• Dia

    Posted by : Tharuka Niroshan Friday, November 27, 2020

    Dia 2020  


    ගූගල් පරීශිලක දර්ශකය 96%


    IMDB 8.2/10



    " අම්මේ ඔයා මට මේ ලොකේ හැමදෙම කියලා දුන්නා.එත් ඔයා නැති දාට ඔයා නැති ව ජිවත් වෙන්න කියලා දුන්නේ නැ "


    මේ ලොකේ හැමොගෙම හිතේ ඉන්නවා කවමදාවත් ලබා ගන්න බැරි කවදාවත් එකතු වෙන්න බැරි කෙනෙක්.අපි පිලිගත්තත් නැතත් සම්මත තැන් වලට වඩා අසම්මත තැන් වල අපේ හිත නවතිනවා.සමහර ආදරය කතා විවාහය එක්ක සතුටින් කෙළවර වෙනකොට තවත් ආදර කතා ලොකු දුකක් එක්ක අතර මග නවතිනවා, කෙනෙක් අපිව දාලා ගියාම අපි අඩනවා දුක් වෙනවා.

    එත්  ඔයා දන්නවා ද ?

    අපි හැමෝම ජිවතයේ දුවන්නේ තරගයක්
    ඒ තරගය යනකොට අපේ ජිවතයට එක එක අය එක එක කාලෙදි එනවා
    ඒ අය සමහර වෙලාවට ගොඩක් වේදනාකාරී මතකයන් ඉතිරි කරලා යනවා
    තවත් අය සුන්දර මතකයන් ඉතිරි කරලා යනවා
    අපි ගොඩක් අවංක වෙන්න ගියාම අපිට දුක වැඩියි 
    කෙනෙක් දාලා ගියාම ඔයාට දුකක් හිතෙයි එක සාමාන්‍ය දෙයක් 
    එත් කෙනෙක් ඔයාගේ ජිවතයේ ඉන්න කාලේ එයාට හොදින් සලකන්න 
    එතකොට එයා ගියාමත් එක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් 
    අපේ අම්මා තාත්තා උනත් දවසක අපිව දාලා යනවා 
    ජිවතය තෙරුම් ගන්න ඔනම බැදිමක අවසානය දුක විතරයි ඉතුරු වෙන්නේ
    අපි පුරුදු වෙන්න ඔනා ඒ දුක දාරාගෙන ජිවත් වෙන්න. 

    ඉතින් මෙහෙම ආදරයේ වෙන් විම ගැන කතා කරන්නේ ඇයි කියලා ඔයාට හිතෙනවා ඇති.අද අපි කතා කරන්න යන්නේ ගොඩක් ලස්සන චිත්‍රපටයක් ගැන 

    දියා කියන්නේ ගොඩක් ලස්සන නැති එත්  හිතන තරම් කැතකුත් නැති පුංචි කෙල්ලෙක්.හිතින් ගොඩක් දෙවල් දරා ගන්න අමාරු මේ කෙල්ලට. ආදරය උනත් කෙලින් ගිහින් කියන්න තරම් ශක්තියක් නැ. මේ පුංචි අහිංසකාවියගේ ජිවිතයට අලුත් බලාපොරොත්තුවක් අරගෙන ඔන්න කුමාරයෙක් එනවා.ඒ කුමාරයා හින්දා මේ පුංචි කෙල්ලගේ ජිවිතය ගොඩක් වෙනස් වෙයි කියලා එයා හීනකින්වත් හිතන්න නැති ව ඇති. ඉතින් මේ පුංචි කෙල්ල වටා දිවෙන ලස්සන ආදරණීයම කතාවක් තමයි මේ කතාව තුලින් අපට බලාගන්න පුළුවන් වෙන්නේ.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ සිය දිවි නසා ගන්න යන කෙල්ලෙක්ගෙන්. ඒ දර්ශනය නිසාම බලන අපිට ලොකු ප්‍රශ්න ගොඩක් හිතට එනවා.ඒ වගෙම ඇගේ මුනේ තිබෙන වේදනාකාරී හැගීම් වගෙම තුවාල හින්දාම ඇය අතවරයකට ලක් උන කෙල්ලෙක් වගේ හැගීමක් ඔයාගේ මනසට එන්න පුළුවන්.මෙක පලවෙනි  පාරට බලන කෙනෙක්ට එහෙම අදහසක් එන එක ගොඩක් සාදාරණයි කියලා මටනම් හිතෙන්නේ.

    එතනින් පස්සේ දෙවන දර්ශන තළය ගෙනියන්නේ විශ්ව විද්‍යාලයේ ආදර කතාවක් එක්ක. සාමාන්‍ය සිනමාවේදී කතා කරන්නේ කොල්ලා ඇවිත් කෙල්ලගෙන් ආදරය ඉල්ලන විදිය එත් මේ නිර්මාණයේදී නිර්මාණ කරුවා ඉතාමත් සූක්ෂම විදියට කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක් ගැන ඇති වෙන ආදරය නිර්මාණය කරලා තියෙනවා. ඇයට මේ ආදරය  කෙතරම් හදවතට දැනෙනවාද ? කියලා නිර්මාණය කරුවා ඉතාමත් ලස්සන දර්ශන ඔස්සේ අපට පෙන්වලා දෙනවා.ඇයගේ හිතේ උතුරා යන ආදරය මේ වගේ ඇති කියලා මට හිතෙනවා.

    මේ විශ්වයේ මා දකිනා ලස්සනම දේ ඔයා.
    මම කොහොම ඔයාට එක කියන්නද, දෙයියනේ මගේ හදවත බෙරයක් වගේ ගැහෙනවා. අනේ ඇයි මේ කවදාවත් නැති ව, මගේ ආදරය තටාකයක් වගේ මම එකේ පීනන්න ආසයි එත් මම පීනන දන්නේ නැ නේ...

    මේ විදියට ඉතාමත් සූන්දරව ඇය ආදරය  ගැන හිතන්න පටන් ගන්නවා. මේ සිදුවිම් ආදරය කරපු කෙනෙක්ට පමණක් නෙවෙයි ආදරය නොකරපු කෙනෙක්ට උනත් මනෝලොකයක් හදලා දෙන්න සමත් වෙනවා කියලා  මට හිතෙනවා.ඔයා ආදරය කරනකොට වෙනදාට වඩා වෙනස් විදියට අදින පළදින්න පටන් ගන්නවා.හැසිරෙන්න පටන් ගන්නවා. එයාගේ හිත දිනා ගන්න දෙවල් කරන්න පටන් ගන්නවා.කොටිනම ඔයා කෙල්ලෙක් නම් දියා ඔයාමයි කියලා ඔයාට හිතන්න පුළුවන්.මේ සිදුවිම් එක්ක ඔයාගේ මනස ආදරයෙන් පිරිලා යනවා.

    තමන් හිතින් ආදරය කරපු කෙනා ඇවිත් තමන්ගෙන් ආදරය ඉල්ලුවාම මේ පුංචි කෙල්ල කොහොමද දෙයියනේ දරාගන්නේ. ඒ දර්ශනය එක්ක නරඹන අපිව ආදරය කියන ඉනිමගේ ඉහලටම ගෙනියන්න නිර්මාණය කරුවා සමත් වෙලා තියෙනවා.දෙන්නාගෙම කුළුදුල් ආදර ජය ගන්නකොට.පුංචි පුංචි හීන එක්ක ලස්සනට කුරුළු කූඩුව ගොඩ නගා ගන්න ඒ දෙන්නා ගන්න ලස්සන උත්සහය නිර්මාණ කරුවා ඉතාමත් සූක්ෂම විදියට අපිට පෙන්නලා දීලා තියෙනවා.ආදරය කරන අය නිතරම කරන දෙවල් වගේම පරිසරය එක්ක බැදුණු හැගීම් නිසා ඉතාමත් සාර්ථක විදියට ඒ දර්ශන නිර්මාණය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

    ආදරය කරන හැමොම එකතු වෙන්නේ නැ.ඒ වගේම ආදරය නොකලයි කියලා හැමොම වෙන් වෙන්නෙත් නැ.මේ විදියට ආදරය උපරිමයට ගෙනාව නිර්මාණය කරුවා ඒ ආදරය අපෙන් උතුරාගන්නවා.ඒ දර්ශන බලන ඕනම කෙනෙක්ට ඇසට කදුළු එකතු වෙනවා.නොවනු මානයි.ජීවිතයේ ඕනම වෙලාවක අපි බලාපොරොත්තු නොවන දෙවල් සිද්ද වෙන්න පුළුවන් කියලා නිර්මාණය කරුවා ඉතාමත් ලස්සන විදියට අපිට කියලා දීලා තියෙනවා.

    තමන් පණ වගේ ආදරය කරපු කෙනා නැති වෙනකොට.මේ ලොකේ තමන්ට තමන්වත් නැ කියන හැගීම එන එක සාදාරණයි.ආදරයට වංචා නොකළ මට ඇයි දෙවියෝ මෙච්චර වේදනාවක් එකතු කරේ ඇය නිතරම ඇයගෙන් අහගන්න පටන් ගන්නේ අපේ මනසත් ඉතාමත් සංවේදී කරමින් කියලා මට හිතෙනවා.ජිවතයේ අන්තිම බිංදුවට වැටුනාම නැගිට ගන්න අතක් නැති උනාම ගන්න තියෙන එකම විසදුම මරණයද එය එහෙමනම්,එය කොතරම් සැනසීමක්ද? කියන ප්‍රායෝගීක ප්‍රශ්න ඇයගේ මනසේ හට ගන්නා විදිය නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.මිහිපිට පටාචාරාවක් උන ඇයගේ ජීවිතයට මරණයත් සරදම් කරන්නේ ඔන්න ඔය වෙලාවේ.

    ඔයාලා අහලා තියෙනවා නේද යාලුවනේ " කළු වලා වල පවා රීදී ඉරී තියෙනවා කියලා " මේ කළු වලා වක් උන ඇගේ ජීවිතයට එක රීදී ඉරක් පායනවා.. අපි කතාවටත් කියනවා. කෙල්ලෙක්ට ආදරය කරන්න කලින් හොද යාලුවෙක් වෙන්න කියලා.එහෙම වෙලා එයාගේ ජිවිතේ හයිය වෙන්න එතකොට ආදරය කරන්න ලෙසීයී කියලා.එක බොරුවක් නෙවෙයි කියලා නිර්මාණය කරුවා ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරලා තියෙනවා.ගොඩක් ප්‍රායෝගීක විදියට මේ දර්ශන නිර්මාණය කරලා තියන හින්දාම ඔයාට චිත්‍රපටයක් බලනවා කියලා හිතාගන්නවත් බැරි වෙයි.ජිවතයේ සමහර දෙවල් කාලය හරී අපූරුවට විසදනවා.ඒ විසදීම සමහර වෙලාවට අපිට අලුත් බලාපොරොත්තු ගොන්නක එකතු කරනවා.දෙයිවය එක වෙලාවක අපි එක්ක සරදම් කරනකොට තවත් වෙලාවක අපේ ජිවිතය ලස්සන කරනවා.

    මේ වෙලාවේ ඇගේ ජීවිතය අලුත් බලාපොරොත්තු එක්ක නැගිටිනකොට එකට අත දුන්න කොල්ලාගේ හිතේ පුංචියට ආදරයක් හට ගන්නවා.ඔහුගේ හිතේ ඇති උන ආදරය මට හිතෙනවා මේ වගේ තියෙන්න ඇති කියලා.පුංචි ගීයක් එකතු කරලා මම පෙන්වලා දෙන්නම්

    මා සිත මියුරු කල්පනා.

    රස පද වැලට පෙරලුනා
    මිහිරියේ ඔබට බැදුනු ප්‍රේමයෙ නමින්
    නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

    රුවති මලක් මද සුළගේ සැලෙන හැටි සිතා
    බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

    රණ මයුරෙක් මයුරියකගේ රැගුම ගැන සිතා
    තුඩින් තුඩග රැදුනු පෙමක් අගෙයි ගනු සිතා
    ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා 
    දැන ගන්නට මා රීසියෙනී කිමද ගත් සිතා.

    කොල්ලෙක් තමන්ගේ අම්මාට ගොඩක් ආදරය කරනවානම් අපි කියන්නේ ඇය බදින කෙල්ල මේ ලොකේ වාසනාවන්ත කෙල්ලෙක්  කියලා.මොකද අම්මා කෙනෙක්ට වගේ ඇයටත් සලකන නිසා.මේ සිදු විම් ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා අපිට පෙන්වලා දෙනවා. ජිවතයකින් ජීවිතයක් දීලා තමන් ආදරය කරපු දීයාගේ ජිවතය ලස්සන කරපු මේ කොල්ලාගේ ජිවතය ඉතාමත් සුන්දරයි කියලා නිර්මාණ කරුවා අපට පෙන්වලා දෙනවා.එතනින් එහාට චිත්‍රපටය බලපු අය දන්නවා ඇති මොකද උනේ කියලා.

    දෙවනියට ඇගේ ජීවිතයට ආව කොල්ලා ඇයට උදවු නොකරානම් ඔහුගේ ජිවිතයට මේ ඉරණම අත නොවෙන්න තිබ්බා නේද ? එහෙම හිතුවොත් මෙක ඇයගේ පූර්ව කරුමයද ? කියලා නිර්මාණය තුලින් අපෙන් ප්‍රශ්න කරනවා කියලා මට හිතෙනවා.ඒ වගෙම කෙල්ලෙක්ගේ ආදරය අවංකයි ද ? ඔය කියන තරම් එහෙම අවංකනම් ඇය ඇත්තටම ආදරය කරේ පළවෙනි කෙනාටද? දෙවනි කෙනාටද? මේ ප්‍රශ්නය කතාව අවසානයේ අපිට ඉතිරි කරනවා.මට එය හරියට තෙරුම් ගන්නේ හැදු මවද වටින්නේ වැදු මවද වටින්නේ යන්න ප්‍රශ්නය අහනවා වගේ කියලා.

    අපි එක තීරණයකින් කීවොත් ඇයගේ කරුමේ නිසා මේ දෙවල් උනා කියලා.එතකොට පළවෙනි කොල්ලාගේ දෙමාපියන් කළ දේ හරි ද? මේ ගැන නිර්මාණ කරුවා ඉතාමත් තදින් අපෙන් ප්‍රශ්න කරනවා.

    සමස්තයක් විදියට ගත්තාම ඉතාමත් හොද නිර්මාණයක් විදියට මට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.සාමාන්‍ය  චිත්‍රපට වල ආදරය විදහා පැමට ගීත යොදා ගන්නවා.එත් මේ චිත්‍රපටයේ කතාවේ එකම ගීතයක්වත් ඇතුලත් වෙලා නැ.මේ කතාව ඉතාමත් සංවේදී විදියට ඉදිරිපත් කරන්න උවමනා නිසා නිර්මාණය කරුවා ඉතාමත් තරුණ නවක නළු නිළියන් යොදාගෙන තියෙනවා.එම නිසාම මේ කතාව අපේ හදවත පසාරුගෙන යාමට සමත් වෙනවා.

    මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කේ.එස්.අශෝක මහතා විසින් වන අතර චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ කුෂී රවි , පූත්වි අම්බාර් ,ධ්ක්ෂිත් ෂෙට්ටි යන අයයි.චිත්‍රපටය කිසිදු ගීතයක් ඇතුලත් නොවන අතර චිත්‍රපටය  2020 පෙබරවාරි 07 වන දින නිකුත් උනා.චිත්‍රපටය මිනිත්තු 136 පුරාවට දිවෙන අතර මෙය කන්නඩ සිනමාවේ මේ වසරේ බිහී වූ අති සාර්ථක නිර්මාණයක් විදියට අපිට හදුන්වලා දෙන්න පුළුවන්.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan