Posted by : Tharuka Niroshan
Monday, February 1, 2021
Lucifer 2019
ගූගල් පරීශිලක දර්ශකය 90%
IMDB 7.5/10
දෙශපාලනයේ අදුරට එරෙහිව රාක්ෂයාගේ නැගීටිම.
මේ ලොකේ හරී පුදුමයි නේද ? මිනිසා තමයි මේ ලොකේ හොදම නිර්මාණය.එත් ඒ මිනිසාගේ පාලනය අද සල්ලී වලින් සිදු වෙනවා නේද ? බලන්න මිනිසු සල්ලි වෙනුවෙන් මොනාද නොකරන්නේ මිනී මරණවා, හොරකම් කරනවා ඒ වගෙම තවත් අපචාර කරනවා.ඇයි මේ ලොකේ එච්චර නපුරු උනේ. සල්ලී නිසාමද? කොහොම හරී මේ සියල්ල එහෙම වෙනකොට මිනිසුන්ගේ ගුණ දහම් පහත් වුනා. එදා ආදී මානවයා රොදය හා ගින්දර හොයා ගත්තේ ඇයි ද යන්න ඔබත් මාත් දන්නා කරුනකී.මිනිසා දිනෙන් දින දියුණු වීමට උත්සහ කලත් ඒ තුලින් මිනිසාම පරිහානියට පත් වීම කණගාටුවට කරුණකී.ගින්දර සොයා ගත් මිනිසා ආහාර හොදින් පිස අනුඹව කරන්න පෙළබුනා.රොදය හොයා ගත් මිනිසා ඒ තුලින් සිය ගමන බිමන පහසු කර ගත්තා.එත් අද එය කෙතරම් වෙනස් වි ඇත්ද?
ගින්දර නිසා මුලු සමාජයක් විනාශ කිරිමට මිනිසාම උත්සහ ගනී.එය මෙසේ සිදු වුයේ ඇයි ද යන්න මම නොදනෙමී.නමුත් එයින් වී ඇති අයහපතනම් අති මහත්ය. එදා මිනිසුන් හට ආගමක් දහමක් නැත.ඔවුන් ජිවිත් වෙන කාලය සතුටින් ගත කළහ.ටිකින් ටික නායකයන් බිහිවිමට පටන් ගත්තේය.නායකයා මිනිසුන් මෙහෙයවයි නමුදු අද එහී අනිත් පැත්තය.නායකයා නිසා අනුගාමිකයා විනාශ වී යයි. මේ සා හානියක් වුයේ ඇයි ද යන්න මම නොදනිමි. බලය ආශාව වගෙම තන්හාව නිසා මිනිසා මිනිසාවම මරා දමන්න පෙළ බී ඇත.දෙශපාලනයේ ඇති අමිහිරි බව එයය.කෙනෙක් එයට විරුද්ද විමට තැත් කළහොත් එ කෙනාට ජිවිතයේ අවසාන හුස්ම හෙළිමට පවා සිදු වේ.කිසිම පාලකයෙක් යටත් පිරිසේ ජනයා බුද්දිමත් වනු දැකිමට කැමති නැත.එයින් සිදු වන්නේ පාළකයා හට බලයේ සිටිමට ඇති ඉඩ කඩ ඉහීරී යාමය.මේ ලොකේ හැමොම ආසයි එයාලට අනිත් අය සේවය කරනවානම් එයාල කියන කියන විදියට ජිවත් වෙනවානම්.එතකොට මුලු ලොකයම එයාට හොද කියනවා.එත් එහෙම කරන්න බැරි උනොත් මේ ලොකෙම ඔයාට දොස් කියනවා.මිනිසුන්ගේ පිරිහිම නේද මේ.හිතලා බලන්න හොදම කාලය මෙක කියලා මට හිතෙනවා.එකට බැදුණු ලස්සන ගීතයක් මගේ මනසට නැගෙනවා.
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ ඔබ හිඳුවා
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල…
මළයාලම් සිනමාවේ බිහිවු සාර්ථක නිර්මාණයක් විදියට මම මේ නිර්මාණය දකිනවා. චිත්‍රපටය පුරාවටම තාත්වික කරුණක් පිළිබඳ කතා කරන අතර එයට යොදා ගත් තේමාවත් ඉතාමත් යහපත් වේ.මේ කතාවේ විශේෂ ලක්ෂණ කිහිපයක්ම තිබේ.ඒ අතරින් ප්‍රදාන වන්නේ මේ කතාව තුළ ගලා යන්නේ ඉහල දෙශපාලනයේ යෙදෙන අයගේ පහත් වු ලක්ෂණ වීමය. ඉංදියාව මෙන්ම වෙනත් රටවල් වලද ඉතාමත් සාර්ථක වු මෙම නිර්මාණය එතරම් සාර්ථක විමට හෙතු විමසා බැලිය යුතුය යන්න මාගේ අදහසයි.
චිත්‍රපටය ආරම්භ වන්නේ ඉහළ පෙලේ දෙශපාලනය යෙදෙන පුද්ගලයකුගේ අභාවය සමගය.නිර්මාණය කරුවා එවනී ආරම්භයක් ගැනීම තුලින් නරඹන්නා හට ආරම්භයේදී ඉතාමත් හොද ජවයක් ලබා දී ඇත. එහීදී ඉංදියාව තුල ජාතියට ඇති ගෞරවය වගෙම භක්තිය ගැන කතා කිරිමට නිර්මාණ කරුවා උස්සහ ගෙන තිබේ.තවද එම දර්ශනය උපයෝගී කරගෙන මිනිසුන්ගේ දෙශපාලන වහල් භාවය නොකියා අපට පෙන්වා දී ඇත.එහීදී පොලිසියේ හැසිරිම හා සාමාන්‍ය ජනයාගේ හැසිරිම තිරයට පෙන්වීම ඉතාමත් ප්‍රායෝගීකයි කියා මට සිතේ.මෙහීදී සියළු පිරිස සුදු වර්ණයන් ඇදගෙන සිටිම මගින් නිර්මාණයට නව ජීවයක් එකතු වී ඇත.මෙතනදී දෙශපාලනයේ අනිත් පැත්ත ඒ කියන්නේ මීඩියාවල හැසිරිම ගැන කතා කිරිමට නිර්මාණ කරුවා අමතක නොකරයි.ඒ අනුව ආරම්භය ඉතාමත් යහපත් විදියට මම දකිමී.
අනතුරුව කතාවේ කුතුහලය වගෙම කෙන්තිය ඒ ලෙස පවත්වා ගනිමින් දෙවන දර්ශනයට අපව රැගෙන යයි. එහීදී සමාජය ක්රයාකාරීයෙකු මගින් චිත්‍රපටයේ සෙසු චරිත හදුන් වා දෙයී.එහීදී නිර්මාණ කරුවා යොදා ගන්නාවු ක්‍රමය ඉතාමත් විශිෂ්ඨ ලෙස මම දකිමී.මේ කාලය වන විට මිනිසුන් එකතු විම හා සංනිවේදන කෙරෙහී සමාජ මාධ්‍ය බොහෝ සෙයින් බලපායි.එමෙන්ම දෙශපාලන පක්ෂ ඇති කිරිමටත් නැති කිරිමටත් මේ දෙකටම සමාජ මාධ්‍ය බෙහෙවින් බලපායි.ඒ අනුව මේ කුඩා සංකල්පය නිර්මාණ කරුවා මේ කොටසේදී මනාකොට ග්‍රහණය කරගෙන ඇත.එම නිසා මේ නිර්මාණයේ යම් කොටසක්වත් අසාධාරණ ලෙස අපට ඉවත් කළ නොහැකි වෙයි.
චිත්‍රපටයේ ප්‍රදාන තෙමාව සමග ගැටිමට නිර්මාණ කරුවා අවශ්‍ය පදනම මේ වනවිට නිර්මාණය කර අවසන්ය.එතනින් පසු මේ දෙශපාලනයේ අපට නොපෙනෙන අදුර පෙන්විමට නිර්මාණය කරුවා උත්සහ ගැනීම සිදු කරයි.එහිදී අමතක නොකර ඔහු පිරිසිදු දෙශපාලනය හා අපිරිසිදු දෙශපාලනය සංසදය කිරිම විශිෂ්ඨ ලෙස මම දකිමි.
එතනින් පසු චිත්‍රපටයට හදුන්වා දෙන චරිත හා ඒ ඇසුරෙන් කතාවේ ප්‍රදාන තෙමාවට කර ඇති බලපෑම අප කතා කළ යුතුය. ප්‍රයදර්ශනී ඇය මේ කතාවේ මියගිය දෙශපාලකයාගේ දියනිය ලෙස කතාවට එකතු වෙයි.සාමාන්‍ය ජන ජිවිතයෙදී කාන්තාවකට ආවේනීක වු ලක්ෂණ ගැන කතා කරයි.නමුත් මෙහීදී නිර්මාණය කරුවා ඇගේ ප්රතාපවත් භාවය හා උද්දච්ච කම ගැන කතා කරයි.දෙශපාලනයේදී කපටි කම ගැහැණියකට පිරිමියෙකුට මෙන්ම ඇති බව නිර්මාණ කරුවා ඇගේ චරිතයෙන් අපට පෙන්වා දෙයි.නමුත් මෙහීදී ඇයගේ චරිතය තුලින් නිර්මාණ කරුවා පෙනවා දෙන්නේ ඔවුන්ගේ පරිසර මට්ටම ගැන වන අතර සාමාන්‍ය ජනයා හා ප්රයදර්ශනීගේ සංකලනයක් නොපෙන්වයි.
ඉලගට දෙශපාලනයේ දුෂිත බව හා කතාවේ ප්‍රදාන තේමාව ගැන කතා කරන්නේ බොබී හරහාය. බොබී යනු සිය ජිවිතයම මිළ මුදල් වෙනුවෙන් කැප කෙරන කෙනෙකී.දෙශපාලනය කරන ඕනම කෙනෙක් හට එය පවත්වා ගැනීමට මුල මුදල් තිබිම අවශය කරුණකී.නමුත් ඒ මිළ මුදල් සාදාරණ විය යුතුය.නමුත් එසේ නොවෙන්නේ නම් එය ගැටලුවකී.මෙහෙදී නිර්මාණ කරුවා කුඩු ගැන කතා කරයි.ඕනම රටක කුඩු කියන්නේ මහා කෙදවාචයකී.නමුත් කුඩු කිසිම රටකට හොරෙන් ගෙන ගියත් දෙශපාලනය අදිකාරියේ බලයක් නොමැතිව එවා බෙදා හැරිය නොහැකිය.එසේනම් රටක් වනසන්න ප්‍රදාන හෙතුව වන්නේ පහත් දෙශපාලනයේ යෙදෙන අය නේද යන්න නිර්මාණ කරුවා අපෙන් ප්‍රශ්න කර සීටී.
මළයාලම් සිනමාව බොහෝ විට නිර්මාණය වන්නේ ස්භාවික පරිසරය පදනම් කරගෙන බව ඔබත් මමත් දන්නා කරුණකී.නමුත් මෙහිදී නිර්මාණ කරුවා එතනින් එහාට ගොස් බොලිවුඩයේ නිර්මාණ වල ආභාෂය මෙයට එකතු කරගෙන ඇත.එය ඉතාමත් සාර්ථක උත්සහයක් වන අතර එම නිසාම චිත්‍රපටයට වෙනස්ම ආරක අලංකාරයක් එකතු කර තිබේ.එයට උදාහරණ ලෙස අපට නයිට් ක්ලබ් පෙන්වා දිය හැකිය.
අනතුරුව දෙශපාලනයේ ශක්තිමත් බල කණුව වගෙම චිත්‍රපටයේ ප්‍රදාන චිරිතය නිර්මාණයට හදුන් වා දී ඇත.මෙහිදී මළයාලම් ගම්මාන වල සුදරත්වය වගෙම මලයාලම් වැසියන්ගේ ආගම ගැන පෙන්විමට උත්සහ කරයි.ස්ටීෆන් කියන්නේ මිනිසුන් මගින් එන කෙනෙක් ලෙස නිර්මාණය කරුවා පෙන්වා දෙයි.ඒ බව නිතර පෙන්විමට ඔහු සමග එකතු වන ජන ගංගාව උදාහරණ දරණු ඇත. ඒ අනුව පළවෙනි අඩ හොරාව ගත වන විට චිත්‍රපටයට අවශ්‍ය පදනම නිර්මාණ කරුවා දමා අවසන් වන අතර එය ශක්තියමත් ආරම්භයක් ලෙස මම දකිමි.එම නිසාම මෙම නිර්මාණය මෙතරම් සාර්ථක වී ඇත.එහීදී නිර්මාණය කර ඇති ජන ගංගා චිත්‍රපටයේ විශිෂ්ඨතාව තවත් හොදින් කියා පායී.
එතනින් අනතුරුව නිර්මාණය කරුවා ස්ටීෆන්ගේ අනාත නිවාසය හා ඒ ආශිතව සිදුවන ක්‍රියාවලි පෙන්වීමට උත්සහ ගෙන ඇත.එතනදී යම් අයෙක්ට ප්‍රශ්නයක් නැගෙන්නේ මොකක්ද දෙශපාලනය හා අනාත නිවාසය අතර ඇති සම්බන්ධය යන්නය.අනාතයින් යනුවෙන් හැදින්වෙන්නේ කවුද කියලා පැහැදිලි අවබොදයක් ලබා ගැනීම තුලින් එය අපට පහදා ගත හැකිය.සැබෑ ලෙසම අනාතයින් නිර්මාණය වන්නේ දෙමාපියන් නැති කම නිසාය එයට හෙතුව වන්නේ දුප්පත් කමය.දුප්පත් කම නැති කිරිම රජයක වගකීමයි.මෙහීදී එවනි දර්ශන යොදා ගනිමින් නිර්මාණය කරුවා දෙශපාලනයේ අඩුපාඩු පෙනවා දෙන අතර ස්ටීෆන්ගේ ඇති මානුෂිකත්වය තව තවත් පෙන්නුම් කරයි.
මේ වන විට නිර්මාණය කරුවා දෙශපාලනයේ දුෂිත ආකාරයන් ගැන කතා කර ඇති අතර තව එක් කරුණක් ගැන ඔහුට කතා කිරිමට අවශ්‍යව ඇත.එනම් ලිංගිකත්වයයි.එය ඉතාමත් හොදින් නිර්මාණය කිරිමට ප්රයදර්ශනීගේ දියනිය කෙරෙහී බොබීගේ ඇති කාම ආසාව යොදාගෙන ඇත.මේ වන විට අපට දෙශපාලනයේ දෙපෙත්තක් කතා කරන බව පැහැදිලි වී හමාරය. දෙශපාලනයේ සැබෑ ලෙසම අවස්තාවාදිය.ඔවුන් නිතර මිනිසුන් වෙනුවෙන් නොව තමාගේ යහපත වෙනුවෙන් සිදු කරන දෙයක් බව අපට පැහැදිලිය.එය මානාවට නිර්මාණය තුලින් පෙන්නුම් කරන අතර බලය නිසා ඔවුන් සුපොගබොගී ජිවිත ගත කරන අයිරු බොබිගේ චිරිතය තුලින් නිර්මාණයට ග්‍රහණය කරගෙන ඇත.
සියල්ල සිදු වී ඇති අවස්තාවක ධර්මය හා අධර්මය ඒ කියන්නේ දෙශපාලනයේ හොද හා නරක එකිනෙකට හමු වේ.එහිදී අදුර විසින් ආලොකය යටපත් කරන්න උත්සහ ගත්තා ද, එය එසේ නොවන විට සිදුවන විපත වගෙම ස්ටීෆන්ගේ කාර්යසූර බාවය නිර්මාණය තුල පෙන්නුම් කරයි.එතන් පසු නිර්මාණය දෙවන පරිච්ඡේදයක් ඔස්සේ ගලාගෙන යන බව අපට පැහැදිලි වේ.
මේ වන විට නිර්මාණය තුල මාධ්‍යවේදීන්ගේ හැසිරිම ගැන විශේෂ ලෙස කතා කර නොතිබිම නිසා දර්ශන කිහිපයක් යොදාගෙන එය ප්‍රතිනිර්මාණය කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගෙන ඇත.එහීදී මාධ්‍යවේදීන් පැහැරගෙන යාම හා ප්‍රදාන මාධ්‍ය වේදින් මුදලට විකිනෙන අයුරු මනා කොට පෙන්නුම් කර ඇත.මෙවනි දේ සැබෑ සමාජයෙදී බොහෝ මිනිසුන් අත් විද ඇති බවට නොරහසකී. නමුත් එවනි කරුණු බොහෝ දෙනා සගවා සිටී. මෙවනී දර්ශන නිසා එවනී අතීතයන් බොහෝ දෙනාගේ මතකයට නැගේ. එම නිසා නිර්මාණය තවත් සාර්ථක වී ඇත යන්න මාගේ අදහසයි.
දෙශපාලනයේදී සදාකාලික හතුරන්වත් සදාකාලික මිතුරන්වත් නොමැත.එමෙන්ම තමාගේ දකුණ අත වගේ සිටින කෙනා වුවත් දෙශපාලනයේදී පාවා දිම් වලට පෙළබිය හැකි බව නිර්මාණය කරුවා ඉතා හොදින් පෙන්වා දෙයි.එහිදී සටන් කාමී ජවනිකා යොදා ගැනීම නිසා චිත්‍රපටය තුළ යම් අයෙක් හට කම්මැලිකමක් ඇති වී තිබුනේනම් එය මග හැරිමට සමත් වී ඇත.
සැබෑ ලෙසම නිර්මාණය තුලින් මේ වන විට ගලායන්නේ හොද හා නරකය.එහීදී යම් විටක නරක බලවත් විමෙදී හොද යටපත් වන බව අප දන්නා කරුණකී.නමුත් නරකට හැමදාම ආයුෂ නැත යන්නත් සත්ත්යකී.මෙහීදී දෙශපාලන සිර කිරිම් පිළිබඳ නිර්මාණය කරුවා කතා කිරිමට මේ සංකල්පය යොදා ගන්නා අතර එහීදී පුජාසනයේ හිදුවා සිටි ස්ටීෆන් හට ඔහුගෙම මිනිසුන් බැන වදින ආකාරය පෙන්නුම් කිරිම ඇසට කදුලක් එකතු කරන දර්ශනයක් උවත් දෙශපාලනයේ වහල් භාවයේ සැබෑ තත්වය මෙය නොවේද යන්න නිර්මාණය කරුවා අපට නොකයා පවසා සිටිනවා.
තවද පොලිසිය දෙශපාලනය යටතේ කුක්කන් සේ හැසිරෙන අයුරුද නිර්මාණය තුලින් කදිම අයුරින් පෙන්වා දී තිබෙනවා.එතනින් පසු චන්ද වියාපාර හා දෙශපානය තුලින් මිනිසාගේ හිත වෙනස් කරන අයුරු නිර්මාණය කිරිමට නිර්මාණ කරුවා සමත් වී තියෙනවා.මේ වන විට චිත්‍රපටය හොරා දෙකකට ආසන්න කාලයක් ගත කර හමාරය.
මේ වන විට දෙශපාලනයේ ඇතුලේ සිදුවන සියලු දේ කතා කර ඇත.මේ නිර්මාණය එතරම් සාර්ථක වීමට බලපාන හෙතු අතරින් මා දකින් ප්‍රදාන හෙතුව වන්නේ මනා ගැලපීමය.එමෙන්ම දෙශපාලනයේ පිලිබද කර ඇති මනා වු ගවේෂණය. තවද චිත්‍රපටය තුල කතා කරන්නේ බොහෝ සමකාලීන කතාවක් නිසා මෙය බොහෝ දෙනා වැලදෙන ගෙන ඇත.චිත්‍රපටය තාක්ෂණය අතින් ඉතාමත් පොහොසත්ය.බොහෝ නිර්මාණයන් සිදු කර ඇත්තේ පොදු සමාජය තුළමය.එම නිසා මෙය බලන අපට පරිගණක දශ්යප්රයොග දැක ගැනීමට ඇති ඉඩ කඩ අඩුය.බොහෝ මිනිසුන් චන්ද දායකයා ලෙස කටයුතු කරමින් චිත්‍රපට නරඹා ඇති අතර මෙමගින් ඔවුන්ට දෙශපාලකයන් ලෙස සිට චිත්‍රපටය නැරඹීමට අවස්තාව හිමී වේ.
මෙතනින් අනතුරුව චිත්‍රපටය ගාලාගෙන යන්නේ ස්ටීෆන් හා බොබී අතර ඇති වන ගැටුම සමගය.එහීදී ඉතා උසස් සටන් ක්‍රම වගෙම ගරීල්ලා මෙහෙයුම් ද නිර්මාණය තුලට එක් කර තිබිම ප්‍රසංසනීය කරුණකී.එහීදී කන්ටෙනර්, නැවු, පිපිරවිම, කුලී හෙවායින් අතර ඇති වන සටන් නිසා චිත්‍රපටයට අලුත් උද්දීපනයක් එකතු කිරිමට සමත් වි ඇත.මෙතනින් පසු නිර්මාණය ගලාගෙන යන්නේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් ආකාරයෙනි.හොලිවුඩ් නිර්මාණ වල යොදා ගන්නා අදුරු පෙනුම වගෙම අවි ආයුද පවා මෙහීදී යොදාගෙන ඇත.එය සාර්ථක තොරා ගැනීමකි.මළයාලම් සිනමාවේ තිබු රසය වෙනස්ම ආරකට ගෙන යාමට සමත් විම වැදගත් කරුණකී.
දෙශපාලන තනතුරු වල සිටියද මවකගේ හැගිම් වෙනසක් සිදු නොවේ.ප්‍රයදර්ශනී හා බොබී අතර ඇතිවන ගැටුම් මගින් නිර්මාණය කරුවා එය අපට ඉතාමත් හොදින් පසක් කර දිමට උත්සහගෙන ඇත.එනම් මෙහීදී නිර්මාණය කරුවා මිනිසුන් ඉහලට ගියත් ඔවුන්ගේ හද ගැස්ම එක හා සමාන බව අපට පෙන්වා දී ඇත.එහීදී ප්රයදර්ශනීගේ චරිතයේ තිබෙන ආවේගකාරී හැගිම් නිසා එය නරඹන අපටද ඉතාමත් ශනික කෙන්තියක් ඇති වේ.
එතනින් පසු ස්ටීෆන්ගේ ඝාතනයන් ආරම්භ කරන අතර එහීදී නැවත වරක් පොලිසියේ ඇති පහත් භාවය ගැන කතා කිරිමට නිර්මාණ කරුවා උත්සහ ගනී.එහීදී යොදා ගත් දර්ශන තළ මෙන්ම එම කෝනයන්ද විශිෂ්ඨ කැමරාකරන දක්ෂතාවයන් ලෙස මා දකී.එමෙන්ම එතනින් අනතුරුව සිදු කරන ක්‍රයාදාමයන් ද ඉතාමත් විශිෂ්ඨ ආකරයෙන් නිර්මාණය කර ඇත.
චිත්‍රපටයක සාර්ථකත්වය ප්‍රදාන කාරනා දෙකක් මත රදා පවතින බව ඔබත් මාත් දන්නා කරුණකී.
නරඹන පිරිස නිසා ලබන සාර්ථකත්වය.
ඇකඩමි හා විවිද සම්මාන උළෙලවල් වලදී ඇගයිම නිසා ලබන සාර්ථකත්වය.
චිත්‍රපටයක් නරඹන පිරිස නිසා ලබන සාර්ථකත්වය මගින් එම සිනමා සිත්තම හොද ආදයම් වර්තා පිහිටුවයි.අප අද කතා කරපු සිනමා සිත්තමත් ඉතා හොද ආදායම් වාර්තා පිහිටවු සිනමා සිත්තමක් විදියට කතා කළ හැකිය.
බොහෝ දෙනෙක් මේ සිනමා සිත්තම නැරඹිමට පෙළබෙන්නේ මොහාන්ලාල් නිසා යෑයි මට සිතේ.එය සත්ත්‍ය කරුණකී.අප මොහාන්ලාල්ගේ සිනමා සිත්තම වගෙම තවත් ප්‍රදාන නළුවන්ගේ සිනමා සිත්තම් නැරඹිමට පෙළබෙන ප්‍රදන හෙතුව ප්‍රදාන නළුවාය.නමුත් මොහනාල් රංගනයෙන් දායක උන සියලු සිනමා පට මේ සා විසාලා ආදයම් වාර්තා නොතිබිමය.එසේනම් එයින් අපට පැහැදිලි වන්නේ මෙම නිර්මාණය ඉට වඩා හත් පසින්ම වෙනස් මාරගයක් ඔස්සේ ගමන් කර ඇති බවය.එසේනම් මෙහී කතා පුවත ගැන සිතා පිරිස මෙය නැරඹුවා විය හැකිය. එය සාර්ථක තර්කයක් ලෙස මා දකී.එනම් මෙහී පුර්ව ප්රචාරක පටය නිකුත් කළ විට එය ලක්ෂ 11 කට අදික පිරිසක් නරඹා ඇත.ඒ පිරිසෙන් කොටසක් මෙය නැරඹුවා විය හැකිය. තුන්වන කරුණ වන්නේ මේ සිනමා නිර්මාණය පෙන්වන්නට යෙදුන රටවල් ගනනය.ඒ අනුව අපට පැහැදිලි වන්නේ එය ඉංදියාවට අමතරව තවත් රටවල විකාශනය වී ඇති බවය.හතර වෙනි කරුණ නම් භාෂාවය.මෙම නිර්මාණය නිකුත් කරන විට භාෂා කිහිපයකින් නිකුත් කර නිසා බොහෝ දෙනෙක් හට නැරඹිමට හැකියාවක් ලැබුනී.එය ඉතාමත් සාර්ථක පියවරක් විදියට මම දකිමි.අවසාන කරුණනම් ඩිජිටල් ප්‍රකාශන අයිතිය ලබා දීම සිදු කිරිම මගින් චිත්‍රපටය තව දුරටත් ආදායම් කරා ගෙන ගොස් ඇත.ඉහත කී අංශ නිසා චිත්‍රපටයට ඉතාමත් සාර්ථක අන්දමින් £කොටි 200 වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි විය.
සමස්තයක් ලෙස ගත් කළ මළයාලම් සිනමාවේ නිර්මාණය වු විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මේ නිර්මාණය හදුන්වා දිය හැකිය.කතා තෙමාව ගලාගෙන යාම, තිර එකිනෙක් අතර ඇති මනා වු ගැලපිම, කැමරා කරනය වගෙම විශිෂ්ඨ නිශ්පාදනයන් නිසා මේ නිර්මාණය සාර්ථක වී ඇතයි යන්න මාගේ හැගිමය. මේ නිර්මාණය හුදෙක් චිත්‍රපටයකට එහා ගිය සත්ත්‍ය සිදුවිම් රාශියක් ලෙස මම දකිමි.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රිත්විරාජ් සුකුමාර් විසින් වන අතර කතාව මුරලි ගොපි විසින් ලියන ලදී. චිත්‍රපටයේ ප්‍රදාන චරිතය මොහොනාල් විසින් සිදු කරන අතර චිත්‍රපටය අනර්ග ගීත කිහිපයකින් වර්ණවත් වෙයි. 2019 මාර්තු 28 නිකුත් වු මෙම නිර්මාණය මිනිත්තු 174 පුරාවට රස විදිමට අපට හැකියාව ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments