන ළමුන්  යහමගට ගන්න දරණ උත්සහය ගැන කතා කරයි. චිත්‍රපටය හොරා දෙකක්ම වෙන් වන්නේ ඒ සදහාය.

    චිත්‍රපටය  විජේ රංගනයෙන් දායක උන පෙර සිනමාපට තරම් සාර්ථක නෝවී ඇති බවයි මගේ අදහස.නමුත් විජේගේ රසිකයන් හටනම් මෙය ඉතා හොද චිත්‍රපටයක් වී ඇත.චිත්‍රපටය පුරාවටම චරිත වලට බෙදී ගිය ආකාරය සාර්ථක නොවේ. විජේසෙතුපතිගේන් නිසි අකාරව චිත්‍රපටය පුරාවටම ප්‍රයොජනයන් ගෙන නැත.එමෙන්ම අර්ජුන් දාස්ගෙන් අප මිට වඩා දෙයක් බලාපොරොත්තු උවත් එයට ඔහුට ලැබී ඇති අවස්තාව බොහෝ අඩුය. තවද මලවිකාගේ චිරිතය චිත්‍රපටය පුරාවටම බොහෝ විට දැක ගැනීමට  නොලබුනී.එම නිසා චිත්‍රපටය පුරාවටම චිරතයන් බෙදී යාම අතින් යම් අඩුපාඩුවක් වී ඇති බව මාගේ අදහසයි.

    චිත්‍රපටය පුරාවටම විජේව හයිලයිට් කිටිමට බොහෝ උත්සහයන් ගෙන ඇත.පසුබිමෙන් පවා තලපති විජේ යන නම ප්‍රකාශ කරයි.ඇත්තටම එය චිත්‍රපටයක් තුල විය යුතුද? යමෙක් සිතයි මම මෙසේ පවසන්නේ තරහින් කියා නමුත් එය එසේ නොවේ මමද විජේගේ රසිකයෙකී.චිත්‍රපටය බොහෝ දර්ශන වලින් තුප්පක්කී චිත්‍රපටයට සිහියට එයි.

    චිත්‍රපටයේ කතා තේමාව ඉතාමත් පැහැදිලි  ලෙස කතා කරන්නේ දෙවන භාගයේය. දෙවන භාගය ඉතාමත් සංවේදී දර්ශනයන්ගෙන් යුක්තය. ඒ තුලින් භවානීගේ ඇති කූරත්වය ඉතාමත් හොදින් පෙන්නුම් කිරිමට උත්සහගෙන ඇත. චිත්‍රපටය සමහර දර්ශන  ඉතාමත් පුදුමාකාර වෙයි.

    " එක් අවස්තාවකදී ජේ.ඩී. මෙසය උඩා නිදාගෙන සිටින විට කුඩා ළමුන් දෙදෙනෙක් ඇවිත් ලියුමක් සාක්කුට දාමා යයි.එහීදී දරුවන් දෙදෙනා ජේ.ඩී ට කතා කරත් ඔහු අවදී නොවේ.නමුත් ඒ සැනින් වදින සීනුවට අවදී වෙයි "

     එයනම් පුදුමාකාර දර්ශනයකී. එම දර්ශනය ඉට වඩා තාත්වික ලෙස ඉදිරිපත් කරානම් චිත්‍රපටයට තවත් රසයක් එකතු වීමට තිබුනා යන්න මාගේ අදහසයි.

    ළමා මෙහෙකාර සේවය , ළමා ජාවරම් පුනුරුත්ථාපනය මේ සියල්ලම ඉතාමත් හොදට මිට වඩා කතා කිරිමට තිබුනී.නමුත් එය එසේ නොවිම කණගාටුවට  කරුණකී.චිත්‍රපටය  ආසාර්තක නොවන අතර එය පෙර විජේගේ චිත්‍රපට තරම් සාර්ථක නෝවී ඇතයි මගේ අදහසයි.

    තිර රචනය හා කතාව හා සංගීතය මිට වඩා තරමක් වෙනස් උවානම් මිට වඩා සාර්ථක නිර්මාණයක් අපට නැරඹීමට හැකියාව තිබුනී.

    චිත්‍රපටය ලොකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන අතර විජේ, විජේ සේතුපති මලවිකා රංගනයෙන් දායක වේ.චිත්‍රපටය මේ දින වල තිර ගත වන අතර විනාඩි 180 පුරා අපට කතාව නැරඹීය හැකිය.


    0 comments

  • Bombay 1995

    Bombay 1995 


    ගූගල් පරීශිලක දර්ශකය  91%


    IMDB 8.1/10





    ජාතිය ඉදිරියේ මිලින නොවු ආදරය.


    මේ ලොකෙට ඔයා ඉපදෙනකොට කවමදාවත් ඔයා හිතන් හිටියා ද මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා.එහෙම නැත්නම් මගේ අම්මා තාත්තා මේ වගේ කෙනෙක් කියලා නැ නේද ? ඒ හැමදෙම ඉගෙන ගත්තේ අපි හැදුන පරිසරයත් එක්ක නේද ? ලොකේ හරිම පුදුමයි අපි හැමොම කතා කරනවා මම මුස්ලිම් මම කතොලික කියලා එත් කවදාවත් අපි සිතනවාද අපි සියල්ලොම මිනිසුන් කියලා. ආදී කාලයේ ජන සමාජය ගැන කතා කරොත් එයාලා කෙතරම් සමගියෙන් සතුටින් සිටියේද? නමුත් මැත යුගයක් වන විට ඒ සංතොෂය අවසන් වී ඇත්තේ මිනිසාගෙම හෙතු නිසාම නොවේද? අපි ජාතීන් විදියට බෙදිලා ආගම් වලින් බෙදිලා කළු සුදු කියලා බෙදිලා. අපි අපේ ජාතිය දිනවන්න කැ මොර දෙනවා.

    අයිතිවාසිකම් කියමින් බොහෝ සෙයින් ලේ වැගීරිම් කරනවා.එහෙම කරලා අන් ජාතියේ පරාජය දැකලා හුරේ දානවා.දාලා කැ ගහනවා.එත් අපි මිනිසුන් විදියට දවසින් දවස පිරිහෙනවා කියලා කිසිම කෙනෙක් හිතන්නේ නැති වීම කණගාටුවට කරුණක්.ඉංදියාවේ උවත් අපේ රටේ උනත් පරිපාලන පහසු කරගන්න ප්‍රාන්ත විදියට බෙදා ගන්නවා.එත් මිනිසුන් ප්‍රාන්ත වෙනුවෙන් මරා ගන්නවා.මිනිසා මිනිසාවම පාගා දමන යුගයක දියුණුව කෙසේනම් අප සාදාරණීකරනය කරන්නද? අප මේ ගත කරන්නේ 21 වන සියවසයි.තාක්ෂණය අතින් බොහොමයක් දියුණුයි එත් අපි අපේ මනසින් හැගිම් වලින් ඒ දියුණුව ලබාගෙන තියෙනවා ද? 

    ජාති බේද ආගම් බේද නිසා මිනිසුන් මිනිසුන්වම මරා ගන්නා ආකාරය ගැන මේ නිර්මාණය පුරාවටම ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඉතාමත් ලස්සන ගිතයකිනී.මේ ගීතය බොහෝ දෙනාගේ හදවත බැදගත් බවට නම් සැකයක් නැත.අප නිතර දකින සිනමාවේදී ආදරය ගිතයක් බොහෝ විට රූගත වන්නේ බාහිර පරිසරයේදීය නමුත් මේ ගිතයේ සියළුම දර්ශනයන් රූගත කර ඇත්තේ තිරුමලෙයි නායක්කර් මහල් හීදී විම විශේෂත්වයකී. ගීතය තුල ඔවුන් දෙදෙනාගේ ආදරය වැඩෙන ආකාරය ඉතාමත් අලංකාරයෙන් ඉදිරිපත් කර ඇත. ගීතයට ආවේනීක නර්තනය නිසාම මේ කොටස් තවත් අලංකාර වී ඇතිවාට සැකයක් නැත.

    " මා කුමක් පවසන්න ද.. නාදුනන තරුණයෙක් මා දෙස හොරහින් බලමින් සිටී "

    අප ලොක සිනමාව ගැන කතා කිරිමේදී දමිළ සිනමාවට හිමි වන්නේ ඉතාමත් ඉහල තැනකී එම දමිළ සිනමාවේ ඇති සැබෑ  රසය ඉතාමත් අලංකාර ලෙස පැරණි නිර්මාණය තුල ගැවසී ඇති බවට ඔබත් මමත් දන්නා කරුණකී.

    ඉන් පසු කතාව ගලාගෙන යන්නේ මේ දෙපලගේ ආදරය ඇති වන ආකාරය තිරය තුලින් ඉදිරිපත් කරමිනී. සැබෑ  ජිවිතයේදී උවද තරුණියක් පිටුපසින් යන්නේ තරුණයකී.නමුත් කිසි විටකත් පළමු අවස්තාවෙන්ම ඇය මේ තරුණයාගේ ආදරය පිලි නොගනී.එය එසේ උවත් තමාගේ ආදරය සපතයක් බවට ඔහු නිතර ඇයට එත්තු ගැනීමට ඉඩ හරින අතර එය සිනමාව තුලින් ඉතාමත් අලංකාර ලෙස ඉදිරිපත් කර ඇත.තවද මේ දර්ශන කිහිපය බොහොමයක් දෙබස් වලින් තොර වීම විශේෂ කරුණකී.හැගිම් හා භාවයන්ට මුල් තැන  දිමට නිර්මාණ කරුවා උත්සහගෙන ඇති අතර එම නිසාම මේ ආදරය ඉතාමත් හොදින් අපගේ මනසට කා වදී. 

    ආදරය අපගේ හදවතට ඇති විමට කාලයක් වගේම ජාතියක් බල නොපායී.මේ ආදර කතාවද එලෙසය. මොවුන් දෙපල ආගම් විදියට ජාතින් දෙකක් උවත් ආදරයේදී හැගිම් අතින් එකම කොටසකී. මේ හදවතේ ඇති වු ආදරය මුලු ලොකයට හොරෙන් ඇයට පවසන්න නිර්මාණ කරුවා ඉතාමත් විශිෂ්ඨ දර්ශන තලයක් යොදා ගනී.

    ආදරය ප්‍රකාශ කිරිම හා සමගම ඇයගේ පිලිතුර බලාපොරොත්තුවෙන් තරුණයකු සිටින සාමාන්‍ය කරුණකී. නිර්මාණ කරුවෙක්ට නිර්මාණය තුලදී එය කදිම අකාරයෙන් පෙන්වා දිමට හැකිය. එය මේ නිර්මාණය තුල ඉතා විශිෂ්ඨ ආකාරයෙන් පෙන්වා දී ඇත.දර්ශන තල මෙන්ම යම් යම් සිද්දින් පිලිබද කතා කිරිමෙදී එය ඉතාමත් හොදින් පැහැදිලි  වේ. ආදරයේ පිලිතුර බලාපොරොත්තුවෙන් ඔහු සිටින්නේ මුහුදක් ලග ගල් තලාවකය. සියල්ල අවිනිශ්චිත බව ඔහු හොදින් දන්නා කරුණකී. ඒ සියල්ල හා මේ මොහෝතේ ඔහුගේ හිතේ ඇති වන හැගිම් නිර්මාණ කරුවා ඉතාමත් ලස්සන ගීතයකින් ඉදිරිපත් කිරිමට සමත් වේ.

    මේ ගීතයේදී ගීතයේ පළවෙනි කාල කොටසේදී මේ තරුණයා ඇය කෙරෙහී කෙතරම් ආදරයක් දක්වන්නෙද යන්න ඉතාමත් හොදින් ඉදිරිපත් කරයි.ආදරය වෙනුවෙන් ජිවිතය උවද පරිත්‍යාග කළ හැකි බව ඔහුගේ සිතේ ඇති වන හැගිම ඉතාමත් අලංකාර ලෙස රූප රචනය කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත. තවද ඉතාමත් ලස්සන දමිළ උපමා යොදා ගනිමින් ඇයගේ සුන්දරත්වය පරිසරයට සමාන කිරිමට මේ ගීතයෙන් සමත් වී ඇත.

    " ඔබ මට ආදරය කරයි නම්, මා වෙත පැමිනෙන්න.. ඔබ මට අහිමි වුනොත්, මා මහ පොලවට එකතු වෙමී."

    ලොකයේ ජාති බේදය බොහෝ විට සාගරය මෙන් ප්‍රභල බව මේ ගීතය නරඹන ඔබට දර්ශන කිරිමට නිර්මාණ කරුවා සමත් වෙනවා.මේ සමස්ත ගීතය රූගත වෙන්නේ මුහුදත් සමග වීම නිසා චන්ඩ රල වලට ජාතී බේදී හැගිම ආරෝපණය කල හොත් එය අපට ඉතා හොදින් පැහැදිලි  වෙනවා. ගීතයේ මද්‍යම කොටසේදී ඇය ඔහු කෙරෙහී ඇති ආදරය පෙන්නුම් කරනවා.එහීදී ඇය මුස්ලිම් නිසා ඇදගෙන සිටින බුර්කාව ඉවත් වී යන දර්ශන මගින් ආදරයට ජාති බේදය බල නොපාන බව නිර්මාණ කරුවා නොකියා පවසා සීටිම වැදගත් කරුණකී.

    " මා ආලයෙන් පිරුණු ගංගාවක් නම්, මා අද මහ සයුර සොයා පැමිනියා." 

    ගීතයේ තෙවන කොටසේදී ඔවුන් දෙදෙනාගේ එකතු විම ඉතාමත් ලස්සනට පෙන්නුම් කරනවා. අද අප දකින දමිල සිනමාවේ ගීත වල මේ රසය බොහෝ විට ඉවත් වී ගිහින් තිබීම කණගාටුවට කරුණකී.සිනමාවේ ගීතයකින් සිනමාවේ කතාවට කෙතරම් බලපෑම්ක් සිදු කර හැකිද යන්න අපට මේ කොටස් නැරඹීම තුලින් ඉතාමත් හොදට පැහැදිලි  වෙනවා.

    පලවෙනි අඩහොරාවම ඉතාමත් ලස්සනට ආදර කතාවක් විදියට නිර්මාණ කරපු නිර්මාණ කරුවා දෙවන අඩ හොරාව ආරම්භ කරන්නේ මේ චිත්‍රපටයේ ප්‍රදාන තේමාවට සමගය. ආදරය කරන දෙදෙනෙකුගේ එකම ප්‍රාර්තනාව විවහා වී එක වහලයක් යටට ඒමය. නමුත් ජාතින් දෙකක් ආතර ඇති වෙන ආදරයකදී දෙමාපියන් කෙසේනම් කටයුතු කරයි ද ? 

    " මං කැමති.. ඔයාගේ දුව... ශයිලා භානුව, විවාහ කර ගන්න.

      බැහැපන් එලියට !

       ඈ බල්ලෝ.. උබ දන්නවා ද ? මේ කාටද කතා කරන්නේ කියලා..

       මේ දැන් දෙවියෝ වැන්දා විතරයි නැත්නම් මං දනී උඹට කරන දේ!

      අපේ කුලය වෙනස්.. කවදාවත් එවා එක වගේ වෙන්නේ නැ 

      අපි දෙන්නාගේ ලේ එක වගේ "

    අපිට ලෙඩක් හැදුනාම වකුගඩුවක් ඕන උනාම ජිවත් වෙන්න තියන ආශාව නිසා කාගෙන් හරි එක ඉල්ලා ගන්නවා.එතනදී එයා මොන ජාතියකට අයිති කෙනෙක් ද කියලා මොහොතකටවත් සිතන්නේ නැ.නමුත් මෙවනි විවහයේදී ජාතිය , කුලය ආගම ගැන ලොකුවට පුරජාරු දොඩවනවා.මේ සිද්දිය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා තිරය මතට ගෙන එනවා.තවද මේ සංසිද්දියේදී ඔහු අත කපා ලේ පෙන්වන දර්ශන ඉතාමත් සංවේදී වගෙම ඉතාමත් ගුණදායක දර්ශනයක් ලෙස මම දකිනවා.

    අලුතින් විවාහ වෙන යුවලක් දෙමාපියන්ගේ ආශිර්වාදය එක්ක කුළ ගෙට පිවිසෙනවානම් එය ඔවුන්ගේ ජිවිත වලට යහපතක් ගෙන දෙන බව අප සැම දන්නා කරුණකී.නමුත් ජාති බේද වැනි හෙතුන් නිසා දෙදෙනෙක් වෙන් විම කෙතරම් සාදාරණද යන්න අපට සිතිමට කාලය එලබී ඇත.නිර්මාණය තුලදි එය ඉතාමත් අපූරු ආකාරයෙන් කතා කරන අතර එයට විශාල කාලයක් යොදාගෙන තිබිම මා දකින් විශේෂත්වයකි.දෙමාපියන් දෙපලගේ අශිර්වාදයෙන් තොරව සිය විවහා දිවියට එළබෙන ඔවුන් දෙපල කෙතරම් සතුටින් වාසය කරනවා ද යන්න ඉතාමත් හොදින් නිර්මාණ කරුවා අපට පෙන්වා දී ඇත.

    ඒ දර්ශන තල වලදී කුඩා ළමුන්ගේ දගකාර කම් එකතු කිරිම මගින් ඉතා හොද පණිවිඩයක් අපට ලබා දී තිබේ.කුඩා ළමුන් මල් වගේ ඔවුන්ගේ අදහස් හා සිතුම් පැතුම් ඉතාමත් පිරිසිදුය.ඔවුන්ට ජාතිය ආගම කිසිවක් අදාල නොවේ.එය එසේනම් එවනී සුන්දර හැගිම් එක්ක වැඩි හිටි අයට ජිවත් විය නොහැක්කේ මන්ද යන්න අප සිතා බැලිය යුතුය.

    ආදරය කරන දෙදෙනෙකුගේ ආදරනීයම බලාපොරොත්තුව මංගල රාත්‍රීයයි. එය කුල දෙකක අයට උවත් පොදු හැගිමකී. ආදරය සමග එන රාගීක හැගිම නිරුවතකින් පෙන්නවනවාට වඩා ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවාට පෙන්විමට හැකි නම් එය දක්ෂතාවයකි. මෙහීදී ඔවුන් තුල ඇති වෙන හැගිම් ඉතාමත් ලස්සන ගීතයකින් ඉදිරිපත් කරන අතර එම ගීතය තුලින් ඉතාමත් ලස්සන රාගීක රසයක් අපට ඉස්මතු වෙයි.කුඩා කොටස් කිහිපයකින් ආදරයයේ අග්‍රපලය විදියට මවු පදවිය ලබන බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි. මෙහීදී ඇය ජාත කරන්නේ නිවුන් දරුවන් දෙපලක් වීම නිසා කතාවේ හරයට ඉතාමත් මැනවින් එය බලපා ඇත.

    මේ පුංචි දරුවන් දෙදෙනාගේ අම්මා එක ආගමක තාත්තා එක ආගමක එත් මේ දරුවෝ දෙන්නාගෙන් මේ අම්මාගේ දරුවා , මේ තාතාගේ දරුවා කියලා වෙනසක් කිරිමට අපිට හැකියාවක් ඇත් ද? නැත ඒ දරුවන්ට කැමති පරිදි කුමන ආගමක් උවත් ඇදහිමට හැකියාවක් ඇති බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.එසේනම් අප සිතිය යුත්තේ ආගමක් ඇත්තේ මිනිසාගේ නිදහස සමග එය ඇදහිමට විනා එහී වහලෙක් වී මිනිසුන් විනාශ කිරිමට නොවේ යන්නයි.

    කතාවේ හරයට කෙලින්ම පහර දෙන්නේ ඉන් අනතුරුව නිසා එය තරමක් වෙනස් රසයකින් යුක්ත වේ.මිනිසුන් දේශපාලනිකව බෙදීලා තමන්ගේ බලය රැක ගන්න හුදු පොඩි මිනිසුන් කුලප්පු කරමින් කටයුතු කරයි. මේ ලොකේ දරු සෙනෙසහ ඉදිරියේ මිනිසුන්ගේ හිත් උනු වෙනවා නම් ජාතී බේද නිසා කුඩා දරුවන්ගේ ජිවිත විනාශ කළ හැකිද?

      " කොල්ලෝ උබේ නම මොකක් ද?

         උබේ ජාතිය මොකක් ද?

          මුං දෙන්නා අපේ ජාතියේ උන් නෙවෙයි පුච්චපල්ලා "

    කළ කොලාහල නිසා මිනිසුන්ගේ ජිවිත විනාශ වීම එවා වැලක් වීමට පොලිසිය ගන්න උත්සහය වගෙම අහිමී විම සමග දරු සෙනෙහස ගලාගෙන යන ආකාරය ඉතාමත් හොදින් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී තිබෙනවා.මේ නිර්මාණය බිහි වෙන්නේ 1995 වසරේ ඒ කාලය වන විට සිනමාවට යොදා ගත් තාක්ෂණය අද තරම් දියුණු තැනක තිබී නැහැ. නමුත් මේ දර්ශන තලයන් ඉතාමත් හොදින් රූගත කර තිබීම ඉතාමත් අනර්ගය.

    පෙරදී මෙ දෙපලගේ දෙමාපියන් මේ ආදරයට විරුද්ද වීම නිසා ඔවුන් තනි උවත් දරුවන් ලැබීමේදී නැවත දරු සෙනෙහස ඉදිරියේ ජාතී බෙදය අමතක වී යයි. ආදරය සමග එන සෙනහස දරුවන්ගේ හුරතලය නිසා වැඩි හිටි දෙපල එකතු වෙයි. නමුත් මෙහිදී නිර්මාණ කරුවා අපට නොකියා දෙයක් පවසා සිටී.එනම් එදා දෙමාපියන්ගේ කීම ආසා මොවුන් දෙදෙනා විවාහා නොවී සිටියානම් හිත් වලින් දෙදෙනාම විදවන්නට තිබුනා නේද ? එය එසේනම් මෙතන කවුරුන් හරිද කවුරුන් වැරදි ද අප තෙරුම් ගත යුතුය.එක් දර්ශනයකදී වැඩිහිටි පියවරු දෙපල සමගී වේ.

      " කළබල වෙන්න එපා එයාලා අපේ අය

         සහොදරයා එන්න අපි ගෙදර යමු "

    එතනින් එහාට කතාව ගලාගෙන යන්නේ ජන කොලාහලයන් සමගය. අහිමීවිම වේදනාව තරහා කුතුහලය මේ සියල්ලම එම දර්ශන වල ඉතාමත් හොදින් නිරූපනය කර ඇත.මිනිසුන් මිනිසුන්වම ජාති බේද කුළ බේද නිසා මරා ගන්න යුගයක් ලොකය කෙතරම් බිහිසුනු වෙයි ද යන්න අප සිතා බැලිය යුතුය.

      " උන් උබලව රවට්ටලා

      මේ අහිංසකයින්ව මරලා දන්න කලින්, අර බොරු කාරයින්ව මරලා දාපල්ලා

        ඔය ආයුධ බිම දාපල්ලා!

       ඕවා ඇත ඇරලා දාපල්ලා 

    ඉතාමත් සාර්ථක ආකාරයෙන් නිර්මාණය උන මේ චිත්‍රපටය සදහා බොහෝ සම්මානනීයන් හිමී වී ඇත.

     ජාතික

    1995 ජාතික චිත්‍රපට සම්මාන

    ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ හොඳම චිත්‍රපටය සඳහා නර්ගිස් දත් සම්මානය  - මනි රත්නම්

    හොඳම සංස්කරණය  - සුරේෂ් 

    1996 ෆිල්ම් ෆෙයාර් සම්මාන

    හොඳම චිත්‍රපටය (විචාරකයින්)  - එස්

    හොඳම රංගන ශිල්පියා (විචාරකයින්)  - මනීෂා කොයිරාල

    1996 ෆිල්ම් ෆෙයාර් සම්මාන දකුණ

    හොඳම චිත්‍රපටය - දෙමළ  - එස්. ශ්‍රීරාම්, මනි රත්නම්

    හොඳම අධ්‍යක්ෂක - දෙමළ  - මනී රත්නම්

    හොඳම නිළිය - දෙමළ  - මනීෂා කොයිරාල

    හොඳම සංගීත අධ්‍යක්ෂක - දෙමළ  - ඒ.ආර්. රහ්මාන්

    1996 මැට්‍රි ශ්‍රී මාධ්‍ය සම්මානය

    හොඳම චිත්‍රපටය  - මනි රත්නම් 

    1995 තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන

    හොඳම ගීත රචකයා  - වෛරමුතු

    හොඳම කාන්තා පසුබිම  - කේඑස් චිත්‍ර

    1996 සිනෙගෝර් සම්මානය

    හොඳම සංගීතය (දෙමළ) - ඒ.ආර්. රහ්මාන්

    1996 චිත්‍රපට රසික සම්මානය

    හොඳම සංගීතය (දෙමළ) - ඒ.ආර්. රහ්මාන්

    1996 කලසාගර් සම්මානය

    හොඳම සංගීතය (දෙමළ) - ඒ.ආර්. රහ්මාන්

    අන්තර්ජාතික

    1995 එඩින්බරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (ස්කොට්ලන්තය)

    ගාලා සම්මානය - බොම්බේ  - මනි රත්නම්

    1996 දේශපාලන චිත්‍රපට සංගම් සම්මාන (එක්සත් ජනපදය) 

    විශේෂ සම්මානය - බොම්බේ  - මනි රත්නම්

    2003 ජෙරුසලම් සිනමා උළෙල (ඊශ්‍රායලය)

    විම් වැන් ලීර් ස්ප්‍රීතු සඳහා නිදහස සඳහා වන සම්මානය - හොඳම විශේෂාංගය - බොම්බේ  - මනි රත්නම්

    චිත්‍රපටය  අධ්‍යක්ෂණය කරන ලද්දේ මනී රත්නම් විසින් වන අතර අරවින්ද ස්වාමී, මනීෂා කොයිරාල, යන අය රංගනයෙන් දායක වෙයි.චිත්‍රපටයේ සංගීතය ඒ. ආර්. රහමන් විසින් සිදු කරන ලද අතර චිත්‍රපටය 1995. මාර්තු 10 වන දින නිකුත් කරන ලදී. මිනිත්තු 145 පුරාවට ඉතාමත් ආසාවෙන් නැරඹීමට හැකි මේ නිර්මාණය දමිල සිනමාවේ වැඩිම ආදායමක් උපයාගත්ත චිත්‍රපටය නමින් ඉතිහාසයට එකතු විය.

    89/90 වසර වල සිනමාව ගැන කතා කිරිමෙදී බොහෝ අය එම සිනමාව රසයකින් තොර බව පවසා සීටී.නමුත් මෙවනී විශිෂ්ඨ නිර්මාණ රසවිදිම තුලින් එහී ඇති සත්ත්‍ය හා අසත්‍ය බව අපට වටහා ගත හැකිය.එකල තාක්ෂණය අතින් අඩු පහසුකම් තිබුන වකවානුවක මෙවනී විශිෂ්ඨ නිර්මාණය බිහි උවානම්.අද එම හැකියාවෙන් කෙතරම් විශිෂ්ඨ නිර්මාණය බිහි විය යුතු ද? නමුත් එය එසේ නෝවිම පුදුමයට කරුණකී.අද චිත්‍රපට 10 ගතහොත් ඉන් ගුණාත්මක ලෙස නිර්මාණය බිහි වන්නේ ඉතාමත් අතලොස්සකී.


    0 comments

  • Uriyadi 2

    Uriyadi 2 


    ගූගල් පරීශිලක දර්ශකය 94%


    IMDB 7.2/10




    කූරීරු දෙශපාලනයට එරෙහිව තරුණයාගේ නැගි සිටිම.


    අම්මේ ඔයා විතරයි නේද මට කියලා හිටියේ එත් ඔයත් මාව දාලා යන්න යනවා ද? තාත්තේ ඔයා කීවා නේද හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා.එහෙනම් ඇයි අද මාව තනි කරලා යන්නේ.දුප්පත් හින්දා නේද අම්මේ මේ හැමදේම අපි විදින්නේ. අම්මේ ඔයා කීවා මතකයි ද? මේ ලොකේ සුන්දරම මිනිස්සු කියලා.ඇයි අම්මේ ඇයි ඔයා එහෙම මට බොරු කීවේ මිනිසු හොද නැ ගොඩක් නරකයි.මම දන්නවානම් මිනිසුන් මෙච්චර නරකයි කියලා කවදාවත් ඔයාගේ කුසෙන් එලියට එන්නේ නැ. දෙවියෝ ඉන්නවාලු නේද අම්මේ එත් ඒ දෙවියොත් ඉන්නේ සල්ලී තියන අයත් එක්ක ද? අපි වගේ දුප්පත් අය එක්ක ඉන්නේ නැද්ද අම්මේ.... කියන්න අම්මේ කියන්න... 

    පුංචි දරුවෙක්ගේ හීතේ ඇති වෙන සංකල්පනාවක් එකතු කරාම ඔයාලා බලනවා ඇති ඇයි මේ කියලා. මේ ලොකේට අම්මා තමයි අපිට ජිවය දෙන්නේ තාත්තා තමයි ශක්තිය දෙන්නේ එත් ජිවත් වෙන්න හැකියාව හම්බෙන්නේ හුස්ම හින්දා. එත් මේ ලොකේ සමහර අයට නිදහසේ හම්බෙන හුසමවත් ගන්න වරම් අහිමි වෙලා තියෙනවා.මිනිසා විසින් මිනිසා පාගා දමන යුගයක සාරධර්ම ගුණ යහපත් කම් දෙවියෝ ලගවත් තියේ ද? 

    පුංචි ගමක් ගමේ හරි ආදරයෙන් ජිවත් වෙන පවුල් ගොඩක්.ආදරය පිරිලා, එත් මේ ගම ලග ජීවත වලට බලපෑම් කරන්න කර්මාන්ත ශාලාවක් ඇති කරනවා.ස්භාව ධර්මය ද ඇති කරේ,  නැ  මිනිසා ඇති කරනවා.මෙක නිසා ඇත්තටම මේ ගමේ මිනිසුන්ට කොයි වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි ද යන්න වටා මේ කතාව ගලාගෙන යනවා..

    සමාජයේ සමානාත්මතාව... නැතිවී ගිය විට,

    මනුෂ්‍යත්වය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව

    ඉවසීම ක්‍රමයෙන් පහව යයි

    කෙනෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරිම කෙනෙකුගේ වගකීම.

    චිත්‍රපටය ආරම්භ විමත් සමග චිත්‍රපටියේ කාතාවෙන තේමාව ඉතා හොදින් නිර්මාණ කරුවා අපට ලබා දිමට සමත් වී ඇත. ඒ සමග චිත්‍රපටය තුළ ප්‍රදාන චරිතයන් තිරය තුලට ගන්නා නිර්මාණ කරුවා එතනින් එහාට ප්‍රදාන චරිතය වටා කුඩා ආදර කතාවක් නිර්මාණය කරයි.සමස්තයක් විදියට ගත් විට ආරම්භය ඉතාමත් සරළ ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා.

    ඉන් අනතුරුව කෙලින්ම කතාව ප්‍රදාන  රසායනික කර්මාන්ත ශාලාව හා සම්බන්ද කරයි.එහිදී කර්මාන්ත ශාලාවක වැඩකටයුතු සිදුවන ආකාරය වගෙම කර්මාන්ත ශාලාවක ඇති බයානක පැත්ත පිලිබද පැහැදිලි අවබොධයක් ලබා දිම මෙහී ඇති විශේෂත්වයකි. කෙතරම් සංකීර්ණ සිද්දියක් පාදක කරගෙන නිර්මාණය කරන සිනමා සිත්තමක උවත් යම් කිසි ප්‍රේමාන්විත ගතියක් දැකිමට නරඹන බොහෝ දෙනෙක් කැමතිය එය නිවරදි ආකාරයෙන් ගලපා ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. මේ සමග පළවෙනි අඩහොරාව ගලාගෙන යන අතර තරමක් ඒකාකාරී බවක් එම කොටස් තුලින් අපට දැක ගැනීමට  හැකි වේ.

    සමහර යාලුකම් හරි ශක්තිමත් බව අප දන්නා කරුණකී.අප නිතර ජන වහරේදී පවා පවසන්නේ හොද මිතුරෙක් නැති මරණය ශාක්ෂියක් නැති මරණය වගේය කියලා. ඉතින් හොදම යාලුවෝ තුන් දෙනෙක්ගෙන් කෙනෙක් අපි අතරින් සදහටම වෙන් උනොත් එය කෙතරම් හිතට දැනෙද යන්න නිර්මාණ කරුවා ඉතා හොදින් අපට පෙනවලා දී ඇත.එම කොටස් ඉතාමත් සංවේදී දර්ශන වන අතර මෙය පළවෙනි වතාවට නරඹන ඕනම කෙනෙක් හට එය ඇසට කදුලක් එන දර්ශනයක් වනු නොවනුමානයි. කෙසේ වෙතත් ස්භාවිකව නොව යම් රැකියාවකදි සිදුවන මරණයකදි දෙශපාලනය බලන සිටින්නේ එම මරණය විකුනා හරි තම බලය ලබා ගැනීමටය.එය කුමන රටක උවද ඉතාමත් පහත් ක්‍රායාවකී.එය නිර්මාණ තුලින් අපට ඉතා හොදින් බලා ගත හැකිය.දෙශපාලකයන් මුදල් ඉදිරියේ කුක්කන් වැනිය.එසේනම් අප අද කතා කරන සමාජ සාදාරන්තවය, ගුණ යහපත් කම් සියල්ල ඉහල සමාජ ස්තර වල මිනිසුන් තුලින් ගිලිහී ගොස් ඇත්තේ හැගිම් දැනිම් නැති මුදල් නිසා නේද යන්න ඉතාමත් හොදින් අපට පසක් වේ.නමුත් එය යහපත් සමාජයක් බලාපොරොත්තු වන අපටනම් ඉතාමත් කණගාටුවට කරුණකී.

    සමාජයක ඉතාමත් ශක්තිමත් වගෙම නැගිසිටින්න හැකි කණඩායම තරුණයන්‍ ය. ඔවුන්ගේ එක් පියවරකදි බොහෝ තරුණ පිරිසක් ඔවුන් වටා එකතු විම සරළ සිද්දියකි.එය අප බොහෝ විට දකින්නේ විශ්ව විද්‍යාල තුලය නමුත් එයින් පිටට ඇවිත් සාමාන්‍ය ජන සමාජය තුලද එය දැක ගත හැකි බව පැහැදිලි  වෙන බව නිර්මාණය කරුවා අපට පෙන්වා දෙයි.තමන්ගේ යාලුවාට උන අසාධාරණයට විරුද්දව ඔවුන් නැගි සිටිම තුලින් නිහඩ විප්ලවය ආරම්භ වේ.චිත්‍රපටය  මුල් කොටස මැද කොටස සමග සම්බන්ධ වන්නේ එලෙසීනී.

    අප මෙහිදී කතා කරන්නේ කර්මාන්ත ශාලාවක් නිසා සාමාන්‍ය ජන සමාජයට වන අනතුර පිළිබඳව වන අතර එය ඉතාමත් උච්චතම අවස්තාව දක්වා කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වීම තුලින් මේ නිර්මාණ තුල අප බොහෝ සෙයින් අතරමං කරයි. සාමාන්‍ය ජිවිතයෙදී උවත් මෙවනි අනතුරුවලින් බොහෝ පිරිස් මිය යන බව අප දන්නා කරුණකී.නමුත්  ඒ සියල්ල පලක පාලකයන් විසින් යට දමා ගනී.එය කෙතරම් සාදාරණද? නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සීටී. 

    සියල්ල සිදු වී අවසානයේ ඇතිවන බයානක ප්‍රතිපලය විශාල ජන තාවකගේ මරණයයි. එය ඉතා හොදින් නිර්මාණ තුලින් පෙන්වන අතර එහීදී සමාජයේ ඇති ගුණ යහපත් කම් හා ආගමික විශ්වාසයන් ගැන සියුම් තැන් උපයොගී කරගෙන කතා කරයි. 

    මේ ලොකේ දරුවෙක්ට අසීමිතව ආදරය කරන කෙනා මවය.ඇගේ ආදරය ඇට ලේ මස් වලටම කිදා බහින අතර ඒ ආදරය මෙතකයි කියා පැවසිමට අපට නොහැකිය. මරණය තමාවෙත එන බව දැන දැන දරුවන් ආරක්ෂා කරනවානම් එය කෙතරම් මානුෂික ආදරයක් ද කියලා අපට පැහැදිලි  වේ.
    එක් අවස්තාවකදී මේ මේ මව දරුවාව ඇකගෙන් ඉවතට ගෙන මාලු ටැංකිය සුද්ද කර එයට දමා කඩදාසි වලින් වසන අතර එය පළක් නොවේ යෑයි සිතන විට අල්මාරියකට දමා වසයි.මෙය කෙනෙක් හට සිතෙන්නේ මොඩ ක්‍රියාවක් ලෙස උවත් මවු සෙනෙහස සමග ගත් කළ ඇය කලේ ඉතාමත් උතුම් පරිත්‍යාගයකී.ඇගේ මරණය සමග දරුවාගේ ජිවිතය බෙරීම පසු දර්ශනයක් සමග සමබන්ද කරමින් නිර්මාණ කරුවා අපට පෙනවා දෙන අතර එයා කුමන අයෙක්ට උවත් නෙතට කදුලක් එකතු කරනු ඇත.

    මවු සෙහෙසහ හා දෙවනි නොවන එකම සෙනෙහස පිය සෙහෙහසයි.අපි සාමාන්‍ය ජිවිතයේදී පවා පියවරු කෙතරම් ශක්තිමත් ද යන්න දනී.නමුත් ඒ පිය සෙනෙහස දරුවන් ඉදිරියේ කෙතරම් ශක්තිමත් ද යන්න නිර්මාණ තුලින් හොදින් කතා කරයි. 

    අපිට ජිවිතයේ කර කියා ගන්න දෙයක් නැති වු විට අප යන්නේ දෙවියන් ලගටය.එත් දෙවියන්ට කර්මය වැලක්විය හැකිද? නිර්මාණ කරුවා අපෙන් නොකියා ප්‍රශ්න කරයි.ස්භාවික හෙතු නිසා මිනිසුන් මිය යන්නේ නම් එය කෙසේ හෝ සාදාරණිකරණය කළ හැකිය. නමුත් මිනිසා නිසා මිනිසාවම විනාශ කරන්නේ නම් එය කෙතරම් සාදාරණී කරනය කළ හැකිද?

    ලොකයේ පැවත්මට යුක්තිය හා සාදාරණත්වය ඉතාමත් හොදින් බලපෑම් කරයි.නමුත් ඒ සාදාරණත්වය මිල මුදල් ඉදිරියේ වැසි යන්නේ නම් අප කුමක් කළ යුතුද? එය බොහෝ දෙනෙකට ප්‍රශ්නයකි.වයස් ගත කෙනෙක් හට මෙවනි අවස්තාවකදි කට පියාගෙන සිටිය හැකිය.නමුත් තරුණයන් එසේ සිටිද ? තමන්ගේ අම්මා,තාත්තා නැති උනාම තරුණයෙක් කෙතරම් විප්ලව වාදී වෙයි ද? දෙශපාලනය හා මුදල් වලට එම තරුණයත් යටත් විය යුතුද ? සමජය පාලනය නීතියෙන් ගිලිහී ගිය විට එයට යුක්තිය කිරිම සදහා සමාන්‍ය මිනිසුන් ඉදිරිපත් විම මුලු මහත් සමාජයටම කෙතරම් සුදුසු  ද? මෙවනි ඉතා පුලුල් පරාසයක් පුරා කතා කිරිමට මේ නිර්මාණය සමත් වී ඇත.

    මේ ලොකේ සුන්දරතම නිර්මාණය මිනිසාය.මිනිසා දිනෙන් දින දියුණු විය යුතුය.නමුත් එයින් මිනිසාගෙම මරණයම ලගා කර ගන්නේ නම් ඒ දියුණුව කෙතරම් සුදුසුද? කෙසේ හෝ අපට හුස්ම ගන්න තියෙන වාතයටත් විශ එක් කරන යුගයක.අප මෙවනි නිර්මාණ කෙතරම් සමාජයට ඉදිරිපත් කළ යුතුද? කතාව තේමාව ඉතාමත් හොදින් නිර්මාණ කර තිබීම හා ඉතාමත් සියුම් තැන් ගැන කතා කිරිමට මේ නිර්මාණ සමත් වී තිබිම නිසාත් මේ නිර්මාණ සාර්ථක වී ඇතයි යන්න මාගේ අදහසයි.

    විජේ කුමර්ගේ අධ්‍යක්ෂණයෙන් හා විස්මිතා ශංකර් යන අයගේ රංගනයෙන්  හැඩ වෙන මේ නිර්මාණය 2019 අප්‍රේල් 05 වන දින නිකුත් කර ඇත.මිනිත්තු 119 පුරාවට ගලායන මේ චිත්‍රපටය පවුලේ සැමට එකට හිද නැරඹීමට හැකිය.


    0 comments

  • Thatrom Thookrom 2020

    Thatrom Thookrom


    ගූගල් පරීශිලක දර්ශකය 94%


    IMDB 8.1/10




    අනාතයින් සමග කළ මුදල් කොල්ලය.


    සම්මානනීය දමිළ සිනමා පටය.


    අපි හැමදාම දුක් වෙනවා අපට අරක නැ මෙක නැ කියලා.එත් ඔයාලා දන්නවා ද ? අපි කොච්චර වාසනාවන්තයි ද කියලා. ඔයාට කුස පිරෙන්න ආහාරයක් ගන්න පුළුවන් වෙනවානම්.ඔයාට හිත සැනසීමේ නිදා ගන්න හම්බෙනවානම්,අම්මා තාත්තාගේ ආදරය විදින්න හම්බෙනවානම් ඔයා තමයි මේ ලොකේ වාසනාවන්තයා.මේ ලොකේ ඔය කිසිම දෙයක් නැතිව ඉතාමත් දුක්ඛිත ජිවිත ගත කරන පිරිසක් ඉන්නවා.එයාලාට අපි කියන්නේ අනාතයෝ කියලා.එකට හෙතු ගොඩක් තියෙනවා.ඒ එක එක හෙතුව ගානේ කතා කරන්න ගියොත් පිටු ගානක් වරු ගානක් උනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එයාලටත් අපිට වගේම හීන තියෙනවා.කෙනෙක් කියයි එහෙම අනාතයෝ බිහි වෙන්නේ සසර කරපු පවු නිසා කියලා.එත් ඔයාලා දන්නවාද ඔය අද අපි අනාතයෝ කියලා කතා කරන අයගාව තියෙන ගතිගුණ සමහර ටයි කොට් දාන මහත්වරුගාවවත් නැහැ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉංදියාවේ දමිළ සිනමාවේ තිරගත වුන තවත් සාර්ථක සම්මානනීය නිර්මාණයක් ගැනයි.

    කාකා හා එයාගේ යාලුවෝ දෙන්නා කුඩා කාලයේ ඉදන්ම හැදි වැඩෙන්නේ අනාතයන් විදියට.ජිවිතයේ ඉස්සරහට යන්න ඕනා ජිවිතේ දින්න ඕන කියන ආකල්ප එයාලාගේ හිතේ තියෙනවා.ඉතින් එත් මොනවා කරන්නද එකටත් සල්ලී හරස් වෙනවා.ඉතින් මේ සියල්ල සමග තමන්ගේ ජිවිත වලට අරමුණක් හදාගන්න ඩුබායි වලට යන්න යාලුවෝ තුන් දෙනා තීරණය කරනනේ එයාලාගේ ජිවිතවල නව පිටුවක් පෙරළමින් කියලා කියන්න පුළුවන්.නමුත් ඒ අලුත් පිටුව ඔවුන්ගේ ජිවිතවලට කෙතරම් හොදින් බලපායි ද යන්න වටා තමා මේ කතාව ගලාගෙන යන්නේ.

    චිත්‍රපටය තෙමා කිහිපයක් ගැන කතා කරන අතර එය නැරඹීමේදී යම් යම් අයට එය විවිද ආකාරයෙන් තෙරුම් ගත හැකිය.මේ නිර්මාණය තුළ ඇති සාර්ථක දර්ශන තල හා මේ නිර්මාණය සාර්ථක විමට එවා බලපෑම් කරපු ආකාරය් කතා කිරිමට මා බලාපොරොත්තු වන අතර එහීදී කිසිම ආකාරයෙන් කතාව සම්පුර්ණ ලෙස ඉදිරිපත් නොකරයි.

    චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණ වියේ පසුවන කොල්ලන් තිදෙනෙක් වාහනයක් එළවාගෙන යන ආකාරය සමගය.එම දර්ශනයේදී කිසිම අර්තයක් ලබා ගැනීමට අපට නොහැකි වන අතර එම නිසා එය කුතුහලයක් ලෙස මම දකිමි.දෙවන දර්ශනය තුළදී අනාතයන්ගේ ජිවිතයේ ඇති කටුක බව ගැන නිර්මාණ කරුවා ඉතා හොදින් කතා කරන අතර එහීදී ඔහු එවා පරිසර තත්වයන් සමග ගලපමින් ඉතා හොදින් ප්‍රතිනිර්මාණය කිරිමට සමත් වෙයි.එමෙන්ම අනාතයන් වු පලියට එවනි මිනිසුන් ගැරහිය යුතු නැත.ඔවුන් තුළද යහපත් ගුණාංග වගෙම හීන ඇති බව පවසන නිර්මාණ කරුවා ඔවුනුත් අප වැනි මිනිසුන් බව ආරම්භයෙදීම අපට වටහා දෙයි.එම දර්ශන තල නරඹන විට තරමක ඇසට කදුලක්  පැමිනෙයි.

    එතනින් පසුව සමාජයේ තවත් පැතිකඩක් ගැන කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වන අතර එහීදී මත් පැන් සාමජයේ යහ පැවත්මට අවශ්‍යද යන්න ඉතාමත් තර්කානුකූල ලෙසින් ඉදිරිපත් කිරිමට සමත් වෙයි.එහිදී පිරිමින්ගේ ආශාවන් හා කාන්තාවන්ගේ ආශාවන් පිලිබද සංසදනය කිරිමත් ඉතාමත් විශිෂ්ඨ කාර්‍යක් ලෙස මම දකිමි.

    අනතුරුව මේ සියල්ල සමග ගැටෙන පොලිසිය පිලිබද සමාජයේ ඇති හැගිම් ගැන කතා කරන අතර එහීදී දුෂිත නිළදාරින් හා අවංක පොලිස් නිලදාරින්ගේ ක්‍රියාකලාපයන් මානාකොට නිර්මාණය කර තිබිම චිත්‍රපටය තුළ මා දකින සාදනීය ලක්ෂණයකී. තවද දෙශපාලනයේ ඇති දුෂිත බව පිළිබඳවද කතා කිරිමට මෙහිදී නිර්මාණ කරුවා සමත් වන අතර එමගින් මේ කතාවට අදාල සියළුම දෙනා තිරය මතට හදුන් වා දීම සිදු කරයි.

    කාකා හා යහළුවන් සිය ජිවිතය යහපත් ආකාරයෙන් ගත කිරිමට අවශ්‍ය පියවරවල් වලට ගමන් කරන අතර එම දර්ශන සමග එන දමිළ ගීතද ඉතාමත් ගම්බීර ආකාරයෙන් නිර්මාණය කර ඇත.එහීදී ලොව පුරා මේ වන විට කතා වන Motivation සංකල්පය  යොදා ගන්නා අතර එය නරඹන ඕනම කෙනෙක් හට පැහැදිලිව අවබොද කරගත හැකිය. 

    නිර්මාණය කරුවා ආරම්භයේ සිටම එක සංකල්පයක සිට නිර්මාණ ඉදිරිපත් කිරිමට උත්සහ ගන්නා බවක් පෙන්වන අතර එහීදී අනාතයන් වුවත් ඔවුන් මිනිසුන්‍ ය යන්න නිතරම පවසා සිටී.මේ ලොකය තුළ ඇති සුන්දරම හැගිම ආදරයයි එය කවදා කා කෙරෙහී ඇති වේද යන්න නොදනී.එය සාමාන්‍ය මිනිසුන්  හට මෙන්ම අනාතයන් හටත් පොදුය.ඒ ආදරය අනාත කෙනෙක් හට දැනෙන ආකරය ඉතා හොදින් නිර්මාණය තුලින් අපට දැක ගත හැකිය. එහීදී ගෞරවය  හා ආදර අතර ඇති සංකිර්ණ භාවය ඉදිරිපත් කරන අතර. කුමන රැකියාව කලත් මිනිසා උසස් වන්නේ ගුණ දහම් වලින් බව නිතරම අපට පවසා සීටියි.

    " ඔයා කවදාවත් මිනිසුන්ගේ ගුණාංග ගැන සිතන් නැද්ද?"

    "මිනිස්සු මනින්නේ එයාගේ ඇදුමෙන් හා කරන වැඩ වලින්ද? "

    චිත්‍රපටයේ බොහෝ දර්ශන තළ වලදී ගුවන් යානයක් ගමන් කරන ආකරය දර්ශන තළයට පිටුපසින් පෙන්නුම් කිරිම තුලින් නිරන්තරයෙන් මොවුන්ගේ සිහිනයක් ජය ගන්න යන ගමනක් ඇති බව පුන පුනා නිර්මාණය කරුවා අපට පෙන්වා දිමට උත්සහ ගනී.

    එතනින් පසු නිර්මාණය ගමන් කරන්නේ දුෂිත දෙශපාලකයන් පොලිස් නිළදාරින් හා අනතයන් තිදෙනාගේ එකිනෙක බැදි කතාවක් විලසය. එහීදී මිනිසාගේ සියුම් තැන් ගැන නිර්මාණ කරුවා කතා කරන අතර එය විශිෂ්ඨ සංකනයක් ලෙස මම දකී.එහීදී මේ නිර්මාණය තව දුරටත් ඉදිරියට ගෙන යාමට පාලම සාදා දෙන්නේ මුදල්‍ ය.

    සමහර අයෙක් මේ නිර්මාණය නැරඹීම  තුලින් නිගමනයන් දෙකක් සාදා ගනී.එනම් මේ නිර්මාණය තුලින් කියවෙන්නේ අනාතයන්ගේ ජිවිත ගැන යන්නය.තවත් එකක් මුදල් සොරකම ගැන යන්නය.ඒ දෙකෙහිම වරදක් මම නොදකිමී.මොකද මේ දෙකම ගැන නිර්මාණය තුලින් මනා කොට පෙන්වා දිමයි.

    අනාතයන් උවත් ජිවත් වීමේ අයිතියක් ඇති බව අපට පෙන්වා දිමට උත්සහගෙන ඇත.මිනිසුන් මුදල් නිසා අන්ධ වන අතර මිනිසා මිනිසාවම මරාගනී.නමුත් මේ මුදල් තොග පිටින් ගොඩ ගසාගෙන සිටියත් එවා ප්‍රයොජනයට ගන්නේ නැත්නම් එහී පලය කුමක් ද? නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරයි.සියළු ගැටළු වලින් බෙරීමටනම් ආනතයින් තිදෙනාහට මොළය හොදින් පාවිච්චි කළ යුතුය.එසේනම් අප අනාතයින් ලෙස හදුන්වන්නේ මොළය නැති පිරිසක් ලෙසය.නමුත් අනාතයන් වු පලියට ඔවුන් එසේ නොවන බව නොකියා අපට පැවසිමට උත්සහ ගෙන ඇත.තවද සියළු දෙයින් බෙරිමටනම් එකමුතු කම තිබිය යුතුය.ඒ වගෙම හොර වැඩක් කිරිමෙදී පවා එකමුතු කම තිබිය යුතුය.නමුත් ඉහල නිළ දරන පිරිස මුදල් හමුවේ එකමුතු කම නැති කර ගනී.නමුත් අනාතයින් පිරිස මුදල් හමුවේ එකමුතු කම කිසි විටකත් නැති නොකර ගනී.ඔවුන්ට අනුව තනියම නොව සියල්ලම එකට එකතු වී ජිවිතය ජය ගත යුතුය යන්න අදහසයි.

    එක් අවස්තාවකදී පාණ්ඩ්‍යන් ඒ කියන්නේ මේ අනතකොල්ලෝ තුන් දෙනා එක්ක ඉන්න වැඩි හිටියා.එයා තුළ ඇති ආදරය කෙතරම් ද යන්න නිර්මාණය තුල කිහිප වතාවක්ම පෙන්වා දිමට නිර්මාණ කරුවා සමත් වි ඇත.සියල්ල සිදු වී අනාතයින් තිදෙනාගේ ජිවිත හා තමගේ මරණ බියෙන් බෙරාගන්න  මොහු ඉදිරිපත් වෙයි.එහීදී තමාගේ ජිවතයට කුමක් වුවත් ඔවුන් හොදින් සිටිය යුතුය යන්න සිතයි.එසේනම් එහිදී නිර්මාණ කරුවා අපට ලබා දෙන්නේ පොඩි මිනිසා තුළ ඇති පක්ෂපාතිත්වය නොවේද? 

    මුළ මැද අග ඉතාමත් හොදින් ගැලපිම් සිදුකරමින් නිර්මාණය කර ඇති මෙම නිර්මාණය  ඉතාමත් අලංකාර ගිත කිහිපයකින් සමන්විත වේ.රංගනයෙන් දායක වන නළු නිලියන් දමිළ සිනමාවට අලුත් වන නමුත් ඔවුන් එම චරිත වලට ලබා දී ඇති සාදරණත්වය ඉතාමත් අගනේය.තවද වේශනිරූපනය අතින් මෙම නිර්මාණය තව දුරටත් සාර්ථක වී ඇත.ආනතයින් තිදෙනා ඉතා හොදින් ප්‍රතිනිර්මාණය කිරිම උදාහරණයක් ලෙස අපට පෙන්වා දිය හැකිය.

    සමාජයේ සියළු ස්තර ගැන ඉතා කෙටි කාලයකින් කතා කරන මෙම නිර්මාණයේ යම් යම් අඩුපාඩු කිහිපයක් ද අඩංගු වී තිබුණී.කාකා යනු අනතයෙක් වන අතර කිසි දා වාහනයක් එලවා තිබුනේ නැත.නමුත් මෙහිදී එක පාර ඉතා හොදින් ඔහු වහන එලවයි.එය කෙසේ වුවාද යන්න කිසිම දෙයක් නිර්මාණය තුලින් ඉදිරිපත් නොකිරිම අඩුපාඩුවක් ලෙස මම දකිමි. තවද සටන් ජවනීකා වලදී පහර දෙන්නා හා පහර කන්නා අතර ඇති පරතර වැඩි අතර එම නිසා සමහර දර්ශන සාර්ථක නෝවී ඇතයි යන්න මාගේ අදහසයි.

    සමස්තයක් විදියට ගත් කළ දමිල සිනමාවේ බිහිවු තවත් විශිෂ්ඨ නිර්මාණයක් විදියට මේ නිර්මාණය හදුන්වා දිය හැකිය. චිත්‍රපටය මුලින්ම අනුමාන කරනු ලැබූවේ 2016 ඉංදියානු මුදල් නොට්ටු සංස්කරණය මත වන අතර නමුත් චිත්‍රපටය ගලාගෙන යන තෙමා සමග එය වෙනස් විම් වලට ලක් විය.

    " දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා අපට කලේ උදවුවක්"

    "සල්ලී හම්බ කරන එකේ වරදක් නැ ,වැදගත් වන්නේ එක කරන්නේ කොහොමද යන්නයි."

    චිත්‍රපටය ඇගයීම් වලට ලක් වීම විශේෂ කරුණකී.

     මෙම චිත්‍රපටය ටොරොන්ටෝ ජාත්‍යන්තර දෙමළ චිත්‍රපට උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී 

    DRUK ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණ සම්මානය දිනා ගත්තේය 

    හොලිවුඩයේ ලොස් ඇන්ජලීස් හි ආසියානු චිත්‍රපට උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී.

    අධ්යක්ෂ අරුල් දී වෘත්තාන්ත චිත්රපට සම්මානය හොඳම මංගල සිනමාකරු දිනා වරාය බ්ලෙයාර් ජාත්යන්තර සිනමා උළෙලේ

    චිලියේ දකුණු චිත්‍රපට හා කලා ඇකඩමි උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී 

    සම්මාන රාශියකින් පුද ලද මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ අරුල් එස් විසින් වන අතර රංගනයෙන් අරුණසලම් හා තීජාය දායක වෙයි.2020 නොවැම්බර් 14 නිකුත් කළ මෙම නිර්මාණය විනාඩි 110 පුරාවට රස විදිමට හැකියාව ඇත. නිර්මාණය ඉතාමත් අලංකාර ගීත කිහිපයකින් සමන්විත වෙයි.


    0 comments

  • Patra Vaitha Nerupondru 2020

    Patra Vaitha Nerupondru 2020  


    ගූගල් පරීශිලක දර්ශකය 76%


    IMDB 8.1/10





    රහසිගත විඩියෝ හා හඩ පට වල අබිරහස 


    ජීවිතය හරී පුදුමයි නේද ? මිනිසුන් කෙතරම් වෙනස් වෙලා ද ? මිනිසුන් ලොකය ජය ගන්න අප්‍රමාණ වෙහෙසක් දරන්නේ ඇයි. අදටත් ප්‍රශ්නයකී.එය ලොකයේම යහපතටනම් ඇයි අවි ආයුද යුද කොළාහල ලොකයට බිහිවෙන්නේ.මිනිසා මිනිසාවම පාගා දමා ඇති යුගයක තාක්ෂණය අපිව ආක්‍රමණය කර ඇති යුගයක ගුණ දහම් පිරීහිම කියන්නත් දෙයක් ද? කොටියෙක් මුවෙක්ව ගොදුරු කරන සැම විටම කොටියාගෙන් බෙරීමට දිව යන්නේ මුවාය.නමුත් යම් විටක කොටියාගේ ගොදුර විමට මුවාට සිදුවේ.මිනිසා තුළ යහපත වගෙම අයහපත ද රජ කරයි.එයින් අයහපත කෙනෙක්ගේ අවියක් කරගෙන ඔහුව ඇයව පාළනය කිරිමට පිරිසක් රැදී  සිටියි.මිනිසා වැසිකිළි යන තැනේ සිට ලිංගික තෘප්තිය ලබන තැන  දක්වා වෙන සිදු විම් රහසිගතවම විඩියෝ කරගෙන ලොකයට ඉදිරිපත් කිරිමට පිරිස් සීටි.අප දියුණුව වෙනුවෙන් පාවිච්චි කරන තාක්ෂණය කෙනෙක්ගේ මරණයට හිමි කමක් වනවානම් එය තාක්ෂණයේ වරදද? මිනිසාගේ වරදද? අපට සිතන්නට සිදුවේ. 

    රාත්‍රී කාලයේ සොරකමේ යන දෙදෙනෙක් හදිස්සියේම ගෙදරකට පනින්නේ ඔවුන්ගේ ජිවිතය වෙනස් කරමිනී.එහිදී ඔවුනට දැක ගැනීමට  හැකිවන්නේ අධික ලෙස ලේ වහනය වෙමින් මිය ගිය කෙනෙක්ගේ මළ සිරුරකී. සියල්ල එසේ සිදු වී ඇති විට මේ මරණයට වග කිව යුත්තේ කවුරුන්ද යන්න සෙවිම වටා මේ කතාව ගලාගෙන යයි.

    චිත්‍රපටය සාමජීය සිදුවිම් පාදක කරගෙන නිර්මාණය කර ඇත.එය සාමාන්‍ය සාර්ථකත්වයක් ලබාගෙන ඇත.තවද මෙහිදී නවක නළු නිලියන් තිරය තුලට ගෙන එමට නිර්මාණය කරුවා උත්සහගෙන ඇති අතර එය අසාර්ථක නොවේ නමුත් එය අප බලාපොරොත්තු වන තරම් සාර්ථකත්වයක් ලබා නොගීනීම කණගාටුවට කරුණකී.නමුත් මේ නිර්මාණය ඒ සාදක මග හැර ඉතා හොදින් නැරඹීය හැකිය.

    චිත්‍රපටය ආරම්භක දර්ශන අදුරට හුරු පරිසරයකට මුලික තැන  ලබා දෙමින් සිදු කර ඇති නිසා ආරම්භයේදීම සුපුරුදු ත්‍රාසය අපගේ මනසට ලබා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.එපමනක් නොව එහීදී රාත්‍රී සමාජ ශාලාවක දර්ශන යොදා ගැනීම  තුළ මේ සිදුවිම් වන කාලය වන විටත් සාමජය තුළ යම් පිරිසක් අවදී වී සිටින බව නොකියා පවසා සීටී.අනතුරුව සොරුන් දෙදෙනාගේ දර්ශනය ඉතා සාර්ථක අන්දමින් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වන අතර එහීදී සොරුන්ගේ මුහුනේ ඇති බිය කුතුහලය යන හැගිම් ඉතාමත් හොදින් උද්දීපනය කර ඇත.එහීදී ආදුනික නළු නිලියන් උවත් ඔවුන්ගේ වගකීම් කොටස නිසි ආකාරයෙන් සිදු කර ඇත.

    මෙහීදී නිර්මාණය කරුවා සමාජයේ එක් අදුරු පැතිකඩක් කතා කරයි.මේ සොරුන් දෙදෙනා උසස් අධයාපනය ලබන දෙදෙනෙක් වන අතර ඔවුන් ජිවිතයේ තමන්ගේ ජිවිකාව ගෙන යන්න සොරකම් කරයි.එයට උදවු දෙන කෙනෙක් සීටී.එසේනම් මෙවනී තරුණ ප්‍රජාව මෙවනී දෙවල් වලට යොමු වන්නේ සමාජයේ වරදින්ද, නැත්නම් ඔවුන්ගේ අදහස් වල වරදින් ද යන්න නිර්මාණය කරුවා ආරම්භයේදී ප්‍රශ්න කර සීටී. එතනින් අනතුරුව චිත්‍රපටයේ ප්‍රදාන නළුවා හදුන් වා දීමට නිර්මාණ කරුවා සමත් වන අතර එහීදී ඔහුගේ නුවන හා උපායශීලීත්වය ගැන කතා කිරිමට මුලික තැනක් ලබා දෙයි.

    එතනින් පසු පලවන අඩහොරාව දක්වාම නිර්මාණය ගමන් කරන්නේ දිනේෂ් හා පොලිසිය අතර ඇති වන සම්බන්ධතා තුලින් මිනීමැරුම සෙවීම සමගය.එහීදී දිනෙෂ් සිදු කරන ක්‍රියාකාරකම් නිසා චිත්‍රපටයේ ප්‍රදාන තේමාව ඔප් නංවා ගැනීමට මාරගයක් සාදා දෙයි. එය උපයෝගී කරගෙන සයිබර් අවකාශය තුළ තාක්ෂණය මගින් දත්ත ලබා ගැනීම ගැන ඉතා පුලුල් ලෙස නිර්මාණ කරුවා කතා කරයි.එහිදී යොදා ගන්නා දර්ශන තළ හා එවාට ආවේනීක වචන නිසාම මෙය නරඹන අයෙක්ට එය වෙනස්ම අත්දැකීමක් වනු ඇත.

    ලංකාව තුළත් ඉංදියාව තුළත් පාට් ටයිම් ජොබ් ඇත කතා කරන්න යන්න දැන්වීම් බොහෝ සෙයින් අපට හමු වේ.නමුත් මෙවායින් තරුණ ප්‍රජාව කෙතරම් වැරදී මාර්ගයන් වලට යොමුවනවාද යන්න නිර්මාණය කරුවා නිර්මාණය තුළින් ඉතා සූක්ෂම අයිරින් කතා කිරිමට අමතක නොකරයි.එසේනම් එවනි දෙවල් සිදු වන්නේ තරුණ ප්‍රජාවට ඇති අග හිගකම් හා ඇබ්බැහි විම් නිසා නොවෙද යන්න නිර්මාණය කරුවා දෙවන වරටත් අපෙන් ප්‍රශ්න කර සිටී.යම් අවස්තාවන් වල එවනී සිදුවිම් වලට තරුණ ප්‍රජාව යොමු වීම තුලින් ඔවුන්ගේ ජිවිතය විනාශ වන බව සැබෑ  කරුණකී.පොලිසි ගානේ වගෙම සිර ගෙවල් වල තරුණ ප්‍රජාවට ලැගිමට සිදු වන්නේ මෙවනී විනාශ කාරී අදහස් වලට තරුණ ප්‍රජාව යොදා ගන්නා මිනිසුන් නීසා නොවෙද? 

    චිත්‍රපටය තුළ ඇති ක්‍රියාදාම පවා ඉතාමත් ප්‍රායෝගීක ආකාරයෙන් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී තිබිම විශේෂ ලක්ෂණයකී.චිත්‍රපටය පුරාවටම අදුරු වර්ණයන් වලට ප්‍රමුඛතාවයක් ලබා දිම තුළ චිත්‍රපටය කතාව තුල ත්‍රාසය ඉතා හොදින් පෙන්වා දී ඇත. 

    ලොකය පුරා සයිබර් අපරාධයන් සිදුවිමට මුලික ලෙස බලපාන්නේ මිනිසුන්ගේ දුර්වලතාය.තරුණ ප්‍රජව ලිංගිකව එකතු වන දර්ශන රූගත කර එවා ජංගම දුරකතනවල තබා ගනී.ඒ වගෙම අල්ලස් ගත්ත හඩ පට පවා ජංගම දුරකතන වල රදවා තබා ගනී.ඒ සියල්ල යම් අයෙක්ගේ අතට පත් වු විට එය ලබාගත් කෙනා රිසිසේ එවා බෙදා හරී නැත්නම් කප්පම් ගනී.මේ සියල්ල මානාකොට නිර්මාණය තුලින් පෙන්විමට නිර්මාණ කරුවා සමත් වීම චිත්‍රපටය සාර්ථක  විමට බලපා ඇත. එපමනක් නොව චිත්‍රපටයේ දූෂිත විය හැකි නිලදාරින් අතර පොලිසියද සිටින බව පවසා සිටින අතර එවිට නිතිය කෙසෙනම් හැසිරේද යන්න අපට පවසා සිටිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.

    චිත්‍රපටයේ ඇති ලොකුම අඩුපාඩුව නළු නිලියන්ගේ රංගනයයි. ඔවුන්ගේ රංගනයෙන් සාදනීය නොවන අතර ඔවුන් නවකයන් වීම නිසා එසේ සිදු වී ඇතයි යන්න මාගේ අදහසයි. එපමනක් නොව චිත්‍රපටයේ සියලු කොටස් මැතකදී තමිල්නාඩුවේ සිදු වු සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කර ඇති බව එය නරඹන ඕනම කෙනෙක් හට තෙරුම් යයි.

    සාමජයේ සියලුම  පැතිකඩයන් ආවරණය වන ලෙස නිර්මාණය කර ඇති මෙම නිර්මාණය තාක්ෂණය අතින් ඉතාමත් පොහොසත්ය.චිත්‍රපටය ආරම්භයේදි නරඹන්නා හට ලබා දුන් කුතුහලය අවසානය තෙක් එලෙස පවත්වා ගන්නා අතර කිසි විටකත් එය ඉවත් නොකිරිම විශේෂ කරුණකී.චිත්‍රපටය තුළ ආදර ජවනිකා හෝ අනවශ්‍ය දර්ශන කිසිවක් අඩංගු නොවන අතර සාමාන්‍ය ජනයා අතර සිට කතා කරන නිර්මාණයක් ලෙස අපට මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ විනොත් රාජෙන්ද්‍රන් විසින් වන අතර රංගනයෙන් රංජිත්, සදසිවම් යන දායක වෙයි.චිත්‍රපටය 2020 ඔක්තෝබර් 27 නිකුත් කළ අතර එය විනාඩි 90 පුරා ඉතා විනොදයෙන් නැරඹීමට හැකිය.


    0 comments

  • kayal 2014

    Kayal 2014 


    ගූගල් පරීශිලක දර්ශකය 87%


    IMDB 6.4/10





    සුනාමිය බිලි නොවු ආදරය.


    මිනිසා වූ කල්හී සිය ජීවන රග මඩල තුළ උපන්දා සිට රංගනයෙන් දායක වන ජීවියකී.මේ රංගනය යතාර්ථ වාදී මෙන්ම පැවත්මට අනුකුල විමට නම් මිනිසා හා ස්භාව දර්මය අතර ඇති බැදිම මනා කොට පවත්වාගත යුතුය.ගංගා ඇල දොල කදු හා ශිකර වලින් සමන්විත වන්නාවු මේ ස්භාව දහම මිනිසා අතුලු සියලුම ජිවින්ගේ මව විදියට අපි සලකයි.කවදා කෙදිනක පරිසරය ඇති වුවාද යන්න කීමට පැහැදිලි  සාක්ෂියක් නැති උවත් එය එතරම් අනර්ග නිර්මාණය විදියට අපිට හදුන්වා දිය හැක.මිනිසා වු කල්හී සියලු හැගීම් වලින් පොෂණය වී ඇති තවත් එක් ජීවී කොටසකි.නමුදු ස්භාව දර්මයට ඇති හැගීම් අපට පියවි ඇසකින් විද්‍යා මාන කර ගැනීමට  නොහැකිය.කෙසේ හෝ මේ පරිසරයේ ඇති සමතුලිත තාම මිනිසාගේ මැදිහත් වීම නිසා අප බිද දමයි ද එහී ප්‍රති විපාක අපට අත් විදිමට සිදු වන බව ඔබත් මමත් දන්නා කරුණකී.

    නාය යෑම්, ගිණි කදු පිපිරිම් වගෙම ගංවතුර නිසා වසරක් තුළ මිනිස් ජිවිත දහස් ගනනින් මේ මිහිපිටින් තුරන් වී යයි.එය සැලකිය යුතු ප්‍රමානයක් ලෙස අපට ගණනය කළ බැලුවහොත් පසක් වෙයි.නමුත් එහී උච්චතම අවස්තාව වු විට සුනාමී ලෙසින් පැමිනෙන මහා ජල කද මිනිසුන් සිය දහස් ගානක් විනාශ කර දමයි.මෙය මේ ලොව බිහිවු දා සිට අවසානය දක්වාම සිදු වන බව අප දන්නා කරුණකී.නමුත් මනුෂ්‍ය  දහම් පිරිහෙමී දී පරිසරය ද එයට අනුරුපව මිනිසා හට දඩුවම් දෙන බව බුදු දහම් අනුව අපට පෙනී යයි.තුන් බිය එදා සමාජයට පැමිණියෙද, මිනිසාගේ යම් යම් පිරිහීම් සිදු වු නිසා බව අපට පසක් වන කරුණකී.ස්භාවික විපත් හා මනුෂ්‍ය ගුණ දරම් ගැන කතා කිරිමට බුදු දහම තරම් සුදුසු දහමක් නැතයි යන්න මගේ අදහසයි.

    2004 දෙසැම්බර්  26 දින ඉංදියන් සාගරයේ ඇති වු භුමිකම්පාවක් නිසා ලංකාව ඇතුලු රටවල් කිහිපයකට සුනාමිය ඇති විය.අද වන විට සුනාමිය ඇති වී වසර 16ක් ගත වී ඇතත් එහී අදුරු මතකයන් තාමත් අපගේ මනසේ රැදී  ඇත.මවට දරුවන් අහිමි කරමින්, සහොදරයන්ට සොහොදරයෝ අහිමි කරමින්,සිය ජිවිතයේ උපයා සපයා ගත් සියල්ල එක මොහොතකින් විනාශ කිරිමට සුනාමි රළ සමත් විය.ලංකාවේ ජිවිත 30,000 වඩා අහිමි කළ මෙම කෙද වාචකය පිලිබද විවිද තැන්වල අදටත් කතා කරයි.

    මම මේ සිනමා නිර්මාණය දමිළ සිනමාවේ බිහිවු විශිෂ්ඨ නිර්මාණයක් විදියට සළකන අතර  එයට හෙතුව දර්ශන තළ ඔස්සේ පහදා දිමට උත්සහ ගන්නා අතර එහීදී චිත්‍රපටය සම්පුර්ණ විස්තර නොකරන බව කියවන ඔබ වටහා ගත යුතුය.

    කායල් කියන්නේ ගොඩක් දුප්පත් ඒ වගෙම ජිවිතේ තනි වුන කෙල්ලෙක්.ඒ තනිකම නිසාම සිය ජිවිතයේ ඉදිරිය මුලුතැන්ගෙයක  සිරවී ගත කරන්න ඇයට සිදු විය.කෙසේ නමුත් කාලය ගත වී ගෙන යනකොට ඇගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් රැගෙන ආරොන් ඇගේ ජීවිතයට එයි.ආදරයේ මල් කිනිති දළු දා වැඩෙන්න කලින් ඔවුන්ගේ වෙන් වීම සිදු වෙයි.නමුත් දෙදෙනාගේ හිත් වල බැදි ආදරය සොයාගෙන යන ගමන ගැන කතාව තුලින් ගලාගෙන යයි.

    මෙය දමිළ සිනමාවේ බිහිවු විශිෂ්ඨ නිර්මාණයක් විදියට මම දකින් බව මම කලින් ඔබට පැවසුවා.එය එසේ වන්නේ කෙසේදැයි යන්න අපි මදක් කතා කරමු.

    චිත්‍රපටය ආරම්භ වන්නේ සූනාමියක් ඇති වෙන ආකාරය ගැන විද්‍යාවට අනුව පෙන්වා දීමෙනි.ඒ අනුව සැබෑ  ලෙසම මේ චිත්‍රපටය  තුලින් කතා වෙන්නේ මේ වැනි අදහසක් යන්න ඔහු නිතරගයෙන්ම අපට පහදා දෙයි. 

    චිත්‍රපටයේ මුලු කතා තේමාවටම අදාල වන ප්‍රදාන චරිත දෙක සංචාරකයන් දෙදෙනෙක් වීම කතාවට සාදාරණ බලපෑමයක් එල්ල කර ඇත.සංචාරකයන් නිතරම පරිසරය සමග සම්බන්ධ වන අය වේ.ඒ අනුව ඔවුන් ලොකයේ ඇති සුන්දරත්වය දකි.මෙය කැමරා කාචය තුලින් ග්‍රහණය කර අපට පෙන්වා දීමට උත්සහගෙන තියෙන්නේ, ඔයා මේ ජිවත් වෙන ලොකය ඔයා හිතනවාට වඩා ගොඩක් ලස්සනයි යන්නය.එසේනම් ඔබ කළ යුත්තේ ඒ ලොකය දෙස ඉතාමත් ලෙන්ගතු සිතින් යුක්තව බැලිමය.මෙය නිර්මාණය තුලින් කතාවේ හරයට හොද ආරම්භයක් ලබා ගෙන ඇති බවට කදිම නිදසුනකී.තාජ් මහලේ ඇතුලත දර්ශන මෙන්ම ඉංදියානු සමාජයේ ස්භාවික සුන්දරත්වය විදාහා පෙන්වීම නිසා මෙය කදිම මානසික සතුටක් ගෙන එන දර්ශන තළ කිහිපයක් බවට පත් වී හමාරය.

    එතනින් පසු අඩ හොරාවක්ම ගෙවෙන්නේ පොලිසිය තුලය.එම දර්ශනය බලපු කෙනෙක් හට ඒකාකාරී වගෙම කම්මැලි දර්ශනයක් විදියට පෙනුනත් එය එසේ නොවන බව ඉතා සියුම්ව නැරඹිමෙදී අපට පැහැදිලි  වෙයි.සිනමාවකට භාෂාවක් ඇත්තෙ එය යමි පිරිසකට තෙරුම් ගැනිමට උවත් සිනමා කළාව සමග ගත් විට මුලු සිනමාවම භාෂාවක් විදියට මම දකිමී.දමිළ නිර්මාණය තුල දේව සංකල්ප ඉතා හොදින් කතා කරයි.නමුත් මේ කතාවේ මේ කොටසේ කතා කරන්නේ අපේ බුදු දහම ගැන බව තෙරුම් ගැනීමට පුලුවන.කෙලින්ම බුදුන්වහන්සේ ගැන කතා නොකලත් එහී ඇති සමහර වචන එම දහම සමග ඉතාම සියුම් ලෙස සංසරණය වෙයි.ලොවුතුරා බුදුරජානන් වහන්සේ තරම් ස්භාව දර්මයට ගරු කළ කෙනෙක් නැත.එමෙන්ම උන් වහන්සේ නිතරම් දෙශනා කරේ මැදුම් පිළිවත වෙයි.එසේනම් ඒ මාවත හුදු ලොක සත්වයා ගමන් නොකීරිම නිසා බොහෝ දුක් ගැහට විදිනට සිදු වේ.තවද තමාගේ ජිවිතයේ ප්‍රශ්න තියාගෙන මිනිසුන් කරන්නේ අන් අයගේ ජිවිත වල ප්‍රශ්න විසදිමට යාමය.එම නිසා බොහෝ මිනිසුන් අන්ද වී අදුරේ අතපත ගාන බව අප ශාන්ති නායකයානන් වහන්සේ පවා දෙශනා කර ඇත.එමෙන්ම අප කිසිදා හෝ මිය යන බව දැන ජිවත් විය යුතුය.මේ කොටස් සියල්ල මනා සංයමයකින් නිර්මාණ කරුවා අපට පහදා දී ඇත.මෙය සිනමාවේ හරයට තවත් එක් කොනයකින් බලපෑම් කර ඇතිවාට සැක නැත.

    අනතුරුව නිර්මාණ කරුවා මේ කතාවේ නිලිය හදුන්වා දිමට කදිම උපායක් යොදා ගන්නා අතර ඒ තුලින් මිනිසාගේ අදම ගති ගැන කතා කිරිමට පවා අමතක නොකරයි.හුදු මහත් ජනයා සිය ජිවනාලිය තුල ලොවට එක මුහුනකුත් තවත් විටක තවත් මුහුනකුත් පෙන්වන බව ඉතා හොදින් පසක් වීම විශ්ෂ්ඪ ලෙස මා දකී.රාගය දේවශය සිතට ආ කල්හී මිනිසා විනාශ වන බව ඔබත් මාත් දන්නා කරුණකී.එමෙන්ම ජාතිය කුළය නිසා මිනිසුන් මිනිසුන්වම මරා ගන්නා තැනට පත් වීම කණගාටුවට කරුණකී.මෙහීදී දේවශය ගින්න නිසා දැවෙන මිනිසුන් හා එම දෙවල් තම මනස තුළ නොමැති නිසා සතුටින් ඉන්න මේ යාලුවෝ දෙපල අතර ඇති වෙනස ඉතාමත් අපූරු අන්දමින් නිර්මාණ කරුවා මෙහිදී ඉදිරිපත් කර ඇත.එය නිර්මාණය තුලින් තෙරුම් ගැනීමට අපහසු වන නිසා එක් අවස්තාවක් උපයොගී කරගෙන දෙබස් තුලින්ම ඔහු පවසා සීටී.

    ආදරය කිරිමෙදී ලොකයක් සමග උවත් සටන් කර ආදරය දිනා ගැනීමට හැකි නම් එය ආදර කරන දෙදෙනෙක් ලබන වාසනාවකී.එය ඉතාමත් සංයමයෙන් වගෙම ගම්බීර ආකාරයෙන් මේ නිර්මාණය තුලදී කතා කරයි.ආදරය සමග සමග එන විශ්වාසය වගෙම රූපයේ අනියත බව ගැන කතා කරන නිර්මාණ කරුවා ජාතිය කුළය ආදරයට හරස් වීම දෙදෙනෙකුට කෙතරම් කෘර ලෙස බලපායි ද යන්න පහදා දෙයි. ආදරයයේ ඇති විශ්වාසය කෙතරම් සංකීර්ණ දෙයක් ද කිවහොත් තමා දවා අලු වෙන වේදනාවට වඩා එය ශක්තිමත් බව ඔහු අපට පවසා සීටී.

    චිත්‍රපටයේ විශිෂ්ඨම රංගනයක් ඉදිරිපත් කරන්නේ කායල් ය.ඇය මව පියා නොමැතිව දිවියම ගෙවන තරුණ යුවතියක් වන අතර ශරීර පැහැය  අනුව කළු වරණයට හුරුය.දුකක් සතුටක් කියා ගැනීමට  නොහැකි අවස්තාවේදී මවගේ රූපය දරාගෙන අඩන දර්ශනය ඉතාමත් සංවේදී මෙන්ම කාලානුරූපී බව ඔබටත් මටත් තෙරුම් යන කරුණකී.තවද අප සාමාන්‍ය ආදර කතා වල මෙන් හදවතට දැනුන ආදරය ගවු ගනනක් ඇත සිටියා වුවද සොයා ගත හැකි බව නිර්මාණය කරුවා අපට පෙන්වා දිමට උත්සහ ගෙන ඇත.

    එතන් පටන් සිනමාව සාමාන්‍ය ආදර කතාවක් විදියට දිව යන අතර නමුත් එය එතරම් මනො ලොකයක සිට නැරඹිමට අපට සිදු නොවීම භාගයට කරුණකී.එක් දර්ශනයකදී ශ්‍රී ලංකාව ගැන සදහන් වන කොටසක් ඇත.

    " ඉංදියාව පුරාම ඇවිද්දානේ.මුහුද හිදුනොත් ශ්‍රී ලංකාව පුරා රවුමක් දාලා එන්න පුළුවන් "

    මෙය සිනමාව නරඹන කෙනෙක් හට සාමාන්‍ය වචනයක් විය හැකිය.නමුත් එයින් ලංකාව තුළ ඇති ශක්තිමත් රජය වගෙම ලංකාවේ ස්වාධීනත්වය ගැන රහසෙම අපට පවසා ඇත.

    " මුහුද හිදුනේ නැත්නම් එහෙට යන්න ගමන් බලපත්‍ර ඕන වෙනවා"

    සියල්ල සංසුදක් සේ නිර්මාණය තුලින් අපට ලබා දුන් නිර්මාණ කරුවා. සමාජය පිරිහෙන කල්හී මිනිසුන් තුළ ඇතිවෙන ගැටුම් නිර්මාණය කිරිමට  සමත් වී ඇත. එය චිත්‍රපටයේ උච්චතම අවස්තාව විදියට මම දකී.එහිදී මිනිසුන් අතර සුහදව සිටින පොලිසියේ නිළදාරියෙන් අතර ගුණ දහම් ඇති විම නැති විම ඉතාම හොදින් නිර්මාණ කරුවා අවස්තා දෙකකදී කතා කිරිම සතුටට කරුණකී. 

    කායල්‍ට සිය ජිවිතයේ සියලු දේ අහිමී වු කල්හී සිය දිවි නසා ගැනීමට  සිදු වේ. එහීදී ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ තරුණ යුවතියන් පිරිසකී.එහීදී හමේ පට ජාතිය කුළය ආගමට වඩා ගැහැණියකගේ ඇති මානුෂිකත්වය  නිර්මාණ කරුවා අපට පෙන්වා දී ඇත.

    සියල්ල කතා කර අවසන විම සමග සුනාමිය පැමෙනේ.එසේනම් මිනිසා හා පරිසරය ඇතර තිබු ආදරය බැදිම විනාශ වු විට පරිසරය දෙන දඩුවමක් ලෙස නිර්මාණ කරුවා මේ සුනාමිය අපට පෙන්වා දී ඇත.මුල මැද වගෙම අග ඉතා ගැලපිමකින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවාට හැකියාව ලැබී ඇත.

    සුනාමිය පැමිනිමෙදී මුහුදු රළ ආපස්සට යන දර්ශන සත්ත්‍ය දර්ශනයක් විදියටම නිර්මාණ කිරිමට නිර්මාණ කරුවාට හැකි වී ඇත.තවද උදම් රළ සමග මිනිසුන්ගේ දෙපළ විනාශ වි යන අයුරු පදනමකින් හා සූක්ෂම  තැන් සමග නිර්මාණය කිරිම නිසා එය ඇත්තටම අත් විදිනවා හා හැගිමක්  අපට ඇති වේ.

    එක් අවස්තාවක ගසා ගන කොටයක සිට් කායල්ගේ සිරුර හමුවන අතර එහීදී ඇයගේ ඇගේ තුවාල කටට මඩ පිරී ඇති ආකාරය මුන ඉදී මී ඇති ආකාරය සියල්ල ප්‍රතිනිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.සුනාමියේ පසු මිනිසුන්ගේ හැසිරිම වගෙම සහන කණ්ඩායම් වල හැසිරිම කදිම විදියට නිර්මාණ කරුවා කතා කර ඇත.නමුත් සුනාමී නොව කුමන ආපාදා ආවත් මිනිසාගේ ගුණ දර්ම කිසිදා නැති නොවන බව නිර්මාණ කරුවා කුඩා දරුවෙක්ගේ දර්ශනයක් යොදාගෙන අපට පවසා සිටී.

    සියල්ල සිදු වී හමාර වු පසු තුන් කාලයම ගලපා කිසිම ප්‍රශ්නාර්තයක් ඉතිරි නොකිරිමට නිර්මාණ කරුවා සමත් විම නිර්මාණයේ සාර්ථකත්වයට කළ බලපෑම අති මහත් ය.අවසානයේ එසේනම් කායල්ගේ ආදරය සුනාමිය නිසා නැති වුනාද යන ප්‍රශ්නයට පිලිතුර ඔබට නිර්මාණය තුලින් නරඹන්න අවස්තාව ලබා දෙනවා.කෙසේ හෝ මේ ලොකේ යහපත් අය ස්භාව දර්මය විසින්ම රකින බව අප සිහි තබා ගත යුතුය.

    චිත්‍රපටය ප්‍රභා සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර චන්ද්‍රනාත්, හා ආනන්දි ප්‍රදාන රංගනයෙන් දායක වෙයි. 2014 දෙසැම්බර් 25 නිකුත් කරන ලද මෙම සිනමා පටය විනාඩි 135 පුරාවට ඔබට නැරඹීය හැකිය.චිත්‍රපටයේ ගීත කිහිපයකින් රසවත් වන අතර ආනන්දීගේ තනී රංගනය නිසා එක් ගීතයක් ඉතාමත් අලංකාර වෙයි.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan