• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Anaganaga O Athidhi 2020 


    ගූගල් පරීශිලක දර්ශකය


     IMDB 7.4/10



    තණ්හාය ජායතී සෝකෝ
    තණ්හාය ජායතී භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං


    "අධික ආශාව හෙතු කොටගෙන සෝකයම හට ගනී.එයින් සිතේ බිය හට ගනී.නැසෙන බිදෙන යමක් කෙරෙහී හෝ පුද්ගලයෙක් කෙරෙහී ආශාව දුරු කළ තැනත්තාට සෝක විමක් නැත.බිය විමක් නැත"


    කුඩා දරුවෙක් මවු කුසක පිලිසිද ගෙන මේ ලෝකය දකින දවස වෙනකන් දරුවා මවගේ පෝෂණය එක්ක වැඩෙනවා.මේ පුංචි මල් කැකුළ ජිවතය පටන් ගත්ත දවසේ ඉදන් නොයෙක් සමාජ මට්ටම එක්ක හැදී වැඩෙන්න පටන් ගන්නවා. ලාභ අලාභ, යස අයස , නින්දා ප්‍රසංස , සැප දුක, මේ ඔක්කම සම සිතින් විද දරාගෙන මේ දරුවා ටිකෙන් ටික ලෝකයට පිය මනිනවා.අපි කියනවා කෙනෙක් ඉපදුන විදියටම මිය  යනවානම් එයා මෙලොවට වැඩක් නැති කෙනෙක් කියලා.ටිකෙන් ටික තමන්ගේ දියුණුව හදා ගන්නකොට ජීවිතයට ආශාව,තන්හාව, ඊර්ෂ්‍යාව එන්න පටන් ගන්නවා.මේ ලොකේ ඕනම කෙනෙක් ගාව ඔය දේවල් අඩු වැඩ් විදියට තියෙනවා. අපිට බඩිගිණි උනාම අපි බත් කනවා.එකෙන් කුස ගිණි නිවෙනවා.එත් එතනින් එහාට ගිහින් බඩජාරි කමට කන්න ගියොත් තමන්ගේ ජිවතය උනත් එයාට නැති වෙන්න පුළුවන්.ඒ වගේ තමා ඕනම දෙයක් ඕනාට වඩා කරන්න වගේම හිතන්න ගියාම එකෙන් අපේ ජීවිතමයි නාස්ති වෙන්නේ.මේ ලොකේ ඉපදුන හැමොටම තමන්ගේ කියලා කතාවක් තියෙනවා.ඒ කතාව තමන් ලස්සනට ලියා ගත්තොත් මම හිතන්නේ එක තමයි ජිවත් වෙනවා කියන්නේ කියලා.හැමොටම හැම දේම බැ කෙනෙක් පන්තියේ පළවෙනියා වෙනකොට තව කෙනෙක් අන්තිමයා වෙනවා.එත් අන්තිමයා උන කෙනාගේ තියෙන හැකියාවන් පළවෙනි කෙනා ලග නැති වෙන්න පුළුවන්.තමන් මුලින්ම තමන්ව තෙරුම් ගත්තා නම් ගොඩක්  වෙලාවට අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

    මල්ලිකා කියනේ අම්මා තාත්තා එක්ක ගොඩක් කටුක ජිවිතයක් ගත කරන කෙල්ලෙක්.වයසින් වැඩ් වියට පත් උනත් ඇයට කිසිම සහකාරයෙක් හොයා ගන්න බැරි වෙනවා.මේ අතර තුර මේ පුංචි නිවසට ආගන්තුකයෙක් විදියට ශ්‍රී නිවාස් එනවා.ඒ පැමිණිම මල්ලිකාගේ පවුලට වාසනාවක් උනාද?, අවාසනාවක් උනාද කියලා තමයි මේ කතාව පුරාවටම ගලාගෙන යන්නේ.

    අපි ගිණිකුරක් පත්තු කරොත් එකෙන් පහනක් පත්තු කරලා ගෙදරක් එලිය කරන්න පුළුවන්.ඒ වගෙම ඒ ගිණි කුරම නිසා මුලු ගෙයක් ගිණි තියන්න උනත් පුළුවන්.ඒ වගේ තමා අපේ හිතේ එන රාගය, කොපය ,තන්හාව වගේ සිතිවිලි එවා උත්සන්න උනාම මේ ගින්න වගේ කියලා නිර්මාණ කරුවා අපට පවසා සිටිනවා. ආගමික පූජකවරයෙක්ගේ දේශනාවක් සමගින් මේ චිත්‍රපටය ආරම්භ කරලා තියෙන නිසා මෙයට ඉතාමත් හොද ආරම්භයක් නිර්මාණ කරුවා ලබා දීලා තියෙනවා.

    ඒ කොටස් නරඹන ඕනම කෙනෙක්ට ජාතක කතා මතකයට එයි කියලා මට හිතෙනවා.ආරම්භ දර්ශන තුලින්ම අපට නිර්මාණය කරුවා මේ කතාවේ චරිත සියල්ල හදුන්වා දෙනවා.ඒ අතර එක් අන්ධ පුදගලයෙක් ද සිටිනවා.මොහුගේ හැසිරිම කතාවේ තෙමාවට වක්‍රව ඉතාමත් හොදින් සම්බන්ධ වෙනවා.ඒ ගැන මම පසුවට සදහන් කරන්නම්.

    ආවේනික ගැමී පරිසරය සමග එන පරිසරයේ සුන්දරත්වය නිර්මාණ කරුවා ඉතා හොදින් කතාව තුලට ගෙන තියෙනවා කියලා මට හිතෙනවා.ඒ වගේම මල්ලිකාගේ හැගීම් ඉතාමත් හොදින් කතාව තුළ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඇය බොහෝ විට ක්‍රියා කරන්නේ පිරිම් කෙනෙක් වගේ කියලා මට හිතෙනවා.එය එසේ විම ඉතාමත් ප්‍රායෝගීකයි.ඇයගේ පියා වයස නිසා ඇයට නිවසේ සියලු දේ කරන්න සිදු වෙනවා.එම නිසා ඇය එසේ විම සාමාන්‍ය දෙයක් කියලා මට හිතෙනවා.එහෙත් ඇයට කාම පිපාසය ඉතාමත් තදින් තියෙනවා කියලා නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.ඒ අවස්තාවල වියාංගාර්තයෙන් කුණුහරුප පවා එකතු කරලා හිතනවා.

    " නරකම නැ , මට පෙන්නේ කොල්ලා හොදට වැඩ කරනවා වගේ.

    වැඩ කරන අය තේ බොන එක හරි නැනේ,

    ඔයා කිරි බොන්න

    ඔයාට ඕන නම් මට කියන්න

    මම ඔයාට කිරි දෙන්නම් "

    ඒ සමග පළවෙනි අඩහොරාව ගෙවිලා යනවා.ඉතාමත් රසවත් ආරම්භයක් අරන් ඇති නිසා අපගේ හැගීම් නිතර වෙනස් වීම් වලට ලක් කරන්න  නිර්මාණය තුලින් සමත් වෙලා තියෙනවා.

    ඇගේ නිවසේ ඇති දුෂ්කර බව නිර්මාණ කරුවා නිතර නිතර අපට පෙන්නුම් කිරිම තුලින් ඇයගේ පවුල ගැන යම් අනූකම්පා සහිත හැගීමක් අපට ඇති කරවනවා. ගරා වැටී ගිය වහලය, කොළ හැලී ගිය ගස්, පේන තෙක් මානයේ විහිදී තියෙන තල් ගස් , අප පැහැ ගැන්වුන බිත්ති මගින් එය ඉතාමත් සූක්ෂම විදියට අපිට බලා ගන්න පුළුවන්.

    ගෙදර ණය බර ගැන කතා කරන නිසා ඔවුන් කෙතරම් දුෂ්කර ජිවිතයක් ගත කරනවාද යන්න පැහැදිලි  වෙනවා.මේ සියල්ලටම අලුත් බලාපොරොත්තුවක් එකතු කරන ශ්‍රී නිවාස් ඔහු ලග තිබෙන මුදල් රත්තරං ආදිය නිවසේ සිටින අයට පෙන්වීනෙදී මල්ලිකාගේ මනස වෙනස් වෙන ආකාරය ඉතාමත් සූක්ෂම විදියට නිර්මාණ කරුවා ග්‍රහණය කරගෙන තියෙනවා.ඇයගේ කාම ආශාව වැඩ් වෙන විදිය.ආශාව  වැඩි කමට මුහුනේ ඉරියවු වෙනස් වෙන විදිය ඉතාමත් අලංකාරයි කියලා මට හිතෙනවා.ඇය කාමය කෙරෙයි ඇති ආශාව එක්ක ආගන්තුක ඕනම කෙනෙක් ඇය සමග රතියට පෙළබීම සාමාන්‍ය දෙයක් එත් ශ්‍රී නිවාස් එසේ නොකීරිම තුළ ඒ මොහොතේ පිරිමියෙක්ගේ ඇති පිරිමිකම ඉතාමත් හොදින් පෙන්වාලා දී තියෙනවා.

    ආගමික විශ්වාස හා ඇදහිම් ගම් වල අය නිතරම කරන දෙයක් විදියට ඕනම කෙනෙක් දන්නා කරුනක් මෙහෙදී නිර්මාණ කරුවා අපට ඒ පිලිබදවත් ඉතාමත් හොදින් පෙන්වලා දීලා තියෙනවා කියලා මට හිතෙනවා. රාගය හා තන්හාව ඉහට වඩා ගිය විට කාන්තාවක් කෙසේනම් හැසිරෙයි ද කියලා නිර්මාණය තුලින් එතනින් එහාට අපට ඉතා හොදින් බලා ගන්න පුළුවන් වෙනවා.ඔයාට මතකයි නම් මම කලින් කිවා මේ කතාවේ අන්ධ මිනිසෙක් සිටිනවා කියලා ඔහු කතාවට ආරම්භයේ දී හා අවසානයේදී පමණයි එකතු වෙන්නේ.

    ඒ මිනිසා තුලින් නිර්මාණකරුවා ඉතා සූක්ෂම විදියට අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා.අන්ධ කෙනෙක්  කොහොම හරී පාර හොයාගෙන ජිවිත ගමන යනවා.ඔහුට වටිනාම දෙකට තියෙන්නේ බත් කන පිගානයි, සැරාටියයි.ජිවිතය ගැට ගහන්න කරන කුමන හෝ රැකියාවයි විතරයි.එත් ඇස් පෙනෙන කෙනාට ඉට වඩා දෙවල් තියෙනවා.එත් ඇස් පෙනුනත් රාගය දේවේශය කාමය හිතට ආවාම ඔවුන්ට ඇස් පෙනුනත් නොපෙනෙන කෙනාට වඩා පහත් නේද කියලා නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරනවා.

    රාගය ඇති උනාම අම්මා තාත්තා සහොදරයෝ කියන කිසි කෙනෙක් හදුන්නේ නැති බව නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.කොහොම උනත් එසේ රාගයට මුල් උන කෙනා මේ රාගය, තන්හාව නිසාම විනාශ වෙලා යනවා.

    මේ කතාවේ දී පායල් රාජ්පුත් ඇගේ චරිතය ඉතා හොදින් ඉදිරිපත් කරලා තියෙනවා. ඇය ඇගේ භූමිකාව තුළ කැදර කම , රාගය, වංචාව යන විවිද අවස්තා ඉතා සූක්ෂම විදියට නිරූපණය කරලා තියෙනවා. ශ්‍රී නිවාස් ද ඔහුගේ චරිතයට ඉතාමත් හොද සාදාරණක් ඉටු කරලා තියෙනවා.ඔහු ඉතා නිහතමානී කෙනෙක් විදියට රංගනයෙන් දායක් විම නිසාම මේ කතාවට ඉතාමත් අලංකාරයක් එකතු වෙලා තියෙනවා.

    නමුත් චිත්‍රපටයේ ප්‍රදාන කාරනය ගැන කතා කරන්න නිර්මාණය කරුවා ගන්නා කාලය වැඩියි කියලා මට හිතෙනවා.එය තව දුරටත් අඩු උනානම් චිත්‍රපටයට  තවත් සාර්ථක විදියට බලාගන්න තිබුනා යන්න මගේ හැගීමයි. චිත්‍රපටය තුල ප්‍රදාන සිදුවිම එකම ජවනීකාවකින් අවසන් කිරිම ප්‍රායෝගීක නොවේ.එය තව දුරටත් විදහා පාමින් සිදු කරානම් කියලා නිතරම මගේ මනසට  හැගී ගියා.

    චිත්‍රපටය තාක්ෂණය අතින් ඉතාමත් පොහොසත් කියලා කියන්න පුළුවන්.අඩු වියදමකින් මේ චිත්‍රපටය නිර්මාණය කරා උවත් එය කිසිම විටක අපට පෙනී යන්නේ නැ.ගැමි වදන් බොහොමයක් අන්තරගත් වී තිබු නිසා අපට මෙය අපේ ගමක සිදු වු සිදුවිමක් වගේ හැගීමක් නිර්මාණය තුලින් ලබා දීලා තියෙනවා.ඒ නිසාම චිත්‍රපටය  පළවෙනි භාගයේ මන්දාගමී ස්භාවය තරමක් මග හැරීලා තියෙනවා.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය දයාල් පද්මන්භන් විසින් සිදු කරලා තියෙනවා.රංගනයෙන් දායක වන්නේ පායල් රාජ්පුත් , ක්‍රිෂ්ණා හා විනා සුන්දර් යන අයයි.විනාඩි 90 පුරාවට දිවෙන මේ සිනමා සිත්තම ඉතාමත් රසවත් ගීත වලින් සමන්විතයි. සංගීත නිර්මාණය  ඇරොල් කොරෙලි විසින් සිදු කරලා තියෙනවා. චිත්‍රපටය  OTT  මගින් 2020.11.20 දින නිකුත් කරන්නට යෙදුනා.මේ චිත්‍රපටය  2018 තිරගත උන කන්නඩ Aa Karaala Ratri චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදියට තමයි  නිශ්පාදනය කරලා තියෙන්නේ. සමස්තයක් විදියට ගත්තාම වානිජ සිනමාවෙන් මෙපිටට ඇවිත් සිදු කර සාර්ථක නිර්මාණයක් විදියට අපට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan