Posted by : Tharuka Niroshan
Sunday, January 31, 2021
Uriyadi 2
ගූගල් පරීශිලක දර්ශකය 94%
IMDB 7.2/10
කූරීරු දෙශපාලනයට එරෙහිව තරුණයාගේ නැගි සිටිම.
අම්මේ ඔයා විතරයි නේද මට කියලා හිටියේ එත් ඔයත් මාව දාලා යන්න යනවා ද? තාත්තේ ඔයා කීවා නේද හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා.එහෙනම් ඇයි අද මාව තනි කරලා යන්නේ.දුප්පත් හින්දා නේද අම්මේ මේ හැමදේම අපි විදින්නේ. අම්මේ ඔයා කීවා මතකයි ද? මේ ලොකේ සුන්දරම මිනිස්සු කියලා.ඇයි අම්මේ ඇයි ඔයා එහෙම මට බොරු කීවේ මිනිසු හොද නැ ගොඩක් නරකයි.මම දන්නවානම් මිනිසුන් මෙච්චර නරකයි කියලා කවදාවත් ඔයාගේ කුසෙන් එලියට එන්නේ නැ. දෙවියෝ ඉන්නවාලු නේද අම්මේ එත් ඒ දෙවියොත් ඉන්නේ සල්ලී තියන අයත් එක්ක ද? අපි වගේ දුප්පත් අය එක්ක ඉන්නේ නැද්ද අම්මේ.... කියන්න අම්මේ කියන්න...
පුංචි දරුවෙක්ගේ හීතේ ඇති වෙන සංකල්පනාවක් එකතු කරාම ඔයාලා බලනවා ඇති ඇයි මේ කියලා. මේ ලොකේට අම්මා තමයි අපිට ජිවය දෙන්නේ තාත්තා තමයි ශක්තිය දෙන්නේ එත් ජිවත් වෙන්න හැකියාව හම්බෙන්නේ හුස්ම හින්දා. එත් මේ ලොකේ සමහර අයට නිදහසේ හම්බෙන හුසමවත් ගන්න වරම් අහිමි වෙලා තියෙනවා.මිනිසා විසින් මිනිසා පාගා දමන යුගයක සාරධර්ම ගුණ යහපත් කම් දෙවියෝ ලගවත් තියේ ද?
පුංචි ගමක් ගමේ හරි ආදරයෙන් ජිවත් වෙන පවුල් ගොඩක්.ආදරය පිරිලා, එත් මේ ගම ලග ජීවත වලට බලපෑම් කරන්න කර්මාන්ත ශාලාවක් ඇති කරනවා.ස්භාව ධර්මය ද ඇති කරේ, නැ මිනිසා ඇති කරනවා.මෙක නිසා ඇත්තටම මේ ගමේ මිනිසුන්ට කොයි වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි ද යන්න වටා මේ කතාව ගලාගෙන යනවා..
සමාජයේ සමානාත්මතාව... නැතිවී ගිය විට,
මනුෂ්‍යත්වය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව
ඉවසීම ක්‍රමයෙන් පහව යයි
කෙනෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරිම කෙනෙකුගේ වගකීම.
චිත්‍රපටය ආරම්භ විමත් සමග චිත්‍රපටියේ කාතාවෙන තේමාව ඉතා හොදින් නිර්මාණ කරුවා අපට ලබා දිමට සමත් වී ඇත. ඒ සමග චිත්‍රපටය තුළ ප්‍රදාන චරිතයන් තිරය තුලට ගන්නා නිර්මාණ කරුවා එතනින් එහාට ප්‍රදාන චරිතය වටා කුඩා ආදර කතාවක් නිර්මාණය කරයි.සමස්තයක් විදියට ගත් විට ආරම්භය ඉතාමත් සරළ ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා.
ඉන් අනතුරුව කෙලින්ම කතාව ප්‍රදාන රසායනික කර්මාන්ත ශාලාව හා සම්බන්ද කරයි.එහිදී කර්මාන්ත ශාලාවක වැඩකටයුතු සිදුවන ආකාරය වගෙම කර්මාන්ත ශාලාවක ඇති බයානක පැත්ත පිලිබද පැහැදිලි අවබොධයක් ලබා දිම මෙහී ඇති විශේෂත්වයකි. කෙතරම් සංකීර්ණ සිද්දියක් පාදක කරගෙන නිර්මාණය කරන සිනමා සිත්තමක උවත් යම් කිසි ප්‍රේමාන්විත ගතියක් දැකිමට නරඹන බොහෝ දෙනෙක් කැමතිය එය නිවරදි ආකාරයෙන් ගලපා ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. මේ සමග පළවෙනි අඩහොරාව ගලාගෙන යන අතර තරමක් ඒකාකාරී බවක් එම කොටස් තුලින් අපට දැක ගැනීමට හැකි වේ.
සමහර යාලුකම් හරි ශක්තිමත් බව අප දන්නා කරුණකී.අප නිතර ජන වහරේදී පවා පවසන්නේ හොද මිතුරෙක් නැති මරණය ශාක්ෂියක් නැති මරණය වගේය කියලා. ඉතින් හොදම යාලුවෝ තුන් දෙනෙක්ගෙන් කෙනෙක් අපි අතරින් සදහටම වෙන් උනොත් එය කෙතරම් හිතට දැනෙද යන්න නිර්මාණ කරුවා ඉතා හොදින් අපට පෙනවලා දී ඇත.එම කොටස් ඉතාමත් සංවේදී දර්ශන වන අතර මෙය පළවෙනි වතාවට නරඹන ඕනම කෙනෙක් හට එය ඇසට කදුලක් එන දර්ශනයක් වනු නොවනුමානයි. කෙසේ වෙතත් ස්භාවිකව නොව යම් රැකියාවකදි සිදුවන මරණයකදි දෙශපාලනය බලන සිටින්නේ එම මරණය විකුනා හරි තම බලය ලබා ගැනීමටය.එය කුමන රටක උවද ඉතාමත් පහත් ක්රායාවකී.එය නිර්මාණ තුලින් අපට ඉතා හොදින් බලා ගත හැකිය.දෙශපාලකයන් මුදල් ඉදිරියේ කුක්කන් වැනිය.එසේනම් අප අද කතා කරන සමාජ සාදාරන්තවය, ගුණ යහපත් කම් සියල්ල ඉහල සමාජ ස්තර වල මිනිසුන් තුලින් ගිලිහී ගොස් ඇත්තේ හැගිම් දැනිම් නැති මුදල් නිසා නේද යන්න ඉතාමත් හොදින් අපට පසක් වේ.නමුත් එය යහපත් සමාජයක් බලාපොරොත්තු වන අපටනම් ඉතාමත් කණගාටුවට කරුණකී.
සමාජයක ඉතාමත් ශක්තිමත් වගෙම නැගිසිටින්න හැකි කණඩායම තරුණයන් ය. ඔවුන්ගේ එක් පියවරකදි බොහෝ තරුණ පිරිසක් ඔවුන් වටා එකතු විම සරළ සිද්දියකි.එය අප බොහෝ විට දකින්නේ විශ්ව විද්‍යාල තුලය නමුත් එයින් පිටට ඇවිත් සාමාන්‍ය ජන සමාජය තුලද එය දැක ගත හැකි බව පැහැදිලි වෙන බව නිර්මාණය කරුවා අපට පෙන්වා දෙයි.තමන්ගේ යාලුවාට උන අසාධාරණයට විරුද්දව ඔවුන් නැගි සිටිම තුලින් නිහඩ විප්ලවය ආරම්භ වේ.චිත්‍රපටය මුල් කොටස මැද කොටස සමග සම්බන්ධ වන්නේ එලෙසීනී.
අප මෙහිදී කතා කරන්නේ කර්මාන්ත ශාලාවක් නිසා සාමාන්‍ය ජන සමාජයට වන අනතුර පිළිබඳව වන අතර එය ඉතාමත් උච්චතම අවස්තාව දක්වා කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වීම තුලින් මේ නිර්මාණ තුල අප බොහෝ සෙයින් අතරමං කරයි. සාමාන්‍ය ජිවිතයෙදී උවත් මෙවනි අනතුරුවලින් බොහෝ පිරිස් මිය යන බව අප දන්නා කරුණකී.නමුත් ඒ සියල්ල පලක පාලකයන් විසින් යට දමා ගනී.එය කෙතරම් සාදාරණද? නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සීටී.
සියල්ල සිදු වී අවසානයේ ඇතිවන බයානක ප්‍රතිපලය විශාල ජන තාවකගේ මරණයයි. එය ඉතා හොදින් නිර්මාණ තුලින් පෙන්වන අතර එහීදී සමාජයේ ඇති ගුණ යහපත් කම් හා ආගමික විශ්වාසයන් ගැන සියුම් තැන් උපයොගී කරගෙන කතා කරයි.
මේ ලොකේ දරුවෙක්ට අසීමිතව ආදරය කරන කෙනා මවය.ඇගේ ආදරය ඇට ලේ මස් වලටම කිදා බහින අතර ඒ ආදරය මෙතකයි කියා පැවසිමට අපට නොහැකිය. මරණය තමාවෙත එන බව දැන දැන දරුවන් ආරක්ෂා කරනවානම් එය කෙතරම් මානුෂික ආදරයක් ද කියලා අපට පැහැදිලි වේ.
එක් අවස්තාවකදී මේ මේ මව දරුවාව ඇකගෙන් ඉවතට ගෙන මාලු ටැංකිය සුද්ද කර එයට දමා කඩදාසි වලින් වසන අතර එය පළක් නොවේ යෑයි සිතන විට අල්මාරියකට දමා වසයි.මෙය කෙනෙක් හට සිතෙන්නේ මොඩ ක්‍රියාවක් ලෙස උවත් මවු සෙනෙහස සමග ගත් කළ ඇය කලේ ඉතාමත් උතුම් පරිත්යාගයකී.ඇගේ මරණය සමග දරුවාගේ ජිවිතය බෙරීම පසු දර්ශනයක් සමග සමබන්ද කරමින් නිර්මාණ කරුවා අපට පෙනවා දෙන අතර එයා කුමන අයෙක්ට උවත් නෙතට කදුලක් එකතු කරනු ඇත.
මවු සෙහෙසහ හා දෙවනි නොවන එකම සෙනෙහස පිය සෙහෙහසයි.අපි සාමාන්‍ය ජිවිතයේදී පවා පියවරු කෙතරම් ශක්තිමත් ද යන්න දනී.නමුත් ඒ පිය සෙනෙහස දරුවන් ඉදිරියේ කෙතරම් ශක්තිමත් ද යන්න නිර්මාණ තුලින් හොදින් කතා කරයි.
අපිට ජිවිතයේ කර කියා ගන්න දෙයක් නැති වු විට අප යන්නේ දෙවියන් ලගටය.එත් දෙවියන්ට කර්මය වැලක්විය හැකිද? නිර්මාණ කරුවා අපෙන් නොකියා ප්‍රශ්න කරයි.ස්භාවික හෙතු නිසා මිනිසුන් මිය යන්නේ නම් එය කෙසේ හෝ සාදාරණිකරණය කළ හැකිය. නමුත් මිනිසා නිසා මිනිසාවම විනාශ කරන්නේ නම් එය කෙතරම් සාදාරණී කරනය කළ හැකිද?
ලොකයේ පැවත්මට යුක්තිය හා සාදාරණත්වය ඉතාමත් හොදින් බලපෑම් කරයි.නමුත් ඒ සාදාරණත්වය මිල මුදල් ඉදිරියේ වැසි යන්නේ නම් අප කුමක් කළ යුතුද? එය බොහෝ දෙනෙකට ප්රශ්නයකි.වයස් ගත කෙනෙක් හට මෙවනි අවස්තාවකදි කට පියාගෙන සිටිය හැකිය.නමුත් තරුණයන් එසේ සිටිද ? තමන්ගේ අම්මා,තාත්තා නැති උනාම තරුණයෙක් කෙතරම් විප්ලව වාදී වෙයි ද? දෙශපාලනය හා මුදල් වලට එම තරුණයත් යටත් විය යුතුද ? සමජය පාලනය නීතියෙන් ගිලිහී ගිය විට එයට යුක්තිය කිරිම සදහා සමාන්‍ය මිනිසුන් ඉදිරිපත් විම මුලු මහත් සමාජයටම කෙතරම් සුදුසු ද? මෙවනි ඉතා පුලුල් පරාසයක් පුරා කතා කිරිමට මේ නිර්මාණය සමත් වී ඇත.
මේ ලොකේ සුන්දරතම නිර්මාණය මිනිසාය.මිනිසා දිනෙන් දින දියුණු විය යුතුය.නමුත් එයින් මිනිසාගෙම මරණයම ලගා කර ගන්නේ නම් ඒ දියුණුව කෙතරම් සුදුසුද? කෙසේ හෝ අපට හුස්ම ගන්න තියෙන වාතයටත් විශ එක් කරන යුගයක.අප මෙවනි නිර්මාණ කෙතරම් සමාජයට ඉදිරිපත් කළ යුතුද? කතාව තේමාව ඉතාමත් හොදින් නිර්මාණ කර තිබීම හා ඉතාමත් සියුම් තැන් ගැන කතා කිරිමට මේ නිර්මාණ සමත් වී තිබිම නිසාත් මේ නිර්මාණ සාර්ථක වී ඇතයි යන්න මාගේ අදහසයි.
විජේ කුමර්ගේ අධ්‍යක්ෂණයෙන් හා විස්මිතා ශංකර් යන අයගේ රංගනයෙන් හැඩ වෙන මේ නිර්මාණය 2019 අප්‍රේල් 05 වන දින නිකුත් කර ඇත.මිනිත්තු 119 පුරාවට ගලායන මේ චිත්‍රපටය පවුලේ සැමට එකට හිද නැරඹීමට හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments