• Paava kadhaigal 2020

    Paava kadhaigal 2020


    Vaanmagal 


     පියාඹන්න දුවේ


    අධ්‍යක්ෂණය: ගෞතම් මෙනන්
    රංගනය:ගෞතම් මෙනන්, සිම්රන්




    සුදු රෙද්ද උඩ තියෙන හැදියාව කොල්ලොන්ටත් තිබ්බානම් අද ගොඩක් කොල්ලෝ අසරණයි.

    පුංචි ළමයි අපි කියන්නේ මල් වගේ කියලා.ඒ තරම් එයාලා අහිංසකයි සුන්දරයි.අපි කතාවටත් කියනවා පුංචි පවුල රත්තරං කියලා. අම්මා තාත්තා අයියා අක්කා එක්ක නංගීත් ඉන්න පවුලක් කොච්චර සතුටින් ඉන්න ඕනා ද? ඒ සතුට මෙච්චරයී කියලා කියන්න පුළුවන් ද? අම්මා කෙනෙක්ගේ මුළු ලොකයම තමන්ගේ දරුවෝ.එයාලා වෙනුවෙන් අම්මා කෙනෙක් නොකරන දෙයක් නැ.එත් තාත්තා කෙනෙක්ගේ හිතේ ඇති ලොකුම බයත් දරුවෝ. පිරිමි හරි වෙනස් කියලා මම කියනවා.ඔයාලා මෙහෙම හිතන්නකෝ පිරිමි කෙනෙක් බදින්න කලින් හිටිය විදියයි කසාද බැන්දාම ඉන්න විදියයි ගොඩක් වෙනස් නේද ? ඇයි එහෙම වෙන්නේ එකට හේතුව පිරිමි කෙනෙක් කසාද බැන්දාම තමයි වගකීම් දරන්න පුරුදු වෙන්නේ.

    තාත්තා කෙනෙක්ගේ ජිවිතේ ලොකුම සතුට තියෙන්නේ දුවත් එක්ක.ඒ දුව එක්ක සතුටින් කාලය ගත කරන විදිය නිර්මාණ කරුවා ඉතාමත් ලස්සනට ආරම්භයේදී අපට පහදා දෙනවා.දේවාලය ගාවින් දරුවා වඩාගෙන කන්දේ ඉදන් පියාසර කරන තාත්තා තමන්ගේ දුවට කියලා දෙනවා මේ ලොකේ ඕන තරම් දුරට ඔයාට පියාඹාගෙන යන්න පුළුවන් කියලා.එත් එතනදී නොකියා කියන තවත් කරුණක් ඇත.එනම් දුවේ ඔයා කොච්චර දුරට පියාබාගෙන ගියත් මේ තාත්තා ඔයා එක්ක හැමදාටම ඉන්නවා.මේ ගල් පර්වතයෙන් ඔයා වැටෙන්න පුළුවන් එත් තාත්තා ඉන්නකන් එහෙම වෙන්නේ නැ මෙන්න මේ ශක්තිය සියුම් විදියට නිර්මාණය තුලට ගැනීමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.එයනම් කදිම සංකලනයක් විදියට මම දකිනවා..

    දුවෙක් වැඩිවියට පත් වෙනකොට ගොඩක්ම සතුටු වෙන්නේ එයාගේ අම්මා.. එදා මුල් වරට අම්මා දැන ගන්නවා කවදා හරි දවසක එයාගේ කුසෙන් මේ ලොකයට අලුත් ජිවයක් ලබා දෙනවා කියලා. අපේ ලංකාවෙත් ඒ වගෙම ඉංදියාවෙත් දරුවෙක් වැඩි වියට පත් උනාම උත්සව පවත්වනවා.පවත්වලා ලොකය ඉදිරියේ තමාගේ දුව ලොකු ළමයෙක් උනා කියලා පවසා සිටිනවා.ඇත්තටම එය අවශ්‍ය කරුණක් ද ? නිර්මාණ කරුවා නොකීයා අපෙන් ප්‍රශ්න කරනවා.දුවෙක් වැඩි වියට එලබුන විටදී එය සැමරිය යුත්තේ දෙමාපියන් පණනක් නොවේද? නමුත් එය ආශිර්වාදයක් ලෙස සිතා ලොකය ඉදිරියේ තාමාගේ දුවගේ උත්සවය පවත්වනවා.ඇත්තටම එය ආශිර්වාදයක් ද? නිර්මාණ කරුවා එතනදී ඔබට සිතන්නට යමක් එකතු කරනවා.

    ගැහැණු දරුවෙක් වැඩි වියට එළබෙනකොට එක දිහා ලොකය බලාගෙන ඉන්නේ වැරදි කොනයකින් කියලා අම්මා තමන්ගේ දුවට හොදින් තෙරුම් කරනවා.ඇයට වෙනදා මෙන් ලොකය ඉදිරියේ සිත් සේ සිටිය නොහැකිය. අපි කතාවට කියනවා කෙල්ලෙක් උනාම ලස්සනට අදින්න ඕනා කොටට ඇන්දට කමක් නැ, තරුණ කාලේ විලාසිතා කරන්න බැරි නම් නාකී වෙලා කරන්නද කියලා.එත් මොහොතක් හිතුවොත් ඒ දෙවල් වල තියන ගැබුර වටහා ගැනීමට හැකියාව ලැබේවී.කෙල්ලෙක් අදින්න ඕන ඇග පෙන්න නෙවෙයි හැඩ පෙන්න, ඒ වගෙම ජිවත් වෙන්න ඕන ලොකයට හිස නමාගෙන නෙවෙයි සංවරව කොන්ද කෙලින් තියාගෙන එකයි හරී ක්‍රමය කියලා නිර්මාණ කරුවා ඉතාමත් ලස්සනට මේ කොටස තුලින් පහදා දීලා තියෙනවා.

    කන්තාවක් වෙන්න ඉගෙන ගන්න..
    මිට පස්සේ.. හරිද..
    හිටගෙන ඉද්දී... වාඩිවෙද්දී..
    ඇවිදිනකොට... කතා කරනකොට...
    නිදාගෙන ඉන්න කොටත්..
    ඔයාගේ ශරීරය..එක ඔයාගේ කොවිල වගේ..

    බලන්න දියනියක්ගේ ශරීරයට සමාන කරන්නේ කොවිලක් ඇත්තටම එතකොට අපේ මනසේ හැගෙන්නේ කොවිලක රූපය තුල කෙතරම් පිරිසිදු කමක් තියෙන්න ඕනා ද , කෙතරම් පිළිවලක් තියෙන්න ඕනා ද? අන්න එහෙනම් මෙතනින් එහාට නිර්මාණ කරුවා කතා කරන්නේ කාන්තාවකගේ පිරිසිදු කම ගැන කියලා ඉගියකින් ඉතාමත් ලස්සනට අපට පහදලා දෙනවා..මෙතනදී සිංහල ගීතයේ එන ලස්සන ගීත කොටසක් මතකයට එනවා..


    දුවේ නුඹ මගේ ප්‍රාණයයි

    සෑබෑවුන සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මෙතනින් එහාට කතා වෙන්නේ පුංචි දරුවෙක්ව දූෂණය කරන ආකාරය ගැනයි.අන්න එතනදී අපිට නිර්මාණ කරුවා ඉතා හොදින් මම ඉහත කී දරුවෙක් ලොකු ළමයෙක් උනාම උත්සව ගන්න ඕනා ද කියන කතාව පහදලා දෙනවා.මෙතනදී ඇයව දුෂණය කරන්න ගෙනියන්නේ ඇය ලොකු ළමයෙක් උන නිසා.එය ලොකයට නොපෙන්වා ගෙදර තුළම සිදු කරානම් මේ වගේ දෙයක් ඇයට වෙයි ද? ඇත්තටම මෙතනදී දුෂණය වන්නේ ලොකු දියනිය නොවුනත් කුඩා දියනියට මේ අත්දැකීමට මුහුන දෙන්න උනේ අර ඉහත කී හේතුව නිසා නොවෙද යන්න.නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සිටිනවා.

    අක්කව ගෙන්න කිව්වාම නංගිව උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ
    මේ කෙල්ල විතරයි එලියට ආවේ බන්..
    මමත් හිතුවා, හිතුවා මගුල..
    එයාව අල්ලලා බලලා එහෙමනේ අරගෙන එන්න ඇත්තේ..
    එතකොට තෙරුනේ නැද්ද මේ පොඩි එකී කියලා
    මෙකිගේ අක්කා තමයි ලොකු ළමයෙක් උනේ..

    බලන්න අවසාන වචනේ දීහා " මෙකිගේ අක්කා තමයි ලොකු ළමයෙක් උනේ " එහෙනම් ඇත්තටම කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාම එකට ලොකුවට උත්සව ගත යුතුද ඔබට එය සිතන්නට බාර කරනවා..

    මෙතනි එහාට කතාව යන්නේ දුෂණය උන දියණිය වටා. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක නිදා ගන්න කලින් ඇය කෙල්ලෙක් ඉට පස්සේ ඇය ගැහැණියක්. එක සමාජයේ වරද උනත් අපට එය වෙනස් කළ හැකිද? මෙවනී අකාරයේ දෙයක් උනාම අම්මා කොහොම දරා ගන්නද? තමන්ගේ දියනිගේ නිරුවත් තවත් පිරිමියෙක් දකිනකොට අම්මා කෙනෙක්ට දැනෙන්නේ ඇගේ නිරුවත දැක්කා හා සමානව.වේදනාව වසා ගන්න ලොකෙට බොරු කියන්න පුළුවන්.එත් වේදනාව එතනින් අඩු වෙයි ද? අපි කතාවටත් කියනවා

    "කොල්ලෙක් වරදක් කරලා ආවොත් නාවලා ගෙට ගන්න පුළුවන් එත් කෙල්ලෙක්ව එහෙම බැ කියලා"

    අන්න ඒ සංකලපය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා ග්‍රහණය කරගෙන තියෙනවා.එතනින් එහාට ගියාම අක්කා කෙනෙක්ට ඒ හැගිම දැනෙන ආකාරය, අයියා විදින වේදනවා මේ සියල්ල ඉතා සංයමයෙන් නිර්මාණ කරුවා තිරය මතට අරගෙන තියෙනවා.තාත්තා කෙනෙක් මේ වගේ දෙයක් කොහොම විද දරා ගනී ද? අන්න එක තමයි මෙතනදී වැදගත්ම දෙය.එදා ආදරයෙන් තුරුල් කර ගත්ත දුවව අද කොහොම තුරුල් කර ගන්නද?

    ඔයා ඇයි එයා එක්ක කතා කරන් නැත්තේ..
    එහෙම දෙයක් නැ ..
    මට එයා දිහා බලන්න බැ මදී...
    එයත් එක්ක කතා කරන්න බැ
    පිරිමියෙක් විදියට මට එයා ඉස්සරට ගිහින් ඉන්න බැ
    නිරුවතින් එයා ඉස්සරහා ඉන්නවා වගේ දැනෙනවා මට...

    මේ සියල්ල අවසානයේ දරුවාගේ හිත හදන්නේ කොහොමද ඒ පිළිබඳ ගොඩක් සිතා බැලිය යුතු නොවේද? දෙමාපියන් මේ වෙලාවේ පවුලේ ගෞරවය ගැන සිතලා දරුවා කොන්කළ යුතු ද? නිර්මාණ කරුවා අවසානයේ අපිට ප්‍රශ්නයක් ඉතිරි කරනවා..

    අපි කියනවා ආදරය කරනකොට රතියේ යෙදුනාට වරදක් නෙවෙයි කියලා.එත් ඒ වරද කොල්ලෙක්ට වරදක් නොවුනත් කෙල්ලෙක්ට එක එයාගේ මුලු ජිවිත කාලයටම බලපානවා. එතනින් එහාට ගියාම හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ගේ පතිවත් ගැන බලනවා.එතනදී මේ දියණියට උන වගේ දෙවල් තවත් බොහෝ අයට වෙලා ඇති.එහෙම කෙනෙක් එක පිරිමියෙක් විශ්වාස කරලා කසාද බදින්න ගියාම ඒ පිරිමියත් ඇයව පතිවත නැ කියලා අහක දැම්මොත් එක කෙතරම් සාදාරණද? ජිවිතේ දුෂිත මිනිසුන් නිසා කෙලෙසුන කෙල්ලෙක්ට ලොකය ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරිද තීරණය කිරිමට අපට බාර දෙමින් නිර්මාණ කරුවා නිර්මාණ අවසන් කරනවා..

    සිය ලේ කදුලු දහඩිය පුදා
    පරපුරෙන් පරපුරට රෑගෙන ආ
    එ ගෞරවය මගෙ දුව තමා
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
    ගෙනියන්නේ එ අභිමානයයි....


    මේ කතාව පුරා යොදා ගත් වචන ඉතාමත් සංයමයකින් භාවිතා කර තිබු නිසා නිර්මාණය තුලින් ලබා දිමට උත්සහ ගත් තෙමාව මනා කොට නරඹන අයට වැටහෙනවා.එමෙන්ම කුඩා දරුවන් දෙදෙනාගේ රංගමය ඉතාමත් විශිෂ්ඨයි.ඉතාමත් කෙටි කාලයකින් ඉතා විශාල පරාසයක් ආවරණය කිරිමට හැකි විම නිසා මෙය මෙතරම් සාර්ථක වී ඇතයි යන්න මගේ විශ්වාසයයි.

    පියාසර කරන්න දුවේ.....



    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan