Posted by : Tharuka Niroshan
Friday, November 27, 2020
Middle Class Melodies 2020
ගූගල් පරීශිලක දර්ශකය 95%
IMDB 7.5/10
"කෙනෙක් දුප්පත් විදියට ඉපදෙනවානම් එය ඔහුගේ වරදක් නෙවෙයි.එත් දුප්පතෙක් විදියට මිය යනවානම් එය ඔහුගේ වරදක්"
( විජය දේවකොන්ඩාගේ මල්ලී වන ආනන්ද් දෙවකොන්ඩාගේ රංගනයෙන් හැඩ වෙයි.)
පුංචි කාලේ අපෙන් අපේ අම්මලා තාත්තාලා අහපුවාම කවුරු වෙන්නද කැමති කියලා අපි ගත් කටටම කියන්නේ දොස්තර කෙනෙක් නැත්නම් ඉංජිනිය කෙනෙක් වෙන්න ආසයි කියලා.එත් ටික ටික ලොකු වෙන්න වෙන්න ලොකය දකින්න දකින්න අපේ හීන වෙනස් මගකට ගමන් කරනවා.ඒ අතරින් කෙනෙක් වියාපාර කරන්න පටන් ගන්නවා.වියාපාර කරනවා කියන්නේ හරියට ගහක් හිටවනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.පුංචි පැලයක් විදියට පටන් ගන්න වියාපාරයක් මහා ශක්තියමත් ගහක් වෙන්න ලොකු කාලයක් යනවා.ඒ යනකොට ඒ පැලයට දරාගන්න බැරි වෙන්න හුලං හමන්න පුළුවන්. ගං වතුර ගලන්න පුළුවන්.එත් අපිට එවා නවත්වන්න බැ එත් පැළය බෙරාගන්න පුළුවන්.එකට අපි කරන්න ඕන අනුවර්තනය වෙන එක.
"ඔයා දන්නවා ද ලෝකයෙම ආදරය දිනාගත් priyanka chopra ගේ රස්සාව තමයි රග පාන එක.. එත් පහුගිය මාස හයේදී ඇයට රගපාන්න එලියට යන්න උනේ නැ.ඒ කාලේ ගෙදරට වෙලා පොතක් ලීවා.පොත දාලා පැය 12 යනකොට එය එක්සත් ජනපදයේ වැඩියෙන්ම අලවි වෙන පොත වෙනවා.අනුවර්තනය වෙන්න "
(උපුටා ගැනීමක්)
ඔයා හිතනවා ඇති ඇයි අද මම Motivation ගැන කතා කරන්නේ කියලා අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. ජිවිතය දින්න, ලොකය ඉදිරියේ තමන්ගෙම කියලා නමක් ලියාගන්න කැමති ඕනම කෙනෙක්ට මේ කතාව නිදහසේ බලන්න පුළුවන්. චිත්‍රපටය 100% සාර්ථක නොවෙන්න පුළුවන් එත් ඔයාගේ ජිවිතයට පොඩි හරී වෙනසක් කරන්න මේ කතාවට පුළුවන් වෙයි කියලා මම හිතනවා.
රාගව කියන්නේ අම්මා තාත්තා එක්ක ගොඩක් ආදරෙන් උස් මහත් වෙන කොල්ලෙක්.එයා ජීවිතය වගෙම ලොකේ දිහා බලන්නේ වෙනස්ම විදියට එයා ආසායි තමන්ට කියලා.ලොකය ඉදිරියේ නමක් හදාගන්න.එකට තමන්ට තියෙන එකම හැකියාව යොදා ගන්නා රාගව අභියෝගය බාරගෙන ජිවතයේ අවදානත්මක අඩිය තියෙනවා.ඉතින් මේ රාගවගේ ජිවිතය සාර්ථක වෙයි ද ? මේ ගැන තමයි අද කතාවේන් ඔයාලට බලාගන්න වෙන්නේ.
චිත්‍රපටය ආරම්භ වන්නේ ඉංදියාවේ සංස්කෘතික එක්ක බැදුණු චාරිත්‍රත් එක්ක.ඔවුන් ගවයාට පූජනීය ආකාරයෙන් සලකන ආකාරය පිලිබද ඉතාමත් අලංකාර ලෙස අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම නිර්මාණ කරුවා අප්ට රාගව හදුන්වලා දෙනවා.ඒ වගේම ඇගේ පියාගේ මවගේ ගති ලක්ෂණ , ඔවුන් ජිවත් වෙන ආකාරය සියල්ල ඉතා කුඩා දර්ශන කිහිපයකින් ගුණාත්මක විදියට නිර්මාණ කරුවා කතා කරනවා. එත් එක්කම එක් ගීතයකින් ඉංදියාවේ නගරවල මිනිසුන් උදෑසන සිය කටයුතු ආරම්භ කරන විදිය සියල්ල ඉතාමත් අලංකාර ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.ඒ දර්ශන එක්ක එන නැවුම් බව නිසාම චිත්‍රපටයේ ආරම්භය ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.ආරම්භයේදිම නිර්මාණ කරුවා අපව Motivation කරනවා.අලුත් දවසක් ආරම්භ වෙලා ලොකය දුවනවා.ඔයත් වැඩ කරන්න නිකන් ඉන්න එපා කියලා.
ඒත් සමගම රාගවගේ පෙම්වතිය, මිතුරා හා ඔහුගේ පෙම්වතිය හදුන්වා දිමට නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ වගේම රාගවගේ සිහිනය සැබෑ කර ගැනීමට ඔහු තබන පළවෙනි පියවර ගැනත් මේ සමගම නිර්මාණ කරුවා කතා කරනවා.ඒ අනුව පැහැදිලි වෙන්නේ මේ නිර්මාණයට අපිව ග්‍රහණය කරගෙන එක කොනයකින් නිර්මාණය දිහා බැලිමට අවස්තාවක් සාදා දිලා තියෙනවා කියලා . එතනින් පසු එක් ගීතයක් තුලින් සන්ද්යාගෙයි රාගවගෙයි ආදරය කතාවක් පෙන්නුම් කරන්න නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙය අනවශ්‍ය උත්සහයක් කියලා.නමුත් මම එය දකින්නේ ඉතාමත් හොද සංයෝජනයක් කියලයි.එය කෙටි ගීතයකින් ඉදිරිපත් නොකලානම් සම්පූර්ණ කතාවේ වැඩ් වෙලාවක් ආදරය වෙනුවෙන් වෙන් කරන්න සිද්ද වෙනවා.එහෙම උනානම් එය නිර්මාණයේ මූලීක තෙමාවට බාදාවක් වෙන්න තිබුනා.නමුත් රාගවගේ මිතුරාගෙන් ඉතාමත් හොදින් ආදරය කතාවක් නිර්මාණය කීරිමට නිර්මාණ කරුවා සමත් වන අතර එමගින් සාම්ප්‍රදායික ජෝතිශය මත ඉදගෙන තීරණය ගන්නා අයට වෙන හානිය ඉතාමත් සූක්ෂම විදියට කතා කරලා තියෙනවා.එය සැබෑ ලෙසම ජෝතිශය හැල්ලු කිරිමක් නොවේ.නිර්මාණ කරුවා එයින් පහදා දෙන්නේ.ලොකය අලුත් වෙනවා.ඒ අස්සේ ඔයා තාමත් මිත්‍යා මත වල එල්ලිලා ඉන්නවානම් කොහොමද ජීවිතය දින්නේ කියලා. Motivation වෙන්න, ලොකය ඔයා එනකන් බලා සිටිනවා.මේ අදහස නිර්මාණය තුලින් දෙන්න ඔහු උත්සහ ගන්නවා.
චිත්‍රපටයේ ඉතාමත් විශිෂ්ඨ දර්ශන ඇතුලත් වෙලා තියෙනවා. රාගවගේ මවගේ කකුලේ අමාරුවට පියා තෙල් ගාන දර්ශන බලන කෙනෙක්ට සාමාන්‍ය දර්ශනයක් උවත් කතාවේ හරය එක්ක ගත්තාම එය ඉතාමත් විශිෂ්ඨ දර්ශනයක් කියලා මට හිතෙනවා.ඔවුන් සියල්ල මද්යම ප්‍රාන්තික මිනිසුන් ජීවිතය බොහෝ විට ගැට ගහ ගන්නේ ඉතාමත් අපහසුවෙන් එහෙම අවස්තාවල බිරිද සැමියා එක නිවසක සිටියත් ඔවුන් කතා බහ නොකර තත්වයන් වලට එලබෙනවා.එත් මේ නිර්මාණ කරුවා පෙනවා දෙනවා.සල්ලී වලට වඩා ඔවුන්ගේ සමගිය ඉතාමත් ඉහලයි කියලා.ඒ වගේම රගවගේ පියා කෙතරම් කෙන්ති ගන්න කෙනෙක් උවත් එය ඒ මොහොතට පමනක් සීම වෙන දෙයක් කියලා ඔයාට මේ කොටස් වලින් ඉතාමත් හොදින් තෙරුම් ගන්න පුළුවන් වෙනවා.මේ අවස්තාවේ තමයි රාගුට තමන්ගේ වියාපාරයට ඕන කරන මුදල් හම්බෙන්නේ දෙමාපියන්ගෙන්.ඒ සිදුවිම එක්ක අපිට නිර්මාණය කරුවා ඉතාමත් හොදට Motivation සංකල්පය අපේ මනසට එකතු කරනවා.
රාගවගේ ගෙදර පුංචි පුංචි වචන හුවමාරු වෙනකොට.එවා ඉතාමත් හොදින් සාමදාන විදියට දරාගන්න ආකාරය සූක්ෂම ඇසකින් බලා මේ කතාව තුළ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ගැමි සමාජයේ දේව භක්තිය, දේවපුජා ඒ වගේම දෙවියන්ට පූජා පවත්වලා මිනිසුන්ගේ හිත් සැනසෙන ආකාරය මේ සියල්ල චිත්‍රපටය තුලින් පෙන්වා දී තියෙනවා. පළවෙනි හොරාව පුරාවට රාගව ජිවත් වන සාමජය ගැන ඉතාමත් හොදින් කතා කරන නිර්මාණ කරුවා. නරඹන අපට වෙනස්ම විදියේ අත්දැකීම් රාශියක් ලබා දීලා තියෙනවා කියලා මට හිතෙනවා.
සැබෑ ලෙසම නිර්මාණය කරුවා උත්සහ ගන්නේ මඩෙන් පිපෙන පියුමක් එලියට ගන්න.මඩේ තියන ගෝර කටුක බව නිර්මාණය තුලින් පෙන්වලා දීලා තියෙනවා. සැබෑ ලෙසම රාගව තමන්ගේ අරමුන වෙනුවෙන් එක දිගට ගන්නා උත්සහයන් තියෙන්නේ දෙවන හෝරාවේ සිටයි.නිර්මාණය කරුවා නැවත සාන්ද්යා තිරයට ගෙන එමට වගේම ඇය තුළ රාගවට තියෙන ආදරය ගරුත්වය පෙන්වීමට ඉතාමත් ලස්සන දර්ශනයක් යොදාගෙන තියෙනවා.
රාගවගේ පියා සන්ද්‍යාගේ පියාට ඉඩමක් විකුණන අවස්තාවේ සන්ද්‍යාගේ පියා ඉතා කපටි වැඩක් කරන බව සන්ද්‍යා රාගවට පැවසීමට යනවා. නමුත් ඒ වෙලාවේ දුරකතනයේ මුදල් නොමැති වීම නිසා එය රී චාච් කර ගැනීමට සන්ද්යාට කඩයට යන්න සිද්ද වෙනවා. ඒ අවස්තාවේදි ඇගේ හැසීරීම එක්ක එන දර්ශන ඉට කදිම නිදසුනක් විදියට මම දකිනවා.
" මාමේ මට ඉක්මනින් ෆොන් එක රීච්ජ් කර ගන්න ඕනා
කරුණාකර ඔයාගේ අංකය පොතේ ලියන්න...
මාමේ එච්චර වෙලා නැ මට ඉක්මනින් කර ගන්න ඕනා
අංකය කියන්න....
9880362...
ආ ආ හෙමින් කියන්න.."
දත් මිටි කමින් ඇස් ලොකු කරමින් තොල් හපා ගනිමින් ඉතාමත් වීර්ය ලෙස නවයේ ඉලක්කම ඇය පවසනවා. එතනින් ඉදන් පිලිවලට අංක පවසා අවසානයේ 2 අංකය පවසන විට ඇය ඉතාමත් පහත් ස්වරයකින් හුස්ම ඉවත් කරමින් එය පවසනවා.ඒය චිත්‍රපටය තුල ඉතාමත් අලංකාර මෙන්නම විනොදාත්මක දර්ශනයක් කියලා මට හිතෙනවා.
එතනින් පසු රාගවගේ ආදරය සමග ඔහුගේ වියාපාරයේ දියුණුව වෙනුවෙන් කතාව වෙන් කරලා තියෙනවා.එතන් සිට මෙය චිත්‍රපටයේ ප්‍රදාන තේමාව ඔස්සෙම ගලාගෙන යනවා.ඒ වගෙම රාගවට එන ප්‍රශ්න එක්ක ඔහු සටන් කීරිමෙදී ඔහුගේ හැගීම් වෙනස් වෙන විදිය.දුර්වල වෙනකොට සන්ද්‍යා වගෙම අම්මා ඔහුගේ හයියට ඉන්න විදිය නිර්මාණ කරුවා ඉතා සූක්ෂම විදියට චිත්‍රපටය පුරාවට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඒ තුලින් ඉතමත් සංයමයකින් Motivation සංකල්පය ඉතා හොදට පෙන්නුම් කරනවා.
චිත්‍රපටය තුලින් මිනිසුන් සිතන ආකාරය වෙනස් කරොත් අපිට ලොකයක් වෙනස් කරන්න පුළුවන් යන හැගීම ඇති කරන්න උත්සහ අරන් තියෙනවා.එක් අවස්තාවක රාගවට කරදරයක් වෙලා තියෙන කුණු කන්ද ඉවත් කිරිමට ඔහු ගන්න පුංචි වෙනස් සිතිවිල්ල ඉතා ප්‍රභල විදියට ඒ අවට සියලු දෙනාගේ ජිවිත වෙනස් කරලා තියෙන විදිය නිර්මාණ කරුවා අපට පෙන්වලා දීලා තියෙනවා.
වියාපාරයක් කියන්නේ හරියට ගහක් වගේ,වියාපාරයක් පටන් ගන්නවා කියන්නේ පැලයක් හිටවනවා වගේ දෙයක් කියලා මම ඔයාට කීවා. එය හිටවන එක ලේසී උනත් එය පවත්වාගෙන යන්න තියෙන අපහසුතාවය ගැන මෙහිදී හොදින් අපට පෙන්වලා දෙනවා.ඒ වගෙම එහෙම පටන් ගත්ත පොඩි පැලය ලොකු විශාල ගසක් උන දාට ඒ ගස ලොකයට සෙවනක් දෙනවා වගේ වියාපාරයත් මිනිසුන් දහස් ගානකට සෙත සළසනවා කියන සංකල්පමය අදහස තමයි මේ නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ.
මේ චිත්‍රපටයේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා කියලා මට හිතෙනවා.රාගවගේ විශිෂ්ඨත්වය ගැන කතා කිරිමෙදී මිට වඩා එයට අවදානය ලබා දුන්නානම් මේ තුලින් ලබාදෙන පණිවිඩය තවත් අරතවත් වෙන්න තිබුනා යන්න මගේ අදහසයි. තවද චිත්‍රපටය පුරාවටම සන්ද්‍යාගේ කටහඩ ඇහෙන අවස්තාවන් ඇත්තේ ඉතාමත් අල්පව නිසා ඇයගේ චරිතය තවත් ප්රණවත් උනානම් මේ කතාවට ආලොකයක් එන්න තිබ්බා.චිත්‍රපටය අවසානයේ කොමඩි කොටස් එකතු කරලා තිබිම චිත්‍රපටයේ තේමාවට කවර සම්බන්ධයක් එකතු කිරිමක් ද යන්න මට ගැටලුවක්.ඒ වෙනුවට රාගවගේ දියුණුව ගැන තව දුරටත් කතා කරානම් හොදයි යන්න මගේ හැගීමයි.
ආනන්ද් දෙවකොන්ඩාගේ චරිතය චිත්‍රපටය පුරාවටම අනර්ගයී කියලා මට හිතෙනවා.අධ්‍යක්ෂකවරයා ඔහුව ඉතා හොදින් හසුරවලා තියෙනවා.තරුණයෙක්ගේ ආකල්ප නොසන්සුන් බව, ආදරය ,මිතුරු කම වගකීම් සහගත බව ඒ වගේම සතුටින් සිටින අවස්තාවල සතුට මේ සියල්ල ඉතාමත් හොදින් ඔහු තුලින් නිර්මාණය කිරිමට අධ්‍යක්ෂක සමත් වෙලා තියෙනවා. ඒ නිසා ආනන්ද් දෙවකොන්ඩාගේ සිනමා ජිවිතය මින් ඉදිරියට සුභ දායක වෙයි කියලා මම හිතනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ විනොද් අනන්තොජු විසින් වන අතර රංගනයෙන් දායක වන්නේ ආනන්ද් දේවකොන්ඩා ,වර්ෂා බොලම්මා යන අයයි.මෙම චිත්‍රපටය ඉතාමත් ලස්සන තෙලෙගූ ගීත කිහිපයකින් අලංකාර වන අතර චිත්‍රපටය 2020 නොවැම්බර් 20 දින ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් උනා. චිත්‍රපටය විනාඩි 136 පුරාවට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.
Motivation ගැන යම් තරමක හරී දැනුමක් එකතු කරන්න කළ සාර්ථක නිර්මාණයක් විදියට අපිට මේ චිත්‍රපටය හදුන්වලා දෙන්න පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
0 comments