• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Colour photo  2020


    ගූගල් පරිශීලක දර්ශකය: 98%


    IMDB : 8.7/10





    ආදරය එයා ගිය රූපය 


    මේ ලොකේ අපි හැමොම ආදරය කරනවා නේද ? බලන්න අපි ආදරය කරනකොට කියනවා රූපේ මොනා උනත් කමක් නැ හදවත ලස්සනයී නම් මට ඒ ඇති කියලා. එත් එක ඇත්තටම එහෙමද? හැමොම ආදරයේදී අසරණයි නේද ? සමහරු කළුයි කියලා ආදරය මග හරිනවා තවත් අය හැඩ නැ කියලා මග හරිනවා. ඒ හැමදෙම දරාගෙන ජිවත් වෙන අය අතරේ තවත් සමහරු  සුරංගනා ලොකයක් හිතේ මවාගෙන ජීවිතයට සමුදෙනවා.

    ජයක්‍රිෂ්ණා  ඒ වගේ යාලුවනේ. ඇග කලුයි මුන කලුයි. සමහර වෙලාවට කළු උනාම අපි අපි ගැනම කළ කිරෙනවා.අපේ හිතේ තියන දෙවල් අපිම තියා ගන්නවා. ආදරේදිත් එහෙමයි. ජයක්‍රිෂ්ණා   දීපුට ආදරය කරන්න පටන් ගන්නවා එත් පරසතු මළ වගේ ලස්සන ඇයට ආදරය කියන්න බැරිව ඒ හැගීම් එයාගේ හිතෙම තියා ගන්නවා.එලි වෙනවා හවස් වෙනවා වගේ කාලය ගත වෙලා යන්න යනවා. සමහර දෙවල් තියෙනවා එවා කාලය විසදලා දෙනවා.ඒ වගේ ජයක්‍රිෂ්ණා එක කටුක දවසක් එනවා. එදා එයා ඉගෙන ගන්න පාසලේ කල්ලියක් හොදටම ගහනවා. එත් ඒ වෙදනාවට වඩා සෙනෙහසක් ඔහු සොයාගෙන එනවා. හිතින් විතරක් ආදරය කරපු ඇය ඔහු ගාවට එනවා. සෙනෙහස මහ මෙරක් තරම් දරාගෙන් ඇස් වල කදුළු පුරවාගෙන ආදරය පිලිගත්තත් ඒ ආදරයට ආයුෂ අඩු වෙන්නේ ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවුන විදියටයි. දීපුගේ අයියා ඒ කියන්නේ රාම් මෙකට විරුද්ධ වෙනවා. ඒ වෙනකොට දෙන්නාට දෙන්නා නැතිව බැරි තරම්. කාලය කෙසේ මේ දෙන්නාගේ ඉරනම විසදා දෙවිද ? කාතාව තුලින් ඔයාට බලා ගන්න පුළුවන් 

    ජයක්‍රිෂ්ණා  මේ කතාව පුරාවටම වීරයෙක් මෙන්ම දර ගැනීම පුරුදු කරපු කෙනෙක් විදියට නිර්මාණ කරුවා අපට පෙනවා දෙනවා. කතාව ඉතා සරළ ලෙස ඉදිරිපත් කරලා තිබිම නිසා එයා බලන ඕනම කෙනෙක්ට තෙරුම් ගන්න පුළුවන් වෙනවා.සරළ උනත් කතාව හදවතටම කා වදින ලෙස නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙනවා.ජයක්‍රිෂ්ණා ගොඩක් ලොකු හීන හිතේ තියාගෙන ඒ හැම හීනයක්ම තමන්ගේ කර ගන්න ගොඩක් මහන්සී වෙලා වැඩ කරන කෙනෙක් යාලුවනේ.හීතේ ආදරය පුරවාගෙන හිටියත් තමන්ගේ හීන වලට අර්ථයක් දෙන්න ඔහු අපූරු ලෙස උත්සහ ගැනීම බලන ඕනම කෙනෙක්ගේ නෙතට කදුළු උනන දර්ශනයක් වෙනවා කියලා මට හිතෙනවා. ගොඩක් අහිංසක හරීම සරල කෙනෙක් තමයි මේ ජයක්‍රිෂ්ණා  කියන්නේ. පළවෙනි භාගය ඉවර වෙනකොට අපි ජයක්‍රිෂ්ණාගේ චරිතයෙන් අලුත් ලොකයක් මවාගන්නවා. තුරු ළතා වලින් සීතල මද නළ හමනකොට ගතට දැනෙන පහස හිතින් විදිනකොට එය කොතරම් මනරම් ද ඒ සා හැගීමක් අපිට අත් විදින්න පුළුවන් පළවෙනි භාගය අවසන් වෙනකොට.

    චිත්‍රපටයේ දෙවන භාගය ආරම්භ වෙන්නේ හැගීම් ඉහලම තැනක් පවත්වාගෙනය. නමුත් ආදරය එතරම් සුන්දර දෙයක් නොවන බව දෙවන භාගය බලනකොට තෙරුම් ගන්න පුළුවන් වේවී. ආදරයේ මිහිරියාව විදිමින් හිටිය රසිකයා වෙත වේදනාවක් එකතු කරන්න නිර්මාණ කරුවා එහීදී උත්සහ අරන් තියෙනව. එය කෙතරම් සර්ථකද කිව හොත් ඔබට චිත්‍රපටය නවතා කදුළු පිසින්නට පවා සිදු වේවී. චිත්‍රපටයේ සමේ වරණයට අමතරව කාන්තාවන් ගැනද කතා කරනවා. එක් කාන්තාවක් තවත් කාන්තාවකට තම දුක් පවසන විට ඇයගේ හදවතේ ගැස්ම තිරය මත කතා නොකරයි. එය චිත්‍රපටයේ තිබු අඩුපාඩුවක් ලෙස මා දකී. දේවදාස් වැනී අය මත් වතුර නිසා තම දුක පාලනය කර ගත්තා උනත් ගැහැනු  අයට එය කිරිමට නොහැකි බව නිර්මාණ කරුවා පෙන්වා දෙයි. බිදුණු හිත් ඇතිව විවාහා වන කාන්තාව ඒ දුක දරාගෙන බිරිදක් වන්නට උත්සහ ගන්නා අයිරු නිර්මාණය තුලින් පෙන්වා දිම ඉතාමත් අනර්ගය.

    ඒ වගේම ජයක්‍රිෂ්ණා අදුරු සමක් ඇති කෙනෙක් විය.නමුත් හාස්‍යජනක කරුනනම් ඔහු එසේ උවත් අදුරු පැහැය  සහිත දෙවියන් පවා ඉංදියාවේ අය වන්දනාමාන කිරිමයි. එය නිර්මාණ කරුවා පෙන්නවා දිමට ක්‍රිෂ්ණා දෙවියන්ගේ රූප කිහිපයක් චිත්‍රපටය පුරාවට එකතු කර තිබිම වැදගත් ලක්ෂණයකී. එපමනක් නොව සමේ පැහැය  එතරම් වැදගත් නොවේ යන්න පෙන්වා දිමට නිර්මාණ කරුවා අපූරූ උත්සහයන් රැසක්  අරගෙන තිබීම ව්ශෙෂ කරුණකී.ඒ අනුව බ්‍රිතාන්‍ය කන්ඩායම සහ වනාරසෙන අතර තරගය.සුදු ජාතිකයෙක් ඉදිරියේ ජයක්‍රිෂ්ණාගේ කතාව අපට පෙන්වා දිය හැකිය.

    චිත්‍රපටය නිර්මාණය කරන විට යොදා ගත් දර්ශන කිහිපයක්ම පරියුරියම් පෙරුමාල්  හා අසුරන් (දමිළ) චිත්‍රපට මතක් කර දී ඇත. එපමනක් නොව මෙහී ඇති සමහර දර්ශන නිසා 96 (දමිළ ) චිත්‍රපටය ද මතකයට නැගේ. කාතාව ඉතා සරළ ලෙස පෙන්නුම් කරත් එහී ගැබුරට ගිය තැන් බොහොමයක් ඇත. ජයක්‍රිෂ්ණා හා ඔහුගේ පියාගේ කොටස් වලදී සමාජයේ එක් අදුරු පැතිකඩක් පෙන්වා දෙන අතර. සාමජීය වශයෙන් මිනිසුන්ට ඇති ගෞරවය  ගැන කතා බහ කරයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරුනු ලබන්නේ සන්දිප් රාජ් විසින් වන අතර නිෂ්පාදනය කරනු ලබන්නේ සායි රාජේෂිනම් විසින් වේ. මෙම චිත්‍රපටය මගින් පළමු වරට සුහාස් ප්‍රදාන චරිතයකට පන පොවන අතර චන්දිනී, සුනිල්, හා විවා හර්ෂ යන අය රංගනයෙන් දායක වෙයි.

    මෙම චිත්‍රපටය මුලින්ම රූගත කර ඇත්තේ මචිලිපට්ටම් ,විජයවාදා හා ආන්ද්‍ර ප්‍රදේශ වලය.එමෙන්ම මෙම චිත්‍රපටයේ රූගත කිරිම් 2020 ජනවාරි 8 හයිද්‍රාබාද් වලදී ආරම්භ වී ඇත.එමෙන්ම එය 2020 මාර්තු වෙන විට රූගත කිරිම් අවසන් විමද විශේෂත්වයකී.එය ඉතා කුඩා වියදමක් දරා සාදන ලද චිත්‍රපටයක් වන අතර ඒ සදහා කොටි 06 ක මුදලක් වැය වී ඇත.මෙය 2020 වර්ශයේ සාර්ථක වු ටොලිවුඩ් චිත්‍රපට අතරට එකතු විමත් විශෙෂ කරුණකී.

    2020 අගොස්තු 27 වන දින පළවෙනි ගීතය නිකුත් කළ අතර එය "තාරගති ගාදිගේ" ලෙස නම් කර තිබුණු. චිත්‍රපටයේ සාර්ථකම ගීතය මෙය විමත් විශෙෂ කරුණකී.චිත්‍රපටයේ ඉට අමතරව ගීත හතරක් ඇති අතර ඒ අනුව චිත්‍රපටය සමස්ත ගීත පහකින් අලංකාර වේ. එමෙන්ම මේ චිත්‍රපටයේ ටීසරය (පූර්ව ප්‍රචාරක පටය ) විජේ දෙවකොන්ඩා විසින් 2020 අගොස්තු 05 දින යූ ට්යුබ් වලට නිකුත් කර අතර චිත්‍රපටයද සාර්ථක ලෙස සිනමා හොල් වල ප්‍රදර්ශනය කිරිමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් පවතින කොරොනා රෝගී තත්වය හෙතුවෙන් OTT ලෙස චිත්‍රපටය නිකුත් කිරිමට සිදු විය.

    බොහො ඉහල ප්‍රක්ශක ප්‍රතිචාර හිමි කර ගැනීමට  චිත්‍රපටය සමත් වූ අතර OTT නිකුතුවෙන් පසු ඉංදියාවේ බොහො දෙනෙක් කතා කරපු සිනමාපටයද මෙය විම ලද භාගයකී. මිනිත්තු 142 දාවන කාලයක් හිමි මේ චිත්‍රපටය  ගූගල් පරීශිලක දර්ශකය 98% ලබාගෙන ඇත. IMDB අගය 8.3 ලබාගෙන සාර්ථක ලෙස රසික සිත් ඇද බැද තබා ගත්තේය.




    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan