Unai Ninaithu
Unai Ninaithu 2002
ගූගල් පරීශිලක දර්ශකය 92%
හදවත ,
නුඹ මතකයන් එකතු කරන්න කියලා දුන්නා.
එත් ඇයි නුඹ ඒ මතකයන් නැති දා සැනසෙන්න කියා නොදුන්නේ.
සිනමාවකට පුළුවන් ද , මිනිසෙක් මෙතරම් සංවේදී කරන්න.එය සැබෑ ලෙසම අපූරුයි කියලා කියන්න පුළුවන්. අපි හැමොම ජීවිතේ ආදරය කරනවා.එයා වෙනුවෙන් මේ ලොකේ ඕනම දෙයක් දාලා එන්න උනත් ආදරය කරනකොට දියුරුම් දෙනවා.ඒ දුන්න සහතිකයන් සමහරු වචනයක් විතරක් කර ගන්නකොට තවත් අය මුලු ජීවිතෙම කර ගන්නවා. තමන් දවසක් හරී ආදරය කරපු කෙනා සතුටින් ඉන්න ඔනා කියලා හිතනකොට ඒ සතුට වෙනුවෙන් නිහඩ කැප කීරිම් කරනවා. ආදරයනම් පුදුමයි. මේ මොහොතේ මට මතකයට එනවා විශාරද නන්දා මාලනියන් ගායනා කරන ගීයක පද කොටසක්
ප්‍රේමයනම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සූර්යා චෙන්නායි වල ලැගුම්හලක පිළිගැනීමේ නිළදාරියෙක් විදියට තමයි මේ කතාවෙදී සේවය කරන්නේ.එයත් එයාගේ හොදම යාලුවා වන ගෝපිත් එකතු වෙලා තමයි මේ ලැගුම් හළ පිලිවලට කළමනාකරණය කරගෙන යන්නේ.මේ ලැගුම්හල සූර්යාගේ පියාගේ උනත් සල්ලී ප්‍රශ්න නිසා ඔහුට එය බදු දිමට සිදු විම කණගාටුවට කරුණකී.මේ අතර ලැගුම්හල බලා ගන්න අලුතින් කළමනාකරණ නිළදාරියෙක් පැමිනෙන අතර ඔහු අසල නිවසක් ජිවත් වීමට තීරණය කරනවා. ඔහුට ඉතා සුන්දර රූ සපුවක් තියෙන දූ කුමරියක් ඉන්නා අතර ඇය නමින් රාධාය. රාධා මුළදී දරදඬු කෙනෙක් උනත් සූර්යාගේ හොද ගතිගුණ නිසා රාධා සූර්යාට ආකර්ෂණය වෙනවා. ඉන් අනතුරුව ලස්සන අතීත කතාවක් එක්ක චිත්‍රපටය ගලාගෙන යයි.
චිත්‍රපටයේ ආදර ත්රීකොනයක් විදියට තමයි ගලාගෙන යන්නේ. ආදරය කරනකොට ගොඩක් කෙල්ලෝ බලන දෙයක් තමයි කොල්ලාගේ තත්වය එත් තත්වය මත ආදරය කරන්න පටන් ගත්තොත් ඒ ආදරයට තියෙන ආයුශ අඩුබව නිර්මාණ කරුවා ඉතා අලංකාර ලෙස අපට ඉදිරිපත් කරලා තියෙනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ විවාහ සදහා තීරණය ගන්නේ දෙමාපියන්ය. ඔවුන් සැම විටම සිතන්නේ දරුවන් හොදින් ඉන්න ඔනා කියලා එත් ඒ ගන්න තීරන 100% නිවරදී නොවන බවට නිර්මාණ කරුවා නිර්මාණය තුළින් අපට පෙනවා දෙනවා.
චිත්‍රපටයේ කතාව දුක හා සතුට අතර දොළනය වන ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැගීම් බෙදා වෙන් කිරිම නිසා බලන ඕනම කෙනෙක්ට සතුටු වෙන්න වගේම හැගීම් බර වෙන්නත් අවස්තාව උදාකරලා දිලා තියෙනවා.රාධාගේ ආරම්භක දර්ශනය ඉතාමත් විශිෂ්ඨ ලෙස නිර්මාණය කරලා තියෙනවා.ඇය ගොලු කෙනෙක් ලෙස සිතන ගොපි ඇයට විහිළු තහලු කරන නිසා එය හාස්‍යජනක සිදුවිමක් ලෙස අපට නිර්මාණ කරුවා පෙනවා දෙනවා. සූර්යාගේ චරිතයේ හැගිම් ඉදිරිපත් කිරිම ඉතාමත් තීව්රර ලෙස ඉදිරිපත් කරීම චිත්‍රපටයට නැවුම් බවක් එකතු කිරිමට සමත් වී තියෙනවා.
ලයිලා ඉතාමත් සංවේදී අයෙක් කියලා ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.ඇය දෙමාපියන්ගේ කීමට සූර්යා ප්‍රතික්ෂේප කරනකොට ඔයාට ලොකු දුකකුත් නැවත් දෙමාපියන් නිසාම ඔහුව ඉල්ලනකොට ඔයාලට කෙන්තියෙකුත් එන විදියට තමයි ඇගේ චරිතයෙන් පෙන්නුම් කරන්නේ. මේ කතාවේ තලෙයි වාසල් ලයිලාගේ තාත්තාගේ චරිතයට පණ පොවයි. සියලු දේ නැති විට උදවුවට එන සූර්යාව බැණා විදියට පිලිගන්න අවස්තාව පුදුම සහගත බව නරඹන ඔබට තෙරුම් යාවී. එය ඔහුගේ අසරණ කම කියලා හිතන්න කෙනෙක්ට පුළුවන්.ජීවිතයේ හැමදෙම නැති වෙනකොට තියෙන එකම අවස්තාවේ දරුවන්ගේ අනාගතේ යහපත් කරන්න ඔහු ගන්න උත්සහය කපටි උවත් බුද්දිමත් කියලා හිතන්න පුළුවන්. සූර්යාට වඩා පොහොසත් කෙනෙක් ලගදී ආදරය වෙනුවට දුවගේ අනාගතේ ගැන ඔහු සිතන අතර එන නරඹන ඔබට තරහව ගෙන දෙන කරුනක් වෙනවාට සැක නැත.
චිත්‍රපටයේ ගීත දෙකක් නිසා අපට නිතර අසන ගීත මතක් වීම චිත්‍රපටය අපට තවත් හොදින් සමීප කරනවා. ඉන් එක් ගීතයක් වන්නේ " යාර් ඉන්දා දේවතායී " මේ ගීතය අහනකොට ඔයාලට ලස්සන සිංහල සිංදුවක් මතක් වෙනවා.
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
ඔය දෑස දුටුදා... සිත මාගේ බැදුනා..
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරු ලෙසේ
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
මගෙ පා..ලු මැදුරේ පහනක් විලාසේ
ඔබ එ්විදෝ......මා.. සනසාවිදෝ...
මගෙ පා..ලු මැදුරේ පහනක් විලාසේ
ඔබ එ්විදෝ....... මා... සනසාවිදෝ....
සුදු සේල දවටා අතැගිලි බැදි...
ඔබ තුරුලේ... හොවා මා කැදවා යමි...
මගේ දැස වාගෙ සසර පුරා රකිමි සදා කල්
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
මනමාල යහනේ මනමාල කම් පෑ
දුටු මාගෙ සිහිනේ බොදවි ගියා
මනමාල යහනේ මනමාල කම් පෑ
දුටු මාගෙ සිහිනේ බොදවි ගියා
මට අදහන්න බෑ සිත පිලිගන්නෙ නෑ
අද මාගේ නොවේ ඔබ අන්සතු කියා..
මතු බවයේදි මගෙ වෙන්න පතමී රෑ දිවා
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
ඔය දෑස දුටුදා... සිත මාගේ බැදුනා..
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරු ලෙසේ
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
චිත්‍රපටයේ සැබෑ අර්තය කතා කරන්නේ රාධා මගින්ය. ඇය සැබෑ ලෙසම සූර්යාට ගරු කරයි එය නිර්මාණ කරුවා එතා දක්ෂ ලෙස සියුම් තැන් උපයොගී කරගෙන අපට පෙන්වාදෙයි. සූර්යාට අලුත් අවුරුද්ද සමරන්න මුදල් නැති අවස්තාවේ ගෙදර කැසට් එක විකුනා රාධා මුදල් ගෙනත් දීම සැබෑ ලෙසම ඇය ඔහුට ඇති ආදරය කියා පායි. ආදරයෙදී සැම විටම එකීනෙකාට ගරු කළයුතු බව සැබෑය. එය නැති තැන ආදරය පවතින්නේ නැත. තමා ආදරය කරන කෙනා මොන මට්ටමේ සිටියත් ඔහුට ගරු කිරිම හා ඔහු හෝ ඇයව පහත් නොකිරිම කළ යුතුය එය මනා ලෙස නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.
ලයිලා හට ඉගෙන ගැනීමට උදවු කරන විට දී සූර්යා හට බැන වැදිමට හෝ දොස් පැවරීමට රාධා යන්නේ නැත. එය සැබෑ ලෙසම ආදරයේ විශ්වාසයි. චිත්‍රපටය සමස්තයක් ලෙස ලැගුම්හල වටා ගමන් කරන අතර දර්ශන තළ එයට පමනක් සීම නොවිමට නිශ්පාදකයා වග බලාගෙන ඇත.ගීත වලදී දේවාල හා ආගමික තැන් පෙන්වීම තුලින් ඔහු නිතරම් ආදරය ඇති පිරිසිදු කම විදහා පායි.එය නරඹන අයටද නැවුම් වු වෙනසක් කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ ආදරණීය දර්ශන මුහුද මෙන්ම ස්භාවික පරිසරය සමග එකතුව සිදු කිරිම නිසා එම දර්ශන වලින් නිර්මාණ කරුවා ඉදිරිපත් කරන්න යන දේ මනා කොට හදවතට සංවේදී කරවනවා.
චිත්‍රපටයේ අලංකාරවත් දෙවන ගීතය වෙන " එන්නයි තල්ට්ටම් " මගින් ලස්සන සිංහල ගීතයක් මතකයට නැගේ.
ආ.. ආ.. ආ..
ආආ.. ආආ.. ආආ..
ම්.. ම්.. ම්..
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතිවම බැරි උනා
ගන්නා හුස්මන් පවා.. නැලවිලි ගීයක් උනා..
මගහැරුණා ද අම්මාව පෙම් කරන දා..
මා පෙම් කරන දා..
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතිවම බැරි උනා
හුමාලෙට පවා මේ ඔබ පෙම් කලානේ
මහමෙර තරමට දරු දුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ
මා වෙනුවෙන් නැත තවෙකෙක් බලා
අනුකම්පා කරලා. දෙන්න පුතාට සමා..
වෙනසක් නොකරමි මා.. මගේ අම්මට සසර පුරා..
අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා..
මට නෑ හමුවෙලා..
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතිවම බැරි උනා
මමමයි හිතින් මේ අවනඩු අහන්නේ
ඔබෙ තැනට කවුරුත්ම නෑ සමවෙලා
ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
හැම භවයේ එනු මාගේ අම්මා වෙලා
අනුකම්පා කරලා. දෙන්න පුතාට සමා..
වෙනසක් නොකරමි මා.. මගේ අම්මට සසර පුරා..
අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා..
මට නෑ හමුවෙලා..
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතිවම බැරි උනා
ගන්නා හුස්මන් පවා.. නැලවිලි ගීයක් උනා..
මගහැරුණා ද අම්මාව පෙම් කරන දා..
මා පෙම් කරන දා..
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතිවම බැරි උනා..
මේ චිත්‍රපටයට සංගීතය සපයන ලද්දේ සර්පීන් විසින් වන අතර 2002 වසරේ තමිල්නාඩු රජයෙන් දෙන හොදම සංගීත අධ්යක්ෂණ සම්මානය දිනා ගැනීමත් විශේෂ කරුණකී.චිත්‍රපටයේ ගීත ගීත 08 අඩංගු වන අතර ගීත සියල්ලම ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර තිබිම සතුටට කරුණකී.
මිට අමතරව චිත්‍රපටය සදහා එම වසරේ සම්මාන කිහිපයක්ම හිමී වී ඇත.
2002 දකුණු ඉංදියානු ෆිලිම් ෆෙයාර් සම්මාන උළලේ හොදම සහය නිලිය සදහා සම්මානය ස්නේහා දිනා ගත්තේය.
2002 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන උලලේදී
හොදම චිත්‍රපටය , හොදම නිළිය (ස්නේහා), හොදම ගීත රචකයා (රවිශංකර්), හොදම පිරිමි පසුබිම් සදහා (යුනිමේනන්) යන අය සම්මාන දිනා ගැනීම මගින් චිත්‍රපටය ඉතා සාර්ථක වී ඇති බව පෙනී යයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ වික්රමාන් විසින් වන අතර මෙහි ප්‍රදාන චරිත නිරූපණය කරන්නේ සූර්යා , ලයිලා, හා ස්නේහාය.මිනිත්තු 136 පුරාවට දාවනය වන මෙම චිත්‍රපටය බොක්ස් ඔෆ්ස් වාර්තා පවා පිහිටු විමට සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය වෙනත් භාෂා කිහිපයකින් ද නැවත ප්‍රති නිර්මාණය කළ අතර ඒ අනුව තෙලෙගූ භාෂාවෙන් චෙප්පව් විරුගාලි, කන්නඩ භාෂාවෙන් ක්‍රිෂ්ණා ලෙසද නිර්මාණය කරලා තියෙනවා. එමෙන්ම හින්දි භාෂාවෙන්ද නිර්මාණය කරීම විශේෂත්වයකී.
මෙම චිත්‍රපටයේ විශේෂ අලංකාර වචනයක් අන්තර්ගත වන අතර එය සිනමා විචාරකයන්ගේ පවා ප්‍රසංසාවට බාජනය විය. සුර්යාගේ ජීවිතයට පැමිනෙන රාධා කතාව අසා අවසානයේ ලයිලා වෙනුවෙන් ඔන දෙයක් කිරිමට සූදානම් බව තෙරුම් ගන්නා අතර එයට හෙතුව අසන විට සූර්යා ලබා දෙන පිලිතුර වන්නේ " මම වරක් ඇයට ආදරය කලෙමී" ලෙසය.
ආදරය යන අකුරු හතර ජීවිත ජිවත් කරවන්නත් වෙනස් කරවන්නත් පුළුවන් කියලා ඔයාලට මේ චිත්‍රපටය බලපුවාම තෙරුම් යයි.
චිත්‍රපටයේ ගූගල් පරීශිලක දර්ශකය 92% ලබාගෙන ඇත
Anjaan
Anjaan 2014
ගූගල් පරීශිලක දර්ශකය 87%
IMDB 5/10
හතුරන් ලගවත්
දොහින් ඉන්න හොද නැ
හොද යාලුවෙක් නැති ජීවිතය ශාක්ෂියක් නැති මරණය වගේ.
අපේ ජීවිතයේ අපි හැමොටම හොද යාලුවෙක් ඉන්නවා කියලා මම දන්නවා. සමහර විට ඔයාගේ අම්මා තාත්තාට වඩා ඔයා ගැන දන්නේ ඒ යාලුවා වෙන්න පුළුවන්. අපි ජීවිතේ කරන හොර වැඩ ඔක්කම දන්නේ ඒ යාලුවා. ජීවිතේ උඹ වැටුණු දවසට උබට නැගීටින්න හයිය දෙන්නේ උබේ යාලුවා. සමහර විට ඔයාගේ හොදම යාලුවා පාසල් යන කාලේ ඉදන් ඉන්න ඇති කොහොම උනත් ජීවිතය හොද යාලුවෙක් කියන්නේ ආභරණයක් වගේ. ඔයාට හිතෙනවා ඇති මම ඇයි අද මේ යාලුවෝ ගැන කතා කරන්නේ කියලා.එකට ලොකු හෙතුවක් තියෙනවා.මොකද අද මම කතා කරන චිත්‍රපටයට කාතා තෙමාව වෙන්නේ හොදම යාලුවා හා යාලුවෝ නමින් ඉන්න හතුරන් ගැන. මට මේ කතාව කියනකොට ලස්සන ගීතයක් මතක් උනා. ඒ ගිතය එක්ක අපි අද කතාව බලමු.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
මේ කතාව පටන් ගන්නේ ක්‍රිෂ්ණා තමාගේ සහොදරයාව හොයන්න මුම්බායි නගරයට එමත් සමගය. තමාගේ සහොදරයා ඉන්නේ කොහෙද කියලා හොයන්න හිතවතුන්ගෙන් පවා උදවු උපකාරය ඉල්ලා ගන්න ක්‍රිෂ්ණාට සිද්ද වෙනවා. නමුත් වැඩ් කාලයක් ගතවෙන්න කලින් මේ ක්‍රිෂ්ණා කියන්නේ රාජු බායි ගේ සහොදරයා නෙවෙයි කියලා දැන ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ ක්‍රියාදාම චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය ගලාගෙන යනවා.
චිත්‍රපටය ආරම්භය ගන්නේ කොමඩි නලුවෙක් වෙන සූරීගෙන් එය ඉතාමත් අපූරුයි චිත්‍රපටය ආරම්භයේදිම නරඹන්නාගේ මනස සතුටින් පුරවන්න නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා කිවොත් මම නිවරදී කියලා හිතනවා. ඒ සමගම කතාවට ක්‍රිෂ්ණා එකතු වෙනවා.ක්‍රිෂ්ණාගේ දේහ ලක්ෂණ ගැන කතා කළ යුතු වෙනවා. ඔහු එක් කකුළක් ආභාද කෙනෙක් , ඒ වගෙම කන්නාඩි දෙකක් පළදින පිලිවලට අදින කෙනෙක් විදියට තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. තවද වම් අතේ බැග් එකක් තියාගෙන ඉන්න නිසා සැබෑ ලෙසම අසරණ කෙනෙක් කියලා නිර්මාණ කරුවා පෙන්වා දී තිබෙනවා. එය ඉතාමත් ප්‍රායෝගීක ආකාරයෙන් නිර්මාණය කිරිම තුළින් රාජු බායිගේ මල්ලී දුර්වල කෙනෙක් කියලා ආරම්භයෙදී නරඹන ඔනාම කෙනෙක්ට තෙරුම් යනවා. නමුත් ඔහුගේ හැසීරීම් දිහා බලපුවාම තෙරෙන්නේ ඔහු ඉතාමත් උපායශීලි අයෙක් කියලයි.
එක් අවස්තාවකදී කුඩා දරුවෙක් ඔහුගේ දකුණු අතේ තිබුන බැග් එක අරන් දුවනවා.එය නරඹන කෙනෙක්ට සරළ දෙයක් විදියට පෙනුනත් එයින් ක්‍රිෂ්ණා කෙතරම් ශාරීරීකව දුර්වල කෙනෙක් ද කියලා නිර්මාණ කරුවා තව දුරටත් අපට පෙන්වා දෙනවා. ඒ විනාඩි කිහිපය මන්දගාමී උනත් චිත්‍රපටය ට හොද ආරම්භයක් අරන් දීලා තියෙනවා.ඒ සමගම කතාවේ ප්‍රදාන වීරයා රාජු බායි හදුන් වා දෙනවා.එය නිර්මාණ කරුවා ගීතයක් සමගම සිදු කිරිම මගින් චිත්‍රපටය නරඹන්නාට එන ගැම්ම ලබා දී තිබෙනවා. රාජුබායිගේ දේහ ලක්ෂණ ගැන කතා කළ යුතු වෙනවා.වම් කනේ කරාඹුවක් දාපු මෙන්ම කොන්ඩේ හැඩට කපපු කෙනෙක් තවද දිග මාලයක් හා කට ඇතුලේ තුට් පික් එකක් රදවා ගත් අයෙක් විදියට තමයි අපිට දැක ගැනීමට හැකි වෙන්නේ. ඒ සමගම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය සමන්තාව කතාවට එකතු කරන අතර චිත්‍රපටය එතන් සිට ආදරය කතාවක් විදියට ගලාගෙන යයි.
සැබෑ ලෙසම මැරයෙක්ට ආදරය කිරිම සාමාන්‍ය දෙයක් නොවේ.ඔහුගේ චරිතය හොද හෝ නරක විමට ඇති අවස්තාව වැඩිය ඒ කිසිවක් ගැන නොහිතා සමන්තා ඔහුට ආදරය කිරිම කතාවට අලංකාරයක් ගෙන දෙනවා.එමෙන්ම ඇය පොලිස් නිලදාරීයෙක්ගේ දුවෙක් වීම නිසා වෙනත් පණිවිඩයක් දිමටත් නිර්මාණ කරුවා උනන්දු වී තියෙනවා කිවොත් මම හරී කියලා හිතෙනවා. චිත්‍රපටය පළවෙනි පැයකට ආසන්න කාලයක් සමන්තාගේ කොමල රංගනය සමග ආදරණීය විදියට ගලාගෙන යයි. චිත්‍රපටය සැබෑ ලෙසම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.එය හැගවිමට නිර්මාණ කරුවා ඉතා හොද උපක්‍රමයක් ලෙස කොකෙක් මාලුවෙක් අල්ලා ගන්නා දර්ශනයක් පෙන්විම් සිදු කරනවා.එය නරඹන කෙනෙක් හට එතරම් දෙයක් නොවුවත් එයීන් චිත්‍රපටයට දෙන පණිවිඩය ඉතාමත් අනර්ගයි කියලා කියන්න පුළුවන්.
එතන් පටන් රාජුබායිගේ හොදම යාලුවා මිය යනකන් චිත්‍රපටය ක්‍රියාදාම හා ආදරය මිතුරු කම එකතු කරගෙන ගලාගෙන යනවා. චිත්‍රපටය පළවෙනි භාගය එලෙස ගත වෙනවා. චිත්‍රපටයෙ දෙවන භාගය ආරම්භ වෙන්නේ ක්රිෂ්ණාගෙන් එතනින් අනතුරුව ක්‍රිෂ්ණා තම නුවන හසුරුවමින් හතුරන් පරාජය කරන ආකාරය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙනවා.එතනින් පසු කතාවේ අවසානය දක්වා සමන්තාගේ දෙබස් ඇතුලත් උවත් එය සැලකිය යුතු කාලයක් පවතින්නේ නැ එය මගහරවා ගැනීම සදහා නිර්මාණ කරුවා සමන්තාගේ රංගනයෙන් යෙදෙන ගීත ඇතුලත් කර තිබෙනවා.එය ඉතාමත් අපූරු සංකලනයක් කියලා කියන්න පුළුවන්.
මේ කතාවේ රාජුබායිගේ හොදම යාලුවා ඒ කියන්නේ චන්දු බායි විදියට රංගනයෙන් දායක වෙන්නේ Vidyut Jammwal වන අතර ඔහු බොහො විට රංගනයෙන් දායක වී ඇත්තේ හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටය තුළ ඔහුගේ සටන් විලාශයන් ඉතා තීව්රර ලෙස පෙන්නුම් කරනවා. චන්දු බායි සටනට ඉතා දක්ෂ කෙනෙක් ලෙස නිර්මාණ කරුවා පෙනවා දිමට යොදා ගන්නවු උපක්‍රමය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු වෙනවා.ඒ කාසියක් කරකවා එය බිම වැටෙන්න පෙර සියලු හතුරන් විනාශ කිරිමයි. එතරම් ශක්තිමත් කෙනෙක් උවත් විනාශ කිරිමට යාලුවාගේ ද්‍රොහී කමට පුළුවන් බව නිර්මාණ කරුවා පුන පුනා චිත්‍රපටය තුලින් අපට පෙනවා දෙනවා.චිත්‍රපටයේ මුල් භාගයේ මෙන්ම අවසන් භාගයේදිද චන්දු බායිගේ රංගනයන් අපිට දැක ගැනීමට හැකි වෙනවා.ඒ මගින් ඔහු කෙරෙයි රාජු බායිගේ ඇති පක්ෂපාතිත්වය තවත් හොදින් පෙන්නුම් කරනවා.
ඒ වගෙම මේ චිත්‍රපටය විවිද කොන ඔස්සේ ගමන් කරන නිසා ඔයාලට කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් වෙනවා.චිත්‍රපටය තමාගේ ජීවිතයට වඩා යාලුවා වටිනවා කියලා ඔප්පු කරන්න ගත්ත උත්සහයක් කීවොත් මම නිවරදී කියලා හිතනවා.ඇත්තටම් එය ඉතාමත් සාර්ථක විදියට සිදු කරලා තියෙනවා. චිත්‍රපටය සැම විටම ගමන් කරන්නේ හොඩුවාවන් සමගය. එක හොඩුවාක් සොයා ගත් පසු තව හොඩුවාවක් හම්බෙන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.චිත්‍රපටයේ අවසානය දක්වාම ක්‍රියාදාම එලෙසම පවත්වා ගැනීම සදහා නිර්මාණ කරුවා උපායක් ලෙස පළමු භාගය දෙවන භාගයට පුරෝකතනය විදියට ඉදිරිපත් කරළා තියෙනවා.
චිත්‍රපටය එන් ලින්ගුසාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ප්‍රදාන චරිත ලෙස රංගනයෙන් දායක වෙන්නේ සූර්යා සමන්තා හා Vidyut Jammwal වේ. ඉට අමතර සෙසු චරිත අතරට මනොජ් හා Dalip Tahil එකතු වෙනවා. මේ චිත්‍රපටයේ රූ ගත කීරිම 2013 නොවැම්බර් මාසයේ 20 වෙනි දින ආරම්භ උන අතර එය 2014 ජුනී මාසයේ නිම කරන්න හැකියාව ලැබිලා තියෙනවා.මෙම චිත්‍රපටය බෙදා හැරිම සිදු කරන ලද්දේ යූටිවි මොෂ්න් පික්චර් ආයතනයයි. මේ චිත්‍රපටය 2018 වසරේ කැප්ටන් කාන් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද අතර එය බංග්ලාදේශයේ නිල නොවන ලෙස තමයි සිදු කරලා තියෙන්නේ.
චිත්‍රපටයේ රූගත කිරිම් වලද විශේෂතා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ සූර්යා හා මලවිකා එකතු වෙලා " Red Dagon 6K Digital camera " එකතු කරගෙන රූගත කිරිම් කරලා තියෙනවා.මේ කැමරාවකින් රූගත කරපු ලොකේ පළවෙනි චිත්‍රපටය මෙක කියලා කියන්න පුළුවන්. මෙම චිත්‍රපටය රූගත කිරිම් කරන අතර තුර සූර්යා අනතුරකට පවා ලක් වි තියෙනවා. ඒ අනතුරෙන් සූර්යාගේ කකුලේ කුඩා අස්ති බිදිමක්ද සිදු වෙලා තියෙනවා.චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත පහකින් වර්ණවත් වෙලා තියෙනවා.
චිත්‍රපටය මිනිත්තු 170 පුරාවට ඔයාලට රස විදින්න පුළුවන් චිත්‍රපටය තිරගත කරලා තියෙන්නේ 2014 අගොස්තු 14 වෙනිදා.ඒ වගෙම මේ චිත්‍රපටයට බොක්ස් ඔෆ්ස් ආදායම් වාර්තා තියන්න පවා හැකි වෙලා තියෙනවා. සූර්යාගේ ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය අපිට හදුන්වා දෙන්න පුළුවන් වෙනවා.
Soorarai Pottru
Soorarai pottru 2020
ගූගල් පරීශිලක දර්ශකය 97%
IMDB 9.4/10
"කෙනෙක් දුප්පතව ඉපදෙනවානම් එක එයාගේ වරදක් නෙවෙයි. එත් දුප්පතව මිය යනවානම් එක එයාගේ වරදක්"
අපි මේ හැමොම ජීවිතේ හීන දකිනවා.සමහර අය ඒ හීන තමන් වෙනුවෙන් දකිනකොට තවත් අය දකින්නේ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන්.හීන දකින්න ඕනම කෙනෙක්ට පුළුවන් උනත් එවා ජය ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සකට විතරයි.ඉතින් අද කතාවෙන් කතා කරන්නේ තමන්ගේ තාත්තා වෙනුවෙන්, තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හීන දකින කෙනක් ගැනයි.
නෙදුමාරන් රාජ්න්ගම් මදුරෙයි වල පුංචි ගමක ජිවත් වෙනවා. ඉතින් මේ නෙදුමාරන් ගේ තාත්තා සාමාන්‍ය ගමේ ගුරුවරයෙක් විදියට තමයි සේවය කරන්නේ.මේ නෙදුමාරන්ට ලොකු හීනයක් තියෙනවා. එයාට ඕන කරන්නේ අඩු වරප්‍රසාද තියන අයට අඩු වියදමකින් ගමන් කරන්න පුළුවන් ගුවන් සෙවක් ආරම්භ කරන්න.ඉතින් යාලුවනේ ඔයාලා දන්නවා නේ ඕනම දියුණු වෙන කෙනෙක් පිටිපස්සේ හතුරෙක් ඉන්නවා කියලා මේ කතාවෙත් ඉන්නවා.එයා තමයි පරේෂ් ගෝස්වාම්.මෙයා කොහොම හරී නෙදුමාරන්ගේ හීනය වලක්වන්න උත්සහ කරනවා. ඒ බාදක එක්ක නෙදුමාරන් තමන්ගේ හීනය කෙසේනම් ජය ගනීද කියලා ඔයාලාට මේ කතාව පුරාවට බලා ගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ ගුවන් යානයක් පාලනයෙන් තොර විම නිසා හදිස්සි ගොඩ බැස්සවීමක් සමගය. එම දර්ශනය ඉතා විශිෂ්ඨ ලෙස නිර්මාණය කරලා තියෙනවා.ගුවන් යානය නියමුවන්ගේ හැසිරිම, මාරන්ගේ හැසිරිම ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.හදිස්සි ගොඩ බැස්ස වීම සිදු කරන්නේ හමුදා කදවුරක ගුවන් පතයකට වෙන නිසා. අනිවාර්යයෙන් හමුදාව ආරක්ෂක පියවර ගන්නවා කියලා ඔයාලා දන්නවා.ඒ සියල්ල ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ සමගම කතාවේ වීරයා හදුන්වාදීම මගින් රසිකයාව චිත්‍රපටය තුලට අල්ලා ගැනීමට සමත් වෙලා තියෙනවා. එම දර්ශනයේදී සූර්යාගේ වීරත්වය හා කැපවිම හොදින් පෙන්නුම් කරලා තියෙනවා.
චිත්‍රපටයේ දෙවන දර්ශනය තුලින්ම ප්‍රදාන නිලිය හදුන්වා දී තියෙනවා. ඇය කොයි වගේ කෙනෙක් ද , ඇගේ වීරත්වය හා කෙලින් තීරණය ගැනීමේ හැකියාව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.මේ සියල්ල සමග ගීතයක් එකතු කිරිම මගින් චිත්‍රපටයට අමතර ජවයක් ලබා දී තිබෙනවා.මේ කතාවේ ප්‍රදාන නිලිය තුලින් ළාමක කෙනෙක් දකින්න හම්බෙන්නේ නැති නිසාම කතාවට එය මනා පිටුවහලක් වෙනවා.මම ඔයාලට කීවා ඒ සමග සිංදුවක් තියෙනවා කියලා. ඒ සිංදුව සමග සූර්යා දක්වන නර්තනය එකතුව ගත්තාම ඔයාට මතක් වෙනවා දණුෂ් රංගනයෙන් දායක උන Anegan චිත්‍රපටය.එහී එක් සිංදුවකට දණුෂ් රංගනයෙන් යෙදෙන්නෙත් මේ ආකාරයටමයි. ඒ රංගනය ඉතාමත් අපූරු වන අතර ඉතාමත් ජව සම්පන්නයි කියලා කියන්න පුළුවන්.
චිත්‍රපටයේ තුන්වන දර්ශන තුලින් ගොඩක් නිර්මාණ කරුවා කතා කරන්නේ මරන් ජිවත් වෙන දුප්පත් පරිසර, ඒ වගෙම පවුලේ අසරණකම් ගැන විම විශේෂ කරුණක් ලෙස මම දකිනවා.කෙනෙක්ගේ අසරණ කමක් ගැන කතා කරනකොට කෙනෙක්ගේ ඇසට කදුලක් එක්ක එන්නේ අනුකම්පාවක්.එත් නිර්මාණ කරුවා එසේ නොවන්නට ඉතාමත් හොදින් ගැලපීම් කරලා තියෙනවා.එක නිසා චිත්‍රපටය පටන් ගත්ත වෙලාවේ ඉදන් ආව ජවය ඒ විදියටම පවත්වාගන්න හැකියාව ලැබෙනවා.
ඉලගට මාරන්ගේ කතාව දිව යන්නේ හමුදා කදවුරත් එක්ක වෙනවා.හමුදාවක තියෙන වගකීම,කැපකිරිම, සමග උත්සහ ගැන නිර්මාණ කරුවා පෙන්වා දිමට උත්සහගෙන තියෙනවා.හමුදා කදවුරේ ඇතුලද දර්ශන ඇතුලත් කර ඇති නිසා නරඹන ඔබට එය තවත් ලස්සන අත්දැකීම්ක් එකතු කරනාවාට සැකයක් නැ. ඇත්තටම් මේ කතාවේ අපර්ණා එන්නේ මාරන්ව කසාද බදින්න.ඉතින් මොහු ඉතා ශක්තිමත් කෙනෙක් නිසා ඇයටද ඒ ශක්තිය තිබිය යුතුයි කියලා නිර්මාණ කරුවා නිතරම සිතා තියෙනවා.ඒ නිසා එක් සිංදුවක් තුලින් ඇගේ ශක්තිය පෙන්නුම් කරලා චිත්‍රපටයේ පළවෙනි පැය භාගය තුලින් හොද ආරම්භයක් ලබා ගන්නවා.
චිත්‍රපටයේ ඉන් අනතුරුව මාරන් තම උත්සහය වෙනුවෙන් ගන්නා ක්‍රියාකාරකම් ගැන කතා වෙනවා. සැබෑ ලෙසම කුඩා කෙනෙක් ඉහල තැනකට යෑමේදී විදින්නට සිදුවෙන අපහසුතා, ඒ වගේ ගැරහීම්, දරා ගැනීම්, සියල්ල ගැනම නිර්මාණ කරුවා කතා වෙනවා.බොහො සාර්ථක වූ මිනිසුන් තවත් අයෙක්ට සාර්ථක විමට උදවු උපකාර කරන්නේ නැත.ඔවුන් ඉතා මාන්නයකින් සිටින බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.චිත්‍රපටයේ හරයට බලපාන පරේෂ් ගෝස්වාම් කතාවට හදුන්වා දිමේදි නිර්මාණ කරුවා යොදා ගත් උපක්‍රමය මගින් ඔහුගේ ඇති මාන්නයත්, මාරන්ගේ ඇති නිහතමානීකමත් හොදින් පෙනවා දී තියෙනවා. " සැම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැණියක් සිටිනවා" මේ සිද්දාන්තය නිර්මාණ කරුවා මේ කතාවේදිත් උපයොගී කරගෙන තියෙනවා ඒ අනුව දෙවන පැය භාගය වෙන විට ඔවුන්ගේ විවාහය පවා සිද්ද වෙනවා.චිත්‍රපටයේ මුලින් ආව ජවය මදක් අඩු කර, පොඩි කුතුහල ගතියක් එක්ක තමයි දෙවන අඩ හොරාව ගත වෙන්නේ,
ජිවතයේ අපි ආස හීන දකින්න අපිට අනිවාර්යයෙන් හෙතුවක් තියෙනවා. ඉතින් මේ කතාවේ මාරන් දකින හීනයට හෙතුව කතා කරනවා. ඒ අවස්තාව ඉතාමත් සංවේදී විදියට තමයි නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙන්නේ.එය නරඹන ඕනම කෙනෙක් චිත්‍රපටය මොහොතකට නවතා කදුළු පිස දැමිමට පෙළබෙනවා.එය එතරම් සංවේදී කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ මේ දක්වා නරඹන්නා තුළ තිබු ජවය නැති වි එය දුකක් බවට පත් වෙලා තියෙනවා.එය නැවත සුපුරුදු ජවයට ගැනීමට නිර්මාණ කරුවා හොද උත්සහයක් අරන් තියෙනවා . කෙට් ජවය සහිත නැටුමක් එකතු කරලා චිත්‍රපටයට නැවත ජවය ලබා දීලා තියෙනවා. මේ කොටස් බලනකොට Anegan චිත්‍රපටයේ කොටස් මාගේ මතකයට නැගෙනවා.
මාරන් කියන්නේ පවුලක් බලාගෙන තම හීනයට යන කෙනෙක් එතකොට මේ හීනය දවසින් දෙකින් ඉටු කර ගන්න බැ.හීනය වෙනුවෙන් හැම දෙම ආතාරීනත් බැ. ඒ සියල්ලම එක්ක ඉලගට නිර්මාණ කරුවා කතා කරන්නේ මාරන්ගේ පවුල ගැන. සාමාන්‍ය සාර්ථකත්වයට යන ගමනකදී කාලය වෙන් කර පවුල ගැන පමණක් කතා කරොත් චිත්‍රපටයේ අනවශ්‍ය කාලය කා දැමිමක් වෙනවා.එක මග හරින්න නිර්මාණය කරුවා ලස්සන උපක්‍රමයක් යොදලා තියෙනවා.
මාරන් තමන්ගේ හිනය වෙනුවෙන් ගත් එක් උත්සහයක් සාර්ථක වෙනවා.නමුත් එහී ප්‍රතිඵලය ගන්න කලින් උත්සහය අසාර්ථක වෙනවා. ඒ එක්ක ඔහු මානසිකව ඇද වැටීම, බලාපොරොත්තු සුන් විම සියල්ල සමග පවුලෙන් එන චොදනා ගැන කතා කරනවා. ඒ සමගම ඇගේ බිරිද ගැබ්ගෙම කියලා මාරන් දැන ගන්නවා. මේ සිදුවිම් ටිකේ නිර්මාණ කරුවා නරඹන අපගේ හැගීම් එක්ක ලස්සන සෙල්ලමක් කරලා තියෙනවා.මුලින්ම වේදනාව ඉට පස්සේ තරහාව ,ආදරය එක්ක එන සෙනෙහස මේ සියල්ල ඉතා කෙටි කාලෙකින් අපට දිම මේ නිර්මාණය සාර්ථක විමට ගොඩක් බලපාලා තියෙනවා.
මාරන්ගේ සියලු බලාපොරොත්තු බිදී ඇති අවස්තාවක් ඔහුට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන්නේ පුංචි කුරුල්ලෙක්.ඒ දර්ශන ඉතාමත් සියුම් ලෙස නිර්මාණය කිරිම සදහා නිර්මාණය කරුවා උත්සහගෙන තියෙනවා.ඒ අදහස මුලින්ම තමන්ගේ බිරිදට කීම මගින් ඔවුන් තුළ එකිනෙකා කෙරෙහී ඇති පක්ෂපාතිත්වය ගැන නිර්මාණ කරුවා කතා කරලා තියෙනවා.චිත්‍රපටය නරඹන ඔබව නැවත ආරම්භයේ තිබ්බ ජවය එකතු කරන්න ලස්සන ගීතයක් එකතු කරලා තියන නිසා එතන් සිට දෙවන හොරාව අවසන් වෙන තුරු ඉතාමත් ජවයෙන් මේ චිත්‍රපටය බලන්න පුළුවන් වෙනවා.
මේ හිනය ඇත්තටම කොච්චර වටිනවාද කියලා නිර්මාණ කරුවා අවස්තා දෙකකදී මානුෂිය ආකාරයෙනුත් මූලමය ආකාරණයෙනුත් කතා කරලා තියෙනවා.එම නිසා චිත්‍රපටයට අමතර වටිනාකමක් ලබා දී තියෙනවා.එමෙන්ම අඩුවියදමකින් කරන නිසා මහජනයාගේ විශ්වාස කොයි මට්ටමකට තියෙන්න ඔනාද කියලා පවා නිර්මාණ කරුවා කතා කිරිම මේ කතාවට මහත් ආලොකයක් ලෙස කියන්න පුළුවන්.සමස්තයක් විදියට ගත්තාම ඉතාමත් සංයමයකින් නිර්මාණය කරපු චිත්‍රපටයක් කිවොත් මම නිවරදී. චිත්‍රපටය පුරවට කිසිම කම්මැලිකමක් හෝ ඒකාකාරී බවක් අඩංගු නොවන නිසා එක දිගට නරඹන්න පුළුවන් වෙනවා.
සූර්යාගෙ 24 චිත්‍රපටයෙන් පසු ඔහුගේ රංගනයන් හොදින් බලා ගැනීමට මේ චිත්‍රපටය මගින් හැකියාව ලැබී තියෙනවා.එමෙන්ම පියාගෙන් ලද ගුණ සමග ඔහු ඉතා හොද කෙනෙක් බවට නිර්මාණ කරුවා අපට පෙන්වා දෙනවා.
මාරන් තාත්තා බලන්න එනකොට ගුවන් තොටුපලෙන් සල්ලී නැතිව ඉල්ලා ගන්නා ආකාරයත්, ඒ වගේම බිරිදගෙන් බැගපත් ලෙස සල්ලී ඉල්ලන ආකාරයත් ඉහත කී කාරනයට හොද උදාහරණයක් කියලා කියන්න පුළුවන්.
ඒ වගේම මාරන් හා ඔහුගේ බිරිද අතර ඇති රාසායනික බැදිමත් ඉතාමත් අනර්ගයී කියලා කියන්න පුළුවන්.දෙදෙනාව දකින්නේ ඉහලට යෑම ගැන හින වෙයි.එමෙන්ම ඇය කිසි විටකත් තමන්ගේ සැමියා වන මාරන් ව අවතක්සේරුවට ලක් නොකිරිමට වග බලා ගනී. එක් අවස්තාවක සිදුවිමක් නිසා ඇය මෙසේ පවසයි" සැම විටම තම බිරිද බලාගත යුත්තේ පිරිමියාද? "මෙමගින් ඉහත කී දෙය ඔයාලට තවත් හොදට පැහැදිලි වෙනවා.
චිත්‍රපටයේ තවත් තැනක අඩුවරප්පසාද ලත් කුළයන් ගැන කතා කරනවා.එමගින් චිත්‍රපටයේ හැම පැත්තම ස්පර්ශ කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.මාරන් තමාගේ තාත්තාගෙන් අඩුවරප්පසාද ගැන කතා කරන විට පෙත්සම් නිසා පියට බැන වදී. කතාව අවසන් වන විට පවා එම කොටස ආවර්ජනය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.
චිත්‍රපටයේ හතුරා ලෙස සිටින පරේෂ්ගේ චරිතය දකින විට මාගේ මතකයට එන්නේ බීගිල් චිත්‍රපටයේ හතුරාට සිටි ජැකී වෙයි. ආරම්භයේ සිටම නිර්මාණ කරුවා අපට පෙන්වා දෙන්නේ දණපති පංතියේ අය හා එම නිළදාරිනී නිසා විශාල සිහින දකින අය තලා පෙලා දමන ආකාරයයි.නමුත් ඒ සියල්ල නුවනින් ඉවසාගත් විට සාර්ථක විය හැක බව නිර්මාණ කරුවා පෙනවා දී තියෙනවා.
සූදා කොන්ගරාගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය සදාහා ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නේ සූර්යා , පරේෂ් රාවල් හා මොහාන් බාබු යන අයයි. කතාව විජේ කුමාර් විසින් ලියන ලදී. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වෙලා තියෙනවා. ජී.ආර් ගෝපිනාත් ගේ කතාවක් ඇසුරෙන් තමයි මෙක නිර්මාණය වෙලා තියෙන්නේ. චිත්‍රපටය 2019 අප්‍රේල් මාසයේ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර එය 2019 සැප්තැම්බර් අවසන් වෙලා තියෙනවා.මදුරෙයි , චෙන්නායි හා චන්දිගාර් වල චිත්‍රපටය රූගත කරලා තියෙනවා. චිත්‍රපටය ගීත 09 යකින් අලංකාර වෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජී.වී. ප්‍රකාශ් කුමාර් විසින් වන අතර ගීත සියල්ල ඉතාමත් ජවයකින් යුක්ත වෙනවා.
පවතින කොරොනා රෝගී තත්වය නිසා චිත්‍රපටය 2020 නොවැම්බර් 11 දින ඇමසන් ප්රායිම් හරාහා විකාශනය කළා.ඉංදියාවේ මෙනම ලංකාවේ අයගෙද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක වන මේ චිත්‍රපටය ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.
Torchlight
Torchlight 2018
ගූගල් පරීශිලක දර්ශකය 77%
IMDB 5/10
කෙනෙක් ගණිකා සේවය කරොත් ඇගේ ජිවිතය පමණක් නෙවෙයි ආත්මයම විනාශ වෙලා යනවා.
මම ඔයාගෙන් අහනවා මේ ලොකේ සුන්දරම නිමවුම මොකක්ද කියලා.ඔයා එක එක දෙවල් කියයි.මම කියනවා මේ ලොකේ සුන්දරම නිමවුම තමයි කාන්තාව. ඇගේ කුස තමයි මේ ලොකේ තියෙන උණුසුම්ම තැන.ඇය නැත්නම් අද මේක ලියන මමවත් මෙක කියවන ඔබවත් නැ. කෙල්ලෙක්ට ආදරය දුන්නොත් එයා අපිට තව ජීවිතයක් දෙනවා.යශෝදරා වගේ මහා උත්තමියන් බිහිවෙන්නෙත් කාන්තාවක් නිසා.මේ ජීවිතයේ අපිට වැරදුන වෙලාවට අපි ලග හිටියේ අපේ අම්මා. ඇයත් කාන්තාවක්.ඔබට සමහර විට අම්මා නැතනම් හොද බිරිදක් ඇති ඇයත් කාන්තාවක්. එක්කො ඔබට හොද නංගියක් ඇති ඇයත් කාන්තාවක්. පිරිම් අපි හරි ආත්මාර්ථය කාමියි කියලා මට හිතෙනවා.පුංචි දෙයක් වැරදුනොත් මුලු කාන්තාව පරපුරටම අපහාස කරනවා.එත් එක දෙයක් මේ ලොකේ හැම කාන්තාවම නරකයි නම් ඔයාට කොහෙන්ද ඔච්චර හොද අම්මා කෙනෙක් , කොහෙන්ද ඔච්චර හොද බිරිදක්. අද අපි කතා කරන්න යන කතාවට ආරම්භක් ගන්න හිතාගෙන තමයි මම මේ දෙවල් ඔයාට කිවේ.
සාඩා කියන්නේ ඉතාමත් හොද ගති පැවතුම් තියෙන කාන්තාවක්. ඉතින් ඇයට ගෙදරින් බල කිරිම නිසා ඇය අකමැති විවාහයක් කරගන්න සිද්ද වෙනවා.කොහොම හරී ඒ සියලු දේ විද දරාගන්නා සාඩා හොදින් පවුල් ජිවිතය ගත කරනවා. ඒ අතර තුර ඇගේ සැමියාට හදිස්සී කරදරයකට මුහුණ දිමට සිදු වෙනවා.සියල්ල සිදු උවත් ඇයට කළ හැකි කිසිවක් නොමැති විට ඇය රිත්විකාගෙන් උදවු උපකාර බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් රිත්විකා සාඩා හට රැකියාවක් සොයා දෙනවා. ඇයට කරන්නට සිදුවන්නේ ගණිකාසේවයයි. ඇගේ ඉරනම මින් පසුව කෙසේ විසදෙයිද යන්න වටා මේ කතාව දිව යනවා.
චිත්‍රපටයේ ආරම්භක දර්ශනයම ඉතාමත් අලංකාරයි.එය කෙතරම් අලංකාර ද කියනවානම් නරඹන ඔබව භීතියට පත් කරනවා.නමුත් එය එතරම් කාලයක් පවතින්නේ නැති නිසා කුමක් සිදු උනාද කියලා ඔබට කතාව අවසන් වනකන්ම තෙරුම් ගන්න බැරි වෙනවා. චිත්‍රපටයේ ආව බිය ජනක හැගීම දෙවන දර්ශනයෙන් ඉවත් කරන නිර්මාණ කරුවා ඉතාමත් ලස්සන කාන්තාවක් වර්ණනා කරනවා.
මොනර පිළ බදු කෙස් කළඹ, සදේ සද රැස් වලින් නැවුනා වූ රූපශ්‍රීය , නීල නිල්මිණී කැට වගේ දිලිසෙන ඇස් , නාරීලාතා මලේ හැඩ ගත් දේහය, සමන් පිච්ච මළක් බදු වූ ඇගේ හීනාව ඇය එතරම් ලස්සනයි. ඇය දුටු දුටු පිරිමින්ගේ නෙත් බැද ගන්න පුළුවන් වන ස්ත්‍රී රත්නයක් කියලා නිර්මාණ කරුවා අපට කියනවා. මේ අලංකාරය නිසකවම නිර්මාණය තුලින් අපට ඔහු ලබා දෙනවා. කෙතරම් රූ සිරිය තිබුනත් ඇයගේ හිතෙත් ආලය කියන දේ හට ගනවා.එත් ඉට හාස් පසින් ගිහින් යම් සිදු විමක් සිදු වෙනවා.ඒ වෙලාවේ ඇයට සිදු වෙනවා.පියාගේ ඉල්ලිමට ඇය අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න.සැම විටම දෙමාපියන් දරුවන්ගේ විවාහයේදී ගන්නා තීරණ නිවරදී ද? නිර්මාණ කරුවා තදින් රස විදින අපගෙන් ප්‍රශ්න කරනවා.
තුන් වන දර්ශන වෙනකොට නිර්මාණ මේ කතාවේ මූලික අරමුන පෙන්වලා දෙනවා. ගණිකාවක් රාත්‍රී කාලයේ ගණිකා සේවය කරලා. ඇය පිරිමි සමග යහනේ සැතපෙන විදිය නිර්මාණය තුලින් ඉතා අලංකාර ලෙස පෙන්වලා තියෙනවා.එත් කිසිම නිරුවත් දර්ශනයක් යොදාගෙන නැති නිසා එය එතරම් පිළිකුල් සහගත නැ. එක් පිරිමියෙක් සමග හැසිරෙනකොට කාන්තාව විදින වේදනාව නිර්මාණය තුලින් ලස්සනට පෙනවලා දීලා තියෙනවා.පළවෙනි දර්ශන තුන ඉතාමත් සංයමයෙන් ගලපලා තියෙනවා.එය අපූරුයි ඒ නිසාම කතාව හරවත් විදියට බලන්න පුළුවන් වෙනවා.
මම ඔයාට කීවා මුලින්ම මතකයි නම් ලස්සන කෙල්ලෙක් ගැන. මෙතනින් එහාට නිර්මාණය ගෙනියන්නේ ලස්සන ආදර කතාවක් විදියට එත් මෙකේ වෙනසක් තියෙනවා.සාමාන්‍ය සිනමාවෙදී අපි දකින්නේ කොල්ලා කෙල්ල ගස් වටේ පාක් වල ආදරය කරනවා.මේකෙදී සාමාන්‍ය පරිසරයක කරන ආදරයක් ගැන කතා කරනවා. මේ ආදරය කොල්ලාගේ පැත්තෙන් වෙන ආදරයක් විතරයි.ඒ අතර තුර ගණිකාමඩමක දර්ශන ඇතුලත් කරලා තියෙනවා.නමුත් එය කතාවට එතරම් බලපෑම් එකතු කරන්නේ නැ.නිර්මාණ කරුවා පළවෙනි හොරාවම දෙන්නාගේ ආදරයට වෙන් කරලා තියෙනවා.එතකොට කතාවේ තෙමාව වෙනස් නොවෙන්න ගණිකාමඩමක දර්ශන යොදා ගෙන තියෙනවා. එක පසුවට එන දර්ශන එක්ක බලපුවාම තෙරුම් ගන්න පුළුවන් වෙනවා.
මේ ආදරය ඔහොම යනකොට ඇයට සිද්ද වෙනවා ගෙදරින් බල කරන කෙනා බදින්න.එතනදී අර ආදරය කරපු කොල්ලව මේ කෙල්ල අතාරීනවා.එහෙම කරලා තමා වෙන කෙනෙක් බදින්නේ.එත් ඇය තමන්ගේ සැමියාට දේවත්වයෙන් සලකනවා. ඒ අතර තුර සැමියාට සිද්ද වන විපතක් ගැන නිර්මාණය තුලින් ඉදිරිපත් කරනවා.තමන් දේවත්වයෙන් සළකපු සැමියා අසරණ උනාම ඇයට බැ මෙයාව දාලා යන්න.එහෙමයි කියලා ඇයට කරන්න රස්සවාකුත් නැ.එවිට ඇය කුමන තීරණය ගන්නවාද ?
ඇයට තියෙන එකම විසදුම ඇග විකීණිමනම් එය කෙතරම් නිවරදිද? ඇය ඇග විකිණිමෙන් ප්‍රශ්න සියල්ල විසදේවිද?
ඇය ඉතා ලස්සන කාන්තාවක්, පළවෙනි රාත්‍රීය පිට පිරිමියෙක් එක්ක නිදා ගන්න යනකොට ඇගේ ගෙලෙන් තැල්ල ගලවනවා.එතකොට ඇයට එන වේදනාව නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර විදියට ඉදිරිපත් කරලා තියෙනවා.ජීවියේ හොද චරිතයක් තියාගෙන ඉදලා තමන්ගේ සැමියා එක්ක මංගල රාත්‍රීය ගත කරලා අද වෙන පිරිමියෙක් එක්ක නිදා ගන්නකොට.ඒ පහස විදිනකොට ඇය පෙර මුනට හීනාව පෙන්නලා හිතින් අඩනවා. ඒ වගේ සූක්ෂම තැන් මේ නිර්මාණය තුලින් නිර්මාණ කරුවා ඉදිරිපත් කරනවා.
තමන්ගේ සැමියාගේ දාතු වලින් පොෂණය වෙලා දරුවෙක් ලොවට දෙන්න සිටිය මවු කුසක් අද බොහො දෙනෙක්ගේ වාසභූමිය වෙලා. මෙක කාගේ වරදක් ද? නිර්මාණ කරුවා නිතරම අපෙන් අහනවා. සැමියාගේ එක පාරක්වත් නොකාපු ඇය අද නොදන්නා පිරිමින්ගේ පහස වෙනුවෙන් ගුටි කනවා.එය කෙතරම් අමිහිරි ද, මේ සියල්ල කාසි වෙනුවෙන් නම් ආත්මය එතරම් විනාශ කර ගත යුතුයි ද?
මම කියනවා මෙක හරිම සූක්ෂම නිර්මාණයක් කියලා. සියලු ප්‍රශ්න විසදගෙන ඇය තම අරමුණ ඉටු කර ගන්නවා. මේ වෙනකොට කතාවේ පළවෙනි හොරා එකහාමාර අවසන් වෙලා තියෙනවා. ඇය සමාජය විසින් ගණිකාව කියලා නම් දරාපු ගැහැණියක්. දැන් සැමියාගේ හිටපු කරදරකාරි තත්වයත් අවසන් වෙලා තියෙනවා. ඇයට පෙර තිබුණු ආතමය සමාජය ඉදිරියේ මවා පාන්න පුළුවන් වෙනවා ද?
නිර්මාණය කරුවා අවසාන අඩ හොරාවෙම කතා කරන්නේ ඒ පිළිබඳව. මලේ රොනට ගීජු බබරු නැවත නැවත රොන් සොයාගෙන එනවා. එය ගස කෙසේනම් දරා ගනී ද? ඒ වගේ ස්ත්‍රී රාගයට ඇලුණ කෙනා ඇයගේ පහසම සොයාගෙන එනවා. එතකොට ඇගේ සැමියා එක කොහොමද දරාගන්නවාද? නිර්මාණ කරුවා එක හරී අපූරුවට පෙන්වලා දීලා තියෙනවා.
පිරිමියාගේ පිටට කස පහර සීයක් ගහනවා වගේ වේදනාවක් නිර්මාණය කරුවා පෙන්වලා දීලා තියෙනවා.එතනින් එහාට කතාව ඇය තනි වීම හා ඒ වේදනාවට පළි ගැනීම සමග ගලාගෙන යනවා.
නිර්මාණ කරුවා අවසානයට අපට ප්‍රශ්නයක් ඉතුරි කරනවා. කාන්තාවක් විදියට ඇය කරේ වරදක් නම්. ඇය සමග නිදා ගත්ත පිරිමි බෝසත්තුද?
සමාජයේ අදුරු පැතිකඩක් ගැන කතා කරපු චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය හදුන්වා දෙන්න පුළුවන්. ඔයා දන්නවා ද ? මේ ලොකේ වේදනාකාරීම රස්සවන් වලින් එකක් තමයි ගණිකා සේවය කියන්නේ. පිරිමියෙක්ගේ සතුට වෙනුවෙන් ඇය තම මුලු ඇගම දන් දෙනවා. ඇග විතරක් නෙවෙයි ඇය ඇයගේ ආත්මයම දන් දෙනවා.කෙනෙක් ගණිකාවක් උන පලියට සමාජය ඇයට ගණිකාවක් කියනවා එත් ඇය ගණිකාවක් උනේ කොහොමද කියලා කවුරුත් හොයලා බලන්නේ නැ. කෙනෙක් හිතයි ඉතින් ඔය කෙල්ලෝ බලෙන්ම ගිහින් ජිවිතය නැති කර ගන්නේ කියලා. කාසියක දෙපෙත්තක් තියෙනවා ඒ වගේ තමයි මෙකත්. සමහරු ජිවතයේ අසරණ කමට කරනවා.සමහර ආදරය වෙනුවෙන් රැවටුනු නිසා කරනවා.සාමාජයේ හැම දෙම අපිට හදන්න බැ එත් ඒ අය වෙනුවෙන් පුංචි හරී වෙලාවක් වෙන් කරලා ඒ ගැන කතා කරන්න පුළුවන් නම් එක තමයි මේ චිත්‍රපටයේ අරමුණ වෙලා තියෙන්නේ.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අබ්දුල් මජිත්.මේ චිත්‍රපටය නිශ්පාදනය හා කතාව ලිවිම යන තුනම කරන්නේත් එතුමා විසින්මයි. චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ සාධා රිත්විකා හා තිරුමුරුගන් යන අයයි. 2018 සැප්තැම්බර් 08 වන දින තමයි මේ චිත්‍රපටය නිකුත කරා.මිනිත්තු 127 පුරාවට ඔයාලට මේ චිත්‍රපටය බලා ගන්න පුළුවන් වෙනවා.මේ චිත්‍රපටයට මුලින්ම වාරණයන් පනවා තිබුනා.එයට හෙතුව උනේ මේකේ අසභ්‍ය දර්ශන අඩංගු වෙලා තිබිමයි. ඉන් අනතුරුව චිත්‍රපටයේ දර්ශන 87 අයින් කරලා තමයි අද ඔයාලා බලන තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගෙම මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිදු විම පදනම් කරගෙන කියලා නිශ්පාදකතුමා පවසා සිටිනවා.මේ චිත්‍රපටය නිර්මාණය කිරිමට 1970 බොලිවුඩ් චිත්‍රපටයක් වන වෙට්නා පදනම් වෙලා තියෙනවා.
චිත්‍රපටය සාමාන්‍යයි කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ උච්චතම අවස්තාවන් වලදී දර්ශන යොදා ගැනීම තවත් තාර්කීක උනානම් හොදයි යන්න මගේ අදහසයි.
Mookuthi Amman
Mookuthi Amman 2020
ගූගල් පරීශිලක දර්ශකය 95%
IMDB 6.9/10
දෙවියන් ඔයා ගාවට එයි කියලා හිත හිතා ඉන්න එපා.
එයා අනිවාර්යයෙන් ඔයා ලගට එනවා
මොකද,
ඔයා දෙවියන් වහන්සේ විසින් තොරාගත් දරුවෙක් නිසා.
මම ඔයාගෙන් අහනවා ඔයා සතුටින්ද ඉන්නේ කියලා.ඔයා කියයි සමහර විට නැ කියලා. එකට හෙතුවක් විදියට කියයි මට සල්ලී නැ කියලා.එතකොට මම ගොඩක් හොදට සල්ලී තියෙන කෙනෙක්ගෙන් අහනවා ඔයා සතුටින් ද ඉන්නේ කියලා.එයා කියයි නැ මට සල්ලී තිබ්බට සතුට නැ කියලා.මිනිසුන් ජීවිතේ සතුටින් හිටියානම් දේවාලවල ඔච්චර පළතුරු වට්ටි එකතු නොවෙන්න තිබුනා නේද ?
මේ ලොකේ දෙවියෝ ඉන්නවා ද? එක ගැන තමයි අද අපේ කතාවෙන් කතා කරන්නේ.ඉතින් කතාව ගැන කියන්න කලින් අපි මේ ලොකේ දෙවියෝ ඉන්නවාද කියලා ටිකක් බලලා ඉමු.මේ ලොකේ අද වෙනකන් දෙවියෝ දැකපු කෙනෙක් නැ.එත් බුදුදහමට අනුව ලොකේ එකම එක දවසක ඔයාට පුළුවන් දෙවියෝ දකින්න.ඒ තමයි ලොක විවරණ මහා ප්රාතීහාර්ය වෙන දවසට. එක ලස්සන කතාවක් මම එක ටිකක් ඔයාලට කියන්නම්. අපේ බුදුන් වහන්සේ තමන්ගේ අම්මාට දර්මය දේශනා කරලා ආයේ සංකස්ස පුරයට වඩිනවා. ඒ වේලාවේ පියවි ඇසින් මිනිසුන්ට දෙවියෝ දකින්න පුළුවන් වෙනවා. ඔයාලා පංසල් වල දැකලා ඇති බුදුන් වහන්සේ ඉනිමගකින් වඩින සිතුවමක් අන්න ඒ තමයි මම ඔය කියපු සිදූවිම.ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් දෙවියෝ කියලා කොටසක් ඉන්නවා කියලා. ඉතින් මෙහෙම ඉන්න දෙවියෝ කොයි වගේද කියලා අපිට කියන්න බැ.එත් අපිට දේවාල වලින් දේව පිංතූර බලා ගන්න පුළුවන්.මිනිසුන් පුද පූජා පවත්වලා දෙවියන්ට වන්දනාමාන කරනවා.එක වරදක් නැ.එත් ඒ භක්තිය අපේ සීමාවක් එක්ක තියා ගන්න ඔනා.එතනින් එහාට ගියාම අපිව අපිට හොරෙන්ම රැවටීමට ලක් වෙනවා.
මේ ලොකේ හැම දේකටම මිලක් තියෙනවා.අපේ හැගීම් වලටත් එක එහෙමම තමයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ගැන තමයි අද අපේ කතාවෙන් කතා වෙන්නේ.
එංගල් රාමසාමි කියන්නේ දරුවන් හතර දෙනෙක්ගේ පවුලේ වැඩ්මහල්ම පුතා. තාත්තා හැර ගිය නිසා පවුලේ වගකීම් එයාගේ කර මතට පැටවෙනවා.ඒ අතර ඔහුගේ අම්මාත් දෙවියන්ගේ බැතිමතෙක්. පවුලේ කරදර වලින් තැලී ජිවත් වෙන මෙයාලට පිහිටට මුක්කුති අම්මාන් දෙවියන් එනවා.ඉතින් එතනින් එහාට එයාලාගේ ජීවිතය වෙනස් වෙනවා එක කොහොමද වෙන්නේ කියලා ලස්සන කතාවක් විදියට ගලා ගෙන යනවා.
කතාව අරම්භ වෙනකොටම අපිට අරමුණක් හදලා දෙනවා. එක නිසා මෙය නරඹන කෙනෙක්ට කුතුහලයක් හෝ හිතින් මවා ගැනීමක් සිදු කරන්න ඔන වෙන්නේ නැ.ආරම්භක් දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු නිසා.අපිව මොහොනතකට සංසුන් කරවනවා. එතන ඉදන් පළවෙනි අඩ හොරාව පුරාවටම කතා වෙන්නේ රාමසාමිගේ පවුලේ දුප්පත්කමත් එක්ක එයාලාගේ ආගමික භක්තිය ගැනයි.එය එතරම් සංවේදී නොවන විදියට තමයි නිර්මාණය කරලා තියෙනවා. ඇයගේ අම්මාගේ නිතර කියවිල්ල නිසාම සමහර අවස්තාවලදී චිත්‍රපටයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරලා තියෙනවා.පළවෙනි අඩ හොරාව එකාකාරී විම නිසා ආරම්භය සාර්ථකයි කියලා කියන්න බැ නමුත් විහිළු තහළු එක්ක එකතු විම නිසා තරමක් සතුටු දායක විදියට බලන්න පුළුවන් වෙලා තියෙනවා.
පවුලේ දරුවෝ හතර දෙනෙක්, එකෙනුත් තුන් දෙනෙක් ගැණු දරොවො ඉන්න ගෙදරත් ගොඩක් දුප්පත් මේ ඔක්කම ඒ වගෙම එකම ඉන්න පුතාටත් කසාදයක් හරියන්නේ නැ එතකොට අම්මා කෙනෙක් කරන්නේ නොපෙනෙන දෙවියන් යදින එක නේද ? එක අපිට හරී ද වැරදිද කියනවාට වඩා මමනම් දකින්නේ අසරණ කම කියලා.මේ කතාවේදී මේ සංවේදී සිදුවිම් නිර්මාණය කිරිමේදී සංවේදී කම අයින් වෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. එක චිත්‍රපටය තුලින් මම දකින විශේෂ ලක්ෂණයක් කියන්න පුළුවන්.නමුත් එය එතරම් සාර්ථක තොරා ගැනීමක් නොවිම කණගාටුවට කරුණක් විදියට මම දකිනවා.
සියලු ප්‍රශ්න වලට විසදුම් හොයන්න පවුලේ දේවාලෙට ගිය අවස්තාවේ මුක්කුති අම්මාන් දෙවියෝ රාමසාමි ඉදිරියේ පෙනී සිටිනවා ඒ දර්ශනය ඉතාමත් අලංකාරයි කියලා කියන්න පුළුවන් වෙනවා. සැබෑ ලෙසම අප කිසිදා දෙවියන්ගේ රූපයක් දැකලා නැ.එහිදී බොහො දෙනාගේ සිතේ මැවුන ආකාරයෙන් තමයි දෙවියන්ව නිර්මාණය කරලා තියෙන්නේ.දෙවියෝ අහසේ ඉන්නවා කියලා කියන සංකල්පය නිවරදී කියලා නිර්මාණය තුලින් පෙන්වා දී තියෙනවා. නයනතාරා තුලින් දේව රූපය නිර්මාණය කිරිමේදී ඉතාමත් ලස්සන කොටස් එකතු කරලා තියෙනවා.දකුණු අත ත්‍රීෂූලය , රත් පැහැ ගැන්වූ සාරීය , අඩ නිල්වන් දෙනෙත් , හිස පලදනාව, මාල හත, කොන්ඩ මොස්තරය මේ සියල්ලගෙන්ම දෙව සංකලපය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා.දේව රූපය නිර්මාණය අතින් නිර්මාන කරුවා සාර්ථක වෙලා තියෙනවා කියලා කිවොත් මම හරී කියලා හිතනවා.
දෙවි කෙනෙක් හමු වු විට අප සියලු දේ ඉල්ලා සිටිම සාමාන්‍ය දෙයක්.රාමසාමිත් එය එලෙසම සිදු කරනවා.ඒ දර්ශනයන් නරඹන විට අපට ඇලඩින්ව මනසට නැගෙනවා.නමුත් මෙහි එක් දර්ශනයක රාම සාමී හට ආස බයික් එකක් දෙවියන් ලබා දෙනවා එවිට ඔහු එහි නැගී යන ආකාරය නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. එහිදී බයිසිකලය නිශ්චලව තබා පසුබිම චලනය වන ආකාරයෙන් එය නිර්මාණය කරලා තියෙනවා.නමුත් එය එතරම් සාර්ථක ලෙස සිදු කරලා නැ එම නිසා මෙය නරඹන කෙනෙක් හට ඉතාමත් අකීකරු දර්ශනයක් විදියට පෙන්නුම් කරනවා.එම කොටස් තවත් අලංකාර උනානම් චිත්‍රපටයට ආලොකයක් වෙන්න තිබ්බා කියලා මට හිතෙනවා.
එතන් සිට දෙවන අඩ හොරාව ගතවෙනතුරුම දෙවියන් සමග යන දෙබස් එකතු කරලා තියෙනවා.සමහර කොටස් ඉතා අලංකාර වෙනකොට තවත් කොටස් නරඹන අපට අපහසුතා ඇති කරනවා.ඉට උදාහරණයක් විදියට රාමසාමි මේ පැය බාගෙන් බොහෝ වෙලාවක් එක දිගට කියවිම පෙන්නුම් කරන්න පුළුවන්.එය මුහුනට හිනාවක් ගෙනාවත් අනවශ්‍ය කොටස් විදියටයි මම දකින්නේ. චිත්‍රපටය පලවෙනි හොරාවෙන් අනතුරුව තරමක් වෙනස් ආකාරයෙන් ගමන් කරනවා.මිනිසුන් දෙවියන් යදින්නේ ඇයි යන්න ඉතාමත් හොදින් කතා කරනවා. මුක්තු අම්මාන් කොවිලට මිනිස්සු නොපෙමිනෙන විට තුඹසකින් කිරි ගලන්න සලස්වනවා.ඒ තුලින් කෙලින්ම නිර්මාණ කරුවා මිනිසාගේ කනට පහරක් ගසනවා කියලා කියන්න පුළුවන්.එය භක්තියද? මොඩ කමද යන්න ඔහු අපෙන් ප්‍රශ්න කරනවා.
චිත්‍රපටයේ සැබෑ කතාවට එකතු වෙන්නේ බාබා හදුන්වා දිමත් එක්කයි.ඔහු බක්තිය කියාගෙන මිනිසුන් රවට්ටන්න පටන් ගන්නවා.ඒ තුලින් සල්ලී හොයාගෙන ඔවුන් සුර සැප විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් සූක්ෂම වගෙම විනොදාකාරී විදියට පෙන්වා දෙනවා.අන්ධ විශ්වාස හා භක්තිය එක්ක දොලනය වෙන විදියට මේ කොටස් නිර්මාණය කරලා තියෙනවා.කෙලින්ම බාබාගෙන් ප්‍රශ්න කරන කොටසේදී පවා අන්ධ භක්තියයට කනේ පහරක් ගහන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ කොටස් නිසා පලවෙනි හොරාවෙදී නැති ඌ ජව සම්පන්න ගතිය කතාවට එකතු වෙලා තියෙනවා.
එය උච්චතම අවස්තාව සමග එකතු කරන නිර්මාණ කරුවා මුක්කුති අම්මාන් හා බාබාගේ මිනිසුන් අතර සටනක් පෙන්නුම් කරනවා.එහිදී දේව ශක්තිය ගැන නිර්මාණ කරුවා ඉතාමත් තදින් කතා කරනවා. දෙවියන්ගේ පහර අකුණු සැරකට වඩා ශක්තිමත් කියලා අපට පහදා දෙනවා.එම දර්ශන ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ වගෙම නරඹන කෙනෙක්ට දේවියන් කෙරෙහී භක්තියක් ඇති කරන්න ඒ දර්ශන සමත් විම සතුටට කරුණක් කියන්න පුළුවන්.
දෙවියන් පෙනී සිට ඇවිදිමට ගන්නා මොහොතේ ආගමික දේව ගීතයක් පසුබිමෙන් වාදනය කිරිම නිසා මේ දර්ශනය මනසට ඉතාමත් තදින් කා වදිනවා.මෙය චිත්‍රපටයේ ලස්සනම දර්ශනය කිවොත් මා නිවරදීයි. මේ වෙනකොට චිත්‍රපටය ඉතාමත් ඉහල හැගිම් වලින් පරීපූර්ණ කරලා තියෙනවා. අවසානයේ සියලු දේ වෙනුවෙන් දෙවියන් සාමාන්‍ය ස්ත්‍රී සූරූප දරාගෙන බාබා ඉදිරියේ පෙනි සිට්මින් අන්ධභක්තිය හා විශ්වාසය අතර තීරණාත්මක සටනක් සිදු කරනවා.එය ඉතාමත් ප්‍රායෝගීක ප්‍රශ්න සමග සංසදනය වන නිසා චිත්‍රපටයේ කතා තෙමාව හරවත්ව පෙන්වා දීමට සමත් වෙලා තියෙනවා.
මේ චිත්‍රපටය මිනිසුන්ගේ මානුෂික හැගිම් වලට තැන දීමට ගත් උත්සහයක් කියන්නත් පුළුවන්.එක් අවස්තාවකදී රාමසාමි තමාගේ වැඩ්මහල් නැගනිය වර්ණනා කර ඇයගෙන් ආසාවන් ගැන විමසන දර්ශන ඉතාමත් සංවේදී කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ පලවෙනි හොරාව ටිකක් පසුගාමී තත්වයක් තිබුනත් සමස්ත කතාවම එක්ක ගත්තාම සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.මේ චිත්‍රපටය මගින් දෙවියන් නැත යන අදහස දීමට වඩා අන්ධ විශ්වාස වෙනුවෙන් හඩක් නගන්නට උත්සහගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්.නයනතාරාගේ රංගනයත් ඉතාමත් විශිෂ්ඨ මට්ටමකට තිබුනා.ඇය තුලින් ජීවමාන දේව රූපය ඉතාමත් අලංකාර ලෙස පෙන්නුම් කිරිම නිසා චිත්‍රපටයේ හරය තවත් ලස්සන උනා කියලා මට හිතෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආර් ජේ බාලාජී විසින් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ඔහුම රංගනයෙන් දායක විමයි.එමෙන්ම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය විදියට නයනතාර රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2020 නොවැම්බර් 14 දින ඩිස්නී+ හොට්ස්ටාර් නිකුත් කරා.
චිත්‍රපටය අලංකාර ගීත හයකින් වරණවත් වෙනවා.සියලු ගීත වෙනුවෙන් චිත්‍රපටය තුල විනාඩි 21 වඩා කාලයක් වෙන් කර තිබිමත් විශෙෂ කරුණක් විදියට දක්වන්න පුළුවන්.
පවුලේ සියලු දෙනාටම එකතු වෙලා මේ චිත්‍රපටය ගොඩක් ආසාවන් බලන්න පුළුවන්.
Kiss
Kiss (2019)
ගූගල් පරීශිලක දර්ශකය 92%
IMDB : 6/10
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්.
ඔයා දන්නවාද? මේ ලොකේ ලස්සනම හැගීම් වලින් එකක් තමයි ආදරය කියන්නේ. ආදරය හරියට අමුර්ත පානයක් වගේ පුදුම ජීවයක් අපිට දෙනවා. ඔයා ආදරය කරන කෙනා සමහර ව්ට හම්බෙන්න ඇත්තේ පාසලෙන් වෙන්න පුළුවන් ,එහෙමත් නැත්නම් වෙන කොහොම හරී වෙන්න පුළුවන් එත් ඒ හමුවිම සංසාර ගතයි කියලා ඔයාට හිතිලා ඇති නේද යාලුවනේ.ඒ කොහොම උනත් ජීවිතයේ ලස්සන හැගීම් දෙන්න ආදරයකට පුළුවන්.ඔයා හිතනවා ඇති ඇයි මම ආදරය ගැන කතා කරන්නේ කියලා.එක ඔයාලට මේ කතාව කියවනකොට තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
ඔන්න යාලුවනේ අද කතාවේ ඉන්න නන්දිනී කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ ලස්සන හින්දාම මෙයා ගොඩක් දගයි. අපි කතාවටත් කියන්නේ කෙලිලොල් කියලා අන්න ඒ වගේ තමයි. මෙයා ඉගෙන ගන්න උසස් පාසලකට ඇතුලත් වෙනවා. එත් ඉතින් මෙයාගේ දගකාරකම් නම් අඩුවක් වෙන්නේ නැ. ඔන්න ඉතින් දවසක් මෙයාට ගොඩක් කෙන්ති ඇවිත් ගලකින් බොඩ් එකක්කට ගහනවා. කොහොම හරී මේ ගල ගිහින් වදින්නේ කාර් එකක. මේ කාර් එකේ අයිති කාරයා තමයි අර්ජුන්. අරුජුන් ගොඩක් විනොදෙන් ඉන්න ගොඩක් සල්ලී තියන කොල්ලෙක්.ඉතින් මේ අර්ජුන්ට මේ කාර් එක හදා ගන්න පුළුවන් එත් මෙයා එහෙම කරන්නේ නැ. හොදට කල්පනා කරලා නන්දිනී එක්ක ගිවිසුමකට එනවා. ඒ කියන්නේ නන්දිනි මේ කාර් එකට හානී කරාට එක්කො මේයාට කිස් එකක් දෙන්න ඔනා. නැත්නම් දවස් 72ක් අර්ජුන්ගේ සේවකයෙක් විදියට ඉන්න ඕනා.ඉතින් මේ නන්දිනී කොයිවගේ තීරණයක් ගනීද කියලා තමයි මේ කතාවෙන් කතා වෙන්නේ.
මේ චිත්‍රපටය ගොඩක් හුරුබුහුටි විදියට තමයි හදලා තියෙන්නේ.එක හින්දා ගොඩක් තරුණ පරම් පරාවේ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. මේ කතාවත් ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුළුවන්. ආදරය එක්ක හාස්‍ය එකතු කරලා තමයි මේ කතාව අලංකාර කරලා තියෙන්නේ. කතාව පටන් ගන්නකොටම නිර්මාණ කරුවා අපට නන්දනීව හදුන් දෙනවා. ඇයගේ හූරුඹුහුටි අංග චලනයන් නිසා කතාව ගොඩක් ලස්සන වෙනවා. ගොඩක් කොල්ලෝ ආසයි තමන් ආදරය කරන කෙල්ල හුරතල් කෙනෙක් වෙනවට. ඒ රහස නිර්මාණ කරුවා උපයොගී කරගෙන තියෙනවා.අර්ජුන්ව කතාවට එකතු කරන්නේ ලස්සන ගීතයකින්. අර්ජුන් නිදහස් සරළ ජිවතයක් ගත කරනවා කියලා නිර්මාණ කරුවා අපට ඉගියකින් කියා දෙනවා.
පලවෙනි හොරාවම ගතවන්නේ නන්දිනීගේ හුරතලය හා අලංකාර වචන සමග විම නිසා කතාව එකාකාරි උනත් විනොදයෙන් නරඹන්නට හැකියාව ලැබී තියෙනවා. මුහුදු වෙරලේදී නන්දිනී කොට ඇදුමකින් සැරසි මුහුදේ සෙල්ලම් කරන දර්ශනයක් එකතු කරලා තියෙනවා.එම නිසා මේ වෙනකන් එකාකාරී උන කතාවට නව ප්‍රාණයක් ලබා දෙන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා. ඒ සමගම චිත්‍රපටය කෙට් ක්‍රියාදාම කොටසක් එකතු කරලා තවත් ජව සම්පන්න කිරිමට නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා. අනතුරුව නැවතත් අඩහොරාවක් යනකන් නන්දිනීගේ කොමළ රංගනයන් අපට බලා ගන්න පුළුවන්. මේ සියල්ල සිදු වෙනකොට නන්දිනී හට ලබා දුන්න දින 72 කාලය අවසන් වෙනවා.දෙදෙනා වෙන් වෙලා යනවා. ඉට පස්සේ අර්ජුන්ගේ හිතේ නන්දිනී ගැන ආදරයක් හට ගන්නවා.එතනින් පස්සේ සම්පුර්ණ කතාව ගමන් කරන්නේ අර්ජුන් ආදරය දින ගන්න නන්දිනී පස්සෙන් යන ආකාරය එක්කයි.
චිත්‍රපටය තරුණ ප්‍රජාවගේ ආකර්ෂණය දිනා ගන්න සමත් වන්නේ චිත්‍රපටයේ ඇති නැවුම් දර්ශන හා වර්ණ සංකලනයන් නිසා වෙනවා. නමුත් ඒකාකාරී වැඩි බවක් චිත්‍රපට පුරාවටම පෙන්නුම් කරනවා. චිත්‍රපටය තුලින් ආදර කතාවක් පෙන්නුම් කිරිමට උත්සහ ගත්තා උනත් ඒ සදහා යොදා ගත් කාලය වැඩි කියලා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අර්ජුන් විසින් වන අතර චිත්‍රපටයට රංගනයෙන් විරාත්, ශ්‍රී ලීලා, සාදු කොකිල යන අය දායක වෙනවා. චිත්‍රපටය නිශ්පාදනය වී.රවි කුමාර් විසින් සිදු කරනවා.චිත්‍රපටයේ සංගීත නිර්මාණය ව්.හරික්රිෂ්ණ ආදි විසින් සිදු කරනවා. චිත්‍රපටය ගීත හයකින් වර්ණවත් වෙන අතර එහි සියලු ගීත පද රචනය කීරිම එපී අර්ජුන් විසින් සිදු කිරිමත් විශේෂ කරුණක් වෙනවා.එමෙන්ම මේ චිත්‍රපටයේ එන "නීන් මොඩලු" ගීතය ශ්‍රීයා ගෝෂාල් විසින් ගායනා කරලා තියෙනවා. 2019 සැප්තැම්බර් 27 මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙනවා
Dia
Dia 2020
ගූගල් පරීශිලක දර්ශකය 96%
IMDB 8.2/10
" අම්මේ ඔයා මට මේ ලොකේ හැමදෙම කියලා දුන්නා.එත් ඔයා නැති දාට ඔයා නැති ව ජිවත් වෙන්න කියලා දුන්නේ නැ "
මේ ලොකේ හැමොගෙම හිතේ ඉන්නවා කවමදාවත් ලබා ගන්න බැරි කවදාවත් එකතු වෙන්න බැරි කෙනෙක්.අපි පිලිගත්තත් නැතත් සම්මත තැන් වලට වඩා අසම්මත තැන් වල අපේ හිත නවතිනවා.සමහර ආදරය කතා විවාහය එක්ක සතුටින් කෙළවර වෙනකොට තවත් ආදර කතා ලොකු දුකක් එක්ක අතර මග නවතිනවා, කෙනෙක් අපිව දාලා ගියාම අපි අඩනවා දුක් වෙනවා.
එත් ඔයා දන්නවා ද ?
අපි හැමෝම ජිවතයේ දුවන්නේ තරගයක්
ඒ තරගය යනකොට අපේ ජිවතයට එක එක අය එක එක කාලෙදි එනවා
ඒ අය සමහර වෙලාවට ගොඩක් වේදනාකාරී මතකයන් ඉතිරි කරලා යනවා
තවත් අය සුන්දර මතකයන් ඉතිරි කරලා යනවා
අපි ගොඩක් අවංක වෙන්න ගියාම අපිට දුක වැඩියි
කෙනෙක් දාලා ගියාම ඔයාට දුකක් හිතෙයි එක සාමාන්‍ය දෙයක්
එත් කෙනෙක් ඔයාගේ ජිවතයේ ඉන්න කාලේ එයාට හොදින් සලකන්න
එතකොට එයා ගියාමත් එක මතක් කරලා සතුටු වෙන්න පුළුවන්
අපේ අම්මා තාත්තා උනත් දවසක අපිව දාලා යනවා
ජිවතය තෙරුම් ගන්න ඔනම බැදිමක අවසානය දුක විතරයි ඉතුරු වෙන්නේ
අපි පුරුදු වෙන්න ඔනා ඒ දුක දාරාගෙන ජිවත් වෙන්න.
ඉතින් මෙහෙම ආදරයේ වෙන් විම ගැන කතා කරන්නේ ඇයි කියලා ඔයාට හිතෙනවා ඇති.අද අපි කතා කරන්න යන්නේ ගොඩක් ලස්සන චිත්‍රපටයක් ගැන
දියා කියන්නේ ගොඩක් ලස්සන නැති එත් හිතන තරම් කැතකුත් නැති පුංචි කෙල්ලෙක්.හිතින් ගොඩක් දෙවල් දරා ගන්න අමාරු මේ කෙල්ලට. ආදරය උනත් කෙලින් ගිහින් කියන්න තරම් ශක්තියක් නැ. මේ පුංචි අහිංසකාවියගේ ජිවිතයට අලුත් බලාපොරොත්තුවක් අරගෙන ඔන්න කුමාරයෙක් එනවා.ඒ කුමාරයා හින්දා මේ පුංචි කෙල්ලගේ ජිවිතය ගොඩක් වෙනස් වෙයි කියලා එයා හීනකින්වත් හිතන්න නැති ව ඇති. ඉතින් මේ පුංචි කෙල්ල වටා දිවෙන ලස්සන ආදරණීයම කතාවක් තමයි මේ කතාව තුලින් අපට බලාගන්න පුළුවන් වෙන්නේ.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ සිය දිවි නසා ගන්න යන කෙල්ලෙක්ගෙන්. ඒ දර්ශනය නිසාම බලන අපිට ලොකු ප්‍රශ්න ගොඩක් හිතට එනවා.ඒ වගෙම ඇගේ මුනේ තිබෙන වේදනාකාරී හැගීම් වගෙම තුවාල හින්දාම ඇය අතවරයකට ලක් උන කෙල්ලෙක් වගේ හැගීමක් ඔයාගේ මනසට එන්න පුළුවන්.මෙක පලවෙනි පාරට බලන කෙනෙක්ට එහෙම අදහසක් එන එක ගොඩක් සාදාරණයි කියලා මටනම් හිතෙන්නේ.
එතනින් පස්සේ දෙවන දර්ශන තළය ගෙනියන්නේ විශ්ව විද්‍යාලයේ ආදර කතාවක් එක්ක. සාමාන්‍ය සිනමාවේදී කතා කරන්නේ කොල්ලා ඇවිත් කෙල්ලගෙන් ආදරය ඉල්ලන විදිය එත් මේ නිර්මාණයේදී නිර්මාණ කරුවා ඉතාමත් සූක්ෂම විදියට කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක් ගැන ඇති වෙන ආදරය නිර්මාණය කරලා තියෙනවා. ඇයට මේ ආදරය කෙතරම් හදවතට දැනෙනවාද ? කියලා නිර්මාණය කරුවා ඉතාමත් ලස්සන දර්ශන ඔස්සේ අපට පෙන්වලා දෙනවා.ඇයගේ හිතේ උතුරා යන ආදරය මේ වගේ ඇති කියලා මට හිතෙනවා.
මේ විශ්වයේ මා දකිනා ලස්සනම දේ ඔයා.
මම කොහොම ඔයාට එක කියන්නද, දෙයියනේ මගේ හදවත බෙරයක් වගේ ගැහෙනවා. අනේ ඇයි මේ කවදාවත් නැති ව, මගේ ආදරය තටාකයක් වගේ මම එකේ පීනන්න ආසයි එත් මම පීනන දන්නේ නැ නේ...
මේ විදියට ඉතාමත් සූන්දරව ඇය ආදරය ගැන හිතන්න පටන් ගන්නවා. මේ සිදුවිම් ආදරය කරපු කෙනෙක්ට පමණක් නෙවෙයි ආදරය නොකරපු කෙනෙක්ට උනත් මනෝලොකයක් හදලා දෙන්න සමත් වෙනවා කියලා මට හිතෙනවා.ඔයා ආදරය කරනකොට වෙනදාට වඩා වෙනස් විදියට අදින පළදින්න පටන් ගන්නවා.හැසිරෙන්න පටන් ගන්නවා. එයාගේ හිත දිනා ගන්න දෙවල් කරන්න පටන් ගන්නවා.කොටිනම ඔයා කෙල්ලෙක් නම් දියා ඔයාමයි කියලා ඔයාට හිතන්න පුළුවන්.මේ සිදුවිම් එක්ක ඔයාගේ මනස ආදරයෙන් පිරිලා යනවා.
තමන් හිතින් ආදරය කරපු කෙනා ඇවිත් තමන්ගෙන් ආදරය ඉල්ලුවාම මේ පුංචි කෙල්ල කොහොමද දෙයියනේ දරාගන්නේ. ඒ දර්ශනය එක්ක නරඹන අපිව ආදරය කියන ඉනිමගේ ඉහලටම ගෙනියන්න නිර්මාණය කරුවා සමත් වෙලා තියෙනවා.දෙන්නාගෙම කුළුදුල් ආදර ජය ගන්නකොට.පුංචි පුංචි හීන එක්ක ලස්සනට කුරුළු කූඩුව ගොඩ නගා ගන්න ඒ දෙන්නා ගන්න ලස්සන උත්සහය නිර්මාණ කරුවා ඉතාමත් සූක්ෂම විදියට අපිට පෙන්නලා දීලා තියෙනවා.ආදරය කරන අය නිතරම කරන දෙවල් වගේම පරිසරය එක්ක බැදුණු හැගීම් නිසා ඉතාමත් සාර්ථක විදියට ඒ දර්ශන නිර්මාණය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
ආදරය කරන හැමොම එකතු වෙන්නේ නැ.ඒ වගේම ආදරය නොකලයි කියලා හැමොම වෙන් වෙන්නෙත් නැ.මේ විදියට ආදරය උපරිමයට ගෙනාව නිර්මාණය කරුවා ඒ ආදරය අපෙන් උතුරාගන්නවා.ඒ දර්ශන බලන ඕනම කෙනෙක්ට ඇසට කදුළු එකතු වෙනවා.නොවනු මානයි.ජීවිතයේ ඕනම වෙලාවක අපි බලාපොරොත්තු නොවන දෙවල් සිද්ද වෙන්න පුළුවන් කියලා නිර්මාණය කරුවා ඉතාමත් ලස්සන විදියට අපිට කියලා දීලා තියෙනවා.
තමන් පණ වගේ ආදරය කරපු කෙනා නැති වෙනකොට.මේ ලොකේ තමන්ට තමන්වත් නැ කියන හැගීම එන එක සාදාරණයි.ආදරයට වංචා නොකළ මට ඇයි දෙවියෝ මෙච්චර වේදනාවක් එකතු කරේ ඇය නිතරම ඇයගෙන් අහගන්න පටන් ගන්නේ අපේ මනසත් ඉතාමත් සංවේදී කරමින් කියලා මට හිතෙනවා.ජිවතයේ අන්තිම බිංදුවට වැටුනාම නැගිට ගන්න අතක් නැති උනාම ගන්න තියෙන එකම විසදුම මරණයද එය එහෙමනම්,එය කොතරම් සැනසීමක්ද? කියන ප්‍රායෝගීක ප්‍රශ්න ඇයගේ මනසේ හට ගන්නා විදිය නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.මිහිපිට පටාචාරාවක් උන ඇයගේ ජීවිතයට මරණයත් සරදම් කරන්නේ ඔන්න ඔය වෙලාවේ.
ඔයාලා අහලා තියෙනවා නේද යාලුවනේ " කළු වලා වල පවා රීදී ඉරී තියෙනවා කියලා " මේ කළු වලා වක් උන ඇගේ ජීවිතයට එක රීදී ඉරක් පායනවා.. අපි කතාවටත් කියනවා. කෙල්ලෙක්ට ආදරය කරන්න කලින් හොද යාලුවෙක් වෙන්න කියලා.එහෙම වෙලා එයාගේ ජිවිතේ හයිය වෙන්න එතකොට ආදරය කරන්න ලෙසීයී කියලා.එක බොරුවක් නෙවෙයි කියලා නිර්මාණය කරුවා ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරලා තියෙනවා.ගොඩක් ප්‍රායෝගීක විදියට මේ දර්ශන නිර්මාණය කරලා තියන හින්දාම ඔයාට චිත්‍රපටයක් බලනවා කියලා හිතාගන්නවත් බැරි වෙයි.ජිවතයේ සමහර දෙවල් කාලය හරී අපූරුවට විසදනවා.ඒ විසදීම සමහර වෙලාවට අපිට අලුත් බලාපොරොත්තු ගොන්නක එකතු කරනවා.දෙයිවය එක වෙලාවක අපි එක්ක සරදම් කරනකොට තවත් වෙලාවක අපේ ජිවිතය ලස්සන කරනවා.
මේ වෙලාවේ ඇගේ ජීවිතය අලුත් බලාපොරොත්තු එක්ක නැගිටිනකොට එකට අත දුන්න කොල්ලාගේ හිතේ පුංචියට ආදරයක් හට ගන්නවා.ඔහුගේ හිතේ ඇති උන ආදරය මට හිතෙනවා මේ වගේ තියෙන්න ඇති කියලා.පුංචි ගීයක් එකතු කරලා මම පෙන්වලා දෙන්නම්
මා සිත මියුරු කල්පනා.
රස පද වැලට පෙරලුනා
මිහිරියේ ඔබට බැදුනු ප්‍රේමයෙ නමින්
නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
රුවති මලක් මද සුළගේ සැලෙන හැටි සිතා
බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා
රණ මයුරෙක් මයුරියකගේ රැගුම ගැන සිතා
තුඩින් තුඩග රැදුනු පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා
දැන ගන්නට මා රීසියෙනී කිමද ගත් සිතා.
කොල්ලෙක් තමන්ගේ අම්මාට ගොඩක් ආදරය කරනවානම් අපි කියන්නේ ඇය බදින කෙල්ල මේ ලොකේ වාසනාවන්ත කෙල්ලෙක් කියලා.මොකද අම්මා කෙනෙක්ට වගේ ඇයටත් සලකන නිසා.මේ සිදු විම් ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා අපිට පෙන්වලා දෙනවා. ජිවතයකින් ජීවිතයක් දීලා තමන් ආදරය කරපු දීයාගේ ජිවතය ලස්සන කරපු මේ කොල්ලාගේ ජිවතය ඉතාමත් සුන්දරයි කියලා නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.එතනින් එහාට චිත්‍රපටය බලපු අය දන්නවා ඇති මොකද උනේ කියලා.
දෙවනියට ඇගේ ජීවිතයට ආව කොල්ලා ඇයට උදවු නොකරානම් ඔහුගේ ජිවිතයට මේ ඉරණම අත නොවෙන්න තිබ්බා නේද ? එහෙම හිතුවොත් මෙක ඇයගේ පූර්ව කරුමයද ? කියලා නිර්මාණය තුලින් අපෙන් ප්‍රශ්න කරනවා කියලා මට හිතෙනවා.ඒ වගෙම කෙල්ලෙක්ගේ ආදරය අවංකයි ද ? ඔය කියන තරම් එහෙම අවංකනම් ඇය ඇත්තටම ආදරය කරේ පළවෙනි කෙනාටද? දෙවනි කෙනාටද? මේ ප්රශ්නය කතාව අවසානයේ අපිට ඉතිරි කරනවා.මට එය හරියට තෙරුම් ගන්නේ හැදු මවද වටින්නේ වැදු මවද වටින්නේ යන්න ප්රශ්නය අහනවා වගේ කියලා.
අපි එක තීරණයකින් කීවොත් ඇයගේ කරුමේ නිසා මේ දෙවල් උනා කියලා.එතකොට පළවෙනි කොල්ලාගේ දෙමාපියන් කළ දේ හරි ද? මේ ගැන නිර්මාණ කරුවා ඉතාමත් තදින් අපෙන් ප්‍රශ්න කරනවා.
සමස්තයක් විදියට ගත්තාම ඉතාමත් හොද නිර්මාණයක් විදියට මට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.සාමාන්‍ය චිත්‍රපට වල ආදරය විදහා පැමට ගීත යොදා ගන්නවා.එත් මේ චිත්‍රපටයේ කතාවේ එකම ගීතයක්වත් ඇතුලත් වෙලා නැ.මේ කතාව ඉතාමත් සංවේදී විදියට ඉදිරිපත් කරන්න උවමනා නිසා නිර්මාණය කරුවා ඉතාමත් තරුණ නවක නළු නිළියන් යොදාගෙන තියෙනවා.එම නිසාම මේ කතාව අපේ හදවත පසාරුගෙන යාමට සමත් වෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කේ.එස්.අශෝක මහතා විසින් වන අතර චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ කුෂී රවි , පූත්වි අම්බාර් ,ධ්ක්ෂිත් ෂෙට්ටි යන අයයි.චිත්‍රපටය කිසිදු ගීතයක් ඇතුලත් නොවන අතර චිත්‍රපටය 2020 පෙබරවාරි 07 වන දින නිකුත් උනා.චිත්‍රපටය මිනිත්තු 136 පුරාවට දිවෙන අතර මෙය කන්නඩ සිනමාවේ මේ වසරේ බිහී වූ අති සාර්ථක නිර්මාණයක් විදියට අපිට හදුන්වලා දෙන්න පුළුවන්.
Miss India
Miss India 2020
IMDB : 3.4/10
ගූගල් පරීශිලක දර්ශකය : 76%
" ජීවිතේ අපි කරන මොන වැඩේ වුනත් කොච්චර මහන්සී වෙනවාද කියන එක වැදගත් නැ
කොච්චර සතුටින් ඉන්නවාද කියන එකයී වැදගත් "
යතාර්ථය පදනමක් වු කල්හී සිනමාව එය කෙසෙනම් ජය ගනී ද?
මෙය සැබෑවින්ම මේ වසරේ හොද නිර්මාණයක් වීමට තිබුනී. නමුත් එය එසේ නොවිම කනගාටුවට කරුණකී. එයින් මා අදහස් කරන්නේ මේ නිර්මාණය නැරඹීම පළක් නොවේ යන්න නෙවෙයි. මා උත්සහ ගන්නේ නිර්මාණය පිළිබඳ මගේ කෝනයෙන් බලා අදහසක් ඉදිරිපත් කිරිමටයි.
ආරම්භය ගන්නේම සාර්ථක වූ කාන්තාවක් ඇගේ කතාව කියන්න පටන් ගන්නා තැනෙනී. එහෙම ආරම්භයක් ගැනීම ඉතාමත් අපූරුයි කියා මට සිතේ.
කතාව එතනින් ගලාගෙන යන්නේ ඇයගේ බාල කාලටය. බාල කාලේ ඇය අරමුණක් නැති ජීවිතයක් ගත කරන බවට නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි. ඕනම දරුවෙක් කුඩා කාලයේ තමන්ගේ සීයට ආදරය කරයී.
එය එතරම් විශේෂ දෙයක් නොවෙයි. නමුත් ඇය තම සීයාගේ වටිනාකම ලොකෙම දැන ගත යුතුයැයි සිතයි.සැබෑ ලෙස කුඩා දරුවන් එසේය. සමහර විට එය විහිළුවක් ලෙසද අපට සිතිය හැකිය. නමුත් මෙහී පුදුම කරුනනම් ඇය තම අරමුණ හදා ගන්නේ සියා මාර්ගයෙන් වීමයි. එය එසේ වීම තුලින් නීර්මාණයේ ආරම්භය ඉතාමත් ප්‍රායෝගීක ලෙස සිදු කර ඇත.
අරම්භයෙදී අරමුණක් නැතිව සිටි ඇය අරමුණක් හදා ගැනීමත් ඒ තුලින් තමාගේ ජීවිතය තමාට ආවේණික ලෙස ජීවිත් වෙන බව සිතා ගැනීමත් මගින් ඇය කුඩා කළ සිට එඩීතර කෙනෙක් බවට කදිම නිදසුනකී.
ඒ සමගම කතාව ඇගේ තරුණ වයස හා එකතු වෙයි. එය අපූරුයි. ඒ සමග ඇගේ පියා අසනීප විම කතාවේ හරයට ඉතාමත් තදින් බලපෑම් කර ඇත. එය මුලදී නරඹන කෙනෙක් හට පුදුමයක් ගෙන දෙන කරුනක් උවත්. මොහොතක් කල්පනාකාරීව නිර්මාණය නැරඹීම කලහොත් එය ඔබටත් වැටහෙනු ඇත.
ගෙදර තාත්තාගේ බර ඔහුගේ අතින් ගීලීහෙනකොට ඒ වගකීම අයියා හා නංගී මත පැටවිම පුදුමයට කරුනක් නොවේ. ඒ සිදුවිම සමග සීයා ඇයට දෙන අවවාදය ඉතාමත් පුදුම සහගතයි.සැබෑ ලෙස එය ජීවිතයකට තදින් බලපායී.
" ජීවිතේ අපි කරන මොන වැඩේ වුනත් කොච්චර මහන්සී වෙනවාද කියන එක වැදගත් නැ
කොච්චර සතුටින් ඉන්නවාද කියන එකයී වැදගත් "
මේ සියලු කරදර සමග පවුලේ එක් දුවක් බලෙන් විවාහයක් කර ගැනීම තුලින් නිර්මාණය කරවා නිසකව පණිවිඩයක් ලබා දෙයි. එය හුදෙක් නරඹන්නාගේ සංකල්පමය අදහස් මත තීරණය කිරිමට සිදුවේ. මටනම් හැගෙන්නේ එය ප්‍රායෝගීක තත්ත්වයක් කියායී.
සියල්ල සිදූවී ඇත. කරදර වැඩි විට සියලු අය පුරුදු වී සිටින්නේ දෙවියන් යෙදීමය. එය ටිකක් වෙනස් විදියකින් මෙහීදී නිර්මාණ කරුවා ඉදිරිපත් කර ඇත. එපනක් නොවේ එහී ප්‍රතිඵල තිබේ යන්න ඔහු නොකියා අපට රූප රාමු වලින් ඉදිරිපත් කර ඇත. එය කදිම සංකලනයකී.
සියල්ල සිදුවී අවසානයේ ලැබූණු එකම අවස්තාව ඔවුන් ප්‍රයොජනයට ගනී. ඒ අනිව සියල්ල අත හැර ඇමරිකාවට යයි. ඇමරිකාවට ගොස් තම හිනය වූ වියාපාර ඇය කෙසේ ජය ගනී ද යන්න වටා මේ කතාව දිව යයි.
කතාව තුලින් විර්ය සහිත කාන්තාවක් නිරුපණය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත. නමුත් එය සාර්ථක නොවිම කනගාටුවට කරුණකී. චිත්‍රපටයක් නිරතුරුවම ප්‍රායෝගීක විය යුතු නැත. නමුත් හැකි සැම විටම එය ප්‍රායෝගීක තත්ත්වයට අනූකුල විය යුතුය. නමුත් මෙය එසේ නොවේ.
රාත්‍රී සමාජ ශාලවකදී ඇයට එක් පිරිමි පුද්ගලයෙක් හමු වේ. එය අහම්බෙන සිදු නොවන දෙයක් උවත් ඒ නිසා ඇයට රාත්‍රී ආහාර වෙලකට පවා යාමට සිදු වේ. එය සැබෑවින්ම පුදුමයට කරුණකී. ඇය ඇමරිකාවට ඇවිත් ගත වන්නේ ඉතා කුඩා කාලයකී. මෙය දර්ශන තළ වලදී ඉතා අලංකාර උවත් ප්‍රායෝගීකව ගත් කළ අනුවන දෙයකි. සැබෑ ලෙසම නිර්මාණ කරුවා උත්සහ කරේ ඇයගේ විරත්වය පෙන්ව්මටනම් එය මට පෙනියන්නේ මොඩ කමක් ලෙසටය.
සියල්ල සිදු වී කතාව මැදදී මේ තාව කාලික ආගන්තුකයා කතාවෙන් ඉවත් කරයි. මේ අතර සිදු විම කතාවේ තෙමාවට කිනම් පණිවිඩයක් ලබා දිමට උත්සහ කරාද යන්න මට තවමත් ප්‍රශ්නයකී. ආදරයට වඩා හීනේ අරමුණ වැදගත් යන පණිවිඩය දිමනම් එය එතරම් කාලයක් වැය කර කිරිම අපරාධයක් ලෙස මා දකි.
සැබෑවින්ම කතාවේ මුලික තෙමාවට පැමිනෙන්නේ පළවෙනි හොරාවෙන් පසුවය. එහිදී ඇය තම අරමුණ වෙනුවෙන් අම්මා තාත්තා පවා හැර යයි. අනතුරුව ඇය උත්සහයන් කිහිපයක් ගෙන තම සාර්ථකත්වය ආරම්භ කරද , එය සාර්ථක නොවේ.එය ප්‍රායෝගීක තත්වයකි. නමුත් එයින් පසු ඇය ඇමරිකාවේ කොපි වියාපාරයේ අයිති කාරයා හමු විමට යයි. එය බුද්දිමත් තීරණයකි. නමුත් හාස්‍යජනක කරුන වන්නේ ඇය ඔහුට වක්‍රව අභියෝග කිරිමයි.
ඒ තුලින් නිර්මාණ කරුවා පෙන්වා දී ඇත්තේ ඇයගේ උත්සහය උවත් එය තනිකරම අනුවණ දෙයකි. කෙසේ හෝ උත්සහය අත හැර නොගෙන තේ උත්සවයක් පවා ඇය සංවිදානය කරයි. එය අනර්ගයී කියා පැවසිය හැකිය. දියුණු වන අයෙකුගේ උපාය ශීලි මනස ඒ දර්ශන වලින් මනාව පෙනුම් කරයි.
එතන සිට ප්‍රායෝගීක තත්වයන් වලට මුහුණ දී ගෙන දියුණුව සදා ගැනීම මනාලෙස නිර්මාණ කරුවා පෙන්වා දෙයි.නමුත් ඒ දියුණුව සිද්ද වෙන්නේ මාස දෙකකිනී.
මාස දෙකකින් ඇමරිකාවේ ප්‍රදාන වෙලද සංනාමය විම කෙතරම් ප්‍රායෝගීක ද, එපමණක් නොව ඉංදියන් තේ එකක් ඇමරිකාවේ නිර්මාණය කරනකොට අවශ්‍ය අමුද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද? ඒ පිලිබදව නිර්මාණ කරුවා කතා කර නැත. මේ තත්වයන් ඔහුට මේ කතාව තුළ කතා කිරිමට හැකියාව තිබුනත් එය කතා නොකිරීම පුදුම සහගත කරුණකී.
එතනින් පසු ශිව කුමාර් හා ඇය අතර ඇති වෙන සංසිද්ධිය ගැන නිර්මාණ කරුවා කතා කරයි. එය සැබෑ ලෙසම සිදු විය හැකි දෙයකි. නමුත් එක් අවස්තාවක ශිව කුමාර් තමාට ලැබූ අවස්තාවකින් ප්‍රයොජනයට ගෙන ඇයට අභියොගයක් සිදු කරයි.
එතනින් ඇය පහලට වැටේ. එය වියාපාර වල සාමාන්‍ය තත්වයකී. එය ඔනාම අයෙක්ට් විය හැකිය. අනතුරුව සාමාන්‍ය සිදු විම් කිහිපයක් මගින් කතාව ගලාගෙන යයි.
ඇයගේ සාර්ථකත්වය අවසානයත් සමග ඔබට තීරණය කළ හැකිය.
කීරීතී සුරේෂ් ගේ හා ජගපති බාබුගේ අද්විතීය රංගනයේන් හැඩ වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නරේන්ද්‍ර නාත් විසින් වන අතර කතාව රචනා කරන ලද්දේ ද ඔහු විසින්මය.
මිනිත්තු 136 පුරාවට එක ලෙස රස විදිය හැකි මේ නිර්මාණය 2020 නොවැබ්වර් 04 වන දින නෙට්ෆ්ලික්ස් හරාහා තෙලෙගූ ,මළයාලම් , දමිළ භාෂා වලින් නිකුත් කරන ලදී. මෙය කීරීතී සූරේෂ්ගේ 20 වෙනි චිත්‍රපටය වන අතර 2020 අප්‍රේල් 17 නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන් සිටියත් පවතින කොරොනා තත්වය නිසා එය කල් දැමිමට සිදු විය.
චිත්‍රපටය මහෙෂ් එස් කොනේරු විසින් නිෂ්පාදනය කර ඇති අතර ගීත හතරකින් චිත්‍රපටය රසවත් වෙයි. එහී ගීත තුනක් කලයාන් චක්‍රවර්තී විසින් පද රචනය කර ඇති අතර අනිත් ගීතය නිරාජා කොනා විසින් පද රචනය කර ඇත.
චිත්‍රපටයේ "කොත්තගා කොත්තගා" ගීතය ශ්‍රීයා ගොෂාල් ගායනා කිරිමත් විශේෂ කරුණකී. සියලුම ගීත සදහා විනාඩි 15 ආසන්න කාලයක් වෙන් කර තිබීමත් දර්ශන තල ඉතාමත් ලංකාර ලෙස යොදා ගැනීමත් විශේෂ කරුණකී. චිත්‍රපටයේ පළවෙනි ගීතය 2020 පෙබරවාරි 07 නිකුත් කරිමට හැකි වී තිබුණී.
ගූගල් පරීශිලක දර්ශකය 76% ලාබාගෙන ඇති මෙම චිත්‍රපටයේ IMDB අගය 3.4/10 පමණ ලබාගෙන ඇත.
Colour Photo
Colour photo 2020
ගූගල් පරිශීලක දර්ශකය: 98%
IMDB : 8.7/10
ආදරය එයා ගිය රූපය
මේ ලොකේ අපි හැමොම ආදරය කරනවා නේද ? බලන්න අපි ආදරය කරනකොට කියනවා රූපේ මොනා උනත් කමක් නැ හදවත ලස්සනයී නම් මට ඒ ඇති කියලා. එත් එක ඇත්තටම එහෙමද? හැමොම ආදරයේදී අසරණයි නේද ? සමහරු කළුයි කියලා ආදරය මග හරිනවා තවත් අය හැඩ නැ කියලා මග හරිනවා. ඒ හැමදෙම දරාගෙන ජිවත් වෙන අය අතරේ තවත් සමහරු සුරංගනා ලොකයක් හිතේ මවාගෙන ජීවිතයට සමුදෙනවා.
ජයක්රිෂ්ණා ඒ වගේ යාලුවනේ. ඇග කලුයි මුන කලුයි. සමහර වෙලාවට කළු උනාම අපි අපි ගැනම කළ කිරෙනවා.අපේ හිතේ තියන දෙවල් අපිම තියා ගන්නවා. ආදරේදිත් එහෙමයි. ජයක්රිෂ්ණා දීපුට ආදරය කරන්න පටන් ගන්නවා එත් පරසතු මළ වගේ ලස්සන ඇයට ආදරය කියන්න බැරිව ඒ හැගීම් එයාගේ හිතෙම තියා ගන්නවා.එලි වෙනවා හවස් වෙනවා වගේ කාලය ගත වෙලා යන්න යනවා. සමහර දෙවල් තියෙනවා එවා කාලය විසදලා දෙනවා.ඒ වගේ ජයක්රිෂ්ණා එක කටුක දවසක් එනවා. එදා එයා ඉගෙන ගන්න පාසලේ කල්ලියක් හොදටම ගහනවා. එත් ඒ වෙදනාවට වඩා සෙනෙහසක් ඔහු සොයාගෙන එනවා. හිතින් විතරක් ආදරය කරපු ඇය ඔහු ගාවට එනවා. සෙනෙහස මහ මෙරක් තරම් දරාගෙන් ඇස් වල කදුළු පුරවාගෙන ආදරය පිලිගත්තත් ඒ ආදරයට ආයුෂ අඩු වෙන්නේ ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවුන විදියටයි. දීපුගේ අයියා ඒ කියන්නේ රාම් මෙකට විරුද්ධ වෙනවා. ඒ වෙනකොට දෙන්නාට දෙන්නා නැතිව බැරි තරම්. කාලය කෙසේ මේ දෙන්නාගේ ඉරනම විසදා දෙවිද ? කාතාව තුලින් ඔයාට බලා ගන්න පුළුවන්
ජයක්රිෂ්ණා මේ කතාව පුරාවටම වීරයෙක් මෙන්ම දර ගැනීම පුරුදු කරපු කෙනෙක් විදියට නිර්මාණ කරුවා අපට පෙනවා දෙනවා. කතාව ඉතා සරළ ලෙස ඉදිරිපත් කරලා තිබිම නිසා එයා බලන ඕනම කෙනෙක්ට තෙරුම් ගන්න පුළුවන් වෙනවා.සරළ උනත් කතාව හදවතටම කා වදින ලෙස නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙනවා.ජයක්රිෂ්ණා ගොඩක් ලොකු හීන හිතේ තියාගෙන ඒ හැම හීනයක්ම තමන්ගේ කර ගන්න ගොඩක් මහන්සී වෙලා වැඩ කරන කෙනෙක් යාලුවනේ.හීතේ ආදරය පුරවාගෙන හිටියත් තමන්ගේ හීන වලට අර්ථයක් දෙන්න ඔහු අපූරු ලෙස උත්සහ ගැනීම බලන ඕනම කෙනෙක්ගේ නෙතට කදුළු උනන දර්ශනයක් වෙනවා කියලා මට හිතෙනවා. ගොඩක් අහිංසක හරීම සරල කෙනෙක් තමයි මේ ජයක්රිෂ්ණා කියන්නේ. පළවෙනි භාගය ඉවර වෙනකොට අපි ජයක්රිෂ්ණාගේ චරිතයෙන් අලුත් ලොකයක් මවාගන්නවා. තුරු ළතා වලින් සීතල මද නළ හමනකොට ගතට දැනෙන පහස හිතින් විදිනකොට එය කොතරම් මනරම් ද ඒ සා හැගීමක් අපිට අත් විදින්න පුළුවන් පළවෙනි භාගය අවසන් වෙනකොට.
චිත්‍රපටයේ දෙවන භාගය ආරම්භ වෙන්නේ හැගීම් ඉහලම තැනක් පවත්වාගෙනය. නමුත් ආදරය එතරම් සුන්දර දෙයක් නොවන බව දෙවන භාගය බලනකොට තෙරුම් ගන්න පුළුවන් වේවී. ආදරයේ මිහිරියාව විදිමින් හිටිය රසිකයා වෙත වේදනාවක් එකතු කරන්න නිර්මාණ කරුවා එහීදී උත්සහ අරන් තියෙනව. එය කෙතරම් සර්ථකද කිව හොත් ඔබට චිත්‍රපටය නවතා කදුළු පිසින්නට පවා සිදු වේවී. චිත්‍රපටයේ සමේ වරණයට අමතරව කාන්තාවන් ගැනද කතා කරනවා. එක් කාන්තාවක් තවත් කාන්තාවකට තම දුක් පවසන විට ඇයගේ හදවතේ ගැස්ම තිරය මත කතා නොකරයි. එය චිත්‍රපටයේ තිබු අඩුපාඩුවක් ලෙස මා දකී. දේවදාස් වැනී අය මත් වතුර නිසා තම දුක පාලනය කර ගත්තා උනත් ගැහැනු අයට එය කිරිමට නොහැකි බව නිර්මාණ කරුවා පෙන්වා දෙයි. බිදුණු හිත් ඇතිව විවාහා වන කාන්තාව ඒ දුක දරාගෙන බිරිදක් වන්නට උත්සහ ගන්නා අයිරු නිර්මාණය තුලින් පෙන්වා දිම ඉතාමත් අනර්ගය.
ඒ වගේම ජයක්රිෂ්ණා අදුරු සමක් ඇති කෙනෙක් විය.නමුත් හාස්‍යජනක කරුනනම් ඔහු එසේ උවත් අදුරු පැහැය සහිත දෙවියන් පවා ඉංදියාවේ අය වන්දනාමාන කිරිමයි. එය නිර්මාණ කරුවා පෙන්නවා දිමට ක්‍රිෂ්ණා දෙවියන්ගේ රූප කිහිපයක් චිත්‍රපටය පුරාවට එකතු කර තිබිම වැදගත් ලක්ෂණයකී. එපමනක් නොව සමේ පැහැය එතරම් වැදගත් නොවේ යන්න පෙන්වා දිමට නිර්මාණ කරුවා අපූරූ උත්සහයන් රැසක් අරගෙන තිබීම ව්ශෙෂ කරුණකී.ඒ අනුව බ්‍රිතාන්‍ය කන්ඩායම සහ වනාරසෙන අතර තරගය.සුදු ජාතිකයෙක් ඉදිරියේ ජයක්රිෂ්ණාගේ කතාව අපට පෙන්වා දිය හැකිය.
චිත්‍රපටය නිර්මාණය කරන විට යොදා ගත් දර්ශන කිහිපයක්ම පරියුරියම් පෙරුමාල් හා අසුරන් (දමිළ) චිත්‍රපට මතක් කර දී ඇත. එපමනක් නොව මෙහී ඇති සමහර දර්ශන නිසා 96 (දමිළ ) චිත්‍රපටය ද මතකයට නැගේ. කාතාව ඉතා සරළ ලෙස පෙන්නුම් කරත් එහී ගැබුරට ගිය තැන් බොහොමයක් ඇත. ජයක්රිෂ්ණා හා ඔහුගේ පියාගේ කොටස් වලදී සමාජයේ එක් අදුරු පැතිකඩක් පෙන්වා දෙන අතර. සාමජීය වශයෙන් මිනිසුන්ට ඇති ගෞරවය ගැන කතා බහ කරයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරුනු ලබන්නේ සන්දිප් රාජ් විසින් වන අතර නිෂ්පාදනය කරනු ලබන්නේ සායි රාජේෂිනම් විසින් වේ. මෙම චිත්‍රපටය මගින් පළමු වරට සුහාස් ප්‍රදාන චරිතයකට පන පොවන අතර චන්දිනී, සුනිල්, හා විවා හර්ෂ යන අය රංගනයෙන් දායක වෙයි.
මෙම චිත්‍රපටය මුලින්ම රූගත කර ඇත්තේ මචිලිපට්ටම් ,විජයවාදා හා ආන්ද්‍ර ප්‍රදේශ වලය.එමෙන්ම මෙම චිත්‍රපටයේ රූගත කිරිම් 2020 ජනවාරි 8 හයිද්‍රාබාද් වලදී ආරම්භ වී ඇත.එමෙන්ම එය 2020 මාර්තු වෙන විට රූගත කිරිම් අවසන් විමද විශේෂත්වයකී.එය ඉතා කුඩා වියදමක් දරා සාදන ලද චිත්‍රපටයක් වන අතර ඒ සදහා කොටි 06 ක මුදලක් වැය වී ඇත.මෙය 2020 වර්ශයේ සාර්ථක වු ටොලිවුඩ් චිත්‍රපට අතරට එකතු විමත් විශෙෂ කරුණකී.
2020 අගොස්තු 27 වන දින පළවෙනි ගීතය නිකුත් කළ අතර එය "තාරගති ගාදිගේ" ලෙස නම් කර තිබුණු. චිත්‍රපටයේ සාර්ථකම ගීතය මෙය විමත් විශෙෂ කරුණකී.චිත්‍රපටයේ ඉට අමතරව ගීත හතරක් ඇති අතර ඒ අනුව චිත්‍රපටය සමස්ත ගීත පහකින් අලංකාර වේ. එමෙන්ම මේ චිත්‍රපටයේ ටීසරය (පූර්ව ප්රචාරක පටය ) විජේ දෙවකොන්ඩා විසින් 2020 අගොස්තු 05 දින යූ ට්යුබ් වලට නිකුත් කර අතර චිත්‍රපටයද සාර්ථක ලෙස සිනමා හොල් වල ප්‍රදර්ශනය කිරිමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් පවතින කොරොනා රෝගී තත්වය හෙතුවෙන් OTT ලෙස චිත්‍රපටය නිකුත් කිරිමට සිදු විය.
බොහො ඉහල ප්‍රක්ශක ප්‍රතිචාර හිමි කර ගැනීමට චිත්‍රපටය සමත් වූ අතර OTT නිකුතුවෙන් පසු ඉංදියාවේ බොහො දෙනෙක් කතා කරපු සිනමාපටයද මෙය විම ලද භාගයකී. මිනිත්තු 142 දාවන කාලයක් හිමි මේ චිත්‍රපටය ගූගල් පරීශිලක දර්ශකය 98% ලබාගෙන ඇත. IMDB අගය 8.3 ලබාගෙන සාර්ථක ලෙස රසික සිත් ඇද බැද තබා ගත්තේය.
Gatham
Gatham 2020
ගූගල් පරීශිලක දර්ශකය :
IMDB : 6.8/10
රාගය,
ලැමදේ දැරූ කළ නුඹ මහා ඔසුවකී.
දෙතොලේ තබා ගත් කළ අමුර්ත පැණියකී.
නමුදු රාගය නුඹ සසරට මාහා ගීන්නකී.
ඉතින් රාගය නුඹනම්
දර සැයට බද මළ මිණීයකී.
මම ඔබෙන් අහනවා ඔබට මේ ලොකේ ගොඩක් ආදරය කරන්නේ කවුද කියලා, ඔයා මට කියයි මගේ ආදරවන්තිය , මගේ ආදරවන්තයා එහෙමත් නැත්නම් අම්මා කියලා. එත් ඔයා දන්නවාද මේ ලොකේ ඔයාට රහසින් ආදරය කරන තව කෙනෙක් ඉන්නවා.ඒ තමයි ඔයාගේ තාත්තා. මහ මෙරක් තරම් දරු සෙනෙහස හිතේ තියාගෙන දරදඬු විදියට ඔයා ලග ඉන්න තාත්තාගේ ආදරය කවදත් අපිට තෙරෙන්නේ නැ. මේ ලොකේ හැම තාත්තා කෙනෙක්ගෙම අසරණ කමක් තියෙනවා ඒ තමයි පොඩි කාලේ වරදට දඩුවම් දීලා දරුවව හදා ගත්තත් ලොකු වෙනකොට කරන වැරදි වලට දරුවට දඩුවම් නොකර ඉන්න වීම. තාත්තාගේ කෙනෙක් කවදත් ගන්නේ තමන්ගේ දරුවාගේ පැත්ත. ඒ දරුවා මේ ලොකේ ලොකුම මිනී මරුවා උනත් ඒ තාත්තාට ඒ පුතා තමන්ගේ පුතාම තමයි. තාත්තාලා හැම වෙලේම බලන්නේ තමන්ගේ දරුවා කරන වැරදි ලොකෙට හංගලා දරුවාව හදා ගන්න.එත් ඒ දේ හැම වෙලාවෙම ඒ තාත්තාට කරන්න බැරි උනාම අවසානයේ දරුවා කරන වැරදි ඉවසාගෙන පැත්තකට වෙනවා. මුලු ජිවිතේ අවුරුදු 100 ජීවත් උනත් තාත්තා කෙනෙක්ගේ ආදරය මෙච්චරයී එයා කරපු කැප කීරිම මෙච්චරයී කියලා කියන්න බැ. මේ කතාවේ පිය සෙනෙහස ගැන නෙවෙයි වෙන්න පුළුවන් කතා වෙන්නේ එත් මම ඔය කීව දෙය කතාවේ හරයට ගොඩක් බලපානවා. හීතන්න ඔයා තීරණය කරන්න.
හොදටම මහන්සී පාටයි
උඩට ගිහින් වීවේක ගන්න
හෙට උදෙට කතා කරමු.
රීෂී කියන්නේ තරුණයෙක් හදිස්සියෙම එයා අනතුරකට ලක් වෙනවා. නමුත් අවාසනාවට කරුණනම් එයාට සිහිය එනකොට එයාගේ මතකයන් ඔක්කම නැති වෙලා යනවා. එයා දැන් පුංචි ළමයෙක් වගේ.මේ වෙලාවේ ඇය ළග තනියට ඉන්නේ එයාගේ පෙම්වතිය විතරයි. ආදිති රීෂීව හොද කරගෙන ගෙදර එක්ක යනවා.මතකයක් නැති රීෂීට එක පාරටම අම්මා තාත්තා මතක් වෙනවා.එත් අවසානාවට ඒ වෙනකොට එයාගේ අම්මා ජීවතුන් අතර නැ . එත් තාත්තා ජීවතුන් අතර ඉන්නවා කියලා ආදිති රිෂීට කියනවා. ජීවිතයට අලුත් බලාපොරොත්තුවකුත් එක්ක රීෂී තාත්තාව බලන්න යනවා. එත් ඒ යන අතර මගදී රීෂී යන වාහනය අක්‍රීය වෙනවා. ඒ වෙලාවේ උපකාරයට අර්ජුන් කියලා කෙනෙක් එනවා. පෙනුමෙන් ඉතා හොද ඇගක් තියෙන අර්ජුන් ඉතාමත් කරුණාවන්තයි කියලා තෙරුම් යන්න රීෂීට එච්චර වෙලාවක් යන්නේ නැ.රාත්‍රීය ලගා වෙනවා මහ පාරේ අතරම් වෙනවාට වඩා අර්ජුන් එක්ක ඔහු ජීවිත් වෙන ගෙදරට ගියොත් හොදයි කියලා රීෂීත් ආදිති දෙන්නම හිතා ගන්නවා.
එත් මේ ගමන එතරම් හොද එකක් නෙවෙයි කියලා කීයටවත් රීෂී හිතන්න නැතිව ඇති. මෙතනින් පස්සේ රීෂී ගොඩක් කරදර වලට මුහුණ දෙනවා. ඇත්තටම මේ රීෂී කවුද , ඇයි එයාට මේවාගේ කරදර වලට මුහුණ දෙන්න උනේ, මොකක් ද එයාට උන අනතුර මේ හැමදෙම ගැන චිත්‍රපටය තුලින් ගලාගෙන යනවා. මේ නිර්මාණය තුලින් නරඹන ඔබව නිතර රැවටීමට ලක් කරනවා. චිත්‍රපටයේ ආරම්භයේදී සාමාන්‍ය විදියට පටන් ගත්තා උනත් පළවෙනි පැය භාගය තුළදී අපිට ප්‍රශ්න ගොඩක් එකතු කරනවා. ඒ අපිට ආව ප්‍රශ්න ඔක්කටම විසදුම දෙවන පැය භාගය තුළදී ලබා දෙනවා.එත් ඉට වඩා ප්‍රශ්න ගොඩක් එකතු කරලා. කොහොම හරී කියන්න ඔනා චිත්‍රපටය අවසානය දක්වාම ඔයාගේ කුතුහලය එක විදියට තියා ගන්න මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.
මේ චිත්‍රපටයේ රීෂී ලෙස රංගනයෙන් දායක වන්නේ රාකේෂ් ඔහුගේ රංගන විලාසය චිත්‍රපටයට මහත් ඌ ආලොකයක් ලබා දීලා තියෙනවා. මුලදී සිහිය නැති අයෙකු ලෙස අවදී විමේදී ඔහුගේ මනස ක්රීයා කරන විදිය ඉතාමත් අපූරූ වෙනවා.සරලව ඔහුගේ හැසිරිම් පවා පුදුම සහගතයි. අලුත උපන් දරුවෙකු ලොකය දකින ලෙස ඔහු හැසීරේ.නමුත් ඔහු කිසි විටකත් බොළඳ හැසිරිම් නීරූපණය නොකරයි.එය මනා සංකළනයක් ලෙස මා දකී. ඉන් අනතුරුව නැවත් ඔහු මතකය පැමිණී විට හැසීරෙන්නේ දාමිරිකයෙක් ලෙසය එය එහී උච්චම අවස්තාවේ දී ඔහු පිස්සෙක් ලෙසද හැසීරෙයි ඒ තුලින් ඔහුගේ රංගනය ඉතා හොදින් කැපී පෙනෙයි.සමස්තයක් ලෙස ඔහුගේ රංගනය විශිෂ්ඨ යෑයි කිමට හැකිය. මේ චිත්‍රපටයේ හැරවුම් ලක්ෂය වන්නේ අර්ජුන් වේ ඔහු මුල් අවස්තාවේ ඉතා ගුණ යහපත් කෙනෙක් ලෙස නිශ්පාදකයා පෙන්වා දෙනවා.නමුත් එය එසේ නොවන බව පළවෙනි අඩ හොරාව නැරඹීමේදී තෙරුම් යයි.නමුත් ඒ සියල්ල උවත් අවසානයට ඇත්තේ වෙනත් කතාවකී.
චිත්‍රපටය සැබෑ ලෙසම නිශ්පාදනය කර ඇත්තේ අඩු පිරිසක් සහභාගි කරගෙනය. චිත්‍රපටය තුලින් ගූප්ත හැගීම නිතරම සිහියට නැගෙයි. අර්ජුන්ගේ ජීවත් වෙන නිවස උනත් ඉතාමත් ගූප්තය. චිත්‍රපටයේ ලිංගීක දර්ශන කිහිපයක්ම යොදාගෙන ඇත නමුත් එයින් චිත්‍රපටයේ 18+ කිව හැකිය මට්ටමට ගෙන නැත. සමස්තයක් විදියට ගත්තාම මෙය ඉතාමත් හොද මනෝව්ද්යත්මක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
මේ චිත්රපටයය ඇමරීකානු ඉංදියන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කීරන් රෙඩ්ඩි විසින් වන අතර භාර්ගවා, රාකේෂ් ,හා පූජීත යන නළු නිලියන්ගේ රංගනයෙන් හැඩ වෙනවා. මෙය තෙලෙගූ භාෂාවෙන් නිකුත් කර ඇති අතර විනාඩි 102 දාවන කාලයක් තුල චිත්‍රපටය ඔයාලට නරඹන්න පුළුවන්.පවතින කොරොනා රෝගී තත්වය නිසා චිත්‍රපටය 2020 නොවැම්බර් 06 වෙනිදා නිකුත් කරා.
Chikati Gadilo Chithakotudu
Chikati Gadilo Chithakotudu 2019
ගූගල් පරීශිලක දර්ශකය 90%
IMDB 4.8/10
රාගය,
ලැමදේ දැරූ කළ නුඹ මහා ඔසුවකී.
දෙතොලේ තබා ගත් කළ අමුර්ත පැණියකී.
නමුදු රාගය නුඹ සසරට මාහා ගීන්නකී.
ඉතින් රාගය නුඹනම්
දර සැයට බද මළ මිණීයකී.
නිරුවත උවත් දකින කෙනාගේ මනස පිරිසිදුනම් එය කළාවකී.
ඔයාලා දන්නවාද , කළාවකට පුළුවන් මිනිසෙක්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න ,අපි හිතන පතන දෙවල් වෙනස් විදියට දකින්න කලාවකට පුළුවන්. එකයි කලාව විශ්ව භාෂාවක් කියලා කියන්නේ. ඔයා දන්නවාද අපි කතා කරන කාමය උනත් නිරුවත නොපෙන්වා ඉතා ලස්සනට පෙන්නන කළාවට පුළුවන්. ඉතින් ඒ වගේ ඉතාමත් ලස්සනට නිර්මාණය උන චිත්‍රපටයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. කතාව පටන් ගන්න කලින් සිංහල ගීතයේ එන ලස්සන ඔය ගැන කියවෙන ගීතයක් එකතු කරන්නම්
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
චන්දු කියන්නේ ගොඩක් විනොදයෙන් ඉන්න කොල්ලෙක්.ඉතින් කොහොම හරී මෙයාට ගෙදරින් කෙල්ලෙක් හොයලා දෙනවා. ඒ කෙල්ලව බැංකොක් එක්ක යන්න කියලා එයාගේ දෙමාපියන් චන්දුට කියනවා. කොහොම හරී මේ ගමනට ඉතින් අපේ චන්දු කැමති වෙනවා. ඔන්න මේ ගමන යන්න තව දෙන්නෙක් එකතු වෙනවා.ඒ තමයි චන්දුගේ හොදම යාලුවා වෙන ශිවයි එයා යාලු වෙලා ඉන්න එයාගේ පෙම්වතියයි. ඔහොම හරී විනොදයෙන් හතර දෙනා යන්න පිටත් වෙනවා. කොහොම හරී මෙයාලා පතායා වලට ඇවිත් එයාලාගේ නිවාඩුව ගත කරන්න නවාතැන්ක් හොයා ගන්නවා. එත් මෙයාලා දන්නේ නැ මේ නවාතැනේ හොල්මනක් ඉන්නවා කියලා.කොහොම හරී මෙතන හොලමනක් ඉන්නවා කියලා එයාලා දැන ගන්නවා.ඒ හොල්මනට ඕන කොල්ලෙක් එක්ක රතියේ යෙදෙන්න. ඉතින් මේ හොල්මනක් එක්ක රතියේ යෙදෙන්න කවුරු කැමති වෙයි ද කියලා තමයි යාලුවනේ මේ කතාවෙන් කතා වෙන්නේ.
චිත්‍රපටය නිර්මාණයේදී නිර්මාණ කරුවා හැගීම් වලට මුලික තැන දීලා තියෙනවා. සතුට, ආදරය , හාස්‍යය , කාමය හා බය කියන මේ සියල්ල එකතු කරගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඒ එක් එක් කොටසක් ගැන පොඩ්ඩක් වෙන වෙනම කතා කරමු.
සතුට = චිත්‍රපටය ආරම්භයේ සිටම මුනට හීනාවක් ගෙන විදියට තමයි නිර්මාණ කරුවා මේ නිර්මාණය සිදු කරලා තියෙන්නේ, එක නිසා අවාසානය වෙනකන් හීනාව එක්ක තමයි චිත්‍රපටය බලන්න වෙන්නේ...
ආදරය = මේකේ කපල් දෙකක් ගැන කතා කරනවා, එක නිසා අපිට ඔවුන් තුලින් ආදරය ගැන ලොකු හැගීමක් දෙන්න නිර්මාණ කරුවාට පුළුවන් වෙලා තියෙනවා.
හාස්‍ය = මේ කතාවේ එන සිදුවිම් එකිනෙකට එකක් වෙනස් එක නිසා හාස්‍යජනක විදියට බලන්න පුළුවන්
කාමය = චිත්‍රපටය කාමය ගැන ගොඩක් කතා කරනවා ඉතින් එකත් එකතු කරලා තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නේ
බය = චිත්‍රපටයේ හොල්මනක් ඉන්න නිසා බය කියන දේ අනිවාර්යයෙන් ඔයාගේ හිතට එනවා..
මේ කතාව ඔයාලා බලන්න කලින් අනිවාර්යයෙන් පූර්ව ප්රචාරක පටිය හරී , චිත්‍රපටයේ පොස්ටර් හරී බලලා ඇති.ඉතින් එක නිසා ඔයාලාගේ හිතට ඔය කියන හැගීම් එක්ක තමයි ඔයාලා මේ කතාව බලන්න පටන් ගන්නේ.
චිත්‍රපටය ආරම්භය ඉතා සාමකාමී විදියට නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා. ආරම්භක් දර්ශනය තරමක් සංසුන් , චන්දුට පුජා හමුවීම සමග චිත්‍රපටය තරමක් උනුසුම් ආකාරය අරන් තියෙනවා. පූජාගේ දේහ ලක්ෂණ එක්ක ගත්තාම ඇය සරාගී කියලා නිර්මාණ කරුවා පෙන්වා දිමට උත්සහ ගෙන තියෙනවා. දිගූ නීල අඩවන් වු ඇස් , පැත්තට දාපු කොන්ඩය, කොනෙන් බලා හීනා වීම , තොල් පෙති විශාල කරමින් හා මුකුළු කරමින් කතා කිරිම නිසා එය නරඹන ඔනාම කෙනෙක්ට පැහැදිලි වෙනවා.ඒ සමග ගීතයක් එකතු කරමින් යම් තරමක් දුරට රාගීක රසය නිර්මාණ කරුවා දීමට උත්සහගෙන තියෙනවා.
චිත්‍රපටය ඒ සමග තවත් සිදුවිම් මාළාවක් සමග එකතු වෙනවා.ඒ සියල්ල සාමාන්‍ය සිදුවිම් වන අතර සාමාන්‍ය කෙල්ලෙක්ගේ හැසිරිම් ඒ සියල්ල සමග එකතු කරලා තියෙනවා. ඒ සමග නිර්මාණ කරුවා ගීතයක් එකතු කරලා තියෙනවා. ඒ ගීතය මගින් නැවත කුඩා හෝ රාගීක් හැගිමක් ලබා දීමට ඔහු සමත් වෙලා තියෙනවා.ගිතය තුළ රූගත කිරිම් කිරිමේදී නිලියගේ පියයුරු, බුරිය , කකුල් , පෙදෙස් නිතර දර්ශන කිරිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.එපමනක් නොව ගීතය මුහුදු වෙරළක් ලග ලස්සන පරිසර තත්වයක රූගත කිරිම නිසා සුන්දරත්වයත් එක්ක එන රාගීක සිතුවිල්ලක් නිර්මාණය කිරිමට ඔහුට හැකි වී තියෙනවා.කෙනෙක් හට මෙය ජීවිතය විදිම කියලා කියන්නත් පුළුවන්.
ඒ වගෙම පිරිමි අයෙක්ට කාමුහික හැගීම ආව විට ඔහුගේ ශරීරය වෙනස් වන ආකාරය ඉතා නිර්මාණශී ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් එහිදී නිර්මාණ කරුවා නිරුවත් දර්ශන යොදා නොගනීම නිසා. එය වෙනම රසයක් එක්ක නිර්මාණය කරලා තියෙනවා කීවොත් මම නිවරදී. ඒ වගේම මෙය අවස්තාවක් කරගෙන පිරිමි අය තමා තනියම කාම පහස විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් අපූරු වියාංගාර්තයක් එක්ක පෙන්නන නිසා බොහෝ අයට එය තෙරුම් ගැනීමට අපහසු වෙනවා.මේ වෙනකොට නිර්මාණ කරුවා හාස්‍ය සමග කාමය එකතු කරලා වෙනම රසයක් නරඹන අයට ලබා දීලා තියෙනවා.
මේ රසය වෙනස් නොකර තබා ගැනීමට නිර්මාණ කරුවා වියංගාර්තයෙන් වචන භාවිතා කරලා තියෙනවා.එම නිසා මුලදී නරබන අයට එක් තෙරුමක් ලබාදෙනවා, නමුත් ටික වෙලාවකින් අප සිතු දේ නෙවෙයි වෙන දෙයක් ගැන කතා කරේ කියලා ඔහුම පවසා සිටිනවා.. " කිසිම දෙයක් තියලා නැ හිල වැහීලා මාසයක් වෙනවා" මෙය ඇසුවිට මුලින්ම මනසට එන්නේ වැරදි වැටහිමක් එත් ඇත්තටම පවසා තියෙන්නේ කනේ කරඹුව දාන කුඩා සිදුර ගැනයි. එය ඉතාමත් අපූරු සංකලනයක් කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ පළවෙනි පැය ගෙවෙනවා. සැබෑ ලෙසම ඔහු අඹු සැමියන් ලෙස ගත කරනකොට හැසිරෙන සියලු ආකාර නිර්මාණත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.වැදගත් කරුන වන්නේ ඒ කිසිදු ආවස්තාවක නිරුවත නිර්මාණ කරුවා නොපෙන්විමයි. ඒ වගේම හැගීම් පාලනය මුලින්ම රාගීක සිතුවිල්ල හිතට දීලා පසුව හාස්‍ය එක්ක හීනාව එකතු කරනවා එය ඉතාමත් අලංකාරයි.
චිත්‍රපටය මෙතෙක් වෙලා ගලාගෙන ගිය ආකාරය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා බය එකතු කරලා තියෙනවා.නමුත් මෙය එතරම් වෙලාවත් පවත්වා ගැනීමට ඔහු අපට ඉඩ දෙන්නේ නැ නිර්මාණ කරුවාට මේ වෙලාවේ නැවත රාගීක සිතුවිල්ල නරඹන අයට ලබාදිමට අවශ්‍ය වෙනවා.ඒ සදහා බංගලාවට වැස්ස වෙලාවේ එන කාන්තාවක් උපයොගී කර ගන්නවා. එහීදී ඔහු පිරිමි අයෙක්ගේ හැගීම් උද්දීපනය කරන කන්තා ලක්ෂණ ගැන ගොඩක් දුරට කතා කරනාවා. පියයුරු, ලැම ,ගෙල , කකුල් නිතර පෙන්විම නිසා එය අපට පැහැදිලි වෙනවා. චිත්‍රපටය එතන් සිට ඉතාමත් රසවත් ආකාරයෙන් ගලාගෙන යනවා. ඉතාමත් විනොදකාමී විදියට තමයි ගලාගෙන යන්නේ. කතාව අවසානයේ පූජකයෙක් පැමිනෙනවා ඔහු සමලිංගික කෙනෙක් නිසා කතාවට වෙනත් අර්තයක්ද ලබා දී තියෙනවා.
චිත්‍රපටය පුරාවටම ඉතාමත් දීප්තිමත් වරණ යොදාගෙන තියෙනවා.බොහෝ විට සුදු හා ඒහා සාමාන වරණ යොදාගෙන තියෙනවා.නිතරම නිලියන් දෙදෙනාම කොට ඇදුම් ඇදිම සිදු කිරිම තුලින් චිත්‍රපටය තවත් අලංකාර කරලා තියෙනවා.අපි සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන්ගේ 64 මායම් ගැන කතා කරනවා. එය තෙලෙගූ සමාජයක උවත් වෙනක් නොවෙන බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. සූරූපී ස්ත්‍රීන් දෙදෙනාගෙම මෙන්ම හොල්මන් කාන්තාව තුලින්ද ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා.එයින් කොටසක් මම එකතු කරන්නම්,
පියයුරු නැටවීම,
ඉගටිය පැද්දීම නැටවිම
වරළස ලිහා ගෙනයාම
ඇග පසග පෙන්වමින් ගමන් කීරිම
නාඹිය පෙනෙන සේ ඇදුම් ඇදීම
පයින් බිම ඉරී ඇදීම
බඩ අත ගැම
දිව නැටවීම
ඇස අඩක් වසා බැලීමලීම
මේ ලක්ෂණ සියල්ල චිත්‍රපටය තුල තිබෙනවා.
චිත්‍රපටයේ සංකල්පය ඉතාමත් හොදයි කියලා කියන්න පුළුවන්.චිත්‍රපටයට A ශේණියක් ලැබිලා තියෙනවා. ඒ වගේම ද්විත්ව අරතයන් ගැන චිත්‍රපටය තුලින් කතා වෙලා තියෙනවා.එම අර්තයන් විහිළු ලෙස යොදා ගැනීම නිසා බොහො තරුණ අය චිත්‍රපටයට කැමත්තක් දක්වලා තියෙනවා. චිත්‍රපටය බොහෝ අංශවලින් පොහොසත් නිසා නිශ්පාදනය ඉතාමත් හොදයි කියලා කියන්න පුළුවන්.
සමස්තයක් විදියට ගත්තාම මේ චිත්‍රපටය වැඩිහිටි (18+) අයට ඉතාමත් විනොදයෙන් බලන්න පුළුවන්.පළවෙනි භාගයේ චිත්‍රපටයට ඇති කරපු හැගීම් දෙවන භාගයෙදී මැදක් වෙනකන් යටපත් කිරිම නිසා එය තරමක් මන්දගාමී ලෙස තිබ්බා කියලා කියන්න පුළුවන්.
චිත්රපටයය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් පී.ජය කුමාර් විසින් වන අතර රංගනයෙන් දායක වෙන්නේ ආදිත් අරුන් , නීකී තම්බොල් යන අයයි. චිත්‍රපටය ගීත පහකින් වරණවත් වෙන අතර සංගීත නිර්මාණය සිදු කරණු ලබන්නේ බාලමුරලි බාලු විසින් වෙනවා.2019 අප්‍රේල් 21 නිකුත් කරපු මේ චිත්‍රපටය විනාඩි 103 පුරාවට ඔයාලට රස විදින්න පුළුවන්. මෙම චිත්‍රපටය 2018 නිකුත් උන දමිළ චිත්‍රපටයක් වෙන ඉරට්ටු අරෙයිල් මුරට්ටු චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වෙනවා.
Anaganaga O Athidhi
Anaganaga O Athidhi 2020
ගූගල් පරීශිලක දර්ශකය
IMDB 7.4/10
තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං
"අධික ආශාව හෙතු කොටගෙන සෝකයම හට ගනී.එයින් සිතේ බිය හට ගනී.නැසෙන බිදෙන යමක් කෙරෙහී හෝ පුද්ගලයෙක් කෙරෙහී ආශාව දුරු කළ තැනත්තාට සෝක විමක් නැත.බිය විමක් නැත"
කුඩා දරුවෙක් මවු කුසක පිලිසිද ගෙන මේ ලෝකය දකින දවස වෙනකන් දරුවා මවගේ පෝෂණය එක්ක වැඩෙනවා.මේ පුංචි මල් කැකුළ ජිවතය පටන් ගත්ත දවසේ ඉදන් නොයෙක් සමාජ මට්ටම එක්ක හැදී වැඩෙන්න පටන් ගන්නවා. ලාභ අලාභ, යස අයස , නින්දා ප්‍රසංස , සැප දුක, මේ ඔක්කම සම සිතින් විද දරාගෙන මේ දරුවා ටිකෙන් ටික ලෝකයට පිය මනිනවා.අපි කියනවා කෙනෙක් ඉපදුන විදියටම මිය යනවානම් එයා මෙලොවට වැඩක් නැති කෙනෙක් කියලා.ටිකෙන් ටික තමන්ගේ දියුණුව හදා ගන්නකොට ජීවිතයට ආශාව,තන්හාව, ඊර්ෂ්‍යාව එන්න පටන් ගන්නවා.මේ ලොකේ ඕනම කෙනෙක් ගාව ඔය දේවල් අඩු වැඩ් විදියට තියෙනවා. අපිට බඩිගිණි උනාම අපි බත් කනවා.එකෙන් කුස ගිණි නිවෙනවා.එත් එතනින් එහාට ගිහින් බඩජාරි කමට කන්න ගියොත් තමන්ගේ ජිවතය උනත් එයාට නැති වෙන්න පුළුවන්.ඒ වගේ තමා ඕනම දෙයක් ඕනාට වඩා කරන්න වගේම හිතන්න ගියාම එකෙන් අපේ ජීවිතමයි නාස්ති වෙන්නේ.මේ ලොකේ ඉපදුන හැමොටම තමන්ගේ කියලා කතාවක් තියෙනවා.ඒ කතාව තමන් ලස්සනට ලියා ගත්තොත් මම හිතන්නේ එක තමයි ජිවත් වෙනවා කියන්නේ කියලා.හැමොටම හැම දේම බැ කෙනෙක් පන්තියේ පළවෙනියා වෙනකොට තව කෙනෙක් අන්තිමයා වෙනවා.එත් අන්තිමයා උන කෙනාගේ තියෙන හැකියාවන් පළවෙනි කෙනා ලග නැති වෙන්න පුළුවන්.තමන් මුලින්ම තමන්ව තෙරුම් ගත්තා නම් ගොඩක් වෙලාවට අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
මල්ලිකා කියනේ අම්මා තාත්තා එක්ක ගොඩක් කටුක ජිවිතයක් ගත කරන කෙල්ලෙක්.වයසින් වැඩ් වියට පත් උනත් ඇයට කිසිම සහකාරයෙක් හොයා ගන්න බැරි වෙනවා.මේ අතර තුර මේ පුංචි නිවසට ආගන්තුකයෙක් විදියට ශ්‍රී නිවාස් එනවා.ඒ පැමිණිම මල්ලිකාගේ පවුලට වාසනාවක් උනාද?, අවාසනාවක් උනාද කියලා තමයි මේ කතාව පුරාවටම ගලාගෙන යන්නේ.
අපි ගිණිකුරක් පත්තු කරොත් එකෙන් පහනක් පත්තු කරලා ගෙදරක් එලිය කරන්න පුළුවන්.ඒ වගෙම ඒ ගිණි කුරම නිසා මුලු ගෙයක් ගිණි තියන්න උනත් පුළුවන්.ඒ වගේ තමා අපේ හිතේ එන රාගය, කොපය ,තන්හාව වගේ සිතිවිලි එවා උත්සන්න උනාම මේ ගින්න වගේ කියලා නිර්මාණ කරුවා අපට පවසා සිටිනවා. ආගමික පූජකවරයෙක්ගේ දේශනාවක් සමගින් මේ චිත්‍රපටය ආරම්භ කරලා තියෙන නිසා මෙයට ඉතාමත් හොද ආරම්භයක් නිර්මාණ කරුවා ලබා දීලා තියෙනවා.
ඒ කොටස් නරඹන ඕනම කෙනෙක්ට ජාතක කතා මතකයට එයි කියලා මට හිතෙනවා.ආරම්භ දර්ශන තුලින්ම අපට නිර්මාණය කරුවා මේ කතාවේ චරිත සියල්ල හදුන්වා දෙනවා.ඒ අතර එක් අන්ධ පුදගලයෙක් ද සිටිනවා.මොහුගේ හැසිරිම කතාවේ තෙමාවට වක්‍රව ඉතාමත් හොදින් සම්බන්ධ වෙනවා.ඒ ගැන මම පසුවට සදහන් කරන්නම්.
ආවේනික ගැමී පරිසරය සමග එන පරිසරයේ සුන්දරත්වය නිර්මාණ කරුවා ඉතා හොදින් කතාව තුලට ගෙන තියෙනවා කියලා මට හිතෙනවා.ඒ වගේම මල්ලිකාගේ හැගීම් ඉතාමත් හොදින් කතාව තුළ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඇය බොහෝ විට ක්‍රියා කරන්නේ පිරිම් කෙනෙක් වගේ කියලා මට හිතෙනවා.එය එසේ විම ඉතාමත් ප්‍රායෝගීකයි.ඇයගේ පියා වයස නිසා ඇයට නිවසේ සියලු දේ කරන්න සිදු වෙනවා.එම නිසා ඇය එසේ විම සාමාන්‍ය දෙයක් කියලා මට හිතෙනවා.එහෙත් ඇයට කාම පිපාසය ඉතාමත් තදින් තියෙනවා කියලා නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.ඒ අවස්තාවල වියාංගාර්තයෙන් කුණුහරුප පවා එකතු කරලා හිතනවා.
" නරකම නැ , මට පෙන්නේ කොල්ලා හොදට වැඩ කරනවා වගේ.
වැඩ කරන අය තේ බොන එක හරි නැනේ,
ඔයා කිරි බොන්න
ඔයාට ඕන නම් මට කියන්න
මම ඔයාට කිරි දෙන්නම් "
ඒ සමග පළවෙනි අඩහොරාව ගෙවිලා යනවා.ඉතාමත් රසවත් ආරම්භයක් අරන් ඇති නිසා අපගේ හැගීම් නිතර වෙනස් වීම් වලට ලක් කරන්න නිර්මාණය තුලින් සමත් වෙලා තියෙනවා.
ඇගේ නිවසේ ඇති දුෂ්කර බව නිර්මාණ කරුවා නිතර නිතර අපට පෙන්නුම් කිරිම තුලින් ඇයගේ පවුල ගැන යම් අනූකම්පා සහිත හැගීමක් අපට ඇති කරවනවා. ගරා වැටී ගිය වහලය, කොළ හැලී ගිය ගස්, පේන තෙක් මානයේ විහිදී තියෙන තල් ගස් , අප පැහැ ගැන්වුන බිත්ති මගින් එය ඉතාමත් සූක්ෂම විදියට අපිට බලා ගන්න පුළුවන්.
ගෙදර ණය බර ගැන කතා කරන නිසා ඔවුන් කෙතරම් දුෂ්කර ජිවිතයක් ගත කරනවාද යන්න පැහැදිලි වෙනවා.මේ සියල්ලටම අලුත් බලාපොරොත්තුවක් එකතු කරන ශ්‍රී නිවාස් ඔහු ලග තිබෙන මුදල් රත්තරං ආදිය නිවසේ සිටින අයට පෙන්වීනෙදී මල්ලිකාගේ මනස වෙනස් වෙන ආකාරය ඉතාමත් සූක්ෂම විදියට නිර්මාණ කරුවා ග්‍රහණය කරගෙන තියෙනවා.ඇයගේ කාම ආශාව වැඩ් වෙන විදිය.ආශාව වැඩි කමට මුහුනේ ඉරියවු වෙනස් වෙන විදිය ඉතාමත් අලංකාරයි කියලා මට හිතෙනවා.ඇය කාමය කෙරෙයි ඇති ආශාව එක්ක ආගන්තුක ඕනම කෙනෙක් ඇය සමග රතියට පෙළබීම සාමාන්‍ය දෙයක් එත් ශ්‍රී නිවාස් එසේ නොකීරිම තුළ ඒ මොහොතේ පිරිමියෙක්ගේ ඇති පිරිමිකම ඉතාමත් හොදින් පෙන්වාලා දී තියෙනවා.
ආගමික විශ්වාස හා ඇදහිම් ගම් වල අය නිතරම කරන දෙයක් විදියට ඕනම කෙනෙක් දන්නා කරුනක් මෙහෙදී නිර්මාණ කරුවා අපට ඒ පිලිබදවත් ඉතාමත් හොදින් පෙන්වලා දීලා තියෙනවා කියලා මට හිතෙනවා. රාගය හා තන්හාව ඉහට වඩා ගිය විට කාන්තාවක් කෙසේනම් හැසිරෙයි ද කියලා නිර්මාණය තුලින් එතනින් එහාට අපට ඉතා හොදින් බලා ගන්න පුළුවන් වෙනවා.ඔයාට මතකයි නම් මම කලින් කිවා මේ කතාවේ අන්ධ මිනිසෙක් සිටිනවා කියලා ඔහු කතාවට ආරම්භයේ දී හා අවසානයේදී පමණයි එකතු වෙන්නේ.
ඒ මිනිසා තුලින් නිර්මාණකරුවා ඉතා සූක්ෂම විදියට අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා.අන්ධ කෙනෙක් කොහොම හරී පාර හොයාගෙන ජිවිත ගමන යනවා.ඔහුට වටිනාම දෙකට තියෙන්නේ බත් කන පිගානයි, සැරාටියයි.ජිවිතය ගැට ගහන්න කරන කුමන හෝ රැකියාවයි විතරයි.එත් ඇස් පෙනෙන කෙනාට ඉට වඩා දෙවල් තියෙනවා.එත් ඇස් පෙනුනත් රාගය දේවේශය කාමය හිතට ආවාම ඔවුන්ට ඇස් පෙනුනත් නොපෙනෙන කෙනාට වඩා පහත් නේද කියලා නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරනවා.
රාගය ඇති උනාම අම්මා තාත්තා සහොදරයෝ කියන කිසි කෙනෙක් හදුන්නේ නැති බව නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.කොහොම උනත් එසේ රාගයට මුල් උන කෙනා මේ රාගය, තන්හාව නිසාම විනාශ වෙලා යනවා.
මේ කතාවේ දී පායල් රාජ්පුත් ඇගේ චරිතය ඉතා හොදින් ඉදිරිපත් කරලා තියෙනවා. ඇය ඇගේ භූමිකාව තුළ කැදර කම , රාගය, වංචාව යන විවිද අවස්තා ඉතා සූක්ෂම විදියට නිරූපණය කරලා තියෙනවා. ශ්‍රී නිවාස් ද ඔහුගේ චරිතයට ඉතාමත් හොද සාදාරණක් ඉටු කරලා තියෙනවා.ඔහු ඉතා නිහතමානී කෙනෙක් විදියට රංගනයෙන් දායක් විම නිසාම මේ කතාවට ඉතාමත් අලංකාරයක් එකතු වෙලා තියෙනවා.
නමුත් චිත්‍රපටයේ ප්‍රදාන කාරනය ගැන කතා කරන්න නිර්මාණය කරුවා ගන්නා කාලය වැඩියි කියලා මට හිතෙනවා.එය තව දුරටත් අඩු උනානම් චිත්‍රපටයට තවත් සාර්ථක විදියට බලාගන්න තිබුනා යන්න මගේ හැගීමයි. චිත්‍රපටය තුල ප්‍රදාන සිදුවිම එකම ජවනීකාවකින් අවසන් කිරිම ප්‍රායෝගීක නොවේ.එය තව දුරටත් විදහා පාමින් සිදු කරානම් කියලා නිතරම මගේ මනසට හැගී ගියා.
චිත්‍රපටය තාක්ෂණය අතින් ඉතාමත් පොහොසත් කියලා කියන්න පුළුවන්.අඩු වියදමකින් මේ චිත්‍රපටය නිර්මාණය කරා උවත් එය කිසිම විටක අපට පෙනී යන්නේ නැ.ගැමි වදන් බොහොමයක් අන්තරගත් වී තිබු නිසා අපට මෙය අපේ ගමක සිදු වු සිදුවිමක් වගේ හැගීමක් නිර්මාණය තුලින් ලබා දීලා තියෙනවා.ඒ නිසාම චිත්‍රපටය පළවෙනි භාගයේ මන්දාගමී ස්භාවය තරමක් මග හැරීලා තියෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය දයාල් පද්මන්භන් විසින් සිදු කරලා තියෙනවා.රංගනයෙන් දායක වන්නේ පායල් රාජ්පුත් , ක්‍රිෂ්ණා හා විනා සුන්දර් යන අයයි.විනාඩි 90 පුරාවට දිවෙන මේ සිනමා සිත්තම ඉතාමත් රසවත් ගීත වලින් සමන්විතයි. සංගීත නිර්මාණය ඇරොල් කොරෙලි විසින් සිදු කරලා තියෙනවා. චිත්‍රපටය OTT මගින් 2020.11.20 දින නිකුත් කරන්නට යෙදුනා.මේ චිත්‍රපටය 2018 තිරගත උන කන්නඩ Aa Karaala Ratri චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදියට තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ. සමස්තයක් විදියට ගත්තාම වානිජ සිනමාවෙන් මෙපිටට ඇවිත් සිදු කර සාර්ථක නිර්මාණයක් විදියට අපට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.
Middle Class Melodies
Middle Class Melodies 2020
ගූගල් පරීශිලක දර්ශකය 95%
IMDB 7.5/10
"කෙනෙක් දුප්පත් විදියට ඉපදෙනවානම් එය ඔහුගේ වරදක් නෙවෙයි.එත් දුප්පතෙක් විදියට මිය යනවානම් එය ඔහුගේ වරදක්"
( විජය දේවකොන්ඩාගේ මල්ලී වන ආනන්ද් දෙවකොන්ඩාගේ රංගනයෙන් හැඩ වෙයි.)
පුංචි කාලේ අපෙන් අපේ අම්මලා තාත්තාලා අහපුවාම කවුරු වෙන්නද කැමති කියලා අපි ගත් කටටම කියන්නේ දොස්තර කෙනෙක් නැත්නම් ඉංජිනිය කෙනෙක් වෙන්න ආසයි කියලා.එත් ටික ටික ලොකු වෙන්න වෙන්න ලොකය දකින්න දකින්න අපේ හීන වෙනස් මගකට ගමන් කරනවා.ඒ අතරින් කෙනෙක් වියාපාර කරන්න පටන් ගන්නවා.වියාපාර කරනවා කියන්නේ හරියට ගහක් හිටවනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.පුංචි පැලයක් විදියට පටන් ගන්න වියාපාරයක් මහා ශක්තියමත් ගහක් වෙන්න ලොකු කාලයක් යනවා.ඒ යනකොට ඒ පැලයට දරාගන්න බැරි වෙන්න හුලං හමන්න පුළුවන්. ගං වතුර ගලන්න පුළුවන්.එත් අපිට එවා නවත්වන්න බැ එත් පැළය බෙරාගන්න පුළුවන්.එකට අපි කරන්න ඕන අනුවර්තනය වෙන එක.
"ඔයා දන්නවා ද ලෝකයෙම ආදරය දිනාගත් priyanka chopra ගේ රස්සාව තමයි රග පාන එක.. එත් පහුගිය මාස හයේදී ඇයට රගපාන්න එලියට යන්න උනේ නැ.ඒ කාලේ ගෙදරට වෙලා පොතක් ලීවා.පොත දාලා පැය 12 යනකොට එය එක්සත් ජනපදයේ වැඩියෙන්ම අලවි වෙන පොත වෙනවා.අනුවර්තනය වෙන්න "
(උපුටා ගැනීමක්)
ඔයා හිතනවා ඇති ඇයි අද මම Motivation ගැන කතා කරන්නේ කියලා අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. ජිවිතය දින්න, ලොකය ඉදිරියේ තමන්ගෙම කියලා නමක් ලියාගන්න කැමති ඕනම කෙනෙක්ට මේ කතාව නිදහසේ බලන්න පුළුවන්. චිත්‍රපටය 100% සාර්ථක නොවෙන්න පුළුවන් එත් ඔයාගේ ජිවිතයට පොඩි හරී වෙනසක් කරන්න මේ කතාවට පුළුවන් වෙයි කියලා මම හිතනවා.
රාගව කියන්නේ අම්මා තාත්තා එක්ක ගොඩක් ආදරෙන් උස් මහත් වෙන කොල්ලෙක්.එයා ජීවිතය වගෙම ලොකේ දිහා බලන්නේ වෙනස්ම විදියට එයා ආසායි තමන්ට කියලා.ලොකය ඉදිරියේ නමක් හදාගන්න.එකට තමන්ට තියෙන එකම හැකියාව යොදා ගන්නා රාගව අභියෝගය බාරගෙන ජිවතයේ අවදානත්මක අඩිය තියෙනවා.ඉතින් මේ රාගවගේ ජිවිතය සාර්ථක වෙයි ද ? මේ ගැන තමයි අද කතාවේන් ඔයාලට බලාගන්න වෙන්නේ.
චිත්‍රපටය ආරම්භ වන්නේ ඉංදියාවේ සංස්කෘතික එක්ක බැදුණු චාරිත්‍රත් එක්ක.ඔවුන් ගවයාට පූජනීය ආකාරයෙන් සලකන ආකාරය පිලිබද ඉතාමත් අලංකාර ලෙස අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම නිර්මාණ කරුවා අප්ට රාගව හදුන්වලා දෙනවා.ඒ වගේම ඇගේ පියාගේ මවගේ ගති ලක්ෂණ , ඔවුන් ජිවත් වෙන ආකාරය සියල්ල ඉතා කුඩා දර්ශන කිහිපයකින් ගුණාත්මක විදියට නිර්මාණ කරුවා කතා කරනවා. එත් එක්කම එක් ගීතයකින් ඉංදියාවේ නගරවල මිනිසුන් උදෑසන සිය කටයුතු ආරම්භ කරන විදිය සියල්ල ඉතාමත් අලංකාර ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.ඒ දර්ශන එක්ක එන නැවුම් බව නිසාම චිත්‍රපටයේ ආරම්භය ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.ආරම්භයේදිම නිර්මාණ කරුවා අපව Motivation කරනවා.අලුත් දවසක් ආරම්භ වෙලා ලොකය දුවනවා.ඔයත් වැඩ කරන්න නිකන් ඉන්න එපා කියලා.
ඒත් සමගම රාගවගේ පෙම්වතිය, මිතුරා හා ඔහුගේ පෙම්වතිය හදුන්වා දිමට නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ වගේම රාගවගේ සිහිනය සැබෑ කර ගැනීමට ඔහු තබන පළවෙනි පියවර ගැනත් මේ සමගම නිර්මාණ කරුවා කතා කරනවා.ඒ අනුව පැහැදිලි වෙන්නේ මේ නිර්මාණයට අපිව ග්‍රහණය කරගෙන එක කොනයකින් නිර්මාණය දිහා බැලිමට අවස්තාවක් සාදා දිලා තියෙනවා කියලා . එතනින් පසු එක් ගීතයක් තුලින් සන්ද්යාගෙයි රාගවගෙයි ආදරය කතාවක් පෙන්නුම් කරන්න නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙය අනවශ්‍ය උත්සහයක් කියලා.නමුත් මම එය දකින්නේ ඉතාමත් හොද සංයෝජනයක් කියලයි.එය කෙටි ගීතයකින් ඉදිරිපත් නොකලානම් සම්පූර්ණ කතාවේ වැඩ් වෙලාවක් ආදරය වෙනුවෙන් වෙන් කරන්න සිද්ද වෙනවා.එහෙම උනානම් එය නිර්මාණයේ මූලීක තෙමාවට බාදාවක් වෙන්න තිබුනා.නමුත් රාගවගේ මිතුරාගෙන් ඉතාමත් හොදින් ආදරය කතාවක් නිර්මාණය කීරිමට නිර්මාණ කරුවා සමත් වන අතර එමගින් සාම්ප්‍රදායික ජෝතිශය මත ඉදගෙන තීරණය ගන්නා අයට වෙන හානිය ඉතාමත් සූක්ෂම විදියට කතා කරලා තියෙනවා.එය සැබෑ ලෙසම ජෝතිශය හැල්ලු කිරිමක් නොවේ.නිර්මාණ කරුවා එයින් පහදා දෙන්නේ.ලොකය අලුත් වෙනවා.ඒ අස්සේ ඔයා තාමත් මිත්‍යා මත වල එල්ලිලා ඉන්නවානම් කොහොමද ජීවිතය දින්නේ කියලා. Motivation වෙන්න, ලොකය ඔයා එනකන් බලා සිටිනවා.මේ අදහස නිර්මාණය තුලින් දෙන්න ඔහු උත්සහ ගන්නවා.
චිත්‍රපටයේ ඉතාමත් විශිෂ්ඨ දර්ශන ඇතුලත් වෙලා තියෙනවා. රාගවගේ මවගේ කකුලේ අමාරුවට පියා තෙල් ගාන දර්ශන බලන කෙනෙක්ට සාමාන්‍ය දර්ශනයක් උවත් කතාවේ හරය එක්ක ගත්තාම එය ඉතාමත් විශිෂ්ඨ දර්ශනයක් කියලා මට හිතෙනවා.ඔවුන් සියල්ල මද්යම ප්‍රාන්තික මිනිසුන් ජීවිතය බොහෝ විට ගැට ගහ ගන්නේ ඉතාමත් අපහසුවෙන් එහෙම අවස්තාවල බිරිද සැමියා එක නිවසක සිටියත් ඔවුන් කතා බහ නොකර තත්වයන් වලට එලබෙනවා.එත් මේ නිර්මාණ කරුවා පෙනවා දෙනවා.සල්ලී වලට වඩා ඔවුන්ගේ සමගිය ඉතාමත් ඉහලයි කියලා.ඒ වගේම රගවගේ පියා කෙතරම් කෙන්ති ගන්න කෙනෙක් උවත් එය ඒ මොහොතට පමනක් සීම වෙන දෙයක් කියලා ඔයාට මේ කොටස් වලින් ඉතාමත් හොදින් තෙරුම් ගන්න පුළුවන් වෙනවා.මේ අවස්තාවේ තමයි රාගුට තමන්ගේ වියාපාරයට ඕන කරන මුදල් හම්බෙන්නේ දෙමාපියන්ගෙන්.ඒ සිදුවිම එක්ක අපිට නිර්මාණය කරුවා ඉතාමත් හොදට Motivation සංකල්පය අපේ මනසට එකතු කරනවා.
රාගවගේ ගෙදර පුංචි පුංචි වචන හුවමාරු වෙනකොට.එවා ඉතාමත් හොදින් සාමදාන විදියට දරාගන්න ආකාරය සූක්ෂම ඇසකින් බලා මේ කතාව තුළ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ගැමි සමාජයේ දේව භක්තිය, දේවපුජා ඒ වගේම දෙවියන්ට පූජා පවත්වලා මිනිසුන්ගේ හිත් සැනසෙන ආකාරය මේ සියල්ල චිත්‍රපටය තුලින් පෙන්වා දී තියෙනවා. පළවෙනි හොරාව පුරාවට රාගව ජිවත් වන සාමජය ගැන ඉතාමත් හොදින් කතා කරන නිර්මාණ කරුවා. නරඹන අපට වෙනස්ම විදියේ අත්දැකීම් රාශියක් ලබා දීලා තියෙනවා කියලා මට හිතෙනවා.
සැබෑ ලෙසම නිර්මාණය කරුවා උත්සහ ගන්නේ මඩෙන් පිපෙන පියුමක් එලියට ගන්න.මඩේ තියන ගෝර කටුක බව නිර්මාණය තුලින් පෙන්වලා දීලා තියෙනවා. සැබෑ ලෙසම රාගව තමන්ගේ අරමුන වෙනුවෙන් එක දිගට ගන්නා උත්සහයන් තියෙන්නේ දෙවන හෝරාවේ සිටයි.නිර්මාණය කරුවා නැවත සාන්ද්යා තිරයට ගෙන එමට වගේම ඇය තුළ රාගවට තියෙන ආදරය ගරුත්වය පෙන්වීමට ඉතාමත් ලස්සන දර්ශනයක් යොදාගෙන තියෙනවා.
රාගවගේ පියා සන්ද්‍යාගේ පියාට ඉඩමක් විකුණන අවස්තාවේ සන්ද්‍යාගේ පියා ඉතා කපටි වැඩක් කරන බව සන්ද්‍යා රාගවට පැවසීමට යනවා. නමුත් ඒ වෙලාවේ දුරකතනයේ මුදල් නොමැති වීම නිසා එය රී චාච් කර ගැනීමට සන්ද්යාට කඩයට යන්න සිද්ද වෙනවා. ඒ අවස්තාවේදි ඇගේ හැසීරීම එක්ක එන දර්ශන ඉට කදිම නිදසුනක් විදියට මම දකිනවා.
" මාමේ මට ඉක්මනින් ෆොන් එක රීච්ජ් කර ගන්න ඕනා
කරුණාකර ඔයාගේ අංකය පොතේ ලියන්න...
මාමේ එච්චර වෙලා නැ මට ඉක්මනින් කර ගන්න ඕනා
අංකය කියන්න....
9880362...
ආ ආ හෙමින් කියන්න.."
දත් මිටි කමින් ඇස් ලොකු කරමින් තොල් හපා ගනිමින් ඉතාමත් වීර්ය ලෙස නවයේ ඉලක්කම ඇය පවසනවා. එතනින් ඉදන් පිලිවලට අංක පවසා අවසානයේ 2 අංකය පවසන විට ඇය ඉතාමත් පහත් ස්වරයකින් හුස්ම ඉවත් කරමින් එය පවසනවා.ඒය චිත්‍රපටය තුල ඉතාමත් අලංකාර මෙන්නම විනොදාත්මක දර්ශනයක් කියලා මට හිතෙනවා.
එතනින් පසු රාගවගේ ආදරය සමග ඔහුගේ වියාපාරයේ දියුණුව වෙනුවෙන් කතාව වෙන් කරලා තියෙනවා.එතන් සිට මෙය චිත්‍රපටයේ ප්‍රදාන තේමාව ඔස්සෙම ගලාගෙන යනවා.ඒ වගෙම රාගවට එන ප්‍රශ්න එක්ක ඔහු සටන් කීරිමෙදී ඔහුගේ හැගීම් වෙනස් වෙන විදිය.දුර්වල වෙනකොට සන්ද්‍යා වගෙම අම්මා ඔහුගේ හයියට ඉන්න විදිය නිර්මාණ කරුවා ඉතා සූක්ෂම විදියට චිත්‍රපටය පුරාවට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඒ තුලින් ඉතමත් සංයමයකින් Motivation සංකල්පය ඉතා හොදට පෙන්නුම් කරනවා.
චිත්‍රපටය තුලින් මිනිසුන් සිතන ආකාරය වෙනස් කරොත් අපිට ලොකයක් වෙනස් කරන්න පුළුවන් යන හැගීම ඇති කරන්න උත්සහ අරන් තියෙනවා.එක් අවස්තාවක රාගවට කරදරයක් වෙලා තියෙන කුණු කන්ද ඉවත් කිරිමට ඔහු ගන්න පුංචි වෙනස් සිතිවිල්ල ඉතා ප්‍රභල විදියට ඒ අවට සියලු දෙනාගේ ජිවිත වෙනස් කරලා තියෙන විදිය නිර්මාණ කරුවා අපට පෙන්වලා දීලා තියෙනවා.
වියාපාරයක් කියන්නේ හරියට ගහක් වගේ,වියාපාරයක් පටන් ගන්නවා කියන්නේ පැලයක් හිටවනවා වගේ දෙයක් කියලා මම ඔයාට කීවා. එය හිටවන එක ලේසී උනත් එය පවත්වාගෙන යන්න තියෙන අපහසුතාවය ගැන මෙහිදී හොදින් අපට පෙන්වලා දෙනවා.ඒ වගෙම එහෙම පටන් ගත්ත පොඩි පැලය ලොකු විශාල ගසක් උන දාට ඒ ගස ලොකයට සෙවනක් දෙනවා වගේ වියාපාරයත් මිනිසුන් දහස් ගානකට සෙත සළසනවා කියන සංකල්පමය අදහස තමයි මේ නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ.
මේ චිත්‍රපටයේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා කියලා මට හිතෙනවා.රාගවගේ විශිෂ්ඨත්වය ගැන කතා කිරිමෙදී මිට වඩා එයට අවදානය ලබා දුන්නානම් මේ තුලින් ලබාදෙන පණිවිඩය තවත් අරතවත් වෙන්න තිබුනා යන්න මගේ අදහසයි. තවද චිත්‍රපටය පුරාවටම සන්ද්‍යාගේ කටහඩ ඇහෙන අවස්තාවන් ඇත්තේ ඉතාමත් අල්පව නිසා ඇයගේ චරිතය තවත් ප්රණවත් උනානම් මේ කතාවට ආලොකයක් එන්න තිබ්බා.චිත්‍රපටය අවසානයේ කොමඩි කොටස් එකතු කරලා තිබිම චිත්‍රපටයේ තේමාවට කවර සම්බන්ධයක් එකතු කිරිමක් ද යන්න මට ගැටලුවක්.ඒ වෙනුවට රාගවගේ දියුණුව ගැන තව දුරටත් කතා කරානම් හොදයි යන්න මගේ හැගීමයි.
ආනන්ද් දෙවකොන්ඩාගේ චරිතය චිත්‍රපටය පුරාවටම අනර්ගයී කියලා මට හිතෙනවා.අධ්‍යක්ෂකවරයා ඔහුව ඉතා හොදින් හසුරවලා තියෙනවා.තරුණයෙක්ගේ ආකල්ප නොසන්සුන් බව, ආදරය ,මිතුරු කම වගකීම් සහගත බව ඒ වගේම සතුටින් සිටින අවස්තාවල සතුට මේ සියල්ල ඉතාමත් හොදින් ඔහු තුලින් නිර්මාණය කිරිමට අධ්‍යක්ෂක සමත් වෙලා තියෙනවා. ඒ නිසා ආනන්ද් දෙවකොන්ඩාගේ සිනමා ජිවිතය මින් ඉදිරියට සුභ දායක වෙයි කියලා මම හිතනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ විනොද් අනන්තොජු විසින් වන අතර රංගනයෙන් දායක වන්නේ ආනන්ද් දේවකොන්ඩා ,වර්ෂා බොලම්මා යන අයයි.මෙම චිත්‍රපටය ඉතාමත් ලස්සන තෙලෙගූ ගීත කිහිපයකින් අලංකාර වන අතර චිත්‍රපටය 2020 නොවැම්බර් 20 දින ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් උනා. චිත්‍රපටය විනාඩි 136 පුරාවට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.
Motivation ගැන යම් තරමක හරී දැනුමක් එකතු කරන්න කළ සාර්ථක නිර්මාණයක් විදියට අපිට මේ චිත්‍රපටය හදුන්වලා දෙන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)
0 comments