Irandam Kuththu
Irandam Kuththu 2020
ගූගල් පරීශිලක දර්ශකය 64%
IMDB 3/10
හොල්මන් කෙල්ලගේ ආශාව
ඔයාලා දන්නවාද , කළාවකට පුළුවන් මිනිසෙක්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න ,අපි හිතන පතන දෙවල් වෙනස් විදියට දකින්න කලාවකට පුළුවන්. එකයි කලාව විශ්ව භාෂාවක් කියලා කියන්නේ. ඔයා දන්නවාද අපි කතා කරන කාමය උනත් නිරුවත නොපෙන්වා ඉතා ලස්සනට පෙන්නන කළාවට පුළුවන්.
මවු කුසකින් එලිය දකින කුඩා දරුවා මිය යන තාක් ඔහු හොදින් හැගීම් වලින් පොෂණය වෙයි.ඒ අතර ආදරය,විරහාව වගේම කාම ආශාවත් මූලික තැනක් ගනී.අප සියල්ලම මොහොතකට ආගම ධර්මය අමතක කර විද්‍යාව තුලින් හිතුවොත් මේ ලොකෙට අප බිහී වී ඇත්තේ නව පරපුරක් බිහීකිරිමටය.නමුදු සතුන් මෙන් අපට එය කළ නොහැකිය. අප සැම විටම යම් රාමුවක් තුළ එය සිදු කරයි.එයින් පරීබාහිරව යම් යම් දෙවල් සිදු වීම වැලක්වීමට නීතී හා අයිති වාසිකම් සම්පාදනය කරගෙන ඇත.කුඩා දරුවන් කුඩා කාලයේ ඉගෙන ගත යුතුය.වයසින් මුහුපුරා ගිය විට ඔවුන්ට මවු පියන් විය හැකිය.මෙය සමාජ සම්මතයයි.එයින් පිට පැනීම තුලින් අපට නොයෙක් අවලාද වගේම අපහාස විදිමට සිදුවේ. කුඩා දියනියක් හා පුතෙකු එකට සෙල්ලම් කිරිමට තැබුවහොත් ඔවුන් ඉතා මිත්‍රශීලී විදියට එය සිදු කරයි.එහීදී ඔවුන් යම් අවස්තාවක් ඇදුම් ඉවත් කර ගත්තා වුවද ඔවුන්ගේ ශරීරයේ වෙනස් කම් ගැන එතරම් තැකීමක් නොකරයි.එහෙත් වයස 10/12 පහු වීගෙන එන විට සාමජය වගේම ශරීරයේ සිදුවන වෙනස් වීම සමග මේ ශරීර වල වෙනසට එකීනෙකා ඇලුම් කරයි.එය සාමාන්‍ය දෙයකී.කාන්තාවකගේ ශරීරය ලිංගිකව මෙන්ම මානසිකවද පිරිමියාගේ ශාරීරයට වඩා වෙනස් ය. පිරිණු මාංශයන් සමග ඇති මේ කාන්තා ශරීරයට පිරීමි අය ඇලුම් කරයි.මේ ඇලුම් කීරිම සමග ඇගේ ශරීරයේ රසය විදිමට ඔවුන් පෙළබේ.
කකුළුවන් වතුර බදුනකට දැමු විට ඔවුන් ඉතාමත් සතුටින් එහේ මෙහේ ඉපීලමින් සීටී.නමුත් ඒ වතුර බදුන අප රත් කරන්නේ නම් ඒ වේදනාව නිසාම ඒ කකුලුවන් මිය යයි. මේ වගේ සංකල්පනාවක් කාමය හා බැදේ. කාමය ගින්නකී නමුත් එය ගින්නක් වන්නේ අප එය යොදා ගන්නා ආකාරයෙනී.ඉතින් අද මේ කාම රසය ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.
වීරා කියන්නේ ගොඩක් විනොදයෙන් ජිවත් වෙන කොල්ලෙක් ඉතින් මෙයාට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම හොද යාලුවෙක් එයගේ නම තමයි වාසු. මේ දෙන්නා කොහොම හරී ලොකු වෙලා කසාද බදිනවා.කසාද බැදලා හනිමුන් එකට යන ගෙදර අත්බූත දෙයක් වෙනවා.ඒ මොකක්ද කියලා තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ..
චිත්‍රපටය නිර්මාණයේදී නිර්මාණ කරුවා හැගීම් වලට මුලික තැන දීලා තියෙනවා. සතුට, ආදරය , හාස්‍යය , කාමය හා බය කියන මේ සියල්ල එකතු කරගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඒ එක් එක් කොටසක් ගැන පොඩ්ඩක් වෙන වෙනම කතා කරමු.
සතුට = චිත්‍රපටය ආරම්භයේ සිටම මුනට හීනාවක් ගෙන විදියට තමයි නිර්මාණ කරුවා මේ නිර්මාණය සිදු කරලා තියෙන්නේ, එක නිසා අවාසානය වෙනකන් හීනාව එක්ක තමයි චිත්‍රපටය බලන්න වෙන්නේ...
ආදරය = මේකේ කපල් දෙකක් ගැන කතා කරනවා, එක නිසා අපිට ඔවුන් තුලින් ආදරය ගැන ලොකු හැගීමක් දෙන්න නිර්මාණ කරුවාට පුළුවන් වෙලා තියෙනවා.
හාස්‍ය = මේ කතාවේ එන සිදුවිම් එකිනෙකට එකක් වෙනස් එක නිසා හාස්‍යජනක විදියට බලන්න පුළුවන්
කාමය = චිත්‍රපටය කාමය ගැන ගොඩක් කතා කරනවා ඉතින් එකත් එකතු කරලා තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නේ
බය = චිත්‍රපටයේ හොල්මනක් ඉන්න නිසා බය කියන දේ අනිවාර්යයෙන් ඔයාගේ හිතට එනවා..
කතාව ආරම්භ වෙන්නේ අලුත බැදපු කපල් එකක් එයාලාගේ මංගල දිනය සමරණ සිදු විමත් එක්ක.අපි දන්නවානේ කොල්ලෝ වගෙම කෙල්ලොත් ගොඩක් කාමයට ආසයි කියලා.කොහොම හරී කොල්ලාට වඩා කෙල්ල මේ වැඩෙට ආසයි ඉතින් ඒ ආසාව හින්දාම එයා දාන රෙද්දක් ගිණි අරන් දෙන්නම මිය යනවා. මේ දර්ශනය සාර්ථක දර්ශනයක් විදියට මම දකින්නේ නැ.දෙන්නා රතියේ යෙදෙන ඇද වගෙම කාමරේ ගිනි ගන්නකන් ඒ දෙන්නා දන්නේ නැ.ඒ කියන්නේ එහෙම වෙන්නනම් එයාලාගේ සංවේදීතාව බිංදුවක් වෙන්න ඕනා.එහෙම ගත්තාම ඒ දර්ශනය මට හරී දුර්වල දර්ශනයක් විදියට තමයි පෙන්නේ.ඔවුන් මේ රතිය විදින ආකාරය පුංචි කවි පෙළකින් ඉදිරිපත් කරන්නම්.
රත කමල බද මොනරුන් තිසරු ලියා
යහනේ සැතපෙමින් රති කෙලිනා අයුරු යොමා
දෙතොලේ පහස විද සුර සැප විමන් සදා
හැගුමන් අවදි වෙයි කුමරුගේ දැහැන් බිදා
ගැහෙන හදට වැහෙන රුධිරය විදින සද
නිබද සිපින රැදෙන විමන දෙයතේ තණ
රතිය කෙලින විට හඩ නගනා අයුරු බල
කුමරිය ගිමන් නොහරති සුරං දකින කල
තබා දෙතොල හඩ මී විත යොමන කල
කඩා හැලෙන දිගු කෙස් වැටි නොවැදි හල
දිගා ලෙසින් නැත දිග හැර නොවිදිති සැප
පමා නොවි විදිති ඇගේ රන් ගතේ සුව
කුඩා දරුවන් මල් වගේ.එයාලාගේ අදහස් වගෙම සිතිවිලි හරිම ප්රයජනකයි.නමුත් කුඩා කළ දරුවන් කියන කතා තුලින් අප සිතනවාට වඩා දෙයක් තිබෙන බව ඉතා හොදින් මේ නිර්මාණ තුලින් නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.සමහර අවස්තාවලදී ළමුන් කතා කරන දෙවල් අපේ වැඩිහිටි මනසට අනුව තෙරුම් ගතහොත් එය කුණුහරුපයක් වෙන්න පුළුවන් .
"එලදෙනෙක්ට හතරක් තියෙනවා.
එත් කෙල්ලෙක්ට තියෙන්නේ දෙකයි.
මොනාද ඒ "
බැලු බැල්මට මෙයින් කියවෙන්නේ පියයුරු ගැන බව අපට සිතේ නමුත් මේ දරුවා කතා කර ඇත්තේ කකුල් ගැනය.
චිත්‍රපටය පුරාවටම නිර්මාණ කරුවා ලිංගිකත්වයේ විවිද අවස්තාවන් ගැන කතා කිරිමට උත්සහගෙන ඇති අතර සමාජයේ මිනිසුන් කෙතරම් නිරුවත් දර්ශන නැරබිමට පෙළබී ඇත්ද යන්නත් ඔහු ඉතා අපූරුවට කතාව තුලින් පෙන්නුම් කිරිමට සමත් වෙලා තියෙනවා.
අසභ්‍ය දර්ශන ඇති සාමජ ජාල වෙබ් අඩවී දිනයක රජයන් විසින් තහනම් කළහොත් එයින් සමාජයේ පිරිම් ජනයාට සිදු වෙන අපහාසුතාව ගැන කතා කිරීමට pornhub වැනී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ඇදුම් පවා නිර්මාණ කරුවා යොදාගෙන තිබෙනවා. තවද චිත්‍රපටයට කාම රසය එකතු කිරිමට මේ අවස්තාවේම ඉතාමත් ලස්සන දර්ශන කිහිපයක් යොදාගෙන තිබෙන අතර එම නිසා මෙය නරඹන කාන්තාවන්ගේ මෙන්ම පිරිම් අය තුලද යම් ලිංගික හැගීමක් උද්දීපනය වෙනවා නොවනුමානයි.
සමලිංගීක සේවනයේදී පිරීමී දෙදෙනෙක් සිදු කරන්නේ කුමන ආකාරයේ ක්‍රියාවන්ද යන්න නිර්මාණ කරුවා අපට පෙන්වාදෙන අතර එහීදී ඔහු නිරුවත් දර්ශන භාවිතා කරත් එවා හයිට් කිරිමට උත්සහගෙන තිබිම විශේෂ කරුණකී.
අඹු සැමියන් අතර ලිංගීක ජිවිතයන් ඇති වීම සැබෑ ජීවිතයේදී පවා පුදුම විය යුතු කරුණක් නොවේ.මෙහීදී ඔවුන් තමන්ගේ ලිංගික ජිවිතයේ අදහස් හුවමාරු කර ගැනීමට අලංකාර වචන භාවිතා කරයි.ඒ වගෙම සංකේතද යොදා ගනී.නිර්මාණය කරුවා මේ කරුණු චිත්‍රපටය තුලට මනා කොට ගලපා තිබීම මා දකින් විශේෂ ලක්ෂණයකී.තරුණ අවිවාහක කෙනෙක් හට මේ චිත්‍රපටය හුදු විනොදයක් පමනක් උවත් මෙය විවාහක කෙනෙක් හට වෙනස් රසයක් එකතු කරයි.ලොව පුරා බොහෝ විවාහයන් විනාශ වීමට හෙතුව වන්නේ දෙදෙනා තුළ ලිංගිකත්වයේ ඇති නොදනුවත් කම හා අනවශ්‍ය පීඩනය බව ඔබත් මාත් දන්නා කරුණකී.එය එසේ වන විට මේ නිර්මාණ කරුවා තව දුරටත් ලිංගිකත්ව මැජික් එකක් නොවන බව අපට පෙන්වා දී තිබේ.
මෙහීදී කාන්තාවන්ගේ ස්වංවින්දනය නිර්මාණය තුළ කතා කිරිමට නිර්මාණ කරුවා අමතක කර නැත.නමුත් මෙහී ඇති විශේෂත්වය වන්නේ එහීදී කිසිම කාන්තාවකගේ නිරුවතක් මෙහී නොපෙන්වීමයි.කාන්තාවන්ද පිරිමින් මෙන් විවිද තත්වයන් සමග ආදරයෙන් බැදේ.එහීදී පිරිම් ශරීරයේ ඔවුන් සලකා බලන කරුණු ගැන විවිද දර්ශන තුලින් නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.
චිත්‍රපටය ඒ සමග තවත් සිදුවිම් මාළාවක් සමග එකතු වෙනවා.ඒ සියල්ල සාමාන්‍ය සිදුවිම් වන අතර සාමාන්‍ය කෙල්ලෙක්ගේ හැසිරිම් ඒ සියල්ල සමග එකතු කරලා තියෙනවා. ඒ සමග නිර්මාණ කරුවා ගීතයක් එකතු කරලා තියෙනවා. ඒ ගීතය මගින් නැවත කුඩා හෝ රාගීක් හැගිමක් ලබා දීමට ඔහු සමත් වෙලා තියෙනවා.ගිතය තුළ රූගත කිරිම් කිරිමේදී නිලියගේ පියයුරු, බුරිය , කකුල් , පෙදෙස් නිතර දර්ශන කිරිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.
ඒ වගෙම පිරිමි අයෙක්ට කාමුහික හැගීම ආව විට ඔහුගේ ශරීරය වෙනස් වන ආකාරය ඉතා නිර්මාණශී ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් එහිදී නිර්මාණ කරුවා නිරුවත් දර්ශන යොදා නොගනීම නිසා. එය වෙනම රසයක් එක්ක නිර්මාණය කරලා තියෙනවා කීවොත් මම නිවරදී. ඒ වගේම මෙය අවස්තාවක් කරගෙන පිරිමි අය තමා තනියම කාම පහස විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් අපූරු වියාංගාර්තයක් එක්ක පෙන්නන නිසා බොහෝ අයට එය තෙරුම් ගැනීමට අපහසු වෙනවා.මේ වෙනකොට නිර්මාණ කරුවා හාස්‍ය සමග කාමය එකතු කරලා වෙනම රසයක් නරඹන අයට ලබා දීලා තියෙනවා.
මේ රසය වෙනස් නොකර තබා ගැනීමට නිර්මාණ කරුවා වියංගාර්තයෙන් වචන භාවිතා කරලා තියෙනවා.එම නිසා මුලදී නරබන අයට එක් තෙරුමක් ලබාදෙනවා, නමුත් ටික වෙලාවකින් අප සිතු දේ නෙවෙයි වෙන දෙයක් ගැන කතා කරේ කියලා ඔහුම පවසා සිටිනවා.එය ඉතාමත් අපූරු සංකලනයක් කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ පළවෙනි පැය ගෙවෙනවා. සැබෑ ලෙසම ඔහු අඹු සැමියන් ලෙස ගත කරනකොට හැසිරෙන සියලු ආකාර නිර්මාණත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.වැදගත් කරුන වන්නේ ඒ කිසිදු ආවස්තාවක නිරුවත නිර්මාණ කරුවා නොපෙන්විමයි. ඒ වගේම හැගීම් පාලනය මුලින්ම රාගීක සිතුවිල්ල හිතට දීලා පසුව හාස්‍ය එක්ක හීනාව එකතු කරනවා එය ඉතාමත් අලංකාරයි.
චිත්‍රපටය මෙතෙක් වෙලා ගලාගෙන ගිය ආකාරය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා බය එකතු කරලා තියෙනවා.නමුත් මෙය එතරම් වෙලාවත් පවත්වා ගැනීමට ඔහු අපට ඉඩ දෙන්නේ නැ නිර්මාණ කරුවාට මේ වෙලාවේ නැවත රාගීක සිතුවිල්ල නරඹන අයට ලබාදිමට අවශ්‍ය වෙනවා.ඒ සදහා ගණිකාවක් යොදා ගන්නවා.එහීදී ඔහු පිරිමි අයෙක්ගේ හැගීම් උද්දීපනය කරන කන්තා ලක්ෂණ ගැන ගොඩක් දුරට කතා කරනාවා. පියයුරු, ලැම ,ගෙල , කකුල් නිතර පෙන්විම නිසා එය අපට පැහැදිලි වෙනවා. චිත්‍රපටය එතන් සිට ඉතාමත් රසවත් ආකාරයෙන් ගලාගෙන යනවා. ඉතාමත් විනොදකාමී විදියට තමයි ගලාගෙන යනවා.
චිත්‍රපටයේ ඉතාමත් අලංකාර ගීත වලින් පොහොසත් වන අතර.එහී රූප රාමු සරාගී දර්ශන වලින් සමන්විත වෙයි.එමෙන්ම චිත්‍රපටය තුල පිරිම් ලිංගික අවයවයේ රූපයක් යොදා ගැනීම තවත් වීශේෂ කරුණකී.
චිත්‍රපටය පුරාවටම ඉතාමත් දීප්තිමත් වරණ යොදාගෙන තියෙනවා.නිතරම නිලියන් දෙදෙනාම කොට ඇදුම් ඇදිම සිදු කිරිම තුලින් චිත්‍රපටය තවත් අලංකාර කරලා තියෙනවා.අපි සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන්ගේ 64 මායම් ගැන කතා කරනවා. එය තෙලෙගූ සමාජයක උවත් වෙනක් නොවෙන බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. සූරූපී ස්ත්‍රීන් දෙදෙනාගෙම මෙන්ම හොල්මන් කාන්තාව තුලින්ද ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා.එයින් කොටසක් මම එකතු කරන්නම්,
පියයුරු නැටවීම,
ඉගටිය පැද්දීම නැටවිම
වරළස ලිහා ගෙනයාම
ඇග පසග පෙන්වමින් ගමන් කීරිම
නාඹිය පෙනෙන සේ ඇදුම් ඇදීම
පයින් බිම ඉරී ඇදීම
බඩ අත ගැම
දිව නැටවීම
ඇස අඩක් වසා බැලීමලීම
මේ ලක්ෂණ සියල්ල චිත්‍රපටය තුල තිබෙනවා. පළවෙනි චිත්‍රපටය ( Iruttu Araiyil Murattu Kuththu 2018 ) හා ගත් විට මේ චිත්‍රපටයේ කුඩා කුඩා වෙනස් කම් කිහිපයක් දැක ගැනීමට හැකි විය.එකම කතාවක් එකම ආකාරයෙන් චිත්‍රපට දෙකෙම ගලා යයි.දීර්ඝ කාලයකට පසු චිත්‍රපටය තුලින් රාජෙන්ද්‍රන් අපට හමු වේ.ඔහුගේ රංගනය දර්ශන තල කිහිපයකට පමනක් සිම විම කණගාටුවට කරුණකී.
චිත්‍රපටයේ සංකල්පය ඉතාමත් හොදයි කියලා කියන්න පුළුවන්.චිත්‍රපටයට A ශේණියක් ලැබිලා තියෙනවා. ඒ වගේම ද්විත්ව අරතයන් ගැන චිත්‍රපටය තුලින් කතා වෙලා තියෙනවා.එම අර්තයන් විහිළු ලෙස යොදා ගැනීම නිසා බොහො තරුණ අය චිත්‍රපටයට කැමත්තක් දක්වලා තියෙනවා. චිත්‍රපටය බොහෝ අංශවලින් පොහොසත් නිසා නිශ්පාදනය ඉතාමත් හොදයි කියලා කියන්න පුළුවන්.
සමස්තයක් විදියට ගත්තාම මේ චිත්‍රපටය වැඩිහිටි (18+) අයට ඉතාමත් විනොදයෙන් බලන්න පුළුවන්.පළවෙනි භාගයේ චිත්‍රපටයට ඇති කරපු හැගීම් දෙවන භාගයෙදී මැදක් වෙනකන් යටපත් කිරිම නිසා එය තරමක් මන්දගාමී ලෙස තිබ්බා කියලා කියන්න පුළුවන්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් පී ජයකුමාර් විසින් වන අතර රංගනයෙන් සන්තෝෂ් හා රාජෙන්ද්‍රන් යන දාකය වෙයි.විනාඩි 120 පුරාවට රස විදිය හැකි මෙම සිනමා නිර්මාණය 2020 නොවැම්බර් 14 නිකුත් උනා.එහී අන්තර්ජාල පිටපත් 2020 දෙසැම්බර් 04 දින නිකුත් කරන්නට යෙදුනා.
Ee Maya Premito
Ee Maya Peremito 2018
ගූගල් පරීශිලක දර්ශකය 87%
IMDB 6.1/10
සොයා යන ආදරය ද? සොයා එන ආදරය ද වටින්නේ...
" විනාඩියක් ඉන්න මාමේ, ඔයා ඔයාගේ දුවට පරීපූර්ණ මිනිහෙක් දෙන්නනේ හිතන්නේ, එත් මෙහේ කවුරුත් පරීපූර්ණ නැ "
"මෙතනදී අපි බලන්න ඕන එක්කෙනාට එක්කෙනා ගැලපෙනවාද කියලා විතරයි"
"මාමේ තාත්තෙක් විදියට ඔයා කොයි වෙලේද අසමත් වෙන්නේ දන්නවා ද?"
"ඔයාගේ දුවගේ සතුටුම දවසෙත් ඇස් වලින් කදුළු අවොත්,තාත්තෙක් විදියට ඔයා අසමත් වෙයි"
මම ඔයාගෙන් මෙහෙම අහනවා.ඔයා ආදරය කරනවා ද? ඔයාගේ ආදරය කොයි වගේද ? කෙනෙක් කියයි මගේ ආදරයනම් ගොඩක් ලස්සනයි.තව කෙනෙක් කියයි මගේ ආදරය ඒ තරම් ලස්සන නැ කියලා.කොහොම හරී ඉතින් අපි ආදරය කරනකොට ඇත්තටම අපේ හදවතේ නවතින්නේ පළවෙනි ආදරය එක්ක නෙවෙයි,අපේ හිතට ගොඩක් දැනුන ආදරය එක්ක. ආදරය නිසා ජීවිත කොච්චර සුන්දර වෙනවාද? සමහර අයගේ ජිවිත ඉපදුන දවසේ ඉදන් වැනෙන්නාට ලොව වැනෙනවා වගේ.එත් යාලුවනේ ඒ කෙනාට ලස්සන ආදරයක් හම්බ උනොත් ඒ ජිවිතය ගොඩක් වෙනස් වෙනවා.එහෙනම් ඒ සොදුරු ජිවතයේ නවාතැන ආදරය සොයාගෙන අද අපි යමු.
ශ්‍රී රාම් චන්ද්රාමුර්ති කියන්නේ ගොඩක් විනොදයට බර කොල්ලෙක්.කොල්ලෝ කොහොමත් එහෙමයි කියලා ඔයාලා දන්නවානේ යාලුවනේ.එත් මෙයා ගොඩක් ගුණ ගරුකයි.එක නිසාම මෙයාට ගොඩක් යාලුවෝ වගේම අසල්වැසියනුත් ඉන්නවා.ඉතින් මෙහෙම ඉන්න මෙයාගේ ජිවිතයට වෙනස්ම රසයක් එකතු කරන්න සූරංගනාවියක් එනවා.මේ සුරංගනාවිය කවුද එයා හින්දා මෙයාගේ ජිවිතය කොහොම වෙනස් වෙයි ද? කියලා ගොඩක් ලස්සනට අපට මේ කතාව තුලින් බලාගන්න පුළුවන් වෙනවා.
ඔයාලා දන්නවානේ දෙමාපියන්ට ඉන්න එකම සම්පත එයාලාගේ දරුවෝ කියලා.එයිනුත් පොඩි දියනියක් ඉන්නවා කියන්නේ අම්මා තාත්තාගේ හිතට එන බර වැඩී.මමනම් හිතන්නේ දුවක් හදනවා කියන්නේ තනිකරම තාත්තා කෙනෙක් ගිණිගොඩක ඉන්නවා වගේ කියලා.කෙනෙක් හිතයි ඇයි මම එහෙම කීවේ කියලා.එකට හෙතු ගොඩක් තියෙනවා.සමාජය එක්ක බැලුවාම ඔයාට එක තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.තාත්තා කෙනෙක් දුවෙක්ට තියෙන ආදරය සෙනෙහස කොච්චරක් ද කියලා නිර්මාණය කරුවා ආරම්භයෙදිම අපට පෙන්නවනවා.එම නිසා ආරම්භය විනොද කාමී වගෙම සිත් ඇදගන්නා සුළුයි කියලා කියන්න පුළුවන්.
" දැක්කේ නැද්ද ඔයා බිම වතුර හැලිලා තියෙනවා. තව ටිකෙන් බබාව වැටෙනවා."
" වැටෙනවා කියලා දන්නවානං නවත්වන්න එපැ"
" එච්චර සතුටින් යනකොට නවත්වන්නේ ඇයි කියලා හිතුනා"
ඒ කොටස් වලින් කෙතරම් අපූරුවට නිර්මාණ කරුවා පියෙක්ගේ හිතේ ඇති ආදරය ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ද කියලා අපට පැහැදිලි වෙනවා.ඕනම පියෙක් දරුවන් සැප විදිනවා බලන්න ආස කරයි.දරුවන් තමාට වඩා ඉහලින් සිටිය යුතු යෑයි ඔහු නිතරම සිතයි.විවහයෙදී වුවත් දරුවන් ඉහල නිල තළ වල අය සමග විවාහ වීම යහපතක් ලෙස ඔවුන් දකී.මෙය සාදාරණයි ද? නිර්මාණ කරුවා අපෙන් ආරම්භයෙදීම ප්‍රශ්න කරයි.
අනතුරුව කතාවේ වීරයා තිරයට හදුන්වා දීම සිදු කරන අතර එම කොටස ඉතාමත් ගම්බීර ආකාරයෙන් නිර්මාණය කිරිම විශේෂ කරුණකී.එහීදී සාමාන්‍ය තරුණයෙක්ගේ ජිවිතය සරළ අයුරින් ගලාගෙන යන ආකාරය ගැන කතා කිරිමට උත්සහ ගනී.එමෙන්ම පීතෘ මුලික සමාජයක් උවත් ගැහැණියට තෙලෙගු සම්ප්රදාය තුල ඇති ගරුත්වය ගැන ඉතාමත් අලංකාර දර්ශන තළ මගින් පෙන්නුම කර්යි. තවද ඒ දර්ශන තල වල දේව පිංතුර වලට වඩා බුද්ද පිංතුර තිබීම සිනමාවට අදාල කරුණක් නොවුනත් මගේ කොනයෙන් බැලු කල විශිෂ්ඨ සංකලනයක් විදියට මා දකී.
ලොකය තුල ආදර කතා විවිද ආකාරයෙන් පවතී.කෙනෙක් පවසන්නේ සොයා එන ආදරය වටින බවය.තවත් අයෙක් පළවෙනි බැල්මෙන් ඇති වන ආදරය විශ්වාස කරයි.තවත් අයෙක් දෙමාපියන් සොයා දෙන කෙනෙක් හට ආදරය කර ජිවිතය ගෙවා දමයි.ඒ කෙසේ වෙතත් මේ ආදරය ඉට වඩා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තිබේ. සාමාන්‍ය ජිවිතයෙදී කොල්ලෙක් කෙල්ලගේ පස්සෙන් ගොස් ආදරය විමසයි.එහීදී ඕනම කෙල්ලෙක් පළවෙනි වරට දෙන පිලිතුර ආදරය කළ නොහැකිය යන්නයි.නමුත් එතන් පටන් කොල්ලා විවිද අවස්තා උපයෝගී කරගෙන කෙල්ලගේ හිතේ වීරයෙක් විමට උත්සහ ගනී.එය සැබෑ ලෙසම කෙල්ලන් බලාපොරොත්තු වෙන දෙයක් ලෙස මා දකී.නමුත් මෙහීදී සිදු වන්නේ ඉට හත්පසින්ම වෙන දෙයකී.මෙහී දී කොල්ලා කෙල්ල ඉදිරියේ වීරයකු විමට උත්සහ නොගනී.කෙනෙක් සැබෑ ජිවිතයේ කොල්ලාටම කැමති වෙයි.
එවිට ඔබට ගැටලුවක් පැන නැගේ එනම් සැබෑ ජිවිතයේ කොල්ලා කියන්නේ කවුද කියලා. ඕනම කොල්ලෙක් කෙල්ලෙක් තමන් ආදරය කරන කෙනා ලග රංගනයක යෙදෙන බව අමුතුවෙන් කිව යුතු නැත.නමුත් මේ චරිත වලිදී ආදරය වෙනුවෙන් වෙනම වු රංගනයක කොල්ලා නොයෙදිම නිසා මෙය බොහො දෙනෙක්ගේ හදවතට මෙතරම් දැනෙන්නට ඇති කියා මට සිතේ.
ආදරණීය චන්දු !
ඔබ මගේ හදවත සොරකම් කළාක් මෙන්
මගේ ආදරණීයයා දෙස බලා නොසිටින්න
ඔයා මාත් එක්ක නැ,එත් මගේ හැම හුස්මකම ඔයා ඉන්නවා
ඔබ හා මම අතර
මෙය මොන වගේ නාදුනන බැදිමක් ද?
මම මොහොතකට ඔබේ ආදරය එක්ක ඔබව තනි කරන්නම් ඔබේ ආදරය කරපු දවසේ ඔයා එයාගේ කැමති උන හැගීම් කිහිපයක් තිබුනා.මම මේ කියන දෙවල් ඇත්තටම ඔයා එයාගෙන් දැක්ක ද කියලා හිතලා බලන්න.
පළවෙනි හැගීම තමයි පෙනුම
ඔයාලා අහලා ඇතිනේ සුදු කෙල්ලෝ කළු කොල්ලන්ට කැමති කියලා.ඒ වගේ හැමොගෙම හිතේ මේ වගේ පාට කෙනෙක් හිටියොත් හොදයි කියලා අදහසක් තියෙනවා.
දෙවන හැගීම තමයි රසය
රසය කීවම ඉතින් අපි ආදරය කරන කෙනාව කාලා බලන්න බැ.එතනදී එයත් ඔයත් ආස දෙවල් තියෙනවා නේ අන්න එකට තමයි රසය කියන්නේ.ඔයා හිතන්නකෝ ඔයා චොකලට් කන්න ආසයි කියලා.එයත් සමහර විට එකට ආස වෙන්න පුළුවන්.
තුන්වන හැගිම තමයි සුවද
එක ඉතින් දන්නවානේ අපි ආදර කරන කෙනාගේ ජීවන සුවද අපේ හදවතේ තියෙනවා.එක අමතක කරන්න බැ
හතර වන හැගිම තමයි කටහඩ
මිනිසුන් දහසක් මැද උනත් ඔයා ආදරය කරන කෙනා ඔයාට හොයා ගන්න පුළුවන් එකට හෙතුව එයාගේ කටහඩ අපගේ හදවතේ තියන නිසා.
පස්වන හැගිම ස්පර්ශය.
අපි ආදරය කරන කෙනා අපේ අතෙන් ඇල්ලුවත් එක අපිට ගොඩක් දැනෙනවා.ඇත්තටම මෙතනදී අතට වඩා සිප ගැනීම ගැන තමයි කතා කරන්නේ..
ඉතින් ඔයාට හිතෙනවා ඇති ඇයි මම මෙවා කීවේ කියලා.එකට හෙතුව මේ කතාව බලනකොටම ඔයාට තෙරෙයි කියලා මට හිතෙනවා.ඒ වගෙම ආදරය ඇති වීම ලස්සනට නිර්මාණය කරලා තියෙන නිසා ඉතාමත් සාර්ථක ආදර කතාවක් විදියට මම මේ කතාව දකිනවා.ඒ වගෙම ඒ අවස්තාවන්ට උචිත වන ආකාරයෙන් තෙලෙගු ගීත වගෙම දර්ශන තළ යොදා ගැනීම තුල ඉතාමත් හොද ආදර රසයක් අපගේ හදවතට එකතු වෙනවා.කුඩා දරුවන් භාවිතා කීරීම නිසා නිරහංකාර රසයක් නිර්මාණයට ලබා දීලා තියෙනවා.
අපි ආදරය කරනකොට ආදරය තුල ලොකයක් මවාගෙන හීන මවන්න පුළුවන්. එත් ලොකයට ජීවයක් දෙන්නනම් දෙදෙනාගේ විශ්වාසය වගෙම මූල්‍යමය හැකියාවත් තිබිය යුතුයි.කොල්ලෙක් වගකිම් විරහිත ආකරයෙන් කටයුතු කරනකොට එය මාමන්ඩි පහදා දී ඔහුව වගකීම් සහිත පුදගලගෙක් කීරීම ඉතාමත් හොද සංකලනයක් විදියට මම දකිමී.සාමාන්‍ය සිනමාව තුල ආදරය කරන විට කොල්ලා පොහොසත් වන අතර ආදරය පමනක් මුලික තැන තබා කටයුතු කරයි.නමුත් ඒ සිමාවෙන් පිටතට පැමිණ සැබෑ ලොකය සමග සැසදිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.
පිරිමි කෙනෙක් වගකීම් විරහිත බව පසක් කොට වගකිම් දරණ කෙනෙක් බවට පත් වීමෙදී ආදරය යම් යම් සීමා වලට ලක් වේ.එහීදී කාන්තාව සිතන්නේ ආදරය වෙනස් වී ඇති බවය.සැබෑ ජිවිතයෙත් එය එසේමය.කෙල්ලෝ ආදරය විදින්න ආස කරනකොට කොල්ලෝ සොයන්නේ නිදහසය.මේ සංකල්පය ඉතා හොදින් නිර්මාණය තුලට ගෙන එමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
යම් අවස්තාවක ශ්‍රී රාම් චන්ද්රාමුර්ති ජිවතයේ වගකීම් දරණ අවස්තාවේ ඔහුට බැන මේ යුවතිය ඔහුව හැර යයි.එහීදී නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරන්නේ කොල්ලෙක් වගකීම් දරන්න පොඩි කාලේ සිට හුරු කරනවානම් ඇයි කෙල්ලෙක් එසේ නොකරන්නේ යන්නයි.ඒ වගෙම අවසානයේදී යුවතියගේ පියාගේ හැසීරිම තුලින් නරඹන අපට යම් කොපයක් ඇති උවත් ඔහු අසාධාරණ කෙනෙක් ලෙස මට හැගී නොයයි.පියෙක් විදියට දරුවන්ව තෙරුම් ගත හැකිනම් දරුවන් ලබන ඉහලම සතුට එය බව නිර්මාණ කරුවා අවසානයේ අපට පවාසා සීටී.
ශ්‍රී රාම් චන්ද්රාමුර්තිගේ ක්‍රියාදාම රාශියකින් හැඩ ගැන්වෙන මෙම සිනමාපටය ඉතාමත් රසවත් ආරම්භයක් හා අවසානයකින් සමන් විත වීම නිසා කිසිම මොහොතක අප සිනමා සිත්තමක් නරඹනවා යන්න සිතට නොනැගේ.පවුලක මවකගේ යුතුකම්, පියෙකුගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම් වගෙම පවුල තුල සමගිය ගැන ඉතා සූක්ෂම දර්ශන යොදාගෙන නිර්මාණ කරුවා කතා කර තිබේ.
සමස්තයක් විදියට ගත් කළ ඉතා හොද නිර්මාණයක් විදියට අපට මෙම චිත්‍රපටය හදුන්වලා දෙන්න පුළුවන්.නමුත් මෙහී ගීත වලට විනාඩි 21 වැය කිරිමත් චිත්‍රපටයේ කාලය ඉතා සීමිත විමත් කණගාටුවට කරුනකි.මෙය තවත් කොටස් කිහිපයක් සමග එකතුව නැරඹීමට තිබුනානම් හොදයි යන්න මාගේ අදහසයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රාමු කොප්පොලා විසින් වන අතර රාහුල් හා කාවියා ප්‍රදාන චරිත නිරූපණය කරයි.චිත්‍රපටයේ පසුබිම් කතනය නානී විසින් සිදු කිරිමත් විශේෂ කරුණකී.ඉතා අලංකාර ගීත පහකින් සමන් විත වන මෙම සිනමා සිත්තම 2018 සැප්තැම්බර් මාසයේ 21 නිකුත් කළ අතර එය මිනිත්තු 113 පුරා ඔබට නැරඹීමට හැකියාවක් ඇත.
Subscribe to:
Posts (Atom)
0 comments