• Posted by : Tharuka Niroshan Friday, November 27, 2020


    Torchlight 2018 


    ගූගල් පරීශිලක දර්ශකය 77%


    IMDB 5/10



    කෙනෙක් ගණිකා සේවය කරොත් ඇගේ ජිවිතය පමණක් නෙවෙයි ආත්මයම විනාශ වෙලා යනවා.


    මම ඔයාගෙන් අහනවා මේ ලොකේ සුන්දරම නිමවුම මොකක්ද කියලා.ඔයා එක එක දෙවල් කියයි.මම කියනවා මේ ලොකේ සුන්දරම නිමවුම තමයි කාන්තාව. ඇගේ කුස තමයි මේ ලොකේ තියෙන උණුසුම්ම තැන.ඇය නැත්නම් අද මේක ලියන මමවත් මෙක කියවන ඔබවත් නැ. කෙල්ලෙක්ට ආදරය දුන්නොත් එයා අපිට තව ජීවිතයක් දෙනවා.යශෝදරා වගේ මහා උත්තමියන් බිහිවෙන්නෙත් කාන්තාවක් නිසා.මේ ජීවිතයේ අපිට වැරදුන වෙලාවට අපි ලග හිටියේ අපේ අම්මා. ඇයත් කාන්තාවක්.ඔබට සමහර විට අම්මා නැතනම් හොද බිරිදක් ඇති ඇයත් කාන්තාවක්. එක්කො ඔබට හොද  නංගියක් ඇති ඇයත් කාන්තාවක්. පිරිම් අපි හරි ආත්මාර්ථය කාමියි කියලා මට හිතෙනවා.පුංචි දෙයක් වැරදුනොත් මුලු කාන්තාව පරපුරටම අපහාස කරනවා.එත් එක දෙයක් මේ ලොකේ හැම කාන්තාවම නරකයි නම් ඔයාට කොහෙන්ද ඔච්චර හොද අම්මා කෙනෙක් , කොහෙන්ද ඔච්චර හොද බිරිදක්. අද අපි කතා කරන්න යන කතාවට ආරම්භක් ගන්න හිතාගෙන තමයි මම මේ දෙවල් ඔයාට කිවේ.

    සාඩා කියන්නේ ඉතාමත් හොද ගති පැවතුම් තියෙන කාන්තාවක්. ඉතින්  ඇයට ගෙදරින් බල කිරිම නිසා ඇය අකමැති විවාහයක් කරගන්න සිද්ද වෙනවා.කොහොම හරී ඒ සියලු දේ විද දරාගන්නා සාඩා හොදින් පවුල් ජිවිතය ගත කරනවා. ඒ අතර තුර ඇගේ සැමියාට හදිස්සී කරදරයකට මුහුණ දිමට සිදු වෙනවා.සියල්ල සිදු උවත් ඇයට කළ හැකි කිසිවක් නොමැති  විට ඇය රිත්විකාගෙන් උදවු උපකාර බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් රිත්විකා සාඩා හට රැකියාවක් සොයා දෙනවා. ඇයට කරන්නට සිදුවන්නේ ගණිකාසේවයයි. ඇගේ ඉරනම මින් පසුව කෙසේ විසදෙයිද යන්න වටා මේ කතාව දිව යනවා.

    චිත්‍රපටයේ ආරම්භක දර්ශනයම ඉතාමත් අලංකාරයි.එය කෙතරම් අලංකාර ද කියනවානම් නරඹන ඔබව භීතියට පත් කරනවා.නමුත් එය එතරම් කාලයක් පවතින්නේ නැති නිසා කුමක් සිදු උනාද කියලා ඔබට කතාව අවසන් වනකන්ම තෙරුම් ගන්න බැරි වෙනවා. චිත්‍රපටයේ ආව බිය ජනක හැගීම දෙවන දර්ශනයෙන් ඉවත් කරන නිර්මාණ කරුවා ඉතාමත් ලස්සන කාන්තාවක් වර්ණනා කරනවා.

    මොනර පිළ බදු කෙස් කළඹ, සදේ සද රැස් වලින් නැවුනා වූ රූපශ්‍රීය , නීල නිල්මිණී කැට වගේ දිලිසෙන ඇස් , නාරීලාතා මලේ හැඩ ගත් දේහය, සමන් පිච්ච මළක් බදු වූ ඇගේ හීනාව ඇය එතරම් ලස්සනයි. ඇය දුටු දුටු පිරිමින්ගේ නෙත් බැද ගන්න පුළුවන් වන ස්ත්‍රී රත්නයක් කියලා නිර්මාණ කරුවා අපට කියනවා. මේ අලංකාරය නිසකවම නිර්මාණය තුලින් අපට ඔහු ලබා දෙනවා. කෙතරම් රූ සිරිය තිබුනත් ඇයගේ හිතෙත් ආලය කියන දේ හට ගනවා.එත් ඉට හාස් පසින් ගිහින් යම් සිදු විමක් සිදු වෙනවා.ඒ වෙලාවේ ඇයට සිදු වෙනවා.පියාගේ ඉල්ලිමට ඇය අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න.සැම විටම දෙමාපියන් දරුවන්ගේ විවාහයේදී ගන්නා තීරණ නිවරදී ද?  නිර්මාණ කරුවා තදින් රස විදින අපගෙන් ප්‍රශ්න කරනවා.

    තුන් වන දර්ශන වෙනකොට නිර්මාණ මේ කතාවේ මූලික අරමුන පෙන්වලා දෙනවා. ගණිකාවක් රාත්‍රී  කාලයේ ගණිකා සේවය කරලා. ඇය පිරිමි සමග යහනේ සැතපෙන විදිය නිර්මාණය තුලින් ඉතා අලංකාර ලෙස පෙන්වලා තියෙනවා.එත් කිසිම නිරුවත් දර්ශනයක් යොදාගෙන නැති නිසා එය එතරම් පිළිකුල් සහගත නැ. එක් පිරිමියෙක් සමග හැසිරෙනකොට කාන්තාව විදින වේදනාව නිර්මාණය තුලින් ලස්සනට පෙනවලා දීලා තියෙනවා.පළවෙනි දර්ශන තුන ඉතාමත් සංයමයෙන් ගලපලා තියෙනවා.එය අපූරුයි  ඒ නිසාම කතාව හරවත් විදියට බලන්න පුළුවන් වෙනවා.

    මම ඔයාට කීවා  මුලින්ම මතකයි නම් ලස්සන කෙල්ලෙක් ගැන. මෙතනින් එහාට නිර්මාණය ගෙනියන්නේ ලස්සන ආදර කතාවක් විදියට එත් මෙකේ වෙනසක් තියෙනවා.සාමාන්‍ය සිනමාවෙදී අපි දකින්නේ කොල්ලා කෙල්ල ගස් වටේ පාක් වල ආදරය කරනවා.මේකෙදී සාමාන්‍ය පරිසරයක කරන ආදරයක් ගැන කතා කරනවා. මේ ආදරය කොල්ලාගේ පැත්තෙන් වෙන ආදරයක් විතරයි.ඒ අතර තුර ගණිකාමඩමක දර්ශන ඇතුලත් කරලා තියෙනවා.නමුත් එය කතාවට එතරම් බලපෑම්  එකතු කරන්නේ නැ.නිර්මාණ කරුවා පළවෙනි හොරාවම දෙන්නාගේ ආදරයට වෙන් කරලා තියෙනවා.එතකොට කතාවේ තෙමාව වෙනස් නොවෙන්න ගණිකාමඩමක දර්ශන  යොදා ගෙන තියෙනවා. එක පසුවට එන දර්ශන එක්ක බලපුවාම තෙරුම් ගන්න පුළුවන් වෙනවා.

    මේ ආදරය ඔහොම යනකොට ඇයට සිද්ද වෙනවා ගෙදරින් බල කරන කෙනා බදින්න.එතනදී අර ආදරය කරපු කොල්ලව මේ කෙල්ල අතාරීනවා.එහෙම කරලා තමා වෙන කෙනෙක් බදින්නේ.එත් ඇය තමන්ගේ  සැමියාට දේවත්වයෙන් සලකනවා. ඒ අතර තුර සැමියාට සිද්ද වන විපතක් ගැන නිර්මාණය තුලින් ඉදිරිපත් කරනවා.තමන් දේවත්වයෙන් සළකපු සැමියා අසරණ උනාම ඇයට බැ මෙයාව දාලා යන්න.එහෙමයි කියලා ඇයට කරන්න රස්සවාකුත් නැ.එවිට ඇය කුමන තීරණය ගන්නවාද ? 

    ඇයට තියෙන එකම විසදුම ඇග විකීණිමනම් එය කෙතරම් නිවරදිද?  ඇය ඇග විකිණිමෙන් ප්‍රශ්න සියල්ල විසදේවිද?

    ඇය ඉතා ලස්සන කාන්තාවක්, පළවෙනි රාත්‍රීය පිට පිරිමියෙක් එක්ක නිදා ගන්න යනකොට ඇගේ ගෙලෙන් තැල්ල ගලවනවා.එතකොට ඇයට එන වේදනාව නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර විදියට ඉදිරිපත් කරලා තියෙනවා.ජීවියේ හොද චරිතයක් තියාගෙන ඉදලා තමන්ගේ සැමියා එක්ක මංගල රාත්‍රීය ගත කරලා අද වෙන පිරිමියෙක් එක්ක නිදා ගන්නකොට.ඒ පහස විදිනකොට ඇය පෙර මුනට හීනාව පෙන්නලා හිතින් අඩනවා. ඒ වගේ සූක්ෂම  තැන් මේ නිර්මාණය තුලින් නිර්මාණ කරුවා ඉදිරිපත් කරනවා.

    තමන්ගේ  සැමියාගේ දාතු වලින් පොෂණය වෙලා දරුවෙක් ලොවට දෙන්න සිටිය මවු කුසක් අද බොහො දෙනෙක්ගේ වාසභූමිය  වෙලා. මෙක කාගේ වරදක් ද? නිර්මාණ කරුවා නිතරම අපෙන් අහනවා. සැමියාගේ එක පාරක්වත් නොකාපු ඇය අද නොදන්නා පිරිමින්ගේ පහස වෙනුවෙන් ගුටි කනවා.එය කෙතරම් අමිහිරි ද, මේ සියල්ල කාසි වෙනුවෙන් නම් ආත්මය එතරම් විනාශ කර ගත යුතුයි ද? 

    මම කියනවා මෙක හරිම සූක්ෂම නිර්මාණයක් කියලා. සියලු ප්‍රශ්න විසදගෙන ඇය තම අරමුණ ඉටු කර ගන්නවා. මේ වෙනකොට කතාවේ පළවෙනි හොරා එකහාමාර අවසන් වෙලා තියෙනවා. ඇය සමාජය විසින් ගණිකාව කියලා නම් දරාපු ගැහැණියක්. දැන් සැමියාගේ හිටපු කරදරකාරි තත්වයත් අවසන් වෙලා තියෙනවා. ඇයට පෙර තිබුණු ආතමය සමාජය ඉදිරියේ මවා පාන්න පුළුවන් වෙනවා ද? 

    නිර්මාණය කරුවා අවසාන අඩ හොරාවෙම කතා කරන්නේ ඒ පිළිබඳව. මලේ රොනට ගීජු බබරු නැවත නැවත රොන් සොයාගෙන එනවා. එය ගස කෙසේනම් දරා ගනී ද? ඒ වගේ ස්ත්‍රී රාගයට ඇලුණ කෙනා ඇයගේ පහසම සොයාගෙන එනවා. එතකොට ඇගේ සැමියා එක කොහොමද දරාගන්නවාද? නිර්මාණ කරුවා එක හරී අපූරුවට පෙන්වලා දීලා තියෙනවා.

    පිරිමියාගේ පිටට කස පහර සීයක් ගහනවා වගේ වේදනාවක් නිර්මාණය කරුවා පෙන්වලා දීලා තියෙනවා.එතනින් එහාට කතාව ඇය තනි වීම හා ඒ වේදනාවට පළි ගැනීම සමග ගලාගෙන යනවා. 

    නිර්මාණ කරුවා අවසානයට අපට ප්‍රශ්නයක් ඉතුරි කරනවා. කාන්තාවක් විදියට ඇය කරේ වරදක් නම්. ඇය සමග නිදා ගත්ත පිරිමි බෝසත්තුද? 

    සමාජයේ අදුරු පැතිකඩක් ගැන කතා කරපු චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය හදුන්වා දෙන්න පුළුවන්. ඔයා දන්නවා ද ? මේ ලොකේ වේදනාකාරීම රස්සවන් වලින් එකක් තමයි ගණිකා සේවය කියන්නේ. පිරිමියෙක්ගේ සතුට වෙනුවෙන්  ඇය තම මුලු ඇගම දන් දෙනවා. ඇග විතරක් නෙවෙයි ඇය ඇයගේ ආත්මයම දන් දෙනවා.කෙනෙක් ගණිකාවක්  උන පලියට සමාජය ඇයට ගණිකාවක් කියනවා එත් ඇය ගණිකාවක් උනේ කොහොමද කියලා  කවුරුත් හොයලා බලන්නේ නැ. කෙනෙක් හිතයි ඉතින් ඔය කෙල්ලෝ බලෙන්ම ගිහින් ජිවිතය නැති කර ගන්නේ කියලා. කාසියක දෙපෙත්තක් තියෙනවා ඒ වගේ තමයි මෙකත්. සමහරු ජිවතයේ අසරණ කමට කරනවා.සමහර ආදරය වෙනුවෙන් රැවටුනු නිසා කරනවා.සාමාජයේ හැම දෙම අපිට හදන්න බැ එත් ඒ අය වෙනුවෙන් පුංචි හරී වෙලාවක් වෙන් කරලා ඒ ගැන කතා කරන්න පුළුවන් නම් එක තමයි මේ චිත්‍රපටයේ අරමුණ වෙලා තියෙන්නේ.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අබ්දුල් මජිත්.මේ චිත්‍රපටය නිශ්පාදනය හා කතාව ලිවිම යන තුනම  කරන්නේත් එතුමා විසින්මයි. චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ සාධා රිත්විකා හා තිරුමුරුගන් යන අයයි. 2018 සැප්තැම්බර් 08 වන දින තමයි මේ චිත්‍රපටය නිකුත කරා.මිනිත්තු 127 පුරාවට ඔයාලට මේ චිත්‍රපටය බලා ගන්න පුළුවන් වෙනවා.මේ චිත්‍රපටයට මුලින්ම වාරණයන් පනවා තිබුනා.එයට හෙතුව උනේ මේකේ අසභ්‍ය දර්ශන අඩංගු වෙලා තිබිමයි. ඉන් අනතුරුව චිත්‍රපටයේ දර්ශන 87 අයින් කරලා තමයි අද ඔයාලා බලන තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගෙම මේ චිත්‍රපටය  නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිදු විම පදනම් කරගෙන කියලා නිශ්පාදකතුමා පවසා සිටිනවා.මේ චිත්‍රපටය නිර්මාණය කිරිමට 1970 බොලිවුඩ් චිත්‍රපටයක් වන වෙට්නා පදනම් වෙලා තියෙනවා.

    චිත්‍රපටය සාමාන්‍යයි කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ උච්චතම අවස්තාවන් වලදී දර්ශන යොදා ගැනීම තවත් තාර්කීක උනානම් හොදයි යන්න මගේ අදහසයි.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan