• Posted by : Tharuka Niroshan Wednesday, December 2, 2020


    13B : Fear Has a New Address ( Yavarum Nalam ) 


    ගූගල් පරීශිලක දර්ශකය 96%


    IMDB අගය 7.3/10





    සිනමා තාරකාවකට ආදරය කිරිම වරදක් ද ?


    යුග ගනනාවක් පසුකරමින් නූතනය දක්වාම මිනිසා ඉතාමත් දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා.ඒ ගමනේදී මිනිසා විවිද අවස්තාවන්ට හා පරිසරය තත්වයන්ට අනූරුප වන ආකාරයට සිය ජිවතය වෙනස් කර ගන්න සමත් වෙලා තියෙනවා. එහිදී මිනිසා තම මනස විවිද තළ ඔස්සේ දියත් කිරිම නිසා අද අප දකින තාක්ෂණය පිරි ලොකය  නිර්මාණය  වෙලා තියෙනවා. රූපවාහිනීය දුරකතනය වගේම අන්තර්ජාලය අද සමාජයේ නැතිවම බැරි අංගයන් බවට පත් වෙලා. නමුත් මේ සියල්ල යම් මට්ටමකට මිනිසා  පාලනයකින් සිදු කර ගතහොත් එයින් ඔහුට එන බලපෑම් අවම වෙනවා.නමුත් එය සීමාව ඉක්මවා භාවිතා කරන්න පෙළබුනොත් එයින් සිදුවන හානීය ඉතාමත් විශාල වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.

    මනෝහර් කියන්නේ ඉතාමත් ගුණ යහපත් පිරිමි කෙනෙක්.ඔහු තම පවුලේ අය සමග නව නිවසක් මිලදී ගන්නේ තමාගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු රාශියක් එකතු කරගනිමින් නමුත් මේ නව නිවස ඔවුන්ගේ ජිවිතයට වෙනස්ම අත්දැකීමක් ලබා දෙයි කියලා ඔහු හීනකින්වත් හිතන්නට නැතිව ඇති.ඉතින් ඔවුන්ට මුහුන දෙන්න සිදුවෙන අත්දැකීම් මොනාද කියලා තමයි අපිට මේ කතාව තුලින් බලාගන්න පුළුවන් වෙන්නේ...

    මම ඔබෙන් ඇසුවොත් ඔයාගේ විනෝදාංශය මොකක්ද කියලා එක එක විනෝදාංශයන් කියයි.ඒ අතරින් රූපවාහිනී කතා නැරඹීමත් කෙනෙක්ගේ විනොදාංශයක් වෙන්න පුළුවන්.එය වරදක් නොවේ නමුත් එතනින් එහාට එයට ඇබ්බැහි උවහොත් එය ඉතාම කරදරකාරී දෙයක් වනවාට නොවනුමානයි. කෙනෙක්  ඒ රූපවාහීනී වැඩ සටහන් වල සිටින නළු නිලියන්ට ආදරය කිරිමට පටන් ගනී.එහෙත් යතාර්ථය වාදී ලොකයක් තුළ  එවැනි  ආදරයන් ප්‍රායෝගීක නෝවේ යන්න මගේ අදහසයි.

    අපි ජිවිතයේ යම් යම් දෙවල් තිරණය කරන්නේ අපගේ මනසට එය තෙරුම් ගන්න පුළුවන් පරාසයක ඉදගෙන කියලා මට හිතෙනවා.ඔයා මෙහෙම හිතන්නකෝ අද ලොකේ වෙන ගොඩක් දෙවල් ගත්තාම එවාට නිවරදී පහදා දිමක් එකතු කරන්න තමයි බටහිර විද්‍යාව එකතු වෙලා තියෙන්නේ එත් මේ විද්‍යාවටත් තෙරුම් ගත හැකි පරසයක් තියෙනවා කියලා මට හිතෙනවා.එතනින් එහා දෙවල් ගොඩක් වාදයන් එක්ක පදනම් කරගෙන තමයි අපි තෙරුම් ගන්නේ.මේ ලොකේ පියවි ඇසකින් දකින්න පුළුවන් දෙවල් අතරේ තවත් දෙවල් අපේ පියවි ඇසෙන් දකින්න හම්බෙන්නේ නැ.එත් ඒ දෙවල් විද්‍යාව එක්ක එකතු කරලා යම් පදනමකින් අපි දකින්නවා.සර් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණ හොයා ගන්නකොට මේ ලොකේ ඇත්තටම ගුරුත්වාකර්ෂණ තිබ්බා ද? නැත්ද? එකට ඔබ නිවරදි උත්තරයක් දෙයි කියලා මම හිතනවා. ඔයා හිතන විදියට ඇත්තටම එක තිබ්බා.එත් කාලයත් එක්ක එයා එක පහදා දිමක් විතරයි කරේ.ඒ වගේ මේ ලොකේ තව අපි නොදන්න අපිට හොයා ගන්න බැරි ගොඩක් දෙවල් ඇති ඒ අතරින් එකක් තමයි මේ මිනිස් මනස කියන්නෙත්. මේ මනසේ ඇති වෙන සංසිද්දි යම් තාක් දුරට හොයා ගන්න මිනිසා සමත් වෙලා තිබුනත් 100% හොයා ගන්න බැරි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.අද අපි කතා කරන්න යන්නෙත් ඒ වගේ සිනමා සිත්තමක් ගැන.

    මේ නිර්මාණය යතාර්ථය හා කල්පිතය අතර දෝලනය වෙන නිර්මාණය විදියට තමයි නිර්මාණ කරුවා අප වෙතට අරගෙන එන්නේ.කෙනෙක් මෙය විද්‍යාව මත ඉදගෙන කල්පිත ගොඩ නගමින් නරඹන්නට සූදානම් උනොත් ඔහුට එය තවත් එක නිර්මාණය පමනක් වෙනවාට සැකයක් නැත.නමුත් විද්‍යාවට එහා ගිය ලොකයක් ගැන පොඩි හෝ අවබොදයක් ඇතිව මේ නිර්මාණය නරඹන කෙනෙක්ට මෙය ඉතාමත් විශිෂ්ඨ ගනයේ නිර්මාණය විදියට  දැක ගන්න පුළුවන්.

    චිත්‍රපටය පුරාවට කතාකරන්නේ මනස ගැන කිවොත් මම නිවරදී කියලා හිතෙනවා.අපේ මනස විවිද අවස්තාවන් වලට අනූරුපව වෙනස් තත්වයන් ගන්නවා.නමුත් කෙනෙක්ට හිතන්න පුළුවන් මරණයෙදී මණස නැති වෙනවා කියලා.එක පහදා දෙන්න විද්‍යාවට වඩා බෞද්ධ  දර්ශන උපයොගී කර ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා.කෙනෙක් මිය යනකොට ඔහුගේ ශරීරයෙන් ශක්තියක් පිට වෙලා යනවා.ඒ ශක්තිය  ඇත්තටම විංඤානය කියලා හදුන්වාලා දෙන්න පුලුවන්.එතකොට මේ විංඤානයට මරණෙන් පසු යම් ශරීරයකට බලපෑම් කරන්න පුළුවන් ද? අන්න එක විද්‍යාවට අනුව අපට පහාදා දෙන්න බැ.එතනදී ඒ සදහා සංකල්පයක් විදියට රූපවාහිනීය  යොදා ගන්නවා. 

    එතකොට එය ඉතාමත් ලස්සන සංකලනයක් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා.

    මේ කතාව පටන් ගන්නේ පුංචි පවුලකින්.පුංචි පවුලක තියෙන ආදරය  සෙනෙහස වගේම ආරක්ෂාව කොච්චර  ද කියලා නිර්මාණ කරුවා පළවෙනි දර්ශනය තුලින්ම අපට පෙන්නවාලා දෙන්න සමත් වෙලා තියෙනවා. මෙහෙම ආරම්භ උන අපේ කතාවට අර්තයක් ලබා දෙන්න දෙවනී දර්ශනය සමත් වෙලා තියෙනවා. අන්ධ පුද්ගලයෙක් බල්ලෙක් සමග මනෝහර් හම්බෙන අවස්තාව.මෙය කෙනෙක්ට සාමාන්‍ය විදියට පෙනුනත් අන්ධ පුද්ගලායා මගින් නිර්මාණ කරුවා නිර්මාණයට විශාල අර්තයක් එකතු කරලා තියෙනවා.අන්ධ කෙනෙක් ලොකය දකින්න උත්සහ කරන්නේ සැරාටිය වගෙම ජිවන සහකාරයා එක්ක එකතු වෙලා.නමුත් ඒ සහකාරයා සතෙක් වීම තුලින් මිනිසා හා සතුන් අතර ඇති හිතවත් බාවය මනා කොට අපට බලා ගන්න පුළුවන් වෙනවා.ඒ දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්න සුළු අකාරයට නිර්මාණය වෙලා තියෙනවා.

    එක් අවස්තාවකදී මනෝහර්ගේ නිවසට බල්ලා පැමිණිනෙන බල්ලා මග නැවතී ඉතාමත් කළබල කාරී විදියට දිව යනවා.එහීදී අපට පැහැදිලි වෙන කරුන වන්නේ බල්ලාගේ ඇස් වලින් මිනිසාට වඩා වැඩ් දෙයක් නැරඹීමට  හැකියාවක් ඇති බවයි.තවත් අවස්තාවකදී බල්ලා කුඩා පොතක් සොයා ගන්නවා.මෙය සමස්ත කතාවම වෙනසක් ඇති කිරිමට සමත් වෙන සිද්දියක් බවට පත් වෙනවා.එහීදී බල්ලාගේ ඉව වගෙම බල්ලාගේ මිනිසාට ඇතී ආදරය ඉතාමත් හොදින් නිර්මාණ කරුවා අපට පෙනවලා දීලා තියෙනවා. මනෝහර්ගේ පවුලේ අය නිතරම රූපවාහිනී  වැඩ සටහන් නැරඹීමට දක්වන ආශාව වැරදි නොවේ නමුත් ඔවුන් එයට ඇබ්බැහි විම තුලින් ඔවුන්ගේ ජිවිතයේ වැදගත් අවස්තාවන් පවා මග හැර ගනී.සැබෑ  ලෙසම යතාර්ථවාදී ජිවිතයක එවැනි  මිනිසුන්  දැක ගත හැකි වෙයි.ඒ වැනි ඇබ්බැහි  වීම මිනිසාට අවශ්‍යද යන්න ඉතාමත් හොදින් නිර්මාණ කරුවා අපගෙන් ප්‍රශ්න කරනවා කියලා මට හිතෙනවා.

    මනොහර් සිටින නිවසේ අදුරු ආත්මයක් සිටින බවට නිර්මාණ කරුවා ඉතාමත් සංයමයකින් නිර්මාණය කරලා තියෙනවා.එම නිසා නරඹන කෙනෙක්ට එය තමාගේ නිවසක තමාට සිදුවූ දෙයක් විදියටම තමයි දැනෙන්නේ.නමුත් හොදම කරුනනම් ඒ කිසිම දෙයක් පවුලේ අනිත් කිසිම කෙනෙක් හට නොදනීමයි.ඒය නිර්මාණ කරුවාගේ උපාශීලී ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්. රූපවාහිනී තිරයකින් අපි අපේ ජිවිතයේ ඉදිරිය දකින්න පුළුවන් නම් සැබෑ  ලෙසම අප කරන්නේ දවස පුරාවටම එය දෙස බලා සිටිමයි.මෙහිදී එක් සිදුවිමකදී මනොහර්ගේ බිරිදට අනතුරක් සිදු වී ඔහුගේ උපදින්න සිටින දරුවා මිය යනවා.ඒ සිදුවිම බලන කෙනෙක් හට සිතෙන්නේ මෙය නපුරු ආත්මය විසින් සිදු කළ එකක් බවයි.නමුත් මොහොතක් කල් පනා කර බැලුවහොත් පෙනී යන්නේ එය එසේ නොව ඇයට සිදු වෙන්න තිබු දෙයක් කලින් දැනුම් දිමක් නපුරු ආත්මය කර ඇති බවය.

    මේ ආකාරයට නිර්මාණය ඉතාමත් කුතුහලය සමග ගලාගෙන යන විට මනොහර් මේ රූපවාහිනී  අභිරහස විසදා ගැනීමට  උත්සහ ගන්නවා.එහිදී ඔහු තොරතුරු සොයා ගැනීමට පුස්තකාල හා ලේඛනාගාර වල පත්තර බැලිම සිදු කරනවා.එය කෙනෙක් හට සාමාන්‍ය දර්ශනයක් උවත් එය චිත්‍රපටය තුළ ඇති විශිෂ්ඨම දර්ශන විදියට මම දකිනවා. අද අප භාවිතා කරන අන්තර්ජාලයේ තොරතුරු කෙතරම් තිබුනත් එවා අස්තානගත වීමට ඇති අවස්තාවන් වැඩි වෙයි.නමුත්  පුස්තකාල වල තොරතුරු බොහෝ කාලයක් රදවා තබා ගත හැකි බව නිර්මාණකරුවා සූක්ෂම අයුරින් අපට පෙනවලා දෙනවා.එහෙනම් අපට එයින් පැහැදිලි වන්නේ අප කෙතරම් තාක්ෂණය අතින් ඉහලට ගියාත් අනිවාර්යයෙන්  පැරණි දේ සූරකිය යුතුයි යන්නයි.

    මේ කතාවේ රූපවාහිනීය තුලින් කතා කරන්නේ ආත්මයක් බව මේ වෙන විටත් ඔබට පැහැදිලි  වෙලා ඇති කියලා මට හිතෙනවා.එසේනම් ඒ ආතමය කවුද කියලා හොද පැහැදිලි  කිරිමක් නිර්මාණය තුලින් අපට ලබා දෙනවා.ඒ ආත්මීය පවුලේ ජීව මාන සාක්ෂිය වන්නේ අබ්බගාත දරුවෙක් වීම තවත් සුවිශේෂ කරුණක් විදියට මම දකිනවා.දරුවෙක් විදියට ඔහුට කතා කිරිමට හෝ අදහස් ප්‍රකාශ කිරිමට නොහැකි අවස්තාවන් වල රූප මගින් එය ඉදිරිපත් කිරිමෙන් ඔහුගේ හිතේ ඇති වේදනාවන් ඉතාමත් හොදින් පෙන්නුම් කරලා තියෙනවා.

    මුල මැද අග යන තුන් අවස්තාවන්ම ඉතාමත් හොදින් ගලපලා මේ නිර්මාණය සිදු කරලා තියෙනවා.චිත්‍රපටය සියලු දර්ශනයන් එකිනෙකට එකක් සමාන කම් පෙන්වීම නිසා චිත්‍රපටය අවසානයේ අපට කිසිම ගැටලුවක් ඉතිරි නොවිමත් මෙහී ඇති විශේෂ කරුණක් විදියට සලකන්න පුළුවන්. එමෙන්ම මේ චිත්‍රපටය පුරාවටම නපුරු ආතමය නිවසේ සිටින කිසිම කෙනෙක්  හට කරදරයන් සිදු නොකිරිම මගින් නිර්මාණ කරුවා පුන පුනා අපට ප්‍රකාශ කරන්නේ අපි යහපත් ජිවන තත්වයන්ගෙන් ජිවත් වෙනවානම් කිසිම කෙනෙක් හට අපට කරදර කිරිමට නොහැකි බවයි.

    එහීදී අපට එන ගැටලුව වන්නේ එසේනම් ඇයි නපුරු ආත්මය මේ යහපත් මිනිසුන් සමග ගණුදෙනු කරේ යන්නයි.එයට හෙතුව මේ කතාව පුරාම චූජිතයා උන කෙනා ඔවුන්ගේ පවුලට සමීප විමත් පෙර ආත්මය ජිවත් වු නිවස එය විමත් නිසා කියලා අපට පැහැදිලි  කර ගන්න පුළුවන් වෙනවා.

    දරුවෙක් ලොකයට බිහි කරා හො හදා වඩාගත්තාත් මේ අවස්තාවන් වලදී එම දරුවාට ගුණ යහපත් කම වගේම අහීම් විම් විද දරා ගැනීමට  පුරුදු කිරිමට දෙමාපියන් වග බලා ගන්න ඕනා යන්න මේ කතාව නරඹපු ඕන කෙනෙක්ගේ මතය කියලා මට හිතෙනවා.ඒ වගෙම යම් හෙයකින් ඒ පදනම බීදී ගිය විට දරුවන්ගේ නිවරදී භාවයට හෝ දරුවන්ගේ වියෝවට වෙනත් කෙනෙක් පලිහක් කරන එක කෙතරම් පහත් වැඩක් ද යන්න නිර්මාණ කරුවා අපෙන් අවසානයට ප්‍රශ්න කර සිටිනවා.එසේනම් විය යුත්තේ අපගේ මනස එක්ක තියෙන ගණුදෙනුව ඉතාමත් සංයමයකින් කීරිම නෝවේද? 

    චිත්‍රපටය කළු හා සුදු වරණයන්ට ප්‍රමුඛ  තැනක් ලබා දීම නිසා වෙනස්ම අත්දැකීමක් ලබා ගැනීමට  ඔබට හැකියාවක් ලැබෙනවා.තවද තාක්ෂණික අංගයන්ගෙන් මේ නිර්මාණය පිරිපුන් වන අතර බොහෝ අවස්තාවන් වල ස්භාවික සිද්දී ඒ අකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරිමට නිර්මාණ කරුවා උත්සහගෙන තියෙනවා. 

    ත්‍රාසය කුතුහලය වගෙම බිය යන තුන් ආකාරයෙන් පොෂණය උන මේ සිනමා නිර්මාණය  වික්‍රම් කුමාර්ගේ නිර්මාණයක් වන අතර මාධවන් රවි බාබු යන අය රංගනයෙන් දායක වෙනවා. දෙමළ හා හින්දි යන භාෂා දෙකෙන්ම නිර්මාණය උන මෙම සිනමා නිර්මාණය ආදායම් වර්තා පවා පිහිටු විමට සමත් වෙලා තියෙනවා. 2009 මාර්තු 06 වන දින තිරගත වුන මෙම සිනමා නිර්මාණය   මිනිත්තු 137 පුරාවට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan