Posted by : Tharuka Niroshan
Saturday, December 5, 2020
Ee Maya Peremito 2018
ගූගල් පරීශිලක දර්ශකය 87%
IMDB 6.1/10
සොයා යන ආදරය ද? සොයා එන ආදරය ද වටින්නේ...
" විනාඩියක් ඉන්න මාමේ, ඔයා ඔයාගේ දුවට පරීපූර්ණ මිනිහෙක් දෙන්නනේ හිතන්නේ, එත් මෙහේ කවුරුත් පරීපූර්ණ නැ "
"මෙතනදී අපි බලන්න ඕන එක්කෙනාට එක්කෙනා ගැලපෙනවාද කියලා විතරයි"
"මාමේ තාත්තෙක් විදියට ඔයා කොයි වෙලේද අසමත් වෙන්නේ දන්නවා ද?"
"ඔයාගේ දුවගේ සතුටුම දවසෙත් ඇස් වලින් කදුළු අවොත්,තාත්තෙක් විදියට ඔයා අසමත් වෙයි"
මම ඔයාගෙන් මෙහෙම අහනවා.ඔයා ආදරය කරනවා ද? ඔයාගේ ආදරය කොයි වගේද ? කෙනෙක් කියයි මගේ ආදරයනම් ගොඩක් ලස්සනයි.තව කෙනෙක් කියයි මගේ ආදරය ඒ තරම් ලස්සන නැ කියලා.කොහොම හරී ඉතින් අපි ආදරය කරනකොට ඇත්තටම අපේ හදවතේ නවතින්නේ පළවෙනි ආදරය එක්ක නෙවෙයි,අපේ හිතට ගොඩක් දැනුන ආදරය එක්ක. ආදරය නිසා ජීවිත කොච්චර සුන්දර වෙනවාද? සමහර අයගේ ජිවිත ඉපදුන දවසේ ඉදන් වැනෙන්නාට ලොව වැනෙනවා වගේ.එත් යාලුවනේ ඒ කෙනාට ලස්සන ආදරයක් හම්බ උනොත් ඒ ජිවිතය ගොඩක් වෙනස් වෙනවා.එහෙනම් ඒ සොදුරු ජිවතයේ නවාතැන ආදරය සොයාගෙන අද අපි යමු.
ශ්‍රී රාම් චන්ද්රාමුර්ති කියන්නේ ගොඩක් විනොදයට බර කොල්ලෙක්.කොල්ලෝ කොහොමත් එහෙමයි කියලා ඔයාලා දන්නවානේ යාලුවනේ.එත් මෙයා ගොඩක් ගුණ ගරුකයි.එක නිසාම මෙයාට ගොඩක් යාලුවෝ වගේම අසල්වැසියනුත් ඉන්නවා.ඉතින් මෙහෙම ඉන්න මෙයාගේ ජිවිතයට වෙනස්ම රසයක් එකතු කරන්න සූරංගනාවියක් එනවා.මේ සුරංගනාවිය කවුද එයා හින්දා මෙයාගේ ජිවිතය කොහොම වෙනස් වෙයි ද? කියලා ගොඩක් ලස්සනට අපට මේ කතාව තුලින් බලාගන්න පුළුවන් වෙනවා.
ඔයාලා දන්නවානේ දෙමාපියන්ට ඉන්න එකම සම්පත එයාලාගේ දරුවෝ කියලා.එයිනුත් පොඩි දියනියක් ඉන්නවා කියන්නේ අම්මා තාත්තාගේ හිතට එන බර වැඩී.මමනම් හිතන්නේ දුවක් හදනවා කියන්නේ තනිකරම තාත්තා කෙනෙක් ගිණිගොඩක ඉන්නවා වගේ කියලා.කෙනෙක් හිතයි ඇයි මම එහෙම කීවේ කියලා.එකට හෙතු ගොඩක් තියෙනවා.සමාජය එක්ක බැලුවාම ඔයාට එක තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.තාත්තා කෙනෙක් දුවෙක්ට තියෙන ආදරය සෙනෙහස කොච්චරක් ද කියලා නිර්මාණය කරුවා ආරම්භයෙදිම අපට පෙන්නවනවා.එම නිසා ආරම්භය විනොද කාමී වගෙම සිත් ඇදගන්නා සුළුයි කියලා කියන්න පුළුවන්.
" දැක්කේ නැද්ද ඔයා බිම වතුර හැලිලා තියෙනවා. තව ටිකෙන් බබාව වැටෙනවා."
" වැටෙනවා කියලා දන්නවානං නවත්වන්න එපැ"
" එච්චර සතුටින් යනකොට නවත්වන්නේ ඇයි කියලා හිතුනා"
ඒ කොටස් වලින් කෙතරම් අපූරුවට නිර්මාණ කරුවා පියෙක්ගේ හිතේ ඇති ආදරය ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ද කියලා අපට පැහැදිලි වෙනවා.ඕනම පියෙක් දරුවන් සැප විදිනවා බලන්න ආස කරයි.දරුවන් තමාට වඩා ඉහලින් සිටිය යුතු යෑයි ඔහු නිතරම සිතයි.විවහයෙදී වුවත් දරුවන් ඉහල නිල තළ වල අය සමග විවාහ වීම යහපතක් ලෙස ඔවුන් දකී.මෙය සාදාරණයි ද? නිර්මාණ කරුවා අපෙන් ආරම්භයෙදීම ප්‍රශ්න කරයි.
අනතුරුව කතාවේ වීරයා තිරයට හදුන්වා දීම සිදු කරන අතර එම කොටස ඉතාමත් ගම්බීර ආකාරයෙන් නිර්මාණය කිරිම විශේෂ කරුණකී.එහීදී සාමාන්‍ය තරුණයෙක්ගේ ජිවිතය සරළ අයුරින් ගලාගෙන යන ආකාරය ගැන කතා කිරිමට උත්සහ ගනී.එමෙන්ම පීතෘ මුලික සමාජයක් උවත් ගැහැණියට තෙලෙගු සම්ප්රදාය තුල ඇති ගරුත්වය ගැන ඉතාමත් අලංකාර දර්ශන තළ මගින් පෙන්නුම කර්යි. තවද ඒ දර්ශන තල වල දේව පිංතුර වලට වඩා බුද්ද පිංතුර තිබීම සිනමාවට අදාල කරුණක් නොවුනත් මගේ කොනයෙන් බැලු කල විශිෂ්ඨ සංකලනයක් විදියට මා දකී.
ලොකය තුල ආදර කතා විවිද ආකාරයෙන් පවතී.කෙනෙක් පවසන්නේ සොයා එන ආදරය වටින බවය.තවත් අයෙක් පළවෙනි බැල්මෙන් ඇති වන ආදරය විශ්වාස කරයි.තවත් අයෙක් දෙමාපියන් සොයා දෙන කෙනෙක් හට ආදරය කර ජිවිතය ගෙවා දමයි.ඒ කෙසේ වෙතත් මේ ආදරය ඉට වඩා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන තිබේ. සාමාන්‍ය ජිවිතයෙදී කොල්ලෙක් කෙල්ලගේ පස්සෙන් ගොස් ආදරය විමසයි.එහීදී ඕනම කෙල්ලෙක් පළවෙනි වරට දෙන පිලිතුර ආදරය කළ නොහැකිය යන්නයි.නමුත් එතන් පටන් කොල්ලා විවිද අවස්තා උපයෝගී කරගෙන කෙල්ලගේ හිතේ වීරයෙක් විමට උත්සහ ගනී.එය සැබෑ ලෙසම කෙල්ලන් බලාපොරොත්තු වෙන දෙයක් ලෙස මා දකී.නමුත් මෙහීදී සිදු වන්නේ ඉට හත්පසින්ම වෙන දෙයකී.මෙහී දී කොල්ලා කෙල්ල ඉදිරියේ වීරයකු විමට උත්සහ නොගනී.කෙනෙක් සැබෑ ජිවිතයේ කොල්ලාටම කැමති වෙයි.
එවිට ඔබට ගැටලුවක් පැන නැගේ එනම් සැබෑ ජිවිතයේ කොල්ලා කියන්නේ කවුද කියලා. ඕනම කොල්ලෙක් කෙල්ලෙක් තමන් ආදරය කරන කෙනා ලග රංගනයක යෙදෙන බව අමුතුවෙන් කිව යුතු නැත.නමුත් මේ චරිත වලිදී ආදරය වෙනුවෙන් වෙනම වු රංගනයක කොල්ලා නොයෙදිම නිසා මෙය බොහො දෙනෙක්ගේ හදවතට මෙතරම් දැනෙන්නට ඇති කියා මට සිතේ.
ආදරණීය චන්දු !
ඔබ මගේ හදවත සොරකම් කළාක් මෙන්
මගේ ආදරණීයයා දෙස බලා නොසිටින්න
ඔයා මාත් එක්ක නැ,එත් මගේ හැම හුස්මකම ඔයා ඉන්නවා
ඔබ හා මම අතර
මෙය මොන වගේ නාදුනන බැදිමක් ද?
මම මොහොතකට ඔබේ ආදරය එක්ක ඔබව තනි කරන්නම් ඔබේ ආදරය කරපු දවසේ ඔයා එයාගේ කැමති උන හැගීම් කිහිපයක් තිබුනා.මම මේ කියන දෙවල් ඇත්තටම ඔයා එයාගෙන් දැක්ක ද කියලා හිතලා බලන්න.
පළවෙනි හැගීම තමයි පෙනුම
ඔයාලා අහලා ඇතිනේ සුදු කෙල්ලෝ කළු කොල්ලන්ට කැමති කියලා.ඒ වගේ හැමොගෙම හිතේ මේ වගේ පාට කෙනෙක් හිටියොත් හොදයි කියලා අදහසක් තියෙනවා.
දෙවන හැගීම තමයි රසය
රසය කීවම ඉතින් අපි ආදරය කරන කෙනාව කාලා බලන්න බැ.එතනදී එයත් ඔයත් ආස දෙවල් තියෙනවා නේ අන්න එකට තමයි රසය කියන්නේ.ඔයා හිතන්නකෝ ඔයා චොකලට් කන්න ආසයි කියලා.එයත් සමහර විට එකට ආස වෙන්න පුළුවන්.
තුන්වන හැගිම තමයි සුවද
එක ඉතින් දන්නවානේ අපි ආදර කරන කෙනාගේ ජීවන සුවද අපේ හදවතේ තියෙනවා.එක අමතක කරන්න බැ
හතර වන හැගිම තමයි කටහඩ
මිනිසුන් දහසක් මැද උනත් ඔයා ආදරය කරන කෙනා ඔයාට හොයා ගන්න පුළුවන් එකට හෙතුව එයාගේ කටහඩ අපගේ හදවතේ තියන නිසා.
පස්වන හැගිම ස්පර්ශය.
අපි ආදරය කරන කෙනා අපේ අතෙන් ඇල්ලුවත් එක අපිට ගොඩක් දැනෙනවා.ඇත්තටම මෙතනදී අතට වඩා සිප ගැනීම ගැන තමයි කතා කරන්නේ..
ඉතින් ඔයාට හිතෙනවා ඇති ඇයි මම මෙවා කීවේ කියලා.එකට හෙතුව මේ කතාව බලනකොටම ඔයාට තෙරෙයි කියලා මට හිතෙනවා.ඒ වගෙම ආදරය ඇති වීම ලස්සනට නිර්මාණය කරලා තියෙන නිසා ඉතාමත් සාර්ථක ආදර කතාවක් විදියට මම මේ කතාව දකිනවා.ඒ වගෙම ඒ අවස්තාවන්ට උචිත වන ආකාරයෙන් තෙලෙගු ගීත වගෙම දර්ශන තළ යොදා ගැනීම තුල ඉතාමත් හොද ආදර රසයක් අපගේ හදවතට එකතු වෙනවා.කුඩා දරුවන් භාවිතා කීරීම නිසා නිරහංකාර රසයක් නිර්මාණයට ලබා දීලා තියෙනවා.
අපි ආදරය කරනකොට ආදරය තුල ලොකයක් මවාගෙන හීන මවන්න පුළුවන්. එත් ලොකයට ජීවයක් දෙන්නනම් දෙදෙනාගේ විශ්වාසය වගෙම මූල්‍යමය හැකියාවත් තිබිය යුතුයි.කොල්ලෙක් වගකිම් විරහිත ආකරයෙන් කටයුතු කරනකොට එය මාමන්ඩි පහදා දී ඔහුව වගකීම් සහිත පුදගලගෙක් කීරීම ඉතාමත් හොද සංකලනයක් විදියට මම දකිමී.සාමාන්‍ය සිනමාව තුල ආදරය කරන විට කොල්ලා පොහොසත් වන අතර ආදරය පමනක් මුලික තැන තබා කටයුතු කරයි.නමුත් ඒ සිමාවෙන් පිටතට පැමිණ සැබෑ ලොකය සමග සැසදිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.
පිරිමි කෙනෙක් වගකීම් විරහිත බව පසක් කොට වගකිම් දරණ කෙනෙක් බවට පත් වීමෙදී ආදරය යම් යම් සීමා වලට ලක් වේ.එහීදී කාන්තාව සිතන්නේ ආදරය වෙනස් වී ඇති බවය.සැබෑ ජිවිතයෙත් එය එසේමය.කෙල්ලෝ ආදරය විදින්න ආස කරනකොට කොල්ලෝ සොයන්නේ නිදහසය.මේ සංකල්පය ඉතා හොදින් නිර්මාණය තුලට ගෙන එමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
යම් අවස්තාවක ශ්‍රී රාම් චන්ද්රාමුර්ති ජිවතයේ වගකීම් දරණ අවස්තාවේ ඔහුට බැන මේ යුවතිය ඔහුව හැර යයි.එහීදී නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරන්නේ කොල්ලෙක් වගකීම් දරන්න පොඩි කාලේ සිට හුරු කරනවානම් ඇයි කෙල්ලෙක් එසේ නොකරන්නේ යන්නයි.ඒ වගෙම අවසානයේදී යුවතියගේ පියාගේ හැසීරිම තුලින් නරඹන අපට යම් කොපයක් ඇති උවත් ඔහු අසාධාරණ කෙනෙක් ලෙස මට හැගී නොයයි.පියෙක් විදියට දරුවන්ව තෙරුම් ගත හැකිනම් දරුවන් ලබන ඉහලම සතුට එය බව නිර්මාණ කරුවා අවසානයේ අපට පවාසා සීටී.
ශ්‍රී රාම් චන්ද්රාමුර්තිගේ ක්‍රියාදාම රාශියකින් හැඩ ගැන්වෙන මෙම සිනමාපටය ඉතාමත් රසවත් ආරම්භයක් හා අවසානයකින් සමන් විත වීම නිසා කිසිම මොහොතක අප සිනමා සිත්තමක් නරඹනවා යන්න සිතට නොනැගේ.පවුලක මවකගේ යුතුකම්, පියෙකුගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම් වගෙම පවුල තුල සමගිය ගැන ඉතා සූක්ෂම දර්ශන යොදාගෙන නිර්මාණ කරුවා කතා කර තිබේ.
සමස්තයක් විදියට ගත් කළ ඉතා හොද නිර්මාණයක් විදියට අපට මෙම චිත්‍රපටය හදුන්වලා දෙන්න පුළුවන්.නමුත් මෙහී ගීත වලට විනාඩි 21 වැය කිරිමත් චිත්‍රපටයේ කාලය ඉතා සීමිත විමත් කණගාටුවට කරුනකි.මෙය තවත් කොටස් කිහිපයක් සමග එකතුව නැරඹීමට තිබුනානම් හොදයි යන්න මාගේ අදහසයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රාමු කොප්පොලා විසින් වන අතර රාහුල් හා කාවියා ප්‍රදාන චරිත නිරූපණය කරයි.චිත්‍රපටයේ පසුබිම් කතනය නානී විසින් සිදු කිරිමත් විශේෂ කරුණකී.ඉතා අලංකාර ගීත පහකින් සමන් විත වන මෙම සිනමා සිත්තම 2018 සැප්තැම්බර් මාසයේ 21 නිකුත් කළ අතර එය මිනිත්තු 113 පුරා ඔබට නැරඹීමට හැකියාවක් ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments