• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Children's park 2019 


    ගූගල් පරීශිලක දර්ශකය 93%


    IMDB 5.6/10



    පුංචි අත දරුවෙක් දිහා දවසක පොඩි වෙලාවක් බලන් ඉන්න. ඒ පුංචි දරුවා ඇස් වලින් කතා කරනවා. දත් නැති කට පෙන්නලා හීනා වෙනවා.කොච්චරනම් සූන්දරයි  ද? බන්ඩී ගෙඩියට පොඩ්ඩක් කිච් කවනකොට අත් දෙකයි කකුල් දෙකයි ඇත් කරගෙන ඒ පුංචි බබා හිතේ තියන හැම දෙම කියලා දානවා.බඩගීනී උනාම බඩිගීනී කියන්න බැරි කමට හයියෙන් ඈනුම් අරිනවා.කොච්චර සුන්දරයි ද? නිදා ගත්තාම එක ඇගිල්ලක් කටේ ගහගෙන ඒ හුරතලේ එක්ක අම්මාගේ සුවදත් අරන් සනීපෙට නිදාගන්නවා.එහෙම  සනීපේ ඉන්න ළමයි අතරේ කාත් කවුරුත් නැතුව එදා වෙල කන්න නැති ව අනාතයෝ වගේ පාරේ ඉන්න ළමයි ඉන්නවා. ඒ වගේම අම්මා තාත්තා නැති කමට සාමජය අවජාතකයා කියලා නම ගහනකොට ඒ දුක කියා ගන්න බැරි ව බිත්තියේ අම්මා තාත්තාගේ රූප අදින ළමයි ඉන්නවා. ඒ දුක සතුට මැදින් ආදරය  එකතු උන පුංචි දරුවෝ හොයාගෙන යමු. මෙක ගොඩක් අයට දැනෙන කතාවක් වෙයි කියලා මම හිතනවා.

    රිෂී හා ජෙරී හොදම යාලුවෝ දෙන්නෙක්. ඉතින් මේ යාලුකම ගොඩක් කාලෙක ඉදන් දෙන්නා ගාවම තියෙනවා. ඔහොම කාලේ ගතවෙනකොට රීෂීගේ තාත්තා මිය යනවා. රිෂී හිතන්නේ කොහොම හරී තාත්තාගේ දේපළ එයාට හම්බවෙයි කියලා. එත් අවාසනාවට තාත්තා එයාගේ දේපළ ඔක්කම " ළමා උද්‍යානය " කියලා අනාත නිවාසයකට බාර දෙනවා. මේ අනාත නිවාසය බලා ගන්නේ ගෝවින්දන් කියලා ගොඩක් වයසක කෙනෙක්. තාත්තාගේ සල්ලී හා දෙපළවල ආශාව අත් නොහරින රීෂී එයාගේ යාලුවත් එක්ක අනාත නිවාසයට යනවා.එත් ඉතින් මේක වහාලා දාලා තමයි තියෙන්නේ. කොහොම හරී රීෂීට සල්ලී එකතු කර ගන්න ඔනානම් මේ අනාත නිවාසය හරියට ක්‍රියාකාරී වෙන්න ඔනා කියලා එයාලා දැන ගන්නවා.ඉතින් එක හිනාදා රීෂීත් ‍එයාගේ හොදම යාලුවත් දෙන්නාම එකතු වෙලා ලෙනින් කියලා කෙනෙක්ව හම්බෙනවා. එතනින් එහාට ගොඩක් ලස්සන කතාවක් විදියට චිත්‍රපටය ගලාගෙන යනවා.

    කතාව ආරම්භ වෙන දර්ශනය ඉතාමත් සංවේදී විදියට නිර්මාණය කරන්න නිර්මාණ කරුවා උත්සහ අරන් තියෙනවා . පුංචි ළමයි මල් වගේ කාගේ හෝ අසරණ කමකට ඒ ළමයි තනි වෙලා. ඒ තනිකම කෙනෙක්ට වියාපාරක් වෙනකොට ඒ ළමයි ඇස් වල කදුළු එකතු කරගෙන ජිවිතය යදිනවා.හරියට කන්න බොන්න දෙයක් නැතිවම.අම්මාගේ තුරුළ නැතිවම ඒ ළමයි එකිනෙකා එක්ක ගුලි වෙනවා. හීගමන හරියට කරන්න ඇස් වලට රසදිය වක් කරනකොට.අම්මා නැති උනත් ඒ වේදනාවෙන් කැ ගහනවා.තාත්තා කෙනෙක්ගෙන් විතරක් වරදට කුටි කන ළමයි එක එක මිනිස්සුන්ගේ බෙල්ට් පට් පාර කනකොට ඒ වේදනාව කොතරම් දැනෙනවා ඇති ද? මෙත් ළමයි නේද ? නිර්මාණ කරුවා අපිට මුලින්ම ප්‍රාශ්ණයක් එකතු කරලා දෙනවා.

    ඒ කොටස සමග ඇසට කදුලක් එකතු කරපු නිර්මාණ කරුවා. දෙවන කොටසේදී  රීෂ්ත් එයාගේ යාලුවත් තිරයට හදුන්වා දෙනවා. ඒ අවස්තාවේදී එය ඉතාමත් විනොදාස්වාදය එක්ක සිදු කරලා තියෙන නිසා හීනාව මුවගේ පුරවාගෙන මළයාලම් සිනමාව විදින්න ආරම්භයක් හදලා දෙනවා.මලයාලම් සිනමාවේ ලොකුම රහස තමයි සතුට එක්ක එන දර්ශන වලදී පරිසරයේ චමත් කාරය එකතු කිරිම. එය ඉතාමත් ලස්සනට ගලපලා තියන නිසා සතුටට වඩා එහා ගිය මනසට සැහැල්ලුවක් දෙන්න නිර්මාණ කරුවා උත්සහ අරන් තියෙනවා.

    පළවෙනි අඩහොරාවම නිර්මාණ කරුවා උත්සහගන්නේ ප්‍රදාන චරිත කතාවට හදුන්වාදෙමින් කතාවට ආරම්භ  එකතු කරන්නයි.එය ඉතාමත් ලස්සනට සිදු කරලා තියෙනවා.

    මේ ළමා උද්‍යානයේ කවුරුත් නැ. ගස් කොලන් නිසා අපිරිසිදු වෙලා තියෙනවා.එය පිරිසිදු කරළා අනාත දරුවන් ගෙන එම දක්වා ඉතාමත් සංයමයෙන් නිර්මාණය තුළින් පෙන්වා දී තියෙනවා.එහීදී නිර්මාණ කරුවා ඉතා සියුම් ලෙස මලයාලම් සිනාමාව එක්ක එන ස්භාවික පරිසරය හා මළයාලම් මිනිසුන්  ගේ ආකල්ප ගැන කතා කරන්න පටන් ගන්නවා.මේ තාක් කතාව සාමාන්‍ය  හැගිමක් එක්ක තමයි ගලාගෙන යන්නේ.එය සමහර කෙනෙක්ට ඒකාකාරී කියලා හිතන්න පුළුවන්.එය වලක්වා ගැනීමට  කුඩා විහිළු ඉතාමත් ප්‍රායෝගීක විදියට ඉදිරිපත් කරලා තියෙනවා.එය ඉතාමත් සූන්දරයි. බොහෝ විට  චිත්‍රපටයක් බලනවා යන හැගීම පවා අපෙන් ඉවත් කරන්න නිර්මාණ කරුවාට හැකි වෙලා තියෙනවා.

    මේ වෙනකන් සාමාන්‍ය  හැගීම් එක්ක ගලාගෙන ආව කතාව ජව සම්පන්න මට්ටමට අරගෙන එයට දුක මුසු කරලා අලුත් රසයක් එකතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ අනුව කුඩා ළමුන් ජීවිතයේ විදී වදකාගාරයෙන් එලියට ගන්නවා.

    එතනින් පසු මළයාලම් සිනමාව විදිමට අවස්තාව උදා කරළා දෙනවා. පුංචි ළමයි හරියට මල් වගේ එයාලා පුංචි පුංචි  දග වැඩ එක්ක තමයි ජිවත් වෙන්නේ. ඒ ළමයිගේ දග වැඩ එක පරිසරයේ සුදරත්වය එකතු උනාම කොතරම් ළස්සනයි ද? 
    මීදුම් ගලායන උදයක පුංචි ළමයි දුවනකොට. ඒ සුන්දරත්වය කොහොමද වචන වලින් කියන්නේ එය එතරම් වින්දනීයයි කියලා මට හිතෙනාවා.

    මේ කතාවේදී නිර්මාණ කරුවා උත්සහ කරන්නේ පුංචි  කැකුළු වගේ ලමයි ගැන කතා කරන්න. එතකොට මේ ලොකේ පිරීමි කෙනෙක්ට දරන්න පුළුවන් ලස්සනම සුන්දරම පදවිය තමයි පිය පදවිය.තමන් තාත්තා කෙනෙක් උනා කියලා දැන ගන්නකොට ඒ මුනේ හීනාව ඒ සතුට දරු සෙනෙහස මේ නිර්මාණ  කරුවා ඉතාමත් සූක්ෂමව එක තැන්කදී ඉදිරිපත් කරනවා. එය ඉතාමත් සංවේදී වගේම හැගීම බරයි කියලා මට හිතෙනවා.

    පුංචි ළමයි එක එක දක්ශතාවලින් පරීපූර්ණයි.පුංචි දරුවෙක් නම මයීනා දෙවියෝ ලස්සන ඇස් දෙකක් දුන්නා.එත් කරුමේ ඉට වඩා හරස් උනා. එක ඇහැක් රාක්ෂයෝ වගේ මිනිසුන් උදුරාගන්නවා. එත් දක්ෂතාවය උදුරා ගන්න බැ. ඒ පුංචි දරුවා ලස්සන ගිතයක් ගායනා කරනවා. ඒ ගීතය එක්ක අපිව මොහොතක් තනි කරනවා. ඒ ගීතය විජේ රංගනයෙන් දායක උන තෙරී චිත්‍රපටයේ ගීතයක්.

    චිත්‍රපටය පුරාවටම ආදරය පිරිලා.ආදරය උපරිම වෙනකොට රීෂීත් එයාගේ යාලුවත් ආදරය කරන්න පටන් ගන්නවා.ආදරය  උපරිම වැඩි හින්දාම එක අපිටත් ගොඩක් දැනෙනවා. එය තවත් වැඩි කරන්න නිර්මාණ කරුවා ලස්සන ගීත එකතු කරලා තියෙනවා.ආදරයට සෙනෙහසට පුළුවන් ලොකේ ඕනම රෝගයක් සුවපත් කරන්න එක ඇත්ත කියලා ඔයාට මේ කතාවෙන් හොදට පෙන්වලා දෙනවා.එය කෙතරම් චමත්කාර දර්ශනයක් ද? ඒ හැගීම කෙතරම් සුන්දරයි ද? අවිහිංසකයි ද? එය මටනම් හිතා ගන්නවත් බැ  

    මේච්චර කාලයක් කතාවේ හිටියේ ඇවිදින්න පුළුවන් දරුවන් විතරයි.එත් එයාලාගේ වාසනාවට එයාලට එකතු වෙනවා පුංචි අත දරුවෝ ටිකකුත්. ඔයාලා අහලා ඇති නේ පුංචි දරුවෙක් අඩනකොට මුලු ගෙදරක්ම සිරියාවයි කියලා.ඉතින් මේ වෙලාවේ ඉදන් ඒ සුන්දර්ත්වයත් කතාවට එකතු කරලා තියෙනවා.හිතන්නකෝ මීදුම් ගලාගෙන යන උදයක සීතලත් එක්ක එකතු වෙලා කුරුළු ගීත ඇහෙනකොට පුංචි දරුවෝ අඩනවානම් , දත් නැති කට පෙන්නලා හිනා වෙනවානම් හීතින් මවා ගන්නකෝ ඒ සුන්දරත්වය කොච්චරයි ද කියලා.ඒ සෙනෙහස  දැනෙනවා නේද ඔයාලටත්.

    ජෙරීගේ ලස්සන ආදරය  කතාවකුත් මෙක ඇතුලේ යනවා.විරාගික ආදරය නිසා එක ගොඩක් අපිට දැනෙනවා.මෙහෙම ලස්සනට චිත්‍රපටය  හොරා දෙකක් පූරාවට ගලාගෙන යනවා.එත් එක්කම එක දරුවෙක් පැහැරගන්නවා එතනින් පස්සේ චිත්‍රපටය ටිකක් ක්‍රියාදාම එක්ක එකතු වෙනවා. එකත් ඉතාමත් අලංකාර විදියට නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙනවා.

    ආදරය ,සෙනෙහස , සුන්දරත්වය  යන සියළු හැගීම් එකට එකතු කරලා ගොඩක් හදවතට දැනෙන්නම පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා.කතාව බලාගෙන යනකොට අපිට අපිව අමතක වෙනවා.ඒ තරම් සීයුම් නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.

    මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ shafi විසින් වන අතර රංගනයෙන් දායව වන්නේ විශ්ණු, මනසා රාධක්‍රිෂ්ණන් හා ධරුවන් යන අයයි.චිත්‍රපටය සදහා සංගීත නිර්මාණය කරන ලද්දේ අරුන් රාජ් විසින් වනවා. චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත කිහිපයකින් සමන්විත වෙනවා.චිත්‍රපටය 2019 ජූනී 05 වන දින නිකුත් කිරිමට නිශ්පාදකයන්ට හැකියාව ලැබිලා තියෙනවා. 


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan