Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
Thatrom Thookrom
ගූගල් පරීශිලක දර්ශකය 94%
IMDB 8.1/10
අනාතයින් සමග කළ මුදල් කොල්ලය.
සම්මානනීය දමිළ සිනමා පටය.
අපි හැමදාම දුක් වෙනවා අපට අරක නැ මෙක නැ කියලා.එත් ඔයාලා දන්නවා ද ? අපි කොච්චර වාසනාවන්තයි ද කියලා. ඔයාට කුස පිරෙන්න ආහාරයක් ගන්න පුළුවන් වෙනවානම්.ඔයාට හිත සැනසීමේ නිදා ගන්න හම්බෙනවානම්,අම්මා තාත්තාගේ ආදරය විදින්න හම්බෙනවානම් ඔයා තමයි මේ ලොකේ වාසනාවන්තයා.මේ ලොකේ ඔය කිසිම දෙයක් නැතිව ඉතාමත් දුක්ඛිත ජිවිත ගත කරන පිරිසක් ඉන්නවා.එයාලාට අපි කියන්නේ අනාතයෝ කියලා.එකට හෙතු ගොඩක් තියෙනවා.ඒ එක එක හෙතුව ගානේ කතා කරන්න ගියොත් පිටු ගානක් වරු ගානක් උනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එයාලටත් අපිට වගේම හීන තියෙනවා.කෙනෙක් කියයි එහෙම අනාතයෝ බිහි වෙන්නේ සසර කරපු පවු නිසා කියලා.එත් ඔයාලා දන්නවාද ඔය අද අපි අනාතයෝ කියලා කතා කරන අයගාව තියෙන ගතිගුණ සමහර ටයි කොට් දාන මහත්වරුගාවවත් නැහැ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉංදියාවේ දමිළ සිනමාවේ තිරගත වුන තවත් සාර්ථක සම්මානනීය නිර්මාණයක් ගැනයි.
කාකා හා එයාගේ යාලුවෝ දෙන්නා කුඩා කාලයේ ඉදන්ම හැදි වැඩෙන්නේ අනාතයන් විදියට.ජිවිතයේ ඉස්සරහට යන්න ඕනා ජිවිතේ දින්න ඕන කියන ආකල්ප එයාලාගේ හිතේ තියෙනවා.ඉතින් එත් මොනවා කරන්නද එකටත් සල්ලී හරස් වෙනවා.ඉතින් මේ සියල්ල සමග තමන්ගේ ජිවිත වලට අරමුණක් හදාගන්න ඩුබායි වලට යන්න යාලුවෝ තුන් දෙනා තීරණය කරනනේ එයාලාගේ ජිවිතවල නව පිටුවක් පෙරළමින් කියලා කියන්න පුළුවන්.නමුත් ඒ අලුත් පිටුව ඔවුන්ගේ ජිවිතවලට කෙතරම් හොදින් බලපායි ද යන්න වටා තමා මේ කතාව ගලාගෙන යන්නේ.
චිත්‍රපටය තෙමා කිහිපයක් ගැන කතා කරන අතර එය නැරඹීමේදී යම් යම් අයට එය විවිද ආකාරයෙන් තෙරුම් ගත හැකිය.මේ නිර්මාණය තුළ ඇති සාර්ථක දර්ශන තල හා මේ නිර්මාණය සාර්ථක විමට එවා බලපෑම් කරපු ආකාරය් කතා කිරිමට මා බලාපොරොත්තු වන අතර එහීදී කිසිම ආකාරයෙන් කතාව සම්පුර්ණ ලෙස ඉදිරිපත් නොකරයි.
චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණ වියේ පසුවන කොල්ලන් තිදෙනෙක් වාහනයක් එළවාගෙන යන ආකාරය සමගය.එම දර්ශනයේදී කිසිම අර්තයක් ලබා ගැනීමට අපට නොහැකි වන අතර එම නිසා එය කුතුහලයක් ලෙස මම දකිමි.දෙවන දර්ශනය තුළදී අනාතයන්ගේ ජිවිතයේ ඇති කටුක බව ගැන නිර්මාණ කරුවා ඉතා හොදින් කතා කරන අතර එහීදී ඔහු එවා පරිසර තත්වයන් සමග ගලපමින් ඉතා හොදින් ප්‍රතිනිර්මාණය කිරිමට සමත් වෙයි.එමෙන්ම අනාතයන් වු පලියට එවනි මිනිසුන් ගැරහිය යුතු නැත.ඔවුන් තුළද යහපත් ගුණාංග වගෙම හීන ඇති බව පවසන නිර්මාණ කරුවා ඔවුනුත් අප වැනි මිනිසුන් බව ආරම්භයෙදීම අපට වටහා දෙයි.එම දර්ශන තල නරඹන විට තරමක ඇසට කදුලක් පැමිනෙයි.
එතනින් පසුව සමාජයේ තවත් පැතිකඩක් ගැන කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වන අතර එහීදී මත් පැන් සාමජයේ යහ පැවත්මට අවශ්‍යද යන්න ඉතාමත් තර්කානුකූල ලෙසින් ඉදිරිපත් කිරිමට සමත් වෙයි.එහිදී පිරිමින්ගේ ආශාවන් හා කාන්තාවන්ගේ ආශාවන් පිලිබද සංසදනය කිරිමත් ඉතාමත් විශිෂ්ඨ කාර්යක් ලෙස මම දකිමි.
අනතුරුව මේ සියල්ල සමග ගැටෙන පොලිසිය පිලිබද සමාජයේ ඇති හැගිම් ගැන කතා කරන අතර එහීදී දුෂිත නිළදාරින් හා අවංක පොලිස් නිලදාරින්ගේ ක්‍රියාකලාපයන් මානාකොට නිර්මාණය කර තිබිම චිත්‍රපටය තුළ මා දකින සාදනීය ලක්ෂණයකී. තවද දෙශපාලනයේ ඇති දුෂිත බව පිළිබඳවද කතා කිරිමට මෙහිදී නිර්මාණ කරුවා සමත් වන අතර එමගින් මේ කතාවට අදාල සියළුම දෙනා තිරය මතට හදුන් වා දීම සිදු කරයි.
කාකා හා යහළුවන් සිය ජිවිතය යහපත් ආකාරයෙන් ගත කිරිමට අවශ්‍ය පියවරවල් වලට ගමන් කරන අතර එම දර්ශන සමග එන දමිළ ගීතද ඉතාමත් ගම්බීර ආකාරයෙන් නිර්මාණය කර ඇත.එහීදී ලොව පුරා මේ වන විට කතා වන Motivation සංකල්පය යොදා ගන්නා අතර එය නරඹන ඕනම කෙනෙක් හට පැහැදිලිව අවබොද කරගත හැකිය.
නිර්මාණය කරුවා ආරම්භයේ සිටම එක සංකල්පයක සිට නිර්මාණ ඉදිරිපත් කිරිමට උත්සහ ගන්නා බවක් පෙන්වන අතර එහීදී අනාතයන් වුවත් ඔවුන් මිනිසුන් ය යන්න නිතරම පවසා සිටී.මේ ලොකය තුළ ඇති සුන්දරම හැගිම ආදරයයි එය කවදා කා කෙරෙහී ඇති වේද යන්න නොදනී.එය සාමාන්‍ය මිනිසුන් හට මෙන්ම අනාතයන් හටත් පොදුය.ඒ ආදරය අනාත කෙනෙක් හට දැනෙන ආකරය ඉතා හොදින් නිර්මාණය තුලින් අපට දැක ගත හැකිය. එහීදී ගෞරවය හා ආදර අතර ඇති සංකිර්ණ භාවය ඉදිරිපත් කරන අතර. කුමන රැකියාව කලත් මිනිසා උසස් වන්නේ ගුණ දහම් වලින් බව නිතරම අපට පවසා සීටියි.
" ඔයා කවදාවත් මිනිසුන්ගේ ගුණාංග ගැන සිතන් නැද්ද?"
"මිනිස්සු මනින්නේ එයාගේ ඇදුමෙන් හා කරන වැඩ වලින්ද? "
චිත්‍රපටයේ බොහෝ දර්ශන තළ වලදී ගුවන් යානයක් ගමන් කරන ආකරය දර්ශන තළයට පිටුපසින් පෙන්නුම් කිරිම තුලින් නිරන්තරයෙන් මොවුන්ගේ සිහිනයක් ජය ගන්න යන ගමනක් ඇති බව පුන පුනා නිර්මාණය කරුවා අපට පෙන්වා දිමට උත්සහ ගනී.
එතනින් පසු නිර්මාණය ගමන් කරන්නේ දුෂිත දෙශපාලකයන් පොලිස් නිළදාරින් හා අනතයන් තිදෙනාගේ එකිනෙක බැදි කතාවක් විලසය. එහීදී මිනිසාගේ සියුම් තැන් ගැන නිර්මාණ කරුවා කතා කරන අතර එය විශිෂ්ඨ සංකනයක් ලෙස මම දකී.එහීදී මේ නිර්මාණය තව දුරටත් ඉදිරියට ගෙන යාමට පාලම සාදා දෙන්නේ මුදල් ය.
සමහර අයෙක් මේ නිර්මාණය නැරඹීම තුලින් නිගමනයන් දෙකක් සාදා ගනී.එනම් මේ නිර්මාණය තුලින් කියවෙන්නේ අනාතයන්ගේ ජිවිත ගැන යන්නය.තවත් එකක් මුදල් සොරකම ගැන යන්නය.ඒ දෙකෙහිම වරදක් මම නොදකිමී.මොකද මේ දෙකම ගැන නිර්මාණය තුලින් මනා කොට පෙන්වා දිමයි.
අනාතයන් උවත් ජිවත් වීමේ අයිතියක් ඇති බව අපට පෙන්වා දිමට උත්සහගෙන ඇත.මිනිසුන් මුදල් නිසා අන්ධ වන අතර මිනිසා මිනිසාවම මරාගනී.නමුත් මේ මුදල් තොග පිටින් ගොඩ ගසාගෙන සිටියත් එවා ප්‍රයොජනයට ගන්නේ නැත්නම් එහී පලය කුමක් ද? නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරයි.සියළු ගැටළු වලින් බෙරීමටනම් ආනතයින් තිදෙනාහට මොළය හොදින් පාවිච්චි කළ යුතුය.එසේනම් අප අනාතයින් ලෙස හදුන්වන්නේ මොළය නැති පිරිසක් ලෙසය.නමුත් අනාතයන් වු පලියට ඔවුන් එසේ නොවන බව නොකියා අපට පැවසිමට උත්සහ ගෙන ඇත.තවද සියළු දෙයින් බෙරිමටනම් එකමුතු කම තිබිය යුතුය.ඒ වගෙම හොර වැඩක් කිරිමෙදී පවා එකමුතු කම තිබිය යුතුය.නමුත් ඉහල නිළ දරන පිරිස මුදල් හමුවේ එකමුතු කම නැති කර ගනී.නමුත් අනාතයින් පිරිස මුදල් හමුවේ එකමුතු කම කිසි විටකත් නැති නොකර ගනී.ඔවුන්ට අනුව තනියම නොව සියල්ලම එකට එකතු වී ජිවිතය ජය ගත යුතුය යන්න අදහසයි.
එක් අවස්තාවකදී පාණ්ඩ්‍යන් ඒ කියන්නේ මේ අනතකොල්ලෝ තුන් දෙනා එක්ක ඉන්න වැඩි හිටියා.එයා තුළ ඇති ආදරය කෙතරම් ද යන්න නිර්මාණය තුල කිහිප වතාවක්ම පෙන්වා දිමට නිර්මාණ කරුවා සමත් වි ඇත.සියල්ල සිදු වී අනාතයින් තිදෙනාගේ ජිවිත හා තමගේ මරණ බියෙන් බෙරාගන්න මොහු ඉදිරිපත් වෙයි.එහීදී තමාගේ ජිවතයට කුමක් වුවත් ඔවුන් හොදින් සිටිය යුතුය යන්න සිතයි.එසේනම් එහිදී නිර්මාණ කරුවා අපට ලබා දෙන්නේ පොඩි මිනිසා තුළ ඇති පක්ෂපාතිත්වය නොවේද?
මුළ මැද අග ඉතාමත් හොදින් ගැලපිම් සිදුකරමින් නිර්මාණය කර ඇති මෙම නිර්මාණය ඉතාමත් අලංකාර ගිත කිහිපයකින් සමන්විත වේ.රංගනයෙන් දායක වන නළු නිලියන් දමිළ සිනමාවට අලුත් වන නමුත් ඔවුන් එම චරිත වලට ලබා දී ඇති සාදරණත්වය ඉතාමත් අගනේය.තවද වේශනිරූපනය අතින් මෙම නිර්මාණය තව දුරටත් සාර්ථක වී ඇත.ආනතයින් තිදෙනා ඉතා හොදින් ප්‍රතිනිර්මාණය කිරිම උදාහරණයක් ලෙස අපට පෙන්වා දිය හැකිය.
සමාජයේ සියළු ස්තර ගැන ඉතා කෙටි කාලයකින් කතා කරන මෙම නිර්මාණයේ යම් යම් අඩුපාඩු කිහිපයක් ද අඩංගු වී තිබුණී.කාකා යනු අනතයෙක් වන අතර කිසි දා වාහනයක් එලවා තිබුනේ නැත.නමුත් මෙහිදී එක පාර ඉතා හොදින් ඔහු වහන එලවයි.එය කෙසේ වුවාද යන්න කිසිම දෙයක් නිර්මාණය තුලින් ඉදිරිපත් නොකිරිම අඩුපාඩුවක් ලෙස මම දකිමි. තවද සටන් ජවනීකා වලදී පහර දෙන්නා හා පහර කන්නා අතර ඇති පරතර වැඩි අතර එම නිසා සමහර දර්ශන සාර්ථක නෝවී ඇතයි යන්න මාගේ අදහසයි.
සමස්තයක් විදියට ගත් කළ දමිල සිනමාවේ බිහිවු තවත් විශිෂ්ඨ නිර්මාණයක් විදියට මේ නිර්මාණය හදුන්වා දිය හැකිය. චිත්‍රපටය මුලින්ම අනුමාන කරනු ලැබූවේ 2016 ඉංදියානු මුදල් නොට්ටු සංස්කරණය මත වන අතර නමුත් චිත්‍රපටය ගලාගෙන යන තෙමා සමග එය වෙනස් විම් වලට ලක් විය.
" දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා අපට කලේ උදවුවක්"
"සල්ලී හම්බ කරන එකේ වරදක් නැ ,වැදගත් වන්නේ එක කරන්නේ කොහොමද යන්නයි."
චිත්‍රපටය ඇගයීම් වලට ලක් වීම විශේෂ කරුණකී.
මෙම චිත්‍රපටය ටොරොන්ටෝ ජාත්‍යන්තර දෙමළ චිත්‍රපට උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී
DRUK ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණ සම්මානය දිනා ගත්තේය
හොලිවුඩයේ ලොස් ඇන්ජලීස් හි ආසියානු චිත්‍රපට උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී.
අධ්යක්ෂ අරුල් දී වෘත්තාන්ත චිත්‍රපට සම්මානය හොඳම මංගල සිනමාකරු දිනා වරාය බ්ලෙයාර් ජාත්‍යන්තර සිනමා උළෙලේ
චිලියේ දකුණු චිත්‍රපට හා කලා ඇකඩමි උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී
සම්මාන රාශියකින් පුද ලද මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ අරුල් එස් විසින් වන අතර රංගනයෙන් අරුණසලම් හා තීජාය දායක වෙයි.2020 නොවැම්බර් 14 නිකුත් කළ මෙම නිර්මාණය විනාඩි 110 පුරාවට රස විදිමට හැකියාව ඇත. නිර්මාණය ඉතාමත් අලංකාර ගීත කිහිපයකින් සමන්විත වෙයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments