Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
My Santa 2019
ගූගල් පරීශිලක දර්ශකය 91%
IMDB 5.5/10
මගේ ආදරණීය සැන්ටා 🎅
සීතල පොද වැටෙන වෙලාවක පුංචි ගම්මානයක් මැදින් යන බස් එකක ජනේලේ කෙලවරට වෙලා ලස්සන සිංදුවක් අහන ගමන් යන්න තියෙනවා නම් එක කෙතරම් මනසට ඔසුවක් ද? ඒ හැගීම මොහොතක් ඇස් වහලා වින්දොත් ඔයාලටත් දැනේවී. මලයාලම් සිනමාවත් අන්න ඒ වගේ. මළයාලම් සිනමාවට ලස්සන හදවතක් තියෙනවා.ඒ හදවත ලස්සනට ආදරය අපේ හදවතට එකතු කරනවා. මලයාලම් සිනමාවට පුළුවන් හරී පුංචි දෙයක් උනත් ගොඩක් ලොකු කරලා ලස්සනක් දෙන්න. අපි මලයාලම් සිනමාව ගැන කතා කරනකොට ගැමි පරිසරය වගෙම වැස්සට මූලික තැනක් දෙනවා.ඒ අතර තවත් අය මලයාලම් සිනමාව හදුන්වන්නේ රා පොදක් කට ගාගෙන ගැමි පරිසරය එක්ක ජිවත් වෙන මිනිසුන් ඉන්න සිනමාවක් විදියට. එත් ඇත්ත මලයාලම් සිනමාව ඉට වඩා ගොඩක් වෙනස් කියලා මට හිතෙනවා.
පුංචි ළමයි මල් වගේ.එයාලාගේ සිතුම් පැතුම් හරිම අහිංසකයි. සමනළයින් ඈත අහසට අත් තටු ගහගෙන පියාබාගෙන යනකොට එයාලා දන්නේ නැ මේ අහස ගොඩක් නපුරුයි කියලා.අන්න ඒ වගේ තමායි මේ පුංචි ළමයිනුත් එයාලාට ගොඩක් දුර පියාඹන්න පුළුවන් එත් මේ අහස හරියට අදුරාගත්තොත්. පුංචි කාලේ අපේ කකුලක් පුටුවක වැදුනොත් අපි හයියෙන් අඩනවා නේද යාලුවනේ.ඇයි ඒ අපිට රිදුන හින්දා එතකොට අපේ අම්මා බනින්නේ පුටුවට
" ඉන්නකෝ මගේ පුතාට රිද්දුවාට මම පුටුවට ගහන්නම් "
එදා එකෙන් අපි ගොඩක් සතුටු උනා එත් අපි ලොකු වෙනකොට තෙරුම් ගත්තා එදා ඇත්තටම අපේ අම්මා කරේ අපිව රවට්ටලා ඇගේ ආදරය සෙනෙහස පෙන්නපු එක කියලා. අන්න එකයි පුංචි ළමයි මල් වගේ කියන්නේ ඒ තරම් එයාලාගේ හිත් සියුම්.
අයිසා කියන්නේ පුංචි දුවක්. අම්මාගේ තාත්තාගේ ආදරය පුංචි කාලෙම ඇගේ ජිවිතයෙන් දෙවියෝ උදුරා ගන්නවා.එත් එයාගේ ජිවිතයේ සතුටින් තියන්න ඇගේ සීයා ගොඩක් මහන්සි වෙනවා.කොච්චර උනත් අම්මා තාත්තාගේ සෙනෙහසට සමාන කරන්න මේ ලොකේ වෙන කිසිම සෙනෙහසකට බැ එක මේ පුංචි දුවටත් හොදටම තේරෙනවා.පුංචි හිතට දැනෙන වේදනවා සීයා එක්ක කියනකොට සීයා ඇගේ ජීවිතයට පුංචි බොරුවක් කියනවා.. ඇත්තටම ඒ ආදරණීය බොරුව නිසා මේ පුංචි දුවගේ ජිවතය කොච්චර වෙනස් වෙයි ද කියලා හරිම ආදරණීය විදියට මේ චිත්රපටය පුරාවටම අපිට බලාගන්න පුළුවන්.
චිත්රපටය ආරම්භ වෙන්නේ මේ පුංචි දුව දකින් හිනයකින්. මතකයි ද මම කීවා මේ පුංචි දුවට එයාගේ සීයා පුංචි බොරුවක් කීවා කියලා ඒ කීව බොරුව මොකක්ද කියලා මේ කතාව පටන් ගන්නකොටම අපිට නිර්මාණ කරුවා පෙන්වා දීලා තියෙනවා. චිත්රපටය පුංචි දුවකගේ කොමළ වගෙම ආදරණීය වැඩ එක්ක ලස්සන වෙන හින්දාම කිසිම වෙලාවක අපේ මුනේ ආදරණීය හීනාවනම් නැති වෙන්නේ නැ
පුංචි දුවෙක් තුලින් අපි අලුත් ලොකයකට ගෙනියන නිර්මාණ කරුවා ඉතාමත් සංයමයකින් අනිකුත් චරිතත් නිර්මාණ තුලට එකතු කිරිමට සමත් වෙලා තියෙනවා. එහිදී මළයාලම් ජන සමාජයේ ලස්සන අංග වගෙම සුන්දර ගීත එකතු කිරිම නිසා එහි රසය තවත් වැඩ් වෙලා තියෙනවා.
කතාවේ පදනම මේ වෙනකොට ඉතාමත් ලස්සනට නිර්මාණ කරුවා ගොඩ නගා අවසන් කරලා තියෙනවා.එතනින් පස්සේ අපිට පුංචි ළමයිගේ ජිවිතේ ලස්සන අවස්තා කිහිපයක්ම බලාගන්න හැකියාව ලැබෙනවා. සීයාගේ ආදරය , හොදම යාලුවාගේ සෙනෙහස, ගුරුවරුන්ගේ ආදරය කරුණාව එක්ක ගලාගෙන යන නිර්මාණය පළවෙනි අඩ හොරාව ගත වෙනකොට නරඹන අපව ආදරයෙන් තෙත බරිත කිරිමට සමත් වෙනවා.
තමන්ගේ අම්මා නැති උනාම තාත්තාගේ සෙනෙහසත් දෙවියෝ අරන් ගියාම ඒ සෙනෙහස ආයේ අරන් එන්න නත්තල් සීයාට පුළුවන් කියලා සීයා කියනකොට මේ පුංචි දුවට තියන එක විසදුම නත්තල් සීයට කතා කරන්න නේද ? ඇය කරන්නෙත් ඒ දේමයි. ඇය දෙවියන්ට ලියුම් ලියනවා. ගිහින් පාසලේ තැපැල් පෙට්ටියට දානවා. දවසක් ඇත්තටම එයාට ලස්සන තැග්ගක් එක්ක දෙවියෝ උත්තරයක් එවනවා. ඇගේ හිතේ ඇති උන සතුට ලස්සන ගීතයක් එක්ක නිර්මාණ කරුවා අපට ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේ අපිවත් ඒ පුංචි ළමයාගේ ලොකයේ තනි කරනවා.එකයි මම කීවේ මලයාලම් සිනමාවට පුළුවන් හරී අපූරුවට පුංචි පුංචි දෙවල් හරී ලස්සනට ලොකු කරලා පෙන්නන කියලා.
රයියර රයියර රයි යයියේ
රයියර රයියර රයි යයියේ
රයියර රයියර රයි යයියේ
රයියර රයි යයියේ..
දගකාර කොල්ලො
මල් වගේ ඇස් තියෙන කෙල්ලේ
ඔය සෙල්ලම නවත්තලා
ඔයාලත් මාත් එක්ක එකතුවෙන්නකෝ
පුංචි තරු වලින්
ලොකු තරු හැඩේට රටා හදල
ලස්සනට ආලෝකමත් කරල එල්ලමුද
අනේ වේගයෙන්
ගතවෙන්නෙ නෑනේ කාලය
දෑස මග බලන් ඉන්නේ
ඒ කාලය පැමිණෙනකම්
රතු ලෝගුවකුත් පැලදගෙන
වටේම මීදුම පතුරවාගෙන
සීතල මාසය පැමිණෙනවා කියල
කලින්ම අපිට දැනුම්දෙනවා
හිම වරුසාවක් වැටෙයිදෝ
සීතල මීදුම පැතිරෙයිදෝ
නත්තල ගැන කතා සියල්ලම
සීතලේ ගැහෙන්නේ නැතිව කියන්න පුලුවන්ද?
නිර්මාණය තුල මේ මළයාලම් ගීතය තුලින් ඉතාමත් අපූරු විදියට නත්තලේ අසිරිය අපට පෙනවලා දීලා තියෙනවා.
ඔයාලා දන්නවා ද මේ ලොකේ තියන උතුම්ම රැකියාවක් තමය ගුරුවරයෙක් විම කියන්නේ.ගුරුවරයෙක් කියන්නේ ඇත්තටම පොතේ තියන දේ උගන්නන එක නෙවෙයි.එතනින් එහාට ගිහින් ළමන්ගේ ජීවිතය කියවිම කියලා හරී අපූරුවට නිර්මාණ කරුවා අපට නිර්මාණය තුලින් පෙන්වලා දිලා තියෙනවා.
නත්තල් කැරොල් ගීත වගෙම නත්තලේ අසිරිය ගම් වල අය එකට එකතුව සමරණ ආකාරය ගැන ඉතාමත් උසස් අකාරයෙන් නිර්මාණ තුල කතා කරන අතර ඒ දර්ශන වලදී ඉතා අලංකාර කැරොල් ගීත වගෙම දර්ශන තළ යොදා ගැනීම නිසා එය නරඹන අපට ඉතාමත් ලස්සන දර්ශනයක් විදියට දැක ගැනීමට හැකයාව ලැබෙනවා.
වැඩි හිටියන් විදියට අපි දන්නවා නත්තල් සීයා කෙනෙක් නැ කියලා.එත් එහෙම කෙනෙක් එක පාර මේ පුංචි දුවගේ ජිවිතයට ආවොත් එයා මොනවා කරයි ද? ආස ආස දේ ඉල්ලයි නේද ?
පුංචි ළමයි එහෙමනේ. එතනින් එහාට ගොඩක් ලස්සනට නත්තල් සීයා එක්ක මේ පුංචි දුවගේ කතාව ගලාගෙන යනවා.ලස්සන ගීත වගෙම නත්තලේ සැබෑ අරුතයන් ගැන නිර්මාණය කරුවා විවිද මානයන් ඔස්සේ අපිට පණිවිඩය ලබා දිමට සමත් විම නිර්මාණයක් ලෙස මෙය සාර්ථක විමට බෙහෙවින් බලපෑම් කර ඇති බවයි මාගේ අදහස. එතනින් එහාට කතාවට ආවේනික සටන් ජවනිකා වගෙම කැමරාකණ දක්ෂතාත් මේ කොටස් වලදී දැක ගැනීමට හැකියාව ලැබෙනවා.එපමනක් නොව වේශනිරූපනය අතින් මළයාලම් සිනමාවත් ඉහලින් සිටින බවට ඔබට මේ හොරාව නැරබිමේදී තෙරුම් ගත හැකි වේවී.
කතාවේ සම්පුර්ණ හරය ලබා දෙන්නේ අවසාන අඩ හොරාවෙන් කිවොත් මම නිවරදී. අපි හිතන්නේ ළමයින්ගේ මනස හරි පුංචි බොලදයි කියලා.එත් ඔයා දන්නවාද? පුංච් ළමයෙක්ගේ හිනාව හරිම අවිහිංසකයි.එයාලා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් ඕනම සීමාවකට යනවා.සමහර විට වැඩ් හිටි අපිටවත් ඒ දේ කරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා.මේ කතාවේ එක තැනකදී මේ පුංචි දුවගේ යාලුවා ( අන්නා ) හරී අපූරු දෙබසක් කියනවා.එක ඇයි කීවේ කියන එක මම ඔයාලට කියන්නේ නැ
තාත්තා
අන්නා දුව මොනවා ඉල්ලුවත් කරනවා නේද ?
මොකට සැක කරනවාද?
මගේ දුව වෙනුවෙන් , ඕනම දෙයක් කරනවා...
පොරොන්දු වෙනවා ද?
මගේ තාත්තා එහෙනම් නත්තල් සීය වෙනවා ද?
තාත්තා නත්තල් සීයා වගේ ඇදගෙන, අයිසා ළගට යන්න ඕනා....
එයාට නත්තලේ ප්රාතීහාර්ය පෙන්නන ඕනා...
නත්තලේ සැබෑ අයිති කාරයින් පුංචි ළමයි.එත් පුංචි ළමයින්ගේ සීහින හා අවංක හිනාව වැඩිහිටි අපි කවදා තෙරුම් ගන්නද?
ඉතාමත් අලංකාර මළයාලම් ගීත කිහිපයකින් අලංකාර වන මේ නිර්මාණය අධ්යක්ෂණය කරන්නේ සුජිත් විසින් වන අතර දිලිප් රංගනයෙන් දායක වන මෙම නිර්මාණය 2019 දෙසැම්බර් මාසයේ නිකුත් උනා. විනාඩි 153 ක් පුරාවට ආදරය සමග අසීමිත දරු සෙනෙහස එකතු කරගෙන බලන්න පුළුවන් නිර්මාණයක් විදියට අපිට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
0 comments