• Posted by : Tharuka Niroshan Thursday, November 26, 2020

    Tholi prema 2018

     ගූගල් පරීශිලක දර්ශකය 94%

     IMDB 7.3/10

    සදක් කොහොමද  බැබලෙනේ ඉර නැත්නම්, මමත් කොහොමද හිනහෙන්නේ නුඹ නැති නම්

    මටනම් හිතෙන්නේ ජීවිතයේ ලස්සනම වගේම සුන්දරම හැගීම ආදරය කියලා.ඒ ආදරය අපේ මනසට එකතු උනාම අපි අපිටත් හොරෙන් ජිවතය විදිනවා.ආදරය කොච්චර සුන්දරයි ද කියලා  මම හිතන්නේ මේ ලොකේ ඉන්න කාටවත්ම වචනෙන් කියන්න නම් බැරිව ඇති.හීමිදිරි උදයක මම කියනවා ඔයාට ලස්සන ගමනක් යන්න කියලා.ලස්සන උඩ කන්දකට නැගලා තෙරෙක් නොපෙනෙන ඈතක් දිහා බලාගෙන අත් දෙක ඈත් කරගෙන සුළගේ පහස විදිනකොට මනසට එන සැහැල්ලුව කොච්චරනම් මීහිරී ද? ලා හිරු කිරණ අපේ ඇගට වදිනකොට කුරුලෝ කීච් බීචි ගාලා ගීත කියනකොට මනසට එන සැහැල්ලුව ඔයා මොහොතක් ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න.ඔයාගේ හිත සතුටින් පිරිලා කියලා මම හිතනවා.ජිවතයේ කවදා හරී අහම්බෙන් හම්බෙලා.එක පාරට දැකපු ඒ ඇස් දෙක් අදටත් ඔයාගේ මනසේ ඇදිලා ඇති.එයා එක්ක දුර ගමනක් යන්න කියලා හිතාගෙන ආදරය අහපු වෙලාවේ.ඔයාට එයා කැමති උනාම මේ ලොකෙම දිනුවා වගේ සතුටක් එන්න ඇති.පළවෙනි ආදරය ඒ තරම් ඔයාගේ හිතට දැනෙන්න ඇති.ඒ වෙලාව මොහොත ටිකක් මතක් කරගන්න.ඔයා ඒ සතුටට මොනාදා නොකලේ ජිවතයම පිරිළා වගේ නේද? ආදරය කියන්නේ බෙහෙතක් වගේ අපේ මනසට.ඉතින් ඒ ලස්සන ආදරය අපි සිනමාව එක්ක එකතු වෙලා බලමු මොහොතකට.

    ආදිත්‍ය කියන්නේ හොදට සල්ලී තියන ගොඩක් විනොදයෙන් කාලය ගත කරන කොල්ලෙක්.ජිවතයේ සතුට වැඩ් කමට හැම දේම ගැන සරළව හිතන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ගොඩක් සතුටින් ඉන්න ආදිත්‍යගේ ජීවිතයට වර්ශා ලං වෙනවා.  එයාලාගේ ජිවිතය ආදරය එක්ක කොච්චර සතුටින් ගලාගෙන යනවාද කියලා ඔයාට මේ ලස්සන කතාව තුලින් බලා ගන්න පුළුවන් වෙනවා. 

    කතාව පටන් ගන්නකොටම නිර්මාණය තුලින් අපිට ආදිත්‍යව හදුන්වලා දෙනවා.ඔහුගේ සතුටින් පිරුණ ජිවිතය ඉතාමත් ලස්සන ගීතයකින් පෙන්නුම් කරන නිසාම කොහෙද අපිට කතා අපේ මනසට දැනෙනවා.එය එතරම් සුන්දරයි කියලා මට හිතෙනවා. ඒ සතුට අපෙන් එක මොහොතකටවත් උදුරා ගන්න නිර්මාණ කරුවා උත්සහ නොගෙනම ආදිත්‍යගෙයි වර්ශාගෙයි හමුවිම එකතු කරනවා.

    ආදරය කරන ඕනම දෙන්නෙක්ගේ හමුවිම කොච්චියක සිදු වෙනවානම් කලාව එය ඉතාමත් ලස්සන ඇසකින් බලනවා කියලා මට හිතෙනවා.වර්ශා ඉතාමත් රූ සපුවක් තියෙන සුන්දර කාන්තවක් ඇයගේ පෙනුම පලමු වරට දුටු විට ඔයාගේ මනසට නැගෙන්නේ Harry potter  චිත්‍රපටයේ එමා වොට්සන්ව ඒ ඇය පැළදගෙන සිටින කන්නාඩි දෙක නිසා කියලා ඔයාට තෙරුම් ගන්න පුළුවන් වෙයි.

    ආදරයේ කුතුහලය මනසේ රදාවාගෙන ඉන්නකොට ආදිත්‍යට එය වර්ෂාට කියන්න අවස්තාවක් හදලා දෙනවා.ඕනම ආදරය කරන කොල්ලෙක් තමන්ගේ පෙම්වතිය ඉදිරියේ විරයෙක් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා මට හිතෙනවා.ඒ පුංචි සංකල්පය සිනාමාවට ලස්සනට එකතු කරන්න නිර්මාණ කරුවා උත්සහ අරන් තියෙනවා.චිත්‍රපටයේ එන ලස්සනම දර්ශනය තමයි වර්ෂා එක්ක ආදිත්‍ය  රේල්වේ ස්ටේෂන් එකේ තනිවෙන දර්ශනය.එය කෙතරම් සුන්දරයි ද කියනවානම්.මෙය බලන ලංකාවේ කෙනෙක්ට පේරාදෙණිය සරසවි ප්‍රේමය පවා මතකෙට එනවා කියලා මට හිතෙනවා.එහිදි මේ ආදරය ආත්ම ගත ආදරයක් විදියට කියන්න නිර්මාණය  කරුවා උත්සහ අරන් තියෙනවා.පරිසරය පවා මේ දෙන්නගේ ආදරයට එකතු උනා කියලා ඉතාමත් සංවර වගේම සුන්දර දර්ශන වලින් නිර්මාණ කරුවා පෙන්වලා දිලා තියෙනවා. මේ හැම සුන්දර සිදුවිමක් එක්කම පළවෙනි අඩහොරාව ගලාගෙන යනවා අපිටත් නොදනීම.

    ආදරය නැමති නිල් මානෙල් මල දෙදෙනාගෙම හිත්වල ඇති උනත් එය දළු දාන්න බලන් ඉන්නකොට කෙටි කාලෙකට දෙන්නා වෙන් වෙනවා.ඒය තරම්ක් වේදනාකාරී හැගීමක් හිතට එන දර්ශනයක් උනත් එය ඉලග දර්ශන එක්ක එකතු කරලා ගත්තාම හැගීම් ඉතාමත් හොදට ස්පර්ශ කරන දර්ශනයක් කියලා මට හිතෙනවා.

    ජිවතයේ තවත් සූන්දරම ප්‍රේමය තියෙන්නේ සරසවිය ඇතුලේ කියලා මට හිතෙනවා.ඉලග අඩ හොරාවම වෙන් වන්නේ දෙන්නාගේ සරසවි ප්‍රේමය විදිමටයි.ඒ දර්ශන නරඹන ඔබට පේරාදෙණිය සරසවිය මණසට එනවා නොවනුමානයි.සරසවිය ඇතුලේ ඉගනීම කරන ගමන් ආදරය කරන දර්ශන ඉතා සංයමයකින් නිර්මාණය කරලා තියෙනවා.කෙල්ලෙක් ආදරය කරනකොට කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙවල් සියල්ල ලස්සනට ඒ දර්ශන තලවලදි කතා කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ආදරය නැමති නිල් මානෙල් මළ අද හදවත් වල පිපිලා එය උච්චතම  අවස්තාව ආවාම ඔවුන්ගේ ගතින් පවා එකතු වෙලා ආදරයේ පහස විදින්න බලනවා.

    ආදරයේදී කාන්තාන් හැගීම් සංවර ලෙස සගවාගෙන සිටියත් ඔවුන් ආදරය ඉදිරියේ හැගිම් මතු කරොත් එය පාලයනයෙන් තොර වෙනවා.සැබෑ ලෙසම කෙල්ලෙක් තමන් ආදරය කරන කෙනාට තුරුල් වෙලා එයා තුලින් අලුත් ලොකයක් දකින්න ආස කරනවා.ඒ නිසාම ආදරයේදී කෙල්ලෝ හරී ලොබයි කියලා  මට හිතෙනවා.මේ සංසිද්ධිය සියල්ල එකට එකතු කරලා ඉතා ලස්සනට එම කොටස් චිත්‍රපටයට එකතු කරලා තියෙනවා.

    ලස්සන ගලාගෙන ආව ආදරයට බාදාවක් එන්නේ ඒත් එක්ක ඒත් එක්ක දෙන්නාගේ වෙන් විම නරඹන ඔබගේ නෙතට කදුලු එක් කරනාවා ඇති කියලා මට හිතෙනවා.ආදරය වේදනාව  දරාගෙන කාලයක් ගත වෙනවා.එත් හදවත් වල රිදුම කෙතරම් තියෙන්න ඇති ද මටනම් එය සිතාගන්නටවත් නොහැකියි.ආදරය කරනකොට සතුට වගෙම ආදරයෙන් වෙන් වෙන්කොටත් එය මහා දුකක් කියලා කියන්න පුළුවන්.

    මේ වෙලාවේ ඒ සිදුවිම් එක්ක එකතු වෙන ලස්සන ගීයක කොටසක් මගේ මතකයට එනවා.එය මම එකතු කරන්නම් එතකොට ඒ දෙදෙනා ආදරය වෙන් උනාම විදපු වේදනාව තවත් ලස්සනට පෙන්වලා දෙන්න පුළුවන් වේවී.

    උණුසුමක් රැඳි පලල් උරයට

    වෙලී සැතපී නිදන යුගයක

    නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම්

    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන

    කඳුළු නෑ එහෙනම්

    සමහර දෙවල් කාලය විසදයි කියලා අපි කාලයට බාර දෙනවා.එත් ඒ කාලයම අපිටත් හොරෙන් අපෙන් දෙවල් උතුරාගෙන යනවා.එතනින් එහාට කතාව ගලාගෙන යන්නේ ඉතාමත් වේදානාකාරී විදියට.ආදරය කරන කෙනෙක් සදහටම නැති උනොත් එයා මේ ලොකේ නැ කියලා කාලයක් අරගෙන හිත හදා ගන්න පුළුවන්.එත් එයා ජිවත් වෙලා ඉන්නකොට තමන් ලග ඉන්නවා දැක දැක කතා නොකර ඉන්නවානම් ඒ හැගිම කෙල්ලෙක් කොහොම විදින්නද ? ආදරයට ආදරය කරපු කෙනෙක්ට එය එතරම් ලෙසී දෙයක් කියලා මම හිතන්නේ නැ.ජිවිතේ සමහර වෙලාවට ආදරය කරනකොට අපි ආදරය කරන කෙනා වෙනුවෙන්  ඉවසන්න වෙනවා.ගොඩක් අය හිතන්නේ එක දුර්වල කමක් කියලා.එත් සමහර වෙන් විම් උනාම එවා දාරා ගන්නවාට වඩා ගොඩක් අය හිතන්නේ එදා මම එයා එක්ක ටිකක් කතා කරානම් අද අපි සතුටින් නේද කියලා.චිත්‍රපටයේ අවසාන විනාඩි 45 පුරාවටම කතා කරන්නේ ඔය ගැන.ඒ කොටස් සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍ය දෙයක් උනත් ආදරය නිසා පැරදුන කෙනෙක්ට හදවතටම දැනෙන කොටස් වෙයි කියලා මම හිතනවා.මේ වෙලාවේ ඒ සිදුවිම් එක්ක එකතු වෙන ලස්සන ගීයක කොටසක් මගේ මතකයට එනවා.එය මම එකතු කරන්නම් එතකොට ඒ වර්ෂා ආදරය වෙන් උනාම විදපු වේදනාව තවත් ලස්සනට පෙන්වලා දෙන්න පුළුවන් වේවී.

    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ

    කියාගන්නට බැරිව සිරවුණු

    එකම එක දිග පුංචි පැතුමක්

    තවම පතනවා මං

    තවම පතනවා මං

    මේ ලොකේ කොච්චර ආදරය කරත් හොදව අව්‍යාජ ආදරය තියෙන්නේ අම්මාගේ. දරුවෙක්ට අම්මෙක්ට තරම් මේ ලොකේ වෙන කිසිම කෙනෙක්ට තෙරුම් ගන්න බැ.තමන්ගේ දරුවා රජ මැදුරක හිටියත් දුප්පත් පැලක හිටියත් අම්මාගෙ ආදරය වෙනසක් වෙන්නේ නැ අවසාන දර්ශනය විදියට අරගෙන තියෙන්නේ ඒ හෙතු පාටය කියලා මට හිතෙනවා.අම්මා පුතාව තෙරුම් අරගෙන සියල්ල කියලා දීලා ජිවතයේ ආදරය වෙනුවෙන් ඉස්සරහට යවනවා.ඒ කොටස එකතු කිරිම නිසා කතාවට තවත් ලස්සන අරතයක් එකතු උනා කියලා මම හිතනවා.

    චිත්‍රපටය පුරාවට නිර්මාණය  කරුවා උත්සහගෙන තියෙන්නේ එකම තෙමාවක් ඔස්සේ පමනක් කතා කිරිමට නිසා මෙය ඉතාමත් සාර්ථක උනා කියලා මට හිතෙනවා.මේ ආදරය කරන දෙන්නට කතාව පුරාවටම දිවෙන හතුරන් නැති නිසාත් මෙ දෙදෙනා සමකාලීන තරුණයන් නිසාත් මේ කතාව අපගේ හදවතට කොඩක් කා වදිනවා.මෙහි එන ගොඩක් දර්ශන ඉතාමත් ප්‍රායෝගීක විම මේ චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් කියලා හිතනවා.

    මේ චිත්‍රපටය  අධ්‍යක්ෂණය කරන ලද්දේ වෙන්කී ඇට්ලූරී විසින් වන අතර කතාවද එතුමා විසින්ම ලියලා තියෙනවා.මේ චිත්‍රපටය ප්‍රදාන නලුවා හා නිලිය අතර වැඩි වෙලාවක් දොලනය වෙන විදියට නිර්මාණය කරලා තියෙනවා.මේ කතාවේ ප්‍රදාන නලු නිලියන් විදියට වරුන් හා රාෂී කන්නා රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය  2018 පෙබරවාරි 10 නිකුත් කරලා තියෙනවා. මේ චිත්‍රපටය  2018 වසරේදිම බෙංගාලි භාෂාවෙන්ද නිකුත් උනා.

    මේ චිත්‍රපටය  ගීත හයකින් පරීපූර්ණ වෙන අතර මේ සම්පුර්ණ ගීත වෙනුවෙන් විනාඩි 25 කාලයක් වෙන කරලා තියෙනවා.චිත්‍රපටයේ  " ඇලසානී වරි" ගීතය ශ්‍රීයා ගෝෂාල් ගේ හඩින් ගායනා කිරිම නිසා චිත්‍රපටයට තවත් ආලොකයක් එකතු කරලා තියෙනවා.

    ඒ වගෙම මේ චිත්‍රපටය සදහා සම්මානද ලැබිලා තියෙනවා.

    2019 වසරේ zee cine Awards සම්මාන උළලේ හොදම ආරම්භක අධ්‍යක්ෂක, වසරේ විනොදාස්වාද සපයන්නා ( ගැහැණු), හොදම සංගීත අධ්‍යක්ෂණය යන සම්මාන ත්‍රීත්වයම දිනාගෙන තියෙනවා.

    ඒ වගෙම එම වසරේම දකුණු ඉංදියානු ජාතියන්තර සම්මාන උලලේදී , හොදම අධ්‍යක්ෂණය , හොදම සිනමාකරු , හා හොදම ගායිකාව යන සම්මාන සදහා නිර්දේශ වෙලා තියෙනවා.

    ආදායම් වර්තා තබමින් තිරගත උන මේ චිත්‍රපටය අදටත් බොහෝ දෙනාගේ හිතේ රැදී  නිර්මාණයක් විදියට මට හිතෙනවා.


    0 comments

  • Copyright © - Sri lanka Movie lovers - Sri lanka Movie lovers - Powered by Blogger - Designed by Johanes Djogan