Posted by : Tharuka Niroshan
Monday, February 1, 2021
IIT Krishnamurthy 2020
ගූගල් පරීශිලක දර්ශකය
IMDB 8.5/10 ( 10 දෙනෙක් පමනක් මනාපය ලබා දී ඇත.)
පොලිසිය එක්ක කරපු හොරා පොලිස් සෙල්ලම
දවසක උදේට සීතලේ පුටුවක් තියාගෙන තෙරක් නොපෙන්න අහස දිහා බලාගෙන ඉන්න තියෙනවානම් ඒ චමත් කාරය කෙතරම් ද කියලා මට වචනයෙන් විස්තර කිරිමට නොහැකියි.නමුත් ඒ සා වීසාල ආස්වාදයක් විදිමට හැමොටම හැකියාවක් නැති බව මම දනිමී.ජිවතයේ සතුට ගොඩක් දෙනා සොයන්නේ සල්ලී වලින් නිසා සල්ලී වෙනුවෙන් උදේ හවා වෙහෙසන නිසා බොහෝ දෙනාගේ ඇති මානසක නිදහස සදහටම අයින් වී ගොස් හමාරය.මේ ලොකේට කුඩා දරුවෙක් ඉපදෙනකොට ඒ පුංචි දරුවා අම්මා දිහා බලා සිනාසෙන ආකාරය දුටු විට අපගේ හදවතට එන්නේ නිරාමිස ප්රතියකී.නමුත් ඒ පුංචි දරුවා ටිකින් ටික වයසත් එක්ක පෙන්වන සිනාව වියාජ වෙයි.එයට හෙතුව සමාජයද? මටනම් අදටත් ප්‍රශ්නයකී. ලොකයේ ඇත්තටම හිත හොද මිනිසුන් නැත්ද? එහෙම හිටියත් ඔවුන්ට මේ ලොකයේ ජිවත් වීමට අවසර නැද්ද? සල්ලී වෙනුවෙන්, තනතුරු නිළ බලය වෙනුවෙන් මිනිසා විසින් මිනිසා පාගා දමයි.ඇත්තටම මේ ලොකයේ මිනිසුන් යහපත් ආකල්ප වලින් සිටියානම්, එකී නෙකාට ආදරය වගෙම සෙනෙහස ඇතිව ජිවත් වුනානම් මේ ලොකයට හිර ගෙවල් ඇයි ද? සැබෑ ලෙසම බොහෝ සල්ලී තිබෙන මිනිසුන්ගේ වැරදි වලට දුක් විදින්නේ අන්ත අසරණ කුඩා මිනිසුන්ය.මෙය අපට කිසිදා වෙනස් කළ නොහැකිය.නමුත් අප එය වෙනස් කිරිමට යන්නේ නම් මේ ජිවිත කාලයත් එයට මදි වේ යන්න මාගේ හැගීමය.
ක්‍රිෂ්ණමූර්ති කියන්නේ IT විශයට ගොඩක් ආදරය කරන ශිෂ්‍යකී.සිය ජිවතයම IT වෙනුවෙන් කැප කරපු ඔහුගේ ජිවිතයේ අලුත් පිටුවක් පෙරලෙන්නේ මේ අතරේය.සිය මාමාගේ අතුරු දහන් විම නිසා කම්පනයට පත් වන ක්‍රිෂ්ණමූර්ති ඔහුව සොයාගෙන හයිද්‍රාබාද් පැමිණේ. මේ පිළිබඳ තොරතුරු සොයන ලෙස පවසා පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට ඔහු සමත් වෙයි.නමුත් පොලිසිය සොයා ගත් තොරතුරු වලින් ඔහුගේ මාමා මිය ගිය බව ක්‍රිෂ්ණමූර්ති හට දැනුම් දෙයි.නමුත් මෙය විශ්වාස නොකරන ඔහු මාමා සෙවිම දිගටම කරගෙන යයි.මේ වටා මේ කතාව ඉතාමත් අලංකාර ලෙස ගලාගෙන යයි.
චිත්‍රපටය ඉතාමත් සරල සංකල්පයක් මුලික කරගෙන නිර්මාණය කර තිබිම විශේෂ කරුණක් වන අතර.ආදරය සමග කුතුහලය ගලාගෙන ආකාරයට මෙය නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.මිනිසුන්ගේ හදවතේ ඇති ගුණගරුක බව වගෙම කෙලෙහී ගුණ සැලකිම ගැන අපට මේ නිර්මාණය තුලින් ඉතා හොදින් නැරඹීය හැකිය.
නිර්මාණය ආරම්භ වෙන්නේ අබිරහස් සිදු විම් වලට අදාල රූප රාමු කිහිපයක් එකතු කිරිමෙනී.ඒ අනුව නිර්මාණ කරුවා සාර්ථක ලෙස අපට ආරම්භයෙදිම කුතුහලයක් එකතු කර ඇත.ඒ සමග පොලිසියේ නිළදාරින් හා පොලිසියේ ක්රයාවන් ගැන නිර්මාණය කරුවා කතා කරන අතර එය තරමක් සැහැල්ලු දර්ශන කිහිපයක් විම නිසා ආරම්භයේ දුන්න කුතුහලය ඉවත් වී යෑම කණගාටුවට කරුණකී.අනතුරුව ප්‍රදන නිලිය කතාව තුලට හදුන්වා දෙන අතර එම දර්ශනයන් ඉතාමත් විනොදයට බර වේ.ඇයගේ කොමළ හා සුකුමාල රංගනයන් නිසා නිර්මාණයට අලුත් රසයක් එකතු වන අතර තරුණ පිරිසට එය මනා වු උත්තෙජනයක් විදියට මම දකිමි.
එතනින් පසුව පළවෙනි අඩ හොරාවටම ආදර කතාවක් විදියට එම කතාව ගලාගෙන යයි.මෙහිදී නිලියගේ සුකුමාල රංගනය හා ඇගේ මුව කමළ තුල ඇති වෙන කම්මුල් වල ගැහිම් සංසිද්දි නිසා එය ඉතාමත් අලංකාර වී ඇත.තවද ආදරණිය තෙලෙගු ගීත කිහිපයක්ම නිර්මාණය තුල එම කාලයේ අන්තර්ගත වේ.මනාවු වර්ණයන් හා අලංකාර පරිසර තත්වයන් යොදා ගැනීම නිසා එම කොටස් සමග අප හටද ආදරණීය හැගිම් ස්මතු වෙයි.
එතන් පටන් දෙවන හඩ හොරාවම ගෙවි යන්නේ අබිරහස විසදිම හා සමගය.නමුත් එහීදී යම් යම් දර්ශන නිසා එය 100% සාර්ථක නොවී ඇතයි යන්න මාගේ හැගිමය.අබිරහසක කුතුහලය ලබා දිමට නිර්මාණය කරුවා කළුවර වර්ණයන් හා කුතුහලය දනවන සංසිද්දි නිර්මාණය කර ඇත.නමුත් යම් යම් අවස්තාවන් වලදී සමහර දර්ශන වේගවත් කර ඇති අතර එම නිසා එය නරඹන අයට ඉතාමත් අපහසුකාරී අත්දැකීමක් වෙයි.තවත් අවස්තාවක සමහර දර්ශන තල එඩිට් කිරිමෙදී අනවශ්‍ය ලෙස සිදු කර තිබිම නිසා අනවශ්‍ය බොද වීමේ ගතියක් පෙන්නුම් කරයි.කෙනෙක් හට සිතෙවී මෙය ලියන මා ලබා ගත් පිටපත නිසා එය සිදු වී ඇති බව නමුත් එය එසේ නොවේ.නමුත් මේ දුරවලතා නිසා කතාවේ හරයට බලපෑමක් වී නැත.එය ඉතා හොදින් ගලාගෙන යයි. පොලිසියේ ක්‍රියා කලාපය වගෙම ක්‍රිෂ්ණමූර්තිගේ චරිත ලක්ෂණ ගැන ඉතා පැහැදිලි ආකරයෙන් නිර්මාණය තුල කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.අප තුල තිබු කුතුහලය තරමක් බාල්දු කරමින් නිර්මාණ කරුවා නැවත ආදර ජවනිකාවක් තිරය මතට ගෙන එන අතර එය මනා වු සංයොජනයක් ලෙස මා නොදකිමී.මක් නිසාද එහී දී සැබෑ ලෙසම ත්‍රාසය කියන හැගිම යටපත් වන නිසාය.
නමුත් එහී එන දර්ශනයන් වගෙම දර්ශන රූගත කළ පරිසරයන් ද ඉතාමත් අලංකාර වේ. එම නිසා එම දර්ශන තලය සාර්ථක වන අතර එම දර්ශන තලය යොදා ගත් තැන සුදුසු නැතයි යන්න මාගේ අදහසයි. එතන් පටන් කතාව ගාලාගෙන යන්නේ අබිරහස විසදිමත් සමගය.එම කොටස් එතරම් ත්‍රාසය එකතු වී නැති නිසා සාමාන්‍ය දර්ශන තල ලෙස මා හට පෙනී යයි.
අනතුරුව නිර්මාණ කරුවා නිර්මාණය තුළ කතා කරන හරය හා අභිරහස ඇත්තටම උන ආකාරය පහදා දිමට උත්සහ කරයි. එහීදී මිනිසුන් තුළ ඇති සාරධර්ම වගෙම ගුණ දර්ම වලට මුලික තැනක් සමාජය දී ඇත්ද යන්න අපෙන් ප්‍රශ්න කරයි.ලොකය සල්ලී මත ඇති අතර ඒ මුදල් නිසා මිනිසා මිනිසාවම රවට්ටන තැනට පත් වී ඇති බවට නිර්මාණය කරුවා සත් සුදක් සේ අපට පහදා දෙයි.
සමස්තයක් විදියට ගත් විට මේ නිර්මාණය තුලින් දිමට උත්සහ ගත් පණිවිඩය ඉතාමත් අගනේය.නමුත් නිර්මාණය තුල එම පණිවිඩය දිමට යොදා ගත් කතා පුවත තිර රචනයෙදී තවත් ආකාර්ශණිය වුවානම් හොදයි යන්න මාගේ අදහසයි.මේ නිර්මාණය තුල හැගිම් දෙකකට පමණක් මුලික තැනක් ලබා දී ඇති අතර අනිත් හැගිම් බොහො විට යටපත් කර ඇත.තවද චිත්‍රපටය පුරාවට ප්‍රදාන නලුවා යොදා ගත් ආකාරය එතරම් සාර්ථක නොවේ.මක් නිසාද ඔහු අබිරහස විසදිමෙදී ඔහුගේ දායකත්වයට වඩා වැඩි පුර පොලිස් නිලදාරියාගේ දායකත්වය පෙන්විමයි.එමෙන්ම අබිරහස ගලාගෙන යන කාලයෙදී බාහිරෙන් වාදනය වන වාදනය රටසන් හෝ තාන්ඩම් සිනමා පට සිහිපත් කරයි.එය එතරම් සාර්ථක උත්සහයක් නොවේ.තවද මෙම නිර්මාණය Drama Mystery කාණ්ඩයට අයත් නිසා කෙනෙක් හට මේ කරුණු සාදාරණිය කළ හැක.නමුත් එක් හැගිමක් සම්පුර්ණයෙන්ම යටපත් කොට තවත් හැගිමක් උද්දීපනය කිරිම දුර්වල කරුනක් ලෙස මම දකිමි.
චිත්‍රපටයේ සාර්ථක කොටස් කිහිපයක් ද ඇත.ඒ අනුව ගීත නිර්මාණ හා එවාට යොදා ගත් දර්ශනයන්.යොදාගත් නිලිය වගෙම ඇගේ රංගනය ඉතාමත් අගනේය.තවද අවසානයට කතාව පහදා දෙන කොටසද යම් තාක් දුරට සිත් ඇද ගන්නා අයුරින් නිර්මාණය කර ඇත.චිත්‍රපටය ශ්‍රී වර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන අතර මයිරා හා විනයා මෙහී රංගනයෙන් දායක වෙයි.චිත්‍රපටය OTT හරහා 2020 දෙසැම්බර් 10 දින නිකුත් කළ අතර එය විනාඩි 113 පුරාවට නැරඹීමට හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments