Lissa 2019
Lissa (2019)
වරදට දුන් කූරීරු දඩුවම
👉Tamil
👉Drama/Horror ‧ 2
👉Google usage 73%
👉IMDB 3.2/10
🌟Anjali
🌟Makarand Deshpande
🌟Kalyani Natarajan
ආදරය නාමෙන් ගිය සොදුරු ගමනක්....
දන්නා ගෙදර නොදන්නා ලෙස ඉන්න උන දවස් කිහිපයක්....
රාත්‍රී හොල්මන් කරන නපුරු ආත්මයක්....
සියල්ල අවසානයේ මිනි ගොඩ ගහපු කාමරයක්...
රහසෙම විදින්න උන මරණයන්..........
සියල්ල සමග අභිරහස් විදියට ගලාගෙන යන කතාවක්.......
Kombu
KOMBU (2020)
ශාපලත් අවතාරය 😱
👉Tamil
👉Thriller/Mystery ‧
👉Google usage 70%
👉IMDB 6.4/10
🌟 Disha pandey
🌟 Lolli sabha jeeva
ගමක් භීතියෙන් ඇලලී ගිය යුගයක්.....
අභිරහස් සිය දිවි නසා ගැනීම් දෙකක්....
මේ සියල්ල විසදන්න යන තරුණ කණ්ඩායමක්...
කණ්ඩායම අතර ඉන්න රූමත් තරුණියක්...
සියල්ල විසදා ජය ගන්න හැකි වේද යන්න වටා ගෙතුණු අබිරහස් කතාවක්....
Pranaya Meenukalude Kadal
Quota 2020
Quota 2020
IMDB 8.0/10
වසරක් ගෙවිලා වසරක් උදාවෙනකොට ඒ සමග අපගේ ජිවතයේ ගොඩක් දෙවල් වෙනස් වෙනවා කියලා මට හිතෙනවා. අලුත් අවුරුදක් උදාවෙනකොට එකේ සතුට වැඩි පුරම දැනෙන්නේ පුංචි ළමයින්ට. අපි හැමදාම කියනවානේ පුංචි ළමයි මල් වගේ කියලා.ඒ අහිංසක සිත් වල සතුට මෙතකයි කියලා කියන්න බැ. ඒ සතුට අපේ පුංචි ළමයි එහෙම විදිනකොට තවත් පුංචි ළමයි පිරසක් කුසට ආහාරක් නැතිව ඒ වගෙම ජිවිතයට බලාපොරොත්තුවක් නැතිව ජිවිත වීම කණගාටුවට කරුණක්. ලොකය එහෙම වෙනකොට ළමා වෙලදාම බාල වයස් කාර ගණිකා සේවය වගේ දෙවල් අසන්නට දකින්නට ලැබූම මිනිසුන් වෙච්ච අපේ පිරීහීම පෙන්නුම් කරන බවට සාදකයක් බව ඕන අයෙක් දන්නා කරුණකී.එය එසේ වෙනකොට මේ මල් වගේ ළමයි පරිස්සම් කරන්න මුලු ලොකයම එකතු වෙලා පණත් සම්මත කරගන්නේ මේ මල් කැකුළු අයාලයේ මිලින වීමට ඉඩ නොතබමිනී.ඉතින් අවුරුද්ද මුලම අපි මේ පුංචි මල් කැකුළු ගැන කතා කරමු.
චිත්‍රපටය පුරාවට කතා වෙන්නේ දුප්පත් දරුවෙක් තම දුප්පත් කම අවියක් කරගෙන ලොකය දින්න ගන්න උත්සහය ගැනයි.
චිත්‍රපටය ආරම්භ වන්නේ ගැමි පරිසරයට මුලික තැනක් දීමෙනී.එහිදී නිර්මාණ කරුවා ගැමී ජිවිතයේ ඇති දුෂ්කරතා වගෙම ඒ ජිවිතයේ ඇති පාරසරික සුන්දරතා ගැන ඉතාමත් හොදින් කතා කිරිමට උත්සහ ගෙන තිබිම විශේෂ කරුණක් විදියට මම දකිනවා. ඉන් අනතුරුව චිත්‍රපටය ගලාගෙන යන්නේ කුඩා ළමුන් පිරිසක් සෙල්ලම් කරන ආකාරය පෙන්නුම් කිරිමෙනී.කෙනෙක් හට එය සාමාන්‍ය දෙයක් විදියට චිත්‍රපටය ආරම්භයේ දී සිතිය හැකිය.නමුත් එය එසේ නොවන බව අනිවාර්යයෙන් මේ නිර්මාණය අවසානයේදී අපට ඉතා හොදින් පැහැදිලි වේ. එමෙන්ම එහිදී අයියා නංගී අතර ඉතා සුන්දර බැදිමක් ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
මේ දරුවන් දෙපළම කුඩා දරුවන් වේ.මොවුන් පරිනත රංග දරයන් මෙන් රංගනය හදාරා නැත.නමුත් මා පුදුමයට පත් වන කරුණනම් මේ දරුවන්ගේ සියුම් රංගනය හැකියාවයි.
"එක් අවස්තාවකදී අයියා නංගී දෙපල අල ගස් කිහිපයක් අතරින් සියුම් ලෙස අල එකතු කිරිමට යන දර්ශනයේ දී ඔවුන් රංගනයෙ යෙදෙන්නේ ඉතාමත් පරිනත ආකාරයෙනී"
එය චිත්‍රපටය තුළ ඇති එක් විශිෂ්ඨ දර්ශනයකී.එතනින් පසු සිනමාවට අම්මා තාත්තා හදුන්වා දෙන අතර ඒ තුලින් මේ පුංචි පවුල කෙතරම් සමගියෙන් සතුටින් සිටිනවා ද යන්නත් ඒ සතුට මුදල් නිසා නොව තම අද්යාත්මිකව විදින සතුටක් බවත් නිර්මාණ කරුවා ඉතාමත් හොදින් අපට පෙන්වා දී තිබෙනවා.එහීදී රාගයෙන් තොර අඹු සැමි ආදර නිරුපණය කිරිම විශේෂ කරුණකී. තවද මේ සියල්ල මෙසේ සිදු උවත් ජීවිතයට හරි ආදයමක් නැති නිසා ණය බර මේ පුංචි පවුලට වේදනා ගෙන දෙන බව නිර්මාණ කරුවා පෙනවා දී ඇත.
ඒ අනුව මේ සාර්ථක නිර්මාණයේ කුඩා කාල හොරාවකදී සමාජයේ දුප්පත් අයෙක්ගේ ජිවිතයේ ඇති දුබලතා වගෙම ප්‍රභලතා කතා කර අවසන් කර ඇත.
පුංචි කාලේ අපි පාසල් යනකොට සපත්තු දාගෙන යන එක අනිවාර්යයෙන් කාරණයකී.අප එසේ නොගින් ඇති අවස්තාවල පංති බාර ගුරුතුමිය කරන්නේ අපව එලියට ඇද දැමිමය.එය සරළ කරුණකී.නමුත් එය එක් එක් කෙනාගේ ජීවිත වලට බල පාන ආකාරය අනුව සරළ නොවන බව ඉතාමත් හොදින් අපට මේ නිර්මාණය තුලින් පෙන්වා දී ඇත.එම කොටස් වලදී කුඩා දරුවෙක්ගේ හැගිම්, භාව ප්රකාශනය. මේ සියල්ල ඉතා හොදින් ග්‍රහණය කිරිමට හැකියාව ලැබීම මේ නිර්මාණය සාර්ථක වීමට කෙලින්ම බලපා ඇත.මෙහීදී ගුරුවරෙක් උවත් දරුවන් දෙස බැලිමෙදී යහපත් වු මනසකින් බැලිය යුතුය යන්න නිර්මාණ කරුවා අපට පවසා සිටී.
මෙතනින් පසු කතාව දිව යන්නේ මේ පුංචි දරුවා වෙත අලුතින් සපත්තු ජොඩුවක් අරන් දිමට පියා ගන්නා උත්සහයත් සමගය.ඒ කෙටි කාලය තුල නිර්මාණ කරුවා සමාජයේ ඇති විවිද පැතිකඩයන් රාශියක් කතා කරයි. දෙමාපියන් සැම විටම උත්සහ ගන්නේ තමාට ඇති අපහසුතා දරුවන්ට නොපෙන්වා සිටිමටය.සැම දෙමාපියෙක්ම එලෙසය.
තාත්තා කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්.තාත්තා බලන්නේ හොදම දේ දරුවනට දෙන්නය. අතේ කර ගැට එනකන් තාත්තා වැඩ කරන්නේ දරුවන්ගේ ලොකය ලස්සන කරන්න.තාත්තා කෙනෙක්ට මොනම අමාරුවක් ආවත් දවසක් නිවාඩු ගන්න බැ මොකද ඒ දවසේ දරුවන් බඩිගින්නේ ඉන්න වෙයි කියලා ඒ තාත්තා හිතන නිසා.ඉතින් මේ සියුම් සංකල්පනාව පුංචි දරුවෙක්ට කෙතරම් වේදනාවක් ගෙන එයි ද කියලා නිර්මාණය තුලින් අපිට පෙනවලා දෙනවා.
"තාත්තා දුක් විදිනවානම් මමත් තාත්තා එක්ක වැඩට එන්නම්"
මේ වගේ වදන් වලින් එය ඉතාමත් හොදට අපට පැහැදිලි වෙනවා. දුප්පත් කම එක්ක එන වගකීම තාත්තා තුලින් ගිලි හුනොත් එක එන්නේ ගෙදර බිරිදට නැත්නම් ලොකු පුතාට මේ දේ පුංචි උනත් කොල්ලෙක්ට දරා ගන්න වෙනවා.අම්මා නංගිගේ වගකීම තාත්තා නැති මොහොතේ කොහොම විද දරාගන්නද ? නංගිගේ ජිවිතය කොහොම ලස්සන කරන්නද? අයියෙක් විදියට පුංචි අපිටත් මේ ලොකය දින්න පුළුවන් කියලා මුලු ලොකයටම ඇහෙන්න කොහොම කියන්නද? මේ සියලු ප්‍රශ්න වලට උත්තර එක්ක තමයි මේ කතාව අවසානය දක්වා ගලාගෙන යන්නේ.
චිත්‍රපටය ඉතාමත් කෙටි කාලයක් තුල විශාල පරාසයක කතාවක් ලෙස දිව යන අතර එය නරඹන අපව කිසිම මොහොතක චිත්‍රපටය තුල අතරමං නොකිරිමට වග බලා ගැනීම විශේෂ කරුණකී.
මෙහීදී එක් අවස්තාවක මේ දුප්පත් පවුලට ජය මාවත පෙනී පෙනී සිටින විට පොහොසත් කෙනෙක් එය වලක්වාලීමට උත්සහ ගන්නා අතර එහීදී නිර්මාණ කරුවා තරග ජයග්‍රහණයකට වඩා මිනිසාගේ මානුෂික බව තිරය මතට ගෙන එමට උත්සහ ගෙන ඇත.නපුර දින්නට මිනිසුන්ගේ සිතිවිලි යහපත් විය යුතුය.එය සැබෑ ලෙසම යහපත් කරුණක් බව නිර්මාණ තුලින් පුන පුනා අපට බලා ගත හැකිය.
මේ ලොකේ හැමොටම ජිවිතේ දින්න අවස්තාවක් එනවා.එක හරියට ප්‍රයොජනයට ගන්න අපි දැන ගන්න ඕනා.ඒ වගෙම අපි තුල අපි නොදන්න ගොඩක් දක්ෂතා තියෙනවා.ඒ දක්ෂතා හොදින් හදුනාගෙන ලොකය ඉදිරියේ තමන්ගේ නමක් තියා ගන්න තමන්ට හැකිනම් එය තමයි මේ ලොකේ ලොකුම ජයග්‍රහණය කියලා මට හිතෙන්නේ.
නැති බැරි කම් නිසා හොරකම් නොකර ඒ දේ ජය ගත යුතු බව නිර්මාණය තුලින් නිර්මාණ කරුවා අපට නිතර පවසා සිටිම විශේෂ කරුණකි.
චිත්‍රපටය සම්මාන 43 ජයග්‍රහණය කර තිබීම විශේෂ කරුණකී.
Venice Film Awards,
American Golden picture International Film Festival,
Sweden Film Award,
World Film Carnival - Singapore,
Golden Fox Award,
Lift-off-UK,
Vesuvius International Film Festival - Italy,
Mont Blanc. International Film Festival- Paris,
Twilight Tokyo Film Festival,
Holy Grail International Film Festival - Israel,
Druk international Film Festival - Bhutan,
Crown Wood International Film Festival,
PIckurflick Indie Film Festival,
White Unicorn International Film Festival,
Calcutta International Cult Film Festival,
Virgin Spring Cine Fest
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ P. Amudhavanan විසින් වන අතර රංගනයෙන් Aadhil , Bhavaas, Chella යන අය දායක වෙයි.නිර්මාණය 2020 දෙසැම්බර් 24 වන දින අන්තර්ජාලයට නිකුත් උන අතර පවුලේ සැමට එකට ඉදගෙන ගොඩක් ආශාවෙන් බලන්න පුළුවන් නිර්මාණයක් විදියට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)
0 comments