Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
Bombay 1995
ගූගල් පරීශිලක දර්ශකය 91%
IMDB 8.1/10
ජාතිය ඉදිරියේ මිලින නොවු ආදරය.
මේ ලොකෙට ඔයා ඉපදෙනකොට කවමදාවත් ඔයා හිතන් හිටියා ද මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා.එහෙම නැත්නම් මගේ අම්මා තාත්තා මේ වගේ කෙනෙක් කියලා නැ නේද ? ඒ හැමදෙම ඉගෙන ගත්තේ අපි හැදුන පරිසරයත් එක්ක නේද ? ලොකේ හරිම පුදුමයි අපි හැමොම කතා කරනවා මම මුස්ලිම් මම කතොලික කියලා එත් කවදාවත් අපි සිතනවාද අපි සියල්ලොම මිනිසුන් කියලා. ආදී කාලයේ ජන සමාජය ගැන කතා කරොත් එයාලා කෙතරම් සමගියෙන් සතුටින් සිටියේද? නමුත් මැත යුගයක් වන විට ඒ සංතොෂය අවසන් වී ඇත්තේ මිනිසාගෙම හෙතු නිසාම නොවේද? අපි ජාතීන් විදියට බෙදිලා ආගම් වලින් බෙදිලා කළු සුදු කියලා බෙදිලා. අපි අපේ ජාතිය දිනවන්න කැ මොර දෙනවා.
අයිතිවාසිකම් කියමින් බොහෝ සෙයින් ලේ වැගීරිම් කරනවා.එහෙම කරලා අන් ජාතියේ පරාජය දැකලා හුරේ දානවා.දාලා කැ ගහනවා.එත් අපි මිනිසුන් විදියට දවසින් දවස පිරිහෙනවා කියලා කිසිම කෙනෙක් හිතන්නේ නැති වීම කණගාටුවට කරුණක්.ඉංදියාවේ උවත් අපේ රටේ උනත් පරිපාලන පහසු කරගන්න ප්‍රාන්ත විදියට බෙදා ගන්නවා.එත් මිනිසුන් ප්‍රාන්ත වෙනුවෙන් මරා ගන්නවා.මිනිසා මිනිසාවම පාගා දමන යුගයක දියුණුව කෙසේනම් අප සාදාරණීකරනය කරන්නද? අප මේ ගත කරන්නේ 21 වන සියවසයි.තාක්ෂණය අතින් බොහොමයක් දියුණුයි එත් අපි අපේ මනසින් හැගිම් වලින් ඒ දියුණුව ලබාගෙන තියෙනවා ද?
ජාති බේද ආගම් බේද නිසා මිනිසුන් මිනිසුන්වම මරා ගන්නා ආකාරය ගැන මේ නිර්මාණය පුරාවටම ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඉතාමත් ලස්සන ගිතයකිනී.මේ ගීතය බොහෝ දෙනාගේ හදවත බැදගත් බවට නම් සැකයක් නැත.අප නිතර දකින සිනමාවේදී ආදරය ගිතයක් බොහෝ විට රූගත වන්නේ බාහිර පරිසරයේදීය නමුත් මේ ගිතයේ සියළුම දර්ශනයන් රූගත කර ඇත්තේ තිරුමලෙයි නායක්කර් මහල් හීදී විම විශේෂත්වයකී. ගීතය තුල ඔවුන් දෙදෙනාගේ ආදරය වැඩෙන ආකාරය ඉතාමත් අලංකාරයෙන් ඉදිරිපත් කර ඇත. ගීතයට ආවේනීක නර්තනය නිසාම මේ කොටස් තවත් අලංකාර වී ඇතිවාට සැකයක් නැත.
" මා කුමක් පවසන්න ද.. නාදුනන තරුණයෙක් මා දෙස හොරහින් බලමින් සිටී "
අප ලොක සිනමාව ගැන කතා කිරිමේදී දමිළ සිනමාවට හිමි වන්නේ ඉතාමත් ඉහල තැනකී එම දමිළ සිනමාවේ ඇති සැබෑ රසය ඉතාමත් අලංකාර ලෙස පැරණි නිර්මාණය තුල ගැවසී ඇති බවට ඔබත් මමත් දන්නා කරුණකී.
ඉන් පසු කතාව ගලාගෙන යන්නේ මේ දෙපලගේ ආදරය ඇති වන ආකාරය තිරය තුලින් ඉදිරිපත් කරමිනී. සැබෑ ජිවිතයේදී උවද තරුණියක් පිටුපසින් යන්නේ තරුණයකී.නමුත් කිසි විටකත් පළමු අවස්තාවෙන්ම ඇය මේ තරුණයාගේ ආදරය පිලි නොගනී.එය එසේ උවත් තමාගේ ආදරය සපතයක් බවට ඔහු නිතර ඇයට එත්තු ගැනීමට ඉඩ හරින අතර එය සිනමාව තුලින් ඉතාමත් අලංකාර ලෙස ඉදිරිපත් කර ඇත.තවද මේ දර්ශන කිහිපය බොහොමයක් දෙබස් වලින් තොර වීම විශේෂ කරුණකී.හැගිම් හා භාවයන්ට මුල් තැන දිමට නිර්මාණ කරුවා උත්සහගෙන ඇති අතර එම නිසාම මේ ආදරය ඉතාමත් හොදින් අපගේ මනසට කා වදී.
ආදරය අපගේ හදවතට ඇති විමට කාලයක් වගේම ජාතියක් බල නොපායී.මේ ආදර කතාවද එලෙසය. මොවුන් දෙපල ආගම් විදියට ජාතින් දෙකක් උවත් ආදරයේදී හැගිම් අතින් එකම කොටසකී. මේ හදවතේ ඇති වු ආදරය මුලු ලොකයට හොරෙන් ඇයට පවසන්න නිර්මාණ කරුවා ඉතාමත් විශිෂ්ඨ දර්ශන තලයක් යොදා ගනී.
ආදරය ප්‍රකාශ කිරිම හා සමගම ඇයගේ පිලිතුර බලාපොරොත්තුවෙන් තරුණයකු සිටින සාමාන්‍ය කරුණකී. නිර්මාණ කරුවෙක්ට නිර්මාණය තුලදී එය කදිම අකාරයෙන් පෙන්වා දිමට හැකිය. එය මේ නිර්මාණය තුල ඉතා විශිෂ්ඨ ආකාරයෙන් පෙන්වා දී ඇත.දර්ශන තල මෙන්ම යම් යම් සිද්දින් පිලිබද කතා කිරිමෙදී එය ඉතාමත් හොදින් පැහැදිලි වේ. ආදරයේ පිලිතුර බලාපොරොත්තුවෙන් ඔහු සිටින්නේ මුහුදක් ලග ගල් තලාවකය. සියල්ල අවිනිශ්චිත බව ඔහු හොදින් දන්නා කරුණකී. ඒ සියල්ල හා මේ මොහෝතේ ඔහුගේ හිතේ ඇති වන හැගිම් නිර්මාණ කරුවා ඉතාමත් ලස්සන ගීතයකින් ඉදිරිපත් කිරිමට සමත් වේ.
මේ ගීතයේදී ගීතයේ පළවෙනි කාල කොටසේදී මේ තරුණයා ඇය කෙරෙහී කෙතරම් ආදරයක් දක්වන්නෙද යන්න ඉතාමත් හොදින් ඉදිරිපත් කරයි.ආදරය වෙනුවෙන් ජිවිතය උවද පරිත්‍යාග කළ හැකි බව ඔහුගේ සිතේ ඇති වන හැගිම ඉතාමත් අලංකාර ලෙස රූප රචනය කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත. තවද ඉතාමත් ලස්සන දමිළ උපමා යොදා ගනිමින් ඇයගේ සුන්දරත්වය පරිසරයට සමාන කිරිමට මේ ගීතයෙන් සමත් වී ඇත.
" ඔබ මට ආදරය කරයි නම්, මා වෙත පැමිනෙන්න.. ඔබ මට අහිමි වුනොත්, මා මහ පොලවට එකතු වෙමී."
ලොකයේ ජාති බේදය බොහෝ විට සාගරය මෙන් ප්‍රභල බව මේ ගීතය නරඹන ඔබට දර්ශන කිරිමට නිර්මාණ කරුවා සමත් වෙනවා.මේ සමස්ත ගීතය රූගත වෙන්නේ මුහුදත් සමග වීම නිසා චන්ඩ රල වලට ජාතී බේදී හැගිම ආරෝපණය කල හොත් එය අපට ඉතා හොදින් පැහැදිලි වෙනවා. ගීතයේ මද්‍යම කොටසේදී ඇය ඔහු කෙරෙහී ඇති ආදරය පෙන්නුම් කරනවා.එහීදී ඇය මුස්ලිම් නිසා ඇදගෙන සිටින බුර්කාව ඉවත් වී යන දර්ශන මගින් ආදරයට ජාති බේදය බල නොපාන බව නිර්මාණ කරුවා නොකියා පවසා සීටිම වැදගත් කරුණකී.
" මා ආලයෙන් පිරුණු ගංගාවක් නම්, මා අද මහ සයුර සොයා පැමිනියා."
ගීතයේ තෙවන කොටසේදී ඔවුන් දෙදෙනාගේ එකතු විම ඉතාමත් ලස්සනට පෙන්නුම් කරනවා. අද අප දකින දමිල සිනමාවේ ගීත වල මේ රසය බොහෝ විට ඉවත් වී ගිහින් තිබීම කණගාටුවට කරුණකී.සිනමාවේ ගීතයකින් සිනමාවේ කතාවට කෙතරම් බලපෑම්ක් සිදු කර හැකිද යන්න අපට මේ කොටස් නැරඹීම තුලින් ඉතාමත් හොදට පැහැදිලි වෙනවා.
පලවෙනි අඩහොරාවම ඉතාමත් ලස්සනට ආදර කතාවක් විදියට නිර්මාණ කරපු නිර්මාණ කරුවා දෙවන අඩ හොරාව ආරම්භ කරන්නේ මේ චිත්‍රපටයේ ප්‍රදාන තේමාවට සමගය. ආදරය කරන දෙදෙනෙකුගේ එකම ප්‍රාර්තනාව විවහා වී එක වහලයක් යටට ඒමය. නමුත් ජාතින් දෙකක් ආතර ඇති වෙන ආදරයකදී දෙමාපියන් කෙසේනම් කටයුතු කරයි ද ?
" මං කැමති.. ඔයාගේ දුව... ශයිලා භානුව, විවාහ කර ගන්න.
බැහැපන් එලියට !
ඈ බල්ලෝ.. උබ දන්නවා ද ? මේ කාටද කතා කරන්නේ කියලා..
මේ දැන් දෙවියෝ වැන්දා විතරයි නැත්නම් මං දනී උඹට කරන දේ!
අපේ කුලය වෙනස්.. කවදාවත් එවා එක වගේ වෙන්නේ නැ
අපි දෙන්නාගේ ලේ එක වගේ "
අපිට ලෙඩක් හැදුනාම වකුගඩුවක් ඕන උනාම ජිවත් වෙන්න තියන ආශාව නිසා කාගෙන් හරි එක ඉල්ලා ගන්නවා.එතනදී එයා මොන ජාතියකට අයිති කෙනෙක් ද කියලා මොහොතකටවත් සිතන්නේ නැ.නමුත් මෙවනි විවහයේදී ජාතිය , කුලය ආගම ගැන ලොකුවට පුරජාරු දොඩවනවා.මේ සිද්දිය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා තිරය මතට ගෙන එනවා.තවද මේ සංසිද්දියේදී ඔහු අත කපා ලේ පෙන්වන දර්ශන ඉතාමත් සංවේදී වගෙම ඉතාමත් ගුණදායක දර්ශනයක් ලෙස මම දකිනවා.
අලුතින් විවාහ වෙන යුවලක් දෙමාපියන්ගේ ආශිර්වාදය එක්ක කුළ ගෙට පිවිසෙනවානම් එය ඔවුන්ගේ ජිවිත වලට යහපතක් ගෙන දෙන බව අප සැම දන්නා කරුණකී.නමුත් ජාති බේද වැනි හෙතුන් නිසා දෙදෙනෙක් වෙන් විම කෙතරම් සාදාරණද යන්න අපට සිතිමට කාලය එලබී ඇත.නිර්මාණය තුලදි එය ඉතාමත් අපූරු ආකාරයෙන් කතා කරන අතර එයට විශාල කාලයක් යොදාගෙන තිබිම මා දකින් විශේෂත්වයකි.දෙමාපියන් දෙපලගේ අශිර්වාදයෙන් තොරව සිය විවහා දිවියට එළබෙන ඔවුන් දෙපල කෙතරම් සතුටින් වාසය කරනවා ද යන්න ඉතාමත් හොදින් නිර්මාණ කරුවා අපට පෙන්වා දී ඇත.
ඒ දර්ශන තල වලදී කුඩා ළමුන්ගේ දගකාර කම් එකතු කිරිම මගින් ඉතා හොද පණිවිඩයක් අපට ලබා දී තිබේ.කුඩා ළමුන් මල් වගේ ඔවුන්ගේ අදහස් හා සිතුම් පැතුම් ඉතාමත් පිරිසිදුය.ඔවුන්ට ජාතිය ආගම කිසිවක් අදාල නොවේ.එය එසේනම් එවනී සුන්දර හැගිම් එක්ක වැඩි හිටි අයට ජිවත් විය නොහැක්කේ මන්ද යන්න අප සිතා බැලිය යුතුය.
ආදරය කරන දෙදෙනෙකුගේ ආදරනීයම බලාපොරොත්තුව මංගල රාත්‍රීයයි. එය කුල දෙකක අයට උවත් පොදු හැගිමකී. ආදරය සමග එන රාගීක හැගිම නිරුවතකින් පෙන්නවනවාට වඩා ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවාට පෙන්විමට හැකි නම් එය දක්ෂතාවයකි. මෙහීදී ඔවුන් තුල ඇති වෙන හැගිම් ඉතාමත් ලස්සන ගීතයකින් ඉදිරිපත් කරන අතර එම ගීතය තුලින් ඉතාමත් ලස්සන රාගීක රසයක් අපට ඉස්මතු වෙයි.කුඩා කොටස් කිහිපයකින් ආදරයයේ අග්‍රපලය විදියට මවු පදවිය ලබන බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි. මෙහීදී ඇය ජාත කරන්නේ නිවුන් දරුවන් දෙපලක් වීම නිසා කතාවේ හරයට ඉතාමත් මැනවින් එය බලපා ඇත.
මේ පුංචි දරුවන් දෙදෙනාගේ අම්මා එක ආගමක තාත්තා එක ආගමක එත් මේ දරුවෝ දෙන්නාගෙන් මේ අම්මාගේ දරුවා , මේ තාතාගේ දරුවා කියලා වෙනසක් කිරිමට අපිට හැකියාවක් ඇත් ද? නැත ඒ දරුවන්ට කැමති පරිදි කුමන ආගමක් උවත් ඇදහිමට හැකියාවක් ඇති බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.එසේනම් අප සිතිය යුත්තේ ආගමක් ඇත්තේ මිනිසාගේ නිදහස සමග එය ඇදහිමට විනා එහී වහලෙක් වී මිනිසුන් විනාශ කිරිමට නොවේ යන්නයි.
කතාවේ හරයට කෙලින්ම පහර දෙන්නේ ඉන් අනතුරුව නිසා එය තරමක් වෙනස් රසයකින් යුක්ත වේ.මිනිසුන් දේශපාලනිකව බෙදීලා තමන්ගේ බලය රැක ගන්න හුදු පොඩි මිනිසුන් කුලප්පු කරමින් කටයුතු කරයි. මේ ලොකේ දරු සෙනෙසහ ඉදිරියේ මිනිසුන්ගේ හිත් උනු වෙනවා නම් ජාතී බේද නිසා කුඩා දරුවන්ගේ ජිවිත විනාශ කළ හැකිද?
" කොල්ලෝ උබේ නම මොකක් ද?
උබේ ජාතිය මොකක් ද?
මුං දෙන්නා අපේ ජාතියේ උන් නෙවෙයි පුච්චපල්ලා "
කළ කොලාහල නිසා මිනිසුන්ගේ ජිවිත විනාශ වීම එවා වැලක් වීමට පොලිසිය ගන්න උත්සහය වගෙම අහිමී විම සමග දරු සෙනෙහස ගලාගෙන යන ආකාරය ඉතාමත් හොදින් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී තිබෙනවා.මේ නිර්මාණය බිහි වෙන්නේ 1995 වසරේ ඒ කාලය වන විට සිනමාවට යොදා ගත් තාක්ෂණය අද තරම් දියුණු තැනක තිබී නැහැ. නමුත් මේ දර්ශන තලයන් ඉතාමත් හොදින් රූගත කර තිබීම ඉතාමත් අනර්ගය.
පෙරදී මෙ දෙපලගේ දෙමාපියන් මේ ආදරයට විරුද්ද වීම නිසා ඔවුන් තනි උවත් දරුවන් ලැබීමේදී නැවත දරු සෙනෙහස ඉදිරියේ ජාතී බෙදය අමතක වී යයි. ආදරය සමග එන සෙනහස දරුවන්ගේ හුරතලය නිසා වැඩි හිටි දෙපල එකතු වෙයි. නමුත් මෙහිදී නිර්මාණ කරුවා අපට නොකියා දෙයක් පවසා සිටී.එනම් එදා දෙමාපියන්ගේ කීම ආසා මොවුන් දෙදෙනා විවාහා නොවී සිටියානම් හිත් වලින් දෙදෙනාම විදවන්නට තිබුනා නේද ? එය එසේනම් මෙතන කවුරුන් හරිද කවුරුන් වැරදි ද අප තෙරුම් ගත යුතුය.එක් දර්ශනයකදී වැඩිහිටි පියවරු දෙපල සමගී වේ.
" කළබල වෙන්න එපා එයාලා අපේ අය
සහොදරයා එන්න අපි ගෙදර යමු "
එතනින් එහාට කතාව ගලාගෙන යන්නේ ජන කොලාහලයන් සමගය. අහිමීවිම වේදනාව තරහා කුතුහලය මේ සියල්ලම එම දර්ශන වල ඉතාමත් හොදින් නිරූපනය කර ඇත.මිනිසුන් මිනිසුන්වම ජාති බේද කුළ බේද නිසා මරා ගන්න යුගයක් ලොකය කෙතරම් බිහිසුනු වෙයි ද යන්න අප සිතා බැලිය යුතුය.
" උන් උබලව රවට්ටලා
මේ අහිංසකයින්ව මරලා දන්න කලින්, අර බොරු කාරයින්ව මරලා දාපල්ලා
ඔය ආයුධ බිම දාපල්ලා!
ඕවා ඇත ඇරලා දාපල්ලා
ඉතාමත් සාර්ථක ආකාරයෙන් නිර්මාණය උන මේ චිත්‍රපටය සදහා බොහෝ සම්මානනීයන් හිමී වී ඇත.
ජාතික
1995 ජාතික චිත්‍රපට සම්මාන
ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ හොඳම චිත්‍රපටය සඳහා නර්ගිස් දත් සම්මානය - මනි රත්නම්
හොඳම සංස්කරණය - සුරේෂ්
1996 ෆිල්ම් ෆෙයාර් සම්මාන
හොඳම චිත්‍රපටය (විචාරකයින්) - එස්
හොඳම රංගන ශිල්පියා (විචාරකයින්) - මනීෂා කොයිරාල
1996 ෆිල්ම් ෆෙයාර් සම්මාන දකුණ
හොඳම චිත්‍රපටය - දෙමළ - එස්. ශ්‍රීරාම්, මනි රත්නම්
හොඳම අධ්‍යක්ෂක - දෙමළ - මනී රත්නම්
හොඳම නිළිය - දෙමළ - මනීෂා කොයිරාල
හොඳම සංගීත අධ්‍යක්ෂක - දෙමළ - ඒ.ආර්. රහ්මාන්
1996 මැට්‍රි ශ්‍රී මාධ්‍ය සම්මානය
හොඳම චිත්‍රපටය - මනි රත්නම්
1995 තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන
හොඳම ගීත රචකයා - වෛරමුතු
හොඳම කාන්තා පසුබිම - කේඑස් චිත්‍ර
1996 සිනෙගෝර් සම්මානය
හොඳම සංගීතය (දෙමළ) - ඒ.ආර්. රහ්මාන්
1996 චිත්‍රපට රසික සම්මානය
හොඳම සංගීතය (දෙමළ) - ඒ.ආර්. රහ්මාන්
1996 කලසාගර් සම්මානය
හොඳම සංගීතය (දෙමළ) - ඒ.ආර්. රහ්මාන්
අන්තර්ජාතික
1995 එඩින්බරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (ස්කොට්ලන්තය)
ගාලා සම්මානය - බොම්බේ - මනි රත්නම්
1996 දේශපාලන චිත්‍රපට සංගම් සම්මාන (එක්සත් ජනපදය)
විශේෂ සම්මානය - බොම්බේ - මනි රත්නම්
2003 ජෙරුසලම් සිනමා උළෙල (ඊශ්‍රායලය)
විම් වැන් ලීර් ස්ප්‍රීතු සඳහා නිදහස සඳහා වන සම්මානය - හොඳම විශේෂාංගය - බොම්බේ - මනි රත්නම්
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මනී රත්නම් විසින් වන අතර අරවින්ද ස්වාමී, මනීෂා කොයිරාල, යන අය රංගනයෙන් දායක වෙයි.චිත්‍රපටයේ සංගීතය ඒ. ආර්. රහමන් විසින් සිදු කරන ලද අතර චිත්‍රපටය 1995. මාර්තු 10 වන දින නිකුත් කරන ලදී. මිනිත්තු 145 පුරාවට ඉතාමත් ආසාවෙන් නැරඹීමට හැකි මේ නිර්මාණය දමිල සිනමාවේ වැඩිම ආදායමක් උපයාගත්ත චිත්‍රපටය නමින් ඉතිහාසයට එකතු විය.
89/90 වසර වල සිනමාව ගැන කතා කිරිමෙදී බොහෝ අය එම සිනමාව රසයකින් තොර බව පවසා සීටී.නමුත් මෙවනී විශිෂ්ඨ නිර්මාණ රසවිදිම තුලින් එහී ඇති සත්ත්‍ය හා අසත්‍ය බව අපට වටහා ගත හැකිය.එකල තාක්ෂණය අතින් අඩු පහසුකම් තිබුන වකවානුවක මෙවනී විශිෂ්ඨ නිර්මාණය බිහි උවානම්.අද එම හැකියාවෙන් කෙතරම් විශිෂ්ඨ නිර්මාණය බිහි විය යුතු ද? නමුත් එය එසේ නෝවිම පුදුමයට කරුණකී.අද චිත්‍රපට 10 ගතහොත් ඉන් ගුණාත්මක ලෙස නිර්මාණය බිහි වන්නේ ඉතාමත් අතලොස්සකී.
Subscribe to:
Post Comments (Atom)
0 comments