Posted by : Tharuka Niroshan
Tuesday, February 2, 2021
Thillalangadi 2010
ගූගල් පරීශිලක දර්ශකය 92%
IMDB 4.9/10
ජිවිතයට වෙනස් රසයක් සොයා ගිය තරුණයා.
මේ ලොකේ හැමොම යන්නේ එකම ගමනක්. අපි අම්මා තාත්තාගේ ආශිර්වාදය එක්ක ලොකෙට උපත ලබනකොට එදා ඉදන් ලොක සම්මතයට ආදරය කරමින් ජිවත් වෙන්න පටන් ගන්නවා.එක වසරේ ඉදන් දහතුන වසර වෙනකන් ඉගෙන ගන්න අපි එතනින් එහාට උසස් අධයාපනය ලබන්නේ උසස් රැකියාවක් බලාපොරොත්තුවෙනී.එතනින් පසු ජිවිතයේ අවසානය දක්වාම එලෙස අප ජිවත් වෙන්නෙමු.මෙය ලොක සම්මතයයි.එය අප විසින්ම සාදා ගෙන ඇත. නමුත් සුළු පිරිසක් පමනක් මෙයින් එළියට විත් ජිවිතය සතුටින් ගත කරයි.
ක්‍රිෂ්ණා කියන්නේ පොඩි කාලේ ඉදන් ගොඩක් දගකාර කමට වගෙම දෙමාපියන්ගේ ආදරය සමග උස් මහත් වෙන දරුවෙකී. ඔහු නිතරම වෙනස් දෙවල් කිරිමට උත්සහ ගන්නා අතර එම නිසා බොහෝ සංසිද්ධින් වලට මුහුන දිමට ඔහුට සිදුවේ. මේ කතාව තුලින් ඔහුට ජිවතයේ මුහුන දිමට සිදුවන අභියෝග ගැන ගොඩක් ආසාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය ආරම්භ වන්නේ තමන්නාගේ හරී අපූරු දර්ශනයකිනී. එහීදී නිර්මාණය කරුවා ඇගේ සුන්දරත්වය වගෙම ඇගේ චරිත ලක්ෂණ ගැන හැදින් විමක් කිරිමට සමත් වේ. ආදරය කරන දෙදෙනෙකුගේ එකම බලාපොරොත්තුව කෙසේ හෝ විවාහ විමය.නමුත් සමාජයේ මුදල් අතින් තරාතිරම තීරණය ඌ කලිහී එවනි පවුල් දෙකක් අතර සිදු වන විවාහයට දෙමාපියන් ඉඩ නොදේ. එය සැබෑ ලෙස නිර්මාණය කරුවා නිර්මාණය තුලින් පෙන්විමට උත්සහ ගන්නා අතර එහීදී හාස්‍ය උපදවන දර්ශන යොදා ගැනීම තුලින් එය තවත් රසවත් කර ඇත.එම දර්ශන තලය මගින් ප්‍රදාන නළුවා හා දමිළ සිනමාවේ විකට නළුවෙකු වන Sathyan තිරයට හදුන් වා දී ඇත.
අප ආදරය කරන විට සැමවිටම කරණුයේ කෙල්ලෙ පස්සේ කොල්ලා ගොස් ආදරය ඉල්ලා ගැනීමය.නමුත් මෙය වෙනස් විදියකින් ඉදිරිපත් කරන නිර්මාණය කරුවා ඒ තුලින් ඉතාමත් අලංකාර ආදර කතාවක් ඉදිරිපත් කිරිමට සමත් වේ.එහීදී නිර්මාණය තුලට ආදරය සමග හාස්‍ය ඉපදවිමට වඩිවේලු ව යොදාගෙන ඇත. නිර්මාණය තුළ මුලික අරමුණ සමාජ සම්මතයට නොව එතනින් එහාට ගොස ජිවිතයේ ඇත්තම රසය සොයාගෙන යෑමය. එය සිනමාව තුලදී නළුවන් හැසිර විමෙදී පවා නිර්මාණ කරුවා මනා සේ සිතා ඇත.චිත්‍රපටය පළවෙනි අඩ හොරාවේ හාස්‍ය ඉපදවිමට යොදා ගත් නළුවා දෙවන අඩ හොරාවේ ඉවත් කර ඒ වෙනුවට වෙනත් නළුවෙක් යොදා ගැනීම එයට හොදම උදාහරණයයි.
චිත්‍රපටය පළවෙනි භාගය අවසන් වන විට ආදරය , සංගිතමය රසය හා හාස්‍ය සමග ඉතා හොදින් පොෂණය කරන නිර්මාණ කරු එයට තවත් හොදින් දරුවන් හා දෙමාපියන් අතර ඇති වන තෙරුම් ගැනීම හා අවබොදය එකතු කරයි. එම නිසා පළවෙනි භාගය ඉතා හොදින් ගලාගෙන යන බව අපට පවසා සිටිය හැකිය. දෙවන භාගය පළවෙනි භාගයට වඩා හත්පසින්ම වෙනස් විදියට ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වෙන අතර එහීදී මිනිසාගේ මානුෂික හැගිම් උද්දීපනය කිරිමට සමත් වේ.
මේ ලොකේ ගොඩක් මිනිස්සු වෙනස් වෙන්නේ තමන් වෙනුවෙන් නැත්නම් තමන්ගේ මිනිසු වෙනුවෙන්ය. මිනිස්සු උදේ හවස හොයන්නේ සතුට.ජිවතයේ කෙතරම් දුර ගියත් සතුට කියන දේ හොයා ගන්න බැරි බව අප දන්නා කරුණකී.
පුංචි පවුලක් අම්මා , තාත්තා එක්ක එකම දුව හරීම ආදරෙන් ජිවත් වෙනවා. සතුට කෙතරම්ද කියනවානම් ඒ සතුට තාත්තා හම්බ කරන පඩියටත් වඩා වැඩී.අපි කතාවටත් කියනවා පුතෙක් ඉන්නකොට ගෙදර කට කාරයි දුවෙක් ඉන්නකොට ගෙදර සිරියාවයි කියලා. ඒ සිරියාව ඒ පුංචි පවුලෙත් හරී ලස්සනට තිබ්බා.හැම දෙම වෙනස් වෙන්න ගියේ එකම එක මොහොතයි.තමන් පණ වගේ ආදර කරපු දුවගේ ජිවිතය අනතුරේ මොනවා කරන්නද? කාට කියන්නද?
" තාත්තේ ඔයා මාව බෙරාගන්නවා නේද ?"
එහෙම දුව අහනකොට ඒ තාත්තාගේ පපුව පිච්චිලා යන්න ඇති.ඒ අම්මාගේ කිරි වලින් ලේ වැගිරෙන්න ඇති.ඒ තමයි අසීමිත දෙමාපිය සෙනෙහස. මේ ලොකේ අනාතයින් වෙලා අසනීප වෙලා අත් පා නැතිව ජිවිතයේ හෙට දවස දකින්න නැතිව ගොඩක් ළමයි ඇති.ඒ ළමයි වෙනුවෙන් රුපියලක් වියදම් නොකරන මිනිසු කොටි ගනන් හම්බ කරලා සුර සැප විදිනවා ඇති.මෙකයි සමාජයේ යතාර්ථය මෙය ඉතා හොදින් තිරය මත නිරූපණය කිරිමට නිර්මාණ කරුවා සමත් වේ.
මෙතෙක් වෙලා හාස්‍ය එකතු කරපු අපගේ මනස කදුලින් තෙත බරිත කිරිමට මේ දර්ශන සමත් උවා කිවොත් මම නිවරදී. චිත්‍රපටය තුල සාර්ථකත්වයටද එය එතරම් හොදින් බලපෑම් කර ඇත. මේ ලොකේ අසරණ මිනිසු වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් නොවෙනකොට ඒ මිනිසුන්ගේ දුක වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා ලොකය එක්ක සටන් කරනවානම් එය කෙතරම් අගනේද? එය සංකල්පයක් කරගෙන ඉතා හොද සටන් ජවනිකා හා බුද්දිය මෙහෙය විමේ ක්‍රයා සමග චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යයි. චිත්‍රපටය තුල එක දර්ශනයක් තුලින් අනෙක් දර්ශනය තුල සිදුවන දෙය වටහා ගැනීමට අපහසු විම මෙහී ඇති තවත් විශේෂ ලක්ෂණයකී. චිත්‍රපටයේ කෙතරම් සියුම් විදියට හදවත ස්පර්ශ කරත් හැම විටම හාස්‍ය උපදවිම නතර කර නොමැති විම චිත්‍රපටය පුරාම අපට දැක ගත හැකිය.
චිත්‍රපටය තුල ජෙයම් රවි ඉතා විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කර ඇතිවාට සැක නැත. ඔහු ඉතා හොද අභියෝගාත්මක නළුවෙකි. චිත්‍රපටය තුල ඔහුගේ චරිතය ඉතාමත් සරළ උවත් හැගිම් වෙනස් වන අවස්තාවන්ට අනුරුපව මුනේ භාවයන් වෙනස් විම ඉතා අපූරු ලෙස අපට දැක ගත හැකි විය. චිත්‍රපටයේ සාර්ථකම රංගනය ඉදිරිපත් කිරිම් අතර තමන්නාට හිමි වන්නේ ඉතාමත් ඉහල තැනකි. ඇය සිය රංගනය තුලින් ඉතා හොද නිළියක්, නර්තන ශිල්පිණියක් ලෙස සිය චරිතයට සාදාරණ ඉටු කර ඇත.
විකට නළුවන් සියළු දෙනා සිය හාස්‍ය ඉපදවිමේ හැකියාව උපරිම ආකාරයෙන් නිර්මාණය තුලට ලබා දී ඇති අතර මේ හාස්‍යජනක සිදු විම් සියල්ල තුල අනවශ්‍ය මවා පැම් නොමැති විම විශේෂ කරුණකී. සමස්තයක් ලෙස ගත් කළ ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙස මෙය අපට හදුන්වා දිය හැකිය.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මොහාන් රාජා විසින් වන අතර චිත්‍රපටය විනාඩි 180 පුරා දාවනය වේ. චිත්‍රපටය නිශ්පාදනය සදහා ඇමරිකානු $ මිලියන 7 වියදම් වී ඇති අතර එය ඇමරිකානු $ මිලියන 26 ක ආදායමක් ලබාගෙන ඇත.ඉහල ප්‍රේක්ෂක ඉල්ලුමක් හා ඉහල ගුණාත්මක භාවයක් සහිත මේ නිර්මාණය 2010 ජුලි 23 දින ලොව පුරා තිර ගත විය
Subscribe to:
Post Comments (Atom)
0 comments