• Posted by : Tharuka Niroshan Monday, November 30, 2020

    Andhaghaaram 2020 


    ගූගල් පරීශිලක දර්ශකය 93%


    IMDB 8.1



    යතාර්ථය හා කල්පිතය අතර එකතුව සිනමාව කෙසේනම් ජයගනී ද?


    අපි ජිවිතයේ යම් යම් දෙවල් තිරණය කරන්නේ අපගේ මනසට එය තෙරුම් ගන්න පුළුවන් පරාසයක ඉදගෙන කියලා මට හිතෙනවා.ඔයා මෙහෙම හිතන්නකෝ අද ලොකේ වෙන ගොඩක් දෙවල් ගත්තාම එවාට නිවරදී පහදා දිමක් එකතු කරන්න තමයි බටහිර විද්‍යාව එකතු වෙලා තියෙන්නේ එත් මේ විද්‍යාවටත් තෙරුම් ගත හැකි පරසයක් තියෙනවා කියලා මට හිතෙනවා.එතනින් එහා දෙවල් ගොඩක් වාදයන් එක්ක පදනම් කරගෙන තමයි අපි තෙරුම් ගන්නේ.මේ ලොකේ පියවි ඇසකින් දකින්න පුළුවන් දෙවල් අතරේ තවත් දෙවල් අපේ පියවි ඇසෙන් දකින්න හම්බෙන්නේ නැ.එත් ඒ දෙවල් විද්‍යාව එක්ක එකතු කරලා යම් පදනමකින් අපි දකින්නවා.සර් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණ හොයා ගන්නකොට මේ ලොකේ ඇත්තටම ගුරුත්වාකර්ෂණ තිබ්බා ද? නැත්ද? එකට ඔබ නිවරදි උත්තරයක් දෙයි කියලා මම හිතනවා. ඔයා හිතන විදියට ඇත්තටම එක තිබ්බා.එත් කාලයත් එක්ක එයා එක පහදා දිමක් විතරයි කරේ.ඒ වගේ මේ ලොකේ තව අපි නොදන්න අපිට හොයා ගන්න බැරි ගොඩක් දෙවල් ඇති ඒ අතරින් එකක් තමයි මේ මිනිස් මනස කියන්නෙත්. මේ මනසේ ඇති වෙන සංසිද්දි යම් තාක් දුරට හොයා ගන්න මිනිසා සමත් වෙලා තිබුනත් 100% හොයා ගන්න බැරි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.අද අපි කතා කරන්න යන්නෙත් ඒ වගේ සිනමා සිත්තමක් ගැන.

    විනොද් කියන්නේ තමන්ගේ ජිවිතය පිළිබද කළකිරිමෙන් ඉන්න පුහුණු කරුවෙක්.ඉතාමත් අධික ලෙස සිගරට් පානයට හුරු වෙලා එන්න විනොද්ගේ ජිවිතය එක කොල් එකක් නිසා වෙනස් වෙනවා.මේ දුරකතන ඇමතුම නිතර නිතර එමත් ඒ ඇමතුම ගැන ඇතිවෙම අභිරහසත් පාදක කරගෙන මේ කතාව නිර්මාණය වෙලා තියෙනවා.

    මේ නිර්මාණය යතාර්ථය හා කල්පිතය අතර දෝලනය වෙන නිර්මාණය විදියට තමයි නිර්මාණ කරුවා අප වෙතට අරගෙන එන්නේ.කෙනෙක් මෙය විද්‍යාව මත ඉදගෙන කල්පිත ගොඩ නගමින් නරඹන්නට සූදානම් උනොත් ඔහුට එය තවත් එක නිර්මාණය පමනක් වෙනවාට සැකයක් නැත.නමුත් විද්‍යාවට එහා ගිය ලොකයක් ගැන පොඩි හෝ අවබොදයක් ඇතිව මේ නිර්මාණය නරඹන කෙනෙක්ට මෙය ඉතාමත් විශිෂ්ඨ ගනයේ නිර්මාණය විදියට  දැක ගන්න පුළුවන්.

    චිත්‍රපටය පුරාවට කතාකරන්නේ මනස ගැන කිවොත් මම නිවරදී කියලා හිතෙනවා.අපේ මනස විවිද අවස්තාවන් වලට අනූරුපව වෙනස් තත්වයන් ගන්නවා.නමුත් කෙනෙක්ට හිතන්න පුළුවන් මරණයෙදී මණස නැති වෙනවා කියලා.එක පහදා දෙන්න විද්‍යාවට වඩා බෞද්ධ  දර්ශන උපයොගී කර ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා.කෙනෙක් මිය යනකොට ඔහුගේ ශරීරයෙන් ශක්තියක් පිට වෙලා යනවා.ඒ ශක්තිය  ඇත්තටම විංඤානය කියලා හදුන්වාලා දෙන්න පුලුවන්.එතකොට මේ විංඤානයට මරණෙන් පසු යම් ශරීරයකට බලපෑම් කරන්න පුළුවන් ද? අන්න එක විද්‍යාවට අනුව අපට පහාදා දෙන්න බැ.එතනදී ඒ සදහා සංකල්පයක් විදියට ජංගම දුරකතනය යොදා ගන්නවා. 

    එතකොට එය ඉතාමත් ලස්සන සංකලනයක් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා.

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ සියදිවි නසා ගැනීම් කිහිපයක් සමගයි.එතකොට කෙනෙක්ට සියදිවි නසා ගන්න තරම් ප්‍රභල මානසික මට්ටමක් නිර්මාණය  විමටනම්  ඔහු කෙතරම් පීඩනයන් වලට මුහුණ දිය යුතු ද? නැත්නම් එය යටත් පිරිසෙන් කෙනෙක් විසින් සිදු කරන්නේ නම්  එය කෙතරම් ප්‍රායෝගීකද? මේ පිලිබද හොද ආරම්භයක් ලබා දෙන්න සැම විටම නිර්මාණය තුලින් නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා.

    එය අවස්තාවක කර ගනිමින් නිර්මාණ කරුවා කතාවේ ප්‍රදාන චරිතය සෙල්වම්ව කතාවට හදුන්වා දෙනවා.ඔහු අන්ධ කෙනෙක්.අන්ධ කෙනෙක් උපතේ ඉදන් ඔහුගේ ජිවිතය අවසානය දක්වා ඔහු දකින්නේ අදුරක් පමනයි.ඉතින් ඒ අවස්තාවලදී අදුර පරජා ඔහු ලොකය ජය ගැනීමට නම් නිසකවම අදුර සමග සටන් කර ජය ගත යුතු වෙනවා.එහිදී ඔහුට තමාවම පිලිසරණයක් ගෙන අත් පා යොදාගෙන ලොකය දකින් අකාරය සාමාන්‍ය මිනිසෙක් මෙන් කාර්‍යසූර ලෙස වැඩ කටයුතු කරන ආකාරය ඉතාමත් අපූරුයි කියලා මට හිතෙනවා.එය චිත්‍රපටයේ තෙමාව වගෙම මාතෘකාව සමගද හොද රසායනික සම්බන්දයක් කියලා කියන්න පුළුවන්.

    ඒ සමගම කතාවේ අනිත් චරිතයන්ද ඉතාමත් සූක්ෂම විදියට නිර්මාණය කරුවා නිර්මාණය තුලින් අපට හදුන්වලා දීලා තියෙනවා. තාමත් මේ කතාව ගලාගෙන යන්නේ කවර ආකරයටද යන්න කිසිම හොදුවාවක් අපට නොදෙන්න නිර්මාණය කරුවා ඉතාමත් සැලසුම සහගත විදියට කටයුතු කරලා තියෙනවා. මෙහී එන චරිත  තුලින් රූපයේ ලස්සන පෙන්විමට වඩා මනස සමග සිදුවෙන ගතේ වෙනස ගැන කතා කිරිමට සැම විටම උත්සහගෙන තියෙනවා.

    විනොද් ප්‍රදිප් ලගදී පුස්තකයක් සොයා ගැනීම තුලින් චිත්‍රපටයට නැවුම් වෙනසක් ඇති වෙලා තියෙනවා.ප්‍රදිප් අබ්බගාත කෙනෙක් උවත් විනොද් පොත සොයා ගත්ත විට නැගි සිට ඇවිදිම සිදු විය හැකි දෙයක් ද ? නමුත් එය එසේ සිදු වෙනවා.එසේනම් එය පොතේ ඇති බලයක් ද? මෙවනී ගැටලු රාශියක් අපගේ මනසට එකවර පැමීනිම විමතියට කරුණක් නොවේ.අපගේ මනස සැබෑ  ලෙසම එලෙස හැසිරෙයි.පුදුමය කෙරෙහි අපගේ මනසේ නැබුරු වීම ඉතා සූක්ෂම විදියට නිර්මාණය කරුවා ඒ කොටසේදී ග්‍රහණය කරගෙන තියෙනවා කියලා මට හිතෙනවා.

    කතාවේ ඉතාමත් පුදුම සහගත තැන් කිහිපයක් අන්තර්ගත උනා.. ජිවිතයේ කිසිම දවසක හොද කරන්න බැරි ලෙඩුන් එක මොහොතක් මනෝවෛද්‍ය වරයා සමග කතා කිරිමෙදී ඔවුන් සුවපත් වෙනවා.එයා පුදුම සහගත කරුණක්.එය සාමාන්‍ය තත්වයක් යටතේ සිදු විය නොහැකියි.එත් එතනදී ඔවුන්ගේ වෙනසක් සිදු වන්නේ මනසේ.එවිට මනස කෙතරම් මිනිස් ශරීරයේ පැවත්මට බලපානවාද? එය ප්‍රායෝගීක ආකාරයෙන් නිර්මාණය  තුලින් අපට පෙන්වලා දීලා තියෙනවා.

    අපගේ මනසේ අප ජිවිතයේ කරපු කියපු දෙවල් තැන් පත් වෙලා තියෙනවා.එය විද්‍යාවට අනුවම පිලිගන්න දෙයක් නමුත් අපි ඒ සියල්ල යම් තාක් දුරට අමතක වී ඇති ලෙස සලකා කටයුතු කරනවා.එහීදී අපට සිදු වන බලපෑම් නිසා ඒ මතකයන් අලුත් විමට හැකියාව තියෙනවා.ඒ බලපෑම් කොයි වගේ ද? එක මොහනයක ද? නැති නම් අදුරු ආත්මයක බලපෑමක් ද?

    තවත් අවස්තාවකදී සෙල්වම් අදුරු ආත්මයන් පළවා හරින්න කාමරයකට යනවා.නමුත් පුදුම දනවන කරුන නම් මිට කලින් කිසිම කෙනෙක් ඒ කාමරයට ගිහින් නැවත එලියට නොපෙනීමයි.එතකොට සෙල්වම්ටත් අදුරු ආත්ම කරදර කරනවා.එහිදී ඔහු සියල්ල දමනය කරනවා.එයට ඔහු යොදා ගත් ගුප්ත සාස්තරය හරිනම් එයා කෙසේ විද්‍යාව බැහැර කර යුතු වෙනවා ද?.. නමුත් මෙහිදී සෙල්වම් හට බිය ඇති නොවන්නේ අන්ධ නිසානම්, ඇත්තටම ඇස් පෙනෙන අයට බිය ඇති උනේ හොල්මන් දැකපු නිසාද ? නැ  එකට හෙතුව අපගේ මනසමයි නේද ? අන්න ඔය වගේ පොයින්ට් යොදා ගෙම මේ නිර්මාණ කරුවා අපගේ මනසේ හැසිරිම අපට විස්තර කරලා දෙනවා.

    අනිත් කාරනය මනෝවෛද්‍ය වරයාගේ මොහන කීයාවලිය.ඔහු තම මිතුරන්ව පවා මොහනය කර අවශ්‍ය දෙවල් කර ගන්නවා.එතකොට නිවරදී ආකාරයෙන් අපට පැහැදිලි වෙන්නේ.මනස කෙනෙක් දියුණු කරොත් නොදියුණු කෙනෙක්ව පගලා දාලා යටපත් කර ගන්න පුළුවන් කියන කාරණය නේද ? එසේනම් කෙනෙක් මනසින් දියුණු වෙන්නත් කෙනෙක් නොදියුණු වෙන්නත් හෙතුව තමාම නේද කියලා මේ නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කරනවා කියලා මට හිතෙනවා.

    සෙල්වම්ගේ මරණය ගැන කතාකරොත් ඔහු යහපත් කළ දසාවක් ගෙන ගිය කෙනෙක්.අන්ද ලොකය එක්ක වැඩ කරලා ඒ තුලින් ඔහු ජිවිතය සාර්ථක කර ගත්තා නමුත් ඔහු මිනිසුන් අතින් මිය යනවා.එහීදී නිර්මාණය  කරුවා අපට ටොක්කක් අනිනවා කියලා මට හිතෙනවා.සැබෑ  ලෙසම නරක ආත්ම වලට වාඩා මිනිසා බයානකයි කියන අදහස ඔහු ලබා දීලා තියෙනවා.

    ඒ සමගම මෙතෙක් වෙලා ප්‍රශ්න ගොඩක් එක්ක බලපු කතාවට යම් තෙරුම් ගැනීමේ කොනයක් එකතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා. එතනින් පසු සෙල්වම්ගේ ආත්මය දුරකතනයක් සමග ඔහුගේ ගුරුවරයා හා සම්බන්ධ වෙනවා.එය සාමාන්‍ය මනසකින් සිතුවහොත් එය විහිලුවක් පමනක් වෙයි කියලා මට හිතෙනවා.නමුත් එය යම් තර්කයක් එක්ක හිතුවොත් එය පහදා ගැනීමට  හැකියාව ලැබෙනවා.

    පොල් අත්තක් ගිණි තියලා අපි ඒ ගිණි තියන්න කලින් ගත්ත ද්‍රව්‍ය දෙක වෙන් කර ගත්තොත් පොල් අතු තියෙනවා ගින්දර තියෙනවා.එතකොට පොල් අත්ත ආයේ බෙදුවොත් අපිට හම්බෙන්නේ පොල් කුරු මෙහෙම බෙදාගෙන ගියොත් අන්තිමේ අපට ඉතිරි වෙන්නේ කුඩා සංශූ කිහිපයක් විතරයි.මෙතනදී සිද්ද වෙන්නෙත් ඒ දෙම නේද ? සෙල්වම්ගේ ශරීරය එක්ක තිබ්බ විංඤානය ගැලවිලා යනවා.ඔය කීව විංඤානය කොටස් වලට වෙදාගෙන යන්න පුළුවන්.ඉතින් එහෙනම් ඒ තුල අරමුණ  තැන්පත් වෙලා තිබ්බානම් ඒ තුලින් ඔහුට හැකි වෙනවා නැවත් ලොකයකට පිවිසිමට අවස්තාවක් හදා ගන්න.ඒ වගේ සංසිද්දියක් තමයි නිර්මාණය කරුවා මෙතනදී යොදාගෙන තියෙන්නේ..

    ඉතාමත් ත්‍රාසය හා කුතුහලය පිරිණු සිනමා සිතමක් විදියට තමයි මේ චිත්‍රපටය අපට හදුන්වලා දෙන්න පුළුවන් වෙනවා.සිත හා අපට නොපෙනෙන ලොකය අතර තියෙන සම්බන්දතාවයක් මානුෂික ගුණාංගත් එක්ක එකතු කරලා ලස්සනට හදපු නිර්මාණයක් විදියට තමයි මම මේ නිර්මාණය දකින්නේ.

    චිත්‍රපටය පුරාවටම පුද්ගලයින් හතර දෙනෙක්ගේ කතා හතරක් ගලා යන අතර ඒ සියල්ල එක නූලකින් සම්බන්ද කරලා තියෙනවා. අර්ජුන් දාස් සිය චරිතය ඉතාමත් හොදින් ඉටුකරලා තියෙනවා කීවොත් මම නිවරදියි.ඔහුගේ චරිතය තුලින් මිනිසුන්ගේ හැගීම් මට්ටම් කිහිපයක් ගැන කතා වෙනවා.තරහා බය හා කුතුහල යන සියල්ල එක් එක අවස්තානුරූපි විදියට ගලාගෙන ගනවා.

    චිත්‍රපටය වී.විග්නරාජන් විසින් අධ්‍යක්ෂණය කරන අතර රංගනයෙන් අරජුන් දාස් පුජා රාමචන්ද්‍රන් යන අය දායක වෙනවා.ඉතාමත් සංකීර්ණ තත්වයන්ට ගැලපෙන ගීත කිහිපයක්ම ඇතුලත් වෙන මෙම සිනමා මිනිත්තු 171 පුරාවට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.චිත්‍රපටය 2020 නොවැම්බර් 24 නිකුත් උනා.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan