• Irandam Kuththu

    Irandam Kuththu 2020 


    ගූගල් පරීශිලක දර්ශකය 64%


    IMDB 3/10



    හොල්මන් කෙල්ලගේ ආශාව 


    ඔයාලා දන්නවාද , කළාවකට පුළුවන් මිනිසෙක්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න ,අපි හිතන පතන දෙවල් වෙනස් විදියට දකින්න කලාවකට පුළුවන්. එකයි කලාව විශ්ව භාෂාවක් කියලා කියන්නේ. ඔයා දන්නවාද අපි කතා කරන කාමය උනත් නිරුවත නොපෙන්වා ඉතා ලස්සනට පෙන්නන කළාවට පුළුවන්. 

    මවු කුසකින් එලිය දකින කුඩා දරුවා මිය යන තාක් ඔහු හොදින් හැගීම් වලින් පොෂණය වෙයි.ඒ අතර ආදරය,විරහාව වගේම කාම ආශාවත් මූලික තැනක් ගනී.අප සියල්ලම මොහොතකට ආගම ධර්මය අමතක කර විද්‍යාව තුලින් හිතුවොත් මේ ලොකෙට අප බිහී වී ඇත්තේ නව පරපුරක් බිහීකිරිමටය.නමුදු සතුන් මෙන් අපට එය කළ නොහැකිය. අප සැම විටම යම් රාමුවක් තුළ එය සිදු කරයි.එයින් පරීබාහිරව යම් යම් දෙවල් සිදු වීම වැලක්වීමට නීතී හා අයිති වාසිකම් සම්පාදනය කරගෙන ඇත.කුඩා දරුවන් කුඩා කාලයේ ඉගෙන ගත යුතුය.වයසින් මුහුපුරා ගිය විට ඔවුන්ට මවු පියන් විය හැකිය.මෙය සමාජ සම්මතයයි.එයින් පිට පැනීම තුලින් අපට නොයෙක් අවලාද වගේම අපහාස විදිමට සිදුවේ. කුඩා දියනියක් හා පුතෙකු  එකට සෙල්ලම් කිරිමට තැබුවහොත් ඔවුන් ඉතා මිත්‍රශීලී විදියට එය සිදු කරයි.එහීදී ඔවුන් යම් අවස්තාවක් ඇදුම් ඉවත් කර ගත්තා වුවද ඔවුන්ගේ ශරීරයේ වෙනස් කම් ගැන එතරම් තැකීමක් නොකරයි.එහෙත් වයස 10/12 පහු වීගෙන එන විට සාමජය වගේම ශරීරයේ සිදුවන වෙනස් වීම සමග මේ ශරීර වල වෙනසට එකීනෙකා ඇලුම් කරයි.එය සාමාන්‍ය දෙයකී.කාන්තාවකගේ ශරීරය ලිංගිකව මෙන්ම මානසිකවද පිරිමියාගේ ශාරීරයට වඩා වෙනස් ය. පිරිණු මාංශයන් සමග ඇති මේ කාන්තා ශරීරයට පිරීමි අය ඇලුම් කරයි.මේ ඇලුම් කීරිම සමග ඇගේ ශරීරයේ රසය විදිමට ඔවුන් පෙළබේ.

    කකුළුවන්  වතුර බදුනකට දැමු විට ඔවුන් ඉතාමත් සතුටින් එහේ මෙහේ ඉපීලමින් සීටී.නමුත් ඒ වතුර බදුන අප රත් කරන්නේ නම් ඒ වේදනාව නිසාම ඒ කකුලුවන් මිය යයි. මේ වගේ සංකල්පනාවක් කාමය හා බැදේ. කාමය ගින්නකී නමුත් එය ගින්නක් වන්නේ අප එය යොදා ගන්නා ආකාරයෙනී.ඉතින් අද මේ කාම රසය ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.

    වීරා කියන්නේ ගොඩක් විනොදයෙන් ජිවත් වෙන කොල්ලෙක් ඉතින් මෙයාට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම හොද යාලුවෙක් එයගේ නම තමයි වාසු. මේ දෙන්නා කොහොම හරී ලොකු වෙලා කසාද බදිනවා.කසාද බැදලා හනිමුන් එකට යන ගෙදර අත්බූත දෙයක් වෙනවා.ඒ මොකක්ද කියලා තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ..

    චිත්‍රපටය නිර්මාණයේදී නිර්මාණ කරුවා හැගීම් වලට මුලික තැන දීලා තියෙනවා. සතුට, ආදරය , හාස්‍යය , කාමය හා බය කියන මේ සියල්ල එකතු කරගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඒ එක් එක් කොටසක් ගැන පොඩ්ඩක් වෙන වෙනම කතා කරමු.

    සතුට = චිත්‍රපටය ආරම්භයේ සිටම මුනට හීනාවක් ගෙන විදියට තමයි නිර්මාණ කරුවා මේ නිර්මාණය සිදු කරලා තියෙන්නේ,  එක නිසා අවාසානය වෙනකන් හීනාව එක්ක තමයි චිත්‍රපටය බලන්න වෙන්නේ...

    ආදරය = මේකේ කපල් දෙකක් ගැන කතා කරනවා, එක නිසා අපිට ඔවුන් තුලින් ආදරය  ගැන ලොකු හැගීමක් දෙන්න නිර්මාණ කරුවාට පුළුවන් වෙලා තියෙනවා.

    හාස්‍ය = මේ කතාවේ එන සිදුවිම් එකිනෙකට එකක් වෙනස් එක නිසා හාස්‍යජනක විදියට බලන්න පුළුවන් 

    කාමය = චිත්‍රපටය කාමය ගැන ගොඩක් කතා කරනවා ඉතින් එකත් එකතු කරලා තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නේ

    බය = චිත්‍රපටයේ හොල්මනක් ඉන්න නිසා බය කියන දේ අනිවාර්යයෙන් ඔයාගේ හිතට එනවා..

    කතාව ආරම්භ වෙන්නේ අලුත බැදපු කපල් එකක් එයාලාගේ මංගල දිනය සමරණ සිදු විමත් එක්ක.අපි දන්නවානේ කොල්ලෝ වගෙම කෙල්ලොත් ගොඩක් කාමයට ආසයි කියලා.කොහොම හරී කොල්ලාට වඩා කෙල්ල මේ වැඩෙට ආසයි ඉතින් ඒ ආසාව හින්දාම එයා දාන රෙද්දක් ගිණි අරන් දෙන්නම මිය යනවා. මේ දර්ශනය සාර්ථක දර්ශනයක් විදියට මම දකින්නේ නැ.දෙන්නා රතියේ යෙදෙන ඇද වගෙම කාමරේ ගිනි ගන්නකන් ඒ දෙන්නා දන්නේ නැ.ඒ කියන්නේ එහෙම වෙන්නනම් එයාලාගේ සංවේදීතාව බිංදුවක් වෙන්න ඕනා.එහෙම ගත්තාම ඒ දර්ශනය මට හරී දුර්වල දර්ශනයක් විදියට තමයි පෙන්නේ.ඔවුන් මේ රතිය විදින ආකාරය පුංචි කවි පෙළකින් ඉදිරිපත් කරන්නම්.

    රත කමල බද මොනරුන් තිසරු                          ලියා
    යහනේ සැතපෙමින් රති කෙලිනා අයුරු             යොමා
    දෙතොලේ පහස විද සුර සැප  විමන්                    සදා
    හැගුමන් අවදි වෙයි කුමරුගේ දැහැන්                 බිදා

    ගැහෙන හදට වැහෙන රුධිරය විදින                 සද
    නිබද සිපින රැදෙන විමන දෙයතේ                     තණ
    රතිය කෙලින විට හඩ  නගනා අයුරු                බල
    කුමරිය ගිමන් නොහරති සුරං දකින                 කල

    තබා දෙතොල හඩ මී විත යොමන                    කල
    කඩා හැලෙන දිගු කෙස්  වැටි නොවැදි              හල
    දිගා ලෙසින් නැත දිග හැර  නොවිදිති               සැප
    පමා නොවි විදිති ඇගේ රන් ගතේ                      සුව

    කුඩා දරුවන් මල් වගේ.එයාලාගේ අදහස් වගෙම සිතිවිලි හරිම ප්‍රයජනකයි.නමුත් කුඩා කළ දරුවන් කියන කතා තුලින් අප සිතනවාට වඩා දෙයක් තිබෙන බව ඉතා හොදින් මේ නිර්මාණ තුලින් නිර්මාණ කරුවා පෙන්වලා දෙනවා.සමහර අවස්තාවලදී ළමුන් කතා කරන දෙවල් අපේ වැඩිහිටි මනසට අනුව තෙරුම් ගතහොත් එය කුණුහරුපයක් වෙන්න පුළුවන් .

    "එලදෙනෙක්ට හතරක් තියෙනවා.
    එත් කෙල්ලෙක්ට තියෙන්නේ දෙකයි.
    මොනාද ඒ "

    බැලු බැල්මට මෙයින් කියවෙන්නේ පියයුරු  ගැන බව අපට සිතේ නමුත් මේ දරුවා කතා කර ඇත්තේ කකුල් ගැනය.

    චිත්‍රපටය පුරාවටම නිර්මාණ කරුවා ලිංගිකත්වයේ විවිද අවස්තාවන් ගැන කතා කිරිමට උත්සහගෙන ඇති අතර සමාජයේ මිනිසුන් කෙතරම් නිරුවත් දර්ශන නැරබිමට පෙළබී ඇත්ද යන්නත් ඔහු ඉතා අපූරුවට කතාව තුලින් පෙන්නුම් කිරිමට සමත් වෙලා තියෙනවා.

    අසභ්‍ය දර්ශන ඇති සාමජ ජාල වෙබ් අඩවී දිනයක රජයන් විසින් තහනම් කළහොත් එයින් සමාජයේ පිරිම් ජනයාට සිදු වෙන අපහාසුතාව ගැන කතා කිරීමට pornhub වැනී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ඇදුම් පවා නිර්මාණ කරුවා යොදාගෙන තිබෙනවා. තවද චිත්‍රපටයට කාම රසය එකතු කිරිමට මේ අවස්තාවේම ඉතාමත් ලස්සන දර්ශන කිහිපයක් යොදාගෙන තිබෙන අතර එම නිසා මෙය නරඹන කාන්තාවන්ගේ මෙන්ම පිරිම් අය තුලද යම් ලිංගික හැගීමක් උද්දීපනය වෙනවා නොවනුමානයි.

    සමලිංගීක සේවනයේදී පිරීමී දෙදෙනෙක් සිදු කරන්නේ කුමන ආකාරයේ ක්‍රියාවන්ද යන්න නිර්මාණ කරුවා අපට පෙන්වාදෙන අතර එහීදී ඔහු නිරුවත් දර්ශන භාවිතා කරත් එවා හයිට් කිරිමට උත්සහගෙන තිබිම විශේෂ කරුණකී.

    අඹු සැමියන් අතර ලිංගීක ජිවිතයන් ඇති වීම සැබෑ  ජීවිතයේදී පවා පුදුම විය යුතු කරුණක් නොවේ.මෙහීදී ඔවුන් තමන්ගේ ලිංගික ජිවිතයේ අදහස් හුවමාරු කර ගැනීමට  අලංකාර වචන භාවිතා කරයි.ඒ වගෙම සංකේතද යොදා ගනී.නිර්මාණය කරුවා මේ කරුණු චිත්‍රපටය තුලට මනා කොට ගලපා තිබීම මා දකින් විශේෂ ලක්ෂණයකී.තරුණ අවිවාහක කෙනෙක්  හට මේ චිත්‍රපටය හුදු විනොදයක් පමනක් උවත් මෙය විවාහක කෙනෙක්  හට වෙනස් රසයක් එකතු කරයි.ලොව පුරා බොහෝ විවාහයන් විනාශ වීමට හෙතුව වන්නේ දෙදෙනා තුළ ලිංගිකත්වයේ ඇති නොදනුවත් කම හා අනවශ්‍ය පීඩනය බව ඔබත් මාත් දන්නා කරුණකී.එය එසේ වන විට මේ නිර්මාණ කරුවා තව දුරටත් ලිංගිකත්ව මැජික් එකක් නොවන බව අපට පෙන්වා දී තිබේ.

    මෙහීදී කාන්තාවන්ගේ ස්වංවින්දනය නිර්මාණය තුළ කතා කිරිමට නිර්මාණ කරුවා අමතක කර නැත.නමුත් මෙහී ඇති විශේෂත්වය වන්නේ එහීදී කිසිම කාන්තාවකගේ නිරුවතක් මෙහී නොපෙන්වීමයි.කාන්තාවන්ද පිරිමින් මෙන් විවිද තත්වයන් සමග ආදරයෙන් බැදේ.එහීදී පිරිම් ශරීරයේ ඔවුන් සලකා බලන කරුණු ගැන විවිද දර්ශන තුලින් නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.

    චිත්‍රපටය ඒ සමග තවත් සිදුවිම් මාළාවක් සමග එකතු වෙනවා.ඒ සියල්ල සාමාන්‍ය සිදුවිම් වන අතර සාමාන්‍ය කෙල්ලෙක්ගේ හැසිරිම් ඒ සියල්ල සමග එකතු කරලා තියෙනවා. ඒ සමග නිර්මාණ කරුවා ගීතයක් එකතු කරලා තියෙනවා. ඒ ගීතය මගින් නැවත කුඩා හෝ රාගීක් හැගිමක් ලබා දීමට ඔහු සමත් වෙලා තියෙනවා.ගිතය තුළ රූගත කිරිම් කිරිමේදී නිලියගේ පියයුරු, බුරිය , කකුල් , පෙදෙස් නිතර දර්ශන කිරිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.

    ඒ වගෙම පිරිමි අයෙක්ට කාමුහික හැගීම ආව විට ඔහුගේ ශරීරය වෙනස් වන ආකාරය ඉතා නිර්මාණශී ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් එහිදී නිර්මාණ කරුවා නිරුවත් දර්ශන යොදා නොගනීම නිසා. එය වෙනම රසයක් එක්ක නිර්මාණය කරලා තියෙනවා කීවොත් මම නිවරදී. ඒ වගේම මෙය අවස්තාවක් කරගෙන පිරිමි  අය තමා තනියම කාම පහස විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් අපූරු වියාංගාර්තයක් එක්ක පෙන්නන නිසා බොහෝ අයට එය තෙරුම් ගැනීමට  අපහසු වෙනවා.මේ වෙනකොට නිර්මාණ කරුවා හාස්‍ය සමග කාමය එකතු කරලා වෙනම රසයක් නරඹන අයට ලබා දීලා තියෙනවා.

    මේ රසය වෙනස් නොකර තබා ගැනීමට  නිර්මාණ කරුවා වියංගාර්තයෙන් වචන භාවිතා කරලා තියෙනවා.එම නිසා මුලදී නරබන අයට එක් තෙරුමක් ලබාදෙනවා, නමුත් ටික වෙලාවකින් අප සිතු දේ නෙවෙයි වෙන දෙයක් ගැන කතා කරේ කියලා ඔහුම පවසා සිටිනවා.එය ඉතාමත් අපූරු සංකලනයක්  කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ පළවෙනි පැය ගෙවෙනවා. සැබෑ  ලෙසම ඔහු අඹු සැමියන් ලෙස ගත කරනකොට හැසිරෙන සියලු ආකාර නිර්මාණත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.වැදගත් කරුන වන්නේ ඒ කිසිදු ආවස්තාවක නිරුවත නිර්මාණ කරුවා නොපෙන්විමයි. ඒ වගේම හැගීම් පාලනය මුලින්ම රාගීක සිතුවිල්ල හිතට දීලා පසුව හාස්‍ය එක්ක හීනාව එකතු කරනවා එය ඉතාමත් අලංකාරයි.

    චිත්‍රපටය  මෙතෙක් වෙලා ගලාගෙන ගිය ආකාරය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා බය එකතු කරලා තියෙනවා.නමුත් මෙය එතරම් වෙලාවත් පවත්වා ගැනීමට  ඔහු අපට ඉඩ දෙන්නේ නැ  නිර්මාණ කරුවාට මේ වෙලාවේ නැවත රාගීක සිතුවිල්ල නරඹන අයට ලබාදිමට අවශ්‍ය වෙනවා.ඒ සදහා ගණිකාවක් යොදා ගන්නවා.එහීදී ඔහු පිරිමි අයෙක්ගේ හැගීම් උද්දීපනය කරන කන්තා ලක්ෂණ ගැන  ගොඩක් දුරට කතා කරනාවා. පියයුරු, ලැම ,ගෙල , කකුල් නිතර පෙන්විම නිසා එය අපට පැහැදිලි  වෙනවා. චිත්‍රපටය එතන් සිට ඉතාමත් රසවත් ආකාරයෙන් ගලාගෙන යනවා. ඉතාමත් විනොදකාමී විදියට තමයි ගලාගෙන යනවා.

    චිත්‍රපටයේ ඉතාමත් අලංකාර ගීත වලින් පොහොසත් වන අතර.එහී රූප රාමු සරාගී දර්ශන වලින් සමන්විත වෙයි.එමෙන්ම චිත්‍රපටය තුල පිරිම් ලිංගික අවයවයේ රූපයක් යොදා ගැනීම තවත් වීශේෂ කරුණකී.

    චිත්‍රපටය පුරාවටම ඉතාමත් දීප්තිමත් වරණ යොදාගෙන තියෙනවා.නිතරම නිලියන් දෙදෙනාම කොට ඇදුම් ඇදිම සිදු කිරිම තුලින් චිත්‍රපටය තවත් අලංකාර කරලා තියෙනවා.අපි සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන්ගේ 64 මායම් ගැන කතා කරනවා. එය තෙලෙගූ සමාජයක උවත් වෙනක් නොවෙන බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. සූරූපී ස්ත්‍රීන් දෙදෙනාගෙම මෙන්ම හොල්මන් කාන්තාව තුලින්ද ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා.එයින් කොටසක් මම එකතු කරන්නම්,

    පියයුරු නැටවීම,
    ඉගටිය පැද්දීම නැටවිම
    වරළස ලිහා ගෙනයාම
    ඇග පසග පෙන්වමින් ගමන් කීරිම
    නාඹිය පෙනෙන සේ ඇදුම් ඇදීම
    පයින් බිම ඉරී ඇදීම
    බඩ අත ගැම
    දිව නැටවීම 
    ඇස අඩක් වසා බැලීමලීම

    මේ ලක්ෂණ සියල්ල චිත්‍රපටය තුල තිබෙනවා. පළවෙනි චිත්‍රපටය ( Iruttu Araiyil Murattu Kuththu 2018 )  හා ගත් විට මේ චිත්‍රපටයේ කුඩා කුඩා වෙනස් කම් කිහිපයක් දැක ගැනීමට හැකි විය.එකම කතාවක් එකම ආකාරයෙන් චිත්‍රපට දෙකෙම ගලා යයි.දීර්ඝ කාලයකට පසු චිත්‍රපටය  තුලින් රාජෙන්ද්‍රන් අපට හමු වේ.ඔහුගේ රංගනය දර්ශන තල කිහිපයකට පමනක් සිම විම කණගාටුවට කරුණකී.

    චිත්‍රපටයේ සංකල්පය ඉතාමත් හොදයි කියලා කියන්න පුළුවන්.චිත්‍රපටයට A ශේණියක් ලැබිලා තියෙනවා. ඒ වගේම ද්විත්ව අරතයන් ගැන  චිත්‍රපටය තුලින් කතා වෙලා තියෙනවා.එම අර්තයන් විහිළු ලෙස යොදා ගැනීම නිසා බොහො තරුණ අය චිත්‍රපටයට කැමත්තක් දක්වලා තියෙනවා. චිත්‍රපටය  බොහෝ අංශවලින් පොහොසත් නිසා නිශ්පාදනය ඉතාමත් හොදයි කියලා කියන්න පුළුවන්.

    සමස්තයක් විදියට ගත්තාම මේ චිත්‍රපටය  වැඩිහිටි (18+) අයට ඉතාමත් විනොදයෙන් බලන්න පුළුවන්.පළවෙනි භාගයේ චිත්‍රපටයට ඇති කරපු හැගීම් දෙවන භාගයෙදී මැදක් වෙනකන් යටපත් කිරිම නිසා එය තරමක් මන්දගාමී ලෙස තිබ්බා කියලා කියන්න පුළුවන්.
     

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් පී ජයකුමාර් විසින් වන අතර රංගනයෙන් සන්තෝෂ් හා රාජෙන්ද්‍රන් යන දාකය වෙයි.විනාඩි 120 පුරාවට රස විදිය හැකි මෙම සිනමා නිර්මාණය  2020 නොවැම්බර් 14 නිකුත් උනා.එහී අන්තර්ජාල පිටපත් 2020 දෙසැම්බර් 04 දින නිකුත් කරන්නට යෙදුනා.


    0 comments

  • Ee Maya Premito

    Ee Maya Peremito 2018 


    ගූගල් පරීශිලක දර්ශකය 87%


    IMDB 6.1/10



    සොයා යන ආදරය  ද? සොයා එන ආදරය  ද වටින්නේ...


    " විනාඩියක් ඉන්න මාමේ, ඔයා ඔයාගේ දුවට පරීපූර්ණ මිනිහෙක් දෙන්නනේ හිතන්නේ, එත් මෙහේ කවුරුත් පරීපූර්ණ නැ  "

    "මෙතනදී අපි බලන්න ඕන එක්කෙනාට එක්කෙනා ගැලපෙනවාද කියලා විතරයි"

    "මාමේ තාත්තෙක් විදියට ඔයා කොයි වෙලේද අසමත් වෙන්නේ දන්නවා ද?"

    "ඔයාගේ දුවගේ සතුටුම දවසෙත් ඇස් වලින් කදුළු අවොත්,තාත්තෙක් විදියට ඔයා අසමත් වෙයි"

    මම ඔයාගෙන් මෙහෙම අහනවා.ඔයා ආදරය කරනවා ද? ඔයාගේ ආදරය කොයි වගේද ? කෙනෙක් කියයි මගේ ආදරයනම් ගොඩක් ලස්සනයි.තව කෙනෙක් කියයි මගේ ආදරය ඒ තරම් ලස්සන නැ කියලා.කොහොම හරී ඉතින් අපි ආදරය කරනකොට ඇත්තටම අපේ හදවතේ නවතින්නේ පළවෙනි ආදරය එක්ක නෙවෙයි,අපේ හිතට ගොඩක් දැනුන ආදරය එක්ක. ආදරය නිසා ජීවිත කොච්චර සුන්දර වෙනවාද? සමහර අයගේ ජිවිත ඉපදුන දවසේ ඉදන් වැනෙන්නාට ලොව වැනෙනවා වගේ.එත් යාලුවනේ ඒ කෙනාට ලස්සන ආදරයක් හම්බ උනොත් ඒ ජිවිතය ගොඩක් වෙනස් වෙනවා.එහෙනම් ඒ සොදුරු ජිවතයේ නවාතැන  ආදරය සොයාගෙන අද අපි යමු.

    ශ්‍රී රාම් චන්ද්‍රාමුර්ති කියන්නේ ගොඩක් විනොදයට බර කොල්ලෙක්.කොල්ලෝ කොහොමත් එහෙමයි කියලා ඔයාලා දන්නවානේ යාලුවනේ.එත් මෙයා ගොඩක් ගුණ ගරුකයි.එක නිසාම මෙයාට ගොඩක් යාලුවෝ වගේම අසල්වැසියනුත් ඉන්නවා.ඉතින් මෙහෙම ඉන්න මෙයාගේ ජිවිතයට වෙනස්ම රසයක් එකතු කරන්න සූරංගනාවියක් එනවා.මේ සුරංගනාවිය කවුද එයා හින්දා මෙයාගේ ජිවිතය කොහොම වෙනස් වෙයි ද? කියලා ගොඩක් ලස්සනට අපට මේ කතාව තුලින් බලාගන්න පුළුවන් වෙනවා.

    ඔයාලා දන්නවානේ දෙමාපියන්ට ඉන්න එකම සම්පත එයාලාගේ දරුවෝ කියලා.එයිනුත් පොඩි දියනියක් ඉන්නවා කියන්නේ අම්මා තාත්තාගේ හිතට එන බර වැඩී.මමනම් හිතන්නේ දුවක් හදනවා කියන්නේ තනිකරම තාත්තා කෙනෙක් ගිණිගොඩක ඉන්නවා වගේ කියලා.කෙනෙක් හිතයි ඇයි මම එහෙම කීවේ කියලා.එකට හෙතු ගොඩක් තියෙනවා.සමාජය එක්ක බැලුවාම ඔයාට එක තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.තාත්තා කෙනෙක්  දුවෙක්ට තියෙන ආදරය සෙනෙහස කොච්චරක් ද කියලා නිර්මාණය කරුවා ආරම්භයෙදිම අපට පෙන්නවනවා.එම නිසා ආරම්භය විනොද කාමී වගෙම සිත් ඇදගන්නා සුළුයි කියලා කියන්න පුළුවන්.

    " දැක්කේ නැද්ද ඔයා බිම වතුර හැලිලා තියෙනවා. තව ටිකෙන් බබාව වැටෙනවා."

    " වැටෙනවා කියලා දන්නවානං නවත්වන්න එපැ"

    " එච්චර සතුටින් යනකොට නවත්වන්නේ ඇයි කියලා හිතුනා"

     ඒ කොටස් වලින් කෙතරම් අපූරුවට නිර්මාණ කරුවා පියෙක්ගේ හිතේ ඇති ආදරය ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ද කියලා අපට පැහැදිලි  වෙනවා.ඕනම පියෙක් දරුවන් සැප විදිනවා බලන්න ආස කරයි.දරුවන් තමාට වඩා ඉහලින් සිටිය යුතු යෑයි ඔහු නිතරම සිතයි.විවහයෙදී වුවත් දරුවන් ඉහල නිල තළ වල අය සමග විවාහ වීම යහපතක් ලෙස ඔවුන් දකී.මෙය සාදාරණයි ද? නිර්මාණ කරුවා අපෙන් ආරම්භයෙදීම ප්‍රශ්න කරයි.

    අනතුරුව කතාවේ වීරයා තිරයට හදුන්වා දීම සිදු කරන අතර එම කොටස ඉතාමත් ගම්බීර ආකාරයෙන් නිර්මාණය කිරිම විශේෂ කරුණකී.එහීදී සාමාන්‍ය තරුණයෙක්ගේ ජිවිතය සරළ අයුරින් ගලාගෙන යන ආකාරය ගැන කතා කිරිමට උත්සහ ගනී.එමෙන්ම පීතෘ මුලික සමාජයක් උවත් ගැහැණියට තෙලෙගු සම්ප්‍රදාය තුල ඇති ගරුත්වය ගැන ඉතාමත් අලංකාර දර්ශන තළ මගින් පෙන්නුම කර්‍යි. තවද ඒ දර්ශන තල වල දේව පිංතුර වලට වඩා බුද්ද පිංතුර තිබීම සිනමාවට අදාල කරුණක් නොවුනත් මගේ කොනයෙන් බැලු කල විශිෂ්ඨ සංකලනයක් විදියට මා දකී.

    ලොකය තුල ආදර කතා විවිද ආකාරයෙන් පවතී.කෙනෙක් පවසන්නේ සොයා එන ආදරය වටින බවය.තවත් අයෙක් පළවෙනි බැල්මෙන් ඇති වන ආදරය විශ්වාස කරයි.තවත් අයෙක් දෙමාපියන් සොයා දෙන කෙනෙක් හට ආදරය කර ජිවිතය ගෙවා දමයි.ඒ කෙසේ වෙතත් මේ ආදරය ඉට වඩා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තිබේ. සාමාන්‍ය ජිවිතයෙදී කොල්ලෙක් කෙල්ලගේ පස්සෙන් ගොස් ආදරය විමසයි.එහීදී ඕනම කෙල්ලෙක් පළවෙනි වරට දෙන පිලිතුර ආදරය කළ නොහැකිය යන්නයි.නමුත් එතන් පටන් කොල්ලා විවිද අවස්තා උපයෝගී කරගෙන කෙල්ලගේ හිතේ වීරයෙක් විමට උත්සහ ගනී.එය සැබෑ  ලෙසම කෙල්ලන් බලාපොරොත්තු වෙන දෙයක් ලෙස මා දකී.නමුත් මෙහීදී සිදු වන්නේ ඉට හත්පසින්ම වෙන දෙයකී.මෙහී දී කොල්ලා කෙල්ල ඉදිරියේ වීරයකු විමට උත්සහ නොගනී.කෙනෙක්  සැබෑ  ජිවිතයේ කොල්ලාටම කැමති වෙයි.

    එවිට ඔබට ගැටලුවක් පැන නැගේ එනම් සැබෑ  ජිවිතයේ කොල්ලා කියන්නේ කවුද කියලා. ඕනම කොල්ලෙක් කෙල්ලෙක් තමන් ආදරය කරන කෙනා ලග රංගනයක යෙදෙන බව අමුතුවෙන් කිව යුතු නැත.නමුත් මේ චරිත වලිදී ආදරය වෙනුවෙන් වෙනම වු රංගනයක කොල්ලා නොයෙදිම නිසා මෙය බොහො දෙනෙක්ගේ හදවතට මෙතරම් දැනෙන්නට ඇති කියා මට සිතේ.

    ආදරණීය චන්දු !
    ඔබ මගේ හදවත සොරකම් කළාක් මෙන්
    මගේ ආදරණීයයා දෙස බලා නොසිටින්න 

    ඔයා මාත් එක්ක නැ,එත් මගේ හැම හුස්මකම ඔයා ඉන්නවා 
    ඔබ හා මම අතර
    මෙය මොන වගේ නාදුනන බැදිමක් ද?

    මම මොහොතකට ඔබේ ආදරය එක්ක ඔබව තනි කරන්නම් ඔබේ ආදරය කරපු දවසේ ඔයා එයාගේ කැමති උන හැගීම් කිහිපයක් තිබුනා.මම මේ කියන දෙවල් ඇත්තටම ඔයා එයාගෙන් දැක්ක ද කියලා හිතලා බලන්න.

    පළවෙනි  හැගීම තමයි පෙනුම

    ඔයාලා අහලා ඇතිනේ සුදු කෙල්ලෝ කළු කොල්ලන්ට කැමති කියලා.ඒ වගේ හැමොගෙම හිතේ මේ වගේ පාට කෙනෙක් හිටියොත් හොදයි කියලා අදහසක් තියෙනවා.

    දෙවන හැගීම තමයි රසය

    රසය කීවම ඉතින් අපි ආදරය කරන කෙනාව කාලා බලන්න බැ.එතනදී එයත් ඔයත් ආස දෙවල් තියෙනවා නේ අන්න එකට තමයි රසය කියන්නේ.ඔයා හිතන්නකෝ ඔයා චොකලට් කන්න ආසයි කියලා.එයත් සමහර විට එකට ආස වෙන්න පුළුවන්.

    තුන්වන හැගිම තමයි සුවද

    එක ඉතින් දන්නවානේ අපි ආදර කරන කෙනාගේ ජීවන සුවද අපේ හදවතේ තියෙනවා.එක අමතක කරන්න බැ  

    හතර වන හැගිම තමයි කටහඩ

    මිනිසුන් දහසක් මැද උනත් ඔයා ආදරය කරන කෙනා ඔයාට හොයා ගන්න පුළුවන් එකට හෙතුව එයාගේ කටහඩ අපගේ හදවතේ තියන නිසා.

    පස්වන හැගිම ස්පර්ශය.

    අපි ආදරය කරන කෙනා අපේ අතෙන් ඇල්ලුවත් එක අපිට ගොඩක් දැනෙනවා.ඇත්තටම මෙතනදී අතට වඩා සිප ගැනීම ගැන තමයි කතා කරන්නේ..

    ඉතින් ඔයාට හිතෙනවා ඇති ඇයි මම මෙවා කීවේ කියලා.එකට හෙතුව මේ කතාව බලනකොටම ඔයාට තෙරෙයි කියලා මට හිතෙනවා.ඒ වගෙම ආදරය ඇති වීම ලස්සනට නිර්මාණය කරලා තියෙන නිසා ඉතාමත් සාර්ථක ආදර කතාවක් විදියට මම මේ කතාව දකිනවා.ඒ වගෙම ඒ අවස්‍තාවන්ට උචිත වන ආකාරයෙන් තෙලෙගු ගීත වගෙම දර්ශන තළ යොදා ගැනීම තුල ඉතාමත් හොද ආදර රසයක් අපගේ හදවතට එකතු වෙනවා.කුඩා දරුවන් භාවිතා කීරීම නිසා නිරහංකාර රසයක් නිර්මාණයට ලබා දීලා තියෙනවා.

    අපි ආදරය කරනකොට ආදරය තුල ලොකයක් මවාගෙන හීන මවන්න පුළුවන්. එත්  ලොකයට ජීවයක් දෙන්නනම් දෙදෙනාගේ විශ්වාසය වගෙම මූල්‍යමය  හැකියාවත් තිබිය යුතුයි.කොල්ලෙක් වගකිම් විරහිත ආකරයෙන් කටයුතු කරනකොට එය මාමන්ඩි පහදා දී ඔහුව වගකීම් සහිත පුදගලගෙක් කීරීම ඉතාමත් හොද සංකලනයක් විදියට මම දකිමී.සාමාන්‍ය සිනමාව තුල ආදරය කරන විට කොල්ලා පොහොසත් වන අතර ආදරය පමනක් මුලික තැන  තබා කටයුතු කරයි.නමුත් ඒ සිමාවෙන් පිටතට පැමිණ සැබෑ  ලොකය සමග සැසදිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.

    පිරිමි කෙනෙක් වගකීම් විරහිත බව පසක් කොට වගකිම් දරණ කෙනෙක් බවට පත් වීමෙදී ආදරය යම් යම් සීමා වලට ලක් වේ.එහීදී කාන්තාව සිතන්නේ ආදරය වෙනස් වී ඇති බවය.සැබෑ  ජිවිතයෙත් එය එසේමය.කෙල්ලෝ ආදරය විදින්න ආස කරනකොට කොල්ලෝ සොයන්නේ නිදහසය.මේ සංකල්පය ඉතා හොදින් නිර්මාණය තුලට ගෙන එමට නිර්මාණ කරුවා සමත් වී ඇත.

    යම් අවස්තාවක ශ්‍රී රාම් චන්ද්‍රාමුර්ති ජිවතයේ වගකීම් දරණ අවස්තාවේ ඔහුට බැන මේ යුවතිය ඔහුව හැර යයි.එහීදී නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරන්නේ කොල්ලෙක් වගකීම් දරන්න පොඩි කාලේ සිට හුරු කරනවානම් ඇයි කෙල්ලෙක් එසේ නොකරන්නේ යන්නයි.ඒ වගෙම අවසානයේදී  යුවතියගේ පියාගේ හැසීරිම තුලින් නරඹන අපට යම් කොපයක් ඇති උවත් ඔහු  අසාධාරණ කෙනෙක් ලෙස මට හැගී නොයයි.පියෙක් විදියට දරුවන්ව තෙරුම් ගත හැකිනම් දරුවන් ලබන ඉහලම සතුට එය බව නිර්මාණ කරුවා අවසානයේ අපට පවාසා සීටී.

     ශ්‍රී රාම් චන්ද්‍රාමුර්තිගේ ක්‍රියාදාම රාශියකින් හැඩ ගැන්වෙන මෙම සිනමාපටය ඉතාමත් රසවත් ආරම්භයක් හා අවසානයකින් සමන් විත වීම නිසා කිසිම මොහොතක අප සිනමා සිත්තමක් නරඹනවා යන්න සිතට නොනැගේ.පවුලක මවකගේ යුතුකම්, පියෙකුගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම් වගෙම පවුල තුල සමගිය ගැන ඉතා සූක්ෂම දර්ශන යොදාගෙන නිර්මාණ කරුවා කතා කර තිබේ.

    සමස්තයක් විදියට ගත් කළ ඉතා හොද නිර්මාණයක් විදියට අපට මෙම චිත්‍රපටය හදුන්වලා දෙන්න පුළුවන්.නමුත් මෙහී ගීත වලට විනාඩි 21 වැය කිරිමත් චිත්‍රපටයේ කාලය ඉතා සීමිත විමත් කණගාටුවට කරුනකි.මෙය තවත් කොටස් කිහිපයක් සමග එකතුව නැරඹීමට තිබුනානම් හොදයි යන්න මාගේ අදහසයි.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රාමු කොප්පොලා විසින් වන අතර රාහුල් හා කාවියා ප්‍රදාන චරිත නිරූපණය කරයි.චිත්‍රපටයේ පසුබිම් කතනය නානී විසින් සිදු කිරිමත් විශේෂ කරුණකී.ඉතා අලංකාර ගීත පහකින් සමන් විත වන මෙම සිනමා සිත්තම 2018 සැප්තැම්බර්  මාසයේ 21 නිකුත් කළ අතර එය මිනිත්තු 113 පුරා ඔබට නැරඹීමට හැකියාවක් ඇත.


    0 comments

  • Bombhaat

    Bombhaat 2020  


    ගූගල් පරීශිලක දර්ශකය 83%


     IMDB  6.0/10



    රොබෝ කෙල්ලගේ ආදරය.


    මිනිසා ලොකය දෙස බලන්නට පටන් ගත් දා සිට ඔවුන් විවිද සොයා ගැනීම් සිදු කළා.ඒ අතරින් විශ්ෂ්ඪ නිර්මාණයක් විදියට රොබොව හදුන්වලා දෙන්න පුළුවන්.අද වෙනකන් මිනිස් මොලය හා සමාන විදියට රොබො නිර්මාණය කිරිමට කිසිවෙකු සමත් වෙලා නැහැ.නමුත් එය කවදා හෝ සිදු විය හැකිය කියලා අපට කුඩා හෝ බලාපොරොත්තුවක් තියා ගත හැකියි.රොබොවකට මිනිසා හා සමාන ආකාරයෙන් සිතන්න පතන්නට හැකි උවහොත් එය කෙතරම් ප්‍රායෝගීක වෙයි ද යන්න සිතා ගතවත් නොහැකිය.නමුත් එහී ඇති ගැටලුව නම් මේ සියල්ල යන්ත්‍රයන් වීමයි. යන්ත්‍රයක් තිබෙන කෙතයක් වෙනස් වීමක් උවහොත් එය බොහෝ විට බලාපන්නේ මිනිස් සමාජයටය.එමෙන්ම මෙවනී නිර්මාණයන්  ත්‍රස්තවාදී ක්‍රයාවලදී පවා යොදා ගැනීමට  හැකියාවක් ඇත.ඔයාලා හිතනවා ඇති අද ඇයි මම මේ වගේ දෙයක් කතා කරන්නේ කියලා.එකට හෙතුව ඔයාලට මේ කතාව කියවාගෙන යනකොට තෙරුම් ගන්න පුළුවන් වේවී.

    විකී කියන්නේ ගොඩක් විනොදයට බර කොල්ලෙක් විනොදයට බර කියන්නේ ඉතින් ගොඩක් සතුටින් ඉන්න තමයි මෙයා හැම වේලෙම උත්සහ ගන්නේ.එත් ඉතින් මේ වීකීට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.එක තමයි මෙයා නිසා මෙයා ලග ඉන්න අයට අසුභ දෙවල් වෙන එක.කොහොම හරී කාලයත් එක්ක විකී තරුණ වියට පා තබනවා.ඔතන ඉදන් තමයි මේ කතාව ගලාගෙන යන්නේ.ඉතින් මේ විකිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න මොනාද කියලා ඔයාට මේ කතාව තුලින් බලාගන්න පුළුවන් වෙනවා.

    මේ නිර්මාණය  තුලින් නිර්මාණ කරුවා ප්‍රදානකොටම මිනිසාගේ හැගීම ගැන කතා කරන්න උත්සහගෙන තියෙනවා.ආදරය වේදනව කියන මේ හැගීම මිනිසාට හා රොබෝ කෙනෙක්ට කොහොමද දැනෙන්නේ කියලා නිර්මාණ කරුවා ඉතාමත් සංයමයකින් නිර්මාණය  තුලින් පෙන්නුම් කරනවා. ඇත්තටම මිනිස්සු අවාසනවාන්තද? එහෙම නැත්නම ඔවුන්ගේ සිතුම් පැතුම් අවාසනාවන්තද? නිර්මාණය කරුවා සිනමාව තුලින් නිතරම ප්‍රශ්න කරනවා.

    චිත්‍රපටය  ආරම්භක දර්ශන ඉතාමත් විනොදයට බරයි.කොටින්ම විකීගේ උපත ගැන වගෙම එහීදී පියාට මුහුන දෙන්න උන ගැටලු ගැන නිර්මාණය කරුවා අපට පෙන්වලා දෙනවා. එමෙන්ම දරුවන්ගේ මනස ඉතාමත් සියුම් බවත් එය කුඩා දෙවල් වලින් පවා තුවාල විය හැකි බවත්  ඔහු අපට තරයේ පවසයි. මේ අවස්තාවේ මේ කුඩා විකීගේ ජිවතයට අලුත් බලාපොරොත්තුවක් ලබා දිමට මහාචාර්ය වරයා සමත් වෙනවා. මෙහීදී ඇතිවන ගැටලුව වන්නේ ඔහු මේ කුඩා විකීට දුන් උපදෙස් යහපත් විම නොව එය අයහපත් උවානම් වෙන බලපෑමය.එය එසේ උවානම් ඔහු කුඩා කාලයේ සිට ඉතාමත් දරදඬු කෙනෙක් විමට තිබුණී.එසේනම් දෙමාපියන් විදියට දරුවන්ගේ මනස යහපත් කීරිමට උත්සහ ගත යුතුය.මෙය පළවෙනි කොටසින් නිර්මාණ කරුවා අපට ලබා දෙන පණිවිඩයයි.මෙහීදී කතා තෙමාවට අර්තයක් ලබා දීමට විද්‍යාව එකතු කිරිම නිසා චිත්‍රපටයට නැවුම් වෙනසක් ඇති උනා කියලා මට සිතෙනවා.

    එතනින් පසු කතාව ආදර කතාවක් විදියට ගලාගෙන යන අතර එය කෙනෙක් හට අනවශ්‍ය දෙයක් විදියට සිතිමට හැකිය.නමුත් එය එසේ නොවේ මෙහීදී නිර්මාණය කරුවා වීකීගේ ආදරය ඇතිවෙන ආකාරය, ආදරය විදින ආකාරය මෙන්ම ආදරය තුලින් එකීනෙකා අතර ඇති වෙන සෙනෙහස ජීව මාන අයුරුන් ප්‍රතිනිර්මාණය කර ඇත.එය චිත්‍රපටයේ හරයට මනාලෙස බලපෑම් කිරිමට සමත් විම නිසා එම කොටස සාර්ථක දර්ශන කිහිපයක් කියලා මට සිතෙනවා.එපමනක් නොව ඒ ආදර කතාව තුල එය තවත් නරඹන්නාගේ හදවතට දැනෙන්න ගීතයක් වගෙම පරිසර සුන්දරත්වය එකතු කිරිම නිසා සැබෑ  ලෙසම අපි ආදරය විදිනවා හා සමාන හැගිමක් අපට ලැබෙනවා.ඒ දර්ශනයන් තුලින් ස්භාවික තෙලෙගු නර්තනයන් වගෙම තෙලෙගු ගම්මාන වල ස්භාවික කර්මාන්ත  එකතු කීරිම තුලින් තෙලෙගූ සම්ප්‍රදායයේ සුන්දරත්වයද අපට විදිමට හැකියාව  ලැබේ.

    ආදරය කරන දෙන්නෙක් අතර කුඩා කුඩා රංඩු ඇති විම හා ඒ තුලින් දෙදෙනා අතර කුඩා විරසකවල් ඇති වීම සාමාන්‍ය කරුනකී.නමුත් එය සිනමා කරුවා දකින්නේ තවත් කළාත්මක ඇසෙනී.එය මේ නිර්මාණය තුලින්ද අපට ඉතා හොදින් පැහැදිලි වෙනවා.එහීදී පෙම්වතියගේ වෙන් වීම සමග දෙමාපියන්ගේ ආදරය එකතු වෙන ආකාරය.මනාකොට අපට මේ නිර්මාණය තුලින් නැරඹීමට හැකියාව ලැබේ.

    මේ අවස්තාව උපයෝගී කරගෙන මහාචාර්ය වරයාගේ දියනිය විදියට රොබෝ දුවක් හදුන්වා දෙයි.කෙනෙක් හට රොබෝ කෙනෙක් යන්න ඇසු පමනින් හිතේ යම් චායවක් හට ගනී.නමුත් මෙහී විශේෂත්වය වන්නේ මේ රෝබෝව මිනිස් ශරීරයට සමාන වීමයි.එහීදී කෙනෙක්හට හිතෙන දෙය එවැනි  දෙයක් වීම ප්‍රායෝගීක ද යන්නයි.නමුත් මෙහීදී මෙය මනංකල්පිත නිර්මාණයක් නිසා එය එතරම් ගැටලුවක් ඇති නොවේ.අප තෙරුම් ගත යුත්තේ නිර්මාණ කරුවා අපට මෙයින් දෙනු ලබන පණිවිඩය  ගැන බව අප නිරතුරුව සිහි තබා ගත යුතු වේ.

    රොබෝවක් යනු සැබෑ  ලෙසම යන්ත්‍රයකී.යන්ත්‍රයකට ආදරය සෙනෙහස  දැනෙන්නේ නැත.නමුත් මිනිසා ඉට වඩා බුද්දිමත්ය.දිනයක මෙවනී රොබොවක් ඔහු නිර්මාණය කළ හොත් කෙත මගින් හැගීම ලබා දෙයි.එසේ දුන් විට ඒ රොබෝව හැගිම මගින් ක්‍රියාකරවයි.හැගිම් එක්ක අපි කතා කරන්නේ හදවත ගැනයි.එතකොට මිනිසාට ඇති හදවත යන්ත්‍රයකට තිබ්බානම් මේ ලොකේ අද පවතින ගොඩක් වැරදී අඩුවිය හැකියි නේද ? නිර්මාණය කරුවා අපෙන් නිතර ප්‍රශ්න කරයි.

    තවද රොබෝවක් ජීවමාන ඌ කල්හී එහී ශක්තිය ඉතා විශල විය හැක.එය නිර්මාණ කරුවා ඉදිරිපත් කිරිමට සටන් ජවනීකා කිහිපයක්ම යොදාගනී.මේ දර්ශන  සැබෑ  සිනමාවේදී නිලියක් විසින් සිදු කරන නිසා අපට ඉතාමත් විනොදයෙන් නැරඹීය හැකිය.තවද අප නිතර නරඹන සිනමා සිත්තම් වල නිලියට වඩා සටන් ජවනීකා වලට පෙනී සිටින්නේ නලුවාය.නිලිය එවනී දර්ශන වලට පෙනී සිටියහොත අප සිතන්නේ බොලද විය හැකිය කියයා.නමුත් මේ දර්ශන ඉතාමත් ශක්තිමත් විදියට නිර්මාණය  කර ඇති නිසා තවදුරටත් සිනමාවේ සටන් ජවනීකාවලට නලුවා මෙන්න නිලියටත් සම්බන්ධ විය හැකි බව අපට පෙනී යයි.

    රොබොවක්ට කාමය පිලිබද හැගිමක් නැත නමුත් එය කෙනෙක් කෙතයක් විදියට ඉදිරිපත් කරොත් ඇයට එසේ ඇති විය හැකිය.නමුත් එසේ ඇති වෙන හැගිම මිනිසුන් මෙන් ක්‍රියාත්මක කළ නොහැකිය.ඒ ගැනද නිර්මාණ කරුවා කතාකිරිමට අමතක නොකීරිම මා මෙහී දකින විශේෂ ලක්ෂණයකී.

    කතාව ආරම්භයේදී විකීගේ ජිවිතයේ ඇති අසුභ ලක්ෂණ  ගැන කතා කරයි.එයින් නිර්මාණයට කිනම් අර්තයක් ලබා දිමට උත්සහගත්තාද යන්න අවසානයේ දී ඔහු පවසා සීටී.මිනිසෙකුගේ උපත කරන වැඩ දිහා ලොකයා බලා සිටින විට ඔවුන් හොද හෝ නරක පවසයි.යම් කිසි කෙනෙක් හට අයහපත් දෙයක් සිදු විමට තිබියදී , එය සිදු වෙන විට කෙනෙක් හමුවුවහොත් ඔහු නිසා එය සිදු උනා ලෙස පවසයි.එසේනම් ඇත්තටම කෙනෙක් අසුභ ද නැද්ද යන්න තීරණය වෙන්නේ ඔහු හෝ ඇය ක්‍රයාකරන ආකාරය අනුව බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.

    අවසානයේ ඔහු සමාජයේ ඇති පිරීහීම වගෙම සමාජයේ තිබිය යුතු ගුණදරම ගැන කතා කරයි.මිනිසුන් රොබෝ වරු මෙන් හැසිරෙන්න පටන් ගත් විට ගුණ දහම් වියකී ගොස් ලොකයක් විනාශ වෙයි. සමස්තයක් විදියට ගත්කළ දිනයක සැබෑ  ලොකයේ මෙවනී නිර්මාණයක් සිදු උවහොත් එයින් මිනිසාට වෙන බලපෑම් අති මහත්‍ ය. කෙනෙක් මෙවනී කාර්‍යයන් සිදු කිරිම කෙතරම් ලොකෙට සුදුසුද යන්න තීරණය කිරිමට නිර්මාණ කරුවා අපට අවසානයේ අවස්තාව උදාකර දෙනු ලබයි.

    රාගවේන්ද්‍ර වර්මාගේ අධ්‍යක්ෂණයෙන් සීම්රාන් හා ප්‍රයදර්ශීගේ රංගනයෙන්  හැඩවෙන මෙම නිර්මාණය ඉතාමත් අලංකාර තෙලෙගූ ගීත කිහිපයකින් සමන්විත වෙයි. මේ චිත්‍රපටය 2020 දෙසැම්බර් 03 වන දින නිකුත් කරා.


    0 comments

  • 13B


    13B : Fear Has a New Address ( Yavarum Nalam ) 


    ගූගල් පරීශිලක දර්ශකය 96%


    IMDB අගය 7.3/10





    සිනමා තාරකාවකට ආදරය කිරිම වරදක් ද ?


    යුග ගනනාවක් පසුකරමින් නූතනය දක්වාම මිනිසා ඉතාමත් දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා.ඒ ගමනේදී මිනිසා විවිද අවස්තාවන්ට හා පරිසරය තත්වයන්ට අනූරුප වන ආකාරයට සිය ජිවතය වෙනස් කර ගන්න සමත් වෙලා තියෙනවා. එහිදී මිනිසා තම මනස විවිද තළ ඔස්සේ දියත් කිරිම නිසා අද අප දකින තාක්ෂණය පිරි ලොකය  නිර්මාණය  වෙලා තියෙනවා. රූපවාහිනීය දුරකතනය වගේම අන්තර්ජාලය අද සමාජයේ නැතිවම බැරි අංගයන් බවට පත් වෙලා. නමුත් මේ සියල්ල යම් මට්ටමකට මිනිසා  පාලනයකින් සිදු කර ගතහොත් එයින් ඔහුට එන බලපෑම් අවම වෙනවා.නමුත් එය සීමාව ඉක්මවා භාවිතා කරන්න පෙළබුනොත් එයින් සිදුවන හානීය ඉතාමත් විශාල වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.

    මනෝහර් කියන්නේ ඉතාමත් ගුණ යහපත් පිරිමි කෙනෙක්.ඔහු තම පවුලේ අය සමග නව නිවසක් මිලදී ගන්නේ තමාගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු රාශියක් එකතු කරගනිමින් නමුත් මේ නව නිවස ඔවුන්ගේ ජිවිතයට වෙනස්ම අත්දැකීමක් ලබා දෙයි කියලා ඔහු හීනකින්වත් හිතන්නට නැතිව ඇති.ඉතින් ඔවුන්ට මුහුන දෙන්න සිදුවෙන අත්දැකීම් මොනාද කියලා තමයි අපිට මේ කතාව තුලින් බලාගන්න පුළුවන් වෙන්නේ...

    මම ඔබෙන් ඇසුවොත් ඔයාගේ විනෝදාංශය මොකක්ද කියලා එක එක විනෝදාංශයන් කියයි.ඒ අතරින් රූපවාහිනී කතා නැරඹීමත් කෙනෙක්ගේ විනොදාංශයක් වෙන්න පුළුවන්.එය වරදක් නොවේ නමුත් එතනින් එහාට එයට ඇබ්බැහි උවහොත් එය ඉතාම කරදරකාරී දෙයක් වනවාට නොවනුමානයි. කෙනෙක්  ඒ රූපවාහීනී වැඩ සටහන් වල සිටින නළු නිලියන්ට ආදරය කිරිමට පටන් ගනී.එහෙත් යතාර්ථය වාදී ලොකයක් තුළ  එවැනි  ආදරයන් ප්‍රායෝගීක නෝවේ යන්න මගේ අදහසයි.

    අපි ජිවිතයේ යම් යම් දෙවල් තිරණය කරන්නේ අපගේ මනසට එය තෙරුම් ගන්න පුළුවන් පරාසයක ඉදගෙන කියලා මට හිතෙනවා.ඔයා මෙහෙම හිතන්නකෝ අද ලොකේ වෙන ගොඩක් දෙවල් ගත්තාම එවාට නිවරදී පහදා දිමක් එකතු කරන්න තමයි බටහිර විද්‍යාව එකතු වෙලා තියෙන්නේ එත් මේ විද්‍යාවටත් තෙරුම් ගත හැකි පරසයක් තියෙනවා කියලා මට හිතෙනවා.එතනින් එහා දෙවල් ගොඩක් වාදයන් එක්ක පදනම් කරගෙන තමයි අපි තෙරුම් ගන්නේ.මේ ලොකේ පියවි ඇසකින් දකින්න පුළුවන් දෙවල් අතරේ තවත් දෙවල් අපේ පියවි ඇසෙන් දකින්න හම්බෙන්නේ නැ.එත් ඒ දෙවල් විද්‍යාව එක්ක එකතු කරලා යම් පදනමකින් අපි දකින්නවා.සර් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණ හොයා ගන්නකොට මේ ලොකේ ඇත්තටම ගුරුත්වාකර්ෂණ තිබ්බා ද? නැත්ද? එකට ඔබ නිවරදි උත්තරයක් දෙයි කියලා මම හිතනවා. ඔයා හිතන විදියට ඇත්තටම එක තිබ්බා.එත් කාලයත් එක්ක එයා එක පහදා දිමක් විතරයි කරේ.ඒ වගේ මේ ලොකේ තව අපි නොදන්න අපිට හොයා ගන්න බැරි ගොඩක් දෙවල් ඇති ඒ අතරින් එකක් තමයි මේ මිනිස් මනස කියන්නෙත්. මේ මනසේ ඇති වෙන සංසිද්දි යම් තාක් දුරට හොයා ගන්න මිනිසා සමත් වෙලා තිබුනත් 100% හොයා ගන්න බැරි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.අද අපි කතා කරන්න යන්නෙත් ඒ වගේ සිනමා සිත්තමක් ගැන.

    මේ නිර්මාණය යතාර්ථය හා කල්පිතය අතර දෝලනය වෙන නිර්මාණය විදියට තමයි නිර්මාණ කරුවා අප වෙතට අරගෙන එන්නේ.කෙනෙක් මෙය විද්‍යාව මත ඉදගෙන කල්පිත ගොඩ නගමින් නරඹන්නට සූදානම් උනොත් ඔහුට එය තවත් එක නිර්මාණය පමනක් වෙනවාට සැකයක් නැත.නමුත් විද්‍යාවට එහා ගිය ලොකයක් ගැන පොඩි හෝ අවබොදයක් ඇතිව මේ නිර්මාණය නරඹන කෙනෙක්ට මෙය ඉතාමත් විශිෂ්ඨ ගනයේ නිර්මාණය විදියට  දැක ගන්න පුළුවන්.

    චිත්‍රපටය පුරාවට කතාකරන්නේ මනස ගැන කිවොත් මම නිවරදී කියලා හිතෙනවා.අපේ මනස විවිද අවස්තාවන් වලට අනූරුපව වෙනස් තත්වයන් ගන්නවා.නමුත් කෙනෙක්ට හිතන්න පුළුවන් මරණයෙදී මණස නැති වෙනවා කියලා.එක පහදා දෙන්න විද්‍යාවට වඩා බෞද්ධ  දර්ශන උපයොගී කර ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා.කෙනෙක් මිය යනකොට ඔහුගේ ශරීරයෙන් ශක්තියක් පිට වෙලා යනවා.ඒ ශක්තිය  ඇත්තටම විංඤානය කියලා හදුන්වාලා දෙන්න පුලුවන්.එතකොට මේ විංඤානයට මරණෙන් පසු යම් ශරීරයකට බලපෑම් කරන්න පුළුවන් ද? අන්න එක විද්‍යාවට අනුව අපට පහාදා දෙන්න බැ.එතනදී ඒ සදහා සංකල්පයක් විදියට රූපවාහිනීය  යොදා ගන්නවා. 

    එතකොට එය ඉතාමත් ලස්සන සංකලනයක් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා.

    මේ කතාව පටන් ගන්නේ පුංචි පවුලකින්.පුංචි පවුලක තියෙන ආදරය  සෙනෙහස වගේම ආරක්ෂාව කොච්චර  ද කියලා නිර්මාණ කරුවා පළවෙනි දර්ශනය තුලින්ම අපට පෙන්නවාලා දෙන්න සමත් වෙලා තියෙනවා. මෙහෙම ආරම්භ උන අපේ කතාවට අර්තයක් ලබා දෙන්න දෙවනී දර්ශනය සමත් වෙලා තියෙනවා. අන්ධ පුද්ගලයෙක් බල්ලෙක් සමග මනෝහර් හම්බෙන අවස්තාව.මෙය කෙනෙක්ට සාමාන්‍ය විදියට පෙනුනත් අන්ධ පුද්ගලායා මගින් නිර්මාණ කරුවා නිර්මාණයට විශාල අර්තයක් එකතු කරලා තියෙනවා.අන්ධ කෙනෙක් ලොකය දකින්න උත්සහ කරන්නේ සැරාටිය වගෙම ජිවන සහකාරයා එක්ක එකතු වෙලා.නමුත් ඒ සහකාරයා සතෙක් වීම තුලින් මිනිසා හා සතුන් අතර ඇති හිතවත් බාවය මනා කොට අපට බලා ගන්න පුළුවන් වෙනවා.ඒ දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්න සුළු අකාරයට නිර්මාණය වෙලා තියෙනවා.

    එක් අවස්තාවකදී මනෝහර්ගේ නිවසට බල්ලා පැමිණිනෙන බල්ලා මග නැවතී ඉතාමත් කළබල කාරී විදියට දිව යනවා.එහීදී අපට පැහැදිලි වෙන කරුන වන්නේ බල්ලාගේ ඇස් වලින් මිනිසාට වඩා වැඩ් දෙයක් නැරඹීමට  හැකියාවක් ඇති බවයි.තවත් අවස්තාවකදී බල්ලා කුඩා පොතක් සොයා ගන්නවා.මෙය සමස්ත කතාවම වෙනසක් ඇති කිරිමට සමත් වෙන සිද්දියක් බවට පත් වෙනවා.එහීදී බල්ලාගේ ඉව වගෙම බල්ලාගේ මිනිසාට ඇතී ආදරය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා අපට පෙනවලා දීලා තියෙනවා. මනෝහර්ගේ පවුලේ අය නිතරම රූපවාහිනී  වැඩ සටහන් නැරඹීමට දක්වන ආශාව වැරදි නොවේ නමුත් ඔවුන් එයට ඇබ්බැහි විම තුලින් ඔවුන්ගේ ජිවිතයේ වැදගත් අවස්තාවන් පවා මග හැර ගනී.සැබෑ  ලෙසම යතාර්ථවාදී ජිවිතයක එවැනි  මිනිසුන්  දැක ගත හැකි වෙයි.ඒ වැනි ඇබ්බැහි  වීම මිනිසාට අවශ්‍යද යන්න ඉතාමත් හොදින් නිර්මාණ කරුවා අපගෙන් ප්‍රශ්න කරනවා කියලා මට හිතෙනවා.

    මනොහර් සිටින නිවසේ අදුරු ආත්මයක් සිටින බවට නිර්මාණ කරුවා ඉතාමත් සංයමයකින් නිර්මාණය කරලා තියෙනවා.එම නිසා නරඹන කෙනෙක්ට එය තමාගේ නිවසක තමාට සිදුවූ දෙයක් විදියටම තමයි දැනෙන්නේ.නමුත් හොදම කරුනනම් ඒ කිසිම දෙයක් පවුලේ අනිත් කිසිම කෙනෙක් හට නොදනීමයි.ඒය නිර්මාණ කරුවාගේ උපාශීලී ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්. රූපවාහිනී තිරයකින් අපි අපේ ජිවිතයේ ඉදිරිය දකින්න පුළුවන් නම් සැබෑ  ලෙසම අප කරන්නේ දවස පුරාවටම එය දෙස බලා සිටිමයි.මෙහිදී එක් සිදුවිමකදී මනොහර්ගේ බිරිදට අනතුරක් සිදු වී ඔහුගේ උපදින්න සිටින දරුවා මිය යනවා.ඒ සිදුවිම බලන කෙනෙක් හට සිතෙන්නේ මෙය නපුරු ආත්මය විසින් සිදු කළ එකක් බවයි.නමුත් මොහොතක් කල් පනා කර බැලුවහොත් පෙනී යන්නේ එය එසේ නොව ඇයට සිදු වෙන්න තිබු දෙයක් කලින් දැනුම් දිමක් නපුරු ආත්මය කර ඇති බවය.

    මේ ආකාරයට නිර්මාණය ඉතාමත් කුතුහලය සමග ගලාගෙන යන විට මනොහර් මේ රූපවාහිනී  අභිරහස විසදා ගැනීමට  උත්සහ ගන්නවා.එහිදී ඔහු තොරතුරු සොයා ගැනීමට පුස්තකාල හා ලේඛනාගාර වල පත්තර බැලිම සිදු කරනවා.එය කෙනෙක් හට සාමාන්‍ය දර්ශනයක් උවත් එය චිත්‍රපටය තුළ ඇති විශිෂ්ඨම දර්ශන විදියට මම දකිනවා. අද අප භාවිතා කරන අන්තර්ජාලයේ තොරතුරු කෙතරම් තිබුනත් එවා අස්තානගත වීමට ඇති අවස්තාවන් වැඩි වෙයි.නමුත්  පුස්තකාල වල තොරතුරු බොහෝ කාලයක් රදවා තබා ගත හැකි බව නිර්මාණකරුවා සූක්ෂම අයුරින් අපට පෙනවලා දෙනවා.එහෙනම් අපට එයින් පැහැදිලි වන්නේ අප කෙතරම් තාක්ෂණය අතින් ඉහලට ගියාත් අනිවාර්යයෙන්  පැරණි දේ සූරකිය යුතුයි යන්නයි.

    මේ කතාවේ රූපවාහිනීය තුලින් කතා කරන්නේ ආත්මයක් බව මේ වෙන විටත් ඔබට පැහැදිලි  වෙලා ඇති කියලා මට හිතෙනවා.එසේනම් ඒ ආතමය කවුද කියලා හොද පැහැදිලි  කිරිමක් නිර්මාණය තුලින් අපට ලබා දෙනවා.ඒ ආත්මීය පවුලේ ජීව මාන සාක්ෂිය වන්නේ අබ්බගාත දරුවෙක් වීම තවත් සුවිශේෂ කරුණක් විදියට මම දකිනවා.දරුවෙක් විදියට ඔහුට කතා කිරිමට හෝ අදහස් ප්‍රකාශ කිරිමට නොහැකි අවස්තාවන් වල රූප මගින් එය ඉදිරිපත් කිරිමෙන් ඔහුගේ හිතේ ඇති වේදනාවන් ඉතාමත් හොදින් පෙන්නුම් කරලා තියෙනවා.

    මුල මැද අග යන තුන් අවස්තාවන්ම ඉතාමත් හොදින් ගලපලා මේ නිර්මාණය සිදු කරලා තියෙනවා.චිත්‍රපටය සියලු දර්ශනයන් එකිනෙකට එකක් සමාන කම් පෙන්වීම නිසා චිත්‍රපටය අවසානයේ අපට කිසිම ගැටලුවක් ඉතිරි නොවිමත් මෙහී ඇති විශේෂ කරුණක් විදියට සලකන්න පුළුවන්. එමෙන්ම මේ චිත්‍රපටය පුරාවටම නපුරු ආතමය නිවසේ සිටින කිසිම කෙනෙක්  හට කරදරයන් සිදු නොකිරිම මගින් නිර්මාණ කරුවා පුන පුනා අපට ප්‍රකාශ කරන්නේ අපි යහපත් ජිවන තත්වයන්ගෙන් ජිවත් වෙනවානම් කිසිම කෙනෙක් හට අපට කරදර කිරිමට නොහැකි බවයි.

    එහීදී අපට එන ගැටලුව වන්නේ එසේනම් ඇයි නපුරු ආත්මය මේ යහපත් මිනිසුන් සමග ගණුදෙනු කරේ යන්නයි.එයට හෙතුව මේ කතාව පුරාම චූජිතයා උන කෙනා ඔවුන්ගේ පවුලට සමීප විමත් පෙර ආත්මය ජිවත් වු නිවස එය විමත් නිසා කියලා අපට පැහැදිලි  කර ගන්න පුළුවන් වෙනවා.

    දරුවෙක් ලොකයට බිහි කරා හො හදා වඩාගත්තාත් මේ අවස්තාවන් වලදී එම දරුවාට ගුණ යහපත් කම වගේම අහීම් විම් විද දරා ගැනීමට  පුරුදු කිරිමට දෙමාපියන් වග බලා ගන්න ඕනා යන්න මේ කතාව නරඹපු ඕන කෙනෙක්ගේ මතය කියලා මට හිතෙනවා.ඒ වගෙම යම් හෙයකින් ඒ පදනම බීදී ගිය විට දරුවන්ගේ නිවරදී භාවයට හෝ දරුවන්ගේ වියෝවට වෙනත් කෙනෙක් පලිහක් කරන එක කෙතරම් පහත් වැඩක් ද යන්න නිර්මාණ කරුවා අපෙන් අවසානයට ප්‍රශ්න කර සිටිනවා.එසේනම් විය යුත්තේ අපගේ මනස එක්ක තියෙන ගණුදෙනුව ඉතාමත් සංයමයකින් කීරිම නෝවේද? 

    චිත්‍රපටය කළු හා සුදු වරණයන්ට ප්‍රමුඛ  තැනක් ලබා දීම නිසා වෙනස්ම අත්දැකීමක් ලබා ගැනීමට  ඔබට හැකියාවක් ලැබෙනවා.තවද තාක්ෂණික අංගයන්ගෙන් මේ නිර්මාණය පිරිපුන් වන අතර බොහෝ අවස්තාවන් වල ස්භාවික සිද්දී ඒ අකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා. 

    ත්‍රාසය කුතුහලය වගෙම බිය යන තුන් ආකාරයෙන් පොෂණය උන මේ සිනමා නිර්මාණය  වික්‍රම් කුමාර්ගේ නිර්මාණයක් වන අතර මාධවන් රවි බාබු යන අය රංගනයෙන් දායක වෙනවා. දෙමළ හා හින්දි යන භාෂා දෙකෙන්ම නිර්මාණය උන මෙම සිනමා නිර්මාණය ආදායම් වර්තා පවා පිහිටු විමට සමත් වෙලා තියෙනවා. 2009 මාර්තු 06 වන දින තිරගත වුන මෙම සිනමා නිර්මාණය   මිනිත්තු 137 පුරාවට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.


    0 comments

  • Andhaghaaram

    Andhaghaaram 2020 


    ගූගල් පරීශිලක දර්ශකය 93%


    IMDB 8.1



    යතාර්ථය හා කල්පිතය අතර එකතුව සිනමාව කෙසේනම් ජයගනී ද?


    අපි ජිවිතයේ යම් යම් දෙවල් තිරණය කරන්නේ අපගේ මනසට එය තෙරුම් ගන්න පුළුවන් පරාසයක ඉදගෙන කියලා මට හිතෙනවා.ඔයා මෙහෙම හිතන්නකෝ අද ලොකේ වෙන ගොඩක් දෙවල් ගත්තාම එවාට නිවරදී පහදා දිමක් එකතු කරන්න තමයි බටහිර විද්‍යාව එකතු වෙලා තියෙන්නේ එත් මේ විද්‍යාවටත් තෙරුම් ගත හැකි පරසයක් තියෙනවා කියලා මට හිතෙනවා.එතනින් එහා දෙවල් ගොඩක් වාදයන් එක්ක පදනම් කරගෙන තමයි අපි තෙරුම් ගන්නේ.මේ ලොකේ පියවි ඇසකින් දකින්න පුළුවන් දෙවල් අතරේ තවත් දෙවල් අපේ පියවි ඇසෙන් දකින්න හම්බෙන්නේ නැ.එත් ඒ දෙවල් විද්‍යාව එක්ක එකතු කරලා යම් පදනමකින් අපි දකින්නවා.සර් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණ හොයා ගන්නකොට මේ ලොකේ ඇත්තටම ගුරුත්වාකර්ෂණ තිබ්බා ද? නැත්ද? එකට ඔබ නිවරදි උත්තරයක් දෙයි කියලා මම හිතනවා. ඔයා හිතන විදියට ඇත්තටම එක තිබ්බා.එත් කාලයත් එක්ක එයා එක පහදා දිමක් විතරයි කරේ.ඒ වගේ මේ ලොකේ තව අපි නොදන්න අපිට හොයා ගන්න බැරි ගොඩක් දෙවල් ඇති ඒ අතරින් එකක් තමයි මේ මිනිස් මනස කියන්නෙත්. මේ මනසේ ඇති වෙන සංසිද්දි යම් තාක් දුරට හොයා ගන්න මිනිසා සමත් වෙලා තිබුනත් 100% හොයා ගන්න බැරි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.අද අපි කතා කරන්න යන්නෙත් ඒ වගේ සිනමා සිත්තමක් ගැන.

    විනොද් කියන්නේ තමන්ගේ ජිවිතය පිළිබද කළකිරිමෙන් ඉන්න පුහුණු කරුවෙක්.ඉතාමත් අධික ලෙස සිගරට් පානයට හුරු වෙලා එන්න විනොද්ගේ ජිවිතය එක කොල් එකක් නිසා වෙනස් වෙනවා.මේ දුරකතන ඇමතුම නිතර නිතර එමත් ඒ ඇමතුම ගැන ඇතිවෙම අභිරහසත් පාදක කරගෙන මේ කතාව නිර්මාණය වෙලා තියෙනවා.

    මේ නිර්මාණය යතාර්ථය හා කල්පිතය අතර දෝලනය වෙන නිර්මාණය විදියට තමයි නිර්මාණ කරුවා අප වෙතට අරගෙන එන්නේ.කෙනෙක් මෙය විද්‍යාව මත ඉදගෙන කල්පිත ගොඩ නගමින් නරඹන්නට සූදානම් උනොත් ඔහුට එය තවත් එක නිර්මාණය පමනක් වෙනවාට සැකයක් නැත.නමුත් විද්‍යාවට එහා ගිය ලොකයක් ගැන පොඩි හෝ අවබොදයක් ඇතිව මේ නිර්මාණය නරඹන කෙනෙක්ට මෙය ඉතාමත් විශිෂ්ඨ ගනයේ නිර්මාණය විදියට  දැක ගන්න පුළුවන්.

    චිත්‍රපටය පුරාවට කතාකරන්නේ මනස ගැන කිවොත් මම නිවරදී කියලා හිතෙනවා.අපේ මනස විවිද අවස්තාවන් වලට අනූරුපව වෙනස් තත්වයන් ගන්නවා.නමුත් කෙනෙක්ට හිතන්න පුළුවන් මරණයෙදී මණස නැති වෙනවා කියලා.එක පහදා දෙන්න විද්‍යාවට වඩා බෞද්ධ  දර්ශන උපයොගී කර ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා.කෙනෙක් මිය යනකොට ඔහුගේ ශරීරයෙන් ශක්තියක් පිට වෙලා යනවා.ඒ ශක්තිය  ඇත්තටම විංඤානය කියලා හදුන්වාලා දෙන්න පුලුවන්.එතකොට මේ විංඤානයට මරණෙන් පසු යම් ශරීරයකට බලපෑම් කරන්න පුළුවන් ද? අන්න එක විද්‍යාවට අනුව අපට පහාදා දෙන්න බැ.එතනදී ඒ සදහා සංකල්පයක් විදියට ජංගම දුරකතනය යොදා ගන්නවා. 

    එතකොට එය ඉතාමත් ලස්සන සංකලනයක් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ සියදිවි නසා ගැනීම් කිහිපයක් සමගයි.එතකොට කෙනෙක්ට සියදිවි නසා ගන්න තරම් ප්‍රභල මානසික මට්ටමක් නිර්මාණය  විමටනම්  ඔහු කෙතරම් පීඩනයන් වලට මුහුණ දිය යුතු ද? නැත්නම් එය යටත් පිරිසෙන් කෙනෙක් විසින් සිදු කරන්නේ නම්  එය කෙතරම් ප්‍රායෝගීකද? මේ පිලිබද හොද ආරම්භයක් ලබා දෙන්න සැම විටම නිර්මාණය තුලින් නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.

    එය අවස්තාවක කර ගනිමින් නිර්මාණ කරුවා කතාවේ ප්‍රදාන චරිතය සෙල්වම්ව කතාවට හදුන්වා දෙනවා.ඔහු අන්ධ කෙනෙක්.අන්ධ කෙනෙක් උපතේ ඉදන් ඔහුගේ ජිවිතය අවසානය දක්වා ඔහු දකින්නේ අදුරක් පමනයි.ඉතින් ඒ අවස්තාවලදී අදුර පරජා ඔහු ලොකය ජය ගැනීමට නම් නිසකවම අදුර සමග සටන් කර ජය ගත යුතු වෙනවා.එහිදී ඔහුට තමාවම පිලිසරණයක් ගෙන අත් පා යොදාගෙන ලොකය දකින් අකාරය සාමාන්‍ය මිනිසෙක් මෙන් කාර්‍යසූර ලෙස වැඩ කටයුතු කරන ආකාරය ඉතාමත් අපූරුයි කියලා මට හිතෙනවා.එය චිත්‍රපටයේ තෙමාව වගෙම මාතෘකාව සමගද හොද රසායනික සම්බන්දයක් කියලා කියන්න පුළුවන්.

    ඒ සමගම කතාවේ අනිත් චරිතයන්ද ඉතාමත් සූක්ෂම විදියට නිර්මාණය කරුවා නිර්මාණය තුලින් අපට හදුන්වලා දීලා තියෙනවා. තාමත් මේ කතාව ගලාගෙන යන්නේ කවර ආකරයටද යන්න කිසිම හොදුවාවක් අපට නොදෙන්න නිර්මාණය කරුවා ඉතාමත් සැලසුම සහගත විදියට කටයුතු කරලා තියෙනවා. මෙහී එන චරිත  තුලින් රූපයේ ලස්සන පෙන්විමට වඩා මනස සමග සිදුවෙන ගතේ වෙනස ගැන කතා කිරිමට සැම විටම උත්සහගෙන තියෙනවා.

    විනොද් ප්‍රදිප් ලගදී පුස්තකයක් සොයා ගැනීම තුලින් චිත්‍රපටයට නැවුම් වෙනසක් ඇති වෙලා තියෙනවා.ප්‍රදිප් අබ්බගාත කෙනෙක් උවත් විනොද් පොත සොයා ගත්ත විට නැගි සිට ඇවිදිම සිදු විය හැකි දෙයක් ද ? නමුත් එය එසේ සිදු වෙනවා.එසේනම් එය පොතේ ඇති බලයක් ද? මෙවනී ගැටලු රාශියක් අපගේ මනසට එකවර පැමීනිම විමතියට කරුණක් නොවේ.අපගේ මනස සැබෑ  ලෙසම එලෙස හැසිරෙයි.පුදුමය කෙරෙහි අපගේ මනසේ නැබුරු වීම ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරුවා ඒ කොටසේදී ග්‍රහණය කරගෙන තියෙනවා කියලා මට හිතෙනවා.

    කතාවේ ඉතාමත් පුදුම සහගත තැන් කිහිපයක් අන්තර්ගත උනා.. ජිවිතයේ කිසිම දවසක හොද කරන්න බැරි ලෙඩුන් එක මොහොතක් මනෝවෛද්‍ය වරයා සමග කතා කිරිමෙදී ඔවුන් සුවපත් වෙනවා.එයා පුදුම සහගත කරුණක්.එය සාමාන්‍ය තත්වයක් යටතේ සිදු විය නොහැකියි.එත් එතනදී ඔවුන්ගේ වෙනසක් සිදු වන්නේ මනසේ.එවිට මනස කෙතරම් මිනිස් ශරීරයේ පැවත්මට බලපානවාද? එය ප්‍රායෝගීක ආකාරයෙන් නිර්මාණය  තුලින් අපට පෙන්වලා දීලා තියෙනවා.

    අපගේ මනසේ අප ජිවිතයේ කරපු කියපු දෙවල් තැන් පත් වෙලා තියෙනවා.එය විද්‍යාවට අනුවම පිලිගන්න දෙයක් නමුත් අපි ඒ සියල්ල යම් තාක් දුරට අමතක වී ඇති ලෙස සලකා කටයුතු කරනවා.එහීදී අපට සිදු වන බලපෑම් නිසා ඒ මතකයන් අලුත් විමට හැකියාව තියෙනවා.ඒ බලපෑම් කොයි වගේ ද? එක මොහනයක ද? නැති නම් අදුරු ආත්මයක බලපෑමක් ද?

    තවත් අවස්තාවකදී සෙල්වම් අදුරු ආත්මයන් පළවා හරින්න කාමරයකට යනවා.නමුත් පුදුම දනවන කරුන නම් මිට කලින් කිසිම කෙනෙක් ඒ කාමරයට ගිහින් නැවත එලියට නොපෙනීමයි.එතකොට සෙල්වම්ටත් අදුරු ආත්ම කරදර කරනවා.එහිදී ඔහු සියල්ල දමනය කරනවා.එයට ඔහු යොදා ගත් ගුප්ත සාස්තරය හරිනම් එයා කෙසේ විද්‍යාව බැහැර කර යුතු වෙනවා ද?.. නමුත් මෙහිදී සෙල්වම් හට බිය ඇති නොවන්නේ අන්ධ නිසානම්, ඇත්තටම ඇස් පෙනෙන අයට බිය ඇති උනේ හොල්මන් දැකපු නිසාද ? නැ  එකට හෙතුව අපගේ මනසමයි නේද ? අන්න ඔය වගේ පොයින්ට් යොදා ගෙම මේ නිර්මාණ කරුවා අපගේ මනසේ හැසිරිම අපට විස්තර කරලා දෙනවා.

    අනිත් කාරනය මනෝවෛද්‍ය වරයාගේ මොහන කීයාවලිය.ඔහු තම මිතුරන්ව පවා මොහනය කර අවශ්‍ය දෙවල් කර ගන්නවා.එතකොට නිවරදී ආකාරයෙන් අපට පැහැදිලි වෙන්නේ.මනස කෙනෙක් දියුණු කරොත් නොදියුණු කෙනෙක්ව පගලා දාලා යටපත් කර ගන්න පුළුවන් කියන කාරණය නේද ? එසේනම් කෙනෙක් මනසින් දියුණු වෙන්නත් කෙනෙක් නොදියුණු වෙන්නත් හෙතුව තමාම නේද කියලා මේ නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරනවා කියලා මට හිතෙනවා.

    සෙල්වම්ගේ මරණය ගැන කතාකරොත් ඔහු යහපත් කළ දසාවක් ගෙන ගිය කෙනෙක්.අන්ද ලොකය එක්ක වැඩ කරලා ඒ තුලින් ඔහු ජිවිතය සාර්ථක කර ගත්තා නමුත් ඔහු මිනිසුන් අතින් මිය යනවා.එහීදී නිර්මාණය  කරුවා අපට ටොක්කක් අනිනවා කියලා මට හිතෙනවා.සැබෑ  ලෙසම නරක ආත්ම වලට වාඩා මිනිසා බයානකයි කියන අදහස ඔහු ලබා දීලා තියෙනවා.

    ඒ සමගම මෙතෙක් වෙලා ප්‍රශ්න ගොඩක් එක්ක බලපු කතාවට යම් තෙරුම් ගැනීමේ කොනයක් එකතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා. එතනින් පසු සෙල්වම්ගේ ආත්මය දුරකතනයක් සමග ඔහුගේ ගුරුවරයා හා සම්බන්ධ වෙනවා.එය සාමාන්‍ය මනසකින් සිතුවහොත් එය විහිලුවක් පමනක් වෙයි කියලා මට හිතෙනවා.නමුත් එය යම් තර්කයක් එක්ක හිතුවොත් එය පහදා ගැනීමට  හැකියාව ලැබෙනවා.

    පොල් අත්තක් ගිණි තියලා අපි ඒ ගිණි තියන්න කලින් ගත්ත ද්‍රව්‍ය දෙක වෙන් කර ගත්තොත් පොල් අතු තියෙනවා ගින්දර තියෙනවා.එතකොට පොල් අත්ත ආයේ බෙදුවොත් අපිට හම්බෙන්නේ පොල් කුරු මෙහෙම බෙදාගෙන ගියොත් අන්තිමේ අපට ඉතිරි වෙන්නේ කුඩා සංශූ කිහිපයක් විතරයි.මෙතනදී සිද්ද වෙන්නෙත් ඒ දෙම නේද ? සෙල්වම්ගේ ශරීරය එක්ක තිබ්බ විංඤානය ගැලවිලා යනවා.ඔය කීව විංඤානය කොටස් වලට වෙදාගෙන යන්න පුළුවන්.ඉතින් එහෙනම් ඒ තුල අරමුණ  තැන්පත් වෙලා තිබ්බානම් ඒ තුලින් ඔහුට හැකි වෙනවා නැවත් ලොකයකට පිවිසිමට අවස්තාවක් හදා ගන්න.ඒ වගේ සංසිද්දියක් තමයි නිර්මාණය කරුවා මෙතනදී යොදාගෙන තියෙන්නේ..

    ඉතාමත් ත්‍රාසය හා කුතුහලය පිරිණු සිනමා සිතමක් විදියට තමයි මේ චිත්‍රපටය අපට හදුන්වලා දෙන්න පුළුවන් වෙනවා.සිත හා අපට නොපෙනෙන ලොකය අතර තියෙන සම්බන්දතාවයක් මානුෂික ගුණාංගත් එක්ක එකතු කරලා ලස්සනට හදපු නිර්මාණයක් විදියට තමයි මම මේ නිර්මාණය දකින්නේ.

    චිත්‍රපටය පුරාවටම පුද්ගලයින් හතර දෙනෙක්ගේ කතා හතරක් ගලා යන අතර ඒ සියල්ල එක නූලකින් සම්බන්ද කරලා තියෙනවා. අර්ජුන් දාස් සිය චරිතය ඉතාමත් හොදින් ඉටුකරලා තියෙනවා කීවොත් මම නිවරදියි.ඔහුගේ චරිතය තුලින් මිනිසුන්ගේ හැගීම් මට්ටම් කිහිපයක් ගැන කතා වෙනවා.තරහා බය හා කුතුහල යන සියල්ල එක් එක අවස්තානුරූපි විදියට ගලාගෙන ගනවා.

    චිත්‍රපටය වී.විග්නරාජන් විසින් අධ්‍යක්ෂණය කරන අතර රංගනයෙන් අරජුන් දාස් පුජා රාමචන්ද්‍රන් යන අය දායක වෙනවා.ඉතාමත් සංකීර්ණ තත්වයන්ට ගැලපෙන ගීත කිහිපයක්ම ඇතුලත් වෙන මෙම සිනමා මිනිත්තු 171 පුරාවට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.චිත්‍රපටය 2020 නොවැම්බර් 24 නිකුත් උනා.


    0 comments

  • Unai Ninaithu

    Unai Ninaithu 2002


    ගූගල් පරීශිලක දර්ශකය 92%




    හදවත ,
    නුඹ මතකයන් එකතු කරන්න කියලා දුන්නා.
    එත් ඇයි නුඹ ඒ මතකයන් නැති දා සැනසෙන්න කියා නොදුන්නේ.


    සිනමාවකට පුළුවන් ද , මිනිසෙක් මෙතරම් සංවේදී කරන්න.එය සැබෑ  ලෙසම අපූරුයි  කියලා කියන්න පුළුවන්. අපි හැමොම ජීවිතේ ආදරය කරනවා.එයා වෙනුවෙන් මේ ලොකේ ඕනම දෙයක් දාලා එන්න උනත් ආදරය කරනකොට දියුරුම් දෙනවා.ඒ දුන්න සහතිකයන් සමහරු වචනයක් විතරක් කර ගන්නකොට තවත් අය මුලු ජීවිතෙම කර ගන්නවා. තමන් දවසක් හරී ආදරය කරපු කෙනා සතුටින් ඉන්න ඔනා කියලා හිතනකොට ඒ සතුට වෙනුවෙන් නිහඩ කැප කීරිම් කරනවා. ආදරයනම් පුදුමයි. මේ මොහොතේ මට මතකයට එනවා විශාරද නන්දා මාලනියන් ගායනා කරන ගීයක පද කොටසක් 

    ප්‍රේමයනම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි 
    පාරිශුද්ධයි 

    සූර්‍යා චෙන්නායි වල ලැගුම්හලක පිළිගැනීමේ නිළදාරියෙක් විදියට තමයි මේ කතාවෙදී සේවය කරන්නේ.එයත් එයාගේ හොදම යාලුවා වන ගෝපිත් එකතු වෙලා තමයි මේ ලැගුම්  හළ පිලිවලට කළමනාකරණය කරගෙන යන්නේ.මේ ලැගුම්හල සූර්‍යාගේ පියාගේ උනත් සල්ලී ප්‍රශ්න නිසා ඔහුට එය බදු දිමට සිදු විම කණගාටුවට කරුණකී.මේ අතර ලැගුම්හල බලා ගන්න අලුතින් කළමනාකරණ නිළදාරියෙක්  පැමිනෙන අතර ඔහු අසල නිවසක් ජිවත් වීමට තීරණය කරනවා. ඔහුට ඉතා සුන්දර රූ සපුවක් තියෙන දූ කුමරියක් ඉන්නා අතර ඇය නමින් රාධාය. රාධා මුළදී දරදඬු කෙනෙක් උනත් සූර්‍යාගේ හොද ගතිගුණ නිසා රාධා සූර්‍යාට ආකර්ෂණය වෙනවා. ඉන් අනතුරුව ලස්සන අතීත කතාවක් එක්ක චිත්‍රපටය ගලාගෙන යයි.

    චිත්‍රපටයේ ආදර ත්‍රීකොනයක් විදියට තමයි ගලාගෙන යන්නේ. ආදරය කරනකොට ගොඩක් කෙල්ලෝ බලන දෙයක් තමයි කොල්ලාගේ තත්වය එත් තත්වය මත ආදරය කරන්න පටන් ගත්තොත් ඒ ආදරයට තියෙන ආයුශ අඩුබව නිර්මාණ කරුවා ඉතා අලංකාර ලෙස අපට ඉදිරිපත් කරලා තියෙනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ විවාහ සදහා තීරණය ගන්නේ දෙමාපියන්ය. ඔවුන් සැම විටම සිතන්නේ දරුවන් හොදින් ඉන්න ඔනා කියලා එත් ඒ ගන්න තීරන 100% නිවරදී නොවන බවට නිර්මාණ කරුවා නිර්මාණය තුළින් අපට පෙනවා දෙනවා.

    චිත්‍රපටයේ කතාව දුක හා සතුට අතර දොළනය වන ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැගීම් බෙදා වෙන් කිරිම නිසා බලන ඕනම කෙනෙක්ට සතුටු වෙන්න වගේම හැගීම් බර වෙන්නත් අවස්තාව උදාකරලා දිලා තියෙනවා.රාධාගේ ආරම්භක දර්ශනය ඉතාමත් විශිෂ්ඨ ලෙස නිර්මාණය කරලා තියෙනවා.ඇය ගොලු කෙනෙක් ලෙස සිතන ගොපි ඇයට විහිළු තහලු කරන නිසා එය හාස්‍යජනක සිදුවිමක් ලෙස අපට නිර්මාණ කරුවා පෙනවා දෙනවා. සූර්‍යාගේ චරිතයේ හැගිම් ඉදිරිපත් කිරිම ඉතාමත් තීව්‍රර ලෙස ඉදිරිපත් කරීම චිත්‍රපටයට නැවුම් බවක් එකතු කිරිමට සමත් වී තියෙනවා.

    ලයිලා ඉතාමත් සංවේදී අයෙක් කියලා ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.ඇය දෙමාපියන්ගේ කීමට සූර්‍යා ප්‍රතික්ෂේප කරනකොට ඔයාට ලොකු දුකකුත් නැවත් දෙමාපියන් නිසාම ඔහුව ඉල්ලනකොට ඔයාලට කෙන්තියෙකුත් එන විදියට තමයි ඇගේ චරිතයෙන් පෙන්නුම් කරන්නේ. මේ කතාවේ තලෙයි වාසල් ලයිලාගේ තාත්තාගේ චරිතයට පණ පොවයි. සියලු දේ නැති විට උදවුවට එන සූර්‍යාව බැණා විදියට පිලිගන්න අවස්තාව  පුදුම සහගත බව නරඹන ඔබට තෙරුම් යාවී. එය ඔහුගේ අසරණ කම කියලා හිතන්න කෙනෙක්ට පුළුවන්.ජීවිතයේ හැමදෙම නැති වෙනකොට තියෙන එකම අවස්තාවේ දරුවන්ගේ අනාගතේ යහපත් කරන්න ඔහු ගන්න උත්සහය කපටි උවත් බුද්දිමත් කියලා හිතන්න පුළුවන්. සූර්‍යාට වඩා පොහොසත් කෙනෙක් ලගදී ආදරය  වෙනුවට දුවගේ අනාගතේ ගැන ඔහු සිතන අතර එන නරඹන ඔබට තරහව ගෙන දෙන කරුනක් වෙනවාට සැක නැත.

    චිත්‍රපටයේ ගීත දෙකක් නිසා අපට නිතර අසන ගීත මතක් වීම චිත්‍රපටය  අපට තවත් හොදින් සමීප කරනවා. ඉන් එක් ගීතයක් වන්නේ " යාර් ඉන්දා දේවතායී " මේ ගීතය අහනකොට ඔයාලට ලස්සන සිංහල සිංදුවක් මතක් වෙනවා.

    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
    ඔය දෑස දුටුදා... සිත මාගේ බැදුනා..
    පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරු ලෙසේ
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ

    මගෙ පා..ලු මැදුරේ පහනක් විලාසේ
    ඔබ එ්විදෝ......මා.. සනසාවිදෝ...
    මගෙ පා..ලු මැදුරේ පහනක් විලාසේ
    ඔබ එ්විදෝ....... මා... සනසාවිදෝ....
    සුදු සේල දවටා අතැගිලි බැදි...
    ඔබ තුරුලේ... හොවා මා කැදවා යමි...
    මගේ දැස වාගෙ සසර පුරා රකිමි සදා කල්
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ

    මනමාල යහනේ මනමාල කම් පෑ
    දුටු මාගෙ සිහිනේ බොදවි ගියා
    මනමාල යහනේ මනමාල කම් පෑ
    දුටු මාගෙ සිහිනේ බොදවි ගියා
    මට අදහන්න බෑ සිත පිලිගන්නෙ නෑ
    අද මාගේ නොවේ ඔබ අන්සතු කියා..
    මතු බවයේදි මගෙ වෙන්න පතමී රෑ දිවා

    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
    ඔය දෑස දුටුදා... සිත මාගේ බැදුනා..
    පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරු ලෙසේ
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
    සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ

    චිත්‍රපටයේ සැබෑ  අර්තය කතා කරන්නේ රාධා මගින්ය. ඇය සැබෑ  ලෙසම සූර්‍යාට ගරු කරයි එය නිර්මාණ කරුවා එතා දක්ෂ ලෙස සියුම්  තැන් උපයොගී කරගෙන අපට පෙන්වාදෙයි. සූර්‍යාට අලුත් අවුරුද්ද සමරන්න මුදල් නැති අවස්තාවේ ගෙදර  කැසට් එක විකුනා රාධා මුදල් ගෙනත් දීම සැබෑ  ලෙසම ඇය ඔහුට ඇති ආදරය කියා පායි. ආදරයෙදී සැම විටම එකීනෙකාට ගරු කළයුතු බව සැබෑය. එය නැති  තැන  ආදරය පවතින්නේ නැත. තමා ආදරය කරන කෙනා මොන මට්ටමේ සිටියත් ඔහුට ගරු කිරිම හා ඔහු හෝ ඇයව පහත් නොකිරිම කළ යුතුය එය මනා ලෙස නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි. 

    ලයිලා හට ඉගෙන ගැනීමට  උදවු කරන විට දී සූර්‍යා හට බැන වැදිමට හෝ දොස් පැවරීමට රාධා යන්නේ නැත. එය සැබෑ  ලෙසම ආදරයේ විශ්වාසයි. චිත්‍රපටය  සමස්තයක් ලෙස ලැගුම්හල  වටා ගමන් කරන අතර දර්ශන  තළ එයට පමනක් සීම නොවිමට නිශ්පාදකයා වග බලාගෙන ඇත.ගීත වලදී දේවාල හා ආගමික තැන් පෙන්වීම තුලින් ඔහු නිතරම් ආදරය  ඇති පිරිසිදු කම විදහා පායි.එය නරඹන අයටද නැවුම් වු වෙනසක් කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ ආදරණීය දර්ශන මුහුද මෙන්ම ස්භාවික පරිසරය සමග එකතුව සිදු කිරිම නිසා එම දර්ශන වලින් නිර්මාණ කරුවා ඉදිරිපත් කරන්න යන දේ මනා කොට හදවතට සංවේදී කරවනවා.

    චිත්‍රපටයේ අලංකාරවත් දෙවන ගීතය වෙන " එන්නයි තල්ට්ටම් " මගින් ලස්සන සිංහල ගීතයක් මතකයට නැගේ.

    ආ.. ආ.. ආ..
    ආආ.. ආආ.. ආආ..
    ම්.. ම්.. ම්..

    අම්මා කියලා බහ තෝරනා

    වයසේ ඉඳලා නැතිවම බැරි උනා
    ගන්නා හුස්මන් පවා.. නැලවිලි ගීයක් උනා..
    මගහැරුණා ද අම්මාව පෙම් කරන දා..
    මා පෙම් කරන දා..
    අම්මා කියලා බහ තෝරනා
    වයසේ ඉඳලා නැතිවම බැරි උනා

    හුමාලෙට පවා මේ ඔබ පෙම් කලානේ

    මහමෙර තරමට දරු දුක දරා
    ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ
    මා වෙනුවෙන් නැත තවෙකෙක් බලා
    අනුකම්පා කරලා. දෙන්න පුතාට සමා..
    වෙනසක් නොකරමි මා.. මගේ අම්මට සසර පුරා..
    අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා..
    මට නෑ හමුවෙලා..

    අම්මා කියලා බහ තෝරනා

    වයසේ ඉඳලා නැතිවම බැරි උනා

    මමමයි හිතින් මේ අවනඩු අහන්නේ

    ඔබෙ තැනට කවුරුත්ම නෑ සමවෙලා
    ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
    හැම භවයේ එනු මාගේ අම්මා වෙලා
    අනුකම්පා කරලා. දෙන්න පුතාට සමා..
    වෙනසක් නොකරමි මා.. මගේ අම්මට සසර පුරා..
    අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා..
    මට නෑ හමුවෙලා..

    අම්මා කියලා බහ තෝරනා

    වයසේ ඉඳලා නැතිවම බැරි උනා
    ගන්නා හුස්මන් පවා.. නැලවිලි ගීයක් උනා..
    මගහැරුණා ද අම්මාව පෙම් කරන දා..
    මා පෙම් කරන දා..
    අම්මා කියලා බහ තෝරනා
    වයසේ ඉඳලා නැතිවම බැරි උනා..

    මේ චිත්‍රපටයට සංගීතය සපයන ලද්දේ සර්පීන් විසින් වන අතර 2002 වසරේ තමිල්නාඩු රජයෙන් දෙන හොදම සංගීත අධ්‍යක්ෂණ සම්මානය දිනා ගැනීමත්  විශේෂ කරුණකී.චිත්‍රපටයේ ගීත ගීත 08 අඩංගු වන අතර ගීත සියල්ලම ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර තිබිම සතුටට කරුණකී.

    මිට අමතරව චිත්‍රපටය සදහා එම වසරේ සම්මාන කිහිපයක්ම හිමී වී ඇත. 

    2002 දකුණු ඉංදියානු ෆිලිම් ෆෙයාර් සම්මාන උළලේ හොදම සහය නිලිය සදහා සම්මානය ස්නේහා දිනා ගත්තේය.

    2002 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන උලලේදී 

    හොදම චිත්‍රපටය , හොදම නිළිය (ස්නේහා), හොදම ගීත රචකයා (රවිශංකර්), හොදම පිරිමි පසුබිම් සදහා (යුනිමේනන්) යන අය සම්මාන දිනා ගැනීම මගින් චිත්‍රපටය ඉතා සාර්ථක වී ඇති බව පෙනී යයි.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ වික්‍රමාන් විසින් වන අතර මෙහි ප්‍රදාන චරිත නිරූපණය කරන්නේ සූර්‍යා , ලයිලා, හා ස්නේහාය.මිනිත්තු 136 පුරාවට දාවනය වන මෙම චිත්‍රපටය  බොක්ස් ඔෆ්ස් වාර්තා පවා පිහිටු විමට සමත් වෙලා තියෙනවා.  මේ චිත්‍රපටය වෙනත් භාෂා කිහිපයකින් ද නැවත ප්‍රති නිර්මාණය කළ අතර ඒ අනුව තෙලෙගූ භාෂාවෙන් චෙප්පව් විරුගාලි, කන්නඩ භාෂාවෙන් ක්‍රිෂ්ණා ලෙසද නිර්මාණය කරලා තියෙනවා. එමෙන්ම හින්දි භාෂාවෙන්ද නිර්මාණය කරීම විශේෂත්වයකී.

    මෙම චිත්‍රපටයේ විශේෂ  අලංකාර වචනයක් අන්තර්ගත වන අතර එය සිනමා විචාරකයන්ගේ පවා ප්‍රසංසාවට බාජනය විය. සුර්‍යාගේ ජීවිතයට පැමිනෙන රාධා  කතාව අසා අවසානයේ ලයිලා වෙනුවෙන් ඔන දෙයක් කිරිමට සූදානම් බව තෙරුම් ගන්නා  අතර එයට හෙතුව අසන විට සූර්‍යා ලබා දෙන පිලිතුර වන්නේ " මම වරක් ඇයට ආදරය කලෙමී" ලෙසය.

    ආදරය යන අකුරු හතර ජීවිත  ජිවත් කරවන්නත් වෙනස් කරවන්නත් පුළුවන් කියලා ඔයාලට මේ චිත්‍රපටය බලපුවාම තෙරුම් යයි. 

    චිත්‍රපටයේ ගූගල් පරීශිලක දර්ශකය 92% ලබාගෙන ඇත 


    0 comments

  • Anjaan

    Anjaan 2014


    ගූගල් පරීශිලක දර්ශකය 87%


    IMDB 5/10



    හතුරන් ලගවත්
    දොහින් ඉන්න හොද නැ 


    හොද යාලුවෙක් නැති ජීවිතය ශාක්ෂියක් නැති මරණය වගේ.


    අපේ ජීවිතයේ අපි හැමොටම හොද යාලුවෙක් ඉන්නවා කියලා මම දන්නවා. සමහර විට ඔයාගේ අම්මා තාත්තාට වඩා ඔයා ගැන දන්නේ ඒ යාලුවා වෙන්න පුළුවන්. අපි ජීවිතේ කරන හොර වැඩ ඔක්කම දන්නේ ඒ යාලුවා. ජීවිතේ උඹ වැටුණු දවසට උබට නැගීටින්න හයිය දෙන්නේ උබේ යාලුවා. සමහර විට ඔයාගේ හොදම යාලුවා පාසල් යන කාලේ ඉදන් ඉන්න ඇති කොහොම උනත් ජීවිතය හොද යාලුවෙක් කියන්නේ ආභරණයක් වගේ. ඔයාට හිතෙනවා ඇති මම ඇයි අද මේ යාලුවෝ ගැන කතා කරන්නේ කියලා.එකට ලොකු හෙතුවක් තියෙනවා.මොකද අද මම කතා කරන චිත්‍රපටයට කාතා තෙමාව වෙන්නේ හොදම යාලුවා හා යාලුවෝ නමින් ඉන්න හතුරන්  ගැන. මට මේ කතාව කියනකොට ලස්සන ගීතයක් මතක් උනා. ඒ ගිතය එක්ක අපි අද කතාව බලමු.

    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනිදැල් නොවෙමු

    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    නපුරු හීනය නොවෙමු

    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන
    සබඳ අපි කඳු නොවෙමු

    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    මේ කතාව පටන් ගන්නේ  ක්‍රිෂ්ණා තමාගේ සහොදරයාව හොයන්න මුම්බායි නගරයට එමත් සමගය. තමාගේ සහොදරයා ඉන්නේ කොහෙද කියලා හොයන්න හිතවතුන්ගෙන් පවා උදවු උපකාරය ඉල්ලා ගන්න  ක්‍රිෂ්ණාට සිද්ද වෙනවා. නමුත්  වැඩ් කාලයක් ගතවෙන්න කලින් මේ ක්‍රිෂ්ණා කියන්නේ රාජු බායි ගේ සහොදරයා නෙවෙයි කියලා දැන ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ ක්‍රියාදාම චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය ගලාගෙන යනවා.

    චිත්‍රපටය ආරම්භය ගන්නේ කොමඩි නලුවෙක් වෙන සූරීගෙන් එය ඉතාමත් අපූරුයි චිත්‍රපටය ආරම්භයේදිම නරඹන්නාගේ මනස සතුටින් පුරවන්න නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා කිවොත් මම නිවරදී කියලා හිතනවා. ඒ සමගම කතාවට ක්‍රිෂ්ණා  එකතු වෙනවා.ක්‍රිෂ්ණාගේ දේහ ලක්ෂණ ගැන කතා කළ යුතු වෙනවා. ඔහු එක් කකුළක් ආභාද කෙනෙක් , ඒ වගෙම කන්නාඩි දෙකක් පළදින පිලිවලට අදින කෙනෙක් විදියට තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. තවද වම් අතේ බැග් එකක් තියාගෙන ඉන්න නිසා සැබෑ  ලෙසම අසරණ කෙනෙක් කියලා නිර්මාණ කරුවා පෙන්වා දී තිබෙනවා. එය ඉතාමත් ප්‍රායෝගීක  ආකාරයෙන් නිර්මාණය කිරිම තුළින් රාජු බායිගේ මල්ලී දුර්වල කෙනෙක් කියලා ආරම්භයෙදී නරඹන ඔනාම කෙනෙක්ට තෙරුම් යනවා. නමුත් ඔහුගේ හැසීරීම් දිහා බලපුවාම තෙරෙන්නේ ඔහු ඉතාමත් උපායශීලි අයෙක් කියලයි.

    එක් අවස්තාවකදී කුඩා දරුවෙක් ඔහුගේ දකුණු අතේ තිබුන බැග් එක අරන් දුවනවා.එය නරඹන කෙනෙක්ට සරළ දෙයක් විදියට පෙනුනත් එයින් ක්‍රිෂ්ණා කෙතරම් ශාරීරීකව දුර්වල කෙනෙක් ද කියලා නිර්මාණ කරුවා තව දුරටත් අපට පෙන්වා දෙනවා. ඒ විනාඩි කිහිපය මන්දගාමී උනත් චිත්‍රපටය ට හොද ආරම්භයක් අරන් දීලා තියෙනවා.ඒ සමගම කතාවේ ප්‍රදාන වීරයා රාජු බායි හදුන් වා දෙනවා.එය නිර්මාණ කරුවා ගීතයක් සමගම සිදු කිරිම මගින් චිත්‍රපටය  නරඹන්නාට එන ගැම්ම ලබා දී තිබෙනවා. රාජුබායිගේ දේහ ලක්ෂණ  ගැන කතා කළ යුතු වෙනවා.වම් කනේ කරාඹුවක් දාපු මෙන්ම කොන්ඩේ හැඩට කපපු කෙනෙක් තවද දිග මාලයක් හා කට ඇතුලේ තුට් පික් එකක් රදවා ගත් අයෙක් විදියට තමයි අපිට දැක ගැනීමට  හැකි වෙන්නේ. ඒ සමගම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය සමන්තාව කතාවට එකතු කරන අතර චිත්‍රපටය  එතන් සිට ආදරය කතාවක් විදියට ගලාගෙන යයි.  

    සැබෑ  ලෙසම මැරයෙක්ට ආදරය කිරිම සාමාන්‍ය දෙයක් නොවේ.ඔහුගේ චරිතය හොද හෝ නරක විමට ඇති අවස්තාව  වැඩිය ඒ කිසිවක් ගැන නොහිතා සමන්තා ඔහුට ආදරය කිරිම කතාවට අලංකාරයක් ගෙන දෙනවා.එමෙන්ම ඇය පොලිස් නිලදාරීයෙක්ගේ දුවෙක් වීම නිසා වෙනත් පණිවිඩයක් දිමටත් නිර්මාණ කරුවා උනන්දු වී තියෙනවා කිවොත් මම හරී කියලා හිතෙනවා. චිත්‍රපටය පළවෙනි  පැයකට ආසන්න කාලයක් සමන්තාගේ කොමල රංගනය සමග ආදරණීය විදියට ගලාගෙන යයි. චිත්‍රපටය  සැබෑ  ලෙසම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.එය හැගවිමට නිර්මාණ කරුවා ඉතා හොද උපක්‍රමයක් ලෙස කොකෙක් මාලුවෙක් අල්ලා ගන්නා දර්ශනයක් පෙන්විම් සිදු කරනවා.එය නරඹන කෙනෙක් හට එතරම් දෙයක් නොවුවත් එයීන් චිත්‍රපටයට දෙන පණිවිඩය ඉතාමත් අනර්ගයි කියලා කියන්න පුළුවන්.

    එතන් පටන් රාජුබායිගේ හොදම යාලුවා මිය යනකන් චිත්‍රපටය ක්‍රියාදාම හා ආදරය මිතුරු කම එකතු කරගෙන ගලාගෙන යනවා. චිත්‍රපටය පළවෙනි භාගය එලෙස ගත වෙනවා. චිත්‍රපටයෙ දෙවන භාගය ආරම්භ වෙන්නේ ක්‍රිෂ්ණාගෙන් එතනින් අනතුරුව ක්‍රිෂ්ණා තම නුවන හසුරුවමින් හතුරන් පරාජය කරන ආකාරය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙනවා.එතනින් පසු කතාවේ අවසානය දක්වා සමන්තාගේ දෙබස් ඇතුලත් උවත් එය සැලකිය යුතු කාලයක් පවතින්නේ නැ    එය මගහරවා ගැනීම සදහා නිර්මාණ කරුවා සමන්තාගේ රංගනයෙන් යෙදෙන ගීත ඇතුලත් කර තිබෙනවා.එය ඉතාමත් අපූරු සංකලනයක් කියලා කියන්න පුළුවන්.

    මේ කතාවේ රාජුබායිගේ හොදම යාලුවා ඒ කියන්නේ චන්දු බායි විදියට රංගනයෙන් දායක වෙන්නේ Vidyut Jammwal  වන අතර ඔහු බොහො විට රංගනයෙන් දායක වී ඇත්තේ හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටය  තුළ ඔහුගේ සටන් විලාශයන් ඉතා තීව්‍රර ලෙස පෙන්නුම් කරනවා. චන්දු බායි සටනට ඉතා දක්ෂ කෙනෙක් ලෙස නිර්මාණ කරුවා පෙනවා දිමට යොදා ගන්නවු උපක්‍රමය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු වෙනවා.ඒ කාසියක් කරකවා එය බිම වැටෙන්න පෙර සියලු හතුරන් විනාශ කිරිමයි. එතරම් ශක්තිමත් කෙනෙක් උවත් විනාශ කිරිමට යාලුවාගේ ද්‍රොහී කමට පුළුවන් බව නිර්මාණ කරුවා පුන පුනා චිත්‍රපටය තුලින් අපට පෙනවා දෙනවා.චිත්‍රපටයේ මුල් භාගයේ මෙන්ම අවසන් භාගයේදිද චන්දු බායිගේ රංගනයන් අපිට දැක ගැනීමට  හැකි වෙනවා.ඒ මගින් ඔහු කෙරෙයි රාජු බායිගේ ඇති පක්ෂපාතිත්වය තවත් හොදින් පෙන්නුම් කරනවා.

    ඒ වගෙම මේ චිත්‍රපටය විවිද කොන ඔස්සේ ගමන් කරන නිසා ඔයාලට කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් වෙනවා.චිත්‍රපටය  තමාගේ ජීවිතයට වඩා යාලුවා වටිනවා කියලා ඔප්පු කරන්න ගත්ත උත්සහයක් කීවොත් මම නිවරදී කියලා හිතනවා.ඇත්තටම් එය ඉතාමත් සාර්ථක විදියට සිදු කරලා තියෙනවා. චිත්‍රපටය  සැම විටම ගමන් කරන්නේ හොඩුවාවන් සමගය. එක හොඩුවාක් සොයා ගත් පසු තව හොඩුවාවක් හම්බෙන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.චිත්‍රපටයේ අවසානය දක්වාම ක්‍රියාදාම එලෙසම පවත්වා ගැනීම සදහා නිර්මාණ කරුවා උපායක් ලෙස පළමු භාගය දෙවන භාගයට පුරෝකතනය විදියට ඉදිරිපත් කරළා තියෙනවා. 

    චිත්‍රපටය එන් ලින්ගුසාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ප්‍රදාන චරිත ලෙස රංගනයෙන් දායක වෙන්නේ සූර්‍යා සමන්තා හා Vidyut Jammwal වේ. ඉට අමතර සෙසු චරිත අතරට මනොජ් හා Dalip Tahil එකතු වෙනවා. මේ චිත්‍රපටයේ රූ ගත කීරිම 2013 නොවැම්බර්  මාසයේ 20 වෙනි දින ආරම්භ උන අතර එය 2014 ජුනී මාසයේ නිම කරන්න හැකියාව ලැබිලා තියෙනවා.මෙම චිත්‍රපටය බෙදා හැරිම සිදු කරන ලද්දේ යූටිවි මොෂ්න් පික්චර් ආයතනයයි. මේ චිත්‍රපටය  2018 වසරේ කැප්ටන් කාන් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද අතර එය බංග්ලාදේශයේ නිල නොවන ලෙස තමයි සිදු කරලා තියෙන්නේ.

    චිත්‍රපටයේ රූගත කිරිම් වලද විශේෂතා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ සූර්‍යා හා මලවිකා එකතු වෙලා " Red Dagon 6K Digital camera " එකතු කරගෙන රූගත කිරිම් කරලා තියෙනවා.මේ කැමරාවකින් රූගත කරපු ලොකේ පළවෙනි චිත්‍රපටය මෙක කියලා කියන්න පුළුවන්. මෙම චිත්‍රපටය රූගත කිරිම් කරන අතර තුර සූර්‍යා අනතුරකට පවා ලක් වි තියෙනවා. ඒ අනතුරෙන් සූර්‍යාගේ කකුලේ කුඩා අස්ති බිදිමක්ද සිදු වෙලා තියෙනවා.චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත පහකින් වර්ණවත් වෙලා තියෙනවා.

    චිත්‍රපටය  මිනිත්තු 170 පුරාවට ඔයාලට රස විදින්න පුළුවන් චිත්‍රපටය තිරගත කරලා තියෙන්නේ 2014 අගොස්තු 14 වෙනිදා.ඒ වගෙම මේ චිත්‍රපටයට බොක්ස් ඔෆ්ස් ආදායම් වාර්තා තියන්න පවා හැකි වෙලා තියෙනවා. සූර්‍යාගේ ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය අපිට හදුන්වා දෙන්න පුළුවන් වෙනවා.


    0 comments

  • Soorarai Pottru

    Soorarai pottru 2020 


    ගූගල් පරීශිලක දර්ශකය 97%


    IMDB 9.4/10



    "කෙනෙක් දුප්පතව ඉපදෙනවානම් එක එයාගේ වරදක් නෙවෙයි. එත් දුප්පතව මිය යනවානම් එක එයාගේ වරදක්"


    අපි මේ හැමොම ජීවිතේ හීන දකිනවා.සමහර අය ඒ හීන තමන් වෙනුවෙන් දකිනකොට තවත් අය දකින්නේ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන්.හීන දකින්න ඕනම කෙනෙක්ට පුළුවන් උනත් එවා ජය ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සකට විතරයි.ඉතින් අද කතාවෙන් කතා කරන්නේ තමන්ගේ තාත්තා වෙනුවෙන්, තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හීන දකින කෙනක්  ගැනයි.

    නෙදුමාරන් රාජ්න්ගම් මදුරෙයි වල පුංචි ගමක ජිවත් වෙනවා. ඉතින් මේ නෙදුමාරන්  ගේ තාත්තා සාමාන්‍ය  ගමේ ගුරුවරයෙක් විදියට තමයි සේවය කරන්නේ.මේ නෙදුමාරන්ට ලොකු හීනයක් තියෙනවා. එයාට ඕන කරන්නේ අඩු වරප්‍රසාද තියන අයට අඩු වියදමකින් ගමන් කරන්න පුළුවන් ගුවන් සෙවක් ආරම්භ කරන්න.ඉතින් යාලුවනේ ඔයාලා දන්නවා නේ ඕනම දියුණු වෙන කෙනෙක් පිටිපස්සේ හතුරෙක් ඉන්නවා කියලා මේ කතාවෙත් ඉන්නවා.එයා තමයි පරේෂ් ගෝස්වාම්.මෙයා කොහොම හරී නෙදුමාරන්ගේ හීනය වලක්වන්න උත්සහ කරනවා. ඒ බාදක එක්ක නෙදුමාරන් තමන්ගේ හීනය කෙසේනම් ජය ගනීද කියලා ඔයාලාට මේ කතාව පුරාවට බලා ගන්න පුළුවන් වෙනවා.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ ගුවන් යානයක් පාලනයෙන් තොර විම නිසා හදිස්සි ගොඩ බැස්සවීමක් සමගය. එම දර්ශනය ඉතා විශිෂ්ඨ ලෙස නිර්මාණය කරලා තියෙනවා.ගුවන් යානය නියමුවන්ගේ හැසිරිම, මාරන්ගේ හැසිරිම ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.හදිස්සි ගොඩ බැස්ස වීම සිදු කරන්නේ හමුදා කදවුරක ගුවන් පතයකට වෙන නිසා. අනිවාර්යයෙන් හමුදාව ආරක්ෂක පියවර ගන්නවා කියලා ඔයාලා දන්නවා.ඒ  සියල්ල ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ සමගම කතාවේ වීරයා හදුන්වාදීම මගින් රසිකයාව චිත්‍රපටය තුලට අල්ලා ගැනීමට  සමත් වෙලා තියෙනවා. එම දර්ශනයේදී සූර්‍යාගේ වීරත්වය හා කැපවිම හොදින් පෙන්නුම් කරලා තියෙනවා.

    චිත්‍රපටයේ දෙවන දර්ශනය තුලින්ම ප්‍රදාන නිලිය හදුන්වා දී තියෙනවා. ඇය කොයි වගේ කෙනෙක් ද , ඇගේ වීරත්වය හා කෙලින් තීරණය  ගැනීමේ හැකියාව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.මේ සියල්ල සමග ගීතයක් එකතු කිරිම මගින් චිත්‍රපටයට අමතර ජවයක් ලබා දී තිබෙනවා.මේ කතාවේ ප්‍රදාන නිලිය තුලින් ළාමක කෙනෙක්  දකින්න හම්බෙන්නේ නැති නිසාම කතාවට එය මනා පිටුවහලක් වෙනවා.මම ඔයාලට කීවා ඒ සමග සිංදුවක්  තියෙනවා කියලා. ඒ සිංදුව සමග සූර්‍යා දක්වන නර්තනය එකතුව ගත්තාම ඔයාට මතක් වෙනවා දණුෂ් රංගනයෙන් දායක උන Anegan චිත්‍රපටය.එහී එක් සිංදුවකට දණුෂ් රංගනයෙන් යෙදෙන්නෙත් මේ ආකාරයටමයි. ඒ රංගනය ඉතාමත් අපූරු වන අතර ඉතාමත් ජව සම්පන්නයි කියලා කියන්න පුළුවන්.

    චිත්‍රපටයේ තුන්වන දර්ශන තුලින් ගොඩක් නිර්මාණ කරුවා කතා කරන්නේ මරන් ජිවත් වෙන දුප්පත් පරිසර, ඒ වගෙම පවුලේ අසරණකම් ගැන විම විශේෂ කරුණක් ලෙස මම දකිනවා.කෙනෙක්ගේ අසරණ කමක් ගැන කතා කරනකොට කෙනෙක්ගේ ඇසට කදුලක් එක්ක එන්නේ අනුකම්පාවක්.එත් නිර්මාණ කරුවා එසේ නොවන්නට ඉතාමත් හොදින් ගැලපීම් කරලා තියෙනවා.එක නිසා චිත්‍රපටය පටන් ගත්ත වෙලාවේ ඉදන් ආව ජවය ඒ විදියටම පවත්වාගන්න හැකියාව ලැබෙනවා.

    ඉලගට මාරන්ගේ කතාව දිව යන්නේ හමුදා කදවුරත් එක්ක වෙනවා.හමුදාවක තියෙන වගකීම,කැපකිරිම, සමග උත්සහ ගැන නිර්මාණ කරුවා පෙන්වා දිමට උත්සහගෙන තියෙනවා.හමුදා කදවුරේ ඇතුලද දර්ශන ඇතුලත් කර ඇති නිසා නරඹන ඔබට එය තවත් ලස්සන අත්දැකීම්ක් එකතු කරනාවාට සැකයක් නැ. ඇත්තටම් මේ කතාවේ අපර්ණා එන්නේ මාරන්ව කසාද  බදින්න.ඉතින් මොහු ඉතා ශක්තිමත් කෙනෙක් නිසා ඇයටද ඒ ශක්තිය තිබිය යුතුයි කියලා නිර්මාණ කරුවා නිතරම සිතා තියෙනවා.ඒ නිසා එක් සිංදුවක් තුලින් ඇගේ ශක්තිය පෙන්නුම් කරලා චිත්‍රපටයේ පළවෙනි පැය භාගය  තුලින් හොද ආරම්භයක් ලබා ගන්නවා.

    චිත්‍රපටයේ ඉන් අනතුරුව මාරන් තම උත්සහය වෙනුවෙන් ගන්නා ක්‍රියාකාරකම් ගැන කතා වෙනවා. සැබෑ  ලෙසම කුඩා කෙනෙක් ඉහල තැනකට යෑමේදී විදින්නට සිදුවෙන අපහසුතා, ඒ වගේ ගැරහීම්, දරා ගැනීම්, සියල්ල ගැනම නිර්මාණ කරුවා කතා වෙනවා.බොහො සාර්ථක වූ මිනිසුන් තවත් අයෙක්ට සාර්ථක විමට උදවු උපකාර කරන්නේ නැත.ඔවුන් ඉතා මාන්නයකින් සිටින බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.චිත්‍රපටයේ හරයට බලපාන පරේෂ් ගෝස්වාම්  කතාවට හදුන්වා දිමේදි නිර්මාණ කරුවා යොදා ගත් උපක්‍රමය මගින් ඔහුගේ ඇති මාන්නයත්, මාරන්ගේ ඇති නිහතමානීකමත් හොදින් පෙනවා දී තියෙනවා. " සැම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැණියක් සිටිනවා" මේ සිද්දාන්තය නිර්මාණ කරුවා මේ කතාවේදිත් උපයොගී කරගෙන තියෙනවා  ඒ අනුව දෙවන පැය භාගය වෙන විට ඔවුන්ගේ විවාහය පවා සිද්ද වෙනවා.චිත්‍රපටයේ මුලින් ආව ජවය මදක් අඩු කර, පොඩි කුතුහල ගතියක් එක්ක තමයි දෙවන අඩ හොරාව ගත වෙන්නේ, 

    ජිවතයේ අපි ආස හීන දකින්න අපිට අනිවාර්යයෙන් හෙතුවක් තියෙනවා. ඉතින් මේ කතාවේ මාරන් දකින හීනයට හෙතුව කතා කරනවා. ඒ අවස්තාව  ඉතාමත් සංවේදී විදියට තමයි නිර්මාණ කරුවා ඉදිරිපත් කරලා තියෙන්නේ.එය නරඹන ඕනම කෙනෙක් චිත්‍රපටය මොහොතකට නවතා කදුළු පිස දැමිමට පෙළබෙනවා.එය එතරම් සංවේදී කියලා කියන්න පුළුවන්.  චිත්‍රපටයේ මේ දක්වා නරඹන්නා තුළ තිබු ජවය නැති වි එය දුකක් බවට පත් වෙලා තියෙනවා.එය නැවත සුපුරුදු ජවයට ගැනීමට  නිර්මාණ කරුවා හොද උත්සහයක් අරන් තියෙනවා . කෙට් ජවය සහිත නැටුමක් එකතු කරලා චිත්‍රපටයට නැවත ජවය ලබා දීලා තියෙනවා. මේ කොටස් බලනකොට Anegan  චිත්‍රපටයේ කොටස් මාගේ මතකයට නැගෙනවා.

    මාරන් කියන්නේ පවුලක් බලාගෙන තම හීනයට යන කෙනෙක් එතකොට මේ හීනය දවසින් දෙකින් ඉටු කර ගන්න බැ.හීනය වෙනුවෙන්  හැම දෙම ආතාරීනත් බැ. ඒ සියල්ලම එක්ක ඉලගට නිර්මාණ කරුවා කතා කරන්නේ මාරන්ගේ  පවුල ගැන. සාමාන්‍ය සාර්ථකත්වයට යන ගමනකදී කාලය වෙන් කර පවුල ගැන පමණක් කතා කරොත් චිත්‍රපටයේ අනවශ්‍ය කාලය කා දැමිමක් වෙනවා.එක මග හරින්න නිර්මාණය කරුවා ලස්සන උපක්‍රමයක් යොදලා තියෙනවා.
    මාරන් තමන්ගේ හිනය වෙනුවෙන්  ගත් එක් උත්සහයක් සාර්ථක වෙනවා.නමුත් එහී ප්‍රතිඵලය ගන්න කලින් උත්සහය අසාර්ථක වෙනවා. ඒ එක්ක ඔහු මානසිකව  ඇද වැටීම, බලාපොරොත්තු සුන් විම සියල්ල සමග පවුලෙන් එන චොදනා ගැන කතා කරනවා. ඒ සමගම ඇගේ බිරිද ගැබ්ගෙම කියලා මාරන් දැන ගන්නවා. මේ සිදුවිම් ටිකේ නිර්මාණ කරුවා නරඹන අපගේ හැගීම් එක්ක ලස්සන සෙල්ලමක් කරලා තියෙනවා.මුලින්ම  වේදනාව ඉට පස්සේ තරහාව ,ආදරය එක්ක එන සෙනෙහස මේ සියල්ල ඉතා කෙටි කාලෙකින් අපට දිම මේ නිර්මාණය සාර්ථක විමට ගොඩක් බලපාලා තියෙනවා.

    මාරන්ගේ සියලු බලාපොරොත්තු බිදී ඇති අවස්තාවක් ඔහුට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන්නේ පුංචි කුරුල්ලෙක්.ඒ දර්ශන  ඉතාමත් සියුම් ලෙස නිර්මාණය කිරිම සදහා නිර්මාණය  කරුවා උත්සහගෙන තියෙනවා.ඒ අදහස මුලින්ම තමන්ගේ බිරිදට කීම මගින් ඔවුන් තුළ  එකිනෙකා කෙරෙහී ඇති පක්ෂපාතිත්වය  ගැන නිර්මාණ කරුවා කතා කරලා තියෙනවා.චිත්‍රපටය නරඹන ඔබව නැවත ආරම්භයේ තිබ්බ ජවය එකතු කරන්න ලස්සන  ගීතයක් එකතු කරලා තියන නිසා එතන් සිට දෙවන හොරාව අවසන් වෙන තුරු ඉතාමත් ජවයෙන් මේ චිත්‍රපටය බලන්න පුළුවන් වෙනවා.

    මේ හිනය ඇත්තටම කොච්චර වටිනවාද කියලා  නිර්මාණ කරුවා අවස්තා දෙකකදී මානුෂිය ආකාරයෙනුත් මූලමය ආකාරණයෙනුත් කතා කරලා තියෙනවා.එම නිසා චිත්‍රපටයට අමතර වටිනාකමක් ලබා දී තියෙනවා.එමෙන්ම අඩුවියදමකින් කරන නිසා මහජනයාගේ විශ්වාස කොයි මට්ටමකට තියෙන්න ඔනාද කියලා පවා නිර්මාණ කරුවා කතා කිරිම මේ කතාවට මහත් ආලොකයක් ලෙස කියන්න පුළුවන්.සමස්තයක්  විදියට ගත්තාම ඉතාමත් සංයමයකින් නිර්මාණය කරපු චිත්‍රපටයක් කිවොත් මම නිවරදී. චිත්‍රපටය පුරවට කිසිම කම්මැලිකමක් හෝ ඒකාකාරී බවක් අඩංගු නොවන නිසා එක දිගට නරඹන්න පුළුවන් වෙනවා.

    සූර්‍යාගෙ 24 චිත්‍රපටයෙන් පසු ඔහුගේ රංගනයන් හොදින් බලා ගැනීමට  මේ චිත්‍රපටය මගින් හැකියාව ලැබී  තියෙනවා.එමෙන්ම පියාගෙන් ලද ගුණ සමග ඔහු ඉතා හොද කෙනෙක් බවට නිර්මාණ කරුවා අපට පෙන්වා දෙනවා.
    මාරන් තාත්තා බලන්න එනකොට ගුවන් තොටුපලෙන් සල්ලී නැතිව ඉල්ලා ගන්නා ආකාරයත්, ඒ වගේම බිරිදගෙන් බැගපත් ලෙස සල්ලී ඉල්ලන ආකාරයත් ඉහත කී කාරනයට හොද උදාහරණයක් කියලා කියන්න පුළුවන්.

    ඒ වගේම මාරන් හා ඔහුගේ බිරිද අතර ඇති රාසායනික බැදිමත් ඉතාමත් අනර්ගයී කියලා කියන්න පුළුවන්.දෙදෙනාව දකින්නේ ඉහලට යෑම ගැන හින වෙයි.එමෙන්ම ඇය කිසි විටකත් තමන්ගේ සැමියා වන මාරන් ව අවතක්සේරුවට ලක් නොකිරිමට වග බලා ගනී. එක් අවස්තාවක සිදුවිමක් නිසා ඇය මෙසේ පවසයි" සැම විටම තම බිරිද බලාගත යුත්තේ පිරිමියාද? "මෙමගින් ඉහත කී දෙය ඔයාලට තවත් හොදට පැහැදිලි  වෙනවා. 

    චිත්‍රපටයේ තවත් තැනක අඩුවරප්පසාද ලත්  කුළයන් ගැන කතා කරනවා.එමගින් චිත්‍රපටයේ හැම පැත්තම ස්පර්ශ කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.මාරන් තමාගේ තාත්තාගෙන්  අඩුවරප්පසාද ගැන කතා කරන විට පෙත්සම් නිසා පියට බැන වදී. කතාව අවසන් වන විට පවා එම කොටස ආවර්ජනය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තියෙනවා.

    චිත්‍රපටයේ හතුරා ලෙස සිටින පරේෂ්ගේ චරිතය දකින විට මාගේ මතකයට එන්නේ බීගිල් චිත්‍රපටයේ හතුරාට සිටි ජැකී  වෙයි. ආරම්භයේ සිටම නිර්මාණ කරුවා අපට පෙන්වා දෙන්නේ දණපති පංතියේ අය හා එම නිළදාරිනී නිසා විශාල සිහින දකින අය තලා පෙලා දමන ආකාරයයි.නමුත් ඒ සියල්ල නුවනින් ඉවසාගත් විට සාර්ථක විය හැක බව නිර්මාණ කරුවා පෙනවා දී තියෙනවා.

    සූදා  කොන්ගරාගේ අධ්‍යක්ෂණය  යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය සදාහා ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නේ සූර්‍යා , පරේෂ් රාවල් හා මොහාන් බාබු යන අයයි. කතාව විජේ කුමාර් විසින් ලියන ලදී. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වෙලා තියෙනවා. ජී.ආර් ගෝපිනාත් ගේ  කතාවක් ඇසුරෙන් තමයි මෙක නිර්මාණය වෙලා තියෙන්නේ. චිත්‍රපටය 2019 අප්‍රේල් මාසයේ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර එය 2019 සැප්තැම්බර්  අවසන් වෙලා තියෙනවා.මදුරෙයි , චෙන්නායි හා චන්දිගාර් වල චිත්‍රපටය රූගත කරලා තියෙනවා. චිත්‍රපටය ගීත 09 යකින් අලංකාර වෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජී.වී. ප්‍රකාශ් කුමාර් විසින් වන අතර ගීත සියල්ල ඉතාමත් ජවයකින් යුක්ත වෙනවා.

    පවතින කොරොනා  රෝගී තත්වය නිසා චිත්‍රපටය  2020 නොවැම්බර්  11 දින ඇමසන් ප්‍රායිම් හරාහා විකාශනය කළා.ඉංදියාවේ මෙනම ලංකාවේ අයගෙද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක වන මේ චිත්‍රපටය ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.


    0 comments

  • Torchlight


    Torchlight 2018 


    ගූගල් පරීශිලක දර්ශකය 77%


    IMDB 5/10



    කෙනෙක් ගණිකා සේවය කරොත් ඇගේ ජිවිතය පමණක් නෙවෙයි ආත්මයම විනාශ වෙලා යනවා.


    මම ඔයාගෙන් අහනවා මේ ලොකේ සුන්දරම නිමවුම මොකක්ද කියලා.ඔයා එක එක දෙවල් කියයි.මම කියනවා මේ ලොකේ සුන්දරම නිමවුම තමයි කාන්තාව. ඇගේ කුස තමයි මේ ලොකේ තියෙන උණුසුම්ම තැන.ඇය නැත්නම් අද මේක ලියන මමවත් මෙක කියවන ඔබවත් නැ. කෙල්ලෙක්ට ආදරය දුන්නොත් එයා අපිට තව ජීවිතයක් දෙනවා.යශෝදරා වගේ මහා උත්තමියන් බිහිවෙන්නෙත් කාන්තාවක් නිසා.මේ ජීවිතයේ අපිට වැරදුන වෙලාවට අපි ලග හිටියේ අපේ අම්මා. ඇයත් කාන්තාවක්.ඔබට සමහර විට අම්මා නැතනම් හොද බිරිදක් ඇති ඇයත් කාන්තාවක්. එක්කො ඔබට හොද  නංගියක් ඇති ඇයත් කාන්තාවක්. පිරිම් අපි හරි ආත්මාර්ථය කාමියි කියලා මට හිතෙනවා.පුංචි දෙයක් වැරදුනොත් මුලු කාන්තාව පරපුරටම අපහාස කරනවා.එත් එක දෙයක් මේ ලොකේ හැම කාන්තාවම නරකයි නම් ඔයාට කොහෙන්ද ඔච්චර හොද අම්මා කෙනෙක් , කොහෙන්ද ඔච්චර හොද බිරිදක්. අද අපි කතා කරන්න යන කතාවට ආරම්භක් ගන්න හිතාගෙන තමයි මම මේ දෙවල් ඔයාට කිවේ.

    සාඩා කියන්නේ ඉතාමත් හොද ගති පැවතුම් තියෙන කාන්තාවක්. ඉතින්  ඇයට ගෙදරින් බල කිරිම නිසා ඇය අකමැති විවාහයක් කරගන්න සිද්ද වෙනවා.කොහොම හරී ඒ සියලු දේ විද දරාගන්නා සාඩා හොදින් පවුල් ජිවිතය ගත කරනවා. ඒ අතර තුර ඇගේ සැමියාට හදිස්සී කරදරයකට මුහුණ දිමට සිදු වෙනවා.සියල්ල සිදු උවත් ඇයට කළ හැකි කිසිවක් නොමැති  විට ඇය රිත්විකාගෙන් උදවු උපකාර බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් රිත්විකා සාඩා හට රැකියාවක් සොයා දෙනවා. ඇයට කරන්නට සිදුවන්නේ ගණිකාසේවයයි. ඇගේ ඉරනම මින් පසුව කෙසේ විසදෙයිද යන්න වටා මේ කතාව දිව යනවා.

    චිත්‍රපටයේ ආරම්භක දර්ශනයම ඉතාමත් අලංකාරයි.එය කෙතරම් අලංකාර ද කියනවානම් නරඹන ඔබව භීතියට පත් කරනවා.නමුත් එය එතරම් කාලයක් පවතින්නේ නැති නිසා කුමක් සිදු උනාද කියලා ඔබට කතාව අවසන් වනකන්ම තෙරුම් ගන්න බැරි වෙනවා. චිත්‍රපටයේ ආව බිය ජනක හැගීම දෙවන දර්ශනයෙන් ඉවත් කරන නිර්මාණ කරුවා ඉතාමත් ලස්සන කාන්තාවක් වර්ණනා කරනවා.

    මොනර පිළ බදු කෙස් කළඹ, සදේ සද රැස් වලින් නැවුනා වූ රූපශ්‍රීය , නීල නිල්මිණී කැට වගේ දිලිසෙන ඇස් , නාරීලාතා මලේ හැඩ ගත් දේහය, සමන් පිච්ච මළක් බදු වූ ඇගේ හීනාව ඇය එතරම් ලස්සනයි. ඇය දුටු දුටු පිරිමින්ගේ නෙත් බැද ගන්න පුළුවන් වන ස්ත්‍රී රත්නයක් කියලා නිර්මාණ කරුවා අපට කියනවා. මේ අලංකාරය නිසකවම නිර්මාණය තුලින් අපට ඔහු ලබා දෙනවා. කෙතරම් රූ සිරිය තිබුනත් ඇයගේ හිතෙත් ආලය කියන දේ හට ගනවා.එත් ඉට හාස් පසින් ගිහින් යම් සිදු විමක් සිදු වෙනවා.ඒ වෙලාවේ ඇයට සිදු වෙනවා.පියාගේ ඉල්ලිමට ඇය අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න.සැම විටම දෙමාපියන් දරුවන්ගේ විවාහයේදී ගන්නා තීරණ නිවරදී ද?  නිර්මාණ කරුවා තදින් රස විදින අපගෙන් ප්‍රශ්න කරනවා.

    තුන් වන දර්ශන වෙනකොට නිර්මාණ මේ කතාවේ මූලික අරමුන පෙන්වලා දෙනවා. ගණිකාවක් රාත්‍රී  කාලයේ ගණිකා සේවය කරලා. ඇය පිරිමි සමග යහනේ සැතපෙන විදිය නිර්මාණය තුලින් ඉතා අලංකාර ලෙස පෙන්වලා තියෙනවා.එත් කිසිම නිරුවත් දර්ශනයක් යොදාගෙන නැති නිසා එය එතරම් පිළිකුල් සහගත නැ. එක් පිරිමියෙක් සමග හැසිරෙනකොට කාන්තාව විදින වේදනාව නිර්මාණය තුලින් ලස්සනට පෙනවලා දීලා තියෙනවා.පළවෙනි දර්ශන තුන ඉතාමත් සංයමයෙන් ගලපලා තියෙනවා.එය අපූරුයි  ඒ නිසාම කතාව හරවත් විදියට බලන්න පුළුවන් වෙනවා.

    මම ඔයාට කීවා  මුලින්ම මතකයි නම් ලස්සන කෙල්ලෙක් ගැන. මෙතනින් එහාට නිර්මාණය ගෙනියන්නේ ලස්සන ආදර කතාවක් විදියට එත් මෙකේ වෙනසක් තියෙනවා.සාමාන්‍ය සිනමාවෙදී අපි දකින්නේ කොල්ලා කෙල්ල ගස් වටේ පාක් වල ආදරය කරනවා.මේකෙදී සාමාන්‍ය පරිසරයක කරන ආදරයක් ගැන කතා කරනවා. මේ ආදරය කොල්ලාගේ පැත්තෙන් වෙන ආදරයක් විතරයි.ඒ අතර තුර ගණිකාමඩමක දර්ශන ඇතුලත් කරලා තියෙනවා.නමුත් එය කතාවට එතරම් බලපෑම්  එකතු කරන්නේ නැ.නිර්මාණ කරුවා පළවෙනි හොරාවම දෙන්නාගේ ආදරයට වෙන් කරලා තියෙනවා.එතකොට කතාවේ තෙමාව වෙනස් නොවෙන්න ගණිකාමඩමක දර්ශන  යොදා ගෙන තියෙනවා. එක පසුවට එන දර්ශන එක්ක බලපුවාම තෙරුම් ගන්න පුළුවන් වෙනවා.

    මේ ආදරය ඔහොම යනකොට ඇයට සිද්ද වෙනවා ගෙදරින් බල කරන කෙනා බදින්න.එතනදී අර ආදරය කරපු කොල්ලව මේ කෙල්ල අතාරීනවා.එහෙම කරලා තමා වෙන කෙනෙක් බදින්නේ.එත් ඇය තමන්ගේ  සැමියාට දේවත්වයෙන් සලකනවා. ඒ අතර තුර සැමියාට සිද්ද වන විපතක් ගැන නිර්මාණය තුලින් ඉදිරිපත් කරනවා.තමන් දේවත්වයෙන් සළකපු සැමියා අසරණ උනාම ඇයට බැ මෙයාව දාලා යන්න.එහෙමයි කියලා ඇයට කරන්න රස්සවාකුත් නැ.එවිට ඇය කුමන තීරණය ගන්නවාද ? 

    ඇයට තියෙන එකම විසදුම ඇග විකීණිමනම් එය කෙතරම් නිවරදිද?  ඇය ඇග විකිණිමෙන් ප්‍රශ්න සියල්ල විසදේවිද?

    ඇය ඉතා ලස්සන කාන්තාවක්, පළවෙනි රාත්‍රීය පිට පිරිමියෙක් එක්ක නිදා ගන්න යනකොට ඇගේ ගෙලෙන් තැල්ල ගලවනවා.එතකොට ඇයට එන වේදනාව නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර විදියට ඉදිරිපත් කරලා තියෙනවා.ජීවියේ හොද චරිතයක් තියාගෙන ඉදලා තමන්ගේ සැමියා එක්ක මංගල රාත්‍රීය ගත කරලා අද වෙන පිරිමියෙක් එක්ක නිදා ගන්නකොට.ඒ පහස විදිනකොට ඇය පෙර මුනට හීනාව පෙන්නලා හිතින් අඩනවා. ඒ වගේ සූක්ෂම  තැන් මේ නිර්මාණය තුලින් නිර්මාණ කරුවා ඉදිරිපත් කරනවා.

    තමන්ගේ  සැමියාගේ දාතු වලින් පොෂණය වෙලා දරුවෙක් ලොවට දෙන්න සිටිය මවු කුසක් අද බොහො දෙනෙක්ගේ වාසභූමිය  වෙලා. මෙක කාගේ වරදක් ද? නිර්මාණ කරුවා නිතරම අපෙන් අහනවා. සැමියාගේ එක පාරක්වත් නොකාපු ඇය අද නොදන්නා පිරිමින්ගේ පහස වෙනුවෙන් ගුටි කනවා.එය කෙතරම් අමිහිරි ද, මේ සියල්ල කාසි වෙනුවෙන් නම් ආත්මය එතරම් විනාශ කර ගත යුතුයි ද? 

    මම කියනවා මෙක හරිම සූක්ෂම නිර්මාණයක් කියලා. සියලු ප්‍රශ්න විසදගෙන ඇය තම අරමුණ ඉටු කර ගන්නවා. මේ වෙනකොට කතාවේ පළවෙනි හොරා එකහාමාර අවසන් වෙලා තියෙනවා. ඇය සමාජය විසින් ගණිකාව කියලා නම් දරාපු ගැහැණියක්. දැන් සැමියාගේ හිටපු කරදරකාරි තත්වයත් අවසන් වෙලා තියෙනවා. ඇයට පෙර තිබුණු ආතමය සමාජය ඉදිරියේ මවා පාන්න පුළුවන් වෙනවා ද? 

    නිර්මාණය කරුවා අවසාන අඩ හොරාවෙම කතා කරන්නේ ඒ පිළිබඳව. මලේ රොනට ගීජු බබරු නැවත නැවත රොන් සොයාගෙන එනවා. එය ගස කෙසේනම් දරා ගනී ද? ඒ වගේ ස්ත්‍රී රාගයට ඇලුණ කෙනා ඇයගේ පහසම සොයාගෙන එනවා. එතකොට ඇගේ සැමියා එක කොහොමද දරාගන්නවාද? නිර්මාණ කරුවා එක හරී අපූරුවට පෙන්වලා දීලා තියෙනවා.

    පිරිමියාගේ පිටට කස පහර සීයක් ගහනවා වගේ වේදනාවක් නිර්මාණය කරුවා පෙන්වලා දීලා තියෙනවා.එතනින් එහාට කතාව ඇය තනි වීම හා ඒ වේදනාවට පළි ගැනීම සමග ගලාගෙන යනවා. 

    නිර්මාණ කරුවා අවසානයට අපට ප්‍රශ්නයක් ඉතුරි කරනවා. කාන්තාවක් විදියට ඇය කරේ වරදක් නම්. ඇය සමග නිදා ගත්ත පිරිමි බෝසත්තුද? 

    සමාජයේ අදුරු පැතිකඩක් ගැන කතා කරපු චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය හදුන්වා දෙන්න පුළුවන්. ඔයා දන්නවා ද ? මේ ලොකේ වේදනාකාරීම රස්සවන් වලින් එකක් තමයි ගණිකා සේවය කියන්නේ. පිරිමියෙක්ගේ සතුට වෙනුවෙන්  ඇය තම මුලු ඇගම දන් දෙනවා. ඇග විතරක් නෙවෙයි ඇය ඇයගේ ආත්මයම දන් දෙනවා.කෙනෙක් ගණිකාවක්  උන පලියට සමාජය ඇයට ගණිකාවක් කියනවා එත් ඇය ගණිකාවක් උනේ කොහොමද කියලා  කවුරුත් හොයලා බලන්නේ නැ. කෙනෙක් හිතයි ඉතින් ඔය කෙල්ලෝ බලෙන්ම ගිහින් ජිවිතය නැති කර ගන්නේ කියලා. කාසියක දෙපෙත්තක් තියෙනවා ඒ වගේ තමයි මෙකත්. සමහරු ජිවතයේ අසරණ කමට කරනවා.සමහර ආදරය වෙනුවෙන් රැවටුනු නිසා කරනවා.සාමාජයේ හැම දෙම අපිට හදන්න බැ එත් ඒ අය වෙනුවෙන් පුංචි හරී වෙලාවක් වෙන් කරලා ඒ ගැන කතා කරන්න පුළුවන් නම් එක තමයි මේ චිත්‍රපටයේ අරමුණ වෙලා තියෙන්නේ.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අබ්දුල් මජිත්.මේ චිත්‍රපටය නිශ්පාදනය හා කතාව ලිවිම යන තුනම  කරන්නේත් එතුමා විසින්මයි. චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ සාධා රිත්විකා හා තිරුමුරුගන් යන අයයි. 2018 සැප්තැම්බර් 08 වන දින තමයි මේ චිත්‍රපටය නිකුත කරා.මිනිත්තු 127 පුරාවට ඔයාලට මේ චිත්‍රපටය බලා ගන්න පුළුවන් වෙනවා.මේ චිත්‍රපටයට මුලින්ම වාරණයන් පනවා තිබුනා.එයට හෙතුව උනේ මේකේ අසභ්‍ය දර්ශන අඩංගු වෙලා තිබිමයි. ඉන් අනතුරුව චිත්‍රපටයේ දර්ශන 87 අයින් කරලා තමයි අද ඔයාලා බලන තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගෙම මේ චිත්‍රපටය  නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිදු විම පදනම් කරගෙන කියලා නිශ්පාදකතුමා පවසා සිටිනවා.මේ චිත්‍රපටය නිර්මාණය කිරිමට 1970 බොලිවුඩ් චිත්‍රපටයක් වන වෙට්නා පදනම් වෙලා තියෙනවා.

    චිත්‍රපටය සාමාන්‍යයි කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ උච්චතම අවස්තාවන් වලදී දර්ශන යොදා ගැනීම තවත් තාර්කීක උනානම් හොදයි යන්න මගේ අදහසයි.


    0 comments

  • Mookuthi Amman


    Mookuthi Amman 2020 


    ගූගල් පරීශිලක දර්ශකය 95%


    IMDB 6.9/10



    දෙවියන් ඔයා ගාවට එයි කියලා හිත හිතා ඉන්න එපා.
    එයා අනිවාර්යයෙන් ඔයා ලගට එනවා
    මොකද,
    ඔයා දෙවියන් වහන්සේ විසින් තොරාගත් දරුවෙක් නිසා.


    මම ඔයාගෙන් අහනවා ඔයා සතුටින්ද ඉන්නේ කියලා.ඔයා කියයි සමහර විට නැ කියලා. එකට හෙතුවක් විදියට කියයි මට සල්ලී නැ කියලා.එතකොට මම ගොඩක් හොදට සල්ලී තියෙන කෙනෙක්ගෙන් අහනවා ඔයා සතුටින් ද ඉන්නේ කියලා.එයා කියයි නැ මට සල්ලී තිබ්බට සතුට නැ කියලා.මිනිසුන් ජීවිතේ සතුටින් හිටියානම් දේවාලවල ඔච්චර  පළතුරු වට්ටි එකතු නොවෙන්න තිබුනා නේද ?

    මේ ලොකේ දෙවියෝ ඉන්නවා ද? එක ගැන තමයි අද අපේ කතාවෙන් කතා කරන්නේ.ඉතින් කතාව ගැන කියන්න කලින් අපි මේ ලොකේ දෙවියෝ ඉන්නවාද කියලා ටිකක් බලලා ඉමු.මේ ලොකේ අද වෙනකන් දෙවියෝ දැකපු කෙනෙක් නැ.එත් බුදුදහමට අනුව ලොකේ එකම එක දවසක ඔයාට පුළුවන් දෙවියෝ දකින්න.ඒ තමයි ලොක විවරණ මහා ප්‍රාතීහාර්‍ය වෙන දවසට. එක ලස්සන කතාවක් මම එක ටිකක් ඔයාලට කියන්නම්. අපේ බුදුන් වහන්සේ තමන්ගේ අම්මාට දර්මය දේශනා කරලා ආයේ සංකස්ස පුරයට වඩිනවා. ඒ වේලාවේ පියවි ඇසින් මිනිසුන්ට දෙවියෝ දකින්න පුළුවන් වෙනවා. ඔයාලා පංසල් වල දැකලා ඇති බුදුන් වහන්සේ ඉනිමගකින් වඩින සිතුවමක් අන්න ඒ තමයි මම ඔය කියපු සිදූවිම.ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් දෙවියෝ කියලා කොටසක් ඉන්නවා කියලා. ඉතින් මෙහෙම ඉන්න දෙවියෝ කොයි වගේද කියලා අපිට කියන්න බැ.එත් අපිට දේවාල වලින් දේව පිංතූර බලා ගන්න පුළුවන්.මිනිසුන් පුද පූජා පවත්වලා දෙවියන්ට වන්දනාමාන කරනවා.එක වරදක් නැ.එත් ඒ භක්තිය අපේ සීමාවක් එක්ක තියා ගන්න ඔනා.එතනින් එහාට ගියාම අපිව අපිට හොරෙන්ම රැවටීමට ලක් වෙනවා.

    මේ ලොකේ හැම දේකටම මිලක් තියෙනවා.අපේ හැගීම් වලටත් එක එහෙමම තමයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ගැන තමයි අද අපේ කතාවෙන් කතා වෙන්නේ.

    එංගල් රාමසාමි කියන්නේ දරුවන් හතර දෙනෙක්ගේ පවුලේ වැඩ්මහල්ම පුතා. තාත්තා  හැර ගිය නිසා පවුලේ වගකීම් එයාගේ කර මතට පැටවෙනවා.ඒ අතර ඔහුගේ අම්මාත් දෙවියන්ගේ බැතිමතෙක්. පවුලේ කරදර වලින් තැලී ජිවත් වෙන මෙයාලට පිහිටට මුක්කුති අම්මාන් දෙවියන් එනවා.ඉතින් එතනින් එහාට එයාලාගේ ජීවිතය වෙනස් වෙනවා එක කොහොමද වෙන්නේ කියලා ලස්සන කතාවක් විදියට ගලා ගෙන යනවා.

    කතාව අරම්භ වෙනකොටම අපිට අරමුණක් හදලා දෙනවා. එක නිසා මෙය නරඹන කෙනෙක්ට කුතුහලයක් හෝ හිතින් මවා ගැනීමක් සිදු කරන්න ඔන වෙන්නේ නැ.ආරම්භක් දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු නිසා.අපිව මොහොනතකට සංසුන් කරවනවා. එතන ඉදන් පළවෙනි අඩ හොරාව පුරාවටම කතා වෙන්නේ රාමසාමිගේ පවුලේ දුප්පත්කමත් එක්ක එයාලාගේ ආගමික භක්තිය  ගැනයි.එය එතරම් සංවේදී නොවන විදියට තමයි නිර්මාණය කරලා තියෙනවා. ඇයගේ අම්මාගේ නිතර කියවිල්ල නිසාම සමහර අවස්තාවලදී චිත්‍රපටයට අනවශ්‍ය  පීඩනයක් එල්ල කරලා තියෙනවා.පළවෙනි  අඩ හොරාව එකාකාරී විම නිසා ආරම්භය සාර්ථකයි කියලා කියන්න බැ  නමුත් විහිළු තහළු එක්ක එකතු විම නිසා තරමක් සතුටු දායක විදියට බලන්න පුළුවන් වෙලා තියෙනවා.

    පවුලේ දරුවෝ හතර දෙනෙක්, එකෙනුත් තුන් දෙනෙක් ගැණු දරොවො ඉන්න ගෙදරත් ගොඩක් දුප්පත් මේ ඔක්කම ඒ වගෙම එකම ඉන්න පුතාටත් කසාදයක් හරියන්නේ නැ  එතකොට අම්මා කෙනෙක් කරන්නේ නොපෙනෙන දෙවියන් යදින එක නේද ? එක අපිට හරී ද වැරදිද කියනවාට වඩා මමනම් දකින්නේ අසරණ කම කියලා.මේ කතාවේදී මේ සංවේදී සිදුවිම් නිර්මාණය කිරිමේදී සංවේදී කම අයින් වෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. එක චිත්‍රපටය තුලින් මම දකින විශේෂ ලක්ෂණයක් කියන්න පුළුවන්.නමුත් එය එතරම් සාර්ථක තොරා ගැනීමක් නොවිම කණගාටුවට කරුණක් විදියට මම දකිනවා.

    සියලු ප්‍රශ්න වලට විසදුම් හොයන්න පවුලේ දේවාලෙට ගිය අවස්තාවේ මුක්කුති අම්මාන් දෙවියෝ රාමසාමි ඉදිරියේ පෙනී සිටිනවා ඒ දර්ශනය ඉතාමත් අලංකාරයි කියලා කියන්න පුළුවන් වෙනවා. සැබෑ  ලෙසම අප කිසිදා දෙවියන්ගේ රූපයක් දැකලා නැ.එහිදී බොහො දෙනාගේ සිතේ මැවුන ආකාරයෙන් තමයි දෙවියන්ව නිර්මාණය කරලා තියෙන්නේ.දෙවියෝ අහසේ ඉන්නවා කියලා කියන සංකල්පය නිවරදී කියලා නිර්මාණය  තුලින් පෙන්වා දී තියෙනවා. නයනතාරා තුලින් දේව රූපය නිර්මාණය කිරිමේදී ඉතාමත් ලස්සන කොටස් එකතු කරලා තියෙනවා.දකුණු අත ත්‍රීෂූලය , රත් පැහැ ගැන්වූ සාරීය , අඩ නිල්වන් දෙනෙත් , හිස පලදනාව, මාල හත, කොන්ඩ මොස්තරය මේ සියල්ලගෙන්ම දෙව සංකලපය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා.දේව රූපය නිර්මාණය අතින් නිර්මාන කරුවා සාර්ථක වෙලා තියෙනවා කියලා කිවොත් මම හරී කියලා හිතනවා.

    දෙවි කෙනෙක් හමු වු විට අප සියලු දේ ඉල්ලා සිටිම සාමාන්‍ය දෙයක්.රාමසාමිත් එය එලෙසම සිදු කරනවා.ඒ දර්ශනයන් නරඹන විට අපට ඇලඩින්ව මනසට නැගෙනවා.නමුත් මෙහි එක් දර්ශනයක රාම සාමී හට ආස බයික් එකක් දෙවියන් ලබා දෙනවා එවිට ඔහු එහි නැගී යන ආකාරය නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. එහිදී බයිසිකලය නිශ්චලව තබා පසුබිම චලනය වන ආකාරයෙන් එය නිර්මාණය කරලා තියෙනවා.නමුත් එය එතරම් සාර්ථක ලෙස සිදු කරලා නැ එම නිසා මෙය නරඹන කෙනෙක් හට ඉතාමත් අකීකරු දර්ශනයක් විදියට පෙන්නුම් කරනවා.එම කොටස් තවත් අලංකාර උනානම් චිත්‍රපටයට ආලොකයක් වෙන්න තිබ්බා කියලා මට හිතෙනවා.

    එතන් සිට දෙවන අඩ හොරාව ගතවෙනතුරුම දෙවියන් සමග යන දෙබස් එකතු කරලා තියෙනවා.සමහර කොටස් ඉතා අලංකාර වෙනකොට තවත් කොටස් නරඹන අපට අපහසුතා ඇති කරනවා.ඉට උදාහරණයක් විදියට රාමසාමි  මේ පැය බාගෙන් බොහෝ වෙලාවක් එක දිගට කියවිම පෙන්නුම් කරන්න පුළුවන්.එය මුහුනට හිනාවක් ගෙනාවත් අනවශ්‍ය කොටස් විදියටයි මම දකින්නේ. චිත්‍රපටය පලවෙනි හොරාවෙන් අනතුරුව තරමක් වෙනස් ආකාරයෙන් ගමන් කරනවා.මිනිසුන් දෙවියන් යදින්නේ ඇයි යන්න ඉතාමත් හොදින් කතා කරනවා. මුක්තු අම්මාන් කොවිලට මිනිස්සු නොපෙමිනෙන විට තුඹසකින් කිරි ගලන්න සලස්වනවා.ඒ තුලින් කෙලින්ම නිර්මාණ කරුවා මිනිසාගේ කනට පහරක් ගසනවා කියලා කියන්න පුළුවන්.එය භක්තියද? මොඩ කමද යන්න ඔහු අපෙන් ප්‍රශ්න කරනවා.

    චිත්‍රපටයේ සැබෑ  කතාවට එකතු වෙන්නේ බාබා හදුන්වා දිමත් එක්කයි.ඔහු බක්තිය කියාගෙන මිනිසුන් රවට්ටන්න පටන් ගන්නවා.ඒ තුලින් සල්ලී හොයාගෙන ඔවුන් සුර සැප විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් සූක්ෂම වගෙම විනොදාකාරී විදියට පෙන්වා දෙනවා.අන්ධ විශ්වාස හා භක්තිය එක්ක දොලනය වෙන විදියට මේ කොටස් නිර්මාණය කරලා තියෙනවා.කෙලින්ම බාබාගෙන් ප්‍රශ්න කරන කොටසේදී පවා අන්ධ භක්තියයට කනේ පහරක් ගහන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ කොටස් නිසා පලවෙනි හොරාවෙදී නැති ඌ ජව සම්පන්න ගතිය කතාවට එකතු වෙලා තියෙනවා.

    එය උච්චතම අවස්තාව සමග එකතු කරන නිර්මාණ කරුවා මුක්කුති අම්මාන් හා බාබාගේ මිනිසුන් අතර සටනක් පෙන්නුම් කරනවා.එහිදී දේව ශක්තිය  ගැන නිර්මාණ කරුවා  ඉතාමත් තදින් කතා කරනවා. දෙවියන්ගේ පහර අකුණු සැරකට වඩා ශක්තිමත් කියලා අපට පහදා දෙනවා.එම දර්ශන ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ වගෙම නරඹන කෙනෙක්ට දේවියන් කෙරෙහී භක්තියක් ඇති කරන්න ඒ දර්ශන සමත් විම සතුටට කරුණක් කියන්න පුළුවන්.

    දෙවියන් පෙනී සිට ඇවිදිමට ගන්නා මොහොතේ ආගමික දේව ගීතයක් පසුබිමෙන් වාදනය කිරිම නිසා මේ දර්ශනය මනසට ඉතාමත් තදින් කා වදිනවා.මෙය චිත්‍රපටයේ ලස්සනම දර්ශනය කිවොත් මා නිවරදීයි. මේ වෙනකොට චිත්‍රපටය ඉතාමත් ඉහල හැගිම් වලින් පරීපූර්ණ කරලා තියෙනවා. අවසානයේ සියලු දේ වෙනුවෙන් දෙවියන් සාමාන්‍ය ස්ත්‍රී සූරූප දරාගෙන බාබා ඉදිරියේ පෙනි සිට්මින් අන්ධභක්තිය හා විශ්වාසය අතර තීරණාත්මක සටනක් සිදු කරනවා.එය ඉතාමත් ප්‍රායෝගීක ප්‍රශ්න සමග සංසදනය වන නිසා චිත්‍රපටයේ කතා තෙමාව හරවත්ව පෙන්වා දීමට සමත් වෙලා තියෙනවා.

    මේ චිත්‍රපටය මිනිසුන්ගේ මානුෂික හැගිම් වලට තැන  දීමට ගත් උත්සහයක් කියන්නත් පුළුවන්.එක් අවස්තාවකදී රාමසාමි තමාගේ වැඩ්මහල් නැගනිය වර්ණනා කර ඇයගෙන් ආසාවන් ගැන විමසන දර්ශන ඉතාමත් සංවේදී කියලා කියන්න පුළුවන්.  චිත්‍රපටයේ පලවෙනි හොරාව ටිකක් පසුගාමී තත්වයක් තිබුනත් සමස්ත කතාවම එක්ක ගත්තාම සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.මේ චිත්‍රපටය මගින් දෙවියන් නැත යන අදහස දීමට වඩා අන්ධ විශ්වාස වෙනුවෙන් හඩක් නගන්නට උත්සහගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්.නයනතාරාගේ රංගනයත් ඉතාමත් විශිෂ්ඨ මට්ටමකට තිබුනා.ඇය තුලින් ජීවමාන දේව රූපය ඉතාමත් අලංකාර ලෙස පෙන්නුම් කිරිම නිසා චිත්‍රපටයේ හරය තවත් ලස්සන උනා කියලා මට හිතෙනවා.

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආර් ජේ බාලාජී විසින් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ඔහුම රංගනයෙන් දායක විමයි.එමෙන්ම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය විදියට නයනතාර රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2020 නොවැම්බර් 14 දින ඩිස්නී+ හොට්ස්ටාර් නිකුත් කරා.

    චිත්‍රපටය අලංකාර ගීත හයකින් වරණවත් වෙනවා.සියලු ගීත වෙනුවෙන් චිත්‍රපටය තුල විනාඩි 21 වඩා කාලයක් වෙන් කර තිබිමත් විශෙෂ කරුණක් විදියට දක්වන්න පුළුවන්.
    පවුලේ සියලු දෙනාටම එකතු වෙලා මේ චිත්‍රපටය ගොඩක් ආසාවන් බලන්න පුළුවන්.


    0 comments

  • Kiss

    Kiss (2019) 


    ගූගල් පරීශිලක දර්ශකය 92%


    IMDB : 6/10



    ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්.


    ඔයා දන්නවාද? මේ ලොකේ ලස්සනම හැගීම් වලින් එකක් තමයි ආදරය කියන්නේ. ආදරය හරියට අමුර්ත පානයක් වගේ පුදුම ජීවයක් අපිට දෙනවා. ඔයා ආදරය කරන කෙනා සමහර ව්ට හම්බෙන්න ඇත්තේ පාසලෙන් වෙන්න පුළුවන් ,එහෙමත් නැත්නම් වෙන කොහොම හරී වෙන්න පුළුවන් එත් ඒ හමුවිම සංසාර ගතයි කියලා ඔයාට හිතිලා ඇති නේද යාලුවනේ.ඒ කොහොම උනත් ජීවිතයේ ලස්සන හැගීම් දෙන්න ආදරයකට පුළුවන්.ඔයා හිතනවා ඇති ඇයි මම ආදරය  ගැන කතා කරන්නේ කියලා.එක ඔයාලට මේ කතාව කියවනකොට තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

    ඔන්න යාලුවනේ අද කතාවේ ඉන්න නන්දිනී කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ ලස්සන හින්දාම මෙයා ගොඩක් දගයි. අපි කතාවටත් කියන්නේ කෙලිලොල් කියලා අන්න ඒ වගේ තමයි. මෙයා ඉගෙන ගන්න උසස් පාසලකට ඇතුලත් වෙනවා. එත් ඉතින් මෙයාගේ දගකාරකම් නම් අඩුවක් වෙන්නේ නැ. ඔන්න ඉතින් දවසක් මෙයාට ගොඩක් කෙන්ති ඇවිත් ගලකින් බොඩ් එකක්කට ගහනවා. කොහොම හරී මේ ගල ගිහින් වදින්නේ කාර් එකක. මේ කාර් එකේ අයිති කාරයා තමයි අර්ජුන්. අරුජුන් ගොඩක් විනොදෙන් ඉන්න ගොඩක් සල්ලී තියන කොල්ලෙක්.ඉතින් මේ අර්ජුන්ට මේ කාර් එක හදා ගන්න පුළුවන් එත් මෙයා එහෙම කරන්නේ නැ. හොදට කල්පනා කරලා නන්දිනී එක්ක ගිවිසුමකට එනවා. ඒ කියන්නේ නන්දිනි මේ කාර් එකට හානී කරාට එක්කො මේයාට කිස් එකක් දෙන්න ඔනා. නැත්නම් දවස් 72ක් අර්ජුන්ගේ සේවකයෙක් විදියට ඉන්න ඕනා.ඉතින් මේ නන්දිනී කොයිවගේ තීරණයක් ගනීද කියලා තමයි මේ කතාවෙන් කතා වෙන්නේ.

    මේ චිත්‍රපටය  ගොඩක් හුරුබුහුටි විදියට තමයි හදලා තියෙන්නේ.එක හින්දා ගොඩක් තරුණ පරම් පරාවේ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. මේ කතාවත් ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුළුවන්. ආදරය එක්ක හාස්‍ය එකතු කරලා තමයි මේ කතාව අලංකාර කරලා තියෙන්නේ. කතාව පටන් ගන්නකොටම නිර්මාණ කරුවා අපට නන්දනීව හදුන් දෙනවා. ඇයගේ හූරුඹුහුටි අංග චලනයන් නිසා කතාව ගොඩක් ලස්සන වෙනවා. ගොඩක් කොල්ලෝ ආසයි තමන් ආදරය කරන කෙල්ල හුරතල් කෙනෙක් වෙනවට. ඒ රහස නිර්මාණ කරුවා උපයොගී කරගෙන තියෙනවා.අර්ජුන්ව කතාවට එකතු කරන්නේ ලස්සන  ගීතයකින්. අර්ජුන් නිදහස් සරළ ජිවතයක් ගත කරනවා කියලා නිර්මාණ කරුවා අපට ඉගියකින්  කියා දෙනවා.

    පලවෙනි හොරාවම ගතවන්නේ නන්දිනීගේ හුරතලය හා අලංකාර වචන සමග විම නිසා කතාව එකාකාරි උනත් විනොදයෙන් නරඹන්නට හැකියාව ලැබී තියෙනවා. මුහුදු වෙරලේදී නන්දිනී කොට ඇදුමකින් සැරසි මුහුදේ සෙල්ලම් කරන දර්ශනයක් එකතු කරලා තියෙනවා.එම නිසා මේ වෙනකන් එකාකාරී උන කතාවට නව ප්‍රාණයක් ලබා දෙන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා. ඒ සමගම චිත්‍රපටය කෙට් ක්‍රියාදාම කොටසක් එකතු කරලා තවත් ජව සම්පන්න කිරිමට නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා. අනතුරුව නැවතත් අඩහොරාවක් යනකන් නන්දිනීගේ කොමළ රංගනයන් අපට බලා ගන්න පුළුවන්. මේ සියල්ල සිදු වෙනකොට නන්දිනී හට ලබා දුන්න දින 72 කාලය අවසන් වෙනවා.දෙදෙනා වෙන් වෙලා යනවා. ඉට පස්සේ අර්ජුන්ගේ හිතේ නන්දිනී  ගැන ආදරයක් හට ගන්නවා.එතනින් පස්සේ සම්පුර්ණ කතාව ගමන් කරන්නේ අර්ජුන් ආදරය දින ගන්න නන්දිනී පස්සෙන් යන ආකාරය එක්කයි. 

    චිත්‍රපටය  තරුණ ප්‍රජාවගේ ආකර්ෂණය දිනා ගන්න සමත් වන්නේ චිත්‍රපටයේ ඇති නැවුම් දර්ශන හා වර්ණ සංකලනයන් නිසා වෙනවා. නමුත් ඒකාකාරී  වැඩි බවක් චිත්‍රපට  පුරාවටම පෙන්නුම් කරනවා. චිත්‍රපටය  තුලින් ආදර කතාවක් පෙන්නුම් කිරිමට උත්සහ ගත්තා උනත් ඒ සදහා යොදා ගත් කාලය වැඩි කියලා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අර්ජුන් විසින් වන අතර චිත්‍රපටයට රංගනයෙන් විරාත්, ශ්‍රී ලීලා, සාදු කොකිල යන අය දායක වෙනවා. චිත්‍රපටය නිශ්පාදනය වී.රවි කුමාර් විසින් සිදු කරනවා.චිත්‍රපටයේ සංගීත නිර්මාණය  ව්.හරික්‍රිෂ්ණ ආදි විසින් සිදු කරනවා. චිත්‍රපටය  ගීත හයකින් වර්ණවත් වෙන අතර එහි සියලු ගීත පද රචනය කීරිම එපී අර්ජුන් විසින් සිදු කිරිමත් විශේෂ කරුණක් වෙනවා.එමෙන්ම මේ චිත්‍රපටයේ එන "නීන් මොඩලු" ගීතය ශ්‍රීයා ගෝෂාල් විසින් ගායනා කරලා තියෙනවා. 2019 සැප්තැම්බර් 27 මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙනවා 


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan