Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
Eeswaran 2021
ගූගල් පරීශිලක දර්ශකය 70%
IMDB 4.4/10
ආදරය එකතු උන පුංචි පවුල
පුංචි කාලේ අපේ අම්මා බත් ටික අනලා අපිට කවනකොට තාත්තා තමයි හරි ආදරයෙන් අපිව උස් මහත් කරේ. අද අපි පුංචි පවුල රත්තරං කියනකොට ඉස්සර අම්මා තාත්තාට දරුවෝ හතර පස් දෙනෙක්වත් හිටියා. ඒ දරුවො අතර හරී අපූරු විදියට ආදරය ගොඩ නැගෙනකොට එකෙන් ලෝකෙට සහොදර කමේ අර්තය විදහා පාන්න සමත් උනා. ලොකය හරී අපූරුයි ඒ අපුරු ලොකය ජිවිතයේ උපන්දා සිට බලන්න පටන් ගත්තාත් මැරෙන තුරාවට අපිට එක බලලා ඉවර කරන්න බැරි වේවී. ඒ ලස්සන ලොකේ ලස්සනම නවාතැන තමයි පවුල. සල්ලී වෙනුවෙන් උසස් අද්යාපනය වෙනුවෙන් අපි පවුලෙන් දුරස් වෙනකොට අම්මා තාත්තා තනි වෙන්නේ කියා ගන්න බැරි දුකක් හිත යට හිරකරගෙන බව ඔබත් මමත් දන්නා කරුණකී.
පවුලක ඇති ආදරය වගෙම සෙනෙහස ඉතාමත් අපූරු විදියට චිත්‍රපටය පුරාවටම අපිට බලාගන්න හැකි වෙනවා.
නිර්මාණය ආරම්භ වන්නේ ගැමි පරිසරයට මුලික තැනක් ලබා දෙමින්.එහිදී ගැමි පරිසරය සමග එන ගැමිගෙදර අලංකාරය ඉතා හොදින් නිර්මාණය තුලින් අපට බලා ගැනීමට හැකි වෙනවා.තවද ගැමි පරිසරයේ ජිවත් වන පවුලක ඇති සමගිය වගෙම අම්මා තාත්තා සමග දරුවන් උස් මහත් වන ආකාරය ඉතා කෙටි දර්ශනයක් උපයෝගී කරගෙන පෙන්වා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
මේ ලොකේ විද්‍යාව හා අවිද්‍යාව අතර දොලනය බොහෝ විට මිනිසා තෙරුම් ගන්නේ නැත.සමහරු විද්‍යාව නිසා අව්ද්‍යාව බැහැර කරයි.ඒ අතර අවිද්‍යාව නිසා විද්‍යාව බැහැර කරන අයද අප අතර නැති වාම නොවේ. විසි එක්වන සියවසේ සිටින අපට වඩා දහනවවෙනි සියවසේ සිටිය බොහෝ පිරිස් තදින්ම අවිද්‍යාව විශ්වාස කළ බව අප දන්නා කරුණකී.එහිදී ජොත්ශයට හම්බෙන්නේ මුලික තැනකි.නූතනයේ මිනිසා එයද තමාගේ මුදට හා වාසියට යොදා ගැනීම නිසා හැල්ලුවට ලක් වී ඇත.නමුදු අතීතයේ එහී සත්‍යතාවයක් තිබු බව නිර්මාණය කරුවා නිර්මාණය තුලින් පෙන්වා දෙන අතර එය තහවුරු කිරිමට විවිද නිර්මාණය තල පෙන්නවා දිමට ඔහු සමත් වේ. එහිදී අවිද්‍යාව පිළි නොගන්නා කෙනෙක් හා පිළි ගන්නා කෙනෙක් අතර සම්බන්ධයද ඉතා හොදින් පෙන්නුම් කර ඇත. එම දර්ශනයත් සමග තිරය අතීතයේ සිට වර්තමානයට යොමු කිරන අතර එහිදී පෙරිය සාමිගේ වෙනස් විම ඉතා හොදින් පෙන්නුම් කර ඇත.එය චිත්‍රපටය තුල ඉතාමත් සියුම් වගෙම විශිෂ්ඨ දර්ශනයක් ලෙස එය මා දකී.
පිරිමි දරුවන් හතර පස් දෙනෙක් සිටින පවුලක් ශක්තිය මෙතකයි කියා නිම කිරිමට නොහැකිය.පිරිමි බොහෝ සෙයින් දෙමාපියන්ට ආදරය කරුණාව දක්වයි.නමුත් මේ සියල්ල එක් අවස්තාවකදි වෙනස් වන අතර එහීදී බොහෝ පිරිම්න්ට දෙමාපියන් හෝ බිරිද යන දෙදෙනාගෙන් එක් අයෙකු තොරා ගැනීමට සිදු වේ. බිරිදක් නිතරම සිතන්නේ තමාගේ පවුල යහපත් අයුරින් පවත්වා ගැනීමටය.එය වරදක් නොවේ නමුත් එතනින් එහා ගොස් සමහර සිද්දී නිසා පවුල් වල සහොදරයින් පවා මේ බිරිද නිසා වෙන් වේ.කුඩා කළ සිට ආදරය සෙනෙහස සමග සහොදරයන් ලෙස ජිවත් වු ඔවුන් සිය බිරිද නිසා වෙන් වීම හා ගැටළු ඇති කර ගැනීම කෙතරම් සුදුසුද යන්න නිර්මාණය කරුවා අපෙන් ප්‍රශ්න කර සිටී.
චිත්‍රපටයක ප්‍රදාන නළුවා හදුන්වා දිමට බොහෝ විට චිත්‍රපටයේ දාවන කාලයෙන් සැලකිය යුතු කාලයක් වෙන් කරයි.මේ කතාව තුලත් එය එසේම කර ඇති අතර එහීදී ඔහුගේ තේජස වගෙම බලය කළ හැකි දේ යන සියල්ල ගැන හදුන්වා දිමක් සිදු කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. එහීදී මුලික දර්ශන වලට එය සම්බන්ධ කිරිම නිසා එය එතරම් කාලය කා දැමිමක් ලෙස අපට වටහා ගැනීමට නොහැකි වේ. නමුත් එතරම් කාලයක් ප්‍රදාන නිළිය හදුන්වා දිමට යොදා නොගනිමත් සැලකිය යුතු කරුණකී.
කොරොනා වසංගතය සමග පවුල කියන සංකල්පයට ඉතා හොද තැනක් ලැබූණු බව අප හොදින් දන්නා කරුණකී. දරුවන් සමග දෙමාපියන්ටත් මුනුපුරන් හට ආච්චී සියා සමග කාලය ගත කිරිමටත් අවස්තාව හම්බවිම මේ කාලයේදී ඉතා හොදින් සිදු විය.ඒය නිර්මාණය තුලින් ඉතා හොදින් පෙන්නුම් කිරිමට නිර්මාණය කරුවා සමත් වන අතර මෙය මා සිනමාවේ එක් ජීවී ලක්ෂණයක් ලෙස හදුවන්නෙමු.සිනමාව කලාවකට එහා ගිය පණිවිඩයක් ලබා දිමේ මාද්යක් ලෙස අපට හදුනා ගත හැකිය.එහීදී මේ වන විට ලොකයටම බලපා ඇති කොරොනා අවදානම හා එයින් අත්මිදෙන්නට අප කළ යුතු දේ ගැන ඉතා හොදින් පෙන්නුම් කිරිමත් ඒ මගින් චිත්‍රපටයේ ප්‍රදාන තෙමාවට බාදාවක් නොවිමත් නිසා මෙය සිනමාවේ ජිවි ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.
මේ ලොකේ කිසිම කෙනෙක්ට තෙරුම් ගත නොහැකි එකම කෙනා ගැහැණියයි. ඇය සිතන පතන විදිය අපට කිසිදා වටහා ගත නොහැකිය. පවුලක සමගිය ඉතා වටින බව ඇය ඉතා හොදින් දන්නා කරුණකී.එක් ගැහැණියක් කිසි විටක තමාගේ සැමියා වෙනත් කාන්තාවකට ලබා නොදේ.එසේ සිදු විමක් සිදු උවහොත් බොහෝ විට සිදු වන්නේ ලේ හැලිමකී.නමුත් එවනි සිදු විමක් කාන්තාවන් දෙදෙනා කතා බහ කර විසදා ගන්නා ආකාරය ඉතා අපූරු ලෙස තිරය තුලින් බලා ගැනීමට අපිට හැකිය. එහීදී එක් පිරිමියෙකුගේ අමානුෂික ගති ගුණත් කාන්තාවකගේ මානුෂික ගති ගුණත් ඉතා අපුරු අකාරයෙන් නිර්මාණ කරුවා අපට පෙනවා දී ඇත.
" දෙවියන් ඉදිරියේ පාර්වතීව මම කසාද බැන්දා
මාගේ ආදි සිවන් ඉපදුනා
පාපාතිට නොදැන...
පවුල් කැවා.."
චිත්‍රපටය තුල ආරම්භය හා මද්‍ය කොටස් ඉතා අපූරු විදියට ගලාගෙන යන අතර එම කොටස් වලින් කිසිම සිනමාවේ මවා පැම් අපට දැක ගත නොහැකිය. නමුත් එතනින් අවසාන කොටස තුලින් අපට දැක ගැනිමට හැක්කේ තනිකරම සිනමා මවා පැම් ය. ඉංදියානු සිනමාව ගත් විට බොහෝ දෙනා ප්‍රායෝගීක තත්ත්වයන්ට අනූරුප නොවන බව පවසා සිටී. නමුත් සිනමා නිර්මාණයක් 100% ප්‍රායෝගීක අන්දමින් නිර්මාණය කළ නොහැකි බව අප දන්නා කරුණකී.නමුත් මෙය ඉට වඩා වෙනස් ය. මෙහීදී ඊශ්වරම් නාගයින් අල්ලා ගන්නා අතර අල්ලා ගන්නා අකාරය හා ඒ සදහා ඔහු යොදා ගන්න උපක්‍රම ඉතාමත් හොදින් නිර්මාණය කර ඇත.
නමුත් එක් අවස්තාවකදී නාගයින් ළමයින් ලගට පැමිනෙන අතර එහීදී ළමයින් සදහා ගල් විමට පවසා නාගයින් අල්ලා ගනී. මේ නිර්මාණය රස විදින්නේ තිරයකින් උවත් නාගයෙන් දැකිමෙදී බියක් ඇති වේ. එය එසේනම් අවුරුදු 13/14 ළමුන්ට ඇති වන බිය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත.නමුත් පුදුමයට කරුණනම් ළමුන්ගේ පාදය ලගට නයින් පැමිණියත් සන්සුන් ව සිටිමයි.චිත්‍රපටය තුල දුර්වලම දර්ශනයක් ලෙස මම මෙය දකිමී.
එය එසේ වන විට අවසානයේ ඊශ්වරම් හට නයින් දෙදෙනෙක් දෂ්ඨ කරයි. නයින් දෙදෙනෙක්ගේ විශ ඉතා උග්‍ර වේ.එවනි අවස්තාවක ඔහු සටන් කිරිම කෙතරම් ප්‍රයෝගික ද? එවනි දර්ශන යොදා ගැනීම චිත්‍රපටයේ ආරම්භය තුලින් ඇති වු සාර්ථකත්වය බිද දැමිමක් නොවේද? එමෙන්ම චිත්‍රපටයේ අවසාන සටන පවා මනා ලෙස නිර්මාණය නොවී තිබිම කණගාටුවට කරුණකී.
දෙමාපියන්ගේ වටිනාම සම්පත දරුවන් ය. දරුවන්ගේ දියුණුව හා සතුට වෙනුවෙන් දෙමාපියන් නොකර දෙයක් නැත.නමුත් දරුවන් එයා බොහෝ අවස්තාවල තෙරුම් ගන්නේ නැති විම නිසා බොහෝ ගැටළු ඇති වේ. දෙමාපියන්ගේ දෙවල් විකුණා කැමට වඩා තමන්ගේ දෙවල් වලින් දියුණු විම ඉතා හොද බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.එහිදී පවුලක එකිනෙකා අතර ඇති වන හිත් අමනාපකම් වලට සමාව දිම තුලින් පවුල කෙතරම් ලස්සනට පවත්වා ගත හැකිවේද යන්න අප සිතා බැලිය යුතුය.චිත්‍රපටය ආරම්භයේදී විද්‍යාව හා අවිද්‍යාව අතර ඇති අන්තර් සම්බන්දය විදහා පාන අතර අවසානයේ මිනිසාගේ විශ්වාසයට වඩා මිනිසාගේ ශක්තිය බලවත් බව පෙන්විමට නිර්මාණය කරුවා සමත් වේ.
සමස්තයක් ලෙස ගත් කල සාර්ථක නිර්මාණය ලෙස මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.චිත්‍රපටය තුල ඉතාමත් අලංකාර ගීත කිහිපයක් අඩංගු වන අතර නිදීගේ සරළ හා චාම් රංගනයක් මේ නිර්මාණය තුලින් අපට දැක බලා ගැනීමට හැකිය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුසෙන්තිරන් විසින් වන අතර සංගීතය එස් තමන් විසින් සිදු කරයි.2021 ජනවාරි 14 තිරගත වුන මෙම නිර්මාණය විනාඩි 120 කාලයක් ඉතා ආශාවෙන් පවුලේ සැමට එකතු වී රස විදිය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments