• Posted by : Tharuka Niroshan Sunday, January 31, 2021

    Pithamagan 2003 


    ගූගල් පරීශිලක දර්ශකය  96%


    IMDB 8.4/10





    සොහෝන් පල්ලා කියා දුන් ජිවිතයේ යතාර්ථය 


    ජිවිතේට පුංචි ප්‍රශ්නයක් ආව ගමන් හිතනවා මේ ලොකේ ඉන්න අවාසනාවන්තම කෙනා තමන් කියලා.එත් මොහොතක් හිතන්න ඔයා රාත්‍රී නින්දට ගිහින් උදේ ඇහෙරෙනකොට ඔයාට පුළුවන් නම් කිසිම වේදනාවක් නැතිව ඇදෙන් බහින්න ඔයා තරම් මේ ලොකේ වාසනාවන්ත කෙනෙක් නැ.ඔයා දන්නවාද මේ ලොකේ ඉන්නවා තුන් වෙල තියා එක වේලක්වත් හරියට කන්න නැතිව දුක් විදින අපි වගෙම අහිංසක මිනිසුන්. මේ ලොකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ විදියට ඉපදෙන්නෙවත් සර්ව සම්පුර්ණ විදියට ජිවත් වෙන්නෙවත් නැ. අපි උදේ හවා හිතනවා මට හොද කාර් එකක් තිබ්බානම් , මට හොද ගෙයක් තිබ්බානම් මම ගොඩක් සතුටින් ඉන්නවා කියලා.එත් ඔය හැම දේම තියන හිතේ සතුට නැති කර ගත්ත ගොඩක් අය අපි අතර ඉන්නවා. දෙවියන්ගේ ලස්සනම නිමවුම තමයි කාන්තාව. ඇයගේ රූ සිරියට සමාන කරන්න මේ ලොකේ කිසිම මලක් තාම පිපිලා නැ. අපි ආදරය කරලා මේ ලොකෙට අලුත් ජීවයක් අරගෙන එනකොට ඒ පුංචි ජිවයේ අයිතියට අම්මා තාත්තා කියලා මේ ආදරණීය දෙන්නා නම් දෙකක් දෙනවා.සමහර විට මේ ලිපිය කියවන ඔයාට අම්මා තාත්තා දෙන්නම ඉන්න පුළුවන් , තවත් විදියකට අම්මා විතරක් තාත්තා විතරක් ඉන්න පුළුවන්.එත් මේ ලොකේ ඉන්නවා අම්මා තාත්තා කියන නම විතරක් අහපු කිසිම දවසක ඒ ආදරය විදලා නැති අපි වගෙම මිනිසත් බාවය ලබපු දරුවෝ.අපි එයාලට නමට කියන්නේ අනාතයෝ කියලා.මේ ආනාත ජිවිත වලට ආලොකයක් දෙන්න කිසිදා කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනත් ඒ ජිවිත වලින් සල්ලී හොයන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වීම කණගාටුවට කරුණක්.

    සොහොන් පල්ලෙක්ගේ ජීවිතය වටා ඉතා අලංකාරවත් විදියට මේ කතාව ගලාගෙන යනවා.

    මම ඉස්සෙලා කීවා මේ ලොකේ ලස්සනම නිර්මාණය තමයි කාන්තාව කියලා.වයස අවුරුදු 16 පහු වෙනකොට ඇගේ ලස්සන තව තවත් වැඩ් වෙනකොට ඈගේ රූප සම්පත්තිය මදාර පරසතු මල් පවා පරදනවා. එත් මේ ලස්සන රූප සම්පත්තිය සියල්ල ඈ කැප කරනවා තමන්ගේ දරුවෝ වෙනුවෙන්.එදා ලස්සනට තිබ්බ ඇග අද දරුවෝ වෙනුවෙන්  කැප වෙනකොට ඒ අම්මා කිසිම දවසක රූපය ගැන හිතලා දරුවෝ අත ඇරීයේ නැ. මුළු මහත් ශරීරයේ ඇට ලේ මස් දාර පුරා විහීදී යන අප්‍රාමාණ දරු සෙනෙහස මෙතකයි කියා පැවසීමට මේ ලොකේ කිසිම අම්මා කෙනෙක් හට නොහැකි. 

    ජිවතයේ අපි මවු කුසකින් මෙලොව එලිය දකින දවසෙම අපේ මරණයත් ලියා ගන්නවා. මරණය වෙනුවෙන් මිනිසුන් අඩා වැලපෙනකොට උපත වෙනුවෙන්  සිනහා කදුළු පුරවනවා. චිත්‍රපටයේ ආරම්භය ගන්නේ මේ සංසිද්දියත් සමග වීම නිසා එය නරඹන අපව මොහොතකට කතාව තුළ අතරමං කරවනවා. එක් පසකින් සිය ජිවිතයේ අවසන් ගමන් යන මිනියක් කර ගහ ගත්ත පිරිසක් යනකොට.තවත් පසකින් ලොකෙට අලුත් ජිවයක් දෙන්න මවු කුසක් දරා ගත්ත ආදරණිය අම්මා කෙනෙක් යනවා.චිත්‍රපටය  තුල ඇති විශිෂ්ඨම දර්ශනය ලෙස මෙය අපට හදුන්වා දිය හැකියි.ජිවිතයේ අනියත බව ඉතාමත් හොදින් පෙන්නුම් කරන්න ඒ දර්ශනය සමත් වී ඇත.

    අපි බොහෝ වෙලාවට ඉංදියානු සිනමාව ගැන කතා කරනකොට කියන්නේ ඉංදියාවේ සිනමාව තුල අන්තර්ගත වෙන්නේ ගුරුත්වයෙන් තොර දර්ශන කියලා.නමුත් ඉංදියානු සිනමාව මනාව රස විදින කෙනෙක් හටනම් එය ම්ත්‍යාවක් විදියට මම දකිනවා.  දමිළ සිනමාව බොහෝ විට තාත්වික ආකාරයෙන් ඉදිරිපත් කරන්න නිර්මාණය  කරුවා සමත් වේ.

    දරුවෙක් ලොකයට බිහී විමට විළිරුජාව මවකට ඇති වෙනකොට පිරිමී එතනින් අයින් වෙනවා.මවු කුසකින් දරුවෙක් ලොකෙට එළියට ගන්නේ තවත් ගැහැණියක්  එකයි සමාජයේ තත්වය.නමුත් කිරී දරුවෙකු ඉදිරියේ ඕනම පිරිම් කෙනෙක්ගේ හදවතේ ඇති වෙන අප්‍රමාන දරු සෙනෙහස හරී අපූරු විදියට නිර්මාණ කරුවා තිරය තුලට ඇතුලත් කිරිමට සමත් වෙනවා. දරුවෙක් ඉපදෙන්නේ පිරිසිදු  තැනක එත් කනත්තක ඉපදෙන දරුවාගේ පෙකනිය මවගෙන් වෙන් වී ලේ ගලන ආකරය ඉතාමත් තාත්වික දර්ශනයක් වන අතර මවු පදවිය ලැබූ  සියළු දෙනාට එය නෙතට කදුළක් එකතු කිරිමට සමත් වේ.

    අපි පුංචි කාලේ ඔයාට මතකනම් අපේ අම්මා කියලා දෙනවා හරී අපූරුවට ගිරවු දෙන්නාගේ කතාව.ඒ කතාවේ හොද ගිරවෙක් උනේ එයා හැදි වැඩුන පරිසරයත් එක්ක.ජීවිතයේ උපත කනත්තක වෙලා එයා මුළු ජිවිතයම ගත කරන්නේ කන්ත්තෙනම් ඒ අමිහිරි අත්දැකීමක ඔහුට කෙසේ දැනෙනවා ඇත්ද? අමු සොහොනක කුණු වෙන මළ කුණු වලින්, දෙතිස් කුණප වලින් අසූචි වැගිරෙනකොට, අනියත් මළ මිනි බදාගෙන මහා හයියෙන් මිනිසුන් විලාප තියනකොට, වත් පොහොසත් කම් අතින් කීර්තිමත් අය දැවී අළු වී ගොස් ඇට කොටු විතරක් ඉතිරි වෙනකොට, ආදරය සෙනෙසහ කිසිදා නොළබන දරුවෙක්ට මෙය කෙසේ නම් දැනේවිද ? එය ජීවමාන සංසිද්ධියක් ලෙසම නිර්මාණය කරුවා අපට පෙන්වා දී ඇත.

       " ඔබේ වෙලාව පැමිණ තිබේ
        
         තිනි වු කෙනෙක් ලෙස පොලවට එන්න හිතුනා දෝ

        දුප්පත් කම හෝ ධනවත් කම වෙනසක් කරයි දෝ 

        මරණය විතරයි පැමිණ ඔබ සොයන්නේ "

    අපි අද කතා කරන්නේ දම්ළ සිනමාවේ බිහිවු  සම්මානනීය කතාවක් ගැන. මේ සංසිද්දියදී කුඩා ළමයෙක්ගේ සිට වික්‍රම්  වැඩ්හිටි අයෙක් වන තෙක් රංගනයෙන් ඉතාමත් පොහොසත්. කෙනෙක්ට දෙබසක් දීලා එක කැමරාව ඉදිරියේ පැවසීම රංගනය නොවන බව ඉතා හොදින් මේ දර්ශන වලින් අපට පැහැදිලි වෙනවා. 

    අපි සමාජයේ මිනිසුන් වර්ග කරනවා.ජාතිය, කුළය , ආගම වෙනුවෙන් මිනිසුන් මිනිසුන්වම පාගා දමනවා. එහෙම යුගයක සොහොනක මිනි පුච්චන කෙනෙක්ව කෙතරම් පහත් තත්වයට දමා ඇත්ද? ඔහුට අපි වගේ කුස ගීණී දැනෙනවා ඇති. එයත් ආස ඇති මිනිසුන්ගේ ආදරය විදින්න.එක හරි අපුරු විදියට තිරය මතට ගන්න නිර්මාණ කරුවා සමත් වෙනවා.කෙනෙක් ඉපදෙන තැන  අනුව එයාගේ ඉරණම තීරණය කරනවානම් මේ පුංචි දරුවා පොහොසත් පවුලක ඉපදුනානම් මේ ඉරණම වෙනස් විමට තිබුනා නේද ? එසේනම් මිනිසුන් විදියට අප කෙතරම් පහත් ද? නිර්මාණය කරුවා අපෙන් මුලදිම ප්‍රශ්න කර සිටී.

    මේ සම්පුර්ණ කතාව ගලාගෙන යන්නේ ප්‍රදාන නළුවන් දෙදෙනෙක් හා එක් ප්‍රදාන නිළියක් සමග.එවිට නිර්මාණ කරුවා ඉතාමත් හොදින් තිරය පාලනය කළ යුතු වෙනවා.දර්ශන බෙදී යාම අතින් එක් අයෙකුටවත් අසාදාරණයක් නොවෙන්න විදියට එය ඔහු සැලසුම් කළ යුතු වේ. මෙය නිර්මාණය කරුවා ඉතා හොදින් තෙරුම් ගෙන වික්‍රම් ,සූර්‍යා හා ලයිලා අතර දර්ශන තල මනා ලෙස සංයොජනය කර ඇත. මේ කතාව තුල වික්‍රම්ගේ අත්වීතිය රංගනයක් අප දකිනවා.ඒ රංගනයට නොදවෙනි රංගනයක් සූර්‍යා තුලත් අප දකිනවා. 

    අපි හැමොම කවදා හරී මිය යන බව දන්නා කරුණක්.නමුත් එසේ උවත් මරණය සිහියේ තබාගෙම ඉන්න ටිකේ බොහො පිරිසිදු අකාරයෙන් සතුටින් ජිවත් විය යුතු බව සූර්‍යාගේ චරිතය තුලින් නිර්මාණය කරුවා අපට ඉතා හොදින් පහදා දෙනවා. මෙය කෙනෙක් හට තවත් විදියකින් තෙරුම් ගත හැකියි. සූර්‍යාගේ චරිතය තුලින් සතුට දැක වික්‍රම්ගේ චරිතය තුලින් දුක දැක්කොත් මේ කතාවෙ කියවෙන්නේ ජිවිතයේ යාතාර්තය නොවේද යන්න අපට හොදින් අවබොද කර ගත හැකියි.

    පළවෙනි අඩහොරාව කතාව ගලාගෙන යනකොට අපිට හොදින්  පැහැදිලි  කරලා දෙනවා මේ කතාව තුලින් ජිව්තයේ යතාර්ථය  ගැන කතා කරනවා කියලා. එහීදී මිනිසාගේ හැගිම් ගැන වගෙම මිනිසුගේ පහත් ගති ගැනත් ඉතා හොදින් නිර්මාණ කරුවා අපට පෙන්වා දී තිබේ. මේ චිත්‍රපටය රූගත කරන කාල වකවානුව තුල අදට වඩා හොදින් ලොකයේ වහල් සංස්කෘතික් තිබුනා කියලා අපිට ඉතාහාසය තුලිනුත් සාදක හොයා ගත හැකිය.එය ඉතා හොදින් අපට නිර්මාණ කරුවා පෙන්වා දී ඇති අතර එහීදී දොලාව වැනි ප්‍රවාහන ක්‍රම පෙන්නුම් කිරිම තුල කතාවට නව ජිවක් ලබා දිමට සමත් වී ඇත.

    මේ ලොකේ හොද මිනිසුන් වත් නරක මිනිසුන්වත් නොමැත. ඇත්තේ කාලයට අනූරුපව වෙනස් වන චරිතයන් පමනී.සල්ලී වෙනුවෙන් අසරණ කම වෙනුවෙන් මිනිසුන් බොහෝ නීති විරෝධී කටයුතු සිදු කරන අතර එය එසේ විම නිසා සිර ගත කිරිම් වලට පවා භාජනය විමට ඔවුනට සිදුවේ. කෙනෙක් සිරගත වු විට ඔහුගේ යහපත් මානසිකත්වයන් සැදිම පොලිසියේ වගකීම වේ. පොලිසිය  සිරකරුවන් දිහා මානුෂික  හැගිම් තුලින් බලමින් ඔවුන් තෙරුම් ගෙන ඔවුන්ට පිහිට විම සැබෑ ලෙසම සිදු විය යුතුය.නමුත් එය සිදු නොවන විට සමාජයට බිහි වන්නේ තවත් නපුරු පුද්ගලයකී.එය තිරය තුලට යොදා ගනිමින් මනා වු සටන් ශිල්ප සමගින් සූර්‍යා හා වික්‍රම් තිරය තුළදි මුන ගැස්සවිමට නිර්මාණය කරුවා සමත් වේ.

    එහීදී සමාජයේ බොහෝ අදුරු පැතිකඩ ගැන කතා කරන නිර්මාණ කරුවා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර  ගැනත් යම් තාක් දුරට කතා කරයි.

          " මෙයාව සාත්තුවරයෙක් කරලා 

           මේ සාත්තුවරයා නිකන් ඉදලා නැ 

           මෙයා දේශිය විදේශීය කාන්තාවන්‍ට හිරිහැර කරලා

           එක විතරක් කරලා නිකන් හිටියේ නැ 

           10 වසරේ ශිෂ්‍යවක් 

            ගිහින් තියෙනවා එයාගේ විභාගයට ආශිර්වාද ගන්න කියලා

            එයාටත් හිරිහැර කරලා "

    හැමොටම මේ ලොකේ දැනෙන එකම හැගිම ආදරය.අපි කෙනෙක්ට ආදරය කරනකොට එයා අපිට ආදරය නොකරත් මුලු ලොකයක් අපිට ආදරය කරයි. ආදරය තුලදි හොදම දේ තෙරුම් ගැනීමයි.අපි ආදරය  ගැන කතා කරනකොට ආදරය කියන්නේ කෙල්ලෙක් හා කොල්ලෙක් අතර ඇති වෙන දෙයක් විතරක්ම නොවේ.යහපත් මිතුරු කමත් හොදම ආදරයක්.ලොකේ වරදින් හරී ඒ ඒ අයගේ වරදින් හරි ආනාතයන් විදියට මේ ලොකෙට බිහි වුනත් සමහර ගුණ දහම් මිනිසත් කම ගැන කතා කරන අප තුලට වඩා ඔවුන් තුල ඇත. සියල්ලෝම මිනිසුන්ය ඔවුන්ට ජිවත් විමේ අයිතියක් ඇත.නමුත් එය අහිමි කිරිමට කිසිවෙකුට බැරිය.ආදරය සෙනෙහස මිතුරු කම සමගින් චිත්‍රපටය එතන් සිට ඉතාමත් අපූරු විදියට ගලාගෙන යනවා. ඒ සියළු කොටස් වල දර්ශන හරිම තාත්වික විදියට නිර්මාණය වෙලා ඇති අතර තිර අතර සංයොජනය ඉතාමත් සියුම් ලෙස නිර්මාණය තුලින් අපට බලා ගත හැකිය.

    මේ අපි කතා කරන්නේ ජිවිතයේ යතාර්ථය  ගැන‍ය. අපි හැමොම මැරෙන මිනිසුන්. සොහොනක හිටිය සොහොන් පල්ලා දුටුවෙත් ඒ දේ. එත් ඒ මරණයට කිසිම කෙනෙක් හට අයිතියක් කියන්නට බැහැ එය ස්භාවිකවම සිදු විය යුතුය.වෙනදා කරෙන් අත දාගෙන ගිය යාළුවා සදහටම නැති වෙනකොට ඒ වෙදනාව ලොකයට කියන්න තරම් හයියක් නැති වෙනකොට ඒ වෙදනාව විදින ආකාරය ඉතාමත් අලංකාර ලෙස වගෙම තාත්වික ලෙස වික්‍රම්ගේ චිරිතය තුලින් උකහා ගන්න නිර්මාණය කරුවා සමත් වී ඇත. 

      " මගේ මවද මා දමා මරණය වෙත ගියා 

       මා හදා ගත්තු කෙනාත් මා දමා යන්න ගියා 

       නමුත් උබ 

       ඇයි උබ මැරිලා මට කදුළු හලන්න සැලස්සුවේ

    චිත්‍රපටය බොහෝ අංශවලින් ශක්තිමත් වන අතර මෙකප් අතින් එය ඉතාමත් සාර්ථකත්වයක් ලබාගෙන ඇත.සූර්‍යාගේ මරණය සමග මිනිය සැදිමෙදී නිර්මාණය කරුවා ඉතා කුඩා දෙවල් වලට පවා ඉතා හොද සැලකිල්ලක් ලබා දී ඇත.තවද එම දර්ශනය තුලදී මිනියක් ඇති විට ඒ සමග අවට පරිසරයේ සතුන්ගේ හැසිරීම ඉතාමත් ක්‍රමානුකූලව තිරය මතට ගෙන එමට සමත් වී තිබේ. චිත්‍රපටය නළු නිලියන්ගෙන් පිටු පස තිරය තුල යම් යම් එකතු කිරිම් කිරිමේදී ඒ සියල්ලටම ස්භාවිකත්වය එකතු කර තිබිම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉතා හොදින් බලපෑම් එල්ල කර ඇත.

    වික්‍රම්ගේ  විශිෂ්ඨ ලෙස රංගනයෙන් දායක වී ඇති අතර. ඔහුගේ චරිතය තුල ඇත්තේ බොහෝ අඩු දෙබස් ගනනකී.සියළු දර්ශනයන් ඔහුගේ භාවයන්ට හා ඉරියවු වලට මුළික තැන  ලබා දෙමින් සිදු කර ඇති අතර සටන් ජවනිකා වලදී බොහෝ විට කොටියෙක් පහර දෙන ආකාරයට ඉදිරිපත් කිරිමට නිර්මාණය කරුවා උත්සහ ගෙන තිබීම විශේෂත්වයකී. වික්‍රම්ගේ ඇවිදිමේ දර්ශනයන් වලදි ඔහු බොහෝ විට සොම්බී ආකාරයෙන් ඇවිදිම් සිදු කරන අතර එය සිදු වන්නේ ඔහු හැදි වැඩි සිටි පරිසරය නිසා බව ඉතා හොදින් පැහැදිලි  වේ. චිත්‍රපටය පුරාවටම වික්‍රම් ඇස් මගින් අදහස් ප්‍රකාශ කරන අතර සමහර අවස්තාවන් වල එය සතුට හා දුක ගම්ම්‍ය කිරිමටද උපකාර කරගෙන ඇත.

    වික්‍රම්ට නොදවෙනි රංගනයක් සූර්‍යා ඉදිරිපත් කරන අතර ඒ තුලින් සූර්‍යාගේ රංගනයද ඉතා හොදින් බලා ගත හැකිය. ඔහුගේ චරිතය බොහෝ විට භාවයන්ට වඩා වචනයට මුලික තැනක් ලබා දෙන ලෙස සිදු කර ඇත. සූර්‍යාගේ මරණය ඉතා හොදින් විද්‍යාමාන කිරිමට නිර්මාණය කරුව සමත් වේ.

    චිත්‍රපටයේ ලයිලා අවස්තාවන් දෙකක් නිරූපණය කරන අතර ඇගේ චිරිතය තුල සාමාන්‍ය කෙල්ලෙක්  දැක ගැනීමට හැකි වේ.නමුත් එය එසේ වන්නේ චිත්‍රපටයේ පලවෙනි හොරා දෙක පමනි.එතන් සිට ඇය ජීවමාන පඨාචාරවක් ලෙස තිරය තුලදී අපට දැක ගැනීමට  හැකි වේ.රංගනයෙන් වගෙම වේශනිරූපනය අතින්ද චිත්‍රපටය  සදහා ඇය ඉතාමත් හොද දායක්තවයක් ලබා දී ඇත.

    චිත්‍රපටය සදහා බොහෝ සම්මානද හිමී වී ඇත.

     ජාතික චිත්‍රපට සම්මාන 2003

    ජයග්‍රහණය - හොඳම නළුවාට රිදී නෙළුම් සම්මානය  - වික්‍රම්

    ෆිල්ම් ෆෙයාර් සම්මාන දකුණ

    දිනා - ෆිල්ම් ෆෙයාර් හොඳම චිත්‍රපට සම්මානය (දෙමළ)

    ජය - ෆිල්ම් ෆෙයාර් හොඳම අධ්යක්ෂ සම්මානය  - බල

    දිනුවා - ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා  - වික්‍රම්

    දිනුවා - ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය  - ලයිලා

    ජයග්‍රහණය - ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නළුවාට හිමි සම්මානය  - සූරිය

    ජය - ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නිළිය  - සංගීතා

    තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන

    ජයග්‍රහණය - හොඳම නළුවා  - වික්‍රම්

    දිනුවා - හොඳම නිළිය  - ලයිලා

    ජයග්‍රහණය - හොඳම සහය නිළිය  - සංගීතා

    සිනමා සම්මාන

    ජයග්‍රහණය - දකුණු ඉන්දියාවේ හොඳම නළුවා - වික්‍රම් 

    චිත්‍රපටයේ ප්‍රදාන කතා තෙමාව වෙලා තියෙන්නේ ජයකාන්තන්ගේ Nandhavanathil oru andi කියන කතාවේ සොහොන් පල්ලෙකුගේ චරිතාපදානයයි.චිත්‍රපටයේ සාර්ථකත්වය මතම එය 2007 දී කන්නඩ භාෂාවෙන් Anatharu ලෙස නිර්මාණය විය. මෙය හිංදී භාෂාවෙන් ද නිර්මාණය කිරිමට උත්සහ ගත්තද යම් යම් හෙතු මත එය සිදු නොවීය.අලංකාර ගීත රාශියකින් සමන්විත වන මෙම චිත්‍රපටය බාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර. වික්‍රම් , සූර්‍යා , ලයිලා රංගනයෙන් දායක වේ. චිත්‍රපටය 2003 ඔක්තෝබර් නිකුත් කර ඇති අතර විනාඩි 158 පුරාවට ඉතාමත් හොදින් මේ නිර්මාණය රස විදිමට හැකියාව ඇත.

    ඔබ දමිළ සිනමා රසිකයෙක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මෙවනි උසස් නිර්මාණ රස විදින්න.සිනමා රසිකත්වය භාෂාවක් මත තීරණය නොවන අතර එය ඔබ රස විදින උසස් නිර්මාණ මතම තීරණය වේ.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan