• Posted by : Tharuka Niroshan Sunday, January 31, 2021

    Kayal 2014 


    ගූගල් පරීශිලක දර්ශකය 87%


    IMDB 6.4/10





    සුනාමිය බිලි නොවු ආදරය.


    මිනිසා වූ කල්හී සිය ජීවන රග මඩල තුළ උපන්දා සිට රංගනයෙන් දායක වන ජීවියකී.මේ රංගනය යතාර්ථ වාදී මෙන්ම පැවත්මට අනුකුල විමට නම් මිනිසා හා ස්භාව දර්මය අතර ඇති බැදිම මනා කොට පවත්වාගත යුතුය.ගංගා ඇල දොල කදු හා ශිකර වලින් සමන්විත වන්නාවු මේ ස්භාව දහම මිනිසා අතුලු සියලුම ජිවින්ගේ මව විදියට අපි සලකයි.කවදා කෙදිනක පරිසරය ඇති වුවාද යන්න කීමට පැහැදිලි  සාක්ෂියක් නැති උවත් එය එතරම් අනර්ග නිර්මාණය විදියට අපිට හදුන්වා දිය හැක.මිනිසා වු කල්හී සියලු හැගීම් වලින් පොෂණය වී ඇති තවත් එක් ජීවී කොටසකි.නමුදු ස්භාව දර්මයට ඇති හැගීම් අපට පියවි ඇසකින් විද්‍යා මාන කර ගැනීමට  නොහැකිය.කෙසේ හෝ මේ පරිසරයේ ඇති සමතුලිත තාම මිනිසාගේ මැදිහත් වීම නිසා අප බිද දමයි ද එහී ප්‍රති විපාක අපට අත් විදිමට සිදු වන බව ඔබත් මමත් දන්නා කරුණකී.

    නාය යෑම්, ගිණි කදු පිපිරිම් වගෙම ගංවතුර නිසා වසරක් තුළ මිනිස් ජිවිත දහස් ගනනින් මේ මිහිපිටින් තුරන් වී යයි.එය සැලකිය යුතු ප්‍රමානයක් ලෙස අපට ගණනය කළ බැලුවහොත් පසක් වෙයි.නමුත් එහී උච්චතම අවස්තාව වු විට සුනාමී ලෙසින් පැමිනෙන මහා ජල කද මිනිසුන් සිය දහස් ගානක් විනාශ කර දමයි.මෙය මේ ලොව බිහිවු දා සිට අවසානය දක්වාම සිදු වන බව අප දන්නා කරුණකී.නමුත් මනුෂ්‍ය  දහම් පිරිහෙමී දී පරිසරය ද එයට අනුරුපව මිනිසා හට දඩුවම් දෙන බව බුදු දහම් අනුව අපට පෙනී යයි.තුන් බිය එදා සමාජයට පැමිණියෙද, මිනිසාගේ යම් යම් පිරිහීම් සිදු වු නිසා බව අපට පසක් වන කරුණකී.ස්භාවික විපත් හා මනුෂ්‍ය ගුණ දරම් ගැන කතා කිරිමට බුදු දහම තරම් සුදුසු දහමක් නැතයි යන්න මගේ අදහසයි.

    2004 දෙසැම්බර්  26 දින ඉංදියන් සාගරයේ ඇති වු භුමිකම්පාවක් නිසා ලංකාව ඇතුලු රටවල් කිහිපයකට සුනාමිය ඇති විය.අද වන විට සුනාමිය ඇති වී වසර 16ක් ගත වී ඇතත් එහී අදුරු මතකයන් තාමත් අපගේ මනසේ රැදී  ඇත.මවට දරුවන් අහිමි කරමින්, සහොදරයන්ට සොහොදරයෝ අහිමි කරමින්,සිය ජිවිතයේ උපයා සපයා ගත් සියල්ල එක මොහොතකින් විනාශ කිරිමට සුනාමි රළ සමත් විය.ලංකාවේ ජිවිත 30,000 වඩා අහිමි කළ මෙම කෙද වාචකය පිලිබද විවිද තැන්වල අදටත් කතා කරයි.

    මම මේ සිනමා නිර්මාණය දමිළ සිනමාවේ බිහිවු විශිෂ්ඨ නිර්මාණයක් විදියට සළකන අතර  එයට හෙතුව දර්ශන තළ ඔස්සේ පහදා දිමට උත්සහ ගන්නා අතර එහීදී චිත්‍රපටය සම්පුර්ණ විස්තර නොකරන බව කියවන ඔබ වටහා ගත යුතුය.

    කායල් කියන්නේ ගොඩක් දුප්පත් ඒ වගෙම ජිවිතේ තනි වුන කෙල්ලෙක්.ඒ තනිකම නිසාම සිය ජිවිතයේ ඉදිරිය මුලුතැන්ගෙයක  සිරවී ගත කරන්න ඇයට සිදු විය.කෙසේ නමුත් කාලය ගත වී ගෙන යනකොට ඇගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් රැගෙන ආරොන් ඇගේ ජීවිතයට එයි.ආදරයේ මල් කිනිති දළු දා වැඩෙන්න කලින් ඔවුන්ගේ වෙන් වීම සිදු වෙයි.නමුත් දෙදෙනාගේ හිත් වල බැදි ආදරය සොයාගෙන යන ගමන ගැන කතාව තුලින් ගලාගෙන යයි.

    මෙය දමිළ සිනමාවේ බිහිවු විශිෂ්ඨ නිර්මාණයක් විදියට මම දකින් බව මම කලින් ඔබට පැවසුවා.එය එසේ වන්නේ කෙසේදැයි යන්න අපි මදක් කතා කරමු.

    චිත්‍රපටය ආරම්භ වන්නේ සූනාමියක් ඇති වෙන ආකාරය ගැන විද්‍යාවට අනුව පෙන්වා දීමෙනි.ඒ අනුව සැබෑ  ලෙසම මේ චිත්‍රපටය  තුලින් කතා වෙන්නේ මේ වැනි අදහසක් යන්න ඔහු නිතරගයෙන්ම අපට පහදා දෙයි. 

    චිත්‍රපටයේ මුලු කතා තේමාවටම අදාල වන ප්‍රදාන චරිත දෙක සංචාරකයන් දෙදෙනෙක් වීම කතාවට සාදාරණ බලපෑමයක් එල්ල කර ඇත.සංචාරකයන් නිතරම පරිසරය සමග සම්බන්ධ වන අය වේ.ඒ අනුව ඔවුන් ලොකයේ ඇති සුන්දරත්වය දකි.මෙය කැමරා කාචය තුලින් ග්‍රහණය කර අපට පෙන්වා දීමට උත්සහගෙන තියෙන්නේ, ඔයා මේ ජිවත් වෙන ලොකය ඔයා හිතනවාට වඩා ගොඩක් ලස්සනයි යන්නය.එසේනම් ඔබ කළ යුත්තේ ඒ ලොකය දෙස ඉතාමත් ලෙන්ගතු සිතින් යුක්තව බැලිමය.මෙය නිර්මාණය තුලින් කතාවේ හරයට හොද ආරම්භයක් ලබා ගෙන ඇති බවට කදිම නිදසුනකී.තාජ් මහලේ ඇතුලත දර්ශන මෙන්ම ඉංදියානු සමාජයේ ස්භාවික සුන්දරත්වය විදාහා පෙන්වීම නිසා මෙය කදිම මානසික සතුටක් ගෙන එන දර්ශන තළ කිහිපයක් බවට පත් වී හමාරය.

    එතනින් පසු අඩ හොරාවක්ම ගෙවෙන්නේ පොලිසිය තුලය.එම දර්ශනය බලපු කෙනෙක් හට ඒකාකාරී වගෙම කම්මැලි දර්ශනයක් විදියට පෙනුනත් එය එසේ නොවන බව ඉතා සියුම්ව නැරඹිමෙදී අපට පැහැදිලි  වෙයි.සිනමාවකට භාෂාවක් ඇත්තෙ එය යමි පිරිසකට තෙරුම් ගැනිමට උවත් සිනමා කළාව සමග ගත් විට මුලු සිනමාවම භාෂාවක් විදියට මම දකිමී.දමිළ නිර්මාණය තුල දේව සංකල්ප ඉතා හොදින් කතා කරයි.නමුත් මේ කතාවේ මේ කොටසේ කතා කරන්නේ අපේ බුදු දහම ගැන බව තෙරුම් ගැනීමට පුලුවන.කෙලින්ම බුදුන්වහන්සේ ගැන කතා නොකලත් එහී ඇති සමහර වචන එම දහම සමග ඉතාම සියුම් ලෙස සංසරණය වෙයි.ලොවුතුරා බුදුරජානන් වහන්සේ තරම් ස්භාව දර්මයට ගරු කළ කෙනෙක් නැත.එමෙන්ම උන් වහන්සේ නිතරම් දෙශනා කරේ මැදුම් පිළිවත වෙයි.එසේනම් ඒ මාවත හුදු ලොක සත්වයා ගමන් නොකීරිම නිසා බොහෝ දුක් ගැහට විදිනට සිදු වේ.තවද තමාගේ ජිවිතයේ ප්‍රශ්න තියාගෙන මිනිසුන් කරන්නේ අන් අයගේ ජිවිත වල ප්‍රශ්න විසදිමට යාමය.එම නිසා බොහෝ මිනිසුන් අන්ද වී අදුරේ අතපත ගාන බව අප ශාන්ති නායකයානන් වහන්සේ පවා දෙශනා කර ඇත.එමෙන්ම අප කිසිදා හෝ මිය යන බව දැන ජිවත් විය යුතුය.මේ කොටස් සියල්ල මනා සංයමයකින් නිර්මාණ කරුවා අපට පහදා දී ඇත.මෙය සිනමාවේ හරයට තවත් එක් කොනයකින් බලපෑම් කර ඇතිවාට සැක නැත.

    අනතුරුව නිර්මාණ කරුවා මේ කතාවේ නිලිය හදුන්වා දිමට කදිම උපායක් යොදා ගන්නා අතර ඒ තුලින් මිනිසාගේ අදම ගති ගැන කතා කිරිමට පවා අමතක නොකරයි.හුදු මහත් ජනයා සිය ජිවනාලිය තුල ලොවට එක මුහුනකුත් තවත් විටක තවත් මුහුනකුත් පෙන්වන බව ඉතා හොදින් පසක් වීම විශ්ෂ්ඪ ලෙස මා දකී.රාගය දේවශය සිතට ආ කල්හී මිනිසා විනාශ වන බව ඔබත් මාත් දන්නා කරුණකී.එමෙන්ම ජාතිය කුළය නිසා මිනිසුන් මිනිසුන්වම මරා ගන්නා තැනට පත් වීම කණගාටුවට කරුණකී.මෙහීදී දේවශය ගින්න නිසා දැවෙන මිනිසුන් හා එම දෙවල් තම මනස තුළ නොමැති නිසා සතුටින් ඉන්න මේ යාලුවෝ දෙපල අතර ඇති වෙනස ඉතාමත් අපූරු අන්දමින් නිර්මාණ කරුවා මෙහිදී ඉදිරිපත් කර ඇත.එය නිර්මාණය තුලින් තෙරුම් ගැනීමට අපහසු වන නිසා එක් අවස්තාවක් උපයොගී කරගෙන දෙබස් තුලින්ම ඔහු පවසා සීටී.

    ආදරය කිරිමෙදී ලොකයක් සමග උවත් සටන් කර ආදරය දිනා ගැනීමට හැකි නම් එය ආදර කරන දෙදෙනෙක් ලබන වාසනාවකී.එය ඉතාමත් සංයමයෙන් වගෙම ගම්බීර ආකාරයෙන් මේ නිර්මාණය තුලදී කතා කරයි.ආදරය සමග සමග එන විශ්වාසය වගෙම රූපයේ අනියත බව ගැන කතා කරන නිර්මාණ කරුවා ජාතිය කුළය ආදරයට හරස් වීම දෙදෙනෙකුට කෙතරම් කෘර ලෙස බලපායි ද යන්න පහදා දෙයි. ආදරයයේ ඇති විශ්වාසය කෙතරම් සංකීර්ණ දෙයක් ද කිවහොත් තමා දවා අලු වෙන වේදනාවට වඩා එය ශක්තිමත් බව ඔහු අපට පවසා සීටී.

    චිත්‍රපටයේ විශිෂ්ඨම රංගනයක් ඉදිරිපත් කරන්නේ කායල් ය.ඇය මව පියා නොමැතිව දිවියම ගෙවන තරුණ යුවතියක් වන අතර ශරීර පැහැය  අනුව කළු වරණයට හුරුය.දුකක් සතුටක් කියා ගැනීමට  නොහැකි අවස්තාවේදී මවගේ රූපය දරාගෙන අඩන දර්ශනය ඉතාමත් සංවේදී මෙන්ම කාලානුරූපී බව ඔබටත් මටත් තෙරුම් යන කරුණකී.තවද අප සාමාන්‍ය ආදර කතා වල මෙන් හදවතට දැනුන ආදරය ගවු ගනනක් ඇත සිටියා වුවද සොයා ගත හැකි බව නිර්මාණය කරුවා අපට පෙන්වා දිමට උත්සහ ගෙන ඇත.

    එතන් පටන් සිනමාව සාමාන්‍ය ආදර කතාවක් විදියට දිව යන අතර නමුත් එය එතරම් මනො ලොකයක සිට නැරඹිමට අපට සිදු නොවීම භාගයට කරුණකී.එක් දර්ශනයකදී ශ්‍රී ලංකාව ගැන සදහන් වන කොටසක් ඇත.

    " ඉංදියාව පුරාම ඇවිද්දානේ.මුහුද හිදුනොත් ශ්‍රී ලංකාව පුරා රවුමක් දාලා එන්න පුළුවන් "

    මෙය සිනමාව නරඹන කෙනෙක් හට සාමාන්‍ය වචනයක් විය හැකිය.නමුත් එයින් ලංකාව තුළ ඇති ශක්තිමත් රජය වගෙම ලංකාවේ ස්වාධීනත්වය ගැන රහසෙම අපට පවසා ඇත.

    " මුහුද හිදුනේ නැත්නම් එහෙට යන්න ගමන් බලපත්‍ර ඕන වෙනවා"

    සියල්ල සංසුදක් සේ නිර්මාණය තුලින් අපට ලබා දුන් නිර්මාණ කරුවා. සමාජය පිරිහෙන කල්හී මිනිසුන් තුළ ඇතිවෙන ගැටුම් නිර්මාණය කිරිමට  සමත් වී ඇත. එය චිත්‍රපටයේ උච්චතම අවස්තාව විදියට මම දකී.එහිදී මිනිසුන් අතර සුහදව සිටින පොලිසියේ නිළදාරියෙන් අතර ගුණ දහම් ඇති විම නැති විම ඉතාම හොදින් නිර්මාණ කරුවා අවස්තා දෙකකදී කතා කිරිම සතුටට කරුණකී. 

    කායල්‍ට සිය ජිවිතයේ සියලු දේ අහිමී වු කල්හී සිය දිවි නසා ගැනීමට  සිදු වේ. එහීදී ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ තරුණ යුවතියන් පිරිසකී.එහීදී හමේ පට ජාතිය කුළය ආගමට වඩා ගැහැණියකගේ ඇති මානුෂිකත්වය  නිර්මාණ කරුවා අපට පෙන්වා දී ඇත.

    සියල්ල කතා කර අවසන විම සමග සුනාමිය පැමෙනේ.එසේනම් මිනිසා හා පරිසරය ඇතර තිබු ආදරය බැදිම විනාශ වු විට පරිසරය දෙන දඩුවමක් ලෙස නිර්මාණ කරුවා මේ සුනාමිය අපට පෙන්වා දී ඇත.මුල මැද වගෙම අග ඉතා ගැලපිමකින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවාට හැකියාව ලැබී ඇත.

    සුනාමිය පැමිනිමෙදී මුහුදු රළ ආපස්සට යන දර්ශන සත්ත්‍ය දර්ශනයක් විදියටම නිර්මාණ කිරිමට නිර්මාණ කරුවාට හැකි වී ඇත.තවද උදම් රළ සමග මිනිසුන්ගේ දෙපළ විනාශ වි යන අයුරු පදනමකින් හා සූක්ෂම  තැන් සමග නිර්මාණය කිරිම නිසා එය ඇත්තටම අත් විදිනවා හා හැගිමක්  අපට ඇති වේ.

    එක් අවස්තාවක ගසා ගන කොටයක සිට් කායල්ගේ සිරුර හමුවන අතර එහීදී ඇයගේ ඇගේ තුවාල කටට මඩ පිරී ඇති ආකාරය මුන ඉදී මී ඇති ආකාරය සියල්ල ප්‍රතිනිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.සුනාමියේ පසු මිනිසුන්ගේ හැසිරිම වගෙම සහන කණ්ඩායම් වල හැසිරිම කදිම විදියට නිර්මාණ කරුවා කතා කර ඇත.නමුත් සුනාමී නොව කුමන ආපාදා ආවත් මිනිසාගේ ගුණ දර්ම කිසිදා නැති නොවන බව නිර්මාණ කරුවා කුඩා දරුවෙක්ගේ දර්ශනයක් යොදාගෙන අපට පවසා සිටී.

    සියල්ල සිදු වී හමාර වු පසු තුන් කාලයම ගලපා කිසිම ප්‍රශ්නාර්තයක් ඉතිරි නොකිරිමට නිර්මාණ කරුවා සමත් විම නිර්මාණයේ සාර්ථකත්වයට කළ බලපෑම අති මහත් ය.අවසානයේ එසේනම් කායල්ගේ ආදරය සුනාමිය නිසා නැති වුනාද යන ප්‍රශ්නයට පිලිතුර ඔබට නිර්මාණය තුලින් නරඹන්න අවස්තාව ලබා දෙනවා.කෙසේ හෝ මේ ලොකේ යහපත් අය ස්භාව දර්මය විසින්ම රකින බව අප සිහි තබා ගත යුතුය.

    චිත්‍රපටය ප්‍රභා සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර චන්ද්‍රනාත්, හා ආනන්දි ප්‍රදාන රංගනයෙන් දායක වෙයි. 2014 දෙසැම්බර් 25 නිකුත් කරන ලද මෙම සිනමා පටය විනාඩි 135 පුරාවට ඔබට නැරඹීය හැකිය.චිත්‍රපටයේ ගීත කිහිපයකින් රසවත් වන අතර ආනන්දීගේ තනී රංගනය නිසා එක් ගීතයක් ඉතාමත් අලංකාර වෙයි.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan