Posted by : Tharuka Niroshan
Monday, February 1, 2021
Freedom midnight movie 2020
ගූගල් පරීශිලක දර්ශකය
IMDB
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද
මේ ලොකේ ලස්සනම නිමවුම තමයි කාන්තාව. ඇගේ රූ සිරිය ස්භාවික පරිසරයට සමාන කරන්නෙත් ඒ නිසා බව අප හොදින් දන්නා කරුණකී. කාන්තාවකට ඔවුන්ට ආවේනීක රසයක් ඇත. ඒ රසය කෙනාගෙන් කෙනාට වෙනස් වන අතර සමහර අවස්තාවල ඒ රසය පිරිමින්ගේ මනස පිනා යෑමට පවා සමත් වේ. පිරිමි නිසකවම ගැහැණියකගේ රසය විදිමට කැමතිය. නමුත් බොහෝ පිරිම් කැමති වන්නේ විවිද රසයන් ජිවිතයට එකතු කර ගැනීමටය.
චිත්‍රපටය ඉතාමත් කෙටි කාලයකින් අඹුවක් හා සැමියෙක් අතර ඇති වන බන්දනය ඉතා හොදින් පෙන්නුම් කිරිමට සමත් වෙනවා.
පුංචි කාලේ ඉදන් අම්මා තාත්තාගේ සෙවනේ තමයි දියණියක් උස් මහත් වන්නේ ඒ කාලය ඉතාමත් ආදරණීය විදියට උස් මහත්වන ඇය මවගේ පියාගේ ආශිර්වාදය එක්කම කුළ ගෙදරට පිවිසෙනවා. ඇය සමහර විට තමන් ජිවිතේ ආදරය කරපු සියල්ලම කැප කරලා එක පිරිමියෙක් වෙනුවෙන් මුලු ජිවිතයම කැප කරන්නේ එවිටය. පිරිමි බොහෝ සෙයින් කාන්තාවකගේ රූ සිරියට කැමතිය. බොහෝ පිරිමි තමන්ට ආවේණික රසයක් බලාපොරොත්තුවෙන් ජිවිතය ගත කරයි.එහීදී තමා බලාපොරොත්තු වන රසය ඇගේන් නොළබෙන විට ඔහු වෙනත් හොර ස්ත්‍රීයක් ගේ කම් සුව විදිමට යන්නේ නිසකයෙනී. අප ආදරය කරන කල්හී පිරිමි බොහෝ පොරොන්දු දෙන්නේ ආදරය දිනා ගැනීමටය.නමුත් අප පිළිගත යුතු සත්‍ය නම් ආදරය කරන කාලයේ තිබු කසාදයෙන් පසුව වියකී යාමය. මෙහිදී ඉතා අපූරූ ගිත කොටසක් මගේ මනසට නැගේ.
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද
චිත්‍රපටය ආරම්භ වන්නේ පාරසරික සංසිද්ධින් වලට මුල් තැන ලබා දීමෙනී.එහිදී නිර්මාණය කරුවා ඉතා හොදින් පරිසරයේ සතුන් නිදහසේ සිටින ආකාරය නිරූපණය කර ඇති අතර.එම නිසා මළයාලම් සිනමාවේ රසය එයට හොදින් එකතු කිරිමට සමත් ව තිබිම විශේෂ ලක්ෂණයකී.
විවාහය යනු ගිණිගොඩක් මැද ජිවත් විමක් වැනිය. බොහෝ අය සිතන්නේ විවාහයේදී තමා නිවරදී බවය.නමුත් අප තෙරුම් ගතයුතු දෙයක් ඇත.එනම් විවාහයෙදී සිදු වන්නේ දෙදෙනෙක් එකතු විමය.එහිදී ඔවුන් කුඩා කළ සිට හැදි වැඩි ඇති පරිසරය වෙනස් නිසා කෙතරම් ගැලපුවත් අදහස් පරස්පර විය හැකිය.එවනි විටදි අප අනිකා වෙනුවෙන් ඉවසිය යුතුය. කාන්තාවන් සැම විටම කිසිම දෙයක් කෙලින් පැවසිමට මැළි වෙයි.එය බාහිර පිරිස් සමග එසේ නොවුනත් තමාගේ ජිවන සහාකරුවා සමග එසේය.එය තෙරුම් ගැනිම පිරිමි අප කල යුතුය.එනම් පැහැදිලිවම විවාහ වු දෙන්නෙක් ලග තිබිය යුතු ප්‍රදාන ලක්ෂණය වන්නේ අනිකා තෙරුම් ගැනීමය.මෙය ඉතා හොදින් තිරයට ආරම්භයෙදීම ගලපා ගැනීමට නිර්මාණ කරුවා සමත් වේ.
" දාස්
අපි බයික් එකෙන් වටයක් යමුද?
බයික් එකේද ? මේ වැස්සේ "
කාන්තාවන් සැම විටම අන්‍යන්ගේ ගරුත්වය ලැබිමට ප්‍රය කරයි. පිරිමි එයට දෙවනි නොවේ. නමුත් පිරිම් තමාගේ බිරිදට උවත් දෙවනි විමට අකමැතිය. නමුත් එය සිදු නොවිය යුත්තක් ලෙස නිර්මාණය කරුවා අපට පෙන්වා දෙයි. සැම කුටුමබයකම බිරිද නිවසේ වැඩ කරන අතර සැමියා රැකියාවට යයි.නමුත් නූතන සමාජය තුල එය තරමක් වෙනස් වී බිරිද්ද රැකියාවල යන අවස්තා අප ඕන තරම් දැක ඇත. එසේ නිවසට පැමිනෙන ඇය එතනින් අනතුරුව නිවසේ වැඩ කොටසක් ද ඉටු කරයි.නමුත් බොහෝ පිරිමි එය සැලකිල්ලට නොගනින බව නිර්මාණය කරුවා ඉතා හොදින් නිර්මාණය තුල පෙන්වා දී ඇත. පිරිමි අයෙක්ට මහන්සී ඇති උවහොත් විවේක ගත හැකිය.නමුත් කාන්තාවක් එසේ විවේක ගතහොත් බොහෝ විට එදින මුළු පවුලම කුසගින්නේ සිටිමට සිදු වේ.එසේනම් නිවසේදී මෙන්ම රැකියාවේදීද දෙදෙනා දෙදෙනාට ගරු කළ යුතුය.සාර්ථක පවුල් ජිවිතයකට එය අත්‍යවශ්‍ය කාරණයකී
"මම ආවේ වැඩට ගිහිල්ලා
රස්සාවක් මමත් කරනවානේ...
මොකක්ද 8 වසරේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන එකද?
ගෙදරට වෙලා ඉවුම් පිහුම් කරන එකද ?
රෙදි හොදන එකද?."
මුල් විනාඩි පහ තුල පවුල් ජිවිතයක් ගත කරනකොට තිබිය යුතු වැදගත් ලක්ෂණ ගැන කතා කරන නිර්මාණ කරුවා එතනින් එහාට කතාවේ ප්‍රදාන තේමාවට කෙලින්ම පහර දිමට සමත් වේ. එහිදී ඉතාමත් අලංකාර ලෙස උපමා බාවිතා කිරිම නිසා එයට වෙනස්ම රසයක් එකතු වී ඇතයි යන්න මාගේ අදහසයි.
විවාහයේදී දෙදෙනා දෙනෙක් ලෙස සිටිම අවසන් කර එක් අයෙක් බවට පත් වන බව ඔබ අප සැම දෙනාම දන්නා කරුණකී.එහිදී ඔවුන් සිය ශරීරයේ සියළු දේ දැක අවසන්ය.මවක් වෙන විට ඇය සිය ශරීරයේ රුදිය පමණක් නොව ලස්සන පවා සිය දරුවා වෙනුවෙන් පුද දේ.නමුත් ඇයටත් හැගිම් ඇත.ඇයත් පෙර පරිදී සිය සැමියා සමග යහනේ සුව විදිමට කැමතිය.නමුත් පිරිමි හිත් වෙනස් වේ. ඔවුන් ප්‍රය කරන්නේ තරුණ කාන්තාවන්ටය.එම නිසා කෙමින් බිරිද සැමියා අතර සම්බන්දය දුරස් වේ. එය සිදු නොවිය යුත්තක් බව නිර්මාණය කරුවා ඉතා හොදින් අපට පෙන්වා දෙයි.
" මොකක්ද මගේ කැමති ඉරියව්ව
මං ඉන්න කැමති ඉරියවුව මොකක්ද ?
ආදරය දිනා ගැනීමට බොහෝ විට පස්සෙන් යන්නේ පිරිමියාය.එය සාර්ථක වු පසු එය රැක ගැනීමට ඉතාමත් වෙහෙසක් දරයි.එහීදී ආදරය කරනකොට කතා කරන වචන ඉතාමත් ප්‍රය උපදවන බව අප දන්නා කරුණකී.එය ඉතා හොදින් වටහා ගැනීමට නිර්මාණය කරුවා සමත් වී ඇත.එය උපයොගී කරගෙන ඉතා හොද අවස්තා සම්බන්ධයක් ගොතන නිර්මාණය කරුවා අපගේ මානුෂික හැගිම් වලට කෙලින්ම පහර දේ.
" හලෝ ඔයා කොහෙද ඉන්නේ
මොකද කරන්නේ
මොනවාද ඇදගෙන ඉන්නේ
මොකක්ද පාට "
මේ නිර්මාණය තුන් කාලයටම සමාන වන ආකාරයෙන් නිර්මාණය කර ඇති බව නොරහසකී.චිත්‍රපටය ආරම්භයේ සිටම අවසාන මොහොත දක්වාම පිරිමියා කෙරෙහී හුදු ගරුත්වයක් ඇති වන ලෙස මෙය නිර්මාණය කර ඇත.නමුත් ඒ සියල්ල වෙනස් කිරිමට අවසානය සමත් වේ. පිරිමියෙක්ගේ ආදරය තමාගෙන් වෙනත් ඇසකට යනවාට ඇය අකමැතිය.සමහර තුවාලයන් අපේ ඇගේ සැදුන විට එවා කැසිම තුලින් අප යම් සැනසිමක් ලබයි.නමුත් එයින් වන්නේ තවත් තුවාලය වැඩි විමය.එය මේ කාතාවටත් එසේමය.ඇයට සිදු වී ඇති අසාධාරණ නැතිනම් දුක ඇය කෙලින්ම සිය පුරුෂයාට නොපවසා ඉගී වලින් පවසා සිටිම එයට කදිම නිදසුනකී.
" එක කදු මුදුනක
හොද සීතල සුළගේ
එක පුංචි කුඩාරමක් ඇතුලේ
එක ලන්තරුම් එළියක
එතනදි මට ඕන
කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක...
ලිංගිකව හැසිරෙන්න....."
මේ නිර්මාණය ජිවිතයට ගොඩක් පාඩම් එකතු කරපු නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැකිය.විනාඩි තිහක් වැනි කෙටි කාලයක් තුල බොහෝ පරාසයක් කතා කිරිමට නිර්මාණය කරුවා සමත් වේ.
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ
Subscribe to:
Post Comments (Atom)
0 comments