Diya 2018
ගූගල් පරීශිලක දර්ශකය 82%
IMDB 5.7/10
පිරිමි කෙනෙක් වරදක් කරොත් නාවලා ගෙට ගන්න පුළුවන්.එත් කෙල්ලෙක් වරදක් කරොත් එක එයාගේ මුලු ජිවත කාලෙටම බලපානවා.
ගබ්සාවත් අන්න ඒ වගේ
අම්මාගේ කිරි සුවදත්, තාත්තා කෙනෙක්ගේ ආදරයත් එකතු වෙලා මේ ලොකෙට ගැහුණු දරුවෙක් බිහි වෙනවා.ඇය ඉපදුන දවසේ ඉදන් සතුටින් වගේම හුරතලෙත් එක්ක ජිවත් වෙනවා.ඒ හුරතලය සතුට ඔක්කම වෙනස් වෙනවා.ඇය වැඩි වියට පත් උන දවසේ ඉදන්. ජිවතයේ ගැණු කෙනෙක්ට උරුම දුක එදා ඉදන් ඇය විදින්න පටන් ගන්නවා.එය වචනෙකින් මෙහෙමයි කියලා විස්තර කරන්න බැ. ඒ සියලු දුක් විදින ඇය එක් දවසක තමන් පණ වගේ ආදරය කරපු අම්මා තාත්තා දාලා පතිනියක් විදියට තවත් කුටුම්භයක් ලස්සන කරන්න පිය මනිනවා.තමන්ගේ සැමියාගේ ලේ වලින් රූවින් ගුණෙන් පිරුන දරුවෙක් මේ ලොකෙට දෙන්න ඇය පළවෙනි පියවර තියන්නේ එතනින්.එදා ඉදන් පුරා දස මාසයක් යනකන් දරු ගැබක් දාරගෙම අනන්ත අප්‍රමාණ දුකක් විද දරා ගන්නවා.එක දවසක් එනවා ඒදාට මේ ලොකේ කෙනෙක් විදින්න පුළුවන් උපරිම දුක ඇය විදිනවා.ඒ දුක පිරිමි කෙනෙක්ගේ අත් දෙකයි කකුල් දෙකයි. එක පාර වෙන් කරනවාට සමානයි කියලා මම අහලා තියෙනවා.ඒ සා වේදනාවක් වින්ද ඇයගේ වේදනාව දරු පැටියාගේ මුණ දැක්ක ගමන් නැති වෙලා යනවා. තමන්ගේ ලේ කිරට හරවලා ඒ කිරි වලින් මේ පුංචි දරුවා පොෂණය කරනවා.ඒතනින් නවතින් නැති ව සමහර කාන්තාවන් දරුවන් දෙන්නා තුන් දෙනා පවා බිහි කරනවා..කාන්තාවක් නම් මවක් වෙනදා ඇය මිහිපිට ජීවමාන දෙවි කෙනෙක් කියලයි මට හිතෙන්නේ..ආදරය කරන ඕනම කෙනෙක් කාමය එක්ක ආදරය විදින්න ආස කරනවා.එක නොකීවත් එහෙමම තමයි කියලා ඔයාලා දන්නවා ඇති.විවාහයෙන් පස්සේ එහෙම හැසිරුනොත් එකෙන් එන ප්‍රතිඵලය මුලු සමාජයක් පිළිගන්නවා.එත් එතනින් මෙහාට කෙනෙක් එහෙම උනොත් ඇය මේ සමාජයේ විදින්න පුළුවන් උපරිම නව නින්දා විදිනවා. ඉතින් මම හිතනවා අද අපි කතා කරන්න යන්නේ මොන වගේ චිත්‍රපටයක් ගැනද කියලා ඔයාට හොද අවබෝධයක් එන්න ඇති කියලා.
තුල්සී කියන්නේ පෙනුමෙන් ඉතාමත් ලස්සන කෙල්ලෙක් මේ ලස්සනම නිසා ඇගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු ගොන්නක් එකතු කරගෙන ක්‍රිෂ්ණා එනවා.දෙන්නාම තාම පොඩි වයසේ ආදරයට කොහෙද වයසක්, ඉතින් මේ ආදරය ටික ටික දළු දාලා වැඩෙනකොට දෙන්නාගෙම හැගිම් දෙන්නටම හොරෙන් පිට වෙනවා.තුල්සී කිසිම දවසක හීනෙන් නොහිතපු විදියට ඇය ගැබිණියක් වෙනවා.එත් පවුලේ අයගේ කීම මත ඇයට සිද්ද වෙනවා මේ දරුවාව අයින් කරන්න ඉතින් මේ වටා තමා අද කතාව ගලාගෙන යන්නේ.
චිත්‍රපටයේ ආරම්භක දර්ශන තුලින්ම කතාව තෙරුම් ඇතිව පහදා දිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.මෙහිදී වයස 19 දී දෙදෙනා අතින් සිදු වරද පිලිබද කතා කරනවා.නමුත් මට ඇති ගැටලුව මේ සදහා ඇයි ප්‍රදාන නළු නිලියන් දෙදෙනාම ගත්තේ කියන එකයි.ඔවුන් 19 දී හා 24 දී එකම පෙනුමෙන් යුක්ත වෙනවා.එය සැබෑ ලෙසම පුදුමයක්.සමහර විට ඒ සදහා අවුරුදු 19 වයසේ දෙපලක් යොදා ගත්තානම් ළමා අයිතිවාසිකම් ගැටලු එන්න තිබුනා යෑයි ඔවුන් සිතන්නට ඇති.නමුත් මෙය ඉට වඩා වෙනස් උවානම් හොදයි යන්න මගේ අදහසයි.නමුත් එයින් කතාවේ හරයට කිසිම බලපෑම්ක් වෙලා නැ කියලා කියන්න පුළුවන්.
චිත්‍රපටයේ දෙවන දර්ශන යොමු වෙන්නෙ දෙදෙනා වසර පහකින් පසු විවාහ වෙන ආකාරය නිරූපණය කිරිමටයි.එය සරළ විදියට ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් එයින් පසු දෙදෙනා හනිමුන් එකට දුර රටකට යන සිදුවිමත් එක්ක චිත්‍රපටයේ එක් පැතිකඩක් කතා කරනවා කියලා මට හිතෙනවා. තුල්සී අවුරුදු 19 මවක් වෙලා දරුවා ඉවත් කර ගන්නවා.එත් ඇයට වසර පහක් යනකන් එය අමතක කරන්න බැරි වෙනවා.මටනම් හිතෙන්නේ එක තමයි මවු සෙනෙහස කියලා.තමන්ගේ ලේ විකූර්තී වෙලා ඇගේ පිළිකාවක් ඇති උනා වගේ වේදනාවක් ඇයගේ හිතේ ඇති වෙලා තියෙනවා කියලා නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.ඇගේ මානසික මට්ටම කායික මට්ටම සියල්ල ඒ දර්ශන වලින් ඉතාමත් අලංකාර ලෙස පෙන්වලා දීලා තියෙනවා.
මේ නිර්මාණය යතාර්ථය හා කල්පිතය අතර දොලනය වෙන විදියට තමයි කරලා තියෙන්නේ.මේ වෙලාවේ දියා හිටියානම් මවගේ තුරුල්ලේ කෙතරම් සතුටින් ඉන්නවාද කියන එක නිර්මාණය කරුවා ඉතාමත් සූක්ෂම විදියට අපට පෙන්වලා දෙනවා.ඇය ඇදගෙන සිටින ඇදුම සුදු පැහැයට හුරු නිසා මෙය ආත්මයක් විදියට අපට ඉගියකින් ලබා දෙනවා.කුඩා දරුවෙක් මවකට දෙන ආදරය මෙතරම්ම සුන්දරයි ද? මවකගෙන් දරුවෙක් වෙන් කිරිම මෙතරම් අසීරුයි ද? පහත් ද ? කියලා නිර්මාණ කරුවා නිතරම අපෙන් ප්‍රශ්න කරනවා.
මේ අතර තුර ක්‍රිෂ්ණාගේ පියා හදිස්සී අනතුරකින් මිය යනවා.එම දර්ශන නරඹන කෙනෙක් හට සාමාන්‍ය මිය යෑමක් විදියට පෙනුනත් එහී ඇති සංකීර්ණ වගේම සියුම් ග්‍රහණය කර ගැනීම් ඉතාමත් ආකර්ෂණීයයි කියලා මට හිතෙනවා. ඔහුගේ පියා ජලය හිස් ටැංකියකට වැටිලා පසුව තමයි මිය යන්නේ.ඒ සිදුවිම මවක් හා දරුවෙක් අතර තිය සම්බන්ධය එක්ක පොඩ්ඩක් හිතුවොත් ලස්සන අර්ත කතනයක් දෙන්න පුළුවන් වේවී කියලා මට හිතෙනවා..
මේ ටැංකිය තමයි දරුවා පිලිසිද ගන්න ගර්භාෂය, එතකොට එක වතුරත් එක්ක එකතු උනාම ළමයා වැඩෙන වතුර බැග් එක ( කුඩා දරුවන් මවගේ කුසේ වැඩෙනකොට ජල බැගයකට සමාන විදියට සීටී ) එතකොට මේ ටැංකියේ දොර තමයි අම්මාගෙත් ළමයාගෙත් බැදිම එකතු කරන පෙකිනි වැළ ඒ සම්බන්ධතා ඔක්කම අයින් කරලා ළමයාගේ හුස්ම හිර කරලා කුසේදිම මරළා දානවා.එක ඉතාමත් ලස්සන විදියට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.
ඒ සිදුවිමත් එක්ක පළවෙනි අඩ හොරාව ගෙවිලා යනවා.දෙවන අඩ හොරාව පුරාවටම මේ ගබ්සාවට සම්බන්ධ සියලු දෙනා මිය යන ආකාරය නිර්මාණය තුලින් අපට බලාගන්න පුළුවන් වෙනවා.එත් එක්කම තුල්සී මේ සියල්ල සිදු කරන්නේ දීයා කියලා හොයා ගන්නවා.ඒ වගෙම මිය යන සියලු දෙනා මිය යන්නේ හුස්ම හිරවිම නිසා.එතකොට හිතන්න්කෝ ගබ්සාවේ දී මේ පුංච් දරුවාට කෙතරම් වේදනාවක් දැනෙන්න ඇති ද කියලා. මේ සියල්ල තෙරුම් ගත් පසු තුල්සී දියාට කතා කරනාවා.ඒ වෙලවේ පුංචි දියාගේ හඩින් කියවෙන වචන නිසා එය නරඹන ඕනම කෙනෙක්ට සංවේදීතාවයක් එකතු කරනවා කියලා මට හිතෙනවා.
පළවෙනි හොරාව අවසන් වෙනකොට ඉතිරි වෙන්නේ ක්‍රිෂ්ණා විතරයි.ඇය මේ උපදින්න හිටිය දරුවාගේ පියා.නමුත් දියා ඔහු සමගද කෙන්තියෙන් සිටිනවා කියලා නිර්මාණ කරුවා පෙන්වා දෙනවා.ඒ තුලින් ඔහු අපට මවක් හා දරුවෙක් අතර තියෙන රසායනික බැදිම තවත් හොදින් පෙන්වලා දෙනවා. දෙවන අඩ හොරාව පුරාවටම බිරිදක් තම සැමියාට සළකන විදිය ගැන, ඒ වගෙම බිරිදකගේ වගකීම් ගැන ඉතා හොදින් කතා කරනවා.දරුවා හා සැමියා යන දෙකෙන් එකක් තොරා ගැනීමට ඇයට සිදු වෙන විට ඇය තම සැමියා වෙනුවෙන් ජිවිතය කැප කරනවා.ඒ තුලින් නිර්මාණ කරුවා ගැහැණියකගේ තියෙන උදාරත්වය තව තවත් හොදින් පෙන්වාලා දී තියෙනවා කියලා මට හිතෙනවා. අවසානයේ ඇගේ කැපවිම මතම සියල්ල සිදු විම නිසා මේ නිර්මාණය ඉතාමත් සාර්ථක උනා කියලා මට හිතෙනවා.
චිත්‍රපටය එතරම් ත්‍රාසය එකතු උන චිත්‍රපටයක් නෙවෙයි කියලා මට හිතෙනවා.චිත්‍රපටයට යොදාගත් තාක්ෂණය ඉතාමත් හොද මට්ටමක් තිබුනා කියන්න පුළුවන්.නමුත් මේ කතාව මිට වඩා කුතුහලයක් එන විදියට නිර්මාණය කරානම් අපිට මිට වඩා මේ චිත්‍රපටය දැනෙන තිබුනා කියලා මට හිතෙනවා. මේ සිදුවිම සැබෑ ජිවිතයේ බොහෝ දෙනා අතින් සිදු වෙනවා.එය ඉංදියාවට විතරක් නෙවෙයි අපේ පුංව් රටටත් පොදු දෙයක්.ගොඩක් ගබ්සාවක් කරනකොට අනේ ජීවයක් නැ නේ කියලා හිතලා කරනවා.එත් ඒ මේ ලොකෙට එන්න හිටිය මල් කැකුළක්. ගබ්සාව හරී ද වැරදි ද කියලා.ඔයාට මේ කතාව බලලා තිරණය කරන්න ආරාධනා කරනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒ.එල්.විජේ විසින් වන අතර රංගනයෙන් දායක වන්නේ සායි පල්ලවි, නාගා ෂෝරියා යන අයයි.චිත්‍රපටය 2018 අප්‍රේල් 27 දින තිර ගත කරන්නට යෙදුනා.චිත්‍රපටය ඉතාමත් ලස්සන ගීත පහකින් අලංකාර වන අතර ඒ සදහා මුලු චිත්‍රපටයෙන් විනාඩි 17 කාලයක් වෙන් කරලා තියෙනවා.
0 comments