Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
Patra Vaitha Nerupondru 2020
ගූගල් පරීශිලක දර්ශකය 76%
IMDB 8.1/10
රහසිගත විඩියෝ හා හඩ පට වල අබිරහස
ජීවිතය හරී පුදුමයි නේද ? මිනිසුන් කෙතරම් වෙනස් වෙලා ද ? මිනිසුන් ලොකය ජය ගන්න අප්‍රමාණ වෙහෙසක් දරන්නේ ඇයි. අදටත් ප්‍රශ්නයකී.එය ලොකයේම යහපතටනම් ඇයි අවි ආයුද යුද කොළාහල ලොකයට බිහිවෙන්නේ.මිනිසා මිනිසාවම පාගා දමා ඇති යුගයක තාක්ෂණය අපිව ආක්‍රමණය කර ඇති යුගයක ගුණ දහම් පිරීහිම කියන්නත් දෙයක් ද? කොටියෙක් මුවෙක්ව ගොදුරු කරන සැම විටම කොටියාගෙන් බෙරීමට දිව යන්නේ මුවාය.නමුත් යම් විටක කොටියාගේ ගොදුර විමට මුවාට සිදුවේ.මිනිසා තුළ යහපත වගෙම අයහපත ද රජ කරයි.එයින් අයහපත කෙනෙක්ගේ අවියක් කරගෙන ඔහුව ඇයව පාළනය කිරිමට පිරිසක් රැදී සිටියි.මිනිසා වැසිකිළි යන තැනේ සිට ලිංගික තෘප්තිය ලබන තැන දක්වා වෙන සිදු විම් රහසිගතවම විඩියෝ කරගෙන ලොකයට ඉදිරිපත් කිරිමට පිරිස් සීටි.අප දියුණුව වෙනුවෙන් පාවිච්චි කරන තාක්ෂණය කෙනෙක්ගේ මරණයට හිමි කමක් වනවානම් එය තාක්ෂණයේ වරදද? මිනිසාගේ වරදද? අපට සිතන්නට සිදුවේ.
රාත්‍රී කාලයේ සොරකමේ යන දෙදෙනෙක් හදිස්සියේම ගෙදරකට පනින්නේ ඔවුන්ගේ ජිවිතය වෙනස් කරමිනී.එහිදී ඔවුනට දැක ගැනීමට හැකිවන්නේ අධික ලෙස ලේ වහනය වෙමින් මිය ගිය කෙනෙක්ගේ මළ සිරුරකී. සියල්ල එසේ සිදු වී ඇති විට මේ මරණයට වග කිව යුත්තේ කවුරුන්ද යන්න සෙවිම වටා මේ කතාව ගලාගෙන යයි.
චිත්‍රපටය සාමජීය සිදුවිම් පාදක කරගෙන නිර්මාණය කර ඇත.එය සාමාන්‍ය සාර්ථකත්වයක් ලබාගෙන ඇත.තවද මෙහිදී නවක නළු නිලියන් තිරය තුලට ගෙන එමට නිර්මාණය කරුවා උත්සහගෙන ඇති අතර එය අසාර්ථක නොවේ නමුත් එය අප බලාපොරොත්තු වන තරම් සාර්ථකත්වයක් ලබා නොගීනීම කණගාටුවට කරුණකී.නමුත් මේ නිර්මාණය ඒ සාදක මග හැර ඉතා හොදින් නැරඹීය හැකිය.
චිත්‍රපටය ආරම්භක දර්ශන අදුරට හුරු පරිසරයකට මුලික තැන ලබා දෙමින් සිදු කර ඇති නිසා ආරම්භයේදීම සුපුරුදු ත්‍රාසය අපගේ මනසට ලබා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.එපමනක් නොව එහීදී රාත්‍රී සමාජ ශාලාවක දර්ශන යොදා ගැනීම තුළ මේ සිදුවිම් වන කාලය වන විටත් සාමජය තුළ යම් පිරිසක් අවදී වී සිටින බව නොකියා පවසා සීටී.අනතුරුව සොරුන් දෙදෙනාගේ දර්ශනය ඉතා සාර්ථක අන්දමින් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වන අතර එහීදී සොරුන්ගේ මුහුනේ ඇති බිය කුතුහලය යන හැගිම් ඉතාමත් හොදින් උද්දීපනය කර ඇත.එහීදී ආදුනික නළු නිලියන් උවත් ඔවුන්ගේ වගකීම් කොටස නිසි ආකාරයෙන් සිදු කර ඇත.
මෙහීදී නිර්මාණය කරුවා සමාජයේ එක් අදුරු පැතිකඩක් කතා කරයි.මේ සොරුන් දෙදෙනා උසස් අධයාපනය ලබන දෙදෙනෙක් වන අතර ඔවුන් ජිවිතයේ තමන්ගේ ජිවිකාව ගෙන යන්න සොරකම් කරයි.එයට උදවු දෙන කෙනෙක් සීටී.එසේනම් මෙවනී තරුණ ප්‍රජාව මෙවනී දෙවල් වලට යොමු වන්නේ සමාජයේ වරදින්ද, නැත්නම් ඔවුන්ගේ අදහස් වල වරදින් ද යන්න නිර්මාණය කරුවා ආරම්භයේදී ප්‍රශ්න කර සීටී. එතනින් අනතුරුව චිත්‍රපටයේ ප්‍රදාන නළුවා හදුන් වා දීමට නිර්මාණ කරුවා සමත් වන අතර එහීදී ඔහුගේ නුවන හා උපායශීලීත්වය ගැන කතා කිරිමට මුලික තැනක් ලබා දෙයි.
එතනින් පසු පලවන අඩහොරාව දක්වාම නිර්මාණය ගමන් කරන්නේ දිනේෂ් හා පොලිසිය අතර ඇති වන සම්බන්ධතා තුලින් මිනීමැරුම සෙවීම සමගය.එහීදී දිනෙෂ් සිදු කරන ක්‍රියාකාරකම් නිසා චිත්‍රපටයේ ප්‍රදාන තේමාව ඔප් නංවා ගැනීමට මාරගයක් සාදා දෙයි. එය උපයෝගී කරගෙන සයිබර් අවකාශය තුළ තාක්ෂණය මගින් දත්ත ලබා ගැනීම ගැන ඉතා පුලුල් ලෙස නිර්මාණ කරුවා කතා කරයි.එහිදී යොදා ගන්නා දර්ශන තළ හා එවාට ආවේනීක වචන නිසාම මෙය නරඹන අයෙක්ට එය වෙනස්ම අත්දැකීමක් වනු ඇත.
ලංකාව තුළත් ඉංදියාව තුළත් පාට් ටයිම් ජොබ් ඇත කතා කරන්න යන්න දැන්වීම් බොහෝ සෙයින් අපට හමු වේ.නමුත් මෙවායින් තරුණ ප්‍රජාව කෙතරම් වැරදී මාර්ගයන් වලට යොමුවනවාද යන්න නිර්මාණය කරුවා නිර්මාණය තුළින් ඉතා සූක්ෂම අයිරින් කතා කිරිමට අමතක නොකරයි.එසේනම් එවනි දෙවල් සිදු වන්නේ තරුණ ප්‍රජාවට ඇති අග හිගකම් හා ඇබ්බැහි විම් නිසා නොවෙද යන්න නිර්මාණය කරුවා දෙවන වරටත් අපෙන් ප්‍රශ්න කර සිටී.යම් අවස්තාවන් වල එවනී සිදුවිම් වලට තරුණ ප්‍රජාව යොමු වීම තුලින් ඔවුන්ගේ ජිවිතය විනාශ වන බව සැබෑ කරුණකී.පොලිසි ගානේ වගෙම සිර ගෙවල් වල තරුණ ප්‍රජාවට ලැගිමට සිදු වන්නේ මෙවනී විනාශ කාරී අදහස් වලට තරුණ ප්‍රජාව යොදා ගන්නා මිනිසුන් නීසා නොවෙද?
චිත්‍රපටය තුළ ඇති ක්‍රියාදාම පවා ඉතාමත් ප්‍රායෝගීක ආකාරයෙන් නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී තිබිම විශේෂ ලක්ෂණයකී.චිත්‍රපටය පුරාවටම අදුරු වර්ණයන් වලට ප්‍රමුඛතාවයක් ලබා දිම තුළ චිත්‍රපටය කතාව තුල ත්‍රාසය ඉතා හොදින් පෙන්වා දී ඇත.
ලොකය පුරා සයිබර් අපරාධයන් සිදුවිමට මුලික ලෙස බලපාන්නේ මිනිසුන්ගේ දුර්වලතාය.තරුණ ප්රජව ලිංගිකව එකතු වන දර්ශන රූගත කර එවා ජංගම දුරකතනවල තබා ගනී.ඒ වගෙම අල්ලස් ගත්ත හඩ පට පවා ජංගම දුරකතන වල රදවා තබා ගනී.ඒ සියල්ල යම් අයෙක්ගේ අතට පත් වු විට එය ලබාගත් කෙනා රිසිසේ එවා බෙදා හරී නැත්නම් කප්පම් ගනී.මේ සියල්ල මානාකොට නිර්මාණය තුලින් පෙන්විමට නිර්මාණ කරුවා සමත් වීම චිත්‍රපටය සාර්ථක විමට බලපා ඇත. එපමනක් නොව චිත්‍රපටයේ දූෂිත විය හැකි නිලදාරින් අතර පොලිසියද සිටින බව පවසා සිටින අතර එවිට නිතිය කෙසෙනම් හැසිරේද යන්න අපට පවසා සිටිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
චිත්‍රපටයේ ඇති ලොකුම අඩුපාඩුව නළු නිලියන්ගේ රංගනයයි. ඔවුන්ගේ රංගනයෙන් සාදනීය නොවන අතර ඔවුන් නවකයන් වීම නිසා එසේ සිදු වී ඇතයි යන්න මාගේ අදහසයි. එපමනක් නොව චිත්‍රපටයේ සියලු කොටස් මැතකදී තමිල්නාඩුවේ සිදු වු සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කර ඇති බව එය නරඹන ඕනම කෙනෙක් හට තෙරුම් යයි.
සාමජයේ සියලුම පැතිකඩයන් ආවරණය වන ලෙස නිර්මාණය කර ඇති මෙම නිර්මාණය තාක්ෂණය අතින් ඉතාමත් පොහොසත්ය.චිත්‍රපටය ආරම්භයේදි නරඹන්නා හට ලබා දුන් කුතුහලය අවසානය තෙක් එලෙස පවත්වා ගන්නා අතර කිසි විටකත් එය ඉවත් නොකිරිම විශේෂ කරුණකී.චිත්‍රපටය තුළ ආදර ජවනිකා හෝ අනවශ්‍ය දර්ශන කිසිවක් අඩංගු නොවන අතර සාමාන්‍ය ජනයා අතර සිට කතා කරන නිර්මාණයක් ලෙස අපට මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ විනොත් රාජෙන්ද්‍රන් විසින් වන අතර රංගනයෙන් රංජිත්, සදසිවම් යන දායක වෙයි.චිත්‍රපටය 2020 ඔක්තෝබර් 27 නිකුත් කළ අතර එය විනාඩි 90 පුරා ඉතා විනොදයෙන් නැරඹීමට හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments