Thillalangadi
Thillalangadi 2010
ගූගල් පරීශිලක දර්ශකය 92%
IMDB 4.9/10
ජිවිතයට වෙනස් රසයක් සොයා ගිය තරුණයා.
මේ ලොකේ හැමොම යන්නේ එකම ගමනක්. අපි අම්මා තාත්තාගේ ආශිර්වාදය එක්ක ලොකෙට උපත ලබනකොට එදා ඉදන් ලොක සම්මතයට ආදරය කරමින් ජිවත් වෙන්න පටන් ගන්නවා.එක වසරේ ඉදන් දහතුන වසර වෙනකන් ඉගෙන ගන්න අපි එතනින් එහාට උසස් අධයාපනය ලබන්නේ උසස් රැකියාවක් බලාපොරොත්තුවෙනී.එතනින් පසු ජිවිතයේ අවසානය දක්වාම එලෙස අප ජිවත් වෙන්නෙමු.මෙය ලොක සම්මතයයි.එය අප විසින්ම සාදා ගෙන ඇත. නමුත් සුළු පිරිසක් පමනක් මෙයින් එළියට විත් ජිවිතය සතුටින් ගත කරයි.
ක්‍රිෂ්ණා කියන්නේ පොඩි කාලේ ඉදන් ගොඩක් දගකාර කමට වගෙම දෙමාපියන්ගේ ආදරය සමග උස් මහත් වෙන දරුවෙකී. ඔහු නිතරම වෙනස් දෙවල් කිරිමට උත්සහ ගන්නා අතර එම නිසා බොහෝ සංසිද්ධින් වලට මුහුන දිමට ඔහුට සිදුවේ. මේ කතාව තුලින් ඔහුට ජිවතයේ මුහුන දිමට සිදුවන අභියෝග ගැන ගොඩක් ආසාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය ආරම්භ වන්නේ තමන්නාගේ හරී අපූරු දර්ශනයකිනී. එහීදී නිර්මාණය කරුවා ඇගේ සුන්දරත්වය වගෙම ඇගේ චරිත ලක්ෂණ ගැන හැදින් විමක් කිරිමට සමත් වේ. ආදරය කරන දෙදෙනෙකුගේ එකම බලාපොරොත්තුව කෙසේ හෝ විවාහ විමය.නමුත් සමාජයේ මුදල් අතින් තරාතිරම තීරණය ඌ කලිහී එවනි පවුල් දෙකක් අතර සිදු වන විවාහයට දෙමාපියන් ඉඩ නොදේ. එය සැබෑ ලෙස නිර්මාණය කරුවා නිර්මාණය තුලින් පෙන්විමට උත්සහ ගන්නා අතර එහීදී හාස්‍ය උපදවන දර්ශන යොදා ගැනීම තුලින් එය තවත් රසවත් කර ඇත.එම දර්ශන තලය මගින් ප්‍රදාන නළුවා හා දමිළ සිනමාවේ විකට නළුවෙකු වන Sathyan තිරයට හදුන් වා දී ඇත.
අප ආදරය කරන විට සැමවිටම කරණුයේ කෙල්ලෙ පස්සේ කොල්ලා ගොස් ආදරය ඉල්ලා ගැනීමය.නමුත් මෙය වෙනස් විදියකින් ඉදිරිපත් කරන නිර්මාණය කරුවා ඒ තුලින් ඉතාමත් අලංකාර ආදර කතාවක් ඉදිරිපත් කිරිමට සමත් වේ.එහීදී නිර්මාණය තුලට ආදරය සමග හාස්‍ය ඉපදවිමට වඩිවේලු ව යොදාගෙන ඇත. නිර්මාණය තුළ මුලික අරමුණ සමාජ සම්මතයට නොව එතනින් එහාට ගොස ජිවිතයේ ඇත්තම රසය සොයාගෙන යෑමය. එය සිනමාව තුලදී නළුවන් හැසිර විමෙදී පවා නිර්මාණ කරුවා මනා සේ සිතා ඇත.චිත්‍රපටය පළවෙනි අඩ හොරාවේ හාස්‍ය ඉපදවිමට යොදා ගත් නළුවා දෙවන අඩ හොරාවේ ඉවත් කර ඒ වෙනුවට වෙනත් නළුවෙක් යොදා ගැනීම එයට හොදම උදාහරණයයි.
චිත්‍රපටය පළවෙනි භාගය අවසන් වන විට ආදරය , සංගිතමය රසය හා හාස්‍ය සමග ඉතා හොදින් පොෂණය කරන නිර්මාණ කරු එයට තවත් හොදින් දරුවන් හා දෙමාපියන් අතර ඇති වන තෙරුම් ගැනීම හා අවබොදය එකතු කරයි. එම නිසා පළවෙනි භාගය ඉතා හොදින් ගලාගෙන යන බව අපට පවසා සිටිය හැකිය. දෙවන භාගය පළවෙනි භාගයට වඩා හත්පසින්ම වෙනස් විදියට ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වෙන අතර එහීදී මිනිසාගේ මානුෂික හැගිම් උද්දීපනය කිරිමට සමත් වේ.
මේ ලොකේ ගොඩක් මිනිස්සු වෙනස් වෙන්නේ තමන් වෙනුවෙන් නැත්නම් තමන්ගේ මිනිසු වෙනුවෙන්ය. මිනිස්සු උදේ හවස හොයන්නේ සතුට.ජිවතයේ කෙතරම් දුර ගියත් සතුට කියන දේ හොයා ගන්න බැරි බව අප දන්නා කරුණකී.
පුංචි පවුලක් අම්මා , තාත්තා එක්ක එකම දුව හරීම ආදරෙන් ජිවත් වෙනවා. සතුට කෙතරම්ද කියනවානම් ඒ සතුට තාත්තා හම්බ කරන පඩියටත් වඩා වැඩී.අපි කතාවටත් කියනවා පුතෙක් ඉන්නකොට ගෙදර කට කාරයි දුවෙක් ඉන්නකොට ගෙදර සිරියාවයි කියලා. ඒ සිරියාව ඒ පුංචි පවුලෙත් හරී ලස්සනට තිබ්බා.හැම දෙම වෙනස් වෙන්න ගියේ එකම එක මොහොතයි.තමන් පණ වගේ ආදර කරපු දුවගේ ජිවිතය අනතුරේ මොනවා කරන්නද? කාට කියන්නද?
" තාත්තේ ඔයා මාව බෙරාගන්නවා නේද ?"
එහෙම දුව අහනකොට ඒ තාත්තාගේ පපුව පිච්චිලා යන්න ඇති.ඒ අම්මාගේ කිරි වලින් ලේ වැගිරෙන්න ඇති.ඒ තමයි අසීමිත දෙමාපිය සෙනෙහස. මේ ලොකේ අනාතයින් වෙලා අසනීප වෙලා අත් පා නැතිව ජිවිතයේ හෙට දවස දකින්න නැතිව ගොඩක් ළමයි ඇති.ඒ ළමයි වෙනුවෙන් රුපියලක් වියදම් නොකරන මිනිසු කොටි ගනන් හම්බ කරලා සුර සැප විදිනවා ඇති.මෙකයි සමාජයේ යතාර්ථය මෙය ඉතා හොදින් තිරය මත නිරූපණය කිරිමට නිර්මාණ කරුවා සමත් වේ.
මෙතෙක් වෙලා හාස්‍ය එකතු කරපු අපගේ මනස කදුලින් තෙත බරිත කිරිමට මේ දර්ශන සමත් උවා කිවොත් මම නිවරදී. චිත්‍රපටය තුල සාර්ථකත්වයටද එය එතරම් හොදින් බලපෑම් කර ඇත. මේ ලොකේ අසරණ මිනිසු වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් නොවෙනකොට ඒ මිනිසුන්ගේ දුක වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා ලොකය එක්ක සටන් කරනවානම් එය කෙතරම් අගනේද? එය සංකල්පයක් කරගෙන ඉතා හොද සටන් ජවනිකා හා බුද්දිය මෙහෙය විමේ ක්‍රයා සමග චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යයි. චිත්‍රපටය තුල එක දර්ශනයක් තුලින් අනෙක් දර්ශනය තුල සිදුවන දෙය වටහා ගැනීමට අපහසු විම මෙහී ඇති තවත් විශේෂ ලක්ෂණයකී. චිත්‍රපටයේ කෙතරම් සියුම් විදියට හදවත ස්පර්ශ කරත් හැම විටම හාස්‍ය උපදවිම නතර කර නොමැති විම චිත්‍රපටය පුරාම අපට දැක ගත හැකිය.
චිත්‍රපටය තුල ජෙයම් රවි ඉතා විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කර ඇතිවාට සැක නැත. ඔහු ඉතා හොද අභියෝගාත්මක නළුවෙකි. චිත්‍රපටය තුල ඔහුගේ චරිතය ඉතාමත් සරළ උවත් හැගිම් වෙනස් වන අවස්තාවන්ට අනුරුපව මුනේ භාවයන් වෙනස් විම ඉතා අපූරු ලෙස අපට දැක ගත හැකි විය. චිත්‍රපටයේ සාර්ථකම රංගනය ඉදිරිපත් කිරිම් අතර තමන්නාට හිමි වන්නේ ඉතාමත් ඉහල තැනකි. ඇය සිය රංගනය තුලින් ඉතා හොද නිළියක්, නර්තන ශිල්පිණියක් ලෙස සිය චරිතයට සාදාරණ ඉටු කර ඇත.
විකට නළුවන් සියළු දෙනා සිය හාස්‍ය ඉපදවිමේ හැකියාව උපරිම ආකාරයෙන් නිර්මාණය තුලට ලබා දී ඇති අතර මේ හාස්‍යජනක සිදු විම් සියල්ල තුල අනවශ්‍ය මවා පැම් නොමැති විම විශේෂ කරුණකී. සමස්තයක් ලෙස ගත් කළ ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙස මෙය අපට හදුන්වා දිය හැකිය.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මොහාන් රාජා විසින් වන අතර චිත්‍රපටය විනාඩි 180 පුරා දාවනය වේ. චිත්‍රපටය නිශ්පාදනය සදහා ඇමරිකානු $ මිලියන 7 වියදම් වී ඇති අතර එය ඇමරිකානු $ මිලියන 26 ක ආදායමක් ලබාගෙන ඇත.ඉහල ප්‍රේක්ෂක ඉල්ලුමක් හා ඉහල ගුණාත්මක භාවයක් සහිත මේ නිර්මාණය 2010 ජුලි 23 දින ලොව පුරා තිර ගත විය
Lucifer 2019
Lucifer 2019
ගූගල් පරීශිලක දර්ශකය 90%
IMDB 7.5/10
දෙශපාලනයේ අදුරට එරෙහිව රාක්ෂයාගේ නැගීටිම.
මේ ලොකේ හරී පුදුමයි නේද ? මිනිසා තමයි මේ ලොකේ හොදම නිර්මාණය.එත් ඒ මිනිසාගේ පාලනය අද සල්ලී වලින් සිදු වෙනවා නේද ? බලන්න මිනිසු සල්ලි වෙනුවෙන් මොනාද නොකරන්නේ මිනී මරණවා, හොරකම් කරනවා ඒ වගෙම තවත් අපචාර කරනවා.ඇයි මේ ලොකේ එච්චර නපුරු උනේ. සල්ලී නිසාමද? කොහොම හරී මේ සියල්ල එහෙම වෙනකොට මිනිසුන්ගේ ගුණ දහම් පහත් වුනා. එදා ආදී මානවයා රොදය හා ගින්දර හොයා ගත්තේ ඇයි ද යන්න ඔබත් මාත් දන්නා කරුනකී.මිනිසා දිනෙන් දින දියුණු වීමට උත්සහ කලත් ඒ තුලින් මිනිසාම පරිහානියට පත් වීම කණගාටුවට කරුණකී.ගින්දර සොයා ගත් මිනිසා ආහාර හොදින් පිස අනුඹව කරන්න පෙළබුනා.රොදය හොයා ගත් මිනිසා ඒ තුලින් සිය ගමන බිමන පහසු කර ගත්තා.එත් අද එය කෙතරම් වෙනස් වි ඇත්ද?
ගින්දර නිසා මුලු සමාජයක් විනාශ කිරිමට මිනිසාම උත්සහ ගනී.එය මෙසේ සිදු වුයේ ඇයි ද යන්න මම නොදනෙමී.නමුත් එයින් වී ඇති අයහපතනම් අති මහත්ය. එදා මිනිසුන් හට ආගමක් දහමක් නැත.ඔවුන් ජිවිත් වෙන කාලය සතුටින් ගත කළහ.ටිකින් ටික නායකයන් බිහිවිමට පටන් ගත්තේය.නායකයා මිනිසුන් මෙහෙයවයි නමුදු අද එහී අනිත් පැත්තය.නායකයා නිසා අනුගාමිකයා විනාශ වී යයි. මේ සා හානියක් වුයේ ඇයි ද යන්න මම නොදනිමි. බලය ආශාව වගෙම තන්හාව නිසා මිනිසා මිනිසාවම මරා දමන්න පෙළ බී ඇත.දෙශපාලනයේ ඇති අමිහිරි බව එයය.කෙනෙක් එයට විරුද්ද විමට තැත් කළහොත් එ කෙනාට ජිවිතයේ අවසාන හුස්ම හෙළිමට පවා සිදු වේ.කිසිම පාලකයෙක් යටත් පිරිසේ ජනයා බුද්දිමත් වනු දැකිමට කැමති නැත.එයින් සිදු වන්නේ පාළකයා හට බලයේ සිටිමට ඇති ඉඩ කඩ ඉහීරී යාමය.මේ ලොකේ හැමොම ආසයි එයාලට අනිත් අය සේවය කරනවානම් එයාල කියන කියන විදියට ජිවත් වෙනවානම්.එතකොට මුලු ලොකයම එයාට හොද කියනවා.එත් එහෙම කරන්න බැරි උනොත් මේ ලොකෙම ඔයාට දොස් කියනවා.මිනිසුන්ගේ පිරිහිම නේද මේ.හිතලා බලන්න හොදම කාලය මෙක කියලා මට හිතෙනවා.එකට බැදුණු ලස්සන ගීතයක් මගේ මනසට නැගෙනවා.
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ ඔබ හිඳුවා
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල…
මළයාලම් සිනමාවේ බිහිවු සාර්ථක නිර්මාණයක් විදියට මම මේ නිර්මාණය දකිනවා. චිත්‍රපටය පුරාවටම තාත්වික කරුණක් පිළිබඳ කතා කරන අතර එයට යොදා ගත් තේමාවත් ඉතාමත් යහපත් වේ.මේ කතාවේ විශේෂ ලක්ෂණ කිහිපයක්ම තිබේ.ඒ අතරින් ප්‍රදාන වන්නේ මේ කතාව තුළ ගලා යන්නේ ඉහල දෙශපාලනයේ යෙදෙන අයගේ පහත් වු ලක්ෂණ වීමය. ඉංදියාව මෙන්ම වෙනත් රටවල් වලද ඉතාමත් සාර්ථක වු මෙම නිර්මාණය එතරම් සාර්ථක විමට හෙතු විමසා බැලිය යුතුය යන්න මාගේ අදහසයි.
චිත්‍රපටය ආරම්භ වන්නේ ඉහළ පෙලේ දෙශපාලනය යෙදෙන පුද්ගලයකුගේ අභාවය සමගය.නිර්මාණය කරුවා එවනී ආරම්භයක් ගැනීම තුලින් නරඹන්නා හට ආරම්භයේදී ඉතාමත් හොද ජවයක් ලබා දී ඇත. එහීදී ඉංදියාව තුල ජාතියට ඇති ගෞරවය වගෙම භක්තිය ගැන කතා කිරිමට නිර්මාණ කරුවා උස්සහ ගෙන තිබේ.තවද එම දර්ශනය උපයෝගී කරගෙන මිනිසුන්ගේ දෙශපාලන වහල් භාවය නොකියා අපට පෙන්වා දී ඇත.එහීදී පොලිසියේ හැසිරිම හා සාමාන්‍ය ජනයාගේ හැසිරිම තිරයට පෙන්වීම ඉතාමත් ප්‍රායෝගීකයි කියා මට සිතේ.මෙහීදී සියළු පිරිස සුදු වර්ණයන් ඇදගෙන සිටිම මගින් නිර්මාණයට නව ජීවයක් එකතු වී ඇත.මෙතනදී දෙශපාලනයේ අනිත් පැත්ත ඒ කියන්නේ මීඩියාවල හැසිරිම ගැන කතා කිරිමට නිර්මාණ කරුවා අමතක නොකරයි.ඒ අනුව ආරම්භය ඉතාමත් යහපත් විදියට මම දකිමී.
අනතුරුව කතාවේ කුතුහලය වගෙම කෙන්තිය ඒ ලෙස පවත්වා ගනිමින් දෙවන දර්ශනයට අපව රැගෙන යයි. එහීදී සමාජය ක්රයාකාරීයෙකු මගින් චිත්‍රපටයේ සෙසු චරිත හදුන් වා දෙයී.එහීදී නිර්මාණ කරුවා යොදා ගන්නාවු ක්‍රමය ඉතාමත් විශිෂ්ඨ ලෙස මම දකිමී.මේ කාලය වන විට මිනිසුන් එකතු විම හා සංනිවේදන කෙරෙහී සමාජ මාධ්‍ය බොහෝ සෙයින් බලපායි.එමෙන්ම දෙශපාලන පක්ෂ ඇති කිරිමටත් නැති කිරිමටත් මේ දෙකටම සමාජ මාධ්‍ය බෙහෙවින් බලපායි.ඒ අනුව මේ කුඩා සංකල්පය නිර්මාණ කරුවා මේ කොටසේදී මනාකොට ග්‍රහණය කරගෙන ඇත.එම නිසා මේ නිර්මාණයේ යම් කොටසක්වත් අසාධාරණ ලෙස අපට ඉවත් කළ නොහැකි වෙයි.
චිත්‍රපටයේ ප්‍රදාන තෙමාව සමග ගැටිමට නිර්මාණ කරුවා අවශ්‍ය පදනම මේ වනවිට නිර්මාණය කර අවසන්ය.එතනින් පසු මේ දෙශපාලනයේ අපට නොපෙනෙන අදුර පෙන්විමට නිර්මාණය කරුවා උත්සහ ගැනීම සිදු කරයි.එහිදී අමතක නොකර ඔහු පිරිසිදු දෙශපාලනය හා අපිරිසිදු දෙශපාලනය සංසදය කිරිම විශිෂ්ඨ ලෙස මම දකිමි.
එතනින් පසු චිත්‍රපටයට හදුන්වා දෙන චරිත හා ඒ ඇසුරෙන් කතාවේ ප්‍රදාන තෙමාවට කර ඇති බලපෑම අප කතා කළ යුතුය. ප්‍රයදර්ශනී ඇය මේ කතාවේ මියගිය දෙශපාලකයාගේ දියනිය ලෙස කතාවට එකතු වෙයි.සාමාන්‍ය ජන ජිවිතයෙදී කාන්තාවකට ආවේනීක වු ලක්ෂණ ගැන කතා කරයි.නමුත් මෙහීදී නිර්මාණය කරුවා ඇගේ ප්රතාපවත් භාවය හා උද්දච්ච කම ගැන කතා කරයි.දෙශපාලනයේදී කපටි කම ගැහැණියකට පිරිමියෙකුට මෙන්ම ඇති බව නිර්මාණ කරුවා ඇගේ චරිතයෙන් අපට පෙන්වා දෙයි.නමුත් මෙහීදී ඇයගේ චරිතය තුලින් නිර්මාණ කරුවා පෙනවා දෙන්නේ ඔවුන්ගේ පරිසර මට්ටම ගැන වන අතර සාමාන්‍ය ජනයා හා ප්රයදර්ශනීගේ සංකලනයක් නොපෙන්වයි.
ඉලගට දෙශපාලනයේ දුෂිත බව හා කතාවේ ප්‍රදාන තේමාව ගැන කතා කරන්නේ බොබී හරහාය. බොබී යනු සිය ජිවිතයම මිළ මුදල් වෙනුවෙන් කැප කෙරන කෙනෙකී.දෙශපාලනය කරන ඕනම කෙනෙක් හට එය පවත්වා ගැනීමට මුල මුදල් තිබිම අවශය කරුණකී.නමුත් ඒ මිළ මුදල් සාදාරණ විය යුතුය.නමුත් එසේ නොවෙන්නේ නම් එය ගැටලුවකී.මෙහෙදී නිර්මාණ කරුවා කුඩු ගැන කතා කරයි.ඕනම රටක කුඩු කියන්නේ මහා කෙදවාචයකී.නමුත් කුඩු කිසිම රටකට හොරෙන් ගෙන ගියත් දෙශපාලනය අදිකාරියේ බලයක් නොමැතිව එවා බෙදා හැරිය නොහැකිය.එසේනම් රටක් වනසන්න ප්‍රදාන හෙතුව වන්නේ පහත් දෙශපාලනයේ යෙදෙන අය නේද යන්න නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සීටී.
මළයාලම් සිනමාව බොහෝ විට නිර්මාණය වන්නේ ස්භාවික පරිසරය පදනම් කරගෙන බව ඔබත් මමත් දන්නා කරුණකී.නමුත් මෙහිදී නිර්මාණ කරුවා එතනින් එහාට ගොස් බොලිවුඩයේ නිර්මාණ වල ආභාෂය මෙයට එකතු කරගෙන ඇත.එය ඉතාමත් සාර්ථක උත්සහයක් වන අතර එම නිසාම චිත්‍රපටයට වෙනස්ම ආරක අලංකාරයක් එකතු කර තිබේ.එයට උදාහරණ ලෙස අපට නයිට් ක්ලබ් පෙන්වා දිය හැකිය.
අනතුරුව දෙශපාලනයේ ශක්තිමත් බල කණුව වගෙම චිත්‍රපටයේ ප්‍රදාන චිරිතය නිර්මාණයට හදුන් වා දී ඇත.මෙහිදී මළයාලම් ගම්මාන වල සුදරත්වය වගෙම මලයාලම් වැසියන්ගේ ආගම ගැන පෙන්විමට උත්සහ කරයි.ස්ටීෆන් කියන්නේ මිනිසුන් මගින් එන කෙනෙක් ලෙස නිර්මාණය කරුවා පෙන්වා දෙයි.ඒ බව නිතර පෙන්විමට ඔහු සමග එකතු වන ජන ගංගාව උදාහරණ දරණු ඇත. ඒ අනුව පළවෙනි අඩ හොරාව ගත වන විට චිත්‍රපටයට අවශ්‍ය පදනම නිර්මාණ කරුවා දමා අවසන් වන අතර එය ශක්තියමත් ආරම්භයක් ලෙස මම දකිමි.එම නිසාම මෙම නිර්මාණය මෙතරම් සාර්ථක වී ඇත.එහීදී නිර්මාණය කර ඇති ජන ගංගා චිත්‍රපටයේ විශිෂ්ඨතාව තවත් හොදින් කියා පායී.
එතනින් අනතුරුව නිර්මාණය කරුවා ස්ටීෆන්ගේ අනාත නිවාසය හා ඒ ආශිතව සිදුවන ක්‍රියාවලි පෙන්වීමට උත්සහ ගෙන ඇත.එතනදී යම් අයෙක්ට ප්‍රශ්නයක් නැගෙන්නේ මොකක්ද දෙශපාලනය හා අනාත නිවාසය අතර ඇති සම්බන්ධය යන්නය.අනාතයින් යනුවෙන් හැදින්වෙන්නේ කවුද කියලා පැහැදිලි අවබොදයක් ලබා ගැනීම තුලින් එය අපට පහදා ගත හැකිය.සැබෑ ලෙසම අනාතයින් නිර්මාණය වන්නේ දෙමාපියන් නැති කම නිසාය එයට හෙතුව වන්නේ දුප්පත් කමය.දුප්පත් කම නැති කිරිම රජයක වගකීමයි.මෙහීදී එවනි දර්ශන යොදා ගනිමින් නිර්මාණය කරුවා දෙශපාලනයේ අඩුපාඩු පෙනවා දෙන අතර ස්ටීෆන්ගේ ඇති මානුෂිකත්වය තව තවත් පෙන්නුම් කරයි.
මේ වන විට නිර්මාණය කරුවා දෙශපාලනයේ දුෂිත ආකාරයන් ගැන කතා කර ඇති අතර තව එක් කරුණක් ගැන ඔහුට කතා කිරිමට අවශ්‍යව ඇත.එනම් ලිංගිකත්වයයි.එය ඉතාමත් හොදින් නිර්මාණය කිරිමට ප්රයදර්ශනීගේ දියනිය කෙරෙහී බොබීගේ ඇති කාම ආසාව යොදාගෙන ඇත.මේ වන විට අපට දෙශපාලනයේ දෙපෙත්තක් කතා කරන බව පැහැදිලි වී හමාරය. දෙශපාලනයේ සැබෑ ලෙසම අවස්තාවාදිය.ඔවුන් නිතර මිනිසුන් වෙනුවෙන් නොව තමාගේ යහපත වෙනුවෙන් සිදු කරන දෙයක් බව අපට පැහැදිලිය.එය මානාවට නිර්මාණය තුලින් පෙන්නුම් කරන අතර බලය නිසා ඔවුන් සුපොගබොගී ජිවිත ගත කරන අයිරු බොබිගේ චිරිතය තුලින් නිර්මාණයට ග්‍රහණය කරගෙන ඇත.
සියල්ල සිදු වී ඇති අවස්තාවක ධර්මය හා අධර්මය ඒ කියන්නේ දෙශපාලනයේ හොද හා නරක එකිනෙකට හමු වේ.එහිදී අදුර විසින් ආලොකය යටපත් කරන්න උත්සහ ගත්තා ද, එය එසේ නොවන විට සිදුවන විපත වගෙම ස්ටීෆන්ගේ කාර්යසූර බාවය නිර්මාණය තුල පෙන්නුම් කරයි.එතන් පසු නිර්මාණය දෙවන පරිච්ඡේදයක් ඔස්සේ ගලාගෙන යන බව අපට පැහැදිලි වේ.
මේ වන විට නිර්මාණය තුල මාධ්‍යවේදීන්ගේ හැසිරිම ගැන විශේෂ ලෙස කතා කර නොතිබිම නිසා දර්ශන කිහිපයක් යොදාගෙන එය ප්‍රතිනිර්මාණය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.එහීදී මාධ්‍යවේදීන් පැහැරගෙන යාම හා ප්‍රදාන මාධ්‍ය වේදින් මුදලට විකිනෙන අයුරු මනා කොට පෙන්නුම් කර ඇත.මෙවනි දේ සැබෑ සමාජයෙදී බොහෝ මිනිසුන් අත් විද ඇති බවට නොරහසකී. නමුත් එවනි කරුණු බොහෝ දෙනා සගවා සිටී. මෙවනී දර්ශන නිසා එවනී අතීතයන් බොහෝ දෙනාගේ මතකයට නැගේ. එම නිසා නිර්මාණය තවත් සාර්ථක වී ඇත යන්න මාගේ අදහසයි.
දෙශපාලනයේදී සදාකාලික හතුරන්වත් සදාකාලික මිතුරන්වත් නොමැත.එමෙන්ම තමාගේ දකුණ අත වගේ සිටින කෙනා වුවත් දෙශපාලනයේදී පාවා දිම් වලට පෙළබිය හැකි බව නිර්මාණය කරුවා ඉතා හොදින් පෙන්වා දෙයි.එහිදී සටන් කාමී ජවනිකා යොදා ගැනීම නිසා චිත්‍රපටය තුළ යම් අයෙක් හට කම්මැලිකමක් ඇති වී තිබුනේනම් එය මග හැරිමට සමත් වී ඇත.
සැබෑ ලෙසම නිර්මාණය තුලින් මේ වන විට ගලායන්නේ හොද හා නරකය.එහීදී යම් විටක නරක බලවත් විමෙදී හොද යටපත් වන බව අප දන්නා කරුණකී.නමුත් නරකට හැමදාම ආයුෂ නැත යන්නත් සත්ත්යකී.මෙහීදී දෙශපාලන සිර කිරිම් පිළිබඳ නිර්මාණය කරුවා කතා කිරිමට මේ සංකල්පය යොදා ගන්නා අතර එහීදී පුජාසනයේ හිදුවා සිටි ස්ටීෆන් හට ඔහුගෙම මිනිසුන් බැන වදින ආකාරය පෙන්නුම් කිරිම ඇසට කදුලක් එකතු කරන දර්ශනයක් උවත් දෙශපාලනයේ වහල් භාවයේ සැබෑ තත්වය මෙය නොවේද යන්න නිර්මාණය කරුවා අපට නොකයා පවසා සිටිනවා.
තවද පොලිසිය දෙශපාලනය යටතේ කුක්කන් සේ හැසිරෙන අයුරුද නිර්මාණය තුලින් කදිම අයුරින් පෙන්වා දී තිබෙනවා.එතනින් පසු චන්ද වියාපාර හා දෙශපානය තුලින් මිනිසාගේ හිත වෙනස් කරන අයුරු නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී තියෙනවා.මේ වන විට චිත්‍රපටය හොරා දෙකකට ආසන්න කාලයක් ගත කර හමාරය.
මේ වන විට දෙශපාලනයේ ඇතුලේ සිදුවන සියලු දේ කතා කර ඇත.මේ නිර්මාණය එතරම් සාර්ථක වීමට බලපාන හෙතු අතරින් මා දකින් ප්‍රදාන හෙතුව වන්නේ මනා ගැලපීමය.එමෙන්ම දෙශපාලනයේ පිලිබද කර ඇති මනා වු ගවේෂණය. තවද චිත්‍රපටය තුල කතා කරන්නේ බොහෝ සමකාලීන කතාවක් නිසා මෙය බොහෝ දෙනා වැලදෙන ගෙන ඇත.චිත්‍රපටය තාක්ෂණය අතින් ඉතාමත් පොහොසත්ය.බොහෝ නිර්මාණයන් සිදු කර ඇත්තේ පොදු සමාජය තුළමය.එම නිසා මෙය බලන අපට පරිගණක දශ්යප්රයොග දැක ගැනීමට ඇති ඉඩ කඩ අඩුය.බොහෝ මිනිසුන් චන්ද දායකයා ලෙස කටයුතු කරමින් චිත්‍රපට නරඹා ඇති අතර මෙමගින් ඔවුන්ට දෙශපාලකයන් ලෙස සිට චිත්‍රපටය නැරඹීමට අවස්තාව හිමී වේ.
මෙතනින් අනතුරුව චිත්‍රපටය ගාලාගෙන යන්නේ ස්ටීෆන් හා බොබී අතර ඇති වන ගැටුම සමගය.එහීදී ඉතා උසස් සටන් ක්‍රම වගෙම ගරීල්ලා මෙහෙයුම් ද නිර්මාණය තුලට එක් කර තිබිම ප්‍රසංසනීය කරුණකී.එහීදී කන්ටෙනර්, නැවු, පිපිරවිම, කුලී හෙවායින් අතර ඇති වන සටන් නිසා චිත්‍රපටයට අලුත් උද්දීපනයක් එකතු කිරිමට සමත් වි ඇත.මෙතනින් පසු නිර්මාණය ගලාගෙන යන්නේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් ආකාරයෙනි.හොලිවුඩ් නිර්මාණ වල යොදා ගන්නා අදුරු පෙනුම වගෙම අවි ආයුද පවා මෙහීදී යොදාගෙන ඇත.එය සාර්ථක තොරා ගැනීමකි.මළයාලම් සිනමාවේ තිබු රසය වෙනස්ම ආරකට ගෙන යාමට සමත් විම වැදගත් කරුණකී.
දෙශපාලන තනතුරු වල සිටියද මවකගේ හැගිම් වෙනසක් සිදු නොවේ.ප්‍රයදර්ශනී හා බොබී අතර ඇතිවන ගැටුම් මගින් නිර්මාණය කරුවා එය අපට ඉතාමත් හොදින් පසක් කර දිමට උත්සහගෙන ඇත.එනම් මෙහීදී නිර්මාණය කරුවා මිනිසුන් ඉහලට ගියත් ඔවුන්ගේ හද ගැස්ම එක හා සමාන බව අපට පෙන්වා දී ඇත.එහීදී ප්රයදර්ශනීගේ චරිතයේ තිබෙන ආවේගකාරී හැගිම් නිසා එය නරඹන අපටද ඉතාමත් ශනික කෙන්තියක් ඇති වේ.
එතනින් පසු ස්ටීෆන්ගේ ඝාතනයන් ආරම්භ කරන අතර එහීදී නැවත වරක් පොලිසියේ ඇති පහත් භාවය ගැන කතා කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගනී.එහීදී යොදා ගත් දර්ශන තළ මෙන්ම එම කෝනයන්ද විශිෂ්ඨ කැමරාකරන දක්ෂතාවයන් ලෙස මා දකී.එමෙන්ම එතනින් අනතුරුව සිදු කරන ක්‍රයාදාමයන් ද ඉතාමත් විශිෂ්ඨ ආකරයෙන් නිර්මාණය කර ඇත.
චිත්‍රපටයක සාර්ථකත්වය ප්‍රදාන කාරනා දෙකක් මත රදා පවතින බව ඔබත් මාත් දන්නා කරුණකී.
නරඹන පිරිස නිසා ලබන සාර්ථකත්වය.
ඇකඩමි හා විවිද සම්මාන උළෙලවල් වලදී ඇගයිම නිසා ලබන සාර්ථකත්වය.
චිත්‍රපටයක් නරඹන පිරිස නිසා ලබන සාර්ථකත්වය මගින් එම සිනමා සිත්තම හොද ආදයම් වර්තා පිහිටුවයි.අප අද කතා කරපු සිනමා සිත්තමත් ඉතා හොද ආදායම් වාර්තා පිහිටවු සිනමා සිත්තමක් විදියට කතා කළ හැකිය.
බොහෝ දෙනෙක් මේ සිනමා සිත්තම නැරඹිමට පෙළබෙන්නේ මොහාන්ලාල් නිසා යෑයි මට සිතේ.එය සත්ත්‍ය කරුණකී.අප මොහාන්ලාල්ගේ සිනමා සිත්තම වගෙම තවත් ප්‍රදාන නළුවන්ගේ සිනමා සිත්තම් නැරඹිමට පෙළබෙන ප්‍රදන හෙතුව ප්‍රදාන නළුවාය.නමුත් මොහනාල් රංගනයෙන් දායක උන සියලු සිනමා පට මේ සා විසාලා ආදයම් වාර්තා නොතිබිමය.එසේනම් එයින් අපට පැහැදිලි වන්නේ මෙම නිර්මාණය ඉට වඩා හත් පසින්ම වෙනස් මාරගයක් ඔස්සේ ගමන් කර ඇති බවය.එසේනම් මෙහී කතා පුවත ගැන සිතා පිරිස මෙය නැරඹුවා විය හැකිය. එය සාර්ථක තර්කයක් ලෙස මා දකී.එනම් මෙහී පුර්ව ප්රචාරක පටය නිකුත් කළ විට එය ලක්ෂ 11 කට අදික පිරිසක් නරඹා ඇත.ඒ පිරිසෙන් කොටසක් මෙය නැරඹුවා විය හැකිය. තුන්වන කරුණ වන්නේ මේ සිනමා නිර්මාණය පෙන්වන්නට යෙදුන රටවල් ගනනය.ඒ අනුව අපට පැහැදිලි වන්නේ එය ඉංදියාවට අමතරව තවත් රටවල විකාශනය වී ඇති බවය.හතර වෙනි කරුණ නම් භාෂාවය.මෙම නිර්මාණය නිකුත් කරන විට භාෂා කිහිපයකින් නිකුත් කර නිසා බොහෝ දෙනෙක් හට නැරඹිමට හැකියාවක් ලැබුනී.එය ඉතාමත් සාර්ථක පියවරක් විදියට මම දකිමි.අවසාන කරුණනම් ඩිජිටල් ප්‍රකාශන අයිතිය ලබා දීම සිදු කිරිම මගින් චිත්‍රපටය තව දුරටත් ආදායම් කරා ගෙන ගොස් ඇත.ඉහත කී අංශ නිසා චිත්‍රපටයට ඉතාමත් සාර්ථක අන්දමින් £කොටි 200 වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි විය.
සමස්තයක් ලෙස ගත් කළ මළයාලම් සිනමාවේ නිර්මාණය වු විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.කතා තෙමාව ගලාගෙන යාම, තිර එකිනෙක් අතර ඇති මනා වු ගැලපිම, කැමරා කරනය වගෙම විශිෂ්ඨ නිශ්පාදනයන් නිසා මේ නිර්මාණය සාර්ථක වී ඇතයි යන්න මාගේ හැගිමය. මේ නිර්මාණය හුදෙක් චිත්‍රපටයකට එහා ගිය සත්ත්‍ය සිදුවිම් රාශියක් ලෙස මම දකිමි.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රිත්විරාජ් සුකුමාර් විසින් වන අතර කතාව මුරලි ගොපි විසින් ලියන ලදී. චිත්‍රපටයේ ප්‍රදාන චරිතය මොහොනාල් විසින් සිදු කරන අතර චිත්‍රපටය අනර්ග ගීත කිහිපයකින් වර්ණවත් වෙයි. 2019 මාර්තු 28 නිකුත් වු මෙම නිර්මාණය මිනිත්තු 174 පුරාවට රස විදිමට අපට හැකියාව ඇත.
Gulaebaghavali 2018
Gulaebaghavali 2018
දියමන්ති හොරකම 💎
👉 Tamil
👉 Comedy/Action ‧
👉 google usage 89%
👉 IMDB 5.3/10
🌟 Hansika Motwani
🌟 Revathi
🌟 Yogi Babu
ඉල ඇදෙන්න හීනා වෙවී ගැම්මට බලන්න පුළුවන් චිත්‍රපටයක්
පුංචි පුංචි හොරකම් කරන හතර දෙනෙක්
ඒ සියළු හොරු එකට එකතු උන අවස්තාවක්
සහොදර සෙනෙහස වෙනුවෙන් කල සොරකමක්
අලංකාර ගීත රැසක්
මේ සියල්ල එකතු උන ලස්සන කතාවක්
Super Over 2021
Super Over 2021
සල්ලී ඔට්ටුව
👉 Telugu
👉Drama / Thiriller
👉 google usage
👉 IMDB 9.0/10
🌟 Chandini chowary
🌟 Naveen Chandra
වාසනාව තරයේ විශ්වාස කරපු එක තරුණයෙක්
සියල්ලට උදවු කරන මිතුරන් දෙදෙනෙක්
මිතුරු කම වෙනුවෙන් කළ කැප කිරිමක්
සියල්ල යහපත් වෙනකොට ආව එක් බාදකයක්
සියල්ල සාර්ථක වී ඇති කාලයක ඔවුන්ගේ ජිවිතයේ වාසනාව කෙලෙස වෙනස් වෙයිද වටා ගලා යන කතාවක්
Mandharam 2018
Mandhram 2018
ගූගල් පරීශිලක දර්ශකය 73%
IMDB 4.1/10
කාලය එක්ක වෙනස් උන ආදරය.
මම ඔයාගෙන් මෙහෙම අහනවා.ඔයා ආදරය කරනවා ද? ඔයාගේ ආදරය කොයි වගේද ? කෙනෙක් කියයි මගේ ආදරයනම් ගොඩක් ලස්සනයි.තව කෙනෙක් කියයි මගේ ආදරය ඒ තරම් ලස්සන නැ කියලා.කොහොම හරී ඉතින් අපි ආදරය කරනකොට ඇත්තටම අපේ හදවතේ නවතින්නේ පළවෙනි ආදරය එක්ක නෙවෙයි,අපේ හිතට ගොඩක් දැනුන ආදරය එක්ක. ආදරය නිසා ජීවිත කොච්චර සුන්දර වෙනවාද? සමහර අයගේ ජිවිත ඉපදුන දවසේ ඉදන් වැනෙන්නාට ලොව වැනෙනවා වගේ.එත් යාලුවනේ ඒ කෙනාට ලස්සන ආදරයක් හම්බ උනොත් ඒ ජිවිතය ගොඩක් වෙනස් වෙනවා.එහෙනම් ඒ සොදුරු ජිවතයේ නවාතැන ආදරය සොයාගෙන අද අපි යමු.
මේ ජීවිතයේ අපිට විදින්න පුළුවන් ලස්සනම හැගීමක් තියෙනවා නම් ඒ තමයි ආදරය. අපි හැමොම ආසයි ආදරය විදින්න.ආදරය දැනෙනකොට අපේ හීතේ පීදෙන හැගිම කිසිම කෙනෙක්ට වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් ද? එය එතරම් චමත් කාර හැගීමක් විදියට අපි දනිමු. රාත්‍රී අහසේ පූර්ණ චන්ද්‍රායා පායලා තියනකොට තරු දහසක් පායලා තිබ්බත් අපි ඒ තරු වල සුන්දරත්වය ගැන කතා කරන්නේ නැ වගේ අපිට ආදරය කරන අවංක ආදරයක් හම්බුනාම කොච්චර අපිට ආදරය කරන්න අය ආවත් අපිට ඒ අයගෙන් වැඩක් නැ. සමහරු කියනවා පළවෙනි බැල්මෙන්ම ඇතිවෙන ආදරය ගොඩක් සුන්දරයි ලු. එහෙම පටන් ගත්ත ආදර කතාත් හරී ලස්සනයි ලු. කොහොම උනත් ආදරය කියන්නෙනම් පුදුමාකාර මායාවක්ම තමයි.එක පාරක් මේ ආදරය කියන දැලේ පැටළුනොත් ලෙහා ගන්න එකනම් බොරු නේද යාලුවනේ.
ආදරයට ඇත්තටම වයසක් තියෙනවා ද? ආදරය කරනකොට අපිට දැනෙන හැගීම් වයසත් එක්ක වෙනස් වෙනවාද? කියලා හරී අපූරුවට මේ කතාව තුලින් අපට බලා ගන්න පුළුවන්.
අපි කතාවටත් කියනවානේ අලියන්ටයි ළමයින්ටයි දගලන්නමයි හීත කියලා. එක ඉතින් බොරුවක්නම් නෙවෙයි පොඩි කාලේ අපි කොච්චර දගයි ද කියලා හොදටම දන්නේ අපේ අම්මලා තාත්තාලා තමයි.පුංචි කාලේ ලමයි හරී ආසයි නේ හැම දේම ගැන ඉගෙන ගන්න.පොඩි කාලේ අපි දන්නේ නැති දෙවල් සමහර විට අහන්නේ අපේ වැඩි හිටි අයගෙන් එත් සමහර දෙවල්නම් එහෙම අහන්න බැ. එතකොට තමයි අපි වයසට බාර දීලා පාඩුවේ ඉන්නේ. පුංචි කාලේ ආදරය කියන වචනේ තෙරුම අපි දැනගෙන හිටියේ නැනේ.කොටින්ම කියනවානම් පොඩි කාලේ අපි ළමයි හම්බෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැ.ඉතින් මේ පුංචි සංසිද්දී හරි ලස්සනට මළයාලම් සිනමාව තුලින් නිර්මාණ කරුවා දකින අතර කුඩා ළමුන්ගේ ඉතාමත් ලස්සන දර්ශනයන් කිහිපයක් සමග චිත්‍රපටය ආරම්භ කිරීම නිසා එය සිත් ඇද ගනී.
" මගේ කටහඩට මල් පිපෙන ඒ ගීතය
ලස්සන නිල් අහසේ පාවෙන සඳ
මා ලියූ කවි
ඔබේ ඇස්වලින් දුටුවෙම
මගේ දේවතාවිය
එහි නොසිට මෙහි ඇත"
පුංචි කාලේ නොදන්නා කමට උනත් ආදරය කියන දේ අපිටත් හොරෙන් අපේ හිතේ ඇති වෙනවා.ඒ කාලේ අපි හිතන්නේ නැ ඒ ආදරය අපේ කරගෙන සදහටම එයා එක්ක ඉන්න.එත් ඉතින් මේ ඇතිවන ආදරය ආකර්ෂණයක් විතරයි කියලා ඉතාමත් අපුරු දර්ශන යොදා ගනිමින් නිර්මාණය කරුවා අපට පෙන්වලා දෙනවා. කුඩා ළමුන් දෙපලක් තුලින් ඉතාමත් අලංකාර ලෙස ආදරය සිත්තම් කරන නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර ගීතයක් යෝදා ගනිමින් ආදරයේ රසය තවත් වැඩි කිරිමට සමත් වෙලා තිබීම චිත්‍රපටයේ මා දකින විශේෂත්වයක්.
ළමා කාලයේ ආදරය රසය එහෙම විදිනකොට තරුණ කාලේ ආදරයේ රසය විදින්නේ අපි ගොඩක්ම වෙනස් ආකාරයකින්.
මටනම් හිතෙන්නේ ජීවිතයේ ලස්සනම වගේම සුන්දරම හැගීම ආදරය කියලා.ඒ ආදරය අපේ මනසට එකතු උනාම අපි අපිටත් හොරෙන් ජිවතය විදිනවා.ආදරය කොච්චර සුන්දරයි ද කියලා මම හිතන්නේ මේ ලොකේ ඉන්න කාටවත්ම වචනෙන් කියන්න නම් බැරිව ඇති.හීමිදිරි උදයක මම කියනවා ඔයාට ලස්සන ගමනක් යන්න කියලා.ලස්සන උඩ කන්දකට නැගලා තෙරෙක් නොපෙනෙන ඈතක් දිහා බලාගෙන අත් දෙක ඈත් කරගෙන සුළගේ පහස විදිනකොට මනසට එන සැහැල්ලුව කොච්චරනම් මීහිරී ද? ලා හිරු කිරණ අපේ ඇගට වදිනකොට කුරුලෝ කීච් බීචි ගාලා ගීත කියනකොට මනසට එන සැහැල්ලුව ඔයා මොහොතක් ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න.ඔයාගේ හිත සතුටින් පිරිලා කියලා මම හිතනවා.ජිවතයේ කවදා හරී අහම්බෙන් හම්බෙලා.එක පාරට දැකපු ඒ ඇස් දෙක් අදටත් ඔයාගේ මනසේ ඇදිලා ඇති.එයා එක්ක දුර ගමනක් යන්න කියලා හිතාගෙන ආදරය අහපු වෙලාවේ.ඔයාට එයා කැමති උනාම මේ ලොකෙම දිනුවා වගේ සතුටක් එන්න ඇති.පළවෙනි ආදරය ඒ තරම් ඔයාගේ හිතට දැනෙන්න ඇති.ඒ වෙලාව මොහොත ටිකක් මතක් කරගන්න.ඔයා ඒ සතුටට මොනාදා නොකලේ ජිවතයම පිරිළා වගේ නේද? ආදරය කියන්නේ බෙහෙතක් වගේ අපේ මනසට. මෙන්න මේ ලස්සන හැගීම් ඉතාමත් තාත්වික විදියට මළයාලම් සිනමාකරුවා අපට පෙනවලා දෙනවා.
හොද යාලුවෙක් නැති මරණය ශාක්ෂියක් නැති මරණයට හා සමානයි. අපිට දුකක් සතුටක් ආවාම අපේ දෙමාපියන්ට පස්සේ අපි ලගින් ඉන්නේ හොදම යාලුවෝ. යාලුවෝ කියනේ සමහර වෙලාවට ආත්මීය බැදිම් කියලා මට සිතෙනවා. ආදරය සමග ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා මිතුරු කම ගලපලා තියන නිසා කතාව තුලින් බැදිම් ගැන කතා කරනවා කියලා හොදින්ම පැහැදිලි වෙනවා.
මලයාලම් සිනමාව ඉතාමත් අලංකාර ලෙස කුඩා දෙයක් උවත් පෙන්නුම් කිරිමට සමත් වෙනවා.ආදරය සමග පරිසරය ඉතාමත් හොදින් ගැලපීමට නිර්මාණ කරුවා සමත් වෙනවා.බොහෝ විට චිත්‍රපටයේ ආදරය පිරුණු දර්ශන තළ රාත්‍රී කාලයේ රූගත කිරිම නිසා සිනමාවට වෙනස්ම ඌ ආලොකයක් ලබාදෙනවා. තවද චිත්‍රපටය පුරාම කතා කරන්නේ ආදරය හා ඒ සමග ජිවිතයේ වයස වෙනස් වන සංසිද්ධිය නිසා වයස අනුව මිනිසාගේ ආදරය සමග එන බුද්දිය වෙනස් විමත් ඉතා හොදින් පෙන්නුම් කරනවා.ආදරය කරන කෙනෙක් තමන්ගේ ආදරය තව කෙනෙක් හට ප්‍රකාශ කිරිම තුලින් ඔවුන්ගේ ආදරය ස්තීර කර ගනී.නමුත් කෙනෙක් ආදරය ප්‍රකාශ කළ පමනින් එය පිළිගත යුතු නැති බව නිර්මාණ කරුවා අපට පෙන්වා දී ඇත.එහීදී ඉතා හොදින් ආදරය ප්‍රතික්ෂේප කිරිමෙදී එකිනෙකාට ගරු කිරිම පෙන්නුම් කරන අතර එය චිත්‍රපටය තුල ඇති විශිෂ්ඨ දර්ශනයක් ලෙස අපට පෙන්වා දිය හැකිය.
" අපි කැමති කෙනෙක් එක්ක වාඩි වෙලා ඉන්න කොට...
මේ ලොකේ අපි විතර්යි ඉන්නේ කියලා හිතනවා..
චිත්‍රපටය තුල සියළු දර්ශනයන් ආදරය ස්මතු වන ආකාරයට නිර්මාණය කර ඇති අතර යම් යම් අවස්තාවන් වල චිත්‍රපටය තුලට අනිසි අලස ගතියක් එම වැලක්වීම සදයා ඉතාමත් ලස්සන කොමඩි දර්ශන එකතු කර තිබීම මනා සංකලනයක් ලෙස අපට පහදා දිය හැකිය. චිත්‍රපටය සියළු අංගයන්ගෙන් පරීපූර්ණ ලෙස ඉදිරිපත් කිරිමට නිර්මාණය කරුවා ඉතාමත් හොද උත්සහයක් ගෙන ඇති අතර එහීදී තරුණ යුවලකටගේ ආදරයට දෙමාපියන් මැදිහත් වන ආකරයද නිරූපණය කිරිමට සමත් වේ. එපමනක් නොව ආදර හා දෙමාපියන් අතර පාලමක් නොමැති විට ඔවුන්ගේ ආදරය ගගට කපන ලී මෙන් විසීරී යයි ද? යන්න ඉතා පුළුල් ලෙස නිර්මාණය තුල කතා කිරිමට නිර්මාණය කරුවා සමත් වේ.
මේ ලොකේ අපිට කෙතරම් යහළුවන් සිටියත් අපි තනි උන විට අප ලග සිටින්නේ අපගේ දෙමාපියන් පමනී. ඒ දෙමාපියන් කෙතරම් අපිට ආදරය කරයි ද යන්න අපට දැනෙන්නේ අප තනි වු විටය එය ඉතා හොදින් අපට නිර්මාණය තුල දැක ගත හැකිය.සමස්තයක් ලෙස ගත් කළ චිත්‍රපටය සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් ලෙස අපට පෙන්වා දිය හැකිය. චිත්‍රපටය ස්භාවික අංගයන්ගෙන් පරීපූර්ණ වේ. චිත්‍රපටය ඉතාමත් අලංකාර මළයාලම් ගීත වලින් අලංකාර වේ.
චිත්‍රපටය විජේෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර මොනිෂා රජිව් හා ටීනු යන අය නිශ්පාදනයෙන් දායක වේ. චිත්‍රපටය අසීෆ් අලි, වර්ශාගේ රංගනයෙන් හැඩ වෙන අතර 2018 ඔක්තෝබර් 05 වන දින ඉංදියාව පුරා තිර ගත විය.
The Great Indian Kitchen 2021
The Great Indian Kitchen 2021
ගූගල් පරීශිලක දර්ශකය
IMDB 8.4/10
අසීමාන්තික කැප කිරිමක සංකේතය ගැහැණිය.
අපි ආදරයේ උල්පත විදිහට හදුන්වන්නේ අම්මාය. අම්මා කෙනෙක් මේ ලොකේ කරන කැප කිරීම මෙතකයි කියා අපට විස්තර කළ නොහැකිය. ඇය එතරම් පවිත්‍රය. මේ ලොකෙට මවු කුසකින් දියනියක් බිහු වු විට ඇය මුලින්ම ආදරය කරුණාව දකින්නේ ඇගේ මවගේ නෙත් යුගලෙනී.මවගේ අප්රාමාණ ආදරය එක්ක ඇය සෙනෙහස් දියේ තෙත් වෙමින් මේ ලොකයට මුහුන දිමට පාර සාදා ගනී. දියණියකට මේ ලොකේ ආදරය සමග එන හොදම රැකවරණය දෙන්නේ පියාය. පියෙකුගේ දියනියක් කෙරෙහී ඇති වන අප්රාමාණ ආදරය නිසාම ඇය කුළ ගෙදරට යන තෙක් ගිණි ගොඩක් මැද තැවී තැවී ජිවත් වෙයි. සමාජය එතරම් නපුරුය. දියනියක් වයස අවුරුදු 5 /6 සම්පුර්ණ වෙනකොට ඇය පුංචි පුංචි විදියට වැඩ ඉගෙන ගනී. ගෙදර ඉන්න එකම දුව හරී ආසයි එළි වෙනකන් නිදා ගන්න , දවල්ට ආසාවට නිදා ගන්න , තමන්ගේ සම වයස් යාළුවෝ හවස පිටනියේ සෙල්ලම් කරනකොට ලහී ලහියේ ගිහින් සෙල්ලම් කරන්න එත් ඇයට අම්මා ඒ අවසරය දුන්නත් කාලයත් එක්ක ඒ අවසරය නැති වෙලා යයි.
මේ ලොකේ හැමොට හීන තියෙනවා දියණියක් උනත් ඇයටත් ඒ වගේ ලස්සන හීනයක් එකතු කරන්න ඇගේ අම්මා තාත්තා ලස්සනට කියලා දෙනවා. දුවක් උනාම ගුණ දහම් වලින් වගේම රූපයෙනුත් ලස්සන වෙන්න කියලා අම්මා ඇයට නිතර කියනකොට පුංචි කාලේ එකේ තෙරුම ඇයට වටහා ගන්න බැරි වෙන්නේ තාම ඒ වචනේ බර පතල කම ඇයගේ මනසට බර නිසාය. මේ ලොකේ පිරිමි කෙනෙක් නොවිදින දුක් පහක් අනිවාර්යයෙන් දියනියක් විදිනවා. එක අපිට කිසිම විදියකින් නවත්වන්න බැ
ඇය වැඩි වියට පත් වෙලා මාසෙකට වරක් ඔසප් වෙනකොට මේ ලොකේ විදිය හැකි අසීමිත වේදනාවක් ඇය විදිනවා.සමහර විට දවසක් දෙකක් හරී ඉට වැඩි කාලයක් හරී ඒ දුක විදින්න ඇයට සිදුවේ. ගෙදර ඉන්නකොට පුංචි හරී දුකක් ආවොත් අම්මා බදාගෙන අඩන්න ඇයට පුළුවන් , කියාගන්න බැරි අසනීපයක් හැදුනොත් අම්මට තුරුළු වෙලා නිදා ගන්න පුළුවන්.ගෙදර ඉන්න දුව හුරතලෙට ආදරෙට ඉන්නවා බලන්න ඕනම අම්මා කෙනෙක් ආස හින්දාම ගොඩක් වෙලාවට ඇයගේ පුංචි පුංචි වැඩ පවා බැන බැන හරී අම්මා කරලා දෙනවා. එකයී දුවෙකුයි අම්මා කෙනෙකුයි අතර තියන ආදරණිය බැදිම.චිත්‍රපටය තුල මේ කොටස් නම් නැ එත් ආරම්භයක් ගන්න මේ කොටස් එකතු කරොත් හොදයි කියලා මට හිතුනා.
ජීවිතයේ එක හීනයක් අත දරාගෙන කුළ ගෙදරට යන යුවතියට ඇගේ හීනය සාර්ථක කර ගන්න පුළුවන් වෙයි ද කියලා මේ කතාව වටා අපිට බලා ගන්න පුළුවන්
අවුරුදු 23/24 වෙනකොට ගොඩක් වෙලාවට අම්මා තාත්තා උනත් බලන්නේ මේ දුවව හොද කෙනෙක්ට විවාහ කරලා දෙන්න. මේ කාලේ වෙනකොට ගොඩක් දියණියන් තමන්ට කියලා සහකාරයෙක් හොයා ගෙන ඉවර උනත් අම්මා තාත්තා අකමැති නිසාම බොහෝ වෙලාවට එයාලා හොයලා දෙන කෙනෙක් එක්ක යුග ජිවිතයට එළබෙන්නේ අසීමාන්තික දුකක් විදිමට බලාපොරොත්තු වෙනී. මාල හත දාලා කුළ ගෙදරට යන දියණිය තමන්ගේ අම්මා තාත්තා එක්ක තිබ්බ ආදරයෙන් ගොඩක් දුරස් කරන්නේ කදුළු පුරවා ගත් දෙනෙතත් සමගයි.
කෙල්ලෙක් මේ ලොකේ විදින දෙවනි වේදනාව තමයි. කුළ ගෙදරට යන දවසට ඇය තමන්ගේ පවුලේ සියළු දෙනාම අමතක කරලා අලුත් පවුලකට දියණියක් ලෙස පිය නැගීමේදී එන වේදනව. හරී අලංකාර ලෙස චිත්‍රපටය ආරම්භය ගන්නේ ඉහත මම කීව සංසිද්ධින් සමග නිසා එය නරඹන අපට ඉතාමත් හොද සංකලනයක් ලෙස පෙන්වා දිය හැකිය. කුළ ගෙට ගිය දියණිය මදු සමය ගත කිරිමත් සමග කාන්තාවක් ලෙස ලොකයට එන්නේ පතිවත රැකි කුළගනක් ලෙස ආ ගමන අවසන් කරමිනි.
අලුතින් ගෙදරට ලේලියක් විදියට දියණියක් ආ විට ඇයට තමන්ගෙම දුවෙක් විදියට සලකීම මවකගේ වගකීමය. ඇය සිය ජිවිතයේ ලොකුම කැප කීරිම කර පැමින ඇති බව අප වටහා ගත යුතුය.ඒ සියල්ල තුල මවගේ හා ලේලියගේ ඇති ආදරණිය බැදිම ගැන සිනමාව තුල කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
පිරිමි කෙනෙක් උදේ වැඩට ගොස් හවස ගෙදර එන අතර එය බොහෝ විට පැය අටකට හෝ දහයකට සීමා වෙයි.නමුත් කාන්තාවකගේ වැට පටන් ගන්නේ උදේ පාන්දරය. සමහර විට එය අවසන් වන්නේ රාත්‍රී කාලයේය. පිරිමි කෙනෙක් හට ඇගට අපහසුවක් දැනුනොත් එය පවසා නිදා ගත හැකිය නමුත් කාන්තාවකට එසේ කළ නොහැකිය.එසේ කිරිමට ගියහොත් සිදු වන්නේ බෝහෝ විට අනෙකුත් අය කුසගින්නේ සිටිමය.කන්තාවක් කුටුම්බයක් තුල ඇගේ දිනය ගත කරනකොට ඇයගේ ක්‍රයා කළාපයන් ඉතා හොදින් නිර්මාණය තුල කතා කරිමට නිර්මාණ කරුවා සමත් වේ. ස්භාවික දර්ශන තළ යොදා ගැනීම නිසා එය ඉතාමත් තාත්වික වී ඇතිවාට සැකයක් නැත.
පිරිමි අපි කෙතරම් උත්සහ කරත් පිළිවට වැඩක් කිරිමට නොහැකිය.එය කිසිදු තර්කයකින් තොරව අප පිළිගත යුතුය. නමුත් කාන්තාවක් නිතරම වැඩ කරන්නේ පිළිවලටය. වෙලාවකට මට හිතෙන්නේ පිරිමි අපි බොහෝ උදාසීන වී ඇති බවය. චිත්‍රපටයේ එක් දර්ශනයකදී දෙදෙනා පිටින් ආහාර ගන්නා අතර එහීදී ආහාර මේසය පිලිවලට තබා ගනිමින් ආහාර ගනී.නමුත් ඔහුම නිවසේදී ආහාර ගන්නේ මේසය අපිරිසිදු වන අයුරිනී. මේ සිදු විම චිත්‍රපටය තුල එන අපුරුම දර්ශනයක් ලෙස මම දකිමී.
අපි පිරිමි විදියට පුළුවන් නම් කාන්තාවක් කියන්නෙත් තවත් මනුෂ්‍යයෙක් ලෙස දකින්න ඇයටත් පිරිමි අපට මෙන් විවේකයක් ලබා දෙන්න මම හිතෙන්නේ මේ ලොකේ පිරිමියෙක්ට දෙන්න පුළුවන් ලස්සනම තැග්ග එක කියලා.නිර්මාණය කරුවා එම දර්ශනය තුලින් එය ඉතා හොදින් අපට පහදලා දිමට සමත් වේ.
ආදරය කරනකොට අපි කියන ලස්සන වචනයක් තියෙනවා
" මම ආදරය කරන්නේ එයාගේ රූපයට නෙවෙයි ගති ගුණ වලට , එයාගේ අදහස් මගේ අදහස් වලට හොදට ගැලපෙනවා කියලා "
එහෙම කියන අපි කුටුම්බය තුලදි බිරිදව කුස්සියට සීමා කරනවා. බිරිදකගෙන් සැමියෙක්ට ඉටු විය යුතු යුතුමක් ටිකකුයි. සැමියෙක්ගෙන් බිරිදට ඉටුවිය යුතු යුතුකම් ටිකකුයි ඇත.මේ දෙක ඉතා හොදින් ගලපා ගතහොත් ඉතා හොද පවුල් ජිවිතයක් ගත කළ හැකිය. පුංචි කාලේ ඉදන් දැකපු හීනයක් බිරිදක් වීම නිසා අහක දැමිය යුතුද ? අවසානයේ අපෙන් ප්‍රශ්න කරයි.
මේ ලොකේ කාන්තාවක් පිරිමියෙක්ට දෙන හොදම පදවිය තමයි පිය පදවිය. ඇය දසමාසයක් කුසයේ තියාගෙන දරුවා හදනවා. ඒ අතර තුරත් ඇය තම සැමියාගේ ආශාවන් ඉටු කරනවා. අඹු සැමි විදියට හැසිරිම වරදක් නොවේ නමුත් පිරිමියෙක්ට හැකි නම් ඇය වෙනුවෙන් මාස නවයක් ඒ කැප කිරිම කරන්න. එය සැබෑ පිරිමි ලක්ෂණයක් ලෙස මම දකිනවා. මාස නවයකින් පස්සේ ඇය මේ ලොකේ පිරිමි කෙනෙක්ට විදිය නොහැකි කාන්තාවකට පමණක් විදිය හැකි ආසීමන්තික වේදනාව විද ඇය ලොකෙට දරුවෙක් බිහි කරනවා. තාමන්ගේ සැමියාගේ ලේ වලට ජීවයක් ඇය දෙනවා.එකයි කාන්තාවක් වන්දනීය වන්නේ. ඇය ජිවිතයේ පස් වැදරූම් දුකෙන් හතරක් විදලා අවසානයේ ඇගේ ශරීරයේ සියළු රසයන් තමන්ගේ දරුවාට දිලා දරුවා උස් මහත් කරනවා.
කාන්තාවකගේ ශරීරය හරිම වෙනස් දරු ප්‍රසූතිය වෙලා අවුරුදු ගානක් යනකොට ඇගේ දරු ප්‍රසූත හැකියාව අඩු වෙනකොට එදා දුන්න ආදරය ටිකෙන් ටික අඩු වෙනවා.ඇයගේ කායික හැකියා නිදි යහනේ හීන වෙනකොට ඇයව අමු සොහොනට බට මළ මිනිය වගේ ඉවත් කරන බොහෝ පිරිමි සිටිම කණගාටුවට කරුණක්.ඇය මේ ලොකේ පිරිමියෙක්ට දුන්න ආදරය ඇයට විදින්න වෙන්නේ ඇස අග රැදුණු කදුළු කැට වෙලා.ඒ තාක් විදපු දුක කවම දාවත් දරුවෙක්ට පෙන්න දෙන්නේ නැ . ඇය තමයි මිහිපිට සිටින උතුම් පරිත්‍යාගයේ සංකේතය.
චිත්‍රපටය බලපු අය කියයි. මේ චිත්‍රපටය තුල මෙතරම් දෙයක් තිබ්බේ නැ කියලා නමුත් එය හොදට බලන්න එය තුල සියළු කරුණු අන්තර්ගත උනා. මළයාලම් සිනමාව හරී අපුරු විදියට ස්භාවිකත්වය නිර්මාණය කරන්න සමත්.මෙයත් එයට ඉතාමත් හොද නිදසුනක්. චිත්‍රපටය අවසාන උවත් තවත් කාලයක් යනකන් හිතන්නට යමක් එකතු කරපු නිර්මාණයක් විදියට අපගේ මතකයට මේ නිර්මාණය එකතු වේවී.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Jeo Baby විසින් වන අතර රංගනයෙන් Suraj venjarmoodu දායක වේ.චිත්‍රපටය 2021.01.16 වන දින නිකුත් කළ අතර පවුලේ සැමට එකට හිද රසවිදිමට හැකි නිර්මාණයකී
Sufiya sujatayum 2020
Sufiyum Sujatayum 2020
ගූගල් පරීශිලක දර්ශකය 86%
IMDB 8.6/10
මළයාලම් සිනමාවම භාවනාවක් ඔව් ඔයාට එක පාර හිතෙයී, ඇයි මම මෙහෙම කියන්නේ කියලා ඔව් එකට ගොඩක් හෙතු තියෙනවා.සමහර ආදරය කතා තියෙනවා නොගලපෙන තැන් වලින් ආදරය හොයන්න ගිහින් ජීවිතෙම විදවන
අද අපි කතා කරන්න යන්නේ එහෙම ආදරයක් ගැන
චිත්‍රපටය ආරම්භ වෙන්නේ රාත්‍රි කාලයකින් එක ඉතින් එච්චර දෙයක් ද කියලා ඔයා හිතයි. නැ එතන පොඩි ලස්සනක් තියෙනවා ඔයා මළයාලම් සිනමාව නිතර රස විදින කෙනෙක් නම් ඔයා එක හොදට දන්නවා.මළයාලම් සිනමාවට පුළුවන් ස්භාවික දර්ශනයන් ඒ විදියටම පෙන්නුම් කරන්න මේ කතාවේ ආරම්භය ගන්නේ sufi ගෙන් sufi කියන්නේ කවුද කියලා ඔයාට කතාව ගලාගෙන යනකොට තෙර්යී.නමත් එක්ක ඔයාට හිතෙයී ලස්සන පෙනුමක් කියලා නැ මෙයා සාන්තූවරයෙක් ගේ පෙනුමක් තමයී ගන්නේ.එතකොට කාලෙකට පස්සේ ගමට ඇවිත් පල්ලියේ යාතීකාවක් පටන් ගන්නවා
එකේ විශේෂත්වයක් මතුපිටින් නොපෙනුනත් පැහැදිලි ලෙස අධ්‍යක්ෂක වරයා ඔහුගේ හඩේ ඇති අලංකාරය පෙන්නුම් කරලා තියෙනවා.දැන් ඔයාට හිතෙනවා ඇති මේ මොකක් ද කීවේ කියලා.මම එක තමයී මුලිනම කීවේ මළයාලම් සිනමාව කියන්නේ භාවනාවක් කියලා
මේ යාතීකාව ඉවර උනාම sufi මිය යනවා.Sufi කියලා කෙනෙක් ආවා යාතිකාවක් කරා මැරුනා.මොකක් ද මේ උනේ කියලා ප්‍රශ්නයක් ඇති.එක ඔයාට චිත්‍රපටය බලාගෙන යනකොට තෙරෙයී කියලා මම හිතනවා.මේ වෙලාවේ තමයී කතාවට Sujata එකතු වෙන්නේ.Sujata ඒ වෙනකොට ඉන්නේ පිටරටක.මෙතනදී අධ්‍යක්ෂක හරී අපූරූ ලෙස මළයාලම් ගම්මාන හා පිටරට පරිසරය සසදනවා.එක විශ්මිතයි කියලා කියන්න පුළුවන්
එතනින් අනතුරුව චිත්‍රපටය වෙනස් ආකාරයකට වෙනස් වෙනවා.එක කොහොමද කියලා මම නොකියා ඉන්නම් එක ඔයාලම බලලා තීරණය කරන්න.ගමක ජීවත් වෙන කෙනෙක් උනාම සරල බව කියන දේ ගම පුරාම පවතිනවා.Sujata ගමේ කෙල්ලෙක් ඇගේ චරිතයෙන් ඒ බව හොදට පෙන්නුම් කරනවා.ඔයාට හිතෙයී කොහොම ද ඒහෙම කියන්නේ කියලා.ඇය අදින ඇදුම සරළ විදියට තමයී නිර්මාණය කරලා තියෙන්නේ.එක විතරක් නෙවෙයි ඇය ගමේ ඇවිදින්නෙත් බයිසිකල අරගෙන.චිත්‍රපටයක් දර්ශණ තල වලින් සියුම් තැන් පවා අල්ලා ගන්න පුළුවන් නම් එය අපූරූයී.ඔයාට හිතෙනවා ඇති මොනාද ඒ සීයුම් තැන් කියලා
Sujata ඇවිදිනකොට ගෙජ්ජී හඩ කෑපී පෙනෙන ලෙස අපිට ඇහෙනවා.ඉට අමතරව මේ චිත්‍රපටය ගොඩක් යන්නේ සංගීතයත් එක්ක.සංගීත භාණ්ඩ වාදනය කරනකොට පරිසරයේ හඩත් අලංකාර ලෙස චිත්‍රපටය තුලින් අපට පෙන්නුම් කරනවා.එක අවස්තාවක මාස්ටර් clarinet එකක් වාදනය කරනකොට sujata රංගනය යෙදෙනවා.ඒ රංගන ඉතාමත් අපූරූයී
එතකොට මේ කතාවට ආයේ sufi එකතු වෙනවා.ඔහු එක් අවස්තාවක නර්තනයක් ඉදිරිපත් කරනවා එය සිදු කරන්නේ කකුලේ මාපට ඇහිල්ලේන් මුලු ශරීරයම පාලනය කරගෙන.මම හිතන්නේ එක තමයී චිත්‍රපටයේ තියන ලස්සනම දර්ශනය.මේ සිදුවිමත් එක්ක Sufi ගැන sujata ආදරයක් ඇති වෙනවා
එතන ඉදන් දෙදෙනාගේ ආදරය ගලා ගෙන යනවා.එතකොට ඔයාට හිතෙයී අප්පෝ එහෙනම් මෙකත් අනිත් ආදර කතා වගේ ඇති කියලා.නැ මෙක ගොඩක් වෙනස්.දැන් ඔයා හිතන්නේ sujata කියන්නේ ලස්සන මීහීරී කට හඩක් තියෙන ගමේ කමට හැදුන කෙල්ලෙක් කියලා
ඔව් එත් එක අඩුවක් තියෙනවා ඇයට කතා කරන්න බැ.ආදරය කියන හැගීම කතා කරන්න පුළුවන් නම් වචනෙන් කියන්න පුළුවන් එත් එහෙම බැරි උනාම අතින් කියන්න පුළුවන්.මෙකම තමයී මේ චිත්‍රපටයේ විශේෂත්වය
තෙරුනේ නැ නේද ? මෙයාලා ආදරය කරන්නේ සංගීතය , නර්තනය එකතු කරගෙන.එය ඉතාමත් අපූරූයී එක අපිට වචන වලින් කියන්න අමාරුයි.ඔයාම එක බලලා ඒ රසය විදින්න චිත්‍රපටයේ තව හිත යන තැනක් තියෙනවා.මම කියන්නේ මළයාලම් සිනාමව ගොඩක් පරීසරය එක්ක සමීපයී කියලා.Sujata ගේ සතුට පෙන්නවන හැම වෙලෙම සුදු පරවියෙක් නිදහසේ ඉගිලෙන දර්ශනයක් තියෙනවා.එකනම් ඉතාමත් අපූරූයී කියලා ඔයාට බලනකොට තෙර්යී.ඔයාට දැන් තෙරෙනවා ඇති මෙක වෙනස් විදියෙ ආදර කතාවක් කියලා.එත් මෙකටත් පොදු දෙයක් තියෙනවා ඒ විරහව.මේ දෙන්නගේ ආදරයට ගෙදරින් විරුද්ද වෙන තැන sujata ට සිද්ද වෙනවා වෙන කෙනෙක් බදින්න
වේදනාව කතා කරන්න පුළුවන් උනානම් කෑ ගහලා කියන්න තිබ්බා එත් ගොලුයී කොහොම කියන්න ද ? කොහොම දරා ගන්න ද?කතාව තුල sufi මිය ගිහින් මේ වෙනකොට.Sujata බැදල ළමයෙකුත් ඉන්නවා. එත් sujata තාමත් හිතන්නේ sufi ගැන නම්.ප්‍රශ්න ආවා නේද ?.එතකොට කොහොම ද? Sujata සතුටින් පවුල් ජීවිතේ ගත කරන්නේ.මේ ලොකේ ගොඩක් කතා වල ගැහැනු අය රකින දෙයක් තියෙනවා.ඒ තමයී අවංක ආදරයේදී දුන්න විශ්වාසය හා වචනය.
මේ කතාවේ sufi දෙනවා දෙයක් sujata.ඔයාලට ප්‍රශ්න ගොඩක් ඇති.මොකක්ද ඒ දුන්නේ එතකොට sufi ගෙන මරනෙන් පස්සේ sujata හොද පවුල් ජීවිතයක් ගත කරේ නැද්ද ?
ප්‍රශ්න ඔක්කටම උතරය චිත්‍රපටය අවසානයේ හම්බෙනවා.මළයාලම් සිනමාවේ ගොඩක් හොද නිර්මාණයක්.ලස්සන ගීත ටිකක් ඒ වගේම වාදන ටිකක් තියෙනවා මග හරීන්න එපා අනිවාර්යෙන් බලන්න
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Shanavas Naranipuzha විසින් වන අතර ගූගල් පරිශීලක දර්ශකය 86% ලබාගෙන තියෙනවා
IMDB අගය 5.4/10 ලබාගෙන තියෙනවා
චිත්‍රපටයේ රංගන දායකතවය ලබාදෙන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන සූරූපී Aditi Rao Hydari ඉට අමතරව Dev Mohan, Jayasurya යන අයද රංගනයෙන් දායක වෙනවා..
Freedom midnight movie 2020
Freedom midnight movie 2020
ගූගල් පරීශිලක දර්ශකය
IMDB
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද
මේ ලොකේ ලස්සනම නිමවුම තමයි කාන්තාව. ඇගේ රූ සිරිය ස්භාවික පරිසරයට සමාන කරන්නෙත් ඒ නිසා බව අප හොදින් දන්නා කරුණකී. කාන්තාවකට ඔවුන්ට ආවේනීක රසයක් ඇත. ඒ රසය කෙනාගෙන් කෙනාට වෙනස් වන අතර සමහර අවස්තාවල ඒ රසය පිරිමින්ගේ මනස පිනා යෑමට පවා සමත් වේ. පිරිමි නිසකවම ගැහැණියකගේ රසය විදිමට කැමතිය. නමුත් බොහෝ පිරිම් කැමති වන්නේ විවිද රසයන් ජිවිතයට එකතු කර ගැනීමටය.
චිත්‍රපටය ඉතාමත් කෙටි කාලයකින් අඹුවක් හා සැමියෙක් අතර ඇති වන බන්දනය ඉතා හොදින් පෙන්නුම් කිරිමට සමත් වෙනවා.
පුංචි කාලේ ඉදන් අම්මා තාත්තාගේ සෙවනේ තමයි දියණියක් උස් මහත් වන්නේ ඒ කාලය ඉතාමත් ආදරණීය විදියට උස් මහත්වන ඇය මවගේ පියාගේ ආශිර්වාදය එක්කම කුළ ගෙදරට පිවිසෙනවා. ඇය සමහර විට තමන් ජිවිතේ ආදරය කරපු සියල්ලම කැප කරලා එක පිරිමියෙක් වෙනුවෙන් මුලු ජිවිතයම කැප කරන්නේ එවිටය. පිරිමි බොහෝ සෙයින් කාන්තාවකගේ රූ සිරියට කැමතිය. බොහෝ පිරිමි තමන්ට ආවේණික රසයක් බලාපොරොත්තුවෙන් ජිවිතය ගත කරයි.එහීදී තමා බලාපොරොත්තු වන රසය ඇගේන් නොළබෙන විට ඔහු වෙනත් හොර ස්ත්‍රීයක් ගේ කම් සුව විදිමට යන්නේ නිසකයෙනී. අප ආදරය කරන කල්හී පිරිමි බොහෝ පොරොන්දු දෙන්නේ ආදරය දිනා ගැනීමටය.නමුත් අප පිළිගත යුතු සත්‍ය නම් ආදරය කරන කාලයේ තිබු කසාදයෙන් පසුව වියකී යාමය. මෙහිදී ඉතා අපූරූ ගිත කොටසක් මගේ මනසට නැගේ.
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද
චිත්‍රපටය ආරම්භ වන්නේ පාරසරික සංසිද්ධින් වලට මුල් තැන ලබා දීමෙනී.එහිදී නිර්මාණය කරුවා ඉතා හොදින් පරිසරයේ සතුන් නිදහසේ සිටින ආකාරය නිරූපණය කර ඇති අතර.එම නිසා මළයාලම් සිනමාවේ රසය එයට හොදින් එකතු කිරිමට සමත් ව තිබිම විශේෂ ලක්ෂණයකී.
විවාහය යනු ගිණිගොඩක් මැද ජිවත් විමක් වැනිය. බොහෝ අය සිතන්නේ විවාහයේදී තමා නිවරදී බවය.නමුත් අප තෙරුම් ගතයුතු දෙයක් ඇත.එනම් විවාහයෙදී සිදු වන්නේ දෙදෙනෙක් එකතු විමය.එහිදී ඔවුන් කුඩා කළ සිට හැදි වැඩි ඇති පරිසරය වෙනස් නිසා කෙතරම් ගැලපුවත් අදහස් පරස්පර විය හැකිය.එවනි විටදි අප අනිකා වෙනුවෙන් ඉවසිය යුතුය. කාන්තාවන් සැම විටම කිසිම දෙයක් කෙලින් පැවසිමට මැළි වෙයි.එය බාහිර පිරිස් සමග එසේ නොවුනත් තමාගේ ජිවන සහාකරුවා සමග එසේය.එය තෙරුම් ගැනිම පිරිමි අප කල යුතුය.එනම් පැහැදිලිවම විවාහ වු දෙන්නෙක් ලග තිබිය යුතු ප්‍රදාන ලක්ෂණය වන්නේ අනිකා තෙරුම් ගැනීමය.මෙය ඉතා හොදින් තිරයට ආරම්භයෙදීම ගලපා ගැනීමට නිර්මාණ කරුවා සමත් වේ.
" දාස්
අපි බයික් එකෙන් වටයක් යමුද?
බයික් එකේද ? මේ වැස්සේ "
කාන්තාවන් සැම විටම අන්‍යන්ගේ ගරුත්වය ලැබිමට ප්‍රය කරයි. පිරිමි එයට දෙවනි නොවේ. නමුත් පිරිම් තමාගේ බිරිදට උවත් දෙවනි විමට අකමැතිය. නමුත් එය සිදු නොවිය යුත්තක් ලෙස නිර්මාණය කරුවා අපට පෙන්වා දෙයි. සැම කුටුමබයකම බිරිද නිවසේ වැඩ කරන අතර සැමියා රැකියාවට යයි.නමුත් නූතන සමාජය තුල එය තරමක් වෙනස් වී බිරිද්ද රැකියාවල යන අවස්තා අප ඕන තරම් දැක ඇත. එසේ නිවසට පැමිනෙන ඇය එතනින් අනතුරුව නිවසේ වැඩ කොටසක් ද ඉටු කරයි.නමුත් බොහෝ පිරිමි එය සැලකිල්ලට නොගනින බව නිර්මාණය කරුවා ඉතා හොදින් නිර්මාණය තුල පෙන්වා දී ඇත. පිරිමි අයෙක්ට මහන්සී ඇති උවහොත් විවේක ගත හැකිය.නමුත් කාන්තාවක් එසේ විවේක ගතහොත් බොහෝ විට එදින මුළු පවුලම කුසගින්නේ සිටිමට සිදු වේ.එසේනම් නිවසේදී මෙන්ම රැකියාවේදීද දෙදෙනා දෙදෙනාට ගරු කළ යුතුය.සාර්ථක පවුල් ජිවිතයකට එය අත්‍යවශ්‍ය කාරණයකී
"මම ආවේ වැඩට ගිහිල්ලා
රස්සාවක් මමත් කරනවානේ...
මොකක්ද 8 වසරේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන එකද?
ගෙදරට වෙලා ඉවුම් පිහුම් කරන එකද ?
රෙදි හොදන එකද?."
මුල් විනාඩි පහ තුල පවුල් ජිවිතයක් ගත කරනකොට තිබිය යුතු වැදගත් ලක්ෂණ ගැන කතා කරන නිර්මාණ කරුවා එතනින් එහාට කතාවේ ප්‍රදාන තේමාවට කෙලින්ම පහර දිමට සමත් වේ. එහිදී ඉතාමත් අලංකාර ලෙස උපමා බාවිතා කිරිම නිසා එයට වෙනස්ම රසයක් එකතු වී ඇතයි යන්න මාගේ අදහසයි.
විවාහයේදී දෙදෙනා දෙනෙක් ලෙස සිටිම අවසන් කර එක් අයෙක් බවට පත් වන බව ඔබ අප සැම දෙනාම දන්නා කරුණකී.එහිදී ඔවුන් සිය ශරීරයේ සියළු දේ දැක අවසන්ය.මවක් වෙන විට ඇය සිය ශරීරයේ රුදිය පමණක් නොව ලස්සන පවා සිය දරුවා වෙනුවෙන් පුද දේ.නමුත් ඇයටත් හැගිම් ඇත.ඇයත් පෙර පරිදී සිය සැමියා සමග යහනේ සුව විදිමට කැමතිය.නමුත් පිරිමි හිත් වෙනස් වේ. ඔවුන් ප්‍රය කරන්නේ තරුණ කාන්තාවන්ටය.එම නිසා කෙමින් බිරිද සැමියා අතර සම්බන්දය දුරස් වේ. එය සිදු නොවිය යුත්තක් බව නිර්මාණය කරුවා ඉතා හොදින් අපට පෙන්වා දෙයි.
" මොකක්ද මගේ කැමති ඉරියව්ව
මං ඉන්න කැමති ඉරියවුව මොකක්ද ?
ආදරය දිනා ගැනීමට බොහෝ විට පස්සෙන් යන්නේ පිරිමියාය.එය සාර්ථක වු පසු එය රැක ගැනීමට ඉතාමත් වෙහෙසක් දරයි.එහීදී ආදරය කරනකොට කතා කරන වචන ඉතාමත් ප්‍රය උපදවන බව අප දන්නා කරුණකී.එය ඉතා හොදින් වටහා ගැනීමට නිර්මාණය කරුවා සමත් වී ඇත.එය උපයොගී කරගෙන ඉතා හොද අවස්තා සම්බන්ධයක් ගොතන නිර්මාණය කරුවා අපගේ මානුෂික හැගිම් වලට කෙලින්ම පහර දේ.
" හලෝ ඔයා කොහෙද ඉන්නේ
මොකද කරන්නේ
මොනවාද ඇදගෙන ඉන්නේ
මොකක්ද පාට "
මේ නිර්මාණය තුන් කාලයටම සමාන වන ආකාරයෙන් නිර්මාණය කර ඇති බව නොරහසකී.චිත්‍රපටය ආරම්භයේ සිටම අවසාන මොහොත දක්වාම පිරිමියා කෙරෙහී හුදු ගරුත්වයක් ඇති වන ලෙස මෙය නිර්මාණය කර ඇත.නමුත් ඒ සියල්ල වෙනස් කිරිමට අවසානය සමත් වේ. පිරිමියෙක්ගේ ආදරය තමාගෙන් වෙනත් ඇසකට යනවාට ඇය අකමැතිය.සමහර තුවාලයන් අපේ ඇගේ සැදුන විට එවා කැසිම තුලින් අප යම් සැනසිමක් ලබයි.නමුත් එයින් වන්නේ තවත් තුවාලය වැඩි විමය.එය මේ කාතාවටත් එසේමය.ඇයට සිදු වී ඇති අසාධාරණ නැතිනම් දුක ඇය කෙලින්ම සිය පුරුෂයාට නොපවසා ඉගී වලින් පවසා සිටිම එයට කදිම නිදසුනකී.
" එක කදු මුදුනක
හොද සීතල සුළගේ
එක පුංචි කුඩාරමක් ඇතුලේ
එක ලන්තරුම් එළියක
එතනදි මට ඕන
කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක...
ලිංගිකව හැසිරෙන්න....."
මේ නිර්මාණය ජිවිතයට ගොඩක් පාඩම් එකතු කරපු නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැකිය.විනාඩි තිහක් වැනි කෙටි කාලයක් තුල බොහෝ පරාසයක් කතා කිරිමට නිර්මාණය කරුවා සමත් වේ.
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ
Trance 2020
Trance 2020
ගූගල් පරීශිලක දර්ශකය 88%
IMDB 7.3/10
දෙවියන් නමින් පවතින වියාපාර වලට එරෙහිව.
මේ ලොකේ දෙවියෝ ඉන්නවා ද? කෙනෙක් කියයි ඔව් කියලා තව කෙනෙක් කියයි නැ කියලා
මම කියනවා මේ ලොකේ දෙවියෝ ඉන්නවා කියලා
දෙවියෝ ඉන්නවා ,
ඔව් දෙවියෝ ඉන්නවා. අපි අද යමු ඒ දෙවියෝ කොහෙද ඉන්නේ කියලා බලන්න..අවසානේට එනකන් කියවන්න පුළුවන් නම් අනිවාර්ය අද ඔයාලට දෙවියෝ හම්බෙනවාමයි
ඔයා දන්නවාද ? අපි හැමෝම දුවන්නේ තරගයක්.තරගයක් මොන වගේ තරගයක් ද? ඒ තමයී සල්ලි වෙනුවෙන් කෑම වෙනුවෙන් දුවන තරගයක්.ඔයා දුප්පත් කෙනෙක් නම් සල්ලී නැ කියලා දුක් වෙනවා.පොසත් කෙනෙක් නම් නිදහස නැ කියලා දුක් වෙනවා.ඒ දෙකම බැලන්ස් කරගෙන ජිවත් වෙන අයත් ඔය අතර ඉන්නවා .ඔයා මේ අතරින් කොයී ගොඩේද ඔයා තීරණය කරන්න එක ඔයාටම බාරයී.
අද චිත්‍රපටය ටිකක් වෙනස් ඉතින් එක නිසා අපි ටිකක් වෙනස් විදියටම කතා කරමු. එක ඔයාලටත් වෙනසක් ඇති වෙයි .ඔයා බෞදධයෙක් නම් දෙවියෝ ඉන්නවා කියලා විස්වාස කරනවාද ? හරී බුදු දහම කියලා කියන්නේ දෙවියන් අදහන ආගමක් නෙවෙයි එක ඕනම කෙනෙක් දන්නවා.
එක කතාවක් කියන්නම්, ඔයාලා දන්නවා නම් බෞද්ධ සාහීතයේ තියෙනවා ලෝක විවරණ මහා ප්‍රතිභාර්ය කියලා සිදු විමක් ගැන.එතනදී සාමාන්‍ය මිනිස්සුන්ට දෙවියෝ දකින්න අවස්තාවක් හම්බෙනවා. කෑමති අය එක ගැන තව හොයලා බලන්න. ඉතින් ඒ වගේම අනිත් ආගම් වලත් දෙවියෝ ගැන සදහන් වෙලා තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. හරී තාම චිත්‍රපටය ගැන කතා කරේ නැ මොනාද මේ කියන්නේ කියලා හිතෙනවා. ඇති
හරී අපි යමු අද කතාවට. අද කතාව පටන් ගන්නේම මිනිස්සුන්ට උපදෙස් දෙන කෙනෙක්ගෙන්
මිනිස්සුන්ට උපදෙස් දෙන කෙනෙක් ගෙන් අප්පෝ ඔච්චර උපදෙස් දෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා ද? හරී ඉතින් මේ අපේ තියන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න එකතු කර ගන්න ඔනාද කියලා ඔයාට දැන් හිතෙනවා ඇති.පුංචි පවුලක් සහොදරයෝ දෙන්නයි අම්මයි. ඉන්නේ මුහුදක් අයිනේ ලස්සන පරිසරයක් , ලස්සන ජිවිතයක් එහෙමනේ. නැ එක වෙනස් ගොඩක් දුක් බර ජිවිතයක්. අග හිග කම් නිසාම අම්මා සිය දිවි නසා ගන්නවා. ඉතුරු වෙන්නේ අයියයි මල්ලීයි.
ඔයා දන්නවාද මේ කතාව කියවනකොට ලංකාවේත් මේ වගේ පවුල් ඇති කියලා අම්මා තාත්තා නැතිව මල්ලී බලා ගන්න නංගි බලා ගන්න කුලී වැඩට යන අයියලා ගොඩක් ඇති ජිවිතේ කියන්නේ එකයි. පුදුම වෙනසක් හැමදෙම කාසී වෙනුවෙන් . වෙනදට වඩා ගොඩක් කතා කරන්න වෙනවා. ඇයි මොකද මේ කතාව හැමෝමටම ගැලපෙන නිසා. අයියා වැඩට යනකොට මල්ලී ගෙදර තනි වෙනවා. අයියා හරී මල්ලී බලා ගන්න රස්සාවට යන්නේ එත් මල්ලී ගෙදර තනියම. පොඩි කාලේ තනිකම දැනුනම මොකද වෙන්නේ , හීතා ගන්න පුළුවන් ද?
පිස්සෙක් , ඝාතකයෙක් ,
ඔව් ඒ ඕන එකක් වෙන්න පුළුවන්, ඒ අපේ මනසේ හැටි. එක තීරණය වෙන්නේ
මනස නිසාද?
දෙවියෝ නිසාද ?
ඔහොම කලයක් යනවා. කාලය මේ ලොකේ මිළ කරන්න බැරි එකම දේ කාලය ගත වෙනකොට මානසික මට්ටම හොද වෙයි ද? නරක් වෙයි ද?
එක තීරණය වෙන්නේ
ඔයා මතද ?
දෙවියෝ මතද?
එක තීරණය වෙන්නේ ඔයා මත.මනස තියෙන්නේ ඔයා ගාව මනසින් වැඩ ගන්න ඔන ඔයා එක තීරණය කරන්න කාටවත් දෙන්න එපා එක මොඩ කමක්. මල්ලීත් කතාව ගලාගෙන යනකොට සියදිවි නසා ගන්න්වා. අම්මා නැ , මල්ලි නැ , ඒ ගෙදර ඉන්න බැ , යනවා යන්න අලුත් ජිවිතයක් හොයාගෙන. තීරණය හොදයි එත් ලොකය නරකයි.අසරණ උනාම මිනිස්සුන්ගෙන් ප්‍රයොජන ගන්න ඇති තරම් තොර මොරු ඉන්නවා එක මේ ලොකේ එක ලොක ස්භාවය. එක ඔයාටත් පොදුයි මටත් පොදුයි. මේ කතාවටත් පොදුයි.අපේ කතා නායකයා අහු වෙන්නේ ඒ වගේ මෝරූ දෙන්නෙකුට
ඔයා දාන්නවාද ? මේ ලොකේ මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ කදුලට මිලක් දෙනවා කියලා.ඒක පලිහක් කරගෙන ඒ කියන්නේ මිනිස්සුන්ගේ දුක පලියක් කරගෙන කරගෙන සල්ලී හොයන්න යන ගමනක් යන්න තමයි අපේ කතා නායකයාට සිද්ද වෙන්නේ.පලවෙනි හොරාව බලලා ඉවර වෙනකොට ඔයාට දෙයක් තෙරුම් යයි.අපේ කතාවේ කතා නායකයා. මනසින් ගොඩක් දුර්වල කෙනෙක්. එකට බෙහෙත් ගන්නවා.එහෙම කෙනෙක් දෙශනයක් තියලා මිනිස්සු හොද කරනවා විශ්වාස කරන්න පුළුවන් ද?
ඔව් ඔය කියන විදියට මිනිස්සු හොදත් වෙනවා. ඉතින් එහෙනම් කෙනෙක් අහන්න පුළුවන් එයාට එයාගේ ප්‍රශ්න වලට උත්තරක් හොයා ගන්න පුළුවන් නේ කියලා.එක තමයි මම කීවේ මේ ලොකේ හැමදෙකටම මිලක් තියෙනවා කියලා තෙරෙයි ඔයාලට බලාගෙන යනකොට. හරී මේ ටික කියවලා ඉවර වෙනකොට ඔයාලා ප්‍රශ්න ගොඩක හිර වෙලා ඇති. හරී මේ චිත්‍රපටය පුරාවටම කතා කරනවා එක විශ්වාසයක් ගැන
මොකක් ද ඒ විශ්වාස
හරී එක මම අවසානෙට කියන්නම්.චිත්‍රපටයේ ප්‍රදාන රංගන දායකත්වය ලබාදෙන්නේ Fahadh Faasil විසින් ඔහුගේ රංගනය ගැන වචනයක් කතා කරන්නම ඔනා. මුලදී සියලු දේ අහිමි වෙලා එලියට බහින කෙනෙක් ටික කාලෙකින් ලොකෙම දන්න කෙනෙක් වෙනවා. ඒ අතර තුර චරිතයට දුන්න සාදාරණය බලන ඔනම කෙනෙක්ට එක අනර්ගයී කියා පවසන්න පුළුවන්.ඉට අමතරව මෙම චිත්‍රපටයට Gautham Menon , Vinayakan , Nazriya Nazim රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Anwar Rasheed විසින් වන අතර ගූගල් පරිශීලක දර්ශකය 88% කුත් IMDB අගය 7.3/10 ලබාගෙන තිබෙනවා.
චිත්‍රපටයේ පලවෙනි හොරාව අවසන් වෙනකොට මෙයාලා හදා ගත්ත බිස්නස් එක ඉහලම තැනක තියෙනවා. එත් ඒ වෙලාවේ එක සිදු විමකින් ඒ දෙවල් වෙනස් වෙන්න පටන් ගන්නවා ඒ සිදුවිම මොකක්ද කියලා මම කියන්නේ නැ එක ඔයාලාම බලන්නකෝ .හරී ඒ සිදුවිමෙන් පස්සේ අපේ කතා නායකයා හට බිස්නස් එකේ අයිතී කාරයෝ පහර දෙනවා. ඒ මොහොතේ ඔහු පෙරාලා පහර දෙන්නේ නැ .එත් දවස් 03 පස්සේ සිහිය ඇවිත් අයිතිකාරයන්ට පහර දෙනවා. ඉතින් ඇයි අර වෙලාවේ පහර නොදුන්නේ එතනයි කතාවේ පොයින්ට් එක
එහෙම උනේ
මනස නිසාද?
දෙවියෝ නිසාද ?
තව තැනකදී Nazriya Nazim කතාවට එකතු වෙනවා. එයා ආදරයෙන් පරාජ වෙලා.ආදරයෙන් පරාජ උන නිසා ඇබ්බැහි වීම් වලට හුරු උනා .අවසානයේ තමන්ට තමන් එපා වෙලා ගණිකාවක් වෙනවා
එහෙම උනේ
මනස නිසාද?
දෙවියෝ නිසාද ?
එහෙම උනේ කවුරු නිසාද ? හරී මම කතාව අවසානයේ ඔයාලට දෙවියෝ ඉන්නවා ද ? නැද්ද කියලා කියන්නම් කීවානේ. ඔයාලා දන්නවා ද මේ ලොකේ ඔයාට ඉන්න ලොකුම දෙවියෝ තමයි ඔයාගේ මොලේ. ඔයාට එන ප්‍රශ්න වලට හොදම උත්තර තියෙන්නේ මොලේ. දෙවියෝ මේ ලොකේ ඉන්නවා. එත් දෙවියෝ අපි කරන ලොකු කුඩා දෙවල් වලට සම්බන්ද නැ. මතක තියා ගන්න මේ මනස දුර්වල වෙන හැම වෙලාවෙම ඔයාව කෙනෙක් ගොදුරු කර ගන්න බලන් ඉන්නවා කියලා. මනස ශක්තිමත් කර ගන්න මේ ලොකේ ඔයාට ඉන්න හොදම දෙවියෝ තමයි ඔයාගේ මනස.බලපු නැති හැමෝමටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම නරඹන්න කියලා
IIT Krishnamurthy 2020
IIT Krishnamurthy 2020
ගූගල් පරීශිලක දර්ශකය
IMDB 8.5/10 ( 10 දෙනෙක් පමනක් මනාපය ලබා දී ඇත.)
පොලිසිය එක්ක කරපු හොරා පොලිස් සෙල්ලම
දවසක උදේට සීතලේ පුටුවක් තියාගෙන තෙරක් නොපෙන්න අහස දිහා බලාගෙන ඉන්න තියෙනවානම් ඒ චමත් කාරය කෙතරම් ද කියලා මට වචනයෙන් විස්තර කිරිමට නොහැකියි.නමුත් ඒ සා වීසාල ආස්වාදයක් විදිමට හැමොටම හැකියාවක් නැති බව මම දනිමී.ජිවතයේ සතුට ගොඩක් දෙනා සොයන්නේ සල්ලී වලින් නිසා සල්ලී වෙනුවෙන් උදේ හවා වෙහෙසන නිසා බොහෝ දෙනාගේ ඇති මානසක නිදහස සදහටම අයින් වී ගොස් හමාරය.මේ ලොකේට කුඩා දරුවෙක් ඉපදෙනකොට ඒ පුංචි දරුවා අම්මා දිහා බලා සිනාසෙන ආකාරය දුටු විට අපගේ හදවතට එන්නේ නිරාමිස ප්රතියකී.නමුත් ඒ පුංචි දරුවා ටිකින් ටික වයසත් එක්ක පෙන්වන සිනාව වියාජ වෙයි.එයට හෙතුව සමාජයද? මටනම් අදටත් ප්‍රශ්නයකී. ලොකයේ ඇත්තටම හිත හොද මිනිසුන් නැත්ද? එහෙම හිටියත් ඔවුන්ට මේ ලොකයේ ජිවත් වීමට අවසර නැද්ද? සල්ලී වෙනුවෙන්, තනතුරු නිළ බලය වෙනුවෙන් මිනිසා විසින් මිනිසා පාගා දමයි.ඇත්තටම මේ ලොකයේ මිනිසුන් යහපත් ආකල්ප වලින් සිටියානම්, එකී නෙකාට ආදරය වගෙම සෙනෙහස ඇතිව ජිවත් වුනානම් මේ ලොකයට හිර ගෙවල් ඇයි ද? සැබෑ ලෙසම බොහෝ සල්ලී තිබෙන මිනිසුන්ගේ වැරදි වලට දුක් විදින්නේ අන්ත අසරණ කුඩා මිනිසුන්ය.මෙය අපට කිසිදා වෙනස් කළ නොහැකිය.නමුත් අප එය වෙනස් කිරිමට යන්නේ නම් මේ ජිවිත කාලයත් එයට මදි වේ යන්න මාගේ හැගීමය.
ක්‍රිෂ්ණමූර්ති කියන්නේ IT විශයට ගොඩක් ආදරය කරන ශිෂ්‍යකී.සිය ජිවතයම IT වෙනුවෙන් කැප කරපු ඔහුගේ ජිවිතයේ අලුත් පිටුවක් පෙරලෙන්නේ මේ අතරේය.සිය මාමාගේ අතුරු දහන් විම නිසා කම්පනයට පත් වන ක්‍රිෂ්ණමූර්ති ඔහුව සොයාගෙන හයිද්‍රාබාද් පැමිණේ. මේ පිළිබඳ තොරතුරු සොයන ලෙස පවසා පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට ඔහු සමත් වෙයි.නමුත් පොලිසිය සොයා ගත් තොරතුරු වලින් ඔහුගේ මාමා මිය ගිය බව ක්‍රිෂ්ණමූර්ති හට දැනුම් දෙයි.නමුත් මෙය විශ්වාස නොකරන ඔහු මාමා සෙවිම දිගටම කරගෙන යයි.මේ වටා මේ කතාව ඉතාමත් අලංකාර ලෙස ගලාගෙන යයි.
චිත්‍රපටය ඉතාමත් සරල සංකල්පයක් මුලික කරගෙන නිර්මාණය කර තිබිම විශේෂ කරුණක් වන අතර.ආදරය සමග කුතුහලය ගලාගෙන ආකාරයට මෙය නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.මිනිසුන්ගේ හදවතේ ඇති ගුණගරුක බව වගෙම කෙලෙහී ගුණ සැලකිම ගැන අපට මේ නිර්මාණය තුලින් ඉතා හොදින් නැරඹීය හැකිය.
නිර්මාණය ආරම්භ වෙන්නේ අබිරහස් සිදු විම් වලට අදාල රූප රාමු කිහිපයක් එකතු කිරිමෙනී.ඒ අනුව නිර්මාණ කරුවා සාර්ථක ලෙස අපට ආරම්භයෙදිම කුතුහලයක් එකතු කර ඇත.ඒ සමග පොලිසියේ නිළදාරින් හා පොලිසියේ ක්රයාවන් ගැන නිර්මාණය කරුවා කතා කරන අතර එය තරමක් සැහැල්ලු දර්ශන කිහිපයක් විම නිසා ආරම්භයේ දුන්න කුතුහලය ඉවත් වී යෑම කණගාටුවට කරුණකී.අනතුරුව ප්‍රදන නිලිය කතාව තුලට හදුන්වා දෙන අතර එම දර්ශනයන් ඉතාමත් විනොදයට බර වේ.ඇයගේ කොමළ හා සුකුමාල රංගනයන් නිසා නිර්මාණයට අලුත් රසයක් එකතු වන අතර තරුණ පිරිසට එය මනා වු උත්තෙජනයක් විදියට මම දකිමි.
එතනින් පසුව පළවෙනි අඩ හොරාවටම ආදර කතාවක් විදියට එම කතාව ගලාගෙන යයි.මෙහිදී නිලියගේ සුකුමාල රංගනය හා ඇගේ මුව කමළ තුල ඇති වෙන කම්මුල් වල ගැහිම් සංසිද්දි නිසා එය ඉතාමත් අලංකාර වී ඇත.තවද ආදරණිය තෙලෙගු ගීත කිහිපයක්ම නිර්මාණය තුල එම කාලයේ අන්තර්ගත වේ.මනාවු වර්ණයන් හා අලංකාර පරිසර තත්වයන් යොදා ගැනීම නිසා එම කොටස් සමග අප හටද ආදරණීය හැගිම් ස්මතු වෙයි.
එතන් පටන් දෙවන හඩ හොරාවම ගෙවි යන්නේ අබිරහස විසදිම හා සමගය.නමුත් එහීදී යම් යම් දර්ශන නිසා එය 100% සාර්ථක නොවී ඇතයි යන්න මාගේ හැගිමය.අබිරහසක කුතුහලය ලබා දිමට නිර්මාණය කරුවා කළුවර වර්ණයන් හා කුතුහලය දනවන සංසිද්දි නිර්මාණය කර ඇත.නමුත් යම් යම් අවස්තාවන් වලදී සමහර දර්ශන වේගවත් කර ඇති අතර එම නිසා එය නරඹන අයට ඉතාමත් අපහසුකාරී අත්දැකීමක් වෙයි.තවත් අවස්තාවක සමහර දර්ශන තල එඩිට් කිරිමෙදී අනවශ්‍ය ලෙස සිදු කර තිබිම නිසා අනවශ්‍ය බොද වීමේ ගතියක් පෙන්නුම් කරයි.කෙනෙක් හට සිතෙවී මෙය ලියන මා ලබා ගත් පිටපත නිසා එය සිදු වී ඇති බව නමුත් එය එසේ නොවේ.නමුත් මේ දුරවලතා නිසා කතාවේ හරයට බලපෑමක් වී නැත.එය ඉතා හොදින් ගලාගෙන යයි. පොලිසියේ ක්‍රියා කලාපය වගෙම ක්‍රිෂ්ණමූර්තිගේ චරිත ලක්ෂණ ගැන ඉතා පැහැදිලි ආකරයෙන් නිර්මාණය තුල කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.අප තුල තිබු කුතුහලය තරමක් බාල්දු කරමින් නිර්මාණ කරුවා නැවත ආදර ජවනිකාවක් තිරය මතට ගෙන එන අතර එය මනා වු සංයොජනයක් ලෙස මා නොදකිමී.මක් නිසාද එහී දී සැබෑ ලෙසම ත්‍රාසය කියන හැගිම යටපත් වන නිසාය.
නමුත් එහී එන දර්ශනයන් වගෙම දර්ශන රූගත කළ පරිසරයන් ද ඉතාමත් අලංකාර වේ. එම නිසා එම දර්ශන තලය සාර්ථක වන අතර එම දර්ශන තලය යොදා ගත් තැන සුදුසු නැතයි යන්න මාගේ අදහසයි. එතන් පටන් කතාව ගාලාගෙන යන්නේ අබිරහස විසදිමත් සමගය.එම කොටස් එතරම් ත්‍රාසය එකතු වී නැති නිසා සාමාන්‍ය දර්ශන තල ලෙස මා හට පෙනී යයි.
අනතුරුව නිර්මාණ කරුවා නිර්මාණය තුළ කතා කරන හරය හා අභිරහස ඇත්තටම උන ආකාරය පහදා දිමට උත්සහ කරයි. එහීදී මිනිසුන් තුළ ඇති සාරධර්ම වගෙම ගුණ දර්ම වලට මුලික තැනක් සමාජය දී ඇත්ද යන්න අපෙන් ප්‍රශ්න කරයි.ලොකය සල්ලී මත ඇති අතර ඒ මුදල් නිසා මිනිසා මිනිසාවම රවට්ටන තැනට පත් වී ඇති බවට නිර්මාණය කරුවා සත් සුදක් සේ අපට පහදා දෙයි.
සමස්තයක් විදියට ගත් විට මේ නිර්මාණය තුලින් දිමට උත්සහ ගත් පණිවිඩය ඉතාමත් අගනේය.නමුත් නිර්මාණය තුල එම පණිවිඩය දිමට යොදා ගත් කතා පුවත තිර රචනයෙදී තවත් ආකාර්ශණිය වුවානම් හොදයි යන්න මාගේ අදහසයි.මේ නිර්මාණය තුල හැගිම් දෙකකට පමණක් මුලික තැනක් ලබා දී ඇති අතර අනිත් හැගිම් බොහො විට යටපත් කර ඇත.තවද චිත්‍රපටය පුරාවට ප්‍රදාන නලුවා යොදා ගත් ආකාරය එතරම් සාර්ථක නොවේ.මක් නිසාද ඔහු අබිරහස විසදිමෙදී ඔහුගේ දායකත්වයට වඩා වැඩි පුර පොලිස් නිලදාරියාගේ දායකත්වය පෙන්විමයි.එමෙන්ම අබිරහස ගලාගෙන යන කාලයෙදී බාහිරෙන් වාදනය වන වාදනය රටසන් හෝ තාන්ඩම් සිනමා පට සිහිපත් කරයි.එය එතරම් සාර්ථක උත්සහයක් නොවේ.තවද මෙම නිර්මාණය Drama Mystery කාණ්ඩයට අයත් නිසා කෙනෙක් හට මේ කරුණු සාදාරණිය කළ හැක.නමුත් එක් හැගිමක් සම්පුර්ණයෙන්ම යටපත් කොට තවත් හැගිමක් උද්දීපනය කිරිම දුර්වල කරුනක් ලෙස මම දකිමි.
චිත්‍රපටයේ සාර්ථක කොටස් කිහිපයක් ද ඇත.ඒ අනුව ගීත නිර්මාණ හා එවාට යොදා ගත් දර්ශනයන්.යොදාගත් නිලිය වගෙම ඇගේ රංගනය ඉතාමත් අගනේය.තවද අවසානයට කතාව පහදා දෙන කොටසද යම් තාක් දුරට සිත් ඇද ගන්නා අයුරින් නිර්මාණය කර ඇත.චිත්‍රපටය ශ්‍රී වර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන අතර මයිරා හා විනයා මෙහී රංගනයෙන් දායක වෙයි.චිත්‍රපටය OTT හරහා 2020 දෙසැම්බර් 10 දින නිකුත් කළ අතර එය විනාඩි 113 පුරාවට නැරඹීමට හැකිය.
My Santa 2019
My Santa 2019
ගූගල් පරීශිලක දර්ශකය 91%
IMDB 5.5/10
මගේ ආදරණීය සැන්ටා 🎅
සීතල පොද වැටෙන වෙලාවක පුංචි ගම්මානයක් මැදින් යන බස් එකක ජනේලේ කෙලවරට වෙලා ලස්සන සිංදුවක් අහන ගමන් යන්න තියෙනවා නම් එක කෙතරම් මනසට ඔසුවක් ද? ඒ හැගීම මොහොතක් ඇස් වහලා වින්දොත් ඔයාලටත් දැනේවී. මලයාලම් සිනමාවත් අන්න ඒ වගේ. මළයාලම් සිනමාවට ලස්සන හදවතක් තියෙනවා.ඒ හදවත ලස්සනට ආදරය අපේ හදවතට එකතු කරනවා. මලයාලම් සිනමාවට පුළුවන් හරී පුංචි දෙයක් උනත් ගොඩක් ලොකු කරලා ලස්සනක් දෙන්න. අපි මලයාලම් සිනමාව ගැන කතා කරනකොට ගැමි පරිසරය වගෙම වැස්සට මූලික තැනක් දෙනවා.ඒ අතර තවත් අය මලයාලම් සිනමාව හදුන්වන්නේ රා පොදක් කට ගාගෙන ගැමි පරිසරය එක්ක ජිවත් වෙන මිනිසුන් ඉන්න සිනමාවක් විදියට. එත් ඇත්ත මලයාලම් සිනමාව ඉට වඩා ගොඩක් වෙනස් කියලා මට හිතෙනවා.
පුංචි ළමයි මල් වගේ.එයාලාගේ සිතුම් පැතුම් හරිම අහිංසකයි. සමනළයින් ඈත අහසට අත් තටු ගහගෙන පියාබාගෙන යනකොට එයාලා දන්නේ නැ මේ අහස ගොඩක් නපුරුයි කියලා.අන්න ඒ වගේ තමායි මේ පුංචි ළමයිනුත් එයාලාට ගොඩක් දුර පියාඹන්න පුළුවන් එත් මේ අහස හරියට අදුරාගත්තොත්. පුංචි කාලේ අපේ කකුලක් පුටුවක වැදුනොත් අපි හයියෙන් අඩනවා නේද යාලුවනේ.ඇයි ඒ අපිට රිදුන හින්දා එතකොට අපේ අම්මා බනින්නේ පුටුවට
" ඉන්නකෝ මගේ පුතාට රිද්දුවාට මම පුටුවට ගහන්නම් "
එදා එකෙන් අපි ගොඩක් සතුටු උනා එත් අපි ලොකු වෙනකොට තෙරුම් ගත්තා එදා ඇත්තටම අපේ අම්මා කරේ අපිව රවට්ටලා ඇගේ ආදරය සෙනෙහස පෙන්නපු එක කියලා. අන්න එකයි පුංචි ළමයි මල් වගේ කියන්නේ ඒ තරම් එයාලාගේ හිත් සියුම්.
අයිසා කියන්නේ පුංචි දුවක්. අම්මාගේ තාත්තාගේ ආදරය පුංචි කාලෙම ඇගේ ජිවිතයෙන් දෙවියෝ උදුරා ගන්නවා.එත් එයාගේ ජිවිතයේ සතුටින් තියන්න ඇගේ සීයා ගොඩක් මහන්සි වෙනවා.කොච්චර උනත් අම්මා තාත්තාගේ සෙනෙහසට සමාන කරන්න මේ ලොකේ වෙන කිසිම සෙනෙහසකට බැ එක මේ පුංචි දුවටත් හොදටම තේරෙනවා.පුංචි හිතට දැනෙන වේදනවා සීයා එක්ක කියනකොට සීයා ඇගේ ජීවිතයට පුංචි බොරුවක් කියනවා.. ඇත්තටම ඒ ආදරණීය බොරුව නිසා මේ පුංචි දුවගේ ජිවතය කොච්චර වෙනස් වෙයි ද කියලා හරිම ආදරණීය විදියට මේ චිත්‍රපටය පුරාවටම අපිට බලාගන්න පුළුවන්.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ මේ පුංචි දුව දකින් හිනයකින්. මතකයි ද මම කීවා මේ පුංචි දුවට එයාගේ සීයා පුංචි බොරුවක් කීවා කියලා ඒ කීව බොරුව මොකක්ද කියලා මේ කතාව පටන් ගන්නකොටම අපිට නිර්මාණ කරුවා පෙන්වා දීලා තියෙනවා. චිත්‍රපටය පුංචි දුවකගේ කොමළ වගෙම ආදරණීය වැඩ එක්ක ලස්සන වෙන හින්දාම කිසිම වෙලාවක අපේ මුනේ ආදරණීය හීනාවනම් නැති වෙන්නේ නැ
පුංචි දුවෙක් තුලින් අපි අලුත් ලොකයකට ගෙනියන නිර්මාණ කරුවා ඉතාමත් සංයමයකින් අනිකුත් චරිතත් නිර්මාණ තුලට එකතු කිරිමට සමත් වෙලා තියෙනවා. එහිදී මළයාලම් ජන සමාජයේ ලස්සන අංග වගෙම සුන්දර ගීත එකතු කිරිම නිසා එහි රසය තවත් වැඩ් වෙලා තියෙනවා.
කතාවේ පදනම මේ වෙනකොට ඉතාමත් ලස්සනට නිර්මාණ කරුවා ගොඩ නගා අවසන් කරලා තියෙනවා.එතනින් පස්සේ අපිට පුංචි ළමයිගේ ජිවිතේ ලස්සන අවස්තා කිහිපයක්ම බලාගන්න හැකියාව ලැබෙනවා. සීයාගේ ආදරය , හොදම යාලුවාගේ සෙනෙහස, ගුරුවරුන්ගේ ආදරය කරුණාව එක්ක ගලාගෙන යන නිර්මාණය පළවෙනි අඩ හොරාව ගත වෙනකොට නරඹන අපව ආදරයෙන් තෙත බරිත කිරිමට සමත් වෙනවා.
තමන්ගේ අම්මා නැති උනාම තාත්තාගේ සෙනෙහසත් දෙවියෝ අරන් ගියාම ඒ සෙනෙහස ආයේ අරන් එන්න නත්තල් සීයාට පුළුවන් කියලා සීයා කියනකොට මේ පුංචි දුවට තියන එක විසදුම නත්තල් සීයට කතා කරන්න නේද ? ඇය කරන්නෙත් ඒ දේමයි. ඇය දෙවියන්ට ලියුම් ලියනවා. ගිහින් පාසලේ තැපැල් පෙට්ටියට දානවා. දවසක් ඇත්තටම එයාට ලස්සන තැග්ගක් එක්ක දෙවියෝ උත්තරයක් එවනවා. ඇගේ හිතේ ඇති උන සතුට ලස්සන ගීතයක් එක්ක නිර්මාණ කරුවා අපට ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේ අපිවත් ඒ පුංචි ළමයාගේ ලොකයේ තනි කරනවා.එකයි මම කීවේ මලයාලම් සිනමාවට පුළුවන් හරී අපූරුවට පුංචි පුංචි දෙවල් හරී ලස්සනට ලොකු කරලා පෙන්නන කියලා.
රයියර රයියර රයි යයියේ
රයියර රයියර රයි යයියේ
රයියර රයියර රයි යයියේ
රයියර රයි යයියේ..
දගකාර කොල්ලො
මල් වගේ ඇස් තියෙන කෙල්ලේ
ඔය සෙල්ලම නවත්තලා
ඔයාලත් මාත් එක්ක එකතුවෙන්නකෝ
පුංචි තරු වලින්
ලොකු තරු හැඩේට රටා හදල
ලස්සනට ආලෝකමත් කරල එල්ලමුද
අනේ වේගයෙන්
ගතවෙන්නෙ නෑනේ කාලය
දෑස මග බලන් ඉන්නේ
ඒ කාලය පැමිණෙනකම්
රතු ලෝගුවකුත් පැලදගෙන
වටේම මීදුම පතුරවාගෙන
සීතල මාසය පැමිණෙනවා කියල
කලින්ම අපිට දැනුම්දෙනවා
හිම වරුසාවක් වැටෙයිදෝ
සීතල මීදුම පැතිරෙයිදෝ
නත්තල ගැන කතා සියල්ලම
සීතලේ ගැහෙන්නේ නැතිව කියන්න පුලුවන්ද?
නිර්මාණය තුල මේ මළයාලම් ගීතය තුලින් ඉතාමත් අපූරු විදියට නත්තලේ අසිරිය අපට පෙනවලා දීලා තියෙනවා.
ඔයාලා දන්නවා ද මේ ලොකේ තියන උතුම්ම රැකියාවක් තමය ගුරුවරයෙක් විම කියන්නේ.ගුරුවරයෙක් කියන්නේ ඇත්තටම පොතේ තියන දේ උගන්නන එක නෙවෙයි.එතනින් එහාට ගිහින් ළමන්ගේ ජීවිතය කියවිම කියලා හරී අපූරුවට නිර්මාණ කරුවා අපට නිර්මාණය තුලින් පෙන්වලා දිලා තියෙනවා.
නත්තල් කැරොල් ගීත වගෙම නත්තලේ අසිරිය ගම් වල අය එකට එකතුව සමරණ ආකාරය ගැන ඉතාමත් උසස් අකාරයෙන් නිර්මාණ තුල කතා කරන අතර ඒ දර්ශන වලදී ඉතා අලංකාර කැරොල් ගීත වගෙම දර්ශන තළ යොදා ගැනීම නිසා එය නරඹන අපට ඉතාමත් ලස්සන දර්ශනයක් විදියට දැක ගැනීමට හැකයාව ලැබෙනවා.
වැඩි හිටියන් විදියට අපි දන්නවා නත්තල් සීයා කෙනෙක් නැ කියලා.එත් එහෙම කෙනෙක් එක පාර මේ පුංචි දුවගේ ජිවිතයට ආවොත් එයා මොනවා කරයි ද? ආස ආස දේ ඉල්ලයි නේද ?
පුංචි ළමයි එහෙමනේ. එතනින් එහාට ගොඩක් ලස්සනට නත්තල් සීයා එක්ක මේ පුංචි දුවගේ කතාව ගලාගෙන යනවා.ලස්සන ගීත වගෙම නත්තලේ සැබෑ අරුතයන් ගැන නිර්මාණය කරුවා විවිද මානයන් ඔස්සේ අපිට පණිවිඩය ලබා දිමට සමත් විම නිර්මාණයක් ලෙස මෙය සාර්ථක විමට බෙහෙවින් බලපෑම් කර ඇති බවයි මාගේ අදහස. එතනින් එහාට කතාවට ආවේනික සටන් ජවනිකා වගෙම කැමරාකණ දක්ෂතාත් මේ කොටස් වලදී දැක ගැනීමට හැකියාව ලැබෙනවා.එපමනක් නොව වේශනිරූපනය අතින් මළයාලම් සිනමාවත් ඉහලින් සිටින බවට ඔබට මේ හොරාව නැරබිමේදී තෙරුම් ගත හැකි වේවී.
කතාවේ සම්පුර්ණ හරය ලබා දෙන්නේ අවසාන අඩ හොරාවෙන් කිවොත් මම නිවරදී. අපි හිතන්නේ ළමයින්ගේ මනස හරි පුංචි බොලදයි කියලා.එත් ඔයා දන්නවාද? පුංච් ළමයෙක්ගේ හිනාව හරිම අවිහිංසකයි.එයාලා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් ඕනම සීමාවකට යනවා.සමහර විට වැඩ් හිටි අපිටවත් ඒ දේ කරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා.මේ කතාවේ එක තැනකදී මේ පුංචි දුවගේ යාලුවා ( අන්නා ) හරී අපූරු දෙබසක් කියනවා.එක ඇයි කීවේ කියන එක මම ඔයාලට කියන්නේ නැ
තාත්තා
අන්නා දුව මොනවා ඉල්ලුවත් කරනවා නේද ?
මොකට සැක කරනවාද?
මගේ දුව වෙනුවෙන් , ඕනම දෙයක් කරනවා...
පොරොන්දු වෙනවා ද?
මගේ තාත්තා එහෙනම් නත්තල් සීය වෙනවා ද?
තාත්තා නත්තල් සීයා වගේ ඇදගෙන, අයිසා ළගට යන්න ඕනා....
එයාට නත්තලේ ප්රාතීහාර්ය පෙන්නන ඕනා...
නත්තලේ සැබෑ අයිති කාරයින් පුංචි ළමයි.එත් පුංචි ළමයින්ගේ සීහින හා අවංක හිනාව වැඩිහිටි අපි කවදා තෙරුම් ගන්නද?
ඉතාමත් අලංකාර මළයාලම් ගීත කිහිපයකින් අලංකාර වන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ සුජිත් විසින් වන අතර දිලිප් රංගනයෙන් දායක වන මෙම නිර්මාණය 2019 දෙසැම්බර් මාසයේ නිකුත් උනා. විනාඩි 153 ක් පුරාවට ආදරය සමග අසීමිත දරු සෙනෙහස එකතු කරගෙන බලන්න පුළුවන් නිර්මාණයක් විදියට අපිට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.
Eeswaran 2021
Eeswaran 2021
ගූගල් පරීශිලක දර්ශකය 70%
IMDB 4.4/10
ආදරය එකතු උන පුංචි පවුල
පුංචි කාලේ අපේ අම්මා බත් ටික අනලා අපිට කවනකොට තාත්තා තමයි හරි ආදරයෙන් අපිව උස් මහත් කරේ. අද අපි පුංචි පවුල රත්තරං කියනකොට ඉස්සර අම්මා තාත්තාට දරුවෝ හතර පස් දෙනෙක්වත් හිටියා. ඒ දරුවො අතර හරී අපූරු විදියට ආදරය ගොඩ නැගෙනකොට එකෙන් ලෝකෙට සහොදර කමේ අර්තය විදහා පාන්න සමත් උනා. ලොකය හරී අපූරුයි ඒ අපුරු ලොකය ජිවිතයේ උපන්දා සිට බලන්න පටන් ගත්තාත් මැරෙන තුරාවට අපිට එක බලලා ඉවර කරන්න බැරි වේවී. ඒ ලස්සන ලොකේ ලස්සනම නවාතැන තමයි පවුල. සල්ලී වෙනුවෙන් උසස් අද්යාපනය වෙනුවෙන් අපි පවුලෙන් දුරස් වෙනකොට අම්මා තාත්තා තනි වෙන්නේ කියා ගන්න බැරි දුකක් හිත යට හිරකරගෙන බව ඔබත් මමත් දන්නා කරුණකී.
පවුලක ඇති ආදරය වගෙම සෙනෙහස ඉතාමත් අපූරු විදියට චිත්‍රපටය පුරාවටම අපිට බලාගන්න හැකි වෙනවා.
නිර්මාණය ආරම්භ වන්නේ ගැමි පරිසරයට මුලික තැනක් ලබා දෙමින්.එහිදී ගැමි පරිසරය සමග එන ගැමිගෙදර අලංකාරය ඉතා හොදින් නිර්මාණය තුලින් අපට බලා ගැනීමට හැකි වෙනවා.තවද ගැමි පරිසරයේ ජිවත් වන පවුලක ඇති සමගිය වගෙම අම්මා තාත්තා සමග දරුවන් උස් මහත් වන ආකාරය ඉතා කෙටි දර්ශනයක් උපයෝගී කරගෙන පෙන්වා දිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.
මේ ලොකේ විද්‍යාව හා අවිද්‍යාව අතර දොලනය බොහෝ විට මිනිසා තෙරුම් ගන්නේ නැත.සමහරු විද්‍යාව නිසා අව්ද්‍යාව බැහැර කරයි.ඒ අතර අවිද්‍යාව නිසා විද්‍යාව බැහැර කරන අයද අප අතර නැති වාම නොවේ. විසි එක්වන සියවසේ සිටින අපට වඩා දහනවවෙනි සියවසේ සිටිය බොහෝ පිරිස් තදින්ම අවිද්‍යාව විශ්වාස කළ බව අප දන්නා කරුණකී.එහිදී ජොත්ශයට හම්බෙන්නේ මුලික තැනකි.නූතනයේ මිනිසා එයද තමාගේ මුදට හා වාසියට යොදා ගැනීම නිසා හැල්ලුවට ලක් වී ඇත.නමුදු අතීතයේ එහී සත්‍යතාවයක් තිබු බව නිර්මාණය කරුවා නිර්මාණය තුලින් පෙන්වා දෙන අතර එය තහවුරු කිරිමට විවිද නිර්මාණය තල පෙන්නවා දිමට ඔහු සමත් වේ. එහිදී අවිද්‍යාව පිළි නොගන්නා කෙනෙක් හා පිළි ගන්නා කෙනෙක් අතර සම්බන්ධයද ඉතා හොදින් පෙන්නුම් කර ඇත. එම දර්ශනයත් සමග තිරය අතීතයේ සිට වර්තමානයට යොමු කිරන අතර එහිදී පෙරිය සාමිගේ වෙනස් විම ඉතා හොදින් පෙන්නුම් කර ඇත.එය චිත්‍රපටය තුල ඉතාමත් සියුම් වගෙම විශිෂ්ඨ දර්ශනයක් ලෙස එය මා දකී.
පිරිමි දරුවන් හතර පස් දෙනෙක් සිටින පවුලක් ශක්තිය මෙතකයි කියා නිම කිරිමට නොහැකිය.පිරිමි බොහෝ සෙයින් දෙමාපියන්ට ආදරය කරුණාව දක්වයි.නමුත් මේ සියල්ල එක් අවස්තාවකදි වෙනස් වන අතර එහීදී බොහෝ පිරිම්න්ට දෙමාපියන් හෝ බිරිද යන දෙදෙනාගෙන් එක් අයෙකු තොරා ගැනීමට සිදු වේ. බිරිදක් නිතරම සිතන්නේ තමාගේ පවුල යහපත් අයුරින් පවත්වා ගැනීමටය.එය වරදක් නොවේ නමුත් එතනින් එහා ගොස් සමහර සිද්දී නිසා පවුල් වල සහොදරයින් පවා මේ බිරිද නිසා වෙන් වේ.කුඩා කළ සිට ආදරය සෙනෙහස සමග සහොදරයන් ලෙස ජිවත් වු ඔවුන් සිය බිරිද නිසා වෙන් වීම හා ගැටළු ඇති කර ගැනීම කෙතරම් සුදුසුද යන්න නිර්මාණය කරුවා අපෙන් ප්‍රශ්න කර සිටී.
චිත්‍රපටයක ප්‍රදාන නළුවා හදුන්වා දිමට බොහෝ විට චිත්‍රපටයේ දාවන කාලයෙන් සැලකිය යුතු කාලයක් වෙන් කරයි.මේ කතාව තුලත් එය එසේම කර ඇති අතර එහීදී ඔහුගේ තේජස වගෙම බලය කළ හැකි දේ යන සියල්ල ගැන හදුන්වා දිමක් සිදු කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. එහීදී මුලික දර්ශන වලට එය සම්බන්ධ කිරිම නිසා එය එතරම් කාලය කා දැමිමක් ලෙස අපට වටහා ගැනීමට නොහැකි වේ. නමුත් එතරම් කාලයක් ප්‍රදාන නිළිය හදුන්වා දිමට යොදා නොගනිමත් සැලකිය යුතු කරුණකී.
කොරොනා වසංගතය සමග පවුල කියන සංකල්පයට ඉතා හොද තැනක් ලැබූණු බව අප හොදින් දන්නා කරුණකී. දරුවන් සමග දෙමාපියන්ටත් මුනුපුරන් හට ආච්චී සියා සමග කාලය ගත කිරිමටත් අවස්තාව හම්බවිම මේ කාලයේදී ඉතා හොදින් සිදු විය.ඒය නිර්මාණය තුලින් ඉතා හොදින් පෙන්නුම් කිරිමට නිර්මාණය කරුවා සමත් වන අතර මෙය මා සිනමාවේ එක් ජීවී ලක්ෂණයක් ලෙස හදුවන්නෙමු.සිනමාව කලාවකට එහා ගිය පණිවිඩයක් ලබා දිමේ මාද්යක් ලෙස අපට හදුනා ගත හැකිය.එහීදී මේ වන විට ලොකයටම බලපා ඇති කොරොනා අවදානම හා එයින් අත්මිදෙන්නට අප කළ යුතු දේ ගැන ඉතා හොදින් පෙන්නුම් කිරිමත් ඒ මගින් චිත්‍රපටයේ ප්‍රදාන තෙමාවට බාදාවක් නොවිමත් නිසා මෙය සිනමාවේ ජිවි ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.
මේ ලොකේ කිසිම කෙනෙක්ට තෙරුම් ගත නොහැකි එකම කෙනා ගැහැණියයි. ඇය සිතන පතන විදිය අපට කිසිදා වටහා ගත නොහැකිය. පවුලක සමගිය ඉතා වටින බව ඇය ඉතා හොදින් දන්නා කරුණකී.එක් ගැහැණියක් කිසි විටක තමාගේ සැමියා වෙනත් කාන්තාවකට ලබා නොදේ.එසේ සිදු විමක් සිදු උවහොත් බොහෝ විට සිදු වන්නේ ලේ හැලිමකී.නමුත් එවනි සිදු විමක් කාන්තාවන් දෙදෙනා කතා බහ කර විසදා ගන්නා ආකාරය ඉතා අපූරු ලෙස තිරය තුලින් බලා ගැනීමට අපිට හැකිය. එහීදී එක් පිරිමියෙකුගේ අමානුෂික ගති ගුණත් කාන්තාවකගේ මානුෂික ගති ගුණත් ඉතා අපුරු අකාරයෙන් නිර්මාණ කරුවා අපට පෙනවා දී ඇත.
" දෙවියන් ඉදිරියේ පාර්වතීව මම කසාද බැන්දා
මාගේ ආදි සිවන් ඉපදුනා
පාපාතිට නොදැන...
පවුල් කැවා.."
චිත්‍රපටය තුල ආරම්භය හා මද්‍ය කොටස් ඉතා අපූරු විදියට ගලාගෙන යන අතර එම කොටස් වලින් කිසිම සිනමාවේ මවා පැම් අපට දැක ගත නොහැකිය. නමුත් එතනින් අවසාන කොටස තුලින් අපට දැක ගැනිමට හැක්කේ තනිකරම සිනමා මවා පැම් ය. ඉංදියානු සිනමාව ගත් විට බොහෝ දෙනා ප්‍රායෝගීක තත්ත්වයන්ට අනූරුප නොවන බව පවසා සිටී. නමුත් සිනමා නිර්මාණයක් 100% ප්‍රායෝගීක අන්දමින් නිර්මාණය කළ නොහැකි බව අප දන්නා කරුණකී.නමුත් මෙය ඉට වඩා වෙනස් ය. මෙහීදී ඊශ්වරම් නාගයින් අල්ලා ගන්නා අතර අල්ලා ගන්නා අකාරය හා ඒ සදහා ඔහු යොදා ගන්න උපක්‍රම ඉතාමත් හොදින් නිර්මාණය කර ඇත.
නමුත් එක් අවස්තාවකදී නාගයින් ළමයින් ලගට පැමිනෙන අතර එහීදී ළමයින් සදහා ගල් විමට පවසා නාගයින් අල්ලා ගනී. මේ නිර්මාණය රස විදින්නේ තිරයකින් උවත් නාගයෙන් දැකිමෙදී බියක් ඇති වේ. එය එසේනම් අවුරුදු 13/14 ළමුන්ට ඇති වන බිය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත.නමුත් පුදුමයට කරුණනම් ළමුන්ගේ පාදය ලගට නයින් පැමිණියත් සන්සුන් ව සිටිමයි.චිත්‍රපටය තුල දුර්වලම දර්ශනයක් ලෙස මම මෙය දකිමී.
එය එසේ වන විට අවසානයේ ඊශ්වරම් හට නයින් දෙදෙනෙක් දෂ්ඨ කරයි. නයින් දෙදෙනෙක්ගේ විශ ඉතා උග්‍ර වේ.එවනි අවස්තාවක ඔහු සටන් කිරිම කෙතරම් ප්‍රයෝගික ද? එවනි දර්ශන යොදා ගැනීම චිත්‍රපටයේ ආරම්භය තුලින් ඇති වු සාර්ථකත්වය බිද දැමිමක් නොවේද? එමෙන්ම චිත්‍රපටයේ අවසාන සටන පවා මනා ලෙස නිර්මාණය නොවී තිබිම කණගාටුවට කරුණකී.
දෙමාපියන්ගේ වටිනාම සම්පත දරුවන් ය. දරුවන්ගේ දියුණුව හා සතුට වෙනුවෙන් දෙමාපියන් නොකර දෙයක් නැත.නමුත් දරුවන් එයා බොහෝ අවස්තාවල තෙරුම් ගන්නේ නැති විම නිසා බොහෝ ගැටළු ඇති වේ. දෙමාපියන්ගේ දෙවල් විකුණා කැමට වඩා තමන්ගේ දෙවල් වලින් දියුණු විම ඉතා හොද බව නිර්මාණ කරුවා අපට පෙන්වා දෙයි.එහිදී පවුලක එකිනෙකා අතර ඇති වන හිත් අමනාපකම් වලට සමාව දිම තුලින් පවුල කෙතරම් ලස්සනට පවත්වා ගත හැකිවේද යන්න අප සිතා බැලිය යුතුය.චිත්‍රපටය ආරම්භයේදී විද්‍යාව හා අවිද්‍යාව අතර ඇති අන්තර් සම්බන්දය විදහා පාන අතර අවසානයේ මිනිසාගේ විශ්වාසයට වඩා මිනිසාගේ ශක්තිය බලවත් බව පෙන්විමට නිර්මාණය කරුවා සමත් වේ.
සමස්තයක් ලෙස ගත් කල සාර්ථක නිර්මාණය ලෙස මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.චිත්‍රපටය තුල ඉතාමත් අලංකාර ගීත කිහිපයක් අඩංගු වන අතර නිදීගේ සරළ හා චාම් රංගනයක් මේ නිර්මාණය තුලින් අපට දැක බලා ගැනීමට හැකිය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුසෙන්තිරන් විසින් වන අතර සංගීතය එස් තමන් විසින් සිදු කරයි.2021 ජනවාරි 14 තිරගත වුන මෙම නිර්මාණය විනාඩි 120 කාලයක් ඉතා ආශාවෙන් පවුලේ සැමට එකතු වී රස විදිය හැකිය.
Sagaa 2019
Sagaa 2019
ගූගල් පරීශිලක දර්ශකය 94%
IMDB 6.0/10
ආදරය මිත්‍රත්වය සමග කුරීරු පළිගැනීම.
මුහුදු වෙරළක් ගාවට ගිහින් ඈත සිතිජය බලාගෙන ඉන්න. තෙරක් නොපෙනෙන අහස දිහා බලාගෙන මනස සැහැල්ලු කර ගන්න තියෙනවා නම් කෙතරම් වාසනාවක් ද? එත් මේ ලොකේ සුදරත්වය දකින්න වාසනාව නැති ගොඩක් අය අපි අතර ජිවත් වෙනවා. ආතිමීය වරදකටද ? සංසාරීක වරදකට ඔවුන් අන්ධ උනා ද කියලා අපි කතා කරනවාට වඩා ඒ ජිවිත ලොකයේ ලස්සන දකින්න කෙතර්ම් මහන්සියක් වෙනවාද යන්න අපි සිතිය යුතුයි. අන්ධ කෙනෙක් ලොකයේ සුන්දරත්ව දකින්න වීදියක් විදියක් ගානේ ඇවිදගෙන යනකොට එයාට හයියක් වෙන්න සැරාටිය ලග ඉන්නවා. නිශ්චලව දෙයකට හදවතක් නැති උවත් චංචල ඔහුගේ හදවතට ආලොකයක් දෙන්න සැරාටිය කෙතරම් චම්ත්කාර උත්සහයක් ගනී ද? ඒ බැදිම අන්ධ අය අතර ඇති වෙනකොට සමහර ඇස් පෙන්නෙන අයද ලොකය එක්ක ගත කරන්නේ අන්ධයන් වගේ විම කෙතරම් කනගාටුවට කරුණක් ද? මේ ජිවිතයේ අපි කෙතරම් සාර්ථක උවත් ලොකය ලස්සන දැක්කත් ඒ පිටිපස්සේ ඉන්න එකම එක බලවේගයක් සිටී.ඒ අපේ හොදම යාලුවා. අන්ධ කෙනාට සැරාටිය වගේ අපිටත් හොද යාලුවෙක් කියන්නේ ජිවිතයට ආලොකයක්. යාලුකමක වටිනා කම මෙතකයි කියලා අපිට කියලා නිම කරන්න බැ
මිතුරු කම හා සමාජ අසාධාරණය ගැන ඉතාමත් පුළුල් විදියට මේ නිර්මාණය තුලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.
චිත්‍රපටය ආරම්භ වන්නේ ඉතාමත් කූරීරු දර්ශනයක් සමග වීම නිසා ආරම්භයේදිම අපට කුතුහලය එකතු කරන්න නිර්මාණය කරුවා සමත් වෙනවා. මේ ලොකේ ගැහැණියකට අප ආදර ලබා දුන්නොත් ඇය අපට පවුලක් දෙනවා.එකයි යතාර්ථය. නමුත් එය එසේ නොවී කාන්තාවන් දුෂණ කරමින් ඇගේ නිරුවත් තුලින් සතුටු විමට තරම් මිනිසා පහත් විම කෙතරම් අවාසනාවක් ද? මේ කුඩා දර්ශනය චිත්‍රපටය තුල ඇති සාර්ථකම දර්ශනයක් ලෙස අපට පෙන්වා දිය හැකිය. ගැහැණියක් පළමු ලිංගික එකතු විමෙදී ඇගේ කන්‍යා බාවය නැතිවී යන අතර එම නිසා ඇයගෙන් කුඩාවට රුධිර වහනය වේ. එහිදී ඇගේ මනස තුල ඇති වන්නේ පිළිකුල් සහගත හැගිමකට වඩා ආදරය සමග එන ලිංගික රසයකි.නමුත් දුෂණයකදි එය එසේ නොවේ ඇගේ බිය ,පිළිකුල් සහගත බව සිතේ ඇති වේ.දුෂණය කරන කෙනා උවද සිත් ගන්නේ ඇයට රිදවිමෙනි.මේ සියළු සදක කුඩා දර්ශනයක් උපයොගී කරගෙන පෙන්නුම් කරයි. එම දර්ශන තුලදී කන්තාවකගේ පිරිසිදු කම හා සමාජයේ කාන්තාවකට ඇති ආරක්ෂාව ගැන ද පෙන්නුම් කරන නිසා මෙය ඉතා විශිෂ්ඨ ආරම්භක දර්ශනයක් ලෙස මම දකිමි.
දෙවන දර්ශන තුල සිනමාවේ කතා කරුවන් හදුන් වා දිමට නිර්මාණය කරුවා සමත් වන අතර එහීදී සමාජයේ තවත් අදුරු පැතිකඩක් ගැන කතා කිරිමට උත්කෘෂ්ට වෙයි. සාමාජයට ආනාතයින් බිහි වන්නේ කුමන අරමුණකින්ද යන්න අප මෙතනදී කතා නොකළ යුතුයි. නමුත් ඔවුන්ව බලා ගන්නේ ලිංගික විපර්යාසයකට ලක් වු කාන්තාවක් විසින් විම සැලකිය යුතු කරුණකී. සාමජයක ලිංගික විපර්යාසයකට ලක් වු අයෙක්ට සලකන්නේ ගණිකාවකට එහා ගිය තැනක සිටය. නමුත් මොහොතක් අප අවදාරණය කර ගත යුතු දෙයක් ඇත. සමාජයට දරුවෙක් බිහි විමටනම් මවක් පියෙක් සිටිය යුතුය.ඔවුන් දරුවන් බිහි කර ඔවුන්ට ලොකයක් නොතනා ආනාතයින් කර යන්නේ නම් ඔවුන්ව බලා ගන්නා ලිංගික විපර්යාසයකට ලක් වු කාන්තාවන් කෙතර්ම් ශේෂ්ඪ ද? මේ පිලිබද අපට සිතා බැලිය යුතු බව නිර්මාණ කරුවා අපට දෙවන දර්ශනය තුලින් පවසා සිටී.
අපට මේ ලොකේ මවත් පියත් අහිමි නම් අපිව ආදරයෙන් බලා හදා ගන්නා ඇයත් අහිමි වුවහොත් ඔවුන්ගේ ජිවිතය කෙඹදු වෙයි ද? ඒ අහිමි විම තුල ඇත්තේ එක් මිනි මරුවෙක්ගේ ඝාතනයක් නම් දරුවන් විදියට නීතිය ඔවුන්ගේ පැත්තට සාදාරණක් ඉටු කරයි ද? . ඔවුන් උපන්දා සිට අනාතයින්ය.අඩුම උප්පත්තිය තහවුරු කරන්න ලියවිල්ලක් වත් ඔවුන් තුල නැත.එසේනම් ඔවුන්ට නීතිය පිහිට පතනවා වෙනුවට කරන්නේ ඝාතකයාව ඝාතනය කිරිමය.එය අපට මතු පිටින් බලා සාදාරණි කරනය කළ නොහැකිය.
අප සතුන් සුරකින තැන් බොහොමයක් දැක ඇත්තෙමු. එහිදි සතුන් මුලු ජිවිත කාලෙම ගත කරන්නේ කුඩුවක් තුලය. අප එය සාදාරණී කරනය කිරිමට යොදා ගන්නේ ඔවුන් සංරක්ෂණය කරනවා යන්නයි. නමුත් එය ඔවුන්ගේ නිදහස උල්ලංඝනය කිරිමකි. අප දිනක් කුඩුවක් තුලට දමා සිටියොත් එහී අත්දැකීම කෙබදු විය හැකිද? මෙයත් එසේය. සිර ගෙදරත් එසේමය.සිර ගෙදරක් තුලින් සිදු කරන්නේ මිනිසුන්ව යහ මගට ගෙන සමාජයට යහපත් අයවලුන් ලෙස ඉදිරිපත් කිරිමයි.නමුත් එය සිදු විම පොත පතට සිමා විය යුතු නොවේ. එය නිර්මාණය කරුවා ඉතා හොදින් හදුනාගෙන ඇති අතර නිර්මාණය තුල එයා ඉතා හොදින් පෙන්නුම් කිරිමට සමත් වේ.මිනිසා බලය නායකත්වය වෙනුවෙන් ගහ මරා ගන්නේ සමාජයේ ඉදිරියේ කුමක් බලාපොරොත්තු වෙන්ද? එය සිර මැදිරියක උවත් වෙනස් නොවේ. බලය වෙනුවෙන් ඔවුන් සටන් කරයි මෙය විය යුතු දෙයක් ද? නිර්මාණය කරුවා අපෙන් ප්‍රශ්න කර සිටි.
මේ ලොකේ සැබෑ ආදරය කරපු බොහෝ දෙනෙක් සිටින්නේ සිර ගෙදරය නැති නම් පිස්සන් කොටුවෙය. ආදරය වෙනුවෙන් පිරිමි වගෙම ගැහැණු අයත් නොයෙක් ආකාරයේ කැප කිරිමි සිදු කරයි. එය දෙදෙනාම සිදු කරන විට ඒ ආදරය සුන්දර වේ. නමුත් එය එක් අයෙකු පමනක් කරන්නේ නම් සිදු වන්නේ අනවශ්‍ය මහන්සියක් පමනී. ආදරය කරන කෙනා සතුටු කිරිමට අප මහත් උත්සහයන් ගනී.ආදරයට වයසක් වගෙම කුළයක් නොමැත. ආදරය වෙනුවෙන් කෙනෙක් පුංචි හොරකමක් කළහොත් එයට දඩුවම කෙතරම් විශාල එකක් විය යුතුද? මෙය ඉතා හොදින් නිර්මාණය තුල කතා කරයි.මේ නිර්මාණය සාර්ථක විමට බලපාන බොහෝ කරුණු වලින් එයත් එකකි. අප දන්නා තරමින් මිනි මරපු අයෙක්ට දඩුවම ජිවිත කාලයම සිර ගෙදර හෝ මරනීය දංඩනයයි.නමුත් එය වසර දෙකහමාරකට සිමා විම තුල ගැටළුවක් නොමැත.එය එසේ විමෙදී තමන්ගේ ආදරය වෙනුවෙන් පුංචි සොරකමක් සිදු කරපු අයෙක්ට වසර දෙකක සිර දඩුවමක් දිම කෙතරම් කාලොචිත ද? එය එසේ සාදාරණ නම් එයත් මිනි මැරුමකට සාදාරණ වේද? මෙය අප සිතිය යුතු කාරණයකී.
එතන් සිට අහිමි විම් දරා ගැනිම් එක්ක නිර්මාණය ඉදිරියට ගලාගෙන යන අතර එහීදී සිර මැදිරිය තුල දර්ශන වලට ඉතාමත් ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.තවද නිර්මාණය තුල ආනත දරුවන් කුඩා කාලයේ විදින දුක් ප්‍රතිනිර්මාණය කිරිමට සමත් වෙන අතර එය එක් ගීතයකින් පෙන්නුම් කිරිම තුල සාර්ථකත්වයට පැමිණි ඇති බවට අපට පෙන්වා දිය හැකිය. ඉතා කෙටි කාලයකින් පුළුල් පරාසයක් ආවරණය කිරිම නිර්මාණයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑම් කර ඇත.
සිරගෙදර ඇති කටුක බව සංගිතය සමග මුසු කරමින් නිර්මාණය තුල ඉදිරිපත් කරන නිර්මාණ කරුවා දෙවන බාගයෙදී කතාව සිර මැදිරියෙන් පිටතට ගෙන එමට සමත් වන අතර එහිදී කතාවේ ප්‍රදාන තෙමාව වන මිතුරු කම ගැන කතා කිරිමට එය උපයොගී කර ගනී. ලොකයේ අදටත් බොහෝ මිල මුදල් ඇති අය තරුණ ගැහැනු ළමයින්ට ප්‍රය කරයි. එය සමාජය ඉදිරියේ අප කතා නොකරන නමුත් සත්‍ය කරුණකි. මෙසේ රාත්‍රීයේදී ගොදුරක් වන තරුණ ගැහැණියක් බෙරා ගැනීම සිදු වේ. එහීදී ද සමාජයේ උගත් හා නුගත් අතර ඇති වන පරතරය ඉතා හොදින් නිර්මාණය කිරිමට සමත් වන නිර්මාණය කරුවා එය උපයොගී කරගෙන ඉතාමත් ලස්සන ආදර කතාවක් ඉදිරිපත් කරයි.
ආදරය ඇති විමට වයසක් බලපාන්නේ නැත එය කුමන වයසක කුමන කෙනෙක් කෙරෙහී උවද ඇති විය හැකිය. ආදරයේදී ගෞරවය සමග ඇති වන ආදරය ඉතාමත් ශේෂ්ඪ ලෙස මම දකිමි. එය ඉතා හොදින් නිර්මාණය තුල කතා වේ. මෙහිදී වැඩි හිටි ගැහැණියක් තරුන ලා බාල පිරිමි ළමයෙක් කෙරෙහී ඇති වන ආදරයක් වන අතර ඇගේ සිතේ එම මොහොතේ ඇති වන හැගිම ඉතා ලස්සනට ගිතයක් තුලින් ඉදිරිපත් කිරිමට නිර්මාණ කරුවා සමත් වේ. එහිදී යොදාගත් දර්ශන තල හා ඇදුම් නිසා ඇයගේ සිතේ ඇති උන හැගිම නිවරදී ලෙසම විද්‍යාමාන වේ.
කතාව අවසානයේදී ආදරය හා මිතුරු කම අතර ඇති සම්බන්ධය ගැන ඉතා හොදින් කතා වේ. ජිවිතයේ අපිට ජිවන සහකාරියක් හම්බවු විට බොහො විට කරන්නේ ලගම සිටි මිතුරන් අමත කිරිමය. නැතහොත් ඔවුන්ගෙන් දුරස් විමය. නමුත් ආදර ඉදිරියේ කිසිම විට මිතුරු කම අමතක කළ යුතු නොවේ. මන්ද ආදරය නැති වි ගිය විට පවා මිතුරා අප ලග සිටින නිසාය. මේ සම්බන්දය ඉතා හොදින් කතාව තුල පෙන්නුම් කරයි.
" මම උඹට කොච්චර ගැහුවත් උඹ මට කියන්නේ නැද්ද? "
නගරයක් නගරයක් ගානේ හොයලා තමයි අපි මුව අල්ලා ගත්තේ
අනිත් එවුන් අල්ලා ගන්න උදවු වෙයි කියලා
එත් කිසිම බයක් නැතිව මු අපිත් එක්ක සෙල්ලම් කරනවා.
මගේ ආදරය මට ගොඩක් වටිනවා සර්
උඹ දැනටමත් එකීව දැක්කා කියපන් සත්‍යා කොහෙද කියලා
එත් ඉටත් වඩා මගේ මිත්‍රත්වය වටිනවා සර්
කතාවේ ඉතාමත් හොද තෙමාවක් පුරාවට ගලාගෙන යන ලෙස නිර්මාණය කර තිබිම මෙහි විශේෂත්වයයි. එපමනක් නොව සමාජයේ අදුරු පැතිකඩයන් සියල්ල ගැන ඉතා හොදින් කතා කරන මේ නිර්මාණය කිසිම විටක අලස වන දර්ශන වලින් සමන්විත නොවේ. අප මිතුරන් ලෙස සලකන්නේ පිරිමි පිරිමි, ගැහැණු ගැහැනු අතර ඇති වන මිතුරු කම්ය. නමුත් මිතුරු කම් ඇති විමට වයසක් වගෙම ස්ත්‍රී පුරුෂ බවක් අදාල නොවේ. එය නිර්මාණය අවසානයේ ඉතා හොදින් අපට පසක් වේ. අප බොහෝ විට තිරණ ගන්නේ කෙනෙක්ගේ බාහිර සාදක පිළිබඳ තීරණය කිරිමෙනි නමුත් ඇත්තටම ඔවුන්ගේ ජිවිත කාතාව පිළිබඳ ඇසුවොත් අපට සමහර විට අපවම අමතක වේවී. ඉංදියාවේ බොහෝ සිනමා සිත්තම් තුල අනාතයින් ගැන කතා කරන අතර ඉංදියාවේ මෙතරම් ආනාතයින් බිහි විම කෙතරම් සෝචනිය තත්වයක් ද? සිතිමට කරුණු බොහොමයක් ඉතිරි කර නිර්මාණයක් ලෙස අවසානයේ අපට මේ නිර්මාණය පෙන්වා දිය හැකිය.
චිත්‍රපටය මුර්ගේෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සරත් ශක්ති, අයිරා හා කිශෝර් මෙහි ප්‍රදාන චරිත වලට රංගනයෙන් දායක වේ.විනාඩි 122 පුරාවට ගලා යන මේ නිර්මාණය 2019 වසරේ තිර ගත විය. චිත්‍රපටය සම්පුර්ණ කාලයෙන් විනාඩි 25 ක්ම ගිත සදහා වෙන් කර ඇති අතර එය නිර්මාණය තෙමාව පුළුල් ලෙස විදහා පැමට මහගු සේවයක් ඉටු කර ඇත.
Pithamagan 2003
Pithamagan 2003
ගූගල් පරීශිලක දර්ශකය 96%
IMDB 8.4/10
සොහෝන් පල්ලා කියා දුන් ජිවිතයේ යතාර්ථය
ජිවිතේට පුංචි ප්‍රශ්නයක් ආව ගමන් හිතනවා මේ ලොකේ ඉන්න අවාසනාවන්තම කෙනා තමන් කියලා.එත් මොහොතක් හිතන්න ඔයා රාත්‍රී නින්දට ගිහින් උදේ ඇහෙරෙනකොට ඔයාට පුළුවන් නම් කිසිම වේදනාවක් නැතිව ඇදෙන් බහින්න ඔයා තරම් මේ ලොකේ වාසනාවන්ත කෙනෙක් නැ.ඔයා දන්නවාද මේ ලොකේ ඉන්නවා තුන් වෙල තියා එක වේලක්වත් හරියට කන්න නැතිව දුක් විදින අපි වගෙම අහිංසක මිනිසුන්. මේ ලොකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ විදියට ඉපදෙන්නෙවත් සර්ව සම්පුර්ණ විදියට ජිවත් වෙන්නෙවත් නැ. අපි උදේ හවා හිතනවා මට හොද කාර් එකක් තිබ්බානම් , මට හොද ගෙයක් තිබ්බානම් මම ගොඩක් සතුටින් ඉන්නවා කියලා.එත් ඔය හැම දේම තියන හිතේ සතුට නැති කර ගත්ත ගොඩක් අය අපි අතර ඉන්නවා. දෙවියන්ගේ ලස්සනම නිමවුම තමයි කාන්තාව. ඇයගේ රූ සිරියට සමාන කරන්න මේ ලොකේ කිසිම මලක් තාම පිපිලා නැ. අපි ආදරය කරලා මේ ලොකෙට අලුත් ජීවයක් අරගෙන එනකොට ඒ පුංචි ජිවයේ අයිතියට අම්මා තාත්තා කියලා මේ ආදරණීය දෙන්නා නම් දෙකක් දෙනවා.සමහර විට මේ ලිපිය කියවන ඔයාට අම්මා තාත්තා දෙන්නම ඉන්න පුළුවන් , තවත් විදියකට අම්මා විතරක් තාත්තා විතරක් ඉන්න පුළුවන්.එත් මේ ලොකේ ඉන්නවා අම්මා තාත්තා කියන නම විතරක් අහපු කිසිම දවසක ඒ ආදරය විදලා නැති අපි වගෙම මිනිසත් බාවය ලබපු දරුවෝ.අපි එයාලට නමට කියන්නේ අනාතයෝ කියලා.මේ ආනාත ජිවිත වලට ආලොකයක් දෙන්න කිසිදා කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනත් ඒ ජිවිත වලින් සල්ලී හොයන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වීම කණගාටුවට කරුණක්.
සොහොන් පල්ලෙක්ගේ ජීවිතය වටා ඉතා අලංකාරවත් විදියට මේ කතාව ගලාගෙන යනවා.
මම ඉස්සෙලා කීවා මේ ලොකේ ලස්සනම නිර්මාණය තමයි කාන්තාව කියලා.වයස අවුරුදු 16 පහු වෙනකොට ඇගේ ලස්සන තව තවත් වැඩ් වෙනකොට ඈගේ රූප සම්පත්තිය මදාර පරසතු මල් පවා පරදනවා. එත් මේ ලස්සන රූප සම්පත්තිය සියල්ල ඈ කැප කරනවා තමන්ගේ දරුවෝ වෙනුවෙන්.එදා ලස්සනට තිබ්බ ඇග අද දරුවෝ වෙනුවෙන් කැප වෙනකොට ඒ අම්මා කිසිම දවසක රූපය ගැන හිතලා දරුවෝ අත ඇරීයේ නැ. මුළු මහත් ශරීරයේ ඇට ලේ මස් දාර පුරා විහීදී යන අප්රාමාණ දරු සෙනෙහස මෙතකයි කියා පැවසීමට මේ ලොකේ කිසිම අම්මා කෙනෙක් හට නොහැකි.
ජිවතයේ අපි මවු කුසකින් මෙලොව එලිය දකින දවසෙම අපේ මරණයත් ලියා ගන්නවා. මරණය වෙනුවෙන් මිනිසුන් අඩා වැලපෙනකොට උපත වෙනුවෙන් සිනහා කදුළු පුරවනවා. චිත්‍රපටයේ ආරම්භය ගන්නේ මේ සංසිද්දියත් සමග වීම නිසා එය නරඹන අපව මොහොතකට කතාව තුළ අතරමං කරවනවා. එක් පසකින් සිය ජිවිතයේ අවසන් ගමන් යන මිනියක් කර ගහ ගත්ත පිරිසක් යනකොට.තවත් පසකින් ලොකෙට අලුත් ජිවයක් දෙන්න මවු කුසක් දරා ගත්ත ආදරණිය අම්මා කෙනෙක් යනවා.චිත්‍රපටය තුල ඇති විශිෂ්ඨම දර්ශනය ලෙස මෙය අපට හදුන්වා දිය හැකියි.ජිවිතයේ අනියත බව ඉතාමත් හොදින් පෙන්නුම් කරන්න ඒ දර්ශනය සමත් වී ඇත.
අපි බොහෝ වෙලාවට ඉංදියානු සිනමාව ගැන කතා කරනකොට කියන්නේ ඉංදියාවේ සිනමාව තුල අන්තර්ගත වෙන්නේ ගුරුත්වයෙන් තොර දර්ශන කියලා.නමුත් ඉංදියානු සිනමාව මනාව රස විදින කෙනෙක් හටනම් එය ම්ත්යාවක් විදියට මම දකිනවා. දමිළ සිනමාව බොහෝ විට තාත්වික ආකාරයෙන් ඉදිරිපත් කරන්න නිර්මාණය කරුවා සමත් වේ.
දරුවෙක් ලොකයට බිහී විමට විළිරුජාව මවකට ඇති වෙනකොට පිරිමී එතනින් අයින් වෙනවා.මවු කුසකින් දරුවෙක් ලොකෙට එළියට ගන්නේ තවත් ගැහැණියක් එකයි සමාජයේ තත්වය.නමුත් කිරී දරුවෙකු ඉදිරියේ ඕනම පිරිම් කෙනෙක්ගේ හදවතේ ඇති වෙන අප්‍රමාන දරු සෙනෙහස හරී අපූරු විදියට නිර්මාණ කරුවා තිරය තුලට ඇතුලත් කිරිමට සමත් වෙනවා. දරුවෙක් ඉපදෙන්නේ පිරිසිදු තැනක එත් කනත්තක ඉපදෙන දරුවාගේ පෙකනිය මවගෙන් වෙන් වී ලේ ගලන ආකරය ඉතාමත් තාත්වික දර්ශනයක් වන අතර මවු පදවිය ලැබූ සියළු දෙනාට එය නෙතට කදුළක් එකතු කිරිමට සමත් වේ.
අපි පුංචි කාලේ ඔයාට මතකනම් අපේ අම්මා කියලා දෙනවා හරී අපූරුවට ගිරවු දෙන්නාගේ කතාව.ඒ කතාවේ හොද ගිරවෙක් උනේ එයා හැදි වැඩුන පරිසරයත් එක්ක.ජීවිතයේ උපත කනත්තක වෙලා එයා මුළු ජිවිතයම ගත කරන්නේ කන්ත්තෙනම් ඒ අමිහිරි අත්දැකීමක ඔහුට කෙසේ දැනෙනවා ඇත්ද? අමු සොහොනක කුණු වෙන මළ කුණු වලින්, දෙතිස් කුණප වලින් අසූචි වැගිරෙනකොට, අනියත් මළ මිනි බදාගෙන මහා හයියෙන් මිනිසුන් විලාප තියනකොට, වත් පොහොසත් කම් අතින් කීර්තිමත් අය දැවී අළු වී ගොස් ඇට කොටු විතරක් ඉතිරි වෙනකොට, ආදරය සෙනෙසහ කිසිදා නොළබන දරුවෙක්ට මෙය කෙසේ නම් දැනේවිද ? එය ජීවමාන සංසිද්ධියක් ලෙසම නිර්මාණය කරුවා අපට පෙන්වා දී ඇත.
" ඔබේ වෙලාව පැමිණ තිබේ
තිනි වු කෙනෙක් ලෙස පොලවට එන්න හිතුනා දෝ
දුප්පත් කම හෝ ධනවත් කම වෙනසක් කරයි දෝ
මරණය විතරයි පැමිණ ඔබ සොයන්නේ "
අපි අද කතා කරන්නේ දම්ළ සිනමාවේ බිහිවු සම්මානනීය කතාවක් ගැන. මේ සංසිද්දියදී කුඩා ළමයෙක්ගේ සිට වික්‍රම් වැඩ්හිටි අයෙක් වන තෙක් රංගනයෙන් ඉතාමත් පොහොසත්. කෙනෙක්ට දෙබසක් දීලා එක කැමරාව ඉදිරියේ පැවසීම රංගනය නොවන බව ඉතා හොදින් මේ දර්ශන වලින් අපට පැහැදිලි වෙනවා.
අපි සමාජයේ මිනිසුන් වර්ග කරනවා.ජාතිය, කුළය , ආගම වෙනුවෙන් මිනිසුන් මිනිසුන්වම පාගා දමනවා. එහෙම යුගයක සොහොනක මිනි පුච්චන කෙනෙක්ව කෙතරම් පහත් තත්වයට දමා ඇත්ද? ඔහුට අපි වගේ කුස ගීණී දැනෙනවා ඇති. එයත් ආස ඇති මිනිසුන්ගේ ආදරය විදින්න.එක හරි අපුරු විදියට තිරය මතට ගන්න නිර්මාණ කරුවා සමත් වෙනවා.කෙනෙක් ඉපදෙන තැන අනුව එයාගේ ඉරණම තීරණය කරනවානම් මේ පුංචි දරුවා පොහොසත් පවුලක ඉපදුනානම් මේ ඉරණම වෙනස් විමට තිබුනා නේද ? එසේනම් මිනිසුන් විදියට අප කෙතරම් පහත් ද? නිර්මාණය කරුවා අපෙන් මුලදිම ප්‍රශ්න කර සිටී.
මේ සම්පුර්ණ කතාව ගලාගෙන යන්නේ ප්‍රදාන නළුවන් දෙදෙනෙක් හා එක් ප්‍රදාන නිළියක් සමග.එවිට නිර්මාණ කරුවා ඉතාමත් හොදින් තිරය පාලනය කළ යුතු වෙනවා.දර්ශන බෙදී යාම අතින් එක් අයෙකුටවත් අසාදාරණයක් නොවෙන්න විදියට එය ඔහු සැලසුම් කළ යුතු වේ. මෙය නිර්මාණය කරුවා ඉතා හොදින් තෙරුම් ගෙන වික්‍රම් ,සූර්යා හා ලයිලා අතර දර්ශන තල මනා ලෙස සංයොජනය කර ඇත. මේ කතාව තුල වික්‍රම්ගේ අත්වීතිය රංගනයක් අප දකිනවා.ඒ රංගනයට නොදවෙනි රංගනයක් සූර්යා තුලත් අප දකිනවා.
අපි හැමොම කවදා හරී මිය යන බව දන්නා කරුණක්.නමුත් එසේ උවත් මරණය සිහියේ තබාගෙම ඉන්න ටිකේ බොහො පිරිසිදු අකාරයෙන් සතුටින් ජිවත් විය යුතු බව සූර්යාගේ චරිතය තුලින් නිර්මාණය කරුවා අපට ඉතා හොදින් පහදා දෙනවා. මෙය කෙනෙක් හට තවත් විදියකින් තෙරුම් ගත හැකියි. සූර්යාගේ චරිතය තුලින් සතුට දැක වික්‍රම්ගේ චරිතය තුලින් දුක දැක්කොත් මේ කතාවෙ කියවෙන්නේ ජිවිතයේ යාතාර්තය නොවේද යන්න අපට හොදින් අවබොද කර ගත හැකියි.
පළවෙනි අඩහොරාව කතාව ගලාගෙන යනකොට අපිට හොදින් පැහැදිලි කරලා දෙනවා මේ කතාව තුලින් ජිව්තයේ යතාර්ථය ගැන කතා කරනවා කියලා. එහීදී මිනිසාගේ හැගිම් ගැන වගෙම මිනිසුගේ පහත් ගති ගැනත් ඉතා හොදින් නිර්මාණ කරුවා අපට පෙන්වා දී තිබේ. මේ චිත්‍රපටය රූගත කරන කාල වකවානුව තුල අදට වඩා හොදින් ලොකයේ වහල් සංස්කෘතික් තිබුනා කියලා අපිට ඉතාහාසය තුලිනුත් සාදක හොයා ගත හැකිය.එය ඉතා හොදින් අපට නිර්මාණ කරුවා පෙන්වා දී ඇති අතර එහීදී දොලාව වැනි ප්‍රවාහන ක්‍රම පෙන්නුම් කිරිම තුල කතාවට නව ජිවක් ලබා දිමට සමත් වී ඇත.
මේ ලොකේ හොද මිනිසුන් වත් නරක මිනිසුන්වත් නොමැත. ඇත්තේ කාලයට අනූරුපව වෙනස් වන චරිතයන් පමනී.සල්ලී වෙනුවෙන් අසරණ කම වෙනුවෙන් මිනිසුන් බොහෝ නීති විරෝධී කටයුතු සිදු කරන අතර එය එසේ විම නිසා සිර ගත කිරිම් වලට පවා භාජනය විමට ඔවුනට සිදුවේ. කෙනෙක් සිරගත වු විට ඔහුගේ යහපත් මානසිකත්වයන් සැදිම පොලිසියේ වගකීම වේ. පොලිසිය සිරකරුවන් දිහා මානුෂික හැගිම් තුලින් බලමින් ඔවුන් තෙරුම් ගෙන ඔවුන්ට පිහිට විම සැබෑ ලෙසම සිදු විය යුතුය.නමුත් එය සිදු නොවන විට සමාජයට බිහි වන්නේ තවත් නපුරු පුද්ගලයකී.එය තිරය තුලට යොදා ගනිමින් මනා වු සටන් ශිල්ප සමගින් සූර්යා හා වික්‍රම් තිරය තුළදි මුන ගැස්සවිමට නිර්මාණය කරුවා සමත් වේ.
එහීදී සමාජයේ බොහෝ අදුරු පැතිකඩ ගැන කතා කරන නිර්මාණ කරුවා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ගැනත් යම් තාක් දුරට කතා කරයි.
" මෙයාව සාත්තුවරයෙක් කරලා
මේ සාත්තුවරයා නිකන් ඉදලා නැ
මෙයා දේශිය විදේශීය කාන්තාවන්ට හිරිහැර කරලා
එක විතරක් කරලා නිකන් හිටියේ නැ
10 වසරේ ශිෂ්‍යවක්
ගිහින් තියෙනවා එයාගේ විභාගයට ආශිර්වාද ගන්න කියලා
එයාටත් හිරිහැර කරලා "
හැමොටම මේ ලොකේ දැනෙන එකම හැගිම ආදරය.අපි කෙනෙක්ට ආදරය කරනකොට එයා අපිට ආදරය නොකරත් මුලු ලොකයක් අපිට ආදරය කරයි. ආදරය තුලදි හොදම දේ තෙරුම් ගැනීමයි.අපි ආදරය ගැන කතා කරනකොට ආදරය කියන්නේ කෙල්ලෙක් හා කොල්ලෙක් අතර ඇති වෙන දෙයක් විතරක්ම නොවේ.යහපත් මිතුරු කමත් හොදම ආදරයක්.ලොකේ වරදින් හරී ඒ ඒ අයගේ වරදින් හරි ආනාතයන් විදියට මේ ලොකෙට බිහි වුනත් සමහර ගුණ දහම් මිනිසත් කම ගැන කතා කරන අප තුලට වඩා ඔවුන් තුල ඇත. සියල්ලෝම මිනිසුන්ය ඔවුන්ට ජිවත් විමේ අයිතියක් ඇත.නමුත් එය අහිමි කිරිමට කිසිවෙකුට බැරිය.ආදරය සෙනෙහස මිතුරු කම සමගින් චිත්‍රපටය එතන් සිට ඉතාමත් අපූරු විදියට ගලාගෙන යනවා. ඒ සියළු කොටස් වල දර්ශන හරිම තාත්වික විදියට නිර්මාණය වෙලා ඇති අතර තිර අතර සංයොජනය ඉතාමත් සියුම් ලෙස නිර්මාණය තුලින් අපට බලා ගත හැකිය.
මේ අපි කතා කරන්නේ ජිවිතයේ යතාර්ථය ගැනය. අපි හැමොම මැරෙන මිනිසුන්. සොහොනක හිටිය සොහොන් පල්ලා දුටුවෙත් ඒ දේ. එත් ඒ මරණයට කිසිම කෙනෙක් හට අයිතියක් කියන්නට බැහැ එය ස්භාවිකවම සිදු විය යුතුය.වෙනදා කරෙන් අත දාගෙන ගිය යාළුවා සදහටම නැති වෙනකොට ඒ වෙදනාව ලොකයට කියන්න තරම් හයියක් නැති වෙනකොට ඒ වෙදනාව විදින ආකාරය ඉතාමත් අලංකාර ලෙස වගෙම තාත්වික ලෙස වික්‍රම්ගේ චිරිතය තුලින් උකහා ගන්න නිර්මාණය කරුවා සමත් වී ඇත.
" මගේ මවද මා දමා මරණය වෙත ගියා
මා හදා ගත්තු කෙනාත් මා දමා යන්න ගියා
නමුත් උබ
ඇයි උබ මැරිලා මට කදුළු හලන්න සැලස්සුවේ
චිත්‍රපටය බොහෝ අංශවලින් ශක්තිමත් වන අතර මෙකප් අතින් එය ඉතාමත් සාර්ථකත්වයක් ලබාගෙන ඇත.සූර්යාගේ මරණය සමග මිනිය සැදිමෙදී නිර්මාණය කරුවා ඉතා කුඩා දෙවල් වලට පවා ඉතා හොද සැලකිල්ලක් ලබා දී ඇත.තවද එම දර්ශනය තුලදී මිනියක් ඇති විට ඒ සමග අවට පරිසරයේ සතුන්ගේ හැසිරීම ඉතාමත් ක්‍රමානුකූලව තිරය මතට ගෙන එමට සමත් වී තිබේ. චිත්‍රපටය නළු නිලියන්ගෙන් පිටු පස තිරය තුල යම් යම් එකතු කිරිම් කිරිමේදී ඒ සියල්ලටම ස්භාවිකත්වය එකතු කර තිබිම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉතා හොදින් බලපෑම් එල්ල කර ඇත.
වික්‍රම්ගේ විශිෂ්ඨ ලෙස රංගනයෙන් දායක වී ඇති අතර. ඔහුගේ චරිතය තුල ඇත්තේ බොහෝ අඩු දෙබස් ගනනකී.සියළු දර්ශනයන් ඔහුගේ භාවයන්ට හා ඉරියවු වලට මුළික තැන ලබා දෙමින් සිදු කර ඇති අතර සටන් ජවනිකා වලදී බොහෝ විට කොටියෙක් පහර දෙන ආකාරයට ඉදිරිපත් කිරිමට නිර්මාණය කරුවා උත්සහ ගෙන තිබීම විශේෂත්වයකී. වික්‍රම්ගේ ඇවිදිමේ දර්ශනයන් වලදි ඔහු බොහෝ විට සොම්බී ආකාරයෙන් ඇවිදිම් සිදු කරන අතර එය සිදු වන්නේ ඔහු හැදි වැඩි සිටි පරිසරය නිසා බව ඉතා හොදින් පැහැදිලි වේ. චිත්‍රපටය පුරාවටම වික්‍රම් ඇස් මගින් අදහස් ප්‍රකාශ කරන අතර සමහර අවස්තාවන් වල එය සතුට හා දුක ගම්ම්ය කිරිමටද උපකාර කරගෙන ඇත.
වික්‍රම්ට නොදවෙනි රංගනයක් සූර්යා ඉදිරිපත් කරන අතර ඒ තුලින් සූර්යාගේ රංගනයද ඉතා හොදින් බලා ගත හැකිය. ඔහුගේ චරිතය බොහෝ විට භාවයන්ට වඩා වචනයට මුලික තැනක් ලබා දෙන ලෙස සිදු කර ඇත. සූර්යාගේ මරණය ඉතා හොදින් විද්‍යාමාන කිරිමට නිර්මාණය කරුව සමත් වේ.
චිත්‍රපටයේ ලයිලා අවස්තාවන් දෙකක් නිරූපණය කරන අතර ඇගේ චිරිතය තුල සාමාන්‍ය කෙල්ලෙක් දැක ගැනීමට හැකි වේ.නමුත් එය එසේ වන්නේ චිත්‍රපටයේ පලවෙනි හොරා දෙක පමනි.එතන් සිට ඇය ජීවමාන පඨාචාරවක් ලෙස තිරය තුලදී අපට දැක ගැනීමට හැකි වේ.රංගනයෙන් වගෙම වේශනිරූපනය අතින්ද චිත්‍රපටය සදහා ඇය ඉතාමත් හොද දායක්තවයක් ලබා දී ඇත.
චිත්‍රපටය සදහා බොහෝ සම්මානද හිමී වී ඇත.
ජාතික චිත්‍රපට සම්මාන 2003
ජයග්‍රහණය - හොඳම නළුවාට රිදී නෙළුම් සම්මානය - වික්‍රම්
ෆිල්ම් ෆෙයාර් සම්මාන දකුණ
දිනා - ෆිල්ම් ෆෙයාර් හොඳම චිත්‍රපට සම්මානය (දෙමළ)
ජය - ෆිල්ම් ෆෙයාර් හොඳම අධ්යක්ෂ සම්මානය - බල
දිනුවා - ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා - වික්‍රම්
දිනුවා - ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය - ලයිලා
ජයග්‍රහණය - ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නළුවාට හිමි සම්මානය - සූරිය
ජය - ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නිළිය - සංගීතා
තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන
ජයග්‍රහණය - හොඳම නළුවා - වික්‍රම්
දිනුවා - හොඳම නිළිය - ලයිලා
ජයග්‍රහණය - හොඳම සහය නිළිය - සංගීතා
සිනමා සම්මාන
ජයග්‍රහණය - දකුණු ඉන්දියාවේ හොඳම නළුවා - වික්‍රම්
චිත්‍රපටයේ ප්‍රදාන කතා තෙමාව වෙලා තියෙන්නේ ජයකාන්තන්ගේ Nandhavanathil oru andi කියන කතාවේ සොහොන් පල්ලෙකුගේ චරිතාපදානයයි.චිත්‍රපටයේ සාර්ථකත්වය මතම එය 2007 දී කන්නඩ භාෂාවෙන් Anatharu ලෙස නිර්මාණය විය. මෙය හිංදී භාෂාවෙන් ද නිර්මාණය කිරිමට උත්සහ ගත්තද යම් යම් හෙතු මත එය සිදු නොවීය.අලංකාර ගීත රාශියකින් සමන්විත වන මෙම චිත්‍රපටය බාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර. වික්‍රම් , සූර්යා , ලයිලා රංගනයෙන් දායක වේ. චිත්‍රපටය 2003 ඔක්තෝබර් නිකුත් කර ඇති අතර විනාඩි 158 පුරාවට ඉතාමත් හොදින් මේ නිර්මාණය රස විදිමට හැකියාව ඇත.
ඔබ දමිළ සිනමා රසිකයෙක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මෙවනි උසස් නිර්මාණ රස විදින්න.සිනමා රසිකත්වය භාෂාවක් මත තීරණය නොවන අතර එය ඔබ රස විදින උසස් නිර්මාණ මතම තීරණය වේ.
Subscribe to:
Posts (Atom)